Search This Blog

Friday, March 29, 2013

නීති පැනවීම



නීති පැනවීම ම`ගින් අනාගත ශ‍්‍රී ලාංකික රැුකියා වෙළ`ද පොලේ ඇබෑර්තු රැසක් ඇතිවන ලකුණු


                අද ලෝකයේ බොහෝ රටවල් තම ආර්ථිකය කඩා වැටීමට එරෙහිව විවිධ ක‍්‍රියා මාර්ග ගනිමින් සහ ඒ ස`දහා සැලසුම් සම්පාදනය කරමින් සිටිනු මේ දිනවල බහුලව දැකිය හැක. එහෙත් මෙම විරැුකියාව අවම කරගැනීමට විස`දුම් සොයන ලෝක ආර්ථික විශේෂඥයින් ප‍්‍රධාන වශයෙන් තම අවධානය යොමු කර ඇත්තේ සේවක දීමනා කප්පාදුව, සේවක සංඛ්‍යාව අවම කිරීම, සුභසාධන හා පරිභෝජන වියදම් අඩු කිරීම වැනි  ක‍්‍රියාවලීන් නිසා තවමත් එම රටවලට ශක්තිමත් ආර්ථික රාමුවක් සකසා ගැනීමට නොහැකි වී ඇත. තවද මෙයට ප‍්‍රධාන සාධක වශයෙන් ජනගහන වර්ධනය ඉහල යාමට සමාන්තරව මරණ අනුපාතයේ අඩුවීමක්ද දැක්විය හැක. කෙසේ වෙතත් මෙම අනාගත අභියෝගයන් ජය ගැනීමට දියුණු, නොදියුණු රටවල් විශාල වශයෙන් වෙහෙසෙන විට අප රටට ආයාසයකින් තොරව මෙම ප‍්‍රශ්ණය නිරාකරණය කරගැනීමට මාර්ගයන් උදාවී ඇත. එසේම  එක් පුද්ගලයෙකුට ප‍්‍රධාන රැුකියාවට අමතරව අතිරේක රැුකියා අවස්ථාද බොහෝ දුරට උදාවිය හැක. එයට හේතුපාදක වන ප‍්‍රධාන කරුණක් වනුයේ ලාංකික නව මාර්ග නීති පද්ධතිය හා බදු ප‍්‍රථිපත්තියයි.
                නව රියදුරු වර්ධක - දඬුවම් ලකුණු ක‍්‍රමය පිළිබ`ද රියදුරු මහතුන් සහ පොලීසියේ රථවාහන හසුරුවන නිලධාරීන්ගේ අදහස් අනුව බස්රථ රියදුරු මහතෙකුට මාස 3ත් 5ත් අතර කාලයකදී මෙම ලකුණු 24 ඉක්මවීමට සිදු වනු ඇත. ඉතිරි මාස හය, හත රියදුරු මහතාට කොන්දොස්තර රැුකියාවක් හෝ වෙනත් රැුකියාවක නියුක්ත වීමට සිදු වනු ඇත. සාමාන්‍ය පෞද්ගලික රියදුරු මහතෙකුට වසරේ අවසන් කාලසීමාව තම රියදුරු බලපත‍්‍රය රැුකගැනීමට නම් වෙනත් රියදුරු මහතෙකුගේ සහය ලබා ගැනීමට හෝ පාරේ බස්රථ වල ගමන් කිරීමට අනිවාර්ය වනු ඇත. එම නිසා සෑම වසරකම විශාල ලෙස රියදුරු ඇබෑර්තුද බහුල විය හැක. ජාතියක් න`ගා සිටුවීටම බදු පැනවීමෙන් හෝ දඩ පැනවීමෙන් නොහැකි බව මෑත කාලයේ දියුණු වූ රටවල් දෙස බැලීමෙන් මනාව පැහැදිලි වනු ඇත. එය එසේ වුවත් රාජ්‍යයක නාස්තිය, ¥ෂනය අඩු කිරීම හෝ රටේ නිෂ්පාදනය වැඩි කිරීමට වඩා ආදායම් ඉපයීමේ පහසුම අ¥රදර්ශී ක‍්‍රමය ජනතාව මත බදු සහ දඩ පැනවීමේ ක‍්‍රමයයි. එයට කදිම උදාහරණය නම්     පසුගිය කාලයේදී දඩ මුදල්, නීති,රීති දෙගුන තෙගුන කලත් මාර්ග අනතුරු තව තවත් අධික වීමයි.
