Search This Blog

Sunday, April 21, 2013

බොදු බල සේනාව සහ හබන් කුකුලෝ



අප රටේ ගොඩ නැගෙන ජාතිවාදී ප‍්‍රශ්ණය තුල ලකුණු දාගන්නා දේශපාලන, ව්‍යාපාරික, ආගමික බංකොලොත් හබන් කුකුලන්ගේ වියරුවක් මේ දිනවල විවිධ මාධ්‍යයන්ගෙන් පෙනේ. මේ ප‍්‍රශ්නය ඇති වීම වර්තමානයට අහිතකර ලෙස පෙනුනත් එයට මුහුණ දීමේ වෙනත් ක‍්‍රමයක් තිබේද යන්න ගැට`ඵවකි. ඉවසීම සහ නෝන්ජල්කම් අතර ඇත්තේ සු`ඵ වෙනසකි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ත‍්‍රස්තවාදයට වසර ගණනාවක් සාකච්ඡුාවෙන් මෛත‍්‍රියෙන් විස`දුම් සෙවීමට ගිය සමහර දේශපාලන නායකයින්ට වන්දි ගෙවීමට සිදු වූයේ තම ජීවිත වලිනි. තවද සිංහල දෙමල විශාල ජන සංඛ්‍යාවක් මිය ගිය අතර තවත් විශාල සංඛ්‍යාවක් අවතැන් විය. තවත් එවැනි ජාති වාදී ව්‍යවසන ශ‍්‍රී ලංකාව තුල සිදු නොවිය යුතුය. අනන්තවත් අන්තවාදය නිසා මිය යන්නේ අසරණයින්ය. ත‍්‍රස්තවාදයට ත‍්‍රස්තවාදයෙන්ම පිළිතුරු දීම විනා සාම භාවනාවෙන් හෝ සාම පා ගමන් වලින් මෙවැනි ක‍්‍රියා නතර කල නොහැක. එක් යුගයක සාමය වෙනුවෙන් සිය`ඵ ජාතීන් එකතු වී කොළඹදී අත් වැල් අල්ලා ගෙන සාම ගී ගැයූ යුගයක්ද විය. ඉන් ප‍්‍රභාකරන්ගේ හිත උනු කිරීමට නොහැකි වූවා සේම එය සිංහල ජාතියේ නෝංජල් කමක් ලෙස සලකා ප‍්‍රභාකරන්ගේ තව තවත් කුරිරු ප‍්‍රහාර වැඩි විය. තවත් වරක සාම සාකච්ඡුා මුවාවෙන් ශ‍්‍රී ලංකා යුධ හමුදාවට පහර දෙන කොටින්ට ශ‍්‍රී ලංකා යුධ හමුදාව ලවාම ප‍්‍රභූ ආරක්ෂාව යටතේ විදේශ සංචාර ලබා දුනි. ගරු සත්කාර ලබා දුනි. ත‍්‍රස්ත නායකයින්ගේ දරුවන්ට රහසින් රටින් පිට වීමට විදේශ ගමන් බලපත‍්‍ර සාදා දුන්නේ මැති ඇමතිවරුය. ඔවුන් ඉල්ලන වර්ගයේ සුඛෝපභෝගී හෙලිකොප්ටර් ගමන් බිමන් ස`දහා ලබා දුන්නේද සාමය ලබා ගැනීමටය. කොළඹ වරායෙන් අධී සංඛ්‍යාත තාක්ෂණික උපකරණ විමර්ශනයකින් තොරව නිදහස් කෙරුනේද, කොටස් කෙරුනු හෙලිකොප්ටර්යානා ඇමතිවරුන්ගේ නමින් උතුරට යැවුනේද සාමයේ නාමයෙනි. මෙයට විරුද්ධ වන්නන් සාම විරෝධීන් ලෙස හංවඩු ගැසුනි. ඉන් ජාතිය තව තවත් හෑල්ලූ වුනා මිස ලැබුණ වෙන ඉටි ගෙඩියක් නැත. එසේනම් රහසිගතව ගොඩ නගමින් පවතින මුස්ලිම් අන්තවාදය කෙරෙහි කතා කිරීම අන්තවාදයක් වෙන්නේ කෙසේද? ලංකාව අවට තිබූ බෞද්ධ රටවල් අද මුස්ලිම් රටවල් බවට පත් වී ඇත්තේ වසර ගණනාවක සිට නිහ`ඩව සිදුවූ රහස් කුමන්ත‍්‍රන වල ප‍්‍රථිපලයකිනි. අත්ීතයේ බුදුදහම ව්‍යාප්ත වී තිබූ ඇෆ්ගනිස්ථානය අද ඉස්ලාම් රටකි. එහි තිබූ බාමියන් බුදු පිලිම ජාත්‍යන්තර විරෝධතා මැද ෂෙල් වෙඩි ගසා විනාශ කරද්දී හ`ඩක් නැගීමට එරට බෞද්ධයෝ නොවූහ. අද බංගලි දේශයේද මෙවැනි සංහාර සිදු වන අතර ශ‍්‍රී ලංකාවේද කූරගල, දීඝවාපිය වැනි බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරමින් පවතී. එසේනම් බොදු බල සේනා පිබිදීම අන්තවාදයක් වන්නේ කෙසේද? වසර ගණනාවක යුද්ධයක් පැවතියද උතුරේ ද්‍රවිඩ සන්නද්ධ සංවිධාන පුරා විද්‍යා වටිනාකම් ඇති ස්ථාන වලට හිතා මතාම පහර නොදුණි. එහෙත් අන්තවාදී මුස්ලිම් සංවිධාන ඓතිහාසික වටිනාකම් ඇති සිද්ධස්ථාන විනාශ කරන්නේ තම දේශපාලන බලයද උපයෝගී කරගෙනය. මෙයට මුස්ලිම් අන්තවාදීන්ට කත් අදින සිංහල සහ සිංහලයින් ලෙස පෙනී සිටින මුස්ලිම්වරුන්ද, යෝනක මුදලින් යැපෙන විවිධ ජාතිකයෝ රැුසක්ද සිටිති. ඊට අමතරව සර්ව ආගමික කියන්නා වූ එන්.ජී. ඕ. නිකායක්ද බෞද්ධයාට නිගා කරති.
එසේ කීමට හේතුව නම් වසර ගණනාවක සිට අන්තවාදී ක‍්‍රිස්තියානි, මුස්ලිම් ආගමික සංවිධාන ම`ගිින් පෝෂණය වෙමින් බුදුදහම විනාශ කරන්නන් කෙරෙහි උපේක්ෂාවෙන් බලන ලෙස බණ දෙසූ ආගමික, දේශපාලන හා මාධ්‍ය වන්දිභට්ඨයන් කවුරුන්ද යන්න මෙම උන්මාදයත් සම`ග එලිවීමයි. වාස්තු විද්‍යාකරුවන් ලෙසින් පැමිණෙන ඇම්බැට්ටයින් පිරිසක් වසර දහස් ගණනක් බෞද්ධ ගෙවල් තුල තිබූ බුදු පිලිම ගෙයින් පිට තබා වන්දනා කරන ලෙස පවසයි. සෙංසුයි කියමින් ව්‍යාපාරික ස්ථාන වලට විශාල බඩක් ඇති රුවක් තබා එයට මුදල් දැමීමටත් විවිධ වතාවත් කිරීමටත් පොලඹවයි. භික්ෂු වෙස්ගත් චීවරධාරීන් බුදු දහමේ නැති විවිධ පුද පූජා පවත්වමින් මුදල් උපයයි. කිසිදා අසා නැති සුද්ධෝදන මහාමාහා පෙරහරවල් පවත්වයි. පංච ශීලය නොරැුක පහසුවෙන් නිවන් යාමට බොහෝ මිත්‍යා දෘෂ්ඨික උපාසක උපාසිකාවන් මේ ස`දහා රුපියල් ලක්ෂ ගණනින් දායක වෙති. අනුග‍්‍රාහක ඵලකයේ දුන් මුදල සහ නම ස`දහන් වීම එලොවට කෙසේ වෙතත් මෙලොවට නම් උතුම්ය. එයට අනුව භික්ෂුවද නවීන බණ නිර්මානය කරති. පිරිත රී-මික්ස් කරති. තවද ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙල, උසස් පෙළ බෝධි පූජා පවත්වයි. විභාගයට ගෙනයන පෑන් පැන්සල් ආශිර්වාද කිරීම සදහා බෝ ම`ඵවේ තැබීම කිනම් බුදු දහමක්ද? මෙයද අනෙකුත් අන්තවාදී ආගමික සංවිධාන වලට ප‍්‍රබල පිටු වහලකි. තව පැත්තකින් ජීවත්වන්නට නොහැකිව සහ රෝගීව සිටින්නන් සොයා ගෙයින් ගෙට යන ෆාස්ටර්වරු රැුලකි. බොදු බල සේනාවේ අවධානය මේ ස`දහාද යොමු විය යුතුය. ලංකාවේ ප‍්‍රධාන ආගම් අතර පරස්පරතා තිබුනද අතීතයේ ශ‍්‍රී ලංකාවේ සිය`ඵම ජන කොටස් සමගියෙන් ජීවත් විය. ඇ`දුම් පැලදුමෙන් එපමන වෙනසක් නොවීය. අප ලමා කාලයේ තිබූ එම සංස්කෘතිය අපටද නොදැනී වෙනස් කර ඇත. එදා මුස්ලිම් ජාතිකයා ඇන්දෙ පැලැන්දේ ලංකාවට ගැලපෙන ඇ`දුමකි. අද එය අරාබි ඇ`දුම දක්වා වෙනස් වී ඇත. එදා මුස්ලිම් කාන්තාව ඇ`දි ඇ`දුම අද ක`ඵ ලෝගුවකට සීමා වී ඇත. මෙසේ එක රටක ජීවත් වන එක ජන කොට්ඨාශයක් කිසිදු හේතුවකින් තොරව වෙනත් රටවල ඇ`දුම් පරිහරනය කිරීමම ජාතීන් අතර වෙන් වීමකට තුඩු දීමට ප‍්‍රධාන හේතුවකි. එකම ආහාර පරිභෝජනය කල සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට අද වෙනම හලාල් සහතිකයක්. කාලාන්තරයක් තිස්සේ මෙවැනි ක‍්‍රමානුකූල කුමන්ත‍්‍රන නිසාත්, ශ‍්‍රී ලංකාව අවට රට වලට සිදුවූ බෞද්ධ සංහාරය නිසාත් බෞද්ධයන් වෙනුවෙන් හ`ඩක් නැගීම සමහර බොදු විරෝධී අන්‍යාගමිකයන්ට මෙන්ම බුදුදහම ව්‍යාපාරයක් කරගත් අයටද දරුණු අතුල් පහරක් වී ඇත. එම නිසා මොවුන් සොයාගත් නවතම සොයා ගැනීම මුහුණුපොත නම් වූ ෆේස් බුක් අඩවියයි. ආගමික අසමගිය වැපිරීමට හො`දම භූමිය තරුණ මනසයි. අද තරුණ තරුණියන් අතර වඩාත් ජනප‍්‍රිය සන්නිවේදන ජාලය වන මෙය කයෙන් සවිමත් නමුත් මනසින් සවිමත් වෙමින් පවතින තරුණ ජවය තම සිතැ`ගි පරිදි බා ගත හැකි හොදම වේදිකාව වන මේ ෆේස් බුක් හරහා අද තරුන සිත් ¥ෂ්‍ය කරන ආගමික විෂබීජ ව්‍යාප්ත කර ඇත.
එම නිසා ෆේස් බුක් හරහා දරුණු ලෙස ආගමික කුපිත කිරීම් සිදු වේ. සමහර කොටස් මුස්ලිම් ජාතිකයන් ලෙස පෙනී සිටිමින්් බෞද්ධයන්ටද, බෞද්ධයන් ලෙස මුස්ලිම් ජාතියටද, අසභ්‍ය ලෙස පරිභව කරයි. මෙයට සිංහල මුස්ලිම්වරුන්ගේම ක‍්‍රියාවක්ද නැතහොත් වෙනත් බලවේගයක් විසින් සිංහල මුස්ලිම් විරසකයක් ඇති කිරීමේ කුමන්ත‍්‍රනයක්ද විය හැකිය. ෆේස් බුක් වලින් සටන් කර ලබා ගත හැකි විස`දුමක් නැත. ඉන් ජාතීන් අතර වෛරය, ක්‍රෝධය වැපිරවීමක් වේ. තවත් සමහරු ශ‍්‍රී ලංකාව වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කල දිවි පි¥ නිසාම් මුතාලිෆ්, ෆස්ලි ලාෆීර් වැනි විරුවන්ගේ නම් ඈදා ගනිමින් රටට වින කරන මුස්ලිම්වරු නිර්දෝෂී කිරීමට උත්සාහ දරයි. එය මුතාලිෆ්, ලාෆීර් විරුවන් කල කෘතහස්ත සේවාවට කරන නිගාවකි. ෆේස් බුක් හරහා ආගමකට ජාතියකට වෛරය හෝ හාස්‍යය පතුරුවන ආකාරයේ පණිවිඩයක් යැවීම හෝ එය බෙදා ගන්නේ කවුරුද ඒ සියල්ලම ජාති වාදී උන්මත්තකයෝය. කොන්ද පන නැති බිය ගුල්ලෝ වෙති.
