Search This Blog

Thursday, November 21, 2013

උපදේශනයේදී ඔබ දැනුම රැස්කර ගැනීමේදී ඇතිවන අවධානම


                           දැනට රටේ පවතින අධිවේගී ජීවන රටාව වෙනස් කිරීමට හෝ වෙනස් කරවීමට උනන්දුවක් නොපෙනෙන, වෙනස් කල යුතු බව පමනක් පුන පුනා කතාවට පමණක් සීමාවූ තත්වයක් යටතේ නූතන මානසික උපදේශකයාට අනාගතයේ සුවිශේෂී කාර්යභාරයක් සිදු කිරීමට සිදුවන බව ඉතා පැහැදිලිය. එහෙත් ඒ ස`දහා මානසික උපදේශකයා දැනුමෙන් සන්නද්ධ විය යුතු ආකාරය සහ මිත්‍යාවන් ගෙන් මිදී විද්‍යාත්මක දැනීම සහ වෛකල්පිත ක‍්‍රම ගැනද උගෙන සිටීම වැදගත්. විද්‍යාත්මක ක‍්‍රම උගෙන ගැනීමට අද ආයතන, පත පොත ඇතිවා සේම වෛකල්පිත ප‍්‍රථිකාරාත්මක ක‍්‍රම පිළිබ`දවද බොහෝ ග‍්‍රන්ථද වෙළ`දපලේ දක්නට ඇත. එහෙත් වාරණයෙන් තොරව නිකුත් වන මෙම ස`ගරා, පත පොතට අමතරව අන්තර් ජාලයෙන්ද නිකුත් වන ප‍්‍රථිකාරාත්මක ක‍්‍රම අධ්‍යයනයේදී ඉතාමත් අවබෝධයෙන් යුතුව හැදෑරීම කල යුතුව ඇත. නිදසුනක් ලෙස යම්කිසි විෂයයක් හැදෑරීමේදී සමහර ආචාර්යවරුන්, ලේඛකයින් විචාර බුද්ධියකින් තොරව සහ තමන් ප‍්‍රගුණ කල විෂයට අමතරව ප‍්‍රකාශන පල කිරීම නිසා දැනුම (knowledge) සොයා යන්නන්ට ඉමහත් අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවේ. උගත් දැනුම සහ ව්‍යවහාරික බුද්ධිය (Commen Sense)  අතරින් බොහෝ උගතුන්ට අහිමී ඇති දෙයකි මේ ව්‍යවහාරික බුද්ධිය. විශේෂයෙන් එක් කේෂ්ත‍්‍රයක ප‍්‍රවීනයෙකු වීමට තම ජීවිතය කැප කරනා බොහෝ විද්වතුන්ට විවිධ සමාජ ස්ථර හා හැසිරීමට අවකාශ නොලැබේ. එසේම විවේක බුද්ධියෙන් මානව හැසිරීම අධ්‍යයනය කොට අවධාරණය කරගැනීමටවත් අවකාශයක් නොමැත. එබැවින් සෑම දෙයක් කෙරෙහිම උගත් න්‍යායෙන් පමණක් බැලීමට ඔවුන් පුරුදු පුහුණු වී සිටිති. මෙම තත්වය කෙරෙහි ජනමාධ්‍යයන්හි අවධානය යොමු නොවුනත් ඉන් සිදුවන සමාජ අපගමනය මෙතෙකැයි කියා පැවසිය නොහැක. නමුත් මානසික උපදේශන ක‍්‍රියාවලියේ සක‍්‍රියව දායක වන්නන් මේ පිළිබ`දව දැනුවත් වී තිබීම වැදගත්.
             මෑත කාලයේ වෘත්තීය නීතිඥවරයෙක් විසින් පලකල නීති ග‍්‍රන්ථයක් පරිශීලනය කල මා හට එහි තිබූ යම් අපහැදිලිතාවයක් නිසා දුරකතනයෙන් ඔහු හා සාකච්ඡුා කිරීමට සිදු විය. එහෙත් සෑම අවස්ථාවකම ඔහු පිළිතුරු දීමට ම`ග හැරීම නිසා නීති සංග‍්‍රහ සහ බොහෝ පතපොත පරිශීලනය කොට, නීතිවේදීන් හා සාකච්ඡුා කොට එම වරද නිවැරදි කර ගතිමි. එහිදී මට බොහෝ උපකාරී වුනේ නීති පොත් විකුණන පදික වෙලෙන්දෙකි. ඔහුගේ දැනුමේ ප‍්‍රශස්ථ  තත්වයක් අන් අයට වඩා මා දුටිමි.  එහිදී මා හට ඇතිවූ හැ`ගීම නම් අප මුදල් ගෙවා පොත් පත් ගෙන දැනුමද මොට කරගැනීමක් ලෙසය.

ඉහත ස`දහන් වෘත්තීය නීතිඥවරයා ගැන ඇතිවූ සැකය නිසා එම නීතිඥවරයා පල කල අනෙකුත් ග‍්‍රන්ථ පිළිබ`දවද මා අවධානය යොමු කිරීමේදී තම උගත් විෂයට පරිභාහිරව රචිත, පාඨකයාට රසවත් අහසේ පාවෙන ක‍්‍රම වැනි විශ්මිත කරුනු වලින් අලංකාර කරුනු ලැබූ විශාල පොත්     පත් රාශියක් එලිදක්වා තිබුණි. පසුගිය දිනක පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් විසින් එම නීතීඥයා විසින් වෙනත් ග‍්‍රහලොවක සිටින බුදුවරයෙක් හා සම්බන්ධවීමේ විශේෂ මෙවලමක්  (Tool)  ඔහු සතුව ඇති බව පවසමින් රහසිගතව කරන ජනතා ප්‍රෝඩාවක් හෙලිදරව් කලේය. මෙම හෙලිදරව්වේදී මේ ක‍්‍රියාවට හසුවූ එක් පුද්ගලයෙක් සිය`ඵ සමාජ කටයුතු වලින් මිදී හුදකලාව මංමුලාවී (Depression) විශාදී තත්වයට ආසන්නයෙන් ගත කරන බව හෙලි විය. මෙවැනි හෙලිදරව් නොවූ කොතෙකුත් සිදුවීම් අප සමාජයේ සැ`ගවී ඇතිද? මෙය ගැඹුරින් විමසා බැලිය යුතු ප‍්‍රශ්නයකි. මෙවැනි තවත් සිදුවීම් පිළිබ`දව ඔබ මීට පෙර දැන සිටියාද? එසේනම් ඔබ මානසික උපදේශනවරයෙක් ලෙස ඒ පිළිබ`දව ගන්නා ලද ක‍්‍රියා මාර්ග කුමක්ද?

එසේම එවැනි තව සිදුවීමක්  මා මෙසේ ස`දහන් කරමි. යෝග විද්‍යාව පිළිබ`ද මා අධ්‍යයනයක යෙදීමේදී එක් පොතක ඉඩා යනු සූර්ය නාඩිය ලෙසත්, තවත් පොතක ඉඩා යනු චන්ද්‍ර නාඩිය ලෙසත් ස`දහන්ව තිබුණි. යෝග විද්‍යාව පිළිබ`දව ඔබ හදාරා ඇත්තෙක් නම් මෙහි වචන දෙක මාරු වීම සු`ඵ දෙයක් වුවත් අර්ථයේ භයානක බව ඔබට වැටහෙනවා ඇති. එය හරියට ධන හා සෘන විදුලිය මෙනි. යන්ත‍්‍රයකට ධන හා සෘන අග‍්‍ර මාරු කර විදුලිය සැපයුවහොත්.... කුමක් සිදුවේද? මෙයද නිරාකරනය කරගැනීමට පොතේ තිබූ එක් දුරකතන අංකයකට කතා කල විට එම දුරකථනය භාවිතයේ නොමැත. අනෙක් කතෘවරයාගෙන් විමසීමේදී ඔහුගේ ග‍්‍රන්ථය නිවැරදි බව පැවසීය. ඒ පිළිබ`දව වැඩිදුර සාකච්ඡුා කිරීමට ඔහුගේ  ලිපිනය විමසීමේදී ඔහු මා පදිංචි ප‍්‍රදේශයට ආසන්නයේම සිටින බව මා පැවසීමත් සම`ගම මාර්ග විස්තරය නවතා නිවසේදී හමුවිය නොහැකි බවත් ඉදිරි කාලයේදී දිනයක් හා වේලාවක් මාගේ දුරකථන අංකයට දැනුම් දෙන බව පවසා නිහ`ඩ විය. මානසික උපදේශකවරයෙකුට මෙවැනි කරුනු සරලව බැහැර කල නොහැක. මක්නිසාදයත් මානසිකඋපදේශකවරයා සමාජ සේවකයෙකි. ඔහුගෙන් සේවාව ලබන්නෝ බොහෝ විට අසරණයෝය. (එසේම බොහෝ මානසික උපදේශකවරුන් ආර්ථික ලාභ අපේක්ෂාවෙන්ම කටයුතු නොකරති. ඔවුන්ගේ අපේක්ෂාව ආත්ම තෘප්තියයි.)
ඊට අමතරව කායික රෝගීන්ට වඩා මානසික රෝගීන් සම`ග කටයුතු කිරීමේදී මානසික උපදේශකවරයා යහපත් මානසික සෞඛ්‍යයකින් සිටිය යුතුය. සමාජාවබෝධයද මැනවින් තිබිය යුතුය. දැනට බෝ නොවන රෝග අතර ජාතියට ව්‍යයසනයක්වී ඇති දියවැඩියාව අභිබවා වසර 2020දී ශ‍්‍රී ලාංකීය ජනතාව ආතතිය නිසා දරුනු තත්වයකට පත්වන බවට දැන් අනතුරු අ`ගවා ඇත. දියවැඩියාවටද ආතතියෙන්ද බලපෑමක් ඇති කරයි නම් වසර 2020න් පසු ඇති වන කනගාටුදායක තත්වයට අප දැන් සිටම සූදානම් විය යුතුය. රෝගයකට ප‍්‍රථිකාරයට වඩා රෝග නිවාරණයට කටයුතු කිරීම මානසික උපදේශවරයාගේ වගකීම විය යුතුය. මානසික උපදේශකවරයා සේවාදායකයා තමා ල`ගට පැමිණෙන තෙක් නොසිට ප‍්‍රජාව දැනුවත් කරමින් විවිධ ප‍්‍රජා සත්කාර කටයුතු වල නියැලෙමින් අනාගත පරම්පරාව මානසික නිරෝගීතාවයෙන් සපිරි සුපිරි පිරිසක් බවට පත්කල යුතුය.'


මෙසේ මේ ලිපියෙන් දීර්ග වශයෙන් මේ පිළිබ`දව ස`දහන් කලේ අතීතයේ පටන් පැවත එන කියවීමෙන් මිනිසා සම්පූර්ණ කරයි යන කියමන ගැන නැවත ඔබේ අවධානය යොමු කරවීමටයි. අද කියවීමම ප‍්‍රමානවත් නොවන අතර අවබෝධයෙන් යුතුව කියවීමද, ඔබ ලබා ගන්නා දැනුම තම සගයන් හා සාකච්ඡුා කොට තර්ක විතර්ක කොට කන්ඩායමක් වශයෙන් ගන්නා අවබෝධය ඉතා වැදගත් වනු ඇත. එසේම සමාජයට හානිදායක ඉහත ස`දහන් කල සමාජ අපචාරී ක‍්‍රියා වේ නම් තම වෘත්තීය මට්ටමින් අදාල ආයතන දැනුවත් කරමින් අනාගත උපදේශන ක‍්‍රියාවලියට ජාතික වශයෙන් විශාල කාර්යභාරයක් කිරීමට දැන් සිටම සූදානම් විය යුතුය. ඒ ස`දහා උපදේශන ගුරුකුල වලින් මිදී සිය`ඵම උපදේශන සංවිධාන අත්වැල් බැ`ද ගත යුතුය.         (24/05/2012)



ව්‍යාපාරයක් හා විලාසිතාවක් වූ මනෝ වෛද්‍ය උපදේශනය

                 මෙම මාතෘකාව යටතේ 2011 ඔක්තෝබර් මස 2 වන ඉරිදා ලක්බිම පුවත් පතේ පලවූ අගනා ලිපියක් මා නෙත ගැටුනේ 2012 ජනවාරි මාසයේදී හෝටලයක අත පිස දැමීමට තිබූ කඩදාසි රදවනයක තිබීය. කොටස් 6කට පමණ ඉරා තිබූ මෙම ලිපිය නොඅඩුව සකසා ගත්තේ ඉමහත් වෙහෙසක් දරාය. කෙසේ හෝ මෙවැනි ලිපියක් කියවීමට ලැබීම භාග්‍යයකි. එවැනි ලිපියක් පුවත් පතක පල කල වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතාටත්, ලක්බිම පුවත් පතටත් ස්තුතිවන්ත වෙමි. කාලීන හරවත් මාතෘකාවක් වූ එම ලිපියේ ස`දහන්  කරුණු වලට මා අත්දැකීමෙන් ලද තවත් කරුණු කිහිපයක් ජන සමාජයට එකතු කිරීම මැනවි යයි මට සිතුණි. එසේනම් අද     උපදේශනය විලාසිතාවක් හා  ව්‍යාපාරයක් වී ක්ෂනිකව ආර්ථික හා සමාජීය වටිනාකමක් ඇතිවීමට හේතූන් සොයා බැලිය යුතුය.
    පසු ගිය දිනක ලංකාවේ දැනට ක‍්‍රියාත්මක උපදේශන ආයතන වල ප‍්‍රමිතිය පිළිබ`දව කරුණු සෙවීමටත්, ලංකාවේ නිල වශයෙන් පිළි ගැණුන උපදේශන මධ්‍යස්ථාන හා පිළිගත් උපදේශනවරුන් පිළිබ`දව වග කියන රාජ්‍ය ආයතනයන් සොයා ගියෙමි. එහිදී දැනගන්නට ලැබුනේ වගකිව යුතු රාජ්‍ය ආයතනය තවමත් ලයිස්තු ගත කිරීම ස`දහා උත්සාහ ගන්නා බවය. මෙසේ විමර්ශනයක අවශ්‍යතාවය ඇතිවුනේ දැනට වෘත්තීය මට්ටමේ සිටින උපදේශනවරුන්ගේ ක‍්‍රියා කලාපයන් පිළිබ`දව ඇතිවූ ගැට`ඵ සහගත තත්වයන් නිසාය. මෙවන් තත්වයකදී අනෙක් උපදේශන ආයතන නිහ`ඩව සිටීම නිසා එම ආයතන අවදි කොට හ`ඩක් නැගීමට මා උත්සාහ ගැනීමේදී මෙම ව්‍යාකූල තත්වය තව තවත් පැහැදිලි විය. 
    පසුව අන්තර් ජාලයේ සැරිසරා විශාල උත්සාහයකින් පසුව ලංකාවේ එක් උපදේශන ආයතනයක වගතුග හෙලි කර ගැනීමට හැකි විය. ඒ වත්තල ප‍්‍රදේශයේ ආයතනයකි. එය මා දන්නා පරිදි වෛද්‍ය කීර්තිසිංහ මහතා යනු පාර්ලිමේන්තුවේ පනතකින් සම්මත ලංකාවේ එකම උපදේශන ආයතනයයිිි. අනෙකුත් ආයතන ලියාපදිංචිය වී ඇත්තේ කුමන ආයතනයක කුමන පදනමක් යටතේද යන්න මා හට ප‍්‍රශ්නාර්ථයකි. නිවැරදි ලියාපදිංචියක් නොමැති බවින් උපදේශන සහ උපදේශක අතර වෙනස නොහ`දුණන උපදේශනවරුද අද සමාජයේ කොතෙකුත් දක්නට ඇත.    
    කාලයක් තුල නිහ`ඩව ගෞරවාන්විතව පැවත ආ මානසික උපදේශන ක‍්‍රියාවලියට 2004 සුනාමි ව්‍යවසනයත් සම`ග ලංකාවේ ඉමහත් ප‍්‍රසිද්ධියක් ලැබුණි. නමුත් එම අවස්ථාවට ප‍්‍රමාණවත් උපදේශනවරුන් අප රට තුල නොසිටියහ. මේ නිසා ක්ෂණික උපදේශනවරු බිහි කිරීමට යම් යම් ආයතන ඉදිරිපත් විය. එම කාලය තුල විදේශීය රාජ්‍ය නොවන ආයතන ශ‍්‍රී ලංකාවට පැමිණ සිදුකල යහපත සහ අයහපත ගැන උපදේශනයට සක‍්‍රියව දායක වූ උපදේශනවරයෙකු ලෙස මා හො`දාකාරව දුටිමි. මෙම ව්‍යවසනය වී වසර 08 ක් ගෙවී ගොස් ඇතත් සිදුවූ අපගාමී තත්වය නිවැරදි කිරීමට අප රටට නොහැකි වී ඇති බව කනගාටුවෙන් වුවද කිව යුතුය. යම් ආයතන උපදේශනය පිළිබ`දව ඩිප්ලොමා සහතිකයක් වානිජ මට්ටමෙන් මාස 6න් හෝ මාස 3කින් නිකුත් කරයි. ඒ ස`දහා අවශ්‍ය ප‍්‍රධන සාධකය වනුයේ මුදල්ය. විදේශීය රටවලින් නිකුත් කෙරෙන සහතික උපාධිය, ආචාර්ය උපාධිය දක්වා මුදලට ලබාගත හැක. සහතිකයේ ලිපිනයක් නොමැති වීමෙන් එම උපාධියන්හි නිරවද්‍යතාවය සොයා ගැනීමට නොහැක. අන්තර් ජාලයේ එම ආයතන ඇතත් වැඩියමක් හොයා ගැනීමට නැත.
    එය එසේ සිදු වෙද්දී සුනාමි ව්‍යවසනයෙන් පසු වර්ධනයවූ උපදේශන මේනියාව අද විලාසිතා දැක්මක් බවට පත්වී හමාරය.
    එදා සුනාමි ව්‍යවසනයේදී විදේශීය ආයතන තම පරීක්ෂන, අත්හදා බැලීම් ස`දහා ලංකාවේ ජනතාව යොදාගත් අවස්ථාද දක්නට ලැබුණි. මෙවන් පරිසරයක් තුල ලංකාවේ උපදේශනවරුනගේ රික්තකය ගුනාත්මක් බවින් තොරව ඔ`ඵ ගෙඩි ගණනින් පිරවීමෙන් තම ආර්ථිකය ගොඩ නගා ගැනීමටත්, උපදේශනය මැජික් බලයක් ලෙස ප‍්‍රදර්ශනය කිරීමෙන් ජනප‍්‍රියත්වයට පත්වන්නටත් බොහෝ පුද්ගලයන්ට හා ආයතන වලට අවශ්‍ය විය. ප‍්‍රමාණවත් වෘත්තීය සුදුසුකම් නොමැති වෙනත් කේෂ්ත‍්‍රයන්හි ප‍්‍රවීන විද්වතුන් ආචාර්ය මහාචාර්යවරුන් මානසික උපදේශනවරු හා උපදේශන දේශකවරු ලෙස අදත් මේ කේෂ්ත‍්‍රයේ වැජබෙමින් සිටී. මෙය තහවුරු කර ගැනීමට අවශ්‍ය අයෙක් වෙතොත් මේ ප‍්‍රධාන පෙලේ උපදේශන දේශක වරුන්ගේ වෘත්තීයට අදාල සුදුසුකම් නිරීක්ෂනය කල හැකිය. (උදාඃ පරිසරය හෝ යන්ත්‍රෝපකරනය පිළිබ`ද මහාචාර්යවරු මනෝවිද්‍යාව හෝ උපදේශන පිලිබ`ද දේශන පවත්වයි.* ඊට අමතරව ලෝකයේ ප‍්‍රථික්ෂේප වෙමින් පි`ඵනු වෙමින් පවතින ධනාත්මක චින්තනය ලංකාවේ ප‍්‍රචලිත කරමින් සිටින ජනප‍්‍රිය පුද්ගලයින්ගේ සැබෑ ජීවිත නිරීක්ෂනය කිරීමද වැදගත්. මෙවන් පරිසරයක සමස්ත ශ‍්‍රී ලාංකික ජාතියේම අධ්‍යාත්මය උඩුකුරු යටිකුරු වී ජාතියම අවාසනාවන්ත යුගයකට පිය නගමින් ඇත. එම නිසා ආතතිය, පීඩනය යන වදන් අද සමාජයේ නිතර ඇසීමට හා කථා බහට ලක් වී ඇත. එසේම ආතතියට ධනාත්මක වටිනාකමක්ද ඇති වී ඇත. ටයි පටියේ ගැටය බාගෙට බුරුල් කරගෙන      රැුකියාව නිමවී ගෙදර යන මොහු මචං මේ දවස් වල මට මාර ටෙ‍්‍රස් යයි ආඩම්බරයෙන් කියනුද මා අසා ඇත. ටයි පටිය ගලවා සාක්කුවේ දමා ගැනීමටද ඔහු ගේ කැමැත්තක් නැත. එයද පෞරුෂයට මදිකමකි.
    මෙවන් විපරීත පරිසරයක් තුල මානසික වෛද්‍ය/උපදේශනවරුන්ගේ භූමිකාව කෙසේ විය යුතුද? ජනප‍්‍රිය ප‍්‍රසාංගික ක‍්‍රීඩාවක් ලෙස යොදා ගැනීමට වාරනයක් පැනවීමට රාජ්‍ය මැදිහත්වීමක්ද සොයා ගත නොහැක.

අද එය යථාර්තයක් බවට පත් වී උපදේශනය සංදර්ශනයක් ලෙසින් රූපවාහිනයෙන් නැරඹිය හැක. එසේම උපදේශනය පිළිබ`ද අධ්‍යාපනයක් අවබෝධයක් නොමැති ව්‍යාපාරික ආයතන රූපවාහිනී ගුවන් කාලය මිළට ගෙන වෙළ`ද වැඩ සටහනක් නොවන ආකාරයට අධ්‍යාපනික වැඩ සටහනක් සේ විකාශනය කිරීමෙන් ජාතියේම මනස විකෘති කිරිම් ද පෙන්වා දිය හැක. තවද අවාසනාවකට රටේ පිළිගත් පූජකවරුන්, විශේෂඥ වෛද්‍යවරු, උපදේශනවරුද උපදේශන ආචාර ධර්ම උල්ලංඝනය කරමින් මෙහෙයවමින් සමහර වැඩ සටහන් වලට සම්පත්දායකත්වය දැක්වීම කනගාටුවට කරුණකි.
2011 ඔක්තෝබර් මස 2 වන ඉරිදා ලක්බිම පුවත් පතේ ව්‍යාපාරයක් හා විලාසිතාවක් වූ මනෝ වෛද්‍ය උපදේශනය මාතෘකාව මා සිත් ගත්තේ ඒ නිසාය. එහි වෛද්‍ය කොටස ඉවත් වූවා නම් වඩාත් ගැලපේ.
   
    ඊට අමතරව උපදේශන සේවා මධ්‍යස්ථාන මුවාවෙන් කාන්තා විමුක්තිය උදෙසා යයි කියමින් කාන්තාවන්  සාමකාමී පවුල් ජීවිතයෙන් දික්කසාදයට පොලඹවන රාජ්‍ය නොවන ආයතනද ඇත. එයින් අදහස් කරන්නේ දික්කසාදය අනවශ්‍යය යන්න නොවේ. සැමියා සහ බිරි`ද එකම වහලක් යට නිරතුරුව රන්ඩු සරුවල් වේ නම් එයද දරුවන්ගේත් සමාජයේත් යහපැවැත්මට බාධාවකි. නමුත් සංස්කෘතියෙන්, නීතියෙන් හෝ බලහත්කාරයෙන් දෙදෙනා එකට එක් කිරීමෙන් දරුවන් ඇතු`ඵ මු`ඵ පවුල් සංස්ථාවටම හානිදායකවේ නම් පමණක් දික්කසාදය ස`දහා යොමු කිරීම වැදගත්. එසේ නොමැතිව බත ඉදෙන කම් ඇති වන සාමාන්‍ය දබරයටත් දික්කසාදය වෙත යොමු කිරීමයි අභාග්‍යය. සු`ඵ හිත් අමනාපයටත් පොලීසිය වෙත හෝ විකල්ප වෙත පිය නැංවීමට යොමු කරන රූපවාහිනී නාට්‍ය පිළිබ`දව වෙනම සාකච්ඡුා කල යුතුය.
එසේම රාජ්‍ය ආයතනද ගෘහස්ථ ප‍්‍රචන්ඩත්වය කාන්තාවට පමණක්මය (තාත්ත අම්මට ගැහුවම අපටත් රිදෙනවා) යන තේමාවෙන් ප‍්‍රචාරක කටයුතු කිරීමෙන් ගෘහයක ප‍්‍රචන්ඩත්වය සිදුවන්නේ නම් එය කාන්තාවට පමණක්මය යන ආකල්පය දරුවන් තුල ගොඩ නැගීම අනාගත ලමා පරපුරට හානිදායක විය හැක. මෙවැනි පරිසරයක් ගොඩනැංවීම වීම තුලින් රටට සිදුවන අයහපත් බලපෑම තනි පුද්ගලයෙක් වශයෙන් මතයක් ගොඩ නැගීමට අපහසු බැවින් ශ‍්‍රී ලංකාවේ පිළිගත් උපදේශන මධ්‍යස්ථාන එකතු කරගෙන ජාතික කර්තව්‍යයක් කිරීමට හා යහපත් උපදේශන ක‍්‍රියාවලියක් අප රට තුල ස්ථාපිත කිරීමට මා උත්සාහ ගත්තෙමි. නමුත් එයට රාජ්‍ය හෝ පෞද්ගලික අංශයන්හි උදාසීනභාවය නිසා තාවකාලිකව අමතක කිරීමට සිදු විය.
එසේ වීමට මා දකින හේතූන් නම්... උඩු ගම් බලා පිහිනීමට වඩා ග`ග ගලන දිසාවටම පිහිනා යාම පහසු නිසාත්, කාගේද? කෙසේද? යන්න වෙනුවට කාගෙන් හෝ කෙසේ හෝ තම පෞද්ගලික අරමුනු ඉටු කර ගැනීමට උගත් නූගත් බහුතරය උත්සුක වීමත්ය. මේ අයද කොටස් දෙකක් ඇත.
    ඒ නම් දෙන දේ කාලා... වෙන දේ බලා ඉන්න කොටස සහ අනුන්ගේ දේ කාලා තමන්ට වෙන දේ නොබලා ඉන්න කොටස් දෙකයි. මේ අවාසනාවන්ත තත්වයන්ට ප‍්‍රධාන හේතුවක් වන්නේ ව්‍යාපාරයක් හා විලාසිතාවක් වූ මනෝ (වෛද්‍ය) උපදේශනයයි.                               10/02/2012

Wednesday, November 20, 2013

නීති පැනවීම මගින් අනාගත ශ‍්‍රී ලාංකික රැකියා වෙලෙදපොලේ ඇබෑර්තු රැුසක් ඇතිවන ලකුණු

අද ලෝකයේ බොහෝ රටවල් තම ආර්ථිකය කඩා වැටීමට එරෙහිව විවිධ ක‍්‍රියා මාර්ග ගනිමින් සහ ඒ ස`දහා සැලසුම් සම්පාදනය කරමින් සිටිනු මේ දිනවල බහුලව දැකිය හැක. එහෙත් මෙම විරැුකියාව අවම කරගැනීමට විස`දුම් සොයන ලෝක ආර්ථික විශේෂඥයින් ප‍්‍රධාන වශයෙන් තම අවධානය යොමු කර ඇත්තේ සේවක දීමනා කප්පාදුව, සේවක සංඛ්‍යාව අවම කිරීම, සුභසාධන හා පරිභෝජන වියදම් අඩු කිරීම වැනි  ක‍්‍රියාවලීන් නිසා තවමත් එම රටවලට ශක්තිමත් ආර්ථික රාමුවක් සකසා ගැනීමට නොහැකි වී ඇත. තවද මෙයට ප‍්‍රධාන සාධක වශයෙන් ජනගහන වර්ධනය ඉහල යාමට සමාන්තරව මරණ අනුපාතයේ අඩුවීමක්ද දැක්විය හැක. කෙසේ වෙතත් මෙම අනාගත අභියෝගයන් ජය ගැනීමට දියුණු, නොදියුණු රටවල් විශාල වශයෙන් වෙහෙසෙන විට අප රටට ආයාසයකින් තොරව මෙම ප‍්‍රශ්ණය නිරාකරණය කරගැනීමට මාර්ගයන් උදාවී ඇත. එසේම  එක් පුද්ගලයෙකුට ප‍්‍රධාන රැුකියාවට අමතරව අතිරේක රැුකියා අවස්ථාද බොහෝ දුරට උදාවිය හැක. එයට හේතුපාදක වන ප‍්‍රධාන කරුණක් වනුයේ ලාංකික නව මාර්ග නීති පද්ධතිය හා බදු ප‍්‍රථිපත්තියයි.
    නව රියදුරු වර්ධක - දඬුවම් ලකුණු ක‍්‍රමය පිළිබ`ද රියදුරු මහතුන් සහ පොලීසියේ රථවාහන හසුරුවන නිලධාරීන්ගේ අදහස් අනුව බස්රථ රියදුරු මහතෙකුට මාස 3ත් 5ත් අතර කාලයකදී මෙම ලකුණු 24 ඉක්මවීමට සිදු වනු ඇත. ඉතිරි මාස හය, හත රියදුරු මහතාට කොන්දොස්තර රැුකියාවක් හෝ වෙනත් රැුකියාවක නියුක්ත වීමට සිදු වනු ඇත. සාමාන්‍ය පෞද්ගලික රියදුරු මහතෙකුට වසරේ අවසන් කාලසීමාව තම රියදුරු බලපත‍්‍රය රැුකගැනීමට නම් වෙනත් රියදුරු මහතෙකුගේ සහය ලබා ගැනීමට හෝ පාරේ බස්රථ වල ගමන් කිරීමට අනිවාර්ය වනු ඇත. එම නිසා සෑම වසරකම විශාල ලෙස රියදුරු ඇබෑර්තුද බහුල විය හැක. ජාතියක් න`ගා සිටුවීටම බදු පැනවීමෙන් හෝ දඩ පැනවීමෙන් නොහැකි බව මෑත කාලයේ දියුණු වූ රටවල් දෙස බැලීමෙන් මනාව පැහැදිලි වනු ඇත. එය එසේ වුවත් රාජ්‍යයක නාස්තිය, ¥ෂනය අඩු කිරීම හෝ රටේ නිෂ්පාදනය වැඩි කිරීමට වඩා ආදායම් ඉපයීමේ පහසුම අ¥රදර්ශී ක‍්‍රමය ජනතාව මත බදු සහ දඩ පැනවීමේ ක‍්‍රමයයි. එයට කදිම උදාහරණය නම්     පසුගිය කාලයේදී දඩ මුදල්, නීති,රීති දෙගුන තෙගුන කලත් මාර්ග අනතුරු තව තවත් අධික වීමයි.
නව නීති කෙසේ ක‍්‍රියාත්මක වුවත් මාර්ග නීති උල්ලංඝනයට රියදුරන්ගේ නොසැලිකිලිකම නිසාම නොව පොලිස් නිලධාරීන්ගේ පිරිහුණු මානසික තත්වයද තදින්ම බලපා ඇත. අධික අව්වේ අත් ආවරණ, හිස් ආවරණ පැල`ද පැය ගණන් මහපාරේ සිටගෙන වාහන හසුරුවන පොලිස් නිලධාරීන්ගෙන් ආචාර සම්පන්න සේවාවක් බලාපොරොත්තු වන්නේ ශීතකාමර වලට වී තීරණ ගන්නා නිලධාරීන්ය.  සත්‍ය වශයෙන්ම මෙම අපහසුතාවය පිළිබ`ද අවබෝධයක් දීමට කල යුත්තේ නීති සම්පාදකයන් පැයක් දෙකක් මෙම රාජකාරියේ පෞද්ගලික අත්දැකීමකට යොමු කිරීමෙන්ම පමනක් මිස වෙනත් ඇගයීම් වාර්ථා සමීක්ෂන කිරීමෙන් හෝ දේශන පැවැත්වීමෙන් නොවේ. මෙම පොලිස් නිලධාරීන්ට රියදුරු මහතුන් සම`ග වාද වලට නොයා ගෞරවාන්විතව සේවය කරන ලෙස ඉල්ලා සිටීමෙන් හෝ දෙවන ත‍්‍රස්ථවාදයක් ලෙස හ`දුන්වා දීමෙන් හෝ මෙයට ප‍්‍රායෝගික විස`දුමක් බලාපොරොත්තු විය නොහැක. කොපමන නීති රීති පැනවීම කලත් රිය අනතුරු අවම කල නොහැකි අතර, වරදට ද`ඩුවම් කිරීමක් පමණක් සිදු කල හැක. රටක නීති සම්පාදකයන්ගේ ප‍්‍රධාන අරමුණ විය යුත්තේ අපරාධ නිවාරණය කෙරෙහිය. අද මේ රටේ සිදුවන අනතුරු, අපරාධ හෝ ¥ෂන වලදී එම ප‍්‍රශ්නයට මුල්වූ චරිත වලට නොකඩවා පහරදීම, ප‍්‍රසිද්ධියක් දීම ප‍්‍රවෘත්තිය ටෙලි නාට්‍ය සේ විකාශනය කිරීම විනා එයට මූලික හේතුව හෝ සමස්ථය කෙරෙහි අවධානය නොකිරීම ලංකාවේ මාධ්‍ය සංස්කෘතියක් බවට පත්වී ඇත. පොලීසිය, නීතීඥයින්, පූජකතුමන්, දේශපාලකයින්, මාධ්‍යකරුවන් වශයෙන් වෙන් වෙන්ව බෙදා දෝෂ දර්ශනයට ලක් කලත් මේ සියල්ලම  ශ‍්‍රී ලංකාවේ ජීවත් වන එකම ජන කන්ඩායමකි. මේ සියල්ලන්ගේ අපේක්ෂාවන් කුමක්ද සහ එසේ වීමට හේතු පිළිබ`දව අධ්‍යයනය කිරීම ඉතා වැදගත්. මෙම ජන කන්ඩායමේ සමස්ථ මානසික සහ සමාජ හැසිරීම විශ්ලේශනය කර සමාජ මනෝ විද්‍යාත්මක විස`දුමක් ලබා දීමට කටයුතු කරන්නේනම් දඩ මුදල් වැඩි කිරීම ලබන ආර්ථික ලාබය වෙනුවට සිත් නිවුනු සමාජයක්, ශික්ෂනයක් ඇතිකොට රටේ ජාතික ඵලදායීතාවය නිසැකවම වැඩි කරගත හැක.
    උදාහරණයක් ලෙස පසුගිය දිනක භික්ෂූන් වහන්සේලා දෙනමකගේ ඝාතන නඩුවේදී එම විත්තිකරුවන් වෙනුවෙන් ඉදිරිපත්වූ නීතීඥවරයාට පහරදීමක් සිදු විය. එම පහරදීමේදී භික්ෂුන්වහන්සේලාද සිටිනු එම                 ඡුායාරූප වල දැකිය හැකි විය. අද නීතීඥවරයාට ආගම, හෘද සාක්ෂියට වඩා වෙන යමකට සිත මුල් වූයේ ඇයි? එහිදී අදාල නීතීඥවරයාට මෛත‍්‍රිය වෙනුවට පහරදීමට භික්ෂුන්වහන්සේලාට සිතුවිල්ලක් ඇති කරවූයේ ඇයි? මෙම ඝාතනයට ප‍්‍රධාන සැකකරුවන් වූ බස්නායක නිලමේ නමින් හැ`දින්වෙන හා මහණදම් පිරූ අයෙකි. මොවුන් තුල තිබිය යුතු සැබෑ ගුණදම් වලට සිදුවූයේ කුමක්ද? එයිනුදු නොනැවතී නීතීඥ කන්ඩායම් ගරු අධිකරණය අසල විරෝධතා දක්වන්නේ කුමක් සාධාරණීකරණය කිරීමටද? මෙම ගැට`ඵවේදී භික්ෂුන්, නීතීඥ, නිලමේ, යන කොටස් සියල්ලම කර ඇත්තේ සාධාරණයද? මේ සැමටම හේතුව රටේ කාලාන්තරයක් තුල පැවති ආර්ථික පිළිවෙලයි. එසේ නම් වරද ඇත්තේ සිය`ඵ පුද්ගලයින්ගේ පටු ආර්ථික අපේක්ෂා මතය. එබැවින් මෙම හිමිවරුන්ගේ ඝාතනයේදී පොලීසිය විසින් සිදුකල කාර්යක්ෂම කාර්යභාරය කාගේවත් පැසසුමට ලක් නොවීම ගැන පුදුම විය යුතු නැත. සමස්ථ ශ‍්‍රී ලාංකික ජනතාවගේ ආත්මාර්ථකාමී චින්තන රටාව ඇති කරවන යම් වස්තු බීජයක්, ආර්ථික රටාවක් වේ නම් එය හ`දුනා ගෙන ලාංකික ජන සමාජයෙන් සහමුලින්ම ඉවත් කිරීමට යම් ක‍්‍රමයක් සම්පාදනය නොකරණතාක් පුවත්පත් පුරා, විද්්‍යුත් ජන මාධ්‍ය පුරා ජනතා හිත් තව තවත් ¥ෂ්‍ය කරමින් මේ රට අපචාර රාජ්‍යයක් බවට පත්වීම නොවැලැක් විය හැක. මේ ස`දහා ප‍්‍රසාංගික බණ, දේශපාලන විවාද, අධ්‍යාත්මික සංදර්ශන කිරීමෙන් රටට සුගතියක් ඇතිවේ යයි සිතිය නොහැක.  අද සමාජයේ හො`දට වඩා නරක පිළිබ`දව වර්ණනා කිරීමත්, යහපත් ක‍්‍රියාවට අගයක් නොවීමත් කනගාටුදායකය. පොලිස් සේවයද අද පිරිහීමට පත්ව ඇත්තේද මේ නිසාය.
     මෙම අධික පීඩාකාරී පොලිස් රථවාහන රාජකාරීන් නිසා බොහෝ පොලිස් නිලධාරීන්ගේ මානසික මට්ටම් හා චර්යාවන් ඉතා පහල මට්ටමක ඇද වැටී ඇත. මෙම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට සිය`ඵම රියදුරන් තමන්ට යකදුරන්සේ පෙනීමටත්, වෛරක්කාරයන් ලෙස කටයුතු කිරීමටත් පටන් ගෙන ඇත. තවද මෙම වෛරයට වන්දියක් ලෙස මහම`ග නිරතුරුව වදයක් වී පෙනෙන රියදුරන්ගෙන් තම සිත සනහා ගන්නට අල්ලස ස`දහා යොමු වීමේ ප‍්‍රවනතාවද වැඩි වී ඇත. මෙම දඩ සහ ලකුණු ක‍්‍රමය නිසා කෙසේ හෝ තම රියදුරු බලපත‍්‍රය රැුකගැනීමට දඩ මුදල පරිත්‍යාගක් ලෙස :රියදුරන්ගේ භාෂාවෙන් නම් ධබ එයැ ිචදඑ* ප‍්‍රදානයක් කොට ඉන් මිදීම හැර වෙන විකල්ප සෙවීමට රියදුරන්ට උවමනාවක් නැත. මින් සිදු වන්නේ උසාවියේ දවසක කාලය ගතකොට නීතීඥයින්ට ගාස්තු ගෙවනවාට වඩා සරලම විසදුම වන අල්ලස කෙරෙහි ජනතා ප‍්‍රසාදය යොමුවීමයි. පසුගිය දිනක ගුවන් විදුලි නාලිකාවකදී රියදුරු මහතෙක් ප‍්‍රසිද්ධියේම මේ බව පැවසීම නීති සම්පාදකයින්ගේ අවධානයට යොමු විය යුතුය. නීති සම්පාදකයින්ගේ දුර්වලතා නිසා සැමවිටම රටක සාමය වෙනුවෙන් ජනතාව හා සෘජුව ක‍්‍රියා කරන පොලිස් නිල ඇ`දුමට ලැබෙන ගෞරවය අද ඉතා ශෝචනීයයි. ඉන් මිදීම වෙනුවට එය යථාර්ථයක් බවට පත්කර වීමට පොලීසියද ක‍්‍රියාකර ඇත.
    එසේම යම් හෙයකින් එලව`ඵ කූඩ නීතියද වෙළ`ද ප‍්‍රජාවේ උත්සාහයෙන් උපන්ගෙයිම වල නොදැමුවේ නම් එයද ක‍්‍රියාත්මක කිරීමට ගොස් ශ‍්‍රී ලංකා පොලිසිය බරපතල ප‍්‍රශ්න රැුසකට මුහුණ දීමට සිදු වීමට තිබුණි. මෙම එලව`ඵ නාස්තිය පිළිබ`ද ගොවීන් දැනුවත් කරමින් ඔවුන්ගේද සහය ඇතිව යම් ක‍්‍රමවේදයක්, සංවාදයක් ඇති නොකොට අණ මත දඩ ක‍්‍රියාත්මක කිරීමට යාමෙන් රටේ සිදුවන ආහාර නාස්තිය තවමත් එලෙසම පවතී. එයද කනගාටුවට කරුණකි. මේ දඩ ක‍්‍රමයද ක‍්‍රියාත්මක වූවානම් අනිවාර්යයෙන්ම පොලීසියට තවත් අල්ලස් චෝදනා එල්ලවීම නවතා ලිය නොහැක.
    එදා සු`ඵවෙන් පටන් ගත් අල්ලස පසුකාලීනව රටේ දැනට පවතින ආර්ථික රටාව අනුව වැටුපෙන් ලබා ගත නොහැකි  සුඛෝපභෝගී අරමුණු ස`දහා ල`ගා කර ගැනීමට අද ලක්වාසීන් යොමු වී ඇත. මෑත කාලයේ බොහෝ පොලිස් නිලධාරීන් වටිනා ජංගම දුරකථන, මෝටර් සයිකල් භාවිතා කරුනු දක්නට ලැබීම සතුටට කරුනක් සේම රියදුරන්ගේ සුභ අනාගතය පිළිබ`දව සැකයක්ද මතු කරයි. මෙම නිලධාරීන් ඉහල තනතුරු ස`දහා අනාගතයේ පත්වීම තුල මු`ඵ මහත් පොලිස් දෙපාර්තමේන්තුවටම ඇතිවන අනිටු බලපෑම කෙතරම්දැයි සිතා බැලිය යුතුය. වත්මන් පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මැතිතුමා වැනි පොලිස්පතිවරයෙක් බිහිවීම පොලිස් දෙපාර්තමේන්තුව වසර ගණනාවක දැඩි ශික්ෂනයක ප‍්‍රථිඵලය මිස එක් රැුයකින් හෝ විශේෂ පාඨමාලාවකින් බිහිවූ ප‍්‍රථිපලයක්     නොවේ. එසේනම් වර්ථමාන පොලිස් දෙපාර්තමේන්තුවටද, අනාගත පොලිස් දෙපාර්තමේන්තුවටද, දඩ මත දඩිබිඩි රාජකාරි කරන නිලධාරීන් වෙනුවට ජනතා ප‍්‍රසාදය මත සේවය කරන සංයමයෙන් යුතු පොලිස් නිලධාරීන් පිරිසක් බිහි කල යුතුය. තැනහොත් පොලිස් නිලධාරීන් අල්ලස් ගැනීම වැලකීීමට තව තවත් නිලධාරී කොටසක් අවශ්‍ය වේ. අල්ලස නිසා රැුකියා අහිමි වන්නන්ගේ ඇබෑර්තු පිරවීමට ශ‍්‍රී ලාංකික පුරවැසියන්ට නව අවස්ථාවන් එළඹෙනු ඇත. එවිට රියදුරු සේවයට මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවටද, අල්ලස් දෙපාර්තමේන්තුවටද, රියදුරු වෘත්තියටද විශාල ලෙස රැුකියා වෙළ`දපළක් ඇති වෙනු ඇත.
     මෙම ව්‍යවසනකාරී ක‍්‍රියා දාමයද, එසේත් නොමැති නම් සාර ධර්ම වලින් පෝෂිත සිවිල් සමාජයක් බිහි කොට නීතියට වඩා විනය කෙරෙහි අවධානය යොමු කොට ජාතික වැඩ පිළිවෙලක් ඇති කිරීමෙන් ලැබෙන ප‍්‍රථිඵලය කෙරෙහි සිත යොමු කිරීම නීති සම්පාදකවරුන්ට මෙනිම ජාතියටද වැදගත්ය.         30/03/2012   

හිත හීලෑ නැ හරීම මුරණ්ඩුයි

       අද දවසේ හිත, මනස පිළිබඳව සාකච්ඡුා කිරීම, දේශනා කිරීම, පුවත් ප‍්‍රකාශයට පත් කිරීම බොහෝ දෙනාගේ අවධානය දිනා ගත හැකි පහසු මගක් වී ඇත. එය ඉතා හොඳ ජනතා ආකර්ෂණයක් සේ ම ආර්ථික භාණ්ඩයක් ලෙසත්, කාගේත්  අවධානය දිනාගැනීමට පහසු වේදිකාවක් ලෙසත් දැක්විය හැක. එමනිසා අද පදික වේදිකාවේ පටන් රටේ උසස් යයි සම්මත ආයතන දක්වා මේ මනසේ ක‍්‍රියාකාරිත්වය පිළිබඳ විවිධ දාර්ශනික මත මඟින්, විවිධ ආගමික දර්ශන තුළින්, විවිධ විද්‍යාත්මක         කෝනයන්ගෙන් ද කතා බහට ලක්වී ඇත. එය එසේ සිදුවිය යුතු කරුණකි. නමුත් මෙම සත්කාරය මුවාවෙන් දර්ශනය, මනෝ විද්‍යාව පිළිබඳ අද ලිපියක් කියවා හෙට ග‍්‍රන්ථයක් එළිදක්වන චරිතයන් ද අද සමාජයේ දැකිය හැක. මෙයින් දර්ශනය, විද්‍යාව හා ආගම් පවා විකෘති කිරීම් වලට භාජනය වෙමින්  පවතී.       මානසික ආතතිය හා කාංසාව වැඩි කරවන ආර්ථික රටාවක් පවතින සමාජයක මනස හා මානසික රෝග පිළිබඳ දැනුම ජනතාවට ලබා ගැනීමේ අයිතියක්  ජනතාවට  ඇතිවා  සේ ම  ජනතාව   තිබෙන  මානසික ව්‍යාකූලත්වයෙනුත් පහළට ඇද දමන, මිත්‍යාවට යොමු කරවීමේ යම් ප‍්‍රවනතාවයක් රටේ ඇත්නම්, මනස සහ ආගම පිළිබඳ ගවේෂණය කරන්නන්ට තවත් දිශාවකින් බැලීමට සහ සිතීමට  යොමු කිරීමයි මේ ලිපියේ අරමුණ.
    මේ කාරණයේදී ජනතා ඉල්ලූමටත් වඩා සැපයුමක් නො අඩුව සැපයීමට සියලු ගුවන් විදුලි, විද්්‍යුත් මාධ්‍ය, විවිධ ස්වෙච්ඡුා සංවිධාන කටයුතු කිරිම පැසසිය යුතුය. එහෙත්  මෙම සැපයීම ගුණාත්මක අතින් මැන බැලීමක් නොමැති වීම ඉතා කනගාටුදායකය.
    මනස යනු පුද්ගලයෙකුගේ අවසන් චර්යාවට  සෘජුව ම බලපෑම් කළ හැකි වස්තුවක් ලෙස දැක්විය හැක.  උදාහරණයක් ලෙස සරත්, සමිතා, ලලිතා යන තිදෙනා එක්ව ගමනක් යනවිට පාර හරහා ගමන් කළ සුනඛයෙක් වාහනයක ගැටී අනතුරට පත් වේ. එහිදී සරත් ආවේගශීලීවී වාහනයේ රියදුරුතැනට පහරදීමට සැරසෙයි. සමිතා කම්පනයට පත්ව දෑස් වසා ගනී. ලලිතා මෙම සුනඛයා ජීවත් කරවීම සඳහා වතුර සොයා දිව යයි. එකම සිදුවීමේ දී සුනඛයා ගැන අනුකම්පාව මුල්කරගෙන මේ තිදෙනා තමන්ගේ කායික හා මානසික අධ්‍යාත්මික ශක්තිය යෙද වූ ආකාරය වෙනස් බව ඔබට දැන් වැටහෙනවා ඇත.
    
