Search This Blog

Tuesday, September 30, 2014

හෙට දින විශ්ව ලමා දිනයයි. අපි හෙට කුමක් කරම්ද?.....


මේ මොහොත වන විට හෙට මේ දිනය අභිමානයෙන් (සැම)රීමට රාජ්ය හා රාජ්ය නොවන සන්විදාන නිදි මරා කටයුතු කරනු ඇති. රාජ්ය නොවන ආයතන නම් විදේශීය රාජ්යන්ගෙන් කුට්ටියක් කඩාගෙන ඉදිරි වසර සදහා ඔවුනොවුන්ගේ පැවැත්ම වෙනුවෙන් කීයක් හෝ  ඉතිරි කර ගත්තාට රටට එතරම් දැනීමක් නැත්තේය. ඒ ජනතාවගේ සාක්කුවට ඉන් පහරක් නොවදින නිසාය. ඒත් අපේ රාජ්ය සේවාව හෙට කොහොම සූදානම් වෙනවා දැයි  ශ්රීලංකාවේ පුරවැසියෙකු ලෙස සිතා බැලීමේ වරදක් නැත. කොහොම වෙතත් සාම්ප්රදායී ක්රමයටම මෙය සිදුවූවොත් ……

ඒ නම්රටේ නායකයා සතුටු කොරන්නට  (ඒ තුලින් මීට වඩා සම්තින් ඇති උසස් ඇමතිකමක් ලබා ගැනීමට) ඇමතිතුමා සැදී පැහැදී සිටිත්.
ඇමතිතුමා සතුට කිරීමට අමාත්යාන්ශ ලේකම්තුමා නියෝග දීමට සූදානම්.
අමාත්යාන්ශ ලේකම්තුමා සතුටු කිරීම කොමසාරිස්තුමාගේ පරම  යුතුකමකි.
කොමසාරිස්තුමා පිනවීමෙන් ගනකාධිකාරී ඇතුලු උසස් යයි සිතන නිලධාරින්ට වැටුප් වර්ධකයට,අතිරේක නිදහසට පිනය.
උසස් යයි සිතන නිලධාරින් පිනවීමෙන් සැපයුම් අන්ශයට රජ මගුලය.
පහල සොක්කන්ට පොඩි බටාවක් හා ඕ.ටී. පාර ගමන් දීමනා එක් උනාම කඩේට ඇති පොඩි පොඩි නයටිකක් වත් ගෙවා ගන්න පුලුවන්.
දැන් කොහොමද මේ විශ්ව ළමා දිනය (සැම) රෙන්නේ…..
ලන්කාවේ ප්රසිද්ධ ආයතනයක් ගන්නවා කුලියට, සම්මන්ත්රණ ශාලාව වගේ
ලන්කාවේ ප්රසිද්ධ නර්තන , වාදන කන්ඩායමක් ගන්නවා රැගුමට,
ලමයින් ටිකක් තෝරා ගන්නවා රටේ  හැම තැනකින්ම,
කීයක් කියත් අවුලක් නෑ හදනවා සින්දුවක් ජාතීන් අතර සමගිය පෙන්නන,
ළමයින්ට මස්සනවා ලස්සන ඇදුමක් දවසින් මැහුම් ගැලවෙන,
කෑම ඕඩර් කරනවා උදේ,දවල්,හවස බඩ නොපිරුනත් අවශ්ය ප්රමානයට වඩා ටිකක් වැඩියෙන්,
ලන්කාවේ දුර පලාත් වලින් ළමයින් අද්දවනවා බස් වලින් ආරක්ශාව නැතත් උදෙන්ම,
ලොක්කෝ උජාරුවෙන් පැමිනෙති පමාවී…. යන ගමන් වනාවී අත,
ළමයින්ට දැන් දුකක් නැත. ඇදුමක්, කෑම පැකට්ටුවක්, චාරිකාවක් ලැබුන නිසා අද දවසේ,
නර්තන, රන්ගන අවසන්ය දැන් බෝ වී ඇත හවස් ජාමය
සියල්ල අවසන්ය ළමයිනේ දැන් පලයල්ලා ආ තැන් වලට ප්රවේසමෙන්,
ඒ තොපි ලබන වසරේත් අපිට කොඩි වනන්න, අපේ පැවැතම වෙනුවෙන්!
රූප පෙට්ටියෙන් ළමෝ බලා සිටීවි උන් පෙන්වන තෙක් දෑස් අයාගෙන,
අහෝ පෙන්වාවි නිමේශයක්, වැඩියමනක් පම්පෝරි දේශපාලනය,   
ගිය වියදම එනවාය එකතුව මිලියන 5ක් 6ක්, ඒ උනාට මොකද ඒකෙන් අපේ අභිමානය පෙන්නුවාය ලොවට, කොටසක් වැටිලාය සාක්කුවටත් නොදැනීම,
දරුවෝ නොදනිති මේ උන්ගේ අනාගතය උගස් කර කන්න දුන් බව, බත් පතකට සමහර විට මුලු අනාගතයම, (2014/09/30)