නව නීති කෙසේ ක‍්‍රියාත්මක වුවත් මාර්ග නීති උල්ලංඝනයට රියදුරන්ගේ නොසැලිකිලිකම නිසාම නොව පොලිස් නිලධාරීන්ගේ පිරිහුණු මානසික තත්වයද තදින්ම බලපා ඇත. අධික අව්වේ අත් ආවරණ, හිස් ආවරණ පැල`ද පැය ගණන් මහපාරේ සිටගෙන වාහන හසුරුවන පොලිස් නිලධාරීන්ගෙන් ආචාර සම්පන්න සේවාවක් බලාපොරොත්තු වන්නේ ශීතකාමර වලට වී තීරණ ගන්නා නිලධාරීන්ය.  සත්‍ය වශයෙන්ම මෙම අපහසුතාවය පිළිබ`ද අවබෝධයක් දීමට කල යුත්තේ නීති සම්පාදකයන් පැයක් දෙකක් මෙම රාජකාරියේ පෞද්ගලික අත්දැකීමකට යොමු කිරීමෙන්ම පමනක් මිස වෙනත් ඇගයීම් වාර්ථා සමීක්ෂන කිරීමෙන් හෝ දේශන පැවැත්වීමෙන් නොවේ. මෙම පොලිස් නිලධාරීන්ට රියදුරු මහතුන් සම`ග වාද වලට නොයා ගෞරවාන්විතව සේවය කරන ලෙස ඉල්ලා සිටීමෙන් හෝ දෙවන ත‍්‍රස්ථවාදයක් ලෙස හ`දුන්වා දීමෙන් හෝ මෙයට ප‍්‍රායෝගික විස`දුමක් බලාපොරොත්තු විය නොහැක. කොපමන නීති රීති පැනවීම කලත් රිය අනතුරු අවම කල නොහැකි අතර, වරදට ද`ඩුවම් කිරීමක් පමණක් සිදු කල හැක. රටක නීති සම්පාදකයන්ගේ ප‍්‍රධාන අරමුණ විය යුත්තේ අපරාධ නිවාරණය කෙරෙහිය. අද මේ රටේ සිදුවන අනතුරු, අපරාධ හෝ ¥ෂන වලදී එම ප‍්‍රශ්නයට මුල්වූ චරිත වලට නොකඩවා පහරදීම, ප‍්‍රසිද්ධියක් දීම ප‍්‍රවෘත්තිය ටෙලි නාට්‍ය සේ විකාශනය කිරීම විනා එයට මූලික හේතුව හෝ සමස්ථය කෙරෙහි අවධානය නොකිරීම ලංකාවේ මාධ්‍ය සංස්කෘතියක් බවට පත්වී ඇත. පොලීසිය, නීතීඥයින්, පූජකතුමන්, දේශපාලකයින්, මාධ්‍යකරුවන් වශයෙන් වෙන් වෙන්ව බෙදා දෝෂ දර්ශනයට ලක් කලත් මේ සියල්ලම  ශ‍්‍රී ලංකාවේ ජීවත් වන එකම ජන කන්ඩායමකි. මේ සියල්ලන්ගේ අපේක්ෂාවන් කුමක්ද සහ එසේ වීමට හේතු පිළිබ`දව අධ්‍යයනය කිරීම ඉතා වැදගත්. මෙම ජන කන්ඩායමේ සමස්ථ මානසික සහ සමාජ හැසිරීම විශ්ලේශනය කර සමාජ මනෝ විද්‍යාත්මක විස`දුමක් ලබා දීමට කටයුතු කරන්නේනම් දඩ මුදල් වැඩි කිරීම ලබන ආර්ථික ලාබය වෙනුවට සිත් නිවුනු සමාජයක්, ශික්ෂනයක් ඇතිකොට රටේ ජාතික ඵලදායීතාවය නිසැකවම වැඩි කරගත හැක.