මෙම බොදුබල සේනා ක‍්‍රියාකාරිත්වයේ ආරම්භයත් සම`ග සුපුරුදු තර්ජනයෙන් මෙය යටපත් කිරීමට මුස්ලිම් දේශපාලකයන් පෙරමුණ ගත් අතර අසාත් සාලි මන්ත‍්‍රීවරයා විසින් ආන්ඩුවට පාඩම් උගන්වන්නට ගොස් බංකොලොත් වූ තම දේශපාලන ස්ථාවරත්වය යලි ගොඩනගා ගැනීම ස`දහා මුස්ලිම් ජනතාව අවි ආයුධ අතට ගැනීමට ඉඩ නොතබන ලෙස සිංහල ජනතාවට තර්ජනයක්ද මාධ්‍ය තුලින් කෙරීය. (නමුත් උලමාවරුන්ගේ සංවිධානය ගැටුමට යහපත් ප‍්‍රථිචාර දක්වමින් තම හලාල් සහතිකය ඉවත් කර ගනු ලැබීය. මෙය කුමන දෘෂ්ඨි කෝනයකින් විග‍්‍රහ කෙරුනද සිදුවූයේ යහපත් ක‍්‍රියාවකි.* නමුත් අසාත්සාලි මන්ත‍්‍රී වරයා පෙන්වා දීමට උත්සාහ කලේ මුස්ලිම් අන්තවාදීන්ගේ ක‍්‍රියාවන්ට හිස පහත් නොකොට විරුද්ධ වීමෙන් මහා විනාශයක් සිංහල බෞද්ධ ජනතාවට සිදුවිය හැකි බවකි. මෙවැන්ම කියමනක් එල්.ටී.ටී.ඊ සංවිධානයේ බලය විනාශ වෙමින් පන අදින අවස්ථාවේ තමිල් සෙල්වම්ද කලේය. කිලිනොච්චියට පහර දුනහොත් එය රජයේ හමුදාවට අමතක නොවන පාඩමක් උගන්වන බව කීය. වාසනාවකට එයට නොසැ`ඵන රටේ ජනාධිපතිතුමා, ආරක්ෂක ලේකම්තුමා සහ යුධ හමුදාපතිතුමා කල මානුෂීය මෙහෙයුමේ ප‍්‍රථිපලය අද සිය`ඵදෙනාටම දැක ගත හැක.