     සරත් අනුකම්පාව ආවේගයට පෙරළා ගනී.
      සමිතාගේ අනුකම්පාව දුර්වල මානසික ශක්තියට යට වේ.
      ලලිතා තම අනුකම්පාව තවත් ආකාරයකට යොදවයි.
      මේ තිදෙනාට සුනඛයා පිළබඳ තිබූ අනුකම්පාවප අවසානයේ දී තුන්        ආකාරයක විවිධ හැසිරීමෙන් දැක්වීම
     එ් එ් පුද්ගලයන් තුළ ගොඩනැගී තිබූ
     කායික - මානසික  සමාජයීය - අධ්‍යාත්මික තත්වයන්ගේ වෙනස යි.    

එය එසේ නම් පුද්ගලයා සතු කායික හා මනෝභාවයේ වැදගත්කම සමාජයක යහපැවැත්මට කොපමණ උපකාර වේ දැයි සිතා ගත හැක. මෙම මතයට ඔබ ද එකඟවන බව දනිමි. එනමුදු මෙය අනුමත කරන ඔබ වැන්නන්  සිටින සමාජයක අද සමස්ථයක් ලෙස සමාජ හැසිරීම පිළිබඳව ඔබගේ ප‍්‍රසන්නතාවයක් ද නැති බව ඔබට ම වැටහී ඇත. එයට හේතුපාදක වන ප‍්‍රධාන ම කරුණුලෙස මා ඉහතින් සඳහන් කළ ආගම, මනස, විද්‍යාව පිළිබඳ ප‍්‍රවීනයින් යයි කියා ගන්නා  කොටසක් හුදු ආර්ථික ලාභ හෝ බාල ප‍්‍රසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම යි. අද සුප‍්‍රසිද්ධ පූජකතුමන්ලා තම දාර්ශනිකයාණන්ගේ දර්ශනයෙන් පිට තම මතය ප‍්‍රකාශ කිරීමත්, එයට වාරණයක් පැනවීමක්, නිවැරදි   කිරීමක් හෝ එ් පිළිබඳව කටයුතු කිරීමක්, කිසිදු ආයතනයකින් සිදු නොවීමත්, එම තත්වය වැරදි  නම්  නිවැරදි  නොකර අන්තයට ම පිරිහුනු පසු එම දේශකවරුන්හට එම මාධ්‍යයන් විසින් ම දරුණු ලෙස පහරදීමත් අද බහුලව දක්නට ඇත. ගැටුමකට වඩා සිදුවිය යුත්තේ ප‍්‍රසිද්ධ සංවාදයක් තුළින් එය නිවැරදි කිරීම යි. මේ තත්වය     අඛන්ඩව පැවතීම හේතුවෙන් බෙදීම, වෛරය හා අවිශ්වාසය ජන සමාජය තුළ වර්ධනය වේ. එදා කාල් මාක්ස් ආගම මත්ද්‍රව්‍ය වලට සමාන කරන්න ඇත්තේ මේනිසයි.
එදා දර්ශනය තුළින් ආගමක් නිර්මාණය වූ අතර අද ආගම තුළින් දර්ශනයක් නිර්මාණය කිරීමට යාම සමාජ අපගමනයට හේතුවක්වී ඇත.
    මේ ගැන වාද විවාද කිරීම උඩුගම් බලා පිහිනා යාමට දරන අසීරු ප‍්‍රයත්නයක් සේ සලකා දෑස් වසා ගෙන සුවසේ ගඟ ගළන දිසාවට ම පිහිනා යාමටත් ශ‍්‍රී ලාංකීය අනාගත පරම්පරාවට මේ මිත්‍යාව ම වපුරමින් තම ආර්ථිකය සහ බලය ශක්තිමත්  කරගැනීමට දේශපාලකයින්, පූජකවරුන්, වෛද්‍යවරුන්, නීතීඥවරුන්, මනෝ උපදේශකවරුන් සමඟ ගුවන් විදුලි, විද්්‍යුත් මාධ්‍යද එකාමෙන් අත්වැල් බැඳ කටයුතු කිරීමත් රටකට අභාග්‍ය යකි. එහෙත් මේ තත්වය වෙනස් කිරීමට ඔබට නොහැකි වුවත් එය අවබෝධ කරගෙන මෙම සංකීර්ණ සමාජයේ ම සාර්ථක යහපත් ජීවිතයක් ගතකිරීමට ඔබට තවමත් හැකියාව ඇත. එ් සඳහා මීට පෙර පිබිදීම සඟරාවේ ඔබ සාර්ථකද? යන ලිපිය ඔබට පිටුවහලක් වනු ඇත. (එහි පිටපතක් අවශ්‍ය නම් පහත සඳහන් ඊමේල් ලිපිනයෙන් ලබාගත හැක.* ඉදිරි කලාපයේ දී ඔීනෑම සමාජයක් තුළ නිරවුල් මනසකින් යුතුව ජීවත්වන ආකාරය සාකච්ඡුා කරමු. නිරවුල් මනසක් ලැබීමට මෛත‍්‍රිය වැඩිය යුතුය. නමුත් මෛත‍්‍රී කිරීමට පෙර වෛර නොකිරීමට පුරුදු විය යුතුය. වෛර සිතුවිලි ඇතිවීම මුලින් නතර කළ නොහැක. එහෙත් ඇතිවන වෛර සිතුවිලි හඳුනාගෙන එය දමනය කරගැනීමට ඔබට හැකි වනු ඇත. ඔබේ දියුණුව ඔබ තුළ මිස තව කෙනෙකු තුළ නැත. අනුගාමිකයන් පසුපස යන්නෝ දර්ශනයක් නැත්තෝ වෙති. අද සමහර සුප‍්‍රසිද්ධ දේශක, පූජකතුමන්ලාගේ දේශන වලට බුද්ධියෙන් තොර භක්තියෙන් සවන් දී මිථ්‍යාදෘෂ්ඨිකව සිට එම පූජකයින්ගේ සැබෑ ස්වරූපය හඳුනාගත් පසු අසරණ වූ ගිහි නිකායන් ගන්ධබ්බයන් සේ රට තුළ සැරිසරනු දැකිය හැක. මෙය රටක සංවර්ධනයට ද ගැට`ඵවකි. එකිනෙකාට ෙදාස් කියාගන්නා මේ ගිහියන් සහ පූජකයන් නිසා ප‍්‍රධාන ආගම් දර්ශන පිළිබඳව ද ඔබ තුළ යම් ප‍්‍රශ්නාර්ථයක් ඇතිවීම වැලැක්විය නොහැක. මෙයට විස`දුමක් ලෙස මුලින් ඔබ ඔබේ ම හිත පිළිබඳව අවබෝධ කරගැනීමට උත්සාහ කරන්න. එවිට ඔබට සමස්ථ ලෝකයා ම අවබෝධ කරගත හැක. නිවැරදි පෞරුෂයක් තිබීිම ආත්ම සාක්ෂාත්කරණයට අත්‍යවශ්‍ය ම ය. තමන් හිසට තම අතමය සෙවනැල්ල යන පැරණි කියමන ද මෙයට හොඳ උදාහරණයක්. හිතෙහි ස්වභාවය එ්කයි. ,හිත හීලෑ නෑ හරිම මුරන්ඩුයි, තැන තැන ඇවිදිනවාත හිතෙන හිතෙන තැන නවතිනවා, කියලා බන්දුල විජේවීර මහත්තයත් සින්දුවක් කියල තියෙන්නෙ. ඔබටත් මේ සින්දුව ඇහිල ඇති. හැබැයි ඇහීම සහ ඇහුම්කන් දීම අතර ලොකු වෙනසක් තියෙනවා. මේ සින්දුව හොඳට සිහි බුද්ධියෙන් අහගෙන හිටියොත් ඔබට බණක් ඇහැව්ව වගේ  තියේ වි.


රටක සංවර්ධනය හා ආකල්පමය වෙනස

රටක සංවර්ධනයට එම රටේ ජනතාවගේ ආකල්ප වල බලපෑම සෘජුවම බලපායි. දියුණු රටක සහ දියුණු වෙමින් පවතින රටක ජනතාවගේ සිතුම් පැතුම් අධ්‍යයනය කිරීමෙන් මේ බව මනාව අවබෝධ කරගත හැක. දියුණු රටවල මිනිසුන් තම ජාතියට දක්වන ගෞරවය, ජාතියක් වශයෙන් තම රටට දක්වන සහයෝගය ඉතා උසස්ය. ධනවත් රටවල් විසින් අනෙකුත් රටවල හා පවතින යුද්ධයේදී තම ජනයා විරෝධතාවය ප‍්‍රකාශ වන්නේ ඉතා සු`ඵ වශයෙනි. එම විරෝධතාවයට ප‍්‍රසිද්ධිය ලැබෙන්නේද මාධ්‍යයන්ගෙන් ඊටත් වඩා සු`ඵ වශයෙනි. ඇමරිකාවට සිදුවූ 2001 සැප්තැම්බර් 11 ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබ`ද සිහි කිරීමේදී කිසිවිට එම ප‍්‍රහාරයේ දර්ශන ප‍්‍රදර්ශනය කිරීමෙන් වැලකී සිටීමට එම රාජ්‍යයන් කටයුතු කලද අප සුනාමි ඛේදවාචකය සිදුවී වසර 10කට ආසන්න වුවද අප තවමත් එම සිදුවීම් ප‍්‍රදර්ශනය කරමින් අතීතය ආවර්ජනය කරමින් සිටී. මෙවන් ප‍්‍රදර්ශන තුලින් ජනතාව නිශේධනාත්මක ආකල්ප වලට හුරු කරවන අතර රටක් ලබන ජයග‍්‍රහන ප‍්‍රදර්ශනය තුලින් ජනතාව ධනාත්මක ආකල්ප වලට හුරු වෙනු ඇත. ආකල්ප පහසුවෙන් වෙනස් කල නොහැක. එයට හේතුව ආකල්ප අධ්‍යාපනය, ජීවත් වන සමාජය තුලින්, දෙමාපියන්ගෙන් සහ ජානමය සාධක මත ගොඩනැගෙන නිසාය. සමාජයක් යහපත් ආකල්ප වලින් පරිපූර්ණ නොවනතාක් කොපමණ මුදල් ආයෝජනය කලද රටක් සංවර්ධනය කල නොහැක. ජනතාවට සුවපහසු යාන වාහන, මාග_ පද්ධති, සෞඛ්‍ය සේවා සැපයුවද ඒවා පවත්වා ගෙන යාම වෙනුවට ඒවා අනිසි අයුරින් භාවිතයට වැරදි ආකල්ප නිසා පොලඹවයි. රජයක් ජනතාවගේ සුභ සාධනය ස`දහා යොදවන රුපියල් බිලියන් ගණන ජනතාව වෙත පැමිනෙන විට සත ගණනට පත් වන්නේ මේ නිසාය. රජයක් තම ජනතාවගේ යහපැවැත්ම ස`දහා වෙන් කරනු ලබන යාන වාහන, මිළ මුදලින් තම පරිභෝජනය ස`දහා විශාල කොටසක් නිල බලය යොදවා වෙන් කර ගන්නේද මේ නිසාය.
එක්තරා දැනුවත් කිරීමේ දේශනයක් ස`දහා මා හට අවශ්‍ය සංඛ්‍යා ලේඛන ලබා ගැනීමට දින ගණනාවක් එක්තරා  දෙපාර්තමේත්තුවකට විද්්‍යුත් තැපැල්, දුරකතන ඇමතුම්ගණනාවක් දීමට සිදු විය. එහෙත් අවශ්‍ය කාරනය ඉටු නොවිය . එම විෂයබාර නිලධාරිනිය හැම විටම කාර්ය බහුල බවක් පෙන්වීය. භාෂා විලාසයේද නම්‍යශීලී බවක් නොවීය. මෙම වාර්තා රටේ කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් බවත්, ඒ ස`දහා ඇයට වෘත්තීමය වගකීමක් ඇති බවත් ඇය යැපෙන්නේ ජනතා බදු මුදලින් බවට ඇයට අවබෝධ වී තිබූ බවක් පෙණෙන්නට නොතිබුනි. පසුව සොයා බැලීමේදී පෙනී ගියේ එවැනි වාර්තා එම දෙපාර්තමේන්තුව සතුව නොමැති බවයි. නමුත් විවිධ උත්සව, ප‍්‍රදර්ශන ස`දහා  ඕනෑ තරම් කාලය සහ මිල මුදල් යාන වාහන එම දෙපාර්තමේන්තුව සතුව ඇත. මෙයට හේතුව  ඕනෑම රාජ්‍ය ආයතනයක් රටේ දැක්ම හා මෙහෙවරට අනුව තම අමාත්‍යාංශයේ හෝ දෙපාර්තමේන්තුවේ දැක්ම හා මෙහෙවර නිර්මානය කරයි. එම දැක්ම හා මෙහෙවරට අනුව ක‍්‍රියා කිරීමට අවශ්‍ය ආකල්පමය වෙනසක් ඇති නොකිරීම හෝ එයට නොපෙලඹීම තුල තම තමන්ගේ පෞද්ගලික දැක්මට අනුව ක‍්‍රියා කිරීමට ඔවුන් පෙලඹේ. එක් පුද්ගලයෙකුගේ වැරදි ආකල්ප නිසා සමහර විට රටකට වුවද ඉන් හානියක් සිදු විය හැක.

මේ තවත් උදාහරණයකි. අපචාර සම්බන්ධයෙන් 2012 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා ලැබී ඇති පැමිණිලි සංඛාව 9,446ක් බවත් ඒ අතරින් 1,361ක් ළමා අපයෝජන සම්බන්ධ පැමිනිලි බව ජාතික පුවත් පතක පලවී තිබුණි. එය 2011 වසරට සාපේක්ෂව 8%ක වර්ධනයකි. මෙයට පිළිතුරු දෙන වගකිව යුතු ආයතනය පෙන්වා දෙන්නේ එය වැඩිවීමක් නොවන අතර අපචාර පිලිබ`ද ජනතාව වැඩිපුර දැනුවත් කිරීම නිසා ඇතිවූ වාර්ථා වීමේ වැඩි වීමකි. වෙනත් අයුරකින් පැවසුවහොත් ලංකාවේ අපචාර වැඩිවීමක් සිදුවී නොමැති අතර මාධ්‍ය විසින් මෙම සිද්ධි අනාවරනය කිරීමේ වැඩි වීමක් ලෙස පෙන්වා දීමට උත්සාහ දරා ඇත. තමාට හිමිව ඇති රාජකාරිය හරි හැටි ඉටු නොකොට, සංඛ්‍යාලේඛන වලට විවිධ සාවද්‍ය අර්ථකතන දීමෙන් රටක අපචාර වර්ධනය වෙනස් කල නොහැක. මෙම අපචාර සත්‍ය වශයෙන්ම රටෙන් තුරන් කිරීමට නම් මෙම ප‍්‍රකාශකයින්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීම අවශ්‍ය වේ. මෙයට නිදසුනක් ලෙස පරාජය කල නොහැකි ලෝකයේ ප‍්‍රබලතම ත‍්‍රස්තවාදී සංවාධානය ලෙස නම් දරා සිටි දශක තුනක් තිස්සේ රටේ ආර්ථිකය විනාශ කරමින්, සිවිල් ජනතාව ඝාතනය කල එල්.ටී.ටී.ඊ. සංවිධානය වසර තුනක් වැනි කෙටි කලකින් ශ‍්‍රී ලංකා හමුදාව අතින් පරාජය වීමයි. එදා ජාත්‍යන්තරය පැතිරූ ආකල්පය වන පරාජය කල නොහැකි ලෝකයේ අංක එකේ ත‍්‍රස්තවාදී සංවිධානය යන සංකල්පය ශ‍්‍රී ලංකා හමුදාවන්ද පිලි ගත්තේ නම් මේ වන විටද යුද්ධය පැවතෙනු ඇත. එදා ජාත්‍යන්තරය පැවසූ ලොව ප‍්‍රබලතම ත‍්‍රස්තවාදී සංවිධාන එල්.ටී.ටී.ඊ සංවිධානය නම් එය පරාජය කල අප ශ‍්‍රී ලංකා හමුදාව අද ලොව අංක එකේ රාජ්‍ය හමුදාව බවට ජාත්‍යන්තරයද පිළිගත යුතුය. එවැනි ප‍්‍රකාශයන්ගෙන් තම රාජ්‍යයන්ට හිමිවන අවමානය නිසා ජයග‍්‍රහනයට සුභ පැතීම වෙනුවට ජයග‍්‍රහනයේ අභිමානය නැති කිරීමට වෙනත් ප‍්‍රකාශ, ක‍්‍රියා මාග_ ගැනීම සාමාන්‍ය ස්වභාවයයි. මෙය රටක, ජාතියක පැවැත්ම නොපැවැත්ම උදෙසා ඇති කරනු ලබන ආකල්ප වෙනසකි.
වෙනත් රටවල් ආකල්පමය වෙනසක් ඇති කරන්නේ තම රට හෝ ජාතිය ගොඩනගා ගැනීම වෙනුවෙනි. ඒ වෙනුවට රටේ ජාතියේ පැවැත්ම පසෙකලා තමාගේ පැවැත්ම උදෙසා යම් ප‍්‍රකාශ කිරීමෙන් රටේ ආකල්ප වෙනස් කිරීමට ගන්නා උත්සාහයන් අප රටේ දකින්නට ඇත. වගකිව යුතු නිලධාරියෙකු යම් ප‍්‍රකාශයක් කල විට එය විවිධ මාධ්‍යන් තුලින් ප‍්‍රසිද්ධියට පත්වේ. එම`ගින් එම කරුණු සිවිල් ජනතාව අතර සාකච්ඡුාවට හා විශ්වාසයට බ`දුන් වේ. එම වගකිව යුත්තා ප‍්‍රකාශයක් සිදුකල විට එහි සත්‍ය අසත්‍යතාවය මැන බැලීමකින් තොරව මාධ්‍ය ප‍්‍රසිද්ධිය ලබා ම සාමාන්‍ය  ස්වභාවයයි. එයට හේතුව මාධ්‍යය ඔහුගේ හෝ ඇයගේ වෘත්තීය ගරුත්වය කෙරෙහි තබන විශ්වාසයයි. එම විශ්වාසය බි`ද දැමෙන ප‍්‍රකාශ රටක අනාගතයට තර්ජනයකි. මෙවැන පුද්ගලයින් ස`දහා ආකල්පමය වෙනසක් ඇති කිරීම අත්‍යවශ්‍ය වේ. මක්නිසාදයත් ආකල්ප මැනීම ස`දහා (නිවැරදි*මිණුම් ක‍්‍රමයක් තවමත් සොයා ගෙන නොමැති නිසාත් ආකල්ප නිසා සිදුවන සමාජ අපගමනය එකවර සමාජයට නොපෙණෙන නිසාත්ය.
මෙම ආකල්ප වෙනස ඇති කිරීමට විවිධ ක‍්‍රම ඇත. ලංකාවේද විශාල පිරිවැයක් දරා කෑම බීම සහිතව සීත කල දේශන ශාලාවක ”ධනාත්මක චින්තන” ශැි ෂ ජ්බ ාද ”ආකල්ප වෙනසක් ඇති කිරීම” ”සිතුවිල්ලේ බලය” යන මැයෙන් කන්ඩායමක් රැුස්කොට පවත්වන එක් දින දේශන සම්ප‍්‍රදායක් ඇත. මෙයද මුලාවකි. එක් දිනකින් ආකල්පමය වෙනසක් කිරීමට නොහැක. කල හැක්කේ හ`දුන්වා දීමකි. මෙය නිවැරදිව කිරීම ස`දහා දින ගණනාවක වැඩ සටහනක් පසු විපරම්ද සහිතව යම්කිසි නිෂ්චිත කාල සීමාවක් තුල සිදු විය යුතුය. එසේ නොවන වැඩ සටහන් තුලින් ධනාත්මකව බල ගැන්වෙන්නේ වන්නේත් ආර්ථිකව ශක්තිමත් වන්නේද බොහෝවිට දේශකයාගේ පමණි. මෙවැනි ව්‍යාපාරික කන්ඩායම් ලංකාවේ අසරන ජනතතාව නොමග යවමින්  ජාවාරම් කරති.

තවත් ප‍්‍රවෘත්තියකින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදුවන ලිංගික අතවර පැමිණිලි වලින් වාර්තා වන්නේ සියයට දෙකක් බව ස`දහන් වේ. සෞඛ්‍ය සේවයේ එක් ස්ථානයක මළ පවාහන ටැංකියක උපත් පාලන කොපු 5000ක් පමණ මළ නාළිකාවක හිරවී ඉවත් කර ඇති බවට ඒ අතර ප‍්‍රවෘත්තියක් පල විය. දැනට ලිංගික අතවර පැමිණිලි වාර්තා වන්නේ සියයට දෙකක් නම්  ඉහත ස`දහන් ප‍්‍රකාශය වන ”ජනතාව දැනුවත් වීම ප‍්‍රමාණවත් නොමැති යුගයේ” සිදුවූ ලිංගික අතවර කොපනන දැයි අපට සිතා ගත හැක. එය එදා ජනගහනයට වඩා සිදු වී ඇත. මෙවැනි ප‍්‍රකාශ ජාතික අපරාධයකි.

එසේම නීතියේ ඇති යම් යම් දුර්වලතා නැති කිරීමට ඇප පනත සංශෝධනය කිරීමටත් නව යෝජනාද ඉදිරිපත් කොට ඇති බවත් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් නීතිය බලාත්මක කිරීම කඩිනමින් සකස් වේ යයි එම අධිකාරියේ සභාපතිනිය 2012 වසරේදී පවසා ඇත. එයද ධනාත්මත පිලිතුරකි. නමුත් 2013 වසරේදී හෝ මෙම ධනාත්මක ප‍්‍රකාශ යථාර්තයක් බවට පත්වී නැති නම් ඒ සිය`ඵ ප‍්‍රකාශ නිශේධනාත්මක වී ඇත. එසේම එම ප‍්‍රකාශ තුලින් රටට සිදුවූ යහපතක්ද නැත. මේ උනුසුම මැකී යාමට පෙර ගාල්ල අම්බලන්ගොඩ ජනප‍්‍රිය පාසලක ශිෂ්‍යභට පුහුණු භාර ගුරුවරයා එම පාලසේම පිරිමි දරුවන් 7 දෙනෙකු බරපතල අපයෝජනයකට ගොදුරු වූ බව දැනගැන්මට හැකි විය. එයද ජනතාව දැනුවත් කිරීම නිසා සිදුවූවක් බව මිස මීට පෙරද මෙවැනි තත්ව සිදු වන්නට ඇති මුත් සන්නිවේදන දුර්වලතාව නිසා ජනතාව දැනුවත් නොවී තිබෙන්නට ඇතැයි කෙනෙකුට පැවසිය හැක. තවද අතීතයේ සන්නිවේදන ක‍්‍රමයට සාප කරමින් නූතන සන්නිවේදනයේ ප‍්‍රබලත්වය පිළිබ`දව උදම් ඇනිය හැක. මේවා කොතරම් සාධාරණිය කරමින් සුදු හුනු ගෑවද ජාතියක පිරිහීමට වගකිව යුතු වැඩිහිටි පරම්පරාව තරුණ පරම්පරාවට දෙස් දෙවොල් නගමින් ඔවුනොවුන්ද නිර්දෝශී වී ඇත.
    2013  පෙබරවාරි මස ජා-ඇල ප‍්‍රදේශයේ 7 වන ශ්‍රේණියේ දරුවකු රූපවාහිනිය අ`ඵත්වැඩියා නොකිරීම නිසා ගෙල වැලලා සිය දිවි හානි කර ගත්හ. නාවල විශ්ව විද්‍යාලයේ නීති අංශ ප‍්‍රධානියකට ශිෂ්‍යයෙක් පිහියෙන් අනින්නේ ව්‍යාපෘති වාර්ථාවක බාර නොගැනීම නිසාය. ශිෂ්‍යයා වෛද්‍යවරයෙකි. අධ්‍යාපනයට බයවී විශ්ව විද්‍යාල සිසුවිය පස් මහලින් බිමට පනී. දුව සියදිවි හානි කරගත් විට අම්මා වාහනයකට පැන දිවි නසා ගනී. අතවර පැමිනිල්ලකට පොලීසියට පැමිනි කතකට පොලීසියේ 4 දෙනෙකුගෙන් අතවර. කුරුණෑගල දොස්තරගෙන් හෙදි සිසු වියට අතවර. දිසා විනිසුරු අල්ලස් ගෙන රිමාන්ඞ්.  දොස්තර  ඕනෑ එපා තැන් අතගාලා.  පොලිස් නිලධාරීන් 3දෙනෙක් යතුරු පැදියේ ගොස් මරුට. මේවාට සම්බන්ධ චරිත එදා වේල සොයා ගෙන කන නූගත් ජන කොට්ඨාශ නොවේ. එසේම සු`ඵ සිද්ධියකට උගතුන් පවා ඉච්ඡුාභංගත්වයට පත්වන්නේ නම් එය රටේ පවතින ක‍්‍රමයේ මොනයම් හෝ වරදකි. මේ වරදට පිළියම් සොයන්නේ කවුරුන්ද?

ඩිමෙන්ෂියා (Alzheimer’s Dementia) රෝගය 2025 දී

               ශ‍්‍රී ලංකාවේ ජනතාව අතර සීඝ‍්‍රයෙන් වැඩිවන එහෙත් ප‍්‍රමානවත් ජනතා අවධානය යොමු නොවූ මාතෘකාවක් කෙරෙහි අප අද අවධානය යොමු කරමු. මෙයට හේතුව නම් අ`ඵත්ම සමීක්ෂණ වාර්ථා වලට අනුව 2025 වසර වන විට ලංකාවේ වයස අවුරුදු  60ට වැඩි පුද්ගලයන්ගෙන් සියයට 21ක් මෙම ඩිමෙන්ෂියා රෝගයට ගොදුරු වන බවයි. එයට වඩා භයානක තත්වය නම් 2025 වසර වනවිට ශ‍්‍රී ලංකා ජනගහනයෙන් සියයට 25ක් වැඩිහිටියන් බවට පත්වන බව මෙම සමීක්ෂණ වාර්ථා වලින් පෙන්වා දීමයි. මෙම රෝගී තත්වය චිත්ත වික්ෂේපය සහ විභ‍්‍රාන්තිය (Alzheimer’s Dementia) ලෙස හ`දුන්වයි. මෙහි විශේෂිත තත්වය නම් රෝගය වයස්ගත වන විට පමණක් ඇති වීමයි. සාමාන්‍යයෙන් පුද්ගලයෙකු වයස්ගත වන විට මොලයේ ස්නායු ස්වභාවිකවම විනාශ වේ. එයට සාපේක්ෂව මොලයේ බර වයසත් සම`ග ක‍්‍රමයෙන් අඩු වේ. ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව ඇතිවන මේ රෝගී බව සමහර වැඩිහිටියන්ගේ මොලයේ ස්නායු සීඝ‍්‍ර වශයෙන් මියයාම නිසා මෙම රෝගයට ගොදුරු වීමේ ප‍්‍රවනතාවය වැඩි වේ. මෙම රෝගී තත්වයට හේතූන් ලෙස මොලයේ ස්නායු ෙසෙල වලට ප‍්‍රමානවත් රුධිරය නොලැබීම, රුධිර නාල අවහිර වීම යන කරුණු උපකල්පනය කෙරේ. දියවැඩියාව, කොලොස්ට්‍රෝල් වැඩි වීම, අධික රුධිර පීඩනය ඇත්තවුන් මේ ගැන වඩාත් සැලකිලිමත් විය යුතුය. ඊට අමතරව අධික මත්වතුර භාවිතය, දුම්බීම භාවිතා කරන්නන්ටද ඩිමෙන්ෂියා රෝගය වැලදීමේ අවදානම වැඩිය. තවද කායික රෝග වලට ප‍්‍රථිකාර නොකොට සිටීමද ඩිමෙන්ෂියා රෝගය වැලදීමට හේතුවක් විය හැක.
මෙම ඩිමෙන්ෂියා රෝගී තත්වය ගැන රෝගීයාට එතරම් අවබෝධයක් නොමැති වුවත් රෝගියා ල`ගින් ඇසුරු කරන්නන්ට මෙකී ලක්ෂන අනුව රෝගී තත්වය කලින්ම හ`දුනා ගැනීමට පු`ඵවන.
චිත්ත වික්ෂේපය සහ විභ‍්‍රාන්තිය  (Alzheimer’s Dementia)   
ප‍්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට වෙන් කල හැක.
Vascular Dementia මොලයට සපයන රුධිර වාහිනී අවහිරවීමෙන් මොලයේ කොටස් මියයාම, අවිදිවීමේ අපහසුතා, විශාදය වැනි ලක්ෂණ
Lewy Body Dementia - මාංශපේශි තදවීම, ඇවිදීමේ අපහසුතාවය, අනවශ්‍ය බිය හා පාකින්සන් රෝගී ලක්ෂණද දැකිය හැක.
Front Temporal Dementia - පෞරුෂයට වැඩි හානියක් සිදුවේ. මතකය පිළිබ`ද ගැට`ඵ වැඩිවේ.
    මුලදී නිදන කාලය අඩු වීම, තරහ යාම, බොරු කීමෙන් පටන් ගෙන මල මුත‍්‍රා නොදැනී පිට වීම වැනි ලක්ෂණ පවා ඇති විය හැක. මෙම රෝගය ස`දහා නිෂ්චිත ප‍්‍රථිකාරයක් නැතත් රෝගය යම් මට්ටමකට පාලනය කර ගැනීමට රෝගියා රැුකබලාගන්නන්ට කැප වීමක් කල හැක. ඒ ස`දහා රෝගියා කෙරෙහි වැඩි අවධානය යොමු කිරීම, අපහසුතාවයට පත්වන ලෙස ප‍්‍රශ්න නොඇසීම (රෝගියාගේ අමතකවීම විහි`ඵවකට ගෙන එම සිදුවීම් නැවත නැවත ඇසීම*, පිරිසිදුව සිටීමට උදව් කිරීම, අධ්‍යාත්මික කටයුතු වලට හවුල් කිරීමෙන් මේ තත්වය යම්තාක්දුරකට පාලනය කරගත හැක. මෙම රෝගී තත්වයේ විශේෂ ලක්ෂණය නම් අතීතයට වඩා වර්තමානය අමතක වීමයි. උදාහරණයක් ලෙස වසර තිහ හතලිහක සිදු වීමක් මතකයේ තිබුනද උදෑසන ගත් ආහාරය පිළිබ`දව මතකයත් නැත.

එමනිසා ඩිමෙන්ෂියා රෝගය ස`දහා ප‍්‍රථිකාර ස`දහා යොමු කරන්නන් විශේෂයෙන්ම අවබෝධ කරගතයුතු කරුණු කිහිපයක් ඇත.
මේ රෝගය සම්පූර්ණයෙන් සුව කිරීමේ හැකියාවක් නොමැති බව.
මේ ඩිමෙන්ෂියා රෝගය තමාටද වැඩිහිටි වියේදී ගොදුරු වීමට සිදු වුවොත් තමාද අත් විදින තත්වය (වසර 2025දී 21%කට මෙම රෝගයේ වැලදීමේ අවධානම*
රෝගී තත්වය නිසා නිවසින් කොන් කොට තැබීමෙන් තව තවත් රෝගී තත්වය උත්සන්න වීමෙන් රැුක බලා ගන්නන්ට පසු කාලීනව ඇතිවන අපහසුව  (විශේෂයෙන් ලංකාවේ විවාහ වන්නන් අතර වයස පරතරය වසර 5-10ක් පමණ වේ. එමනිසා ස්ත‍්‍රිය පුරුෂයාට වඩා වසර ගණනාවකින් වයසින් අඩුය. මෙකී තත්වයෙන් ස්ත‍්‍රී පාර්ශවය ඩිමෙන්ෂියා රෝගයට වැලදුන තම පුරුෂයා හාස්‍යයට භාජනය කරනු ලබන අවස්ථා බොහෝ විට දක්නට ඇත.*
මෙම චිත්ත වික්ෂේපය සහ විභ‍්‍රාන්තිය නොහොත් ඇල්සයිමර් ඩිමෙන්ෂියා රෝගය වැලදීමෙන් ආරක්ෂා වීමට නම් ඔබ සැලකිලිමත් විය යුතු කරුණු

  • සමබර ආහාර වේලක් නිශ්චිත වෙලාවට ගැනීම
  • අධික මානසික ආතතිය ඇති වන ක‍්‍රියාවන් වල නිරත නොවීම (මේ පිළිබ`දව දීර්ඝව අනෙකුත් කලාප වලින් විස්තර කොට ඇත.*
  • දුම්බීම මත්වතුර භාවිතයෙන් ඉවත් වීම
  • සෞන්දර්ය කෙරෙහි නැඹුරු වීම (සංගීතය රස වි`දීම / අධ්‍යාත්මික පොත්පත් කියවීම / මුහුදු වෙරලේ ඇවිදීම වැනි*
  • අතීතයට වෛර නොකරන්න. අතීතයේ සුන්දර අවධියන් මෙනෙහි කරන්න අන් අය හා කතා කරන්න.
  • සෑම දිනකම පවුලේ සිය`ඵ දෙනා සම`ග එකතු වී විනෝදයෙන් සතුටින් කාලය ගත කිරීමට කාලයක් වෙන් කර ගන්න.
  • වැඩිහිටිභාවයත් සම`ග ලබා ගත්තාවූ අත්දැකීම් සම්භාරයෙන් සමාජයීය කටයුතු වල නිරත වෙන්න.

Friday, July 26, 2013

මොලය සහ මනස හ`දුනා ගැනීම


මොලය සහ මනස ගැන වර්තමානයේ බහුලව කථාවට බ`දුන් වන මාතෘවක් වන අතර මෙය කිසිදා තර්ක විතර්කයෙන් හ`දුනා ගැනීමට නොහැකි වී ඇත්තේ මනස පරීක්ෂනාගාරයක් තුල හෝ වෙනයම් විද්‍යාත්මක ක‍්‍රමවේදයකින් සියයට සියයක් පෙන්වාදිය නොහැකි නිසාය. මනසක් ඇත යන්නට බටහිරින් ලැබෙන හො`දම නිදර්ශනය නම් මානසික වෛද්‍යවරු ලෙස වෛද්‍යවරු විශේෂයක් සිටීමයි. එසේම මොලය පිළිබ`දව සාකච්ඡුා කිරීමේදී මිනිස් මොලයක් පැහැදිලිව භෞතිකව දැකිය හැකි නිසා ආසන්න වශයෙන් බර ග්?ම් 1300-1400 පමණ බව කිව හැකිය. එසේම බිලියන 100ක පමණ ස්නායු ඇත. මොලයේ වම් පැත්තෙන් තාර්කික, විශ්ලේෂන, ගණිත ඥානය වැනි දේට උපකාර වන අතර දකුණු පැත්තෙන් සෞන්දර්යාත්මක, සහජ ඥාන, සංස්ලේෂන හා විෂයාත්මක වැනි දේ ස`දහා උපකාරී වේ. මෑත කාලයේ ලංකාවේ  එක්තරා රූපවාහානී නාලිකාවක මොලයේ වම් පැත්ත සෘන ලෙසත් එම පැත්තෙන් කටයුතු කිරීම අනවශ්‍ය, පුද්ගලයන්ට අහිතකර බවත් පවසනු ඇසින. එවැනි ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ ම`ගින් සාමාන්‍ය ජනතාවට සිදුවන හානිය පිළිබ`දව කිසිම ආකාරයක නිවැරදි කිරීමක් මේ වන තෙක් දක්නට නොලැබුණි. මිනිසාගේ මොලයේ වම් පෙදෙස ක‍්‍රියාත්මක නොවන්නේ නම් අද අපට ගණකාධිකාරීන්, නීතීඥයින් වැනි පුද්ගලයින් දැකිය නොහැකි වීමට ඉඩ තිබුණි.



 විශේෂයෙන් ශ‍්‍රී ලංකාව තුල බුදුදහම අදහන්නන් වැඩි වශයෙන් සිටිති. ඊට අමතරව හින්දු ආගම අදහන්නන්ද සිටිති. මීට අමතරව මෙකී ආගම් දෙකම මිශ‍්‍රව අදහන්නන් ද බොහෝය. එවැනි පසුබිමක  මනසේ ස්වභාවය පැහැදිලි කිරීමට උත්සාහ ගැනීම හා ඒ 
පිළිබ`දව නිෂ්ඵල සංවාද ඇති කිරීම හා ඒවාට සහභාගි වීම තරම් තවත් විහි`ඵවක් නැත. මොලය ගැන පත පොත හා විවිධ රූපමය සාධක අනුව උගෙන ගත හැක. එයට අවශ්‍ය වන්නේ භාෂාව සහ උගත්කමය. මනසෙහි ස්වභාවය හා ක‍්‍රියාකාරිත්වය ගැන උගැන්වීමට තව කෙනෙකුට නොහැකි වන අතර මූලික හ`දුන්වාදීමක් නැතිනම් කමටහනක් පමණක් තවත් කෙනෙකුට දිය හැක. එසේම අධ්‍යාත්මික ඥානය උපයෝගී කරගනිමින් ස්වයං අවබෝධය ලබා ගැනීමට නම් උසස් බුද්ධියක් අවශ්‍ය වේ. බුද්ධිය දියුණු කිරීම සමහර ආචාර්ය, මහාචාර්යවරුන්ටද අපහසු බව මෑත කාලයේ කෙරුණ ලබන සංවාද වලදී දක්නට හැකි විය. අද ලෝකයේ ශාරීරික අවයව මංකොල්ල කන පරිසරයක මනස පිහිටා ඇති ස්ථානය හෝ මනස ක‍්‍රියාත්මක වන ආකාරය දැනගැන්මට හැකි වුවහොත් ඇතිවන තත්වය කෙතරම් භයානක දැයි සිතීමට පවා නොහැක. එම නිසා මනස පිලිබ`ද  ගවේෂනය කරන්නන්ට කල යුතු එකම පිලියම අනුනට අභියෝග කිරීම වෙනුවට අධ්‍යාත්මික ප‍්‍රවේශයකින් මනසේ ක‍්‍රියානාරිත්වය අධ්‍යයනය කිරීමයි. එසේම තම බුද්ධිය මෙහෙයවා ලබා ගන්නා ප‍්‍රඥාමය දැනුම කිසි විටකත් මානව ප‍්‍රජාවේ පරිහානියට නොයොදවයි. මේ ස`දහා  විවිධ ක‍්‍රමශිල්ප  බුදු දහමේ හා හින්දු දහමේ පැහැදිලි කොට ඇත. අනෙකුත් ආගම් වලද මෙවැනි ක‍්‍රම නොතිබේ යයි ස්ථිරව කිව නොහැක.  නොපෙනෙන මනස පිළිබ`ද විද්‍යාවෙන් වාද කිරීමේදී උගතුන් සැලකිලිමත් විය යුත්තේ විද්‍යාව තවමත් අසම්පූර්ණව තිබීම නිසාය. උදාහරණයක් ලෙස මේ ලෝකයේ ගුරුත්වාකර්ෂන බලය මිනිසා සොයාගැනීමට පෙර සිටද තිබුණි. මානවයා මේ පිළිබ`දව දැනගත් විට එය නව සොයා ගැනීමක් ලෙස ප‍්‍රසිද්ධ විය. බුදුන්වහන්සේ වසර 2550කට පෙර ජීවීන් බිහිවන ආකාර සතරක් දේශණා කර ඇත. ඒ අණ්ඩජ, ජලාබුජ, සංසේචජ,  ඕපපාතික යනුවෙනි. නමුත් කලකට පෙර විද්‍යාවෙන් පිලිගෙන තිබුනේ මින් අණ්ඩජ සහ ජලාබුජ යන ක‍්‍රමවේද දෙක පමණි. පසුකාලීනව සංසේචජ ක‍්‍රමය විද්‍යාත්මකව සොයාගත් පසු එයද පිලිගැනීමට ලක්වුනි. ඉන් පෙනී යන්නේ විද්‍යාවවෙන් සොයා ගැනීමට පෙර විද්‍යාඥයින් ප‍්‍රතික්ෂේප කලද සංසේචජ ක‍්‍රමය කලින් පැවති බවයි. තවමත්  ඕපපාතික ජීවීන් විද්‍යාවෙන් සොයා නොගැනුනද අනාගතයේ දිනක එයද තහවුරු වනු ඇත. නමුත් නූතන විද්‍යාව සම්පූර්ණ වීමට තව බොහෝ කල් ගතවනු ඇත. විද්‍යඥයින් මෙම සොයා ගැනීම් තහවුරු කරනතෙක් බලා නොසිට මනසේ ක‍්‍රියාකාරිත්වය අවබෝධ කරගැනීමට ඔබටද පු`ඵවන. ඒ  ස`දහා කල යුත්තේ බුදුදහමට අනුව නම් පන්සිල් රැුකීමයි.  නමුත් මෙය ආරම්භයේදී එතරම් පහසු කාර්යක් නොවේ. මෙම පංච සීලය රැුකීමේදී සමාධිය ක‍්‍රමක් ක‍්‍රමයෙන් ගොඩ නැගෙනු ඇත. සමාධිය ගොඩනගා ගත් විට ප‍්‍රඥාව පහල වනු ඇත. එවිට අනෙක් විද්වතුන් සම`ග වාදයට නොයා තමනටම මනසේ ක‍්‍රියාකාරිත්වය, මනසේ විශ්මිත බලය දැක ගත හැකි වනු ඇත. නමුත් එවැනි බලයක් ශක්තියක් ලද පුද්ගලයකු වෙනත් අය සම`ග තර්ක විතර්ක වලට යොමු නොවී  සියල්ල දෙස අවබෝධයෙන් හා උපේක්ෂාවෙන් බලා සිටිනු ඇත.
(16/02/2013*


මානසික උපදේශකයන්ගේ අනාගත කාර්යභාරය


Thursday, July 18, 2013

මානසික රෝග සදහා ප‍්‍රථිකාර ලබා ගැනීමට පෙර සැලකිය විය යුතු කරුනු කීපයක්



මෑත කාලයේ ලංකාවේ මානසික රෝගීන්ගේ ප‍්‍රථිශතය ක‍්‍රම  ක‍්‍රමයෙන් ඉහල යෑමක් දක්නට ඇත. එයට විවිධ හේතූන් ඇතත් ඉන් ප‍්‍රධාන කොට පවතින තර`ගකාරී ජීවන රටාවද තදින්ම බලපාන බව ඔබ අප සිය`ඵ දෙනාම දන්නා කරුනකි. දියවැඩියාව, අම්ලපිත්ත වැනි රෝග වලටද මින් බලපෑමක් ඇතැයි කීවද, මෙම ජීවන රටාව විවේචනය කලද, සිය`ඵ දෙනාම එම රටාව තුලම සිට ඒ ගැන කථා කිරීමට සිදුවී ඇත. 2012 මැයි 13 ඉරිදා සංග‍්‍රහයක පලවූ ලිපියක් හා සම්බන්ධව මෙම ලිපියෙන් සාකච්ඡුා කෙරෙනුයේ පුද්ගලයෙකුට, එසේත් නොමැතිව තම පවුලේ හෝ තම හිතවතෙකුගේ මානසික අසහනයක් ඇතිවූ විට හදුනා ගැනීමට, විස`දා ගැනීමට ප‍්‍රවිශ්ඨ විය යුතු නිවැරදි මාර්ග පිළිබදව දැනුවත් කිරීමටය. 

මානසික රෝග වර්ධනයට සමගාමීව මානසික රෝග පිළිබදව සාකච්ඡුා කිරීමද ඒ සදහා ඇති ප‍්‍රථිකාර මධ්‍යස්ථාන, ප‍්‍රථිකාර ක‍්‍රම පිළිබදවද අද බොහෝ ශ‍්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය වානිජ මට්මටින් වැඩි අවධානයක් යොමු කර ඇත. මෙම කරුනු සැලකිල්ලට ගැනීමේදී මානසික වෛද්‍යවරයාට අවශ්‍ය දැනුම මානසික රෝගියාට ලබාදීමත්, සාමාන්‍ය ජනතාවට රෝග වලින් මිදීමේ මූලික සිද්ධාන්ත ඉදිරිපත් කිරීම වෙනුවට රෝග විශ්ලේෂනය කිරීමේ නිර්නායක පිළිබ`දවත් අවබෝධය ලබා දීම නිසා අද ශ‍්‍රී ලංකාව මානසික ඛේදවාචකයක් බවට පත්වී ඇත. 

ප‍්‍රථමයෙන් මානසික රෝග හදුනා ගැනීමට පෙර අප මානසික සෞඛ්‍යය කුමක්ද පිළිබදව අවබෝධයක් ලබාගත යුතුය. මානසික සෞඛ්‍ය යනුවෙන් අදහස් වන්නේ මානසික රෝගාබාධවලින් තොර වීමම පමණක්ම නොවේ. තමාගේ හැකියාවන් සක්‍යතාවන් තේරුම් ගනිමින්, එදිනෙදා ජීවිතයේ ඇතිවන අභියෝගයන්ට මුහුණ දෙමින්ද ඵලදායී ආකාරයට කටයුතු කළ හැකි, ඉන් තමා ජීවත් වන සමාජයටද දායකත්වයක් සපයමින් යහපත්ව ගතකරන අර්ථවත් ජීවන තත්වයකි. මෙම තත්වය තේරුම් නොගෙන සමාජගත වන පුද්ගලයන්ට බොහෝ දුරට මුහුණ පාන්නට ඇති වන දෙයකි මානසික රෝග.

මානසික රෝගයක් ඇති වීමට ජීව විද්‍යාත්මක, (ජාන උරුමයන්), සාමාජයීය, (ප‍්‍රමාණවත් මූලික අවශ්‍යතා, විරැුකියාව...), ආර්ථික, (දුගීකම...), අධ්‍යාත්මික (අන්ධ විශ්වාස...) යන කරුනු බෙහෙවින් බලපානු ඇත. බොහෝ විට මෙම කරුනු කිහිපයක සංයෝජනයකින් ඇතිවිය හැකි මානසික රෝග නිසා රෝග හදුනා ගැනීම මානසික වෛද්‍යවරයා හෝ මානසික උපදේශනවරයා විසින් ඉතා ප‍්‍රවේශමෙන් කල යුතුව ඇත.  ප‍්‍රථිකාර සදහා පැමිණෙන සේවාලාභීන්ට තමන්ගේ හැගීම් සහ චිත්ත වේග නිදහසේ ප‍්‍රකාශ කිරීමට අවශ්‍ය වන අතර සානුකම්පිත සවන් දීමක්ද ඔවුන් විසින් බලාපොරොත්තු වේ. එබැවින් සාමාන්‍ය කායික රෝගයකදීට වඩා මානසික රෝගයකදී වෛද්‍ය හෝ උපදේශනවරයා අවම වශයෙන් විනාඩි 20ත් විනාඩි 45ත් අතර කාලයක් රෝගියා සම`ග ගත කරන්නේ ඒ නිසාය. එසේම වෘත්තිකයා යම් පීඩාවකින් හෝ කලබලකාරී තත්වයක සිටී ඔහු වෙත යොමු නොවිය යුතුය. එසේ කීමට හේතුව තර`ගකාරී ජීවන රටාවක් හා අසංතෘප්ත අවශ්‍යතාවයන් රැුසක් පොදි බැ`දගත් යම් කිසි පිරිසක් නිසා අද මානසික රෝගීන් අපහසුවට පත් වූ අවස්ථාද ඇති නිසාය. මෑත දිනයක වෛද්‍ය උපකාර ස`දහා දරු ප‍්‍රසූතියෙන් පසු ඇතිවූ මානසික ගැටඵවකදී ගිය තම සේවාදායිකාවකට උග‍්‍ර විශාදී(Severe Depression) තත්වයේදී කෙරෙන ඊ.සී.ටී.(Electroconvulsive Therapy)  ප‍්‍රථිකාර සදහා දින හතරක් (දිනකට රු.6,000 බැගින් දින 4ට රු.24,000ක්) තම පෞද්ගලික රෝහල වෙත පැමිණෙන ලෙස වෛද්‍යවරයෙක් උපදෙස් දී තිබුණි. මෙයට හේතුව තමන්ගේ පෞද්ගලික වෛද්‍ය ආයතන වලට ලබාගත් උපකරන වලට යෙ¥ පිරිවැය ඉක්මනින් පියවා ගැනීමට අවශ්‍ය අනවශ්‍ය සැමට එම යන්ත‍්‍ර වල සේවය සැපයීමයි. මින් සිදුවන හානිය එක් අයෙකුට නොව අනාගතයේ බිහිවන පරම්පරාවක වුවද බලපෑ හැක. මෙම අවධානම් තත්වයෙන් මිදීම අවම කර ගැනීමට නම් හැකි සෑම අවස්ථාවකම රජයේ රෝහලක ඇති මානසික විශේෂඥ සායනයක් වෙත පිය නැගීම වැදගත්. එසේම සේවාලාභියාගේ භාරකරුවන් රෝගයට අවශ්‍ය ප‍්‍රථිකාර කිරීමේ සුදුසුකම් එම වෛද්‍යවරුන්ට තිබේදැයි විමසිලිමත් වීමද අවශ්‍යය. සාමාන්‍ය ෙවෛද්‍යවරයෙකුට රෝගය විනිෂ්චය කිරීමේ සාමාන්‍ය හැකියාවක් ඇති වුවත් ප‍්‍රථිකාර සදහා පළපුරුදු සුදුසුකම් ඇති මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කල යුතුය. එසේම යම් ආර්ථික අපහසුකම් ඇති අයෙකුට වුවද තමා පදිංචි බල ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානසික උපදේශකවරයෙකුගේ සේවාව නොමිලයේ ලබා ගත හැක.  මිලියන ගණන් ජනතා මුදල් වියදම් කරමින් විවිධ වැඩසටහන් සංවිධානය කරන, උත්සව පවත්වන ජන සමාජයට සේවාවන් සැපයිය යුතු රාජ්‍ය ආයතනද මෙම උපදේශන සේවාව පිළිබදව ජනතාව දැනුවත් කිරීම සදහා කටයුතු නොකිරීමෙන් මෙම සේවාවේ ප‍්‍රථිඵල ලබා ගන්නා ප‍්‍රමානය අද අවම මට්ටමක පවතී. එහෙත් එවැනි කරුනු මානසික රෝගයකදී ප‍්‍රථිකාර අවශ්‍ය වන්නාට නිදහසට කරුණු නොවන බැවින් මානසික පීඩාවට පත්වූවෙක් ඖෂධ ප‍්‍රථිකාර අවශ්‍ය වන තෙක් නොසිට අවශ්‍ය ප‍්‍රථිකාර සදහා නොපමාව යොමු විය යුතුය.

ඊට අමතරව තම රැකියාවට පරිබාහිරව වෘත්තීය නිපුනතාවයක් නොමැතිවූවන් මානසික රෝග පිළිබදව පූර්ව නිගමන වලට එලඹීමද සුදුසු නැත. පසුගිය දිනක සය හැවිරිදි දරුවකුට විසිතුන් හැවිරිදි තරුණියක් විසින් හිසට ගල්ගසා අමානුෂිකව මරා දමනු ලැබීය. එම අමානුෂීය මරනයට පෙර එක් අවස්ථාවක පොලිස් නිලධාරීන් තම රාජකාරිය නිසි ලෙස නොකොට එම තරුණියට මානසික ආබාධයක් ඇති බවත් ඉවසා සිටින ලෙසත් දරුවාගේ මවට පවසා ඇත (ලක්බිම 2012 මැයි 13 ඉරිදා සංග‍්‍රහය). මානසික රෝගයක් ඇති බවටත්, ඉවසා සිටිය යුතු බවටත් පොලීසිය තීරණය කලේ කුමන සාධක පදනම් කරගෙනද යන්න ගැටඵවකි. එවැනි උපදෙස් දීමේ අනිටු ප‍්‍රථිඵල භුක්ති වින්දේ අහිංසක දරුවෙකි. මෙම පුවතට ඔබ සංවේදී වන්නේ කනගාටුදායක ප‍්‍රවෘත්තියක් ලෙස මිස ඔබේ පවුලට සිදුවූ ඛේදවාචකයක් ලෙස නොවීමෙන් හෙට දින මිය ගිය දරුවාගේ පවුලේ උදවිය ඔබටත් රටටත් අමතක වනු ඇත. එයට හේතුව හෙටද අපට හද කම්පාවීමට කිනම් හෝ ප‍්‍රදේශයකින්  තවත් එවැනි ඛේදවාචකයක ප‍්‍රවෘත්තියක් අප වෙත සූදානම් වෙන බැවිනි. එහෙත් දිනකට මෙවැනි සිදුවීම් කොපමන සංඛ්‍යාවක් උපන් ගෙයිම වැළලී ඇත්ද? මානසික පීඩාවකින් පෙලෙන්නක් මෙවැනි ව්‍යවසනයක් ඇති කිරීමට පෙර පූර්ව අනතුරු ඇගවන අවස්ථා කොතෙකුත් දැකිය හැක. විශේෂයෙන් සියදිවි නසා ගන්නන් සහ මිනී මැරීමට පෙලඹෙන්නන් බොහෝ අවස්ථාවල ඒ පිළිබදව ඉගි පල කරති. මක් නිසාදයත් ඔවුන්ටද වෙනත් විකල්ප නොපෙනීම හා ආවේග පාලනය කර ගැනීමට නොහැකි වීම මත මිස සිය කමැත්තෙන් කරන්නට යන දෙයක් නොවෙන නිසාවෙනි. නමුත් එම අනතුරු ඇගවීම් හාස්‍යයට ලක් කිරීම, හෝ ගණන් නොගැනීම, ඒවාට පිලියම් නොයෙදීම නිසා අවසානයේදී ඒ අවාසනාවන්ත සිදුවීමට අවශ්‍ය මාර්ගය පෑදේ. මෙය නොසැලකිල්ල මිස කර්මඵල විපාක ලෙස හැදින්විය නොහැක.
තවත් අතකින් බැලූ කල සියදිවි නසා ගැනීමක් වාර්ථා කරනයේදී අනුකම්පාව දයාව වෑහෙන, එම සමාජ අසාධාරනයක් මත සිදු වූවක් ලෙසත් අතිශෝක්තියෙන් වර්ණනා කිරීම, දෘෂ්‍ය මාධ්‍යයන්ගෙන් එම සිදුවීම සංවේදනාත්මක රග දැක්වීම තුලින් සියදිවි නසා ගන්නන්ට ධනාත්මක  ප‍්‍රථියත්නයක් සැපයේ. මෙහිදී කල යුත්තේ අසල්වාසීන්, ඥාතීන්ගේ දුක් අෙදා්නා ප‍්‍රචාරය කිරීමට වඩා අභියෝගයන්ට මුුහුුණ දීමේදී ඇති වූ පෞරුෂ දුර්වලතාවයක් බව සහ එයට හේතුවූ මනෝ විද්‍යාත්මක පසුබිම  සමාජයේ ජීවත් වන්නන්ට විද්‍යාත්මක ඇසකින් පෙන්වා දෙන්නේ නම් අනාගත පරපුරට ඉන් ඉතා වැදගත් ආදර්ශයක් සැපයේවි.

තවද දැනට පවතින ආර්ථික හා සමාජ ක‍්‍රමය මත පුද්ගලයා අනුගමනය සහ අනුකරණයට පොළඹවා ගැනීම පහසුවේ. ඊට සමගාමීව මාධ්‍ය වාරනයන්ද, ජනතාවට විවේක බුද්ධියක්ද නොමැති කමෙන් විශ්ලේෂණාත්මක චින්තනය නැතිවී පිරිහෙන ජන සමාජයක් බිහි වෙමින් පවතිී. මේ සාකච්ඡුා කරන බහුතර ජන සමාජයට කම්කරු, රියදුරු, ලිපිකරු, දේශපාලකයින්, නීතීඥවරු, ගුරුවරු, වෛද්‍යවරු, පූජකවරු ඇතුඵ සියඵ දෙනාම එකාමෙන් ආත්මාර්ථකාමී ගමන්  මගක ගමන් කරන නිසාවෙන් තමන්ගේ ආරක්ෂාව පිළිබදව තමන්ම අවධානය යොමු කර ගැනීමට සිදු වී ඇත. 

අතීතයේ ජාතික වශයෙන් රටක් ගොඩ නැගීමට තම ජීවිතය කැප කල වෛද්‍ය සේනක බිබිලේ වැනි ශ්‍රේෂ්ඨ විරුවන් සිටියද, අනාගතයේ එවන් බිහි වීමක පෙරමග සලකුණු පහල වීමත් සමගම එය නිය පොත්තෙන්ම කඩා දමන දේශිය, විදේශීය හවුල් මාෆියාවන් ඇත. එක්දහස් නමසීය හැත්තෑව දශකයේ ශ‍්‍රී ලංකාවට දේශීය ඖෂධ ප‍්‍රථිපත්ථිය හදුන්වා දීමට ගිය වෛද්‍ය සේනක බිබිලේ මහතාගේ අද්භූත මරණය මීට හො`ද නිදසුනකි. අදද අවුරුදු තිහකටත් වඩාපැරණි එම දේශීය ඖෂධ ප‍්‍රථිපත්තියේ ඇති වැදගත් කම සහ වෛද්‍ය සේනක බිබිලේ මහතාගේ ගුණ වැයුමට පමණක් සීමාවී තිබීම සිහිපත් කරමි. ඉදිරියට තවත් අවුරුදු ගණනාවක් ගත වෙනතුරුද මෙම පූජෝපහාර මෙසේම පැවතේවි. ඒ සදහා රාජ්‍ය අනුග‍්‍රාහකයන්, ඖෂධ ගෙන්වන්නන්, නිෂ්පාදකයින්ගේද අනුග‍්‍රහය ලැබෙනු ඇත. එහෙත් දේශිය ඖෂධ ප‍්‍රථිපත්තිය ලංකාවේ ස්ථාපන කිරීමට උත්සාහ ගතහොත් මෙකී සංවිධාන විසින්ම එය වලකාලනු ඇත. වර්තමානය ගැන කතා කිරීමේදී අතීත සිදුවීම්ද වර්තමානයට වැදගත් බැවින් එවැනි කරුනු පිළිබදවද සුඵවෙන් හෝ දැනුවත් වීම වැදගත් වෙනු ඇත. 

නැවතත් මානසික රෝග දෙසට අවධානය යොමු කිරීමේදී කායික රෝගයකදී රෝගියෙකුට පමාවී හෝ තමාටම අවබෝධයෙන් ප‍්‍රථිකාර ගැනීමට හැකි වන අතර මානසික රෝගයන් උත්සන්න වීමේදී පුද්ගලයා ප‍්‍රකෘති සිහියෙන් මිදීම හේතුවෙන් රෝගයක් වැළදීමට පෙර ආරක්ෂා විය යුතුය. ඒ සදහා මානසික රෝග හා ගතයුතු ක‍්‍රියා මාර්ග පිළිබදව මූලික දැන ගැනීමක් අවශ්‍ය වේ.  

මානසික රෝග (Mental Illness) ඇතිවීමට ප‍්‍රධාන වශයෙන් බලපාන සාධක ලෙස විරැුකියාව, ආදායමට වඩා වියදම ඉහලයාම, රැුකියාවේ පීඩාකාරී ස්වභාවය, අධ්‍යාපනය ලබා ගැනීමට පහසුකම් නැතිවීම, මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වීම, ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය, ළමා අපයෝජනයද පෙන්වා දිය හැක. මුලදී ආතතියක්(Stress), මානසික අපහසුතාවයක් ලෙස දැනුනනද එය දරා සිටීමෙන් කාන්සාව  (Anxiety), විශාදය(Depression) වැනි තත්වයන්ටත් පරිවර්තනය විය හැක.  එම නිසා තමාට හෝ  තම පවුලේ අයෙකුට, ඥාතියෙක් හිතවතෙකුට එවැනි පීඩනයක්(Tension) කාලයක් දරා සිටින බව පෙනේ නම් ඉක්මනින් මානසික උපදේශකවරයෙකුට යොමු කිරීමෙන් ඖෂධ ප‍්‍රථිකාර වෙත යාමට පෙර ගැටඵව සරලව නිරාකරනය කරගත හැක. ඉන් ඖෂධ වලින් ඇති විය හැකි අතුරු ආබාධ වලින් මිදීමට හැකි වනු ඇත. බොහෝ රෝගීන් ඖෂධ භාවිතයට අනවශ්‍ය බියක් දක්වන අතර පවතින රෝගී තත්වයෙන් මිදීමට නම් වෛද්‍ය උපදෙස් නිවැරදි ආකාරයට පිළිපැදීමත් ඖෂධ නතර කිරීමද වෛද්‍යවරයාගේ උපදෙස් මතම සිදුකල යුතුය. සමහර රෝගීන් වෛද්‍යවරයා නිර්දේශිත කාලය ඉක්මවා බෙහෙත් ගැනීමෙන් හා මාත‍්‍රා වෙනස් කර භාවිතයෙන් අනවශ්‍ය ගැටඵ ඇති කර ගනී. 

මානසික රෝගයකදී රෝගී තත්වයට පත්වූ පුද්ගලයාට සේම ඔහුගේ පවුලේ, සමාජයේ ජීවත් වන්නන්ටද විවිධ අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවේ. මානසික රෝග වලට ක්ෂණික ප‍්‍රථිකාර කේෂ්ත‍්‍රයේ කොතැනකවත් නිර්දේශ වී නැත. එම නිසා සමහර රෝගීන්ගේ භාරකරුවන් ඉක්මන් සහනය ලබා ගැනීමට දේවාල, යාඥා, යන්ත‍්‍ර-මන්ත‍්‍ර, පුද පූජා සදහා යොමු වන්නේය. බලි තොවිල් වැනි සම්ප‍්‍රදායික ක‍්‍රම වලින් මානසික රෝග සුව කල නොහැකි යයි නිෂ්චිත වශයෙන් බැහැර කල නොහැකිය. අතීතයේ රාවණා යුගයේ පටන් තිබූ විවිධ පුද පූජා ක‍්‍රම ශිල්ප මගින් රෝග නිවාරනය කෙරුනු ලැබුවත් එදා පැවති එම සම්ප‍්‍රදායික ක‍්‍රම අභාවයට ගොස් සුදුසුකමක් හෝ රජයේ ලියාපදිංචියක් නොමැතිව බදු රහිතව ආදායම් ඉපයීමේ පහසු ස්වයං රැුකියාවක් ලෙස අද බොහෝ දෙනා දේවාල, යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් කිරීම නිසා මෙම ක‍්‍රම වෙත විශ්වාස තැබීම භයානකය. එහිදී ඇති වන භයානක අතුරු ප‍්‍රථිඵල ගැන කතා කිරීමට වෙනමම කාලයක් ගත කල යුතුය. 

සාමාන්‍යයෙන් මානසික රෝගයකට ලක්වූවෙක්ගේ ස්වභාවය හ`දුනා ගැනීමට උපකාරීවන කරුණු කීපයක් සලකා බලමු. 
x දෛනික කටයුතු අඩාල වීම  x අමුතු හැසිරීම්
x අධික ලෙස කේන්තියාම, දුක දැනීම, x සිය දිවි හානිකර ගැනීමට තැත් කිරීම              x නින්දයාම අඩුවීම, x හුදකලාව සිටීමට ඇති රුචිය
x අධික ලෙස කතා කිරීම x තනියෙන් සිනාසීම, තනියෙන් කතා කිරීම,     x අස්වාභාවිකව කටහඩවල් ඇසීම, කතා කිරීම x සැකය

එහෙත් මින් අවස්ථා කිහිපයක් තිබූ පමණින්ම යම් අයෙක් මානසික රෝගියෙකු බවට ස්ථිර වශයෙන්ම නිගමනය කල නොහැක. රෝග විනිෂ්චය ස`දහා විශේෂ පුහුණුවක් තිබිය යුතුය. එසේම තමන්ද ප‍්‍රථිකාර ස`දහා ප‍්‍රවේශ වන ආකාරය අනුව කඩිනමින් රෝගය සුව කරගැනීමට පහසු වෙයි. උදාහරනයක් ලෙස කාලයකට පෙර නියුරෝසීය වශයෙන් සැලකූ රෝගියෙක් ප‍්‍රථිකාර ස`දහා මානසික උපදේශනවරයෙකු වෙත යාම යහපත් වුවද, සයිකොසීය වශයෙන් හැ`දින්වෙන රෝගියෙකු සාමාන්‍යයෙන් යොමු විය යුත්තේ මානසික වෛදවරයෙකු වෙතය (මෙය සාමාන්‍ය සරලව විිග‍්‍රහයකි. මෙහිද වෙනස් වන අවස්ථා ඇත.) මෙහිද විවිධ. සමහර අවස්ථාවලදී නියුරෝසීය රෝගියෙකු වෛද්‍යවරයා වෙත යොමුවූ විට ඖෂධ රහිත සුව කිරීමක් කල හැකි වුවත් ඔහු එසේ නොකොට ඖෂධ ප‍්‍රථිකාර නිකුත් කිරීමට පුඵවන. සයිකොසීය රෝගියෙකු උපදේශනවරයෙකු වෙත යොමු වූ විට වෛද්‍ය ප‍්‍රථිකාර සදහා යොමු නොකොට උපදේශනය මගින් රෝගියා සුව කිරීමට උත්සාහ ගැනීමෙන් රෝගී තත්වය උත්සන්න විය හැක. බොහෝ අවස්ථා වල වෛද්‍යවරයා සහ උපදේශනවරයා සහ ප‍්‍රජාව එක්ව කෙරෙන ප‍්‍රථිකාර හා සේවාවන් වලින් රෝගියා ඉක්මණින් රෝගී බවින් මුදවා ගත හැකිය. නමුත් තමා වෙතට එන සේවාලාභියාට / රෝගියාට අවශ්‍ය ප‍්‍රථිකර්ම සදහා වෙනත් ප‍්‍රවීන අයෙකු වෙත යැවීමෙන් තමාට අවමානයක් හෝ අහිමි වන ආර්ථික වාසියන් නිසා එවැනි යොමු කිරීමක් සිදුවේ දැයි සැක සහිතයි. තවද බලි තොවිල්, යාග හෝම, ආගමික යාඥා වලින් සුවය ලබන්නට ගොස් වෛද්‍යවරයාටද නිට්ටාවට සුව කල හැකි රෝග ජීවිත කාලය පුරා ඖෂධ මගින් පාලනයකට පමණක් සීමා කෙරෙන අවස්ථාද ඇත.  මේ නිසා ඔබේ, ඔබේ සමීපතමයෙකුගේ මානසික ගැට`ඵවකට මැදිහත් වීමේදී ඉහත සදහන් කරුනු අවබෝධයෙන් සැලකිල්ලට ගෙන කටයුතු කරන්නේ නම් වඩාත් ප‍්‍රයෝජනවත් වේවි.                                                            (01/06/2012)
 

 

Monday, July 15, 2013

අභියෝගයක්ද? ප‍්‍රශ්ණයක්ද?