                උදාහරණයක් ලෙස පසුගිය දිනක භික්ෂූන් වහන්සේලා දෙනමකගේ ඝාතන නඩුවේදී එම විත්තිකරුවන් වෙනුවෙන් ඉදිරිපත්වූ නීතීඥවරයාට පහරදීමක් සිදු විය. එම පහරදීමේදී භික්ෂුන්වහන්සේලාද සිටිනු එම ඡුායාරූප වල දැකිය හැකි විය. අද නීතීඥවරයාට ආගම, හෘද සාක්ෂියට වඩා වෙන යමකට සිත මුල් වූයේ ඇයි? එහිදී අදාල නීතීඥවරයාට මෛත‍්‍රිය වෙනුවට පහරදීමට භික්ෂුන්වහන්සේලාට සිතුවිල්ලක් ඇති කරවූයේ ඇයි? මෙම ඝාතනයට ප‍්‍රධාන සැකකරුවන් වූ බස්නායක නිලමේ නමින් හැ`දින්වෙන හා මහණදම් පිරූ අයෙකි. මොවුන් තුල තිබිය යුතු සැබෑ ගුණදම් වලට සිදුවූයේ කුමක්ද? එයිනුදු නොනැවතී නීතීඥ කන්ඩායම් ගරු අධිකරණය අසල විරෝධතා දක්වන්නේ කුමක් සාධාරණීකරණය කිරීමටද? මෙම ගැට`ඵවේදී භික්ෂුන්, නීතීඥ, නිලමේ, යන කොටස් සියල්ලම කර ඇත්තේ සාධාරණයද? මේ සැමටම හේතුව රටේ කාලාන්තරයක් තුල පැවති ආර්ථික පිළිවෙලයි. එසේ නම් වරද ඇත්තේ සිය`ඵ පුද්ගලයින්ගේ පටු ආර්ථික අපේක්ෂා මතය. එබැවින් මෙම හිමිවරුන්ගේ ඝාතනයේදී පොලීසිය විසින් සිදුකල කාර්යක්ෂම කාර්යභාරය කාගේවත් පැසසුමට ලක් නොවීම ගැන පුදුම විය යුතු නැත. සමස්ථ ශ‍්‍රී ලාංකික ජනතාවගේ ආත්මාර්ථකාමී චින්තන රටාව ඇති කරවන යම් වස්තු බීජයක්, ආර්ථික රටාවක් වේ නම් එය හ`දුනා ගෙන ලාංකික ජන සමාජයෙන් සහමුලින්ම ඉවත් කිරීමට යම් ක‍්‍රමයක් සම්පාදනය නොකරණතාක් පුවත්පත් පුරා, විද්්‍යුත් ජන මාධ්‍ය පුරා ජනතා හිත් තව තවත් ¥ෂ්‍ය කරමින් මේ රට අපචාර රාජ්‍යයක් බවට පත්වීම නොවැලැක් විය හැක. මේ ස`දහා ප‍්‍රසාංගික බණ, දේශපාලන විවාද, අධ්‍යාත්මික සංදර්ශන කිරීමෙන් රටට සුගතියක් ඇතිවේ යයි සිතිය නොහැක.  අද සමාජයේ හො`දට වඩා නරක පිළිබ`දව වර්ණනා කිරීමත්, යහපත් ක‍්‍රියාවට අගයක් නොවීමත් කනගාටුදායකය. පොලිස් සේවයද අද පිරිහීමට පත්ව ඇත්තේද මේ නිසාය.
                මෙම අධික පීඩාකාරී පොලිස් රථවාහන රාජකාරීන් නිසා බොහෝ පොලිස් නිලධාරීන්ගේ මානසික මට්ටම් හා චර්යාවන් ඉතා පහල මට්ටමක ඇද වැටී ඇත. මෙම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට සිය`ඵම රියදුරන් තමන්ට යකදුරන්සේ පෙනීමටත්, වෛරක්කාරයන් ලෙස කටයුතු කිරීමටත් පටන් ගෙන ඇත. තවද මෙම වෛරයට වන්දියක් ලෙස මහම`ග නිරතුරුව වදයක් වී පෙනෙන රියදුරන්ගෙන් තම සිත සනහා ගන්නට අල්ලස ස`දහා යොමු වීමේ ප‍්‍රවනතාවද වැඩි වී ඇත. මෙම දඩ සහ ලකුණු ක‍්‍රමය නිසා කෙසේ හෝ තම රියදුරු බලපත‍්‍රය රැුකගැනීමට දඩ මුදල පරිත්‍යාගක් ලෙස :රියදුරන්ගේ භාෂාවෙන් නම් ධබ එයැ ිචදඑ* ප‍්‍රදානයක් කොට ඉන් මිදීම හැර වෙන විකල්ප සෙවීමට රියදුරන්ට උවමනාවක් නැත. මින් සිදු වන්නේ උසාවියේ දවසක කාලය ගතකොට නීතීඥයින්ට ගාස්තු ගෙවනවාට වඩා සරලම විසදුම වන අල්ලස කෙරෙහි ජනතා ප‍්‍රසාදය යොමුවීමයි. පසුගිය දිනක ගුවන් විදුලි නාලිකාවකදී රියදුරු මහතෙක් ප‍්‍රසිද්ධියේම මේ බව පැවසීම නීති සම්පාදකයින්ගේ අවධානයට යොමු විය යුතුය. නීති සම්පාදකයින්ගේ දුර්වලතා නිසා සැමවිටම රටක සාමය වෙනුවෙන් ජනතාව හා සෘජුව ක‍්‍රියා කරන පොලිස් නිල ඇ`දුමට ලැබෙන ගෞරවය අද ඉතා ශෝචනීයයි. ඉන් මිදීම වෙනුවට එය යථාර්ථයක් බවට පත්කර වීමට පොලීසියද ක‍්‍රියාකර ඇත.