මෙවැනි ප‍්‍රකාශ කරමින් තමන් ජීවත් වන රටේ ජාතියකට ආගමකට හෙන ගැහුවත් සමහර මාධ්‍ය මාෆියාවන් මෙවැනි ජාතිවාදය ආගම්වාදය ඇවිස්සෙන මාතෘකා යටතේ සංවාද ඇති කරමින් පොර කුකුලන් මෙන් ජාතීන් කෙටවීමෙන් ලබන්නේ පුදුමාකාර ආස්වාදයකි. මෙම බොදු බල සේනා රැුල්ල උපන්ගෙයි තුල දීම මරා දමන්නට උත්සාහ කල විවේචනය කල ආගමික, දේශපාලන, මාධ්‍ය මාෆියාවන් යම් හෙයකින් පසුබෑම බොදු බල සේනාවේ එක් ජයග‍්‍රහනයකි. නමුත් මෙය විජයග‍්‍රහණයක් ලෙස ඔවුන්ද නොතැකිය යුතුය. වරක බොදු බල සේනාව බුදු දහමට පටහැනි බවටද, තවත් වරක බොදු බල සේනාවට සම්බන්ධ භික්ෂූන්ගේ අතීත ක‍්‍රියා සම්බන්ධ කර ෆේස් බුක් හරහා මඩ ගසති. එය එසේනම් අංගුලිමාලටද මහරහතන්වහන්සේ නමක් වීමද නොහැක. භික්ෂුන්වහන්සේලාගේ ඡුායාරූප විකෘති කර දමති. මෙම විකෘති කරන ඡුායාරූප අන්තර් ජාලයේ පලකරන්නෝද බෙදාහරින්නෝද ජාති ද්‍රෝහීන් බව මතක තබා ගත යුතුය. බුදු දහමට නිගා කරන ක‍්‍රියා බෞද්ධයෙකු විසින් පෙන්වාදීම අන්තවාදයක් ලෙස හුවා දැක්වීම සමහර සිංහලයන්ටද ප‍්‍රිය ජනකවීම කනගාටුවකි. මෙයට වාමාංශිකයෝද, අන්තවාදී කතෝලිකයෝද පෙර ස`දහන් හබන් කුකුලන්ගේ ගොඬේ ර`ග දැක්වීම ප‍්‍රසිද්ධ රහසකි. බොදු බල සේනා ක‍්‍රියාකාරිත්වයත් සම`ග තම දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට වෙර දරන්නෙක් පසු ගිය දිනක බුදුන් වහන්සේ ලංකාවට වැඩම කොට නැති බව පවසයි. මෙය බෞද්ධ රටක් නොවන බවට ඉ`ගි දක්වයි. ප‍්‍රථමයෙන් බොදු බල සේනා කල යුත්තේ මෙවැනි සිංහල වෙසින් පෙනී සිටින ජාති ද්‍රෝහීන් හ`දුනා ගැනීමයි. රටක කතා කිරීමේ නිදහස තිබිය යුතු සේම වගකීමෙන් තොරව ප‍්‍රකාශ කිරීමේ නිදහස නැති කල යුතුය.
ඈත අතීතයේ ශ‍්‍රී ලංකාවේ පාලන බලය පරිනත පරාර්ථකාමී දේශපාලඥයින් විසින් සිදු කලද අද එම පාලනය එන්.ජී. ඕ. සහ ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ගේ ඕනෑ එපාකම් අනුව හැසිරවීමට පටන් ගෙන ඇත. මෙම ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ඨ කිරීම ස`දහා අවශ්‍ය පරිසරය සැකසීමට මාධ්‍යකරුවන්, වැඩසටහන් සම්පාදකයින්, වෛද්‍යවරුන් පූජකවරුන් සහ ඕනෑම කේෂ්ත‍්‍රයක ප‍්‍රවීණයන් මුදල් මතම සේවයේ යෙදීමට දැන් සූදානමින් සිටී. මාධ්‍යකරුවෙක් වූ සුනන්ද දේශප‍්‍රිය එන්.ජී. ඕ. මුදල් රැුල්ලට හසුවී තම උපන් භූමියට විරුද්ධව කටයුතු කරයි. වාමාංශිකයෙකු වූ වාසුදේව නානායක්කාර මහතා තම අනුගාමිකයින් අතරමං කොට අද අ`ඵත් දේශපාලනයක් කරයි. මහජන බලයක් නැති සමහර වමේ දේශපාලකයින් රජයේ මැති ඇමතිකම් දරමින් කරුනු ලබන ප‍්‍රකාශ සිංහල ජාතියේ ප‍්‍රකාශන ලෙස ලොවට බෙදා දෙන සංවිධානද ලංකාව තුල නිදහසේ සැරි සරයි. මෙසේ ඕනෑම ජාතියකට, ඕනෑම ආගමකට ඕනෑම ආකාරයේ ජනතාව කුපිත කරන ප‍්‍රකාශ කරන්නට දීම හැසිරීමට දීම ප‍්‍රජාත‍්‍රන්තවාදය නම් අරාබි රටවල තිබෙන්නේ කුමන වාදයක්ද? එම රටවල බුදු පිලිමයක් හෝ බුදුන් ඇදහීමද තහනම්ය. එසේනම් මුස්ලිම් ජාතිකයන් ඕනෑවට වඩා ලංකාවේ උඩ පනින්නට දිය යුතුද? රෝමයට ගිය විට රෝම වැසියෙක් විය යුතුය කියා කියමනක් ඇත. එසේනම් ලංකාවේ ජීවත් වන්නන් ලාංකිකයකු ලෙස විය යුතුය. මොවුන් ශ‍්‍රී ලාංකිකයින් නම් ක‍්‍රිකට් තර`ග වලදී ලාංකික මුස්ලිම් වරු පකිස්ථාන, බංගලිදේශ කොඩි අතැතිව එම රට වලට ප‍්‍රීති ඝෝෂා කරන්නේ ඇයි? මේ පිළිබ`ද මාධ්‍ය නිහ`ඩව සිටීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?
රටක අර්බුදයක් ඇති වීමේදී අර්බූදය ප‍්‍රචාරණය කිරීම හා නිවාරණය කිරීමේ ප‍්‍රබල හැකියාවක් ඇත්තේ මාධ්‍යටය. කනගාටුවට ශ‍්‍රී ලංකාවේ සිය`ඵ මාධ්‍ය ක‍්‍රියා කරන්නේ බඩගෝස්තර වාදයට මුල් තැන දීමෙනි. කතෘතුමා අධික ආතතිය නිසා දියවැඩියා රෝගයෙන් උත්සන්නව සිටියද දකුණු සාක්කුවේ ඉන්සියුලින් එන්නත තිබුනද වම් සාක්කුවට ගානක් වැටේ නම් දියවැඩියාවට ආතතියෙන් බලපෑමක් නැත යනුවෙන් පිටුවක් වුවද රූප සහිතව රචනා කිරීමට මැලි වන්නේ නැත.
මෙම තත්වය යටතේ රටේ ප‍්‍රධාන පුරවැසියාටද මේ මාධ්‍ය හසුරුවන්නන්ට යම් කිසි ප‍්‍රමානයකට යටත්ව කටයුතු කිරීමට සිදුවී ඇත. රටක ජාතික මතය වෙනස් කිරීමේ එකම බලධාරියා මෙම මාධ්‍යකරුවන් යයි සිතා සිටිද වටිනා ලිපි වාරණයෙන් තොරව පලකරමින් තම මතය නිදහසේ පලකරමින් බ්ලොග් අඩවි තුල නිදහසේ සැරිසරනා විද්වතුන් රැුසක්ද සිටී. යම් අවස්ථාවල ශිෂ්ඨත්වය පසෙකලා යන වාර්ථා පලවුනද සාධාරණයට ප‍්‍රසිද්ධ මාධ්‍යයේ ඉඩ ඇහිරෙන කල එවැනි තත්වයට වැරදිකරුවන් වන්නේ කවුරුන්දැයි පැහැදිලි වෙනවා ඇත.
මෙවැනි සංකීර්ණ ව්‍යාකූලතා රැුසක් මැද බුදු දහම ආරක්ෂා කර ගැනීමට බොදු බල සේනා කටයුතු කිරීමට ඉදිරිපත් වීම සතුටට කරුණක් වන අතර බොදු බල සේනාවට ප‍්‍රථිපාදන සපයන්නේ නෝර්වේද, ඇමරිකාවද, ඉරානයද, කොරියාවද යන්න ගැට`ඵවක් නොවේ. කවුරුන් හෝ සත්භාවයෙන් බුදු දහමේ චිරස්තථිය වෙනුවෙන් කැපවේද ඔවුන්ට අප ශුභාසිංසනය කල යුතුය.
රට අන්‍යාගමීකරනය වෙමින් පවතින අවස්ථාවක බොදු බල සේනා සංවිධානය ඉදිරිපත් නොවූයේ නම් එම ක‍්‍රියා මාර්ගය බුදු දහමට අනුකූලද නැද්ද යන්න වත් විමසා බැලීමට බුදු දහමක් හෝ බෞද්ධයෙක් අනාගතයේ රටේ ඉතිරි වේද?
බොදු බල සේනාවෙනි, ප‍්‍රචන්ඩත්වයට යොමු නොවී මඩ ප‍්‍රචාර වලින් නොසැලී එකමුතුව ඉදිරියට යාමට මාගේ සුබ පැතුම්!

 
15/04/2013