අද පවතින ජීවන රටාව හරි සංකීර්ණයි. මිනිස්සු හරිම ආත්මාර්ථකාමීයි. මෙහෙම අනන්තවත් කතා ටෙලි නාට්‍ය වල, චිත‍්‍රපටි වල, වේදිකාවල අහන්න දකින්න ලැබෙනවා. ඒ අතරට බණත් පැය 24 පුරාවට අඩුවක් නෑ. බණ කිව්වා කියල අපරාධ වල අඩුවකුත් නෑ. කියන බණ වල වැරැුද්දකුත් නෑ. හැම තැනම පන්සල්, පල්ලි, දේවස්තාන එතකොට මොකක්ද වෙලා තියෙන්නෙ සමාජයට. මේ සමාජ ක‍්‍රමය හරි නෑ කියලා අපිට මේ සංකීර්ණ ජීවන රටාවෙන් මිදෙන්න පු`ඵවන්ද? මේක ප‍්‍රශ්නයක් නම් උත්තරය බෑ. මේක අභියෝගයක් නම් උත්තරය පු`ඵවන්. එකම දෙයකට උත්තර දෙකක් තිබෙන්න පු`ඵවන්ද?    හො`දයි බලන්න පහල තියෙන පින්තූරය දිහා





මේ පළමු පින්තූරය දිහා බැලූවම එක්කෙනෙකුට වයසක කාන්තාවක් බිම බලාගෙන ඉන්නවා වගේ පෙනේවි. තවත් කෙනෙකුට තරුණ ගෑනු ළමයෙක් අහක බලා ගෙන ඉන්නවා වගේ පෙනේවි. දෙවන පින්තූරය දිහා බැලූවම සුදු කොටුවක් දැක්ක කියයි. එහෙම උනේ කෙහොමද? ඇත්තටම කොටුවක් එතන තිබුනද? නෑ අපි හිතින් කොටුවක් ඇ`ද ගත්තා. ගොඩක් වෙලාවට කව්රුත් අපිව අන්දන්නෙ නෑ. අපිම ඇ`දගන්නවා.
අද තියෙන්නෙ සෑම දෙයකම තර`ගකාරී ස්වභාවයක්. මේ තර`ගය නිසාම මිනිසා ශිෂ්ඨ සම්පන්න කරන්න බිහි වුන ආගම්ද අශිෂ්ඨ වෙලා. ඒ කාලෙ සේද චාරිකා කියල රජවරු අසල්වැසි රටවල් සම`ග තෑගි බෝග තම රටේ ශිල්පීය ඥානය සම`ග බෙදා හදා ගත්තෙ සත්භාවයෙන්. මෙන්න මේ සත්භාවය මානව වර්ගයාගෙන් ගිලිහී යාම තමයි අද ලොවටම බලපාල තියෙන්නෙ. මෙහෙම වෙන්න හේතුව තමයි අසීමිත පරිභෝජන රටාවකට මිනිසා පත් වීම. පත්වීමට වඩා පත් කිරීම තමයි නිවැරදි. ඇයි එහෙම වෙන්නෙ? අපි මුලින් කියපු ඇන්දිල්ල නිසා.  
මෙහෙම කියන්න හේතුව තමයි අපි තාක්ෂණය අතින් දියුණුයි කියලා හිතාගෙන හිටියට සුනාමිය රට ඇතුලට ඇවිල්ලා යන කොටයි දැනගත්තෙ. එතකොට 50,000ක් විතර මැරිලා. යාල පැත්තෙ හිටි නොදියුණු කියන සතා සීපාවො ටික කලින්ම රට මැදට ගියා අනතුරු ඇ`ගවුම් නළා තාක්ෂණය නැතිව. පහු ගිය දවස් වල මුහුදු ගිය පනහක් විතර මැරුණා කුනාටුවකින්. තාක්ෂණයට බැරි උනා ඒ අය බේර ගන්න. පස්සෙ මොකද උනේ වගකිව යුතු අය දෙපැත්තට වෙලා ඒ අයවම මරා ගන්න හැදුවා තමන්ගෙ නිදහසට. එහෙම බලනකොට දියුණු සතා සීපාවද? මිනිසාද?    
මා මුලින් ස`දහන් කල අසිමිත පරිභෝජන රටාවන් නිසා අද සියල්ල ඇගයීමට ලක් වෙන්නේ සංඛ්‍යාත්මක බවෙන් මිස ගුණාත්මක බවෙන් නොවේ. මේ නිසා ආගම් පවා අද තර`ගයක. පන්සල්, පල්ලි, දේවාල අධ්‍යාත්මික පූජනීය ස්ථාන නොවී සුපිරි මාලි`ගා බවට පත් වෙලා. 
මෙය නම්  වකුටු චින්තනයයි. (Crooke Thinking) මේ අතාත්වික අහේතුවාදි චින්තකයන් විසින් ගොඩනගන මිථ්‍යා මන්දිර වල ජීවත් වන්නන් ප‍්‍රතිපත්තියට වඩා ආමිසයට නැඹුරුයි. ආගම තුලින් නිදහස් චින්තනයට වැට බ`දී කියා කියමනක් ද ඇත්තේ මේ නිසා වෙන්න පු`ඵවන්. එහෙම නම් අපි මින් මිදෙන්නේ කොහොමද? මේක ප‍්‍රශ්නයක් නම් උත්තරේ ටිකක් අමාරු වේවි. මේක අභියෝගයක් කරගත්තොත් දන්නවනේ උත්තරේ පු`ඵවන් කියලා.
අපි  ඕනෑම අභියෝගයක් සාර්ථකව ජය ගන්න නම් ස්ව සංකල්පය පිළිබ`දව අවබෝධය වැදගත් වෙනවා. අපි ජීවිතයේ බොහෝ තීන්දු තීරණ ගන්නේ අප දකින ජීවත් වන සමාජයේ අවශ්‍යතාවයන් අනුව මිස සත්‍ය වශයෙන්ම අපගේ උවමනාවන් මතම නොවේ. අසල්වැසියා අ`ඵත් මෝටර් සයිකලයක් ගත්් විට මට හැෙ`ගන්නේ මගේ මෝටර් සයිකලය පරණ කියාය. යෙහෙලිය අ`ඵත් සෙරෙප්පු දෙකක් ගත් විට බිරි`දට පෙනෙන්නේ ඇයගේ සෙරෙප්පු දෙක දුර්වර්ණ වී ඇති බවයි. නිවසක් සෑදීමට යාමේදී තට්ටු දෙකේ නිවාසයක් ගොඩ නගන්නේ වටේ ඇති ගෙවල් තට්ටු දෙකේ නිසාය. මෙවැනි අන් අය සමවීම හෝ අභිබවා යාම ස`දහා ගන්නා උත්සාහයේදී නොදැනීම ඇතිවන ආර්ථික හා මානසික පීඩනය නිසා පුද්ගලයා නොදැනීම විවිධ රෝගාබාධ වලට ගොදුරු වේ. තම පමණ නොදැන කටයුතු කිරීම නිසා විශේෂයෙන් නිවාස සාදන්නන් අතර ම`ග ඉදිකිරීම් කටයුතු අඩාල වූ විට සිතන්නේ වාස්තු දෝෂ, නැත්නම් ග‍්‍රහ දෝෂ හෝ සතුරු බලෙවිග ක‍්‍රියාත්මක වීමක් ලෙසයි. මෙවැනි ආතතියක් කලක් දරා සිටින්නන් කාන්සාමය මානසික රෝග වලටද ගොදුරු විය හැක. මෙම තත්වයේදී අධික තෙහෙට්ටුව, හිසරදය, නින්ද නොයාම, කෑම අරුචිය, කොන්දෙ අමාරුව වැනි අපහසුතාවයන් ඇති විය හැක. මෙහිදී අනාවබෝධයෙන් මානසික වෛද්‍යවරයෙක් වෙත නොගොස් කායික වෛද්‍ය ප‍්‍රථිකාර ලබා සුවයක් නොලද විට දෙවනුව වාස්තුකරුවන්, ජ්‍යෙතිෂකරුවන් වෙත ගොස් තව තවත් නය වී බලි තොවිල් යාග හෝම ස`දහා මුදල් වැය කොට නොයෙකුත් අපහසුතාවයට පත්ව තිබෙන දේපලද විකුණා දමා අසරණභාවයට පත් වන්නේ තම ශක්තීන් හා සක්‍යතාවයන් හ`දුනා නොගත් පිරිස්ය. එසේනම්  ඕනෑම අභියෝගයක් ජයගැනීම ස`දහා අවශ්‍ය වන්නේ තමන් පිළිබ`දව ස්වයං අවබෝධය නැතිනම් ස්ව සංකල්පයයි. එවන්නවුන් තම වෘත්තීයේ, පෙළපතේ, නිල බලයේ ආධිපත්‍යට වඩා නිහතමානී හා සරල බවින් හා ආත්ම විශ්වාසයෙන් පිරිපුන්ව  ඕනෑම අභියෝගයක් කෙරෙහි යතාර්ථවාදීව සත්භාවයෙන් බැලීමට හැකිවනු ඇත. අප අසා ඇති එවන් චරිතයකි ජෙනරල් කොබ්බෑකඩුව මහතා. මෙවන් ශක්තීන් ඇති කරගත් පිරිස් අප කලින් සාකච්ඡුා කල සංකීර්ණ ජීවන ක‍්‍රමයෙන් හෝ අසීමිත පරිභෝජන රටාවෙන් රෝගී බවට පත් කල නොහැක. එසේනම් අභියෝග ජය ගැනීමට අවශ්‍ය ප‍්‍රධාන සාධකයක් ලෙස ස්වසංකල්පය පෙන්වා දිය හැක. (05/07/2013)    



Thursday, June 27, 2013

හෙට ගොඩනැගෙන ශ්‍රී ලංකාව



රා රජුගේ ගුප්ත විද්‍යාවත්, පරාක‍්‍රමබාහු නරේන්ද්‍රයාගේ සහලින් සවයංපෝෂිත ඉතිහාසයත්, එදා වැව් දාගැබ් ඉදිකල තාක්ෂනයත් සහිත වසර දහස් ගණනක ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කිවූ ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස විරුදාවලිය ලත් අතීතයේ පටන් වරින්වර කැරලි, යුධ, සටන් පාවාදීම් සිදුවුනද රොබට් නොක්ස් වර්ණනා කල උතුම් මිනිසුන් සිටි ශී‍්‍ර ලංකාද්වීපය අනාගතයේදී භෞතිකව දියුණුවලත් එහෙත් ලෝකයේ මිලෙච්ච වනචාරී සංස්කෘතියක් පවතින රටක් බවට පත් වෙමින් ඇත.
මෙයට වගකිව යුත්තෝ අතීතයේ විසූවන් නම් ඒ අයට සාප කල හැක. අනාගත පරපුර නම් ඒ අයට දෙස් දෙවොල් තැබිය හැක. මේ දෙපිරසම නොවේ නම් වගකිව යුත්තෝ වර්තමානයේ වෙසෙන්නෝ අපම විය යුතුය. අතීතයේ විසූ රට පාලනය කලවුන් තමාට හරියයි සිතෙන එදාට ගැලපුන ජනතාවගේ සමාජයීය, මානසික, කායික, ආර්ථික, දියුණුව උදෙසා ක‍්‍රියා මාර්ග ගත්හ. නමුත් එදා ගත් තීන්දු තීරණ සමහරක් අද සමාජයට අහිතකර වී තිබීම එකල විසූ වන්නේ චින්තනයේ දුර්වලතාවයක් හෝ නූතන සමාජයට නොගැලපීමක් විය හැක. එසේනම් කල යුත්තේ වැරදුන තැන් නිවැරදි කරගැනීමෙන් හා අනාගතයේ එවැනි වැරදීම් ඇති නොවීමට කටයුතු කිරීමයි. 
උදාහරණයක් ලෙස එස්.ඩබ්.ආර්.ඞී. බන්ඩාරණායක මැතිඳුන් පිරිවෙන් අධ්‍යාපනයට සීමා වූ ස`ග රුවන දැණුමින් තවත් සන්නද්ධ කර රටේ අධ්‍යාත්මික චිරස්ථිතිය වෙනුවෙන් කැප කිරීම ස`දහා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා දීමට කටයුතු කලේය. එදා ගත් ඒ තීරණය අද සංඝ සමාජයේ පිරිහීමට කොපමණ දායක වී ඇත්දැයි විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන හා ලැබූ භික්ෂුවගේ හැසිරීමෙන් දැක ගත හැකිය. තවද ජේ.ආර්. ජයවර්ධන මැතිඳුන් 1977 විවෘත ආර්ථිකය හ`දුන්වා දීමෙන් හෙල සංස්කෘතිය විනාශ වී ජනතාව මුදල් කියන්නාවූ සාධකය මතම සිතන්නට වීම තුල ජනතාවට බෝ නොවන රෝග (දියවැඩියාව, පිලිකා, අම්ලපිත්ත වැනි* ගණනාවකට හිමිකම ලැබීය. අද රට තුල දක්නට ලැබෙන්නේ ඇවිදින ෆාමසිය. සතුට නැත. සීමාව ඉක්මවා ගිය ආතතිය ඇත. 1977 සිට 2013 දක්වා වසර 36ක් තුල පැවතෙන විවෘත ආර්ථික ක‍්‍රමයෙන් සංස්කෘතිය, සභ්‍යත්වය, සහජීවනය වැනි ජාතියකට අවශ්‍ය මූලික ගුණාංග දුරු වී වෛරය, ක්‍රෝධය, වැනි අවිඥානගත (ID) සාධක ඉස්මතු වන්නේ නම් තව තවත් එම ආර්ථික රටාවෙන් රටකට, ජාතියකට පලක් නැත. එය එස්.ඩබ්.ආර්.ඞී. බන්ඩාරණායක මැති`දුන්ගේ මෙන් ජේ.ආර්. ජයවර්ධන මැති`දුන්ගේ ප‍්‍රශ්ණයක්ද නොවේ. දැන් එය අපේ ප‍්‍රශ්නයකි. මෙය විස`දා ගත යුත්තේද අප විසින්මය. කලෙක රෝහණ විජේවීරද, වේ`ඵපිල්ලේ ප‍්‍රභාකරන්ද රටේ සන්නද්ධ අරගලයකින් වෙනසක් කිරීමට උත්සාහ දැරීය. අද එයද අවසන්ය.  නමුත් මෙම අසාර්ථක ගමන් මාර්ගයේ ගමන් කල අතරමං වූ ජන කොටස් තවමත් වත්මන් සමාජයේ ඉතිරි වී ඇත. ඒ අයද රටේ පුරවැසියෝ වෙති. නමුන් දැන් රටේ යුද්ධයක් නැත. 
එබැවින් මෙම කාලය රටේ ඉතිහාසය ආවර්ජනය කර වැරදුන තැන් නිවැරදි කර ගැනීමටත් ලැබූ අත්දැකීම් තුලින් අත්වැරදීමක් වත් සිදු නොවීමට  සැලසුම් සම්පාදනය කල හැකි හො`දම කාලයයි. මේ කාලයේ තාවකාලික ලාභ අපේක්ෂවෙන් පටු අරමුණු මුදුන් පමුනුවා ගන්නට උත්සාහ ගතහොත් නැවතත් දෙවේල නොකා හෝ අද ගත කරන යුද්ධයෙන් තොර නිදහස් ජීවන රටාව අවසන් විය හැක. එසේ නම් මේ ස`දහා ගතයුතු පියවරවල් මොනවාදැයි බලමු.  ප‍්‍රථමයෙන් වසර 50කට පෙර පැවති රටේ තත්වය සලකා බැලිය යුතුය. වසර 50කට පෙර අනෙකුත් රට වලට සාපේක්ෂව රටක දල නිෂ්පාදන අගයට අනුව අප සිටින ස්ථානය කනගාටුදායකය. නූතනයේ දේශපාලනය කරන්නන්ගෙන් බහුතරය මැරයන්, ප‍්‍රසිද්ධ ¥ෂකයන් හා ¥ෂිතයන්ය. මේ ගැන ප‍්‍රකාශ කිරීමද කාලය කා දැමීමකි. අද එය දේශපාලනය ස`දහා සුදුසුකමකි. රාජ්‍ය සේවකයින් බහුතරය උදාසීන එලොවටත් නැති මෙලොවටත් නැති මන්දබුද්ධිකයෙකි. ඔවුන් රටට අසීමිත බරකි. එවන් වාතාවරනයක රාජ්‍ය සේවය ලක්ෂ 9 සිට 4 දක්වා අඩු කිරීමට නිර්දේශව තිබියදී ලක්ෂ 14 දක්ා වර්ධනය කිරීම අ¥රදර්ශී ක‍්‍රියාවකි. මෙම ආබාධිත රාජ්‍ය යාන්ත‍්‍රණය නඩත්තු කිරීමට පෞද්ගලික ව්‍යාපාරික ප‍්‍රජාව හා ජනතාව තලා පෙළා දස වධ දෙමින් රාජ්‍ය වහ`ඵන් බවට පත් කොට ඇත. එම ගන්නා බදු මුදලින් තව තවත් රාජ්‍ය සේවයට බ`දවා ගැනීමෙන් හා රාජ්‍ය සේවකයන්ට, වෛද්‍යවරුන්ට, දේශපාලන බලවතුන්ට වැඩි වරප‍්‍රසාද දීමෙන් වැඩි කලක් නොගොස් පෞද්ගලික අංශයද ක‍්‍රමක‍්‍රමයෙන් කඩා වැටෙනු ඇත. ජනතාව දරිද්‍රතාවයෙන් පෙළෙනු ඇත. පසුගිය කාලයේ උපාධිධාරීන් රජයේ සේවයේ පිහිටු වීමේදී පෞද්ගලික අංශයේ සේවය කල රුපියල් 25,000ක වැටුපක් ගත් අය පවා රජයේ අඩු වැටුපට රාජ්‍ය සේවයට එක්වූයේ විශාම වැටුප සහ දේශපාලනික වාසියට අනුව වරින් වර වැටුප් වැඩිකරන වාරයක් පාසාම පෞද්ගලික අංශයට බර වැඩි වීමත් හා රජයේ සේවයට සාපේක්ෂව පෞද්ගලික අංශයේ වැටුප් වැඩි නොවීම නිසාය. දැන් ඒ සිදුවීම හමාරය. ගිය හකුරට නාඩා දැන් කල යුත්තේ මෙම බ`දවාගත් සේවකයින් කුසීත රාජ්‍ය සේවකයන් හා මුහුන් නොකොට මොවුන්ගේ තරුණ ජවය රටේ සංවර්ධනට ගත හැකි ආකාරයට හැඩගැස්වීම ස`දහා පුහුණු කිරීමයි. මේ ස`දහා කෙසේ ප‍්‍රවේශ වන්නේදැයි සිතීම පවා බිය ගන්වන සු`ඵය. හේතුව රාජ්‍ය ආයතන වලට සභාපතිවරු පත්කරන්නේ දේශපාලන අධිකාරියයි. මෙම පත්වීම් වලදී උගතුන් පත් කිරීමට වඩා තම හිතෛෂිවන්තයන් පත් කිරීම  ඕනෑම රජයක සම්ප‍්‍රදායයි. එම සභාපතිවරුන් සනසවමින් තම පැවැත්ම උසස්වීම සකසා ගන්නා රාජ්‍ය සේවයේ ඉහල මට්ටමේ නිළධාරීන් මේ පුහුණු ස`දහා සුදුසු නැත. පරිපාලනයේ උසස් යයි හදුන්වන මේ නිළධාරීන් තුල ආදර්ශමත් හැසිරීමක් දැකීමට නැත. බොහෝ විට ඔවුන් තම රාජකාරි ආසනයේ නැත. සැමදා රැුස්වීම්ය. සම්මන්ත‍්‍රණය. විශේෂ පුහුණු ස`දහා පිටරට ගොසිනි. විශ‍්‍රාම ගැනීමට ආසන්නයේද පුහුණුය. ඔවුන්ගෙන් රටට සේවයක් නැත. රජයේ පරිපාලන නිළධාරීන්ට පුද්ගල සංවර්ධනය හෝ ආකල්ප වර්ධනය පිලිබ`දව දැනීමක් නැත.  විදේශ කා.කා.ස. පුහුණුවක් ලැබෙතොත් ඒ යන්නේත් ආයතන ප‍්‍රධාණියා හෝ ඔහුගේ හිතවතුන්ය. එම නිසා දෙවන පෙළ දක්ෂයන් බිහිවීමක් පුහුණු කිරීමක් නැත. ගෙවීමක් ලබා ගත හැකි දේශනයක් වෙතොත් ඒ ස`දහා ඉදිරිපත් වන්නේ මේ ආයතන ප‍්‍රධානීන්ය. එබැවින් අ`ඵතින් බ`දවා ගත් උපාධිධාරීන් පුහුණු කිරීමේ කුසලතාවය රජය තුල නැත.
මෙසේ කීමට එක හේතුවක් නම් රාජ්‍ය ආයතනයක  ඵලදායිතාව පිළිබ`ද වැඩ සටහනක න්‍යාය පත‍්‍රය දුටු නිසාය. පළමුව ආගම සිහි කිරීම දෙවනුව ඵලදායීතාව පිලිබ`ද හ`දුන්වාදීම තුන්වෙනුව කනා මුට්ටියට ගැහීමේ සිට දිවා ආහාරය සවස තේ පැන්.... ආදියෙන් සපිරි අවුරුදු උළෙලකි.   මෙය කියවීමේදී ඔබේ මුවගට සිනහවක් පහල වූවත් එය සත්‍ය සිදු වීමකි. එසේනම් මේ උපාධිධාරීන්ව පුහුණු කිරීමට පෞද්ගලික අංශයෙන් පුහුණුකරුවන් යොදා ගැනීමට සිදු වේ.එවිට ආයතන ප‍්‍රධානීන් රටේ ප‍්‍රසිද්ධ දේශක උපදේශකවරුන් යොදවා සම්මන්ත‍්‍රණ සැනකෙළි පවත්වා කොමිස් කුට්ටි ගිල ගනී. මෙයට නිදසුනක් ලෙස රටේ පැරණිතම මානසික උපදේශන වැඩසටහන් පවත්වන මහාචාර්යවරයෙක් රාජ්‍ය උසස් නිළධාරිණියකට උපදේශනය පිළිබ`ද MICP උපාධි සහතිකයක් පිරිනමා එම නිළධාරිණිය මාර්ගයෙන් රාජ්‍ය ආයතනයන්හි මානසික උපදේශකවරු පුහුණු කිරීමේ කොන්ත‍්‍රාත්තුව බාරගෙන ඇත. එම ලිපියට අනුව නීතිය ක‍්‍රියාත්මක කරන ආයනයන්හි ඉහල නිලධාරීන්ටද අල්ලස් වශයෙන් මෙම උපාධි පිරිනමා නීතිය ක‍්‍රියාත්මක වීම වලකන බව පැවසේ. මෙසේ රාජ්‍ය සේවයේ ඉහල නිළයන් ජනතා ද්‍රෝහී කටයුතු වල නිරත වෙද්දී ජනතාව පිහිට පතා යා යුත්තේ කොතනටද යන්න විමසිය යුත්තේ කාගෙන්ද?  
තවත් රජයට සම්බන්ධ ආයතනයක කථිකාචාර්ය වරයෙකු තම ආයතනයේ වැඩසටහන් නොපවත්වා පෞද්ගලික ව්‍යාපාරිකයන් හා එක්ව විශාල මිළ ගණන් වලට රජයේ ආයතන වලටම දේශන වැඩමු`ඵ පවත්වයි. ඉන් රටට, රජයට සිදුවන හානි ගණනාවකි. එනම් රජයට අනුබද්ධ කථිකාචාර්ය වරයා තම ආයතනය හරහා නොගොස් බාහිර වැඩමු`ඵ සංවිධානයෙන් රජයට ලැබිය යුතු මුදලක් අහිමි කිරීම, රජයේ ආයතනයකින්ම මුදල් ලබා ගැනීම නිසා රජයට විශාල මුදලක් වැය වීම සහ කථිකාචාර්යවරයාට රජයෙන් මාසික වැටුපක් ගෙවූවද ඒ ස`දහා එයට සාපේක්ෂව රජයට සේවයක් නොලැබීම යන කරුණුයි. මේ දේශකයන්ගේ දේශන මාතෘකාවන් වනුයේ ධනාත්මක චින්තනය, ආකල්ප වර්ධනය, සාර්ථක දිවියකට ම`ග, සිතුවිල්ලේ බලය වැනි ආකර්ශනීය තේමාවන්ය. එහෙත් මොවුන්ගෙන් දැනුම ලබන්නන්ද ආත්මාර්ථකාමීන් වීම මිස රට ජාතිය කෙරෙහි ඇල්මක් දක්වන්නෝ නොවෙති. පවතින තත්වය මෙසේය. කල යුත්තේ මෙයය.  රජයේ වැටුප් ලබන සේවකයෙක් වෙනත් ආයතනයක අදාල වෘත්තියේ කටයුතු වල යෙදීම තහනම් කල යුතුය. එවැන්නක් කෙරෙන්නේ නම් අදාල ආයතන ප‍්‍රධානියාගේ අවසරය මත ලබන්නාවූ දීමනාවෙන් ප‍්‍රථිශතයක් තම සේවා ස්ථානයට ගෙවිය යුතු වන්නේය. මෙම ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීමෙන් වෘත්තිකයන් තම සේවා ස්ථානයේම මෙවැනි වැඩසටහන් සංවිධානය කරණු ඇත. ඒ ස`දහා වැටුපට අමතර දීමනාවක්ද ඔහුටද හිමිවිය යුතුය.
සම්පත් අඩු සිංගප්පූරුව, ජපානය, මැලේසියාවට දියුණු වීමට හැකි වූවානම් දේශගුනය හා රන් කෙතක් වූ පොළොවක් ඇති අප ශ‍්‍රී ලංකාවට දියුණු කිරීමට කිසිදු බාධාවක් නැත. බාධාවක් වේ නම් ඒ මේ රටේ ජීවත්වන මිනිසුන්ගේ ආකල්පය. අනෙක වැඩ නොකරන්නන්ට නිදහස ඇති වැඩ කිරීමේදී බාධා ඇති කරන රාජ්‍ය චක‍්‍රලේඛණ හා රාජ්‍ය මුදල් රෙගුලාසිය.
මෙයින් මේ ලිපිය අවසන් කලහොත් සාමාන්‍ය විවේචනාත්මක ලිපියක් පමණක් වෙනු ඇත. මෙම පවතින තත්වයෙන් රට මුදවා ගැනීම ස`දහා පහත ස`දහන් යෝජනාවන් ඉදිරිපත් කරමි. මෙම ක‍්‍රමය තවත් සංවර්ධනය කොට දිවි නැගුම වැනි වැඩසටහන් ස`දහා ක‍්‍රියාත්මක වන්නේ නම් රටට ඵලදායී වනු ඇත.

මෙම ජාතික වැඩ සටහන් ස`දහා විද්වත් කමිටුවක් පත් කර ගැනීම.
පත්කරගන්නා විද්වත් කමිටුවට පාඩු ලබන රාජ්‍ය ආයතනයක් ඵලදායී කර පෙන්වීමට හැකි අය විය යුතුය. 
පත්කරගන්නා විද්වතුන් විසින් ඉදිරිපත් වී ඇති දේශකයන් පිළිබ`දව පසුගිය කාලයේ කරුණු ලැබූ වැඩසටහන් වල ගුණාත්මකභාවය මැනීම ස`දහා ස්වාධීන අධ්‍යන කමිටුවක් පත් කිරීම.
තෝරා ගැනීමේදී මොවුන් විසින් දෛනිකව කල ක‍්‍රියාකාරකම් විශ්ලේෂණය කල යුතුය. (මාගේ අත්දැකීම් වලට අනුව බොහෝ විද්වතුන්ට ලේකම්වරයෙක් සපයා ඇත. ලේකම්වරයා සිය`ඵ කටයුතු සංවිධානය කල පසු විද්වතා කරනුයේ දේශනයට සහභාගිවීම පමණය. ඔහුගේ අනෙකුත් කාලය වැය කර ඇත්තේ පෞද්ගලික කටයුතු ස`දහාය. ඔහුට එය තවත් දේශනයක් පමණි. ප‍්‍රථිඵලය අවශ්‍ය නැත. පසු ඇගයීමක් නැත. වැඩසටහනේ ප‍්‍රගතියක් නැත. රජයෙන් ගෙවීමක් ඇත. පෞද්ගලික අංශයේ මෙවැනි වැඩසටහනක ප‍්‍රගතිය මැනීමේ ක‍්‍රම රාශියක් ඇත. දෙවන වැඩසටහන ලැබෙන්නේ පළමු වැඩසටහනේ සාර්ථකත්වය මත පමණි.*
ඉන් නිර්දේශ වන විද්වතුන්ගෙන් තමන් කිරීමට අදහස් කරුණු ලැබූ ව්‍යාපෘතියේ වාර්තාවක් ලබා ගැනීම. වැඩ සටහන අවසානයේ ඇගයීමක් ලබා ගැනීම, ඇගයීම් අනුව දේශකයා සම`ග සාකච්ඡුා කර දෙවන වැඩසටහන සම්පාදනය කිරීම සිදු විය යුතුය.       (25/06/2013)


Thursday, June 20, 2013

පුද්ගල ආකල්ප, රැුකියාව සහ වෘත්තිය


  පසුගිය දිනක එක්තරා පුවත් පතක අපචාර සම්බන්ධයෙන් 2012 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා ලැබී ඇති පැමිණිලි සංඛාව 9,446ක් බවත් ඒ අතරින් 1,361ක් ළමා අපයෝජන සම්බන්ධ පැමිනිලි බව පලවී තිබුණි. එය 2011 වසරට සාපේක්ෂව 8%ක වර්ධනයකි. මෙයට  පිළිතුරු  දෙන  වගකිව   යුතු  ආයතනය   පෙන්වා දෙන්නේ එය වැඩිවීමක් නොවන අතර අපචාර පිලිබ`ද ජනතාව වැඩිපුර දැනුවත් කිරීම නිසා ඇතිවූ වාර්ථා  වීමේ වැඩි  වීමකි. වෙනත්  අයුරකින් පැවසුවහොත් ලංකාවේ අපචාර වැඩිවීමක් සිදුවී නොමැති අතර මාධ්‍ය විසින් මෙම සිද්ධි අනාවරණය කිරීමේ වැඩි වීමක් ලෙස පෙන්වා දීමට උත්සාහ දරා ඇත. සංඛ්‍යාලේඛන වලට විවිධ අර්ථකථන දීමෙන් රටක අපචාර වර්ධනය වෙනස් කල නොහැක. මෙම අපචාර සත්‍ය වශයෙන්ම රටෙන් තුරන් කිරීමට නම් මෙම ප‍්‍රකාශකයින් කරනුයේ රැුකියාවක්ද, වෘත්තියක්ද යන්නද ඔවුනට අවබෝධ කර දිය යුතුය. ළමා අපයෝජනය යනුවෙන් බොහෝ දෙනාගේ ආකල්පය වී ඇත්තේ ලිංගිකත්වය මත සිදුවන අපයෝජනයි. එහෙත් සැබෑ නිර්වචනය මෙසේය.

ළමා අපයෝජන යනුවෙන් අදහස් කරන්නේ ළමයාගේ සෞඛ්‍යයට සහ වර්ධනයට ඇත්ත වශයෙන්ම හානිකර හෝ හානි කරවීමට මග සලසන, ළමයාව වේදනාවට ලක් කරන ක‍්‍රියාවයන් කිරීමය. ළමයාගේ යහපත වෙනුවෙන් යම් තැනැත්තකු විසින් කල යුතු ව තිබූ යම් දෙයක් නොකර සිටීම මගින්ද ළමා අපයෝජනය සිදු විය හැක. 

මෙම අර්තකථනයට අනුව තම තමන්ද ළමා අපයෝජනයට වක‍්‍රව හෝ සම්බන්ධ වී ඇත්දැයි නැවතත් හෘද සාක්ෂියට අනුව සිතා බැලිය යුතුය. රැුකියාවක් කිරීම ඉතා පහසුය. රැුකියා කරන්නන් ජනතා මුදලින් නොමිලේ ලැබෙන අධ්‍යාපනයෙන් සිප් සතර හදාරා, නොමිලේ ලැබෙන විශ්ව විද්‍යාල අධ්‍යාපනයද ලබා විභාගය සමත් වීමෙන් පසු රජයට බලපෑම් කොට රජයේම රැුකියාවක් ලබා ෙ ගන ඉන් නොනැවතී රජයේ දේපල භුක්ති වි`දිමින් නිල නිවාස, බදු රහිත වාහන ලබමින් තවදුරටත් දේශීය, විදේශීය ශිෂ්‍යත්ව දැනුම ලබන අතරම ජනතාවට සේවය නොකොට තමන්ගේ සුභ සුභසිද්ධිය වෙනුවෙන් ඉඩක් ලදහොත් ලබාගත් අධ්‍යාපන සුදුසුකම් මත විදේශීය පුරවැසිකම් ලබා ආත්මාර්ථකාමීව කරන්නාවූ සේවයකි. මොවුන්ට ලාභ නොලබන මුදල් වියදම් කරන රැුකියාවන් වල පමණක් සේවය කල හැක. 
වෘත්තිය යනුවෙන් අදහස් වන්නේ ලබාගත් දැනුම නොනැවතී වැඩි දියුණු කරගනිමින් දැනුම පලපුරුද්ද අන් අයගේ සහ තමන්ගේ යහපත උදෙසා යොදවමින් විෂය දැනුම ප‍්‍රායෝගිව ජනතා යහපතට යොදවන සේවාවකි. සැමවිට ආයතන ප‍්‍රධානීන්ගේ සහ සේවාලාභීන්ගේද  පැසසුමට  ලක්වන  පි‍්‍රය මනාප   සේවාවකි. වෘත්තිකයා සැමවිට ගැටුම් ඇති නොකරයි. ඔහු ඇතිවන ගැට`ඵ ප‍්‍රශ්න ලෙස නොව අභියෝග ලෙස සලකයි.  ප‍්‍රශ්න වලට  පිලිතුරු  සෙවීම අවශ්‍ය වුවද අභියෝග ස`දහා අවශ්‍ය වන්නේ ජය ගැනීමය. 
මෙම රැුකියා කරන්නා සහ වෘත්තිය කරන්නා පහසුවෙන් හ`දුනාගත හැක. රැුකියා කරන්නා අනුන් පිට වරද පටවමින්, වැඩ කල් දමමින්, නීති රෙගුලාසි, චක‍්‍රලේඛන වලින් අදාල කාර්යය කිරීමට නොහැකි ආකාරය සොයයි. වෘත්තිකයා අවශ්‍ය කාර්යය සිදු කිරීමට ගත හැකි ක‍්‍රියා මාර්ග සොයයි. සුහදශීලී බවක් පෙන්වයි. මොවුන්ට ලාභ ලබන,නොලබන  ඕනෑම සේවයක් කල හැක.  පෞද්ගලික අංශයේ වෘත්තිකයන් ඉතා ඉක්මනින් ඉහල තනතුරු ස`දහා පියමන් කරයි. රැුකියා කරන්නන් කෙටි කලකින් තම රැුකියාව හැර යයි. එක්තරා ඇ`ග`ඵම් ආයතනයක කම්කරු සේවයට පැමිණි සේවකයෙකු කෙටි කලක් තුල වැඩ පරීක්ෂක තනතුර දක්වා උසස් වීම් ලැබී තිබූ අතර ආයතන ප‍්‍රධානියා පැවසුවේ ඊල`ග උසස්වීම ස`දහාද ඔහු ගේ නම නිර්දේශ වී ඇති බවයි. එකම රටක, එකම ප‍්‍රදේශයක, එකම පවුලක ඉපදුනද එක සිදුවීමකට විවිධ චර්යා හැසිරීම් රටා දක්වන්නේ පුද්ගලයින් විසින් ගොඩ නගාගත් ආකල්ප නිසාය. බුදුදහමට අනුව කර්මය විපාක දීමය. කර්මය සහ ආකල්ප ගොඩ නැගීම අතර සහසම්බන්ධතාවය පැහැදිලි කිරීම කෙටි ලිපියකින් කල නොහැක. 
කෙසේ වෙතත් රටක්, ජාතියක් දියුණු කිරීමට පුද්ගල සංවර්ධනය ස`දහා ආකල්පමය වෙනසක් ඇති කිරීමට ජාතික වැඩ පිළිවෙලක් අවශ්‍යය. මෑත ලංකා ඉතිහාසයේ  ආකල්පමය වෙනසක් ඇතිවීමෙන් සිදුවූ හො`දම නිදර්ශනය ත‍්‍රස්තවාය ජය ගැනීමයි. පරාජය කල නොහැකි ලෝකයේ ප‍්‍රබලතම ත‍්‍රස්තවාදී සංවාධානය ලෙස නම් කර තිබූ දශක තුනක් තිස්සේ රටේ ආර්ථිකය විනාශ කරමින්, සිවිල් ජනතාව ඝාතනය කල එල්.ටී.ටී.ඊ. සංවිධානය වසර තුනක් වැනි කෙටි කලකින් ශ‍්‍රී ලංකා හමුදාව අතින් පරාජය වීය. එදා ජාත්‍යන්තරය පැතිරූ ආකල්පය වන පරාජය කල නොහැකි ලෝකයේ අංක එකේ ත‍්‍රස්තවාදී සංවිධානය යන සංකල්පය ශ‍්‍රී ලංකා හමුදාවන්ද රටේ පාලකයන්ද පිළි ගත්තේ නම් මේ වන විටද යුද්ධය පැවතෙනු ඇත. එම ආකල්පය මත සටන් කිරීමේදී සිදු වන්නනේ පහරදීමේදී ආරක්ෂාවීම මිස  පසු පස හඹා ගොස් පහරදීම නොවේ.  එදා ජාත්‍යන්තරය පැවසූ ලොව ප‍්‍රබලතම ත‍්‍රස්තවාදී සංවිධාන එල්.ටී.ටී.ඊ සංවිධානය නම් එය පරාජය කල අප ශ‍්‍රී ලංකා හමුදාව අද ලොව අංක එකේ රාජ්‍ය හමුදාව බවට ජාත්‍යන්තරයද පිළිගත යුතුය. එවැනි ප‍්‍රකාශයන්ගෙන් තම රාජ්‍යයන්ට හිමිවන  අවමානය  නිසා  ජයග‍්‍රහනයට සුභ පැතීම වෙනුවට ජයග‍්‍රහනයේ අභිමානය නැති කිරීමට වෙනත් ප‍්‍රකාශ, ක‍්‍රියා මාග_ ගැනීම සාමාන්‍ය ස්වභාවයයි. එසේ කිරීමට හේතුව එම රටවල, අභිමානය නැතිවීම වැලැක්වීමයි.
වෙනත් රටවල් ආකල්පමය වෙනසක් ඇති කරන්නේ තම රට හෝ ජාතිය ගොඩනගා ගැනීම වෙනුවෙනි. ඒ වෙනුවට රටේ ජාතියේ පැවැත්ම පසෙකලා තමාගේ පැවැත්ම උදෙසා යම් ප‍්‍රකාශ කිරීමෙන් රටේ ආකල්ප වෙනස් කිරීමට ගන්නා උත්සාහයන් අප රටේ දකින්නට ඇත.  වගකිව  යුතු  නිලධාරියෙකු යම් ප‍්‍රකාශයක් කල විට එය විවිධ මාධ්‍යන් තුලින් ප‍්‍රසිද්ධියට පත්වේ. එම`ගින් එම කරුණු සිවිල් ජනතාව අතර සාකච්ඡුාවට හා විශ්වාසයට බ`දුන් වේ. එම වගකිව යුත්තා ප‍්‍රකාශයක් සිදුකල විට එහි සත්‍ය අසත්‍යතාවය මැන බැලීමකින් තොරව මාධ්‍ය ප‍්‍රසිද්ධිය ලබා දීම සාමාන්‍ය  ස්වභාවයයි. එයට හේතුව මාධ්‍යය ඔහුගේ හෝ ඇයගේ වෘත්තීය ගරුත්වය කෙරෙහි තබන විශ්වාසයයි. එම විශ්වාසය බි`ද දැමෙන ප‍්‍රකාශ රටක අනාගතයට තර්ජනයකි. මෙවැන පුද්ගලයින් ස`දහා ආකල්පමය වෙනසක් ඇති කිරීම අත්‍යවශ්‍ය වේ. මක්නිසාදයත් ආකල්ප මැනීම ස`දහා (නිවැරදි*මිණුම් ක‍්‍රමයක් තවමත් සොයා ගෙන නොමැති නිසාත් ආකල්ප නිසා සිදුවන සමාජ අපගමනය එකවර සමාජයට නොපෙණෙන නිසාත්ය. 
මෙම ආකල්ප වෙනස ඇති කිරීමට විවිධ ක‍්‍රම ඇත. ලංකාවේද විශාල පිරිවැයක් දරා කෑම බීම සහිතව සීත කල දේශන ශාලාවක ”ධනාත්මක චින්තන” ශැි ෂ ජ්බ ාද ”ආකල්ප වෙනසක් ඇති කිරීම” ”සිතුවිල්ලේ බලය” ”සාර්ථක දිවියට ම`ග” යන මැයෙන් කන්ඩායමක් රැුස්කොට පවත්වන එක් දින දේශන සම්ප‍්‍රදායක් ඇත. මෙයද මුලාවකි. එක් දිනකින් ආකල්පමය වෙනසක් කිරීමට නොහැක. කල හැක්කේ හ`දුන්වාදීමක් පමණකි. මේ ස`දහා දින ගණනාවක වැඩ සටහනක් පසු විපරම්ද සහිතව යම්කිසි නිශ්චිත කාල සීමාවක් තුල සිදු විය යුතුය. මෙම වැඩ සටහන් තුලින් ධනාත්මකව බල ගැන්වෙන්නේ වන්නේත් ආර්ථිකව ශක්තිමත් වන්නේද බොහෝවිට දේශකයා පමණි. මෙම දේශකයන් සතුව ඇත්තේ විදේශීය අනුකරණය කරන ලද පරිඝනක දර්ශනය. අප රටේ ජීවිතය සාර්ථක කරගත් චරිත ආදර්ශ නැත. බොහෝ දේශකයන් සතුව ඇත්තේ ආබාධිත වූ පුද්ගලයින් ජීවිතය ජයගත් දර්ශනය.
ආබාධිතවූ අයෙක් ජීවිතය ජය ගැනීම සහ ආබාධිත නොවන අයෙක් ජීවිතය ජය ගැනීමේදී ක‍්‍රියා කල යුතු ආකාර දෙකකි. ආබාධිත වූ පුද්ගලයා තම ආබාධිත තත්වය අභියෝගයට ගනිමින් ගොඩනැගීමේදී අබාධිත තත්වය පදනම් කොට ඔහු තම ජීවිතය ගොඩ ගනී. මෙවැනි ව්‍යාපාරික කන්ඩායම් ලංකාවේ අසරණ ජනතතාව නොමග යවමින්  ජාවාරම් කරති. මොවුන් ගේ මෙම දේශන ශෛලිය අනුකරණය කරන නවක දේශකවරුන්ද දැන් බිහිවෙමින් ඇත. මේ ස`දහා රාජ්‍ය මැදිහත් වීමෙන් මේ පිළිබ`ද ප‍්‍රවීනයන් තෝරා ඒ අතර සිටින රැුකියාවක් ලෙස කටයුතු කරන්නන් වෙන් කොට වෘත්තිකයන් තෝරා ගෙන ජාතික වැඩ පිළිවෙලක් සැකසීම කාලීන අවශ්‍යතාවයකි.   (26/05/2013)

Thursday, May 30, 2013

නිවන් සුව ලබන්නට ඉඩ දෙයිද ඉන්ද්‍රරතන හිමිට?


 ඉන්ද්‍රරතන හිමි වෙනුවෙන් හඩක් නගන්නට

 නොසිටි,උන්වහන්සේගේ අදහස් රටට

 හෙළිනොකළ මීඩියා,උන්වහන්සේගේ

 ජීවිතය බෙරා නොගෙන මළගම සජීවීව

 පෙන්වපු ස්වර්ණවාහිනිය, මළගම 

 මගුලක් කරගත් චන්ඩි පුජකවරු, තව

 කොටසක් හෙට දින උන්වහන්සේගේ නමින්

 බිහිකරගෙන ඉන්ද්‍රරතන පදනමක්. . . 

 මහජන චන්දයෙන් යාවි පාර්ලිමේන්තුවට

 හෙළ කරුමය වගේ.

 හදාවී පිළිම.... මවාවී දුක....

 ජිවනොපයක් කර ගනීවි දැවුණ ඉන්ද්‍රරතන

 දේහය. ගව ඝාතනය සිදුවේවි පෙර සේම.

 කොටසක් ගහවි මඩ. දළදා සමිදු අබියස දැවුණු

 තම ශරීරයට වඩා දැවෙමින් උන්වහන්සේ සෝම

 හිමි වෙත ගොහින් පවසනු ඇත මෙලෙසින.

 ,සසර අවබෝධ ලැබුවෙමි මිදුණු පසු

 දුර්ජනයන්ගෙන් මම ,

Sunday, April 21, 2013

බොදු බල සේනාව සහ හබන් කුකුලෝ



අප රටේ ගොඩ නැගෙන ජාතිවාදී ප‍්‍රශ්ණය තුල ලකුණු දාගන්නා දේශපාලන, ව්‍යාපාරික, ආගමික බංකොලොත් හබන් කුකුලන්ගේ වියරුවක් මේ දිනවල විවිධ මාධ්‍යයන්ගෙන් පෙනේ. මේ ප‍්‍රශ්නය ඇති වීම වර්තමානයට අහිතකර ලෙස පෙනුනත් එයට මුහුණ දීමේ වෙනත් ක‍්‍රමයක් තිබේද යන්න ගැට`ඵවකි. ඉවසීම සහ නෝන්ජල්කම් අතර ඇත්තේ සු`ඵ වෙනසකි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ත‍්‍රස්තවාදයට වසර ගණනාවක් සාකච්ඡුාවෙන් මෛත‍්‍රියෙන් විස`දුම් සෙවීමට ගිය සමහර දේශපාලන නායකයින්ට වන්දි ගෙවීමට සිදු වූයේ තම ජීවිත වලිනි. තවද සිංහල දෙමල විශාල ජන සංඛ්‍යාවක් මිය ගිය අතර තවත් විශාල සංඛ්‍යාවක් අවතැන් විය. තවත් එවැනි ජාති වාදී ව්‍යවසන ශ‍්‍රී ලංකාව තුල සිදු නොවිය යුතුය. අනන්තවත් අන්තවාදය නිසා මිය යන්නේ අසරණයින්ය. ත‍්‍රස්තවාදයට ත‍්‍රස්තවාදයෙන්ම පිළිතුරු දීම විනා සාම භාවනාවෙන් හෝ සාම පා ගමන් වලින් මෙවැනි ක‍්‍රියා නතර කල නොහැක. එක් යුගයක සාමය වෙනුවෙන් සිය`ඵ ජාතීන් එකතු වී කොළඹදී අත් වැල් අල්ලා ගෙන සාම ගී ගැයූ යුගයක්ද විය. ඉන් ප‍්‍රභාකරන්ගේ හිත උනු කිරීමට නොහැකි වූවා සේම එය සිංහල ජාතියේ නෝංජල් කමක් ලෙස සලකා ප‍්‍රභාකරන්ගේ තව තවත් කුරිරු ප‍්‍රහාර වැඩි විය. තවත් වරක සාම සාකච්ඡුා මුවාවෙන් ශ‍්‍රී ලංකා යුධ හමුදාවට පහර දෙන කොටින්ට ශ‍්‍රී ලංකා යුධ හමුදාව ලවාම ප‍්‍රභූ ආරක්ෂාව යටතේ විදේශ සංචාර ලබා දුනි. ගරු සත්කාර ලබා දුනි. ත‍්‍රස්ත නායකයින්ගේ දරුවන්ට රහසින් රටින් පිට වීමට විදේශ ගමන් බලපත‍්‍ර සාදා දුන්නේ මැති ඇමතිවරුය. ඔවුන් ඉල්ලන වර්ගයේ සුඛෝපභෝගී හෙලිකොප්ටර් ගමන් බිමන් ස`දහා ලබා දුන්නේද සාමය ලබා ගැනීමටය. කොළඹ වරායෙන් අධී සංඛ්‍යාත තාක්ෂණික උපකරණ විමර්ශනයකින් තොරව නිදහස් කෙරුනේද, කොටස් කෙරුනු හෙලිකොප්ටර්යානා ඇමතිවරුන්ගේ නමින් උතුරට යැවුනේද සාමයේ නාමයෙනි. මෙයට විරුද්ධ වන්නන් සාම විරෝධීන් ලෙස හංවඩු ගැසුනි. ඉන් ජාතිය තව තවත් හෑල්ලූ වුනා මිස ලැබුණ වෙන ඉටි ගෙඩියක් නැත. එසේනම් රහසිගතව ගොඩ නගමින් පවතින මුස්ලිම් අන්තවාදය කෙරෙහි කතා කිරීම අන්තවාදයක් වෙන්නේ කෙසේද? ලංකාව අවට තිබූ බෞද්ධ රටවල් අද මුස්ලිම් රටවල් බවට පත් වී ඇත්තේ වසර ගණනාවක සිට නිහ`ඩව සිදුවූ රහස් කුමන්ත‍්‍රන වල ප‍්‍රථිපලයකිනි. අත්ීතයේ බුදුදහම ව්‍යාප්ත වී තිබූ ඇෆ්ගනිස්ථානය අද ඉස්ලාම් රටකි. එහි තිබූ බාමියන් බුදු පිලිම ජාත්‍යන්තර විරෝධතා මැද ෂෙල් වෙඩි ගසා විනාශ කරද්දී හ`ඩක් නැගීමට එරට බෞද්ධයෝ නොවූහ. අද බංගලි දේශයේද මෙවැනි සංහාර සිදු වන අතර ශ‍්‍රී ලංකාවේද කූරගල, දීඝවාපිය වැනි බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරමින් පවතී. එසේනම් බොදු බල සේනා පිබිදීම අන්තවාදයක් වන්නේ කෙසේද? වසර ගණනාවක යුද්ධයක් පැවතියද උතුරේ ද්‍රවිඩ සන්නද්ධ සංවිධාන පුරා විද්‍යා වටිනාකම් ඇති ස්ථාන වලට හිතා මතාම පහර නොදුණි. එහෙත් අන්තවාදී මුස්ලිම් සංවිධාන ඓතිහාසික වටිනාකම් ඇති සිද්ධස්ථාන විනාශ කරන්නේ තම දේශපාලන බලයද උපයෝගී කරගෙනය. මෙයට මුස්ලිම් අන්තවාදීන්ට කත් අදින සිංහල සහ සිංහලයින් ලෙස පෙනී සිටින මුස්ලිම්වරුන්ද, යෝනක මුදලින් යැපෙන විවිධ ජාතිකයෝ රැුසක්ද සිටිති. ඊට අමතරව සර්ව ආගමික කියන්නා වූ එන්.ජී. ඕ. නිකායක්ද බෞද්ධයාට නිගා කරති.
එසේ කීමට හේතුව නම් වසර ගණනාවක සිට අන්තවාදී ක‍්‍රිස්තියානි, මුස්ලිම් ආගමික සංවිධාන ම`ගිින් පෝෂණය වෙමින් බුදුදහම විනාශ කරන්නන් කෙරෙහි උපේක්ෂාවෙන් බලන ලෙස බණ දෙසූ ආගමික, දේශපාලන හා මාධ්‍ය වන්දිභට්ඨයන් කවුරුන්ද යන්න මෙම උන්මාදයත් සම`ග එලිවීමයි. වාස්තු විද්‍යාකරුවන් ලෙසින් පැමිණෙන ඇම්බැට්ටයින් පිරිසක් වසර දහස් ගණනක් බෞද්ධ ගෙවල් තුල තිබූ බුදු පිලිම ගෙයින් පිට තබා වන්දනා කරන ලෙස පවසයි. සෙංසුයි කියමින් ව්‍යාපාරික ස්ථාන වලට විශාල බඩක් ඇති රුවක් තබා එයට මුදල් දැමීමටත් විවිධ වතාවත් කිරීමටත් පොලඹවයි. භික්ෂු වෙස්ගත් චීවරධාරීන් බුදු දහමේ නැති විවිධ පුද පූජා පවත්වමින් මුදල් උපයයි. කිසිදා අසා නැති සුද්ධෝදන මහාමාහා පෙරහරවල් පවත්වයි. පංච ශීලය නොරැුක පහසුවෙන් නිවන් යාමට බොහෝ මිත්‍යා දෘෂ්ඨික උපාසක උපාසිකාවන් මේ ස`දහා රුපියල් ලක්ෂ ගණනින් දායක වෙති. අනුග‍්‍රාහක ඵලකයේ දුන් මුදල සහ නම ස`දහන් වීම එලොවට කෙසේ වෙතත් මෙලොවට නම් උතුම්ය. එයට අනුව භික්ෂුවද නවීන බණ නිර්මානය කරති. පිරිත රී-මික්ස් කරති. තවද ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙල, උසස් පෙළ බෝධි පූජා පවත්වයි. විභාගයට ගෙනයන පෑන් පැන්සල් ආශිර්වාද කිරීම සදහා බෝ ම`ඵවේ තැබීම කිනම් බුදු දහමක්ද? මෙයද අනෙකුත් අන්තවාදී ආගමික සංවිධාන වලට ප‍්‍රබල පිටු වහලකි. තව පැත්තකින් ජීවත්වන්නට නොහැකිව සහ රෝගීව සිටින්නන් සොයා ගෙයින් ගෙට යන ෆාස්ටර්වරු රැුලකි. බොදු බල සේනාවේ අවධානය මේ ස`දහාද යොමු විය යුතුය. ලංකාවේ ප‍්‍රධාන ආගම් අතර පරස්පරතා තිබුනද අතීතයේ ශ‍්‍රී ලංකාවේ සිය`ඵම ජන කොටස් සමගියෙන් ජීවත් විය. ඇ`දුම් පැලදුමෙන් එපමන වෙනසක් නොවීය. අප ලමා කාලයේ තිබූ එම සංස්කෘතිය අපටද නොදැනී වෙනස් කර ඇත. එදා මුස්ලිම් ජාතිකයා ඇන්දෙ පැලැන්දේ ලංකාවට ගැලපෙන ඇ`දුමකි. අද එය අරාබි ඇ`දුම දක්වා වෙනස් වී ඇත. එදා මුස්ලිම් කාන්තාව ඇ`දි ඇ`දුම අද ක`ඵ ලෝගුවකට සීමා වී ඇත. මෙසේ එක රටක ජීවත් වන එක ජන කොට්ඨාශයක් කිසිදු හේතුවකින් තොරව වෙනත් රටවල ඇ`දුම් පරිහරනය කිරීමම ජාතීන් අතර වෙන් වීමකට තුඩු දීමට ප‍්‍රධාන හේතුවකි. එකම ආහාර පරිභෝජනය කල සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට අද වෙනම හලාල් සහතිකයක්. කාලාන්තරයක් තිස්සේ මෙවැනි ක‍්‍රමානුකූල කුමන්ත‍්‍රන නිසාත්, ශ‍්‍රී ලංකාව අවට රට වලට සිදුවූ බෞද්ධ සංහාරය නිසාත් බෞද්ධයන් වෙනුවෙන් හ`ඩක් නැගීම සමහර බොදු විරෝධී අන්‍යාගමිකයන්ට මෙන්ම බුදුදහම ව්‍යාපාරයක් කරගත් අයටද දරුණු අතුල් පහරක් වී ඇත. එම නිසා මොවුන් සොයාගත් නවතම සොයා ගැනීම මුහුණුපොත නම් වූ ෆේස් බුක් අඩවියයි. ආගමික අසමගිය වැපිරීමට හො`දම භූමිය තරුණ මනසයි. අද තරුණ තරුණියන් අතර වඩාත් ජනප‍්‍රිය සන්නිවේදන ජාලය වන මෙය කයෙන් සවිමත් නමුත් මනසින් සවිමත් වෙමින් පවතින තරුණ ජවය තම සිතැ`ගි පරිදි බා ගත හැකි හොදම වේදිකාව වන මේ ෆේස් බුක් හරහා අද තරුන සිත් ¥ෂ්‍ය කරන ආගමික විෂබීජ ව්‍යාප්ත කර ඇත.
එම නිසා ෆේස් බුක් හරහා දරුණු ලෙස ආගමික කුපිත කිරීම් සිදු වේ. සමහර කොටස් මුස්ලිම් ජාතිකයන් ලෙස පෙනී සිටිමින්් බෞද්ධයන්ටද, බෞද්ධයන් ලෙස මුස්ලිම් ජාතියටද, අසභ්‍ය ලෙස පරිභව කරයි. මෙයට සිංහල මුස්ලිම්වරුන්ගේම ක‍්‍රියාවක්ද නැතහොත් වෙනත් බලවේගයක් විසින් සිංහල මුස්ලිම් විරසකයක් ඇති කිරීමේ කුමන්ත‍්‍රනයක්ද විය හැකිය. ෆේස් බුක් වලින් සටන් කර ලබා ගත හැකි විස`දුමක් නැත. ඉන් ජාතීන් අතර වෛරය, ක්‍රෝධය වැපිරවීමක් වේ. තවත් සමහරු ශ‍්‍රී ලංකාව වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කල දිවි පි¥ නිසාම් මුතාලිෆ්, ෆස්ලි ලාෆීර් වැනි විරුවන්ගේ නම් ඈදා ගනිමින් රටට වින කරන මුස්ලිම්වරු නිර්දෝෂී කිරීමට උත්සාහ දරයි. එය මුතාලිෆ්, ලාෆීර් විරුවන් කල කෘතහස්ත සේවාවට කරන නිගාවකි. ෆේස් බුක් හරහා ආගමකට ජාතියකට වෛරය හෝ හාස්‍යය පතුරුවන ආකාරයේ පණිවිඩයක් යැවීම හෝ එය බෙදා ගන්නේ කවුරුද ඒ සියල්ලම ජාති වාදී උන්මත්තකයෝය. කොන්ද පන නැති බිය ගුල්ලෝ වෙති.
මෙම බොදුබල සේනා ක‍්‍රියාකාරිත්වයේ ආරම්භයත් සම`ග සුපුරුදු තර්ජනයෙන් මෙය යටපත් කිරීමට මුස්ලිම් දේශපාලකයන් පෙරමුණ ගත් අතර අසාත් සාලි මන්ත‍්‍රීවරයා විසින් ආන්ඩුවට පාඩම් උගන්වන්නට ගොස් බංකොලොත් වූ තම දේශපාලන ස්ථාවරත්වය යලි ගොඩනගා ගැනීම ස`දහා මුස්ලිම් ජනතාව අවි ආයුධ අතට ගැනීමට ඉඩ නොතබන ලෙස සිංහල ජනතාවට තර්ජනයක්ද මාධ්‍ය තුලින් කෙරීය. (නමුත් උලමාවරුන්ගේ සංවිධානය ගැටුමට යහපත් ප‍්‍රථිචාර දක්වමින් තම හලාල් සහතිකය ඉවත් කර ගනු ලැබීය. මෙය කුමන දෘෂ්ඨි කෝනයකින් විග‍්‍රහ කෙරුනද සිදුවූයේ යහපත් ක‍්‍රියාවකි.* නමුත් අසාත්සාලි මන්ත‍්‍රී වරයා පෙන්වා දීමට උත්සාහ කලේ මුස්ලිම් අන්තවාදීන්ගේ ක‍්‍රියාවන්ට හිස පහත් නොකොට විරුද්ධ වීමෙන් මහා විනාශයක් සිංහල බෞද්ධ ජනතාවට සිදුවිය හැකි බවකි. මෙවැන්ම කියමනක් එල්.ටී.ටී.ඊ සංවිධානයේ බලය විනාශ වෙමින් පන අදින අවස්ථාවේ තමිල් සෙල්වම්ද කලේය. කිලිනොච්චියට පහර දුනහොත් එය රජයේ හමුදාවට අමතක නොවන පාඩමක් උගන්වන බව කීය. වාසනාවකට එයට නොසැ`ඵන රටේ ජනාධිපතිතුමා, ආරක්ෂක ලේකම්තුමා සහ යුධ හමුදාපතිතුමා කල මානුෂීය මෙහෙයුමේ ප‍්‍රථිපලය අද සිය`ඵදෙනාටම දැක ගත හැක.
මෙවැනි ප‍්‍රකාශ කරමින් තමන් ජීවත් වන රටේ ජාතියකට ආගමකට හෙන ගැහුවත් සමහර මාධ්‍ය මාෆියාවන් මෙවැනි ජාතිවාදය ආගම්වාදය ඇවිස්සෙන මාතෘකා යටතේ සංවාද ඇති කරමින් පොර කුකුලන් මෙන් ජාතීන් කෙටවීමෙන් ලබන්නේ පුදුමාකාර ආස්වාදයකි. මෙම බොදු බල සේනා රැුල්ල උපන්ගෙයි තුල දීම මරා දමන්නට උත්සාහ කල විවේචනය කල ආගමික, දේශපාලන, මාධ්‍ය මාෆියාවන් යම් හෙයකින් පසුබෑම බොදු බල සේනාවේ එක් ජයග‍්‍රහනයකි. නමුත් මෙය විජයග‍්‍රහණයක් ලෙස ඔවුන්ද නොතැකිය යුතුය. වරක බොදු බල සේනාව බුදු දහමට පටහැනි බවටද, තවත් වරක බොදු බල සේනාවට සම්බන්ධ භික්ෂූන්ගේ අතීත ක‍්‍රියා සම්බන්ධ කර ෆේස් බුක් හරහා මඩ ගසති. එය එසේනම් අංගුලිමාලටද මහරහතන්වහන්සේ නමක් වීමද නොහැක. භික්ෂුන්වහන්සේලාගේ ඡුායාරූප විකෘති කර දමති. මෙම විකෘති කරන ඡුායාරූප අන්තර් ජාලයේ පලකරන්නෝද බෙදාහරින්නෝද ජාති ද්‍රෝහීන් බව මතක තබා ගත යුතුය. බුදු දහමට නිගා කරන ක‍්‍රියා බෞද්ධයෙකු විසින් පෙන්වාදීම අන්තවාදයක් ලෙස හුවා දැක්වීම සමහර සිංහලයන්ටද ප‍්‍රිය ජනකවීම කනගාටුවකි. මෙයට වාමාංශිකයෝද, අන්තවාදී කතෝලිකයෝද පෙර ස`දහන් හබන් කුකුලන්ගේ ගොඬේ ර`ග දැක්වීම ප‍්‍රසිද්ධ රහසකි. බොදු බල සේනා ක‍්‍රියාකාරිත්වයත් සම`ග තම දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට වෙර දරන්නෙක් පසු ගිය දිනක බුදුන් වහන්සේ ලංකාවට වැඩම කොට නැති බව පවසයි. මෙය බෞද්ධ රටක් නොවන බවට ඉ`ගි දක්වයි. ප‍්‍රථමයෙන් බොදු බල සේනා කල යුත්තේ මෙවැනි සිංහල වෙසින් පෙනී සිටින ජාති ද්‍රෝහීන් හ`දුනා ගැනීමයි. රටක කතා කිරීමේ නිදහස තිබිය යුතු සේම වගකීමෙන් තොරව ප‍්‍රකාශ කිරීමේ නිදහස නැති කල යුතුය.
ඈත අතීතයේ ශ‍්‍රී ලංකාවේ පාලන බලය පරිනත පරාර්ථකාමී දේශපාලඥයින් විසින් සිදු කලද අද එම පාලනය එන්.ජී. ඕ. සහ ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ගේ ඕනෑ එපාකම් අනුව හැසිරවීමට පටන් ගෙන ඇත. මෙම ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ඨ කිරීම ස`දහා අවශ්‍ය පරිසරය සැකසීමට මාධ්‍යකරුවන්, වැඩසටහන් සම්පාදකයින්, වෛද්‍යවරුන් පූජකවරුන් සහ ඕනෑම කේෂ්ත‍්‍රයක ප‍්‍රවීණයන් මුදල් මතම සේවයේ යෙදීමට දැන් සූදානමින් සිටී. මාධ්‍යකරුවෙක් වූ සුනන්ද දේශප‍්‍රිය එන්.ජී. ඕ. මුදල් රැුල්ලට හසුවී තම උපන් භූමියට විරුද්ධව කටයුතු කරයි. වාමාංශිකයෙකු වූ වාසුදේව නානායක්කාර මහතා තම අනුගාමිකයින් අතරමං කොට අද අ`ඵත් දේශපාලනයක් කරයි. මහජන බලයක් නැති සමහර වමේ දේශපාලකයින් රජයේ මැති ඇමතිකම් දරමින් කරුනු ලබන ප‍්‍රකාශ සිංහල ජාතියේ ප‍්‍රකාශන ලෙස ලොවට බෙදා දෙන සංවිධානද ලංකාව තුල නිදහසේ සැරි සරයි. මෙසේ ඕනෑම ජාතියකට, ඕනෑම ආගමකට ඕනෑම ආකාරයේ ජනතාව කුපිත කරන ප‍්‍රකාශ කරන්නට දීම හැසිරීමට දීම ප‍්‍රජාත‍්‍රන්තවාදය නම් අරාබි රටවල තිබෙන්නේ කුමන වාදයක්ද? එම රටවල බුදු පිලිමයක් හෝ බුදුන් ඇදහීමද තහනම්ය. එසේනම් මුස්ලිම් ජාතිකයන් ඕනෑවට වඩා ලංකාවේ උඩ පනින්නට දිය යුතුද? රෝමයට ගිය විට රෝම වැසියෙක් විය යුතුය කියා කියමනක් ඇත. එසේනම් ලංකාවේ ජීවත් වන්නන් ලාංකිකයකු ලෙස විය යුතුය. මොවුන් ශ‍්‍රී ලාංකිකයින් නම් ක‍්‍රිකට් තර`ග වලදී ලාංකික මුස්ලිම් වරු පකිස්ථාන, බංගලිදේශ කොඩි අතැතිව එම රට වලට ප‍්‍රීති ඝෝෂා කරන්නේ ඇයි? මේ පිළිබ`ද මාධ්‍ය නිහ`ඩව සිටීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?
රටක අර්බුදයක් ඇති වීමේදී අර්බූදය ප‍්‍රචාරණය කිරීම හා නිවාරණය කිරීමේ ප‍්‍රබල හැකියාවක් ඇත්තේ මාධ්‍යටය. කනගාටුවට ශ‍්‍රී ලංකාවේ සිය`ඵ මාධ්‍ය ක‍්‍රියා කරන්නේ බඩගෝස්තර වාදයට මුල් තැන දීමෙනි. කතෘතුමා අධික ආතතිය නිසා දියවැඩියා රෝගයෙන් උත්සන්නව සිටියද දකුණු සාක්කුවේ ඉන්සියුලින් එන්නත තිබුනද වම් සාක්කුවට ගානක් වැටේ නම් දියවැඩියාවට ආතතියෙන් බලපෑමක් නැත යනුවෙන් පිටුවක් වුවද රූප සහිතව රචනා කිරීමට මැලි වන්නේ නැත.
මෙම තත්වය යටතේ රටේ ප‍්‍රධාන පුරවැසියාටද මේ මාධ්‍ය හසුරුවන්නන්ට යම් කිසි ප‍්‍රමානයකට යටත්ව කටයුතු කිරීමට සිදුවී ඇත. රටක ජාතික මතය වෙනස් කිරීමේ එකම බලධාරියා මෙම මාධ්‍යකරුවන් යයි සිතා සිටිද වටිනා ලිපි වාරණයෙන් තොරව පලකරමින් තම මතය නිදහසේ පලකරමින් බ්ලොග් අඩවි තුල නිදහසේ සැරිසරනා විද්වතුන් රැුසක්ද සිටී. යම් අවස්ථාවල ශිෂ්ඨත්වය පසෙකලා යන වාර්ථා පලවුනද සාධාරණයට ප‍්‍රසිද්ධ මාධ්‍යයේ ඉඩ ඇහිරෙන කල එවැනි තත්වයට වැරදිකරුවන් වන්නේ කවුරුන්දැයි පැහැදිලි වෙනවා ඇත.
මෙවැනි සංකීර්ණ ව්‍යාකූලතා රැුසක් මැද බුදු දහම ආරක්ෂා කර ගැනීමට බොදු බල සේනා කටයුතු කිරීමට ඉදිරිපත් වීම සතුටට කරුණක් වන අතර බොදු බල සේනාවට ප‍්‍රථිපාදන සපයන්නේ නෝර්වේද, ඇමරිකාවද, ඉරානයද, කොරියාවද යන්න ගැට`ඵවක් නොවේ. කවුරුන් හෝ සත්භාවයෙන් බුදු දහමේ චිරස්තථිය වෙනුවෙන් කැපවේද ඔවුන්ට අප ශුභාසිංසනය කල යුතුය.
රට අන්‍යාගමීකරනය වෙමින් පවතින අවස්ථාවක බොදු බල සේනා සංවිධානය ඉදිරිපත් නොවූයේ නම් එම ක‍්‍රියා මාර්ගය බුදු දහමට අනුකූලද නැද්ද යන්න වත් විමසා බැලීමට බුදු දහමක් හෝ බෞද්ධයෙක් අනාගතයේ රටේ ඉතිරි වේද?
බොදු බල සේනාවෙනි, ප‍්‍රචන්ඩත්වයට යොමු නොවී මඩ ප‍්‍රචාර වලින් නොසැලී එකමුතුව ඉදිරියට යාමට මාගේ සුබ පැතුම්!

 
15/04/2013