                එසේම යම් හෙයකින් එලව`ඵ කූඩ නීතියද වෙළ`ද ප‍්‍රජාවේ උත්සාහයෙන් උපන්ගෙයිම වල නොදැමුවේ නම් එයද ක‍්‍රියාත්මක කිරීමට ගොස් ශ‍්‍රී ලංකා පොලිසිය බරපතල ප‍්‍රශ්න රැුසකට මුහුණ දීමට සිදු වීමට තිබුණි. මෙම එලව`ඵ නාස්තිය පිළිබ`ද ගොවීන් දැනුවත් කරමින් ඔවුන්ගේද සහය ඇතිව යම් ක‍්‍රමවේදයක්, සංවාදයක් ඇති නොකොට අණ මත දඩ ක‍්‍රියාත්මක කිරීමට යාමෙන් රටේ සිදුවන ආහාර නාස්තිය තවමත් එලෙසම පවතී. එයද කනගාටුවට කරුණකි. මේ දඩ ක‍්‍රමයද ක‍්‍රියාත්මක වූවානම් අනිවාර්යයෙන්ම පොලීසියට තවත් අල්ලස් චෝදනා එල්ලවීම නවතා ලිය නොහැක.
·                 එදා සු`ඵවෙන් පටන් ගත් අල්ලස පසුකාලීනව රටේ දැනට පවතින ආර්ථික රටාව අනුව වැටුපෙන් ලබා ගත නොහැකි  සුඛෝපභෝගී අරමුණු ස`දහා ල`ගා කර ගැනීමට අද ලක්වාසීන් යොමු වී ඇත. මෑත කාලයේ බොහෝ පොලිස් නිලධාරීන් වටිනා ජංගම දුරකථන, මෝටර් සයිකල් භාවිතා කරුනු දක්නට ලැබීම සතුටට කරුනක් සේම රියදුරන්ගේ සුභ අනාගතය පිළිබ`දව සැකයක්ද මතු කරයි. මෙම නිලධාරීන් ඉහල තනතුරු ස`දහා අනාගතයේ පත්වීම තුල මු`ඵ මහත් පොලිස් දෙපාර්තමේන්තුවටම ඇතිවන අනිටු බලපෑම කෙතරම්දැයි සිතා බැලිය යුතුය. වත්මන් පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මැතිතුමා වැනි පොලිස්පතිවරයෙක් බිහිවීම පොලිස් දෙපාර්තමේන්තුව වසර ගණනාවක දැඩි ශික්ෂනයක ප‍්‍රථිඵලය මිස එක් රැුයකින් හෝ විශේෂ පාඨමාලාවකින් බිහිවූ ප‍්‍රථිපලයක්     නොවේ. එසේනම් වර්ථමාන පොලිස් දෙපාර්තමේන්තුවටද, අනාගත පොලිස් දෙපාර්තමේන්තුවටද, දඩ මත දඩිබිඩි රාජකාරි කරන නිලධාරීන් වෙනුවට ජනතා ප‍්‍රසාදය මත සේවය කරන සංයමයෙන් යුතු පොලිස් නිලධාරීන් පිරිසක් බිහි කල යුතුය. තැනහොත් පොලිස් නිලධාරීන් අල්ලස් ගැනීම වැලකීීමට තව තවත් නිලධාරී කොටසක් අවශ්‍ය වේ. අල්ලස නිසා රැුකියා අහිමි වන්නන්ගේ ඇබෑර්තු පිරවීමට ශ‍්‍රී ලාංකික පුරවැසියන්ට නව අවස්ථාවන් එළඹෙනු ඇත. එවිට රියදුරු සේවයට මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවටද, අල්ලස් දෙපාර්තමේන්තුවටද, රියදුරු වෘත්තියටද විශාල ලෙස රැුකියා වෙළ`දපළක් ඇති වෙනු ඇත.
                මෙම ව්‍යවසනකාරී ක‍්‍රියා දාමයද, එසේත් නොමැති නම් සාර ධර්ම වලින් පෝෂිත සිවිල් සමාජයක් බිහි කොට නීතියට වඩා විනය කෙරෙහි අවධානය යොමු කොට ජාතික වැඩ පිළිවෙලක් ඇති කිරීමෙන් ලැබෙන ප‍්‍රථිඵලය කෙරෙහි සිත යොමු කිරීම නීති සම්පාදකවරුන්ට මෙනිම ජාතියටද වැදගත්ය.                                                                                  ..............................................................................................................................................30/03/2012