ජයවේවා! නමුත් නොවේවා! මේ විදියට හෙට.

 




Saturday, September 27, 2014

ප්‍රශ්න 24කින් ලමා අප්චාර අලට විසදුම් සොයමු.

 ......ළමා අයිතිවාසිකම් වලට පමණක් සීමාවීම නිසා අනෙකුත්
පාර්ශවයන්ගේ අයිතිවාසිකම් වලට යම්කිසි අසාධාරනයක් වෙනු ඇති. එසේම පූර්ණ නිගමනයකටද
එලඹීමට නොහැකිවනු ඇතැයි මගේ හැගීමයි. එබැවින් මා විවිධ කෝනයන්ගෙන් මා දකින ආකාරයට ඒ පිළිබදව විග‍්‍රයක් කරුනුයේ ඔබ ආයතනයේද ඒ පිළිබදව අවධානය යොමු කරවීමටයි.
ළමා අයිතිවාසිකම් ලෙස ගත්විට අද පවතින අධ්‍යාපන ක‍්‍රමය අනුව ළමයෙකුට එවැනි අයිතිවාසිකමක් අප විසින් ඇතිකර ඇත්ද යන්න පලමුවෙන් සිතා බැලිය යුතුය. අද දරුවන් දෙමාපියන්ගේ පරමාර්ථ පිරිමසින අධ්‍යාපන රොබෝවරුන්ය. ජනාධිපතිතුමාද යම් අවස්ථාවලදී මේ ගැන කතා කරනු දක්නා ලදී. ඒ පිළිබදව ලිපි දේශන කෙතෙකුත් ඇතත් ක‍්‍රියාමාර්ග ගැනීමට ජාතික හෝ අන්තර්ජාතික ආයතන නැත. දෙමාපියන්ටද මෙම ක‍්‍රමයෙන් මිදී විකල්ප ක‍්‍රමවේදයක් ගැන සිතිය නොහැකි තත්වයකට පත්ව ඇත. එසේ නොහැකි නම් මෙයට වගකිවයුතන් සහ අපචාර වැඩිවමට ඉගියක් මෙම ප‍්‍රශ්නාවලියෙන් ඔබට ලබාගත හැකිවේ යයි සිතමි.
1) ළමයින්ගේ විෂමාචාර වලට අධ්‍යාපන ක‍්‍රමය වක‍්‍රව බලනොපාන බව කිව නොහැක්කේ කාහටද?
2) තවද ලමයෙකු අපචාරයකට ලක්වූ පසු අධිකරණය මගින් දරුවා පරිවාස බාරයටත් අපචාරය සිදුකල පුද්ගලයා බන්ධනාගාර ගතකොට ටික දිනකිත් ඇපපිට නිදහස්ව සිවිල් සමාජය තුල නිදහසේ කටයුතු කරයි
නම් මින් දඩුවම් ලබන්නේ ළමයා මිස වෙන කවුරුන්ද?
3) මෙම ළමා රැුදවුම් නිවාසගත ළමයෙකුට ප‍්‍රමාණවත් මානසික රැකවරනයක් විධිමත් අධ්‍යාපනයක් පහසුකමක් ලැබේද? ඔව් නම් අධීක්ෂන වාර්තා පෙන්වා දිය යුතුය.
4) එසේම මෙම ළමා නිවාස වල අපචාරයේ ස්වභාවය මත හෝ වෙනත් වර්ගීකරනයකට ලක්කොට ඇතිද? 
(උදාඃ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ දරුවකු / අසරන ලිංගික අපචාරයකට ලක්වූ / පදිකදරුවන් / විවිධ අපරාධ වලට සම්බන්ධ හෝ වෙනත් ආකාරයකට වශයෙන්)
5) එසේ නොවුනහොත් මෙම ළමයින් පුනරුත්ථාපනය වෙනුවට තවත් අපරාධ හෝ අපචාර වලට යොමු වීමක් සිදු නොවේද?
6) මෙම පුනරුත්ථාපන ආයතන වල ළමයින් හා සෘජුව ගැටෙන සේවක සේවිකාවන්හට විධිමත් පුහුණු වැඩසටහන් වසරකට කොපමන සංඛ්‍යාවක් පවත්වා ඇත්ද?
7) ළමයින් පිළිබදව අධීක්ෂනය කරුනු ලබන්නේ කුමන පලපුරුද්දක් සුදුසුකමක් ඇති නිලධාරීන්ද?
8) එසේ නිවැරදි අධීක්ෂනයක් කලේනම් පසුගිය සමයේ අසන්නට ලැබුනු කනගාටුදායක සිදුවීම් සිදුනොවනු ඇත. මෙවැනි අධීක්ෂනයක් වූවානම් ඒ පිළිබද වාර්තා මෙම ආයතනවල දකිය හැකිද?
9) මෙවැනි අධීක්ෂන ස්ථාන හෝ සේවා ස්ථාන වලට නුසුදුසු පුද්ගලයන් පත්වී ඇත්නම් ඒ පිළිබදව සොයා නොබලන, ඒවාට වගකිවයුතු පරිපාලන ප‍්‍රධානියෙකු සිටීිද?
10) තවද මෙම ළමා නිවාස වලට රජයෙන් හෝ රාජ්‍ය නොවන ආයතන වලින් සපයන පහසුකම් (සාමාන්‍ය වාර්තා නොව) සත්‍ය ලෙස සැපයෙන පහසුකම් පිළිබදව නිරීක්ෂන කිරීමට ඉහල නිලධාරීන් මෙම එක් රැදවුම් නිවාසයකට වසරකට කොපමන සංඛ්‍යාවක් පැමිණ ඇත්ද?
11) මෙසේ සොයාබැලීමක් සිදු නොකොට රජයෙන් සැපයෙන විශාල ධනස්කන්ධය විදේශ සංචාර විවිධ උත්සව ලමා දින උත්සව සදහා වියදම් කරන රාජ්‍ය හෝ රාජ්‍ය නොවන නිලධාරීන් සිටීනම් ඔවුන්ද මෙම ළමා අපචාර වර්ධනයට වගකිව යුතුද?
12) දරුවන් වෙනුවෙන් පෙනී සිටීමට නොව ක‍්‍රියාකිරීමට මානව හිමිකම් ආයතන, ළමා රක්ෂන අධිකාරිය, පොලීසිය, කාන්තා හා ළමා කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව, පෞද්ගලික ආයතන හා ජනමාධ්‍ය ආායතන රැසක් ඇත. සංඛ්‍යාලේඛන ගත්විට රජය පමණක් එක් ළමයෙකු වෙනුවෙන් කොපමන රුපියල් ගණනක් මේ සදහා වියදම් කොට ඇත්ද? සමහරවිට රුපියල් මිලියනය ඉක්මවීමටද පුඵවන.
13) එම වියදම් කල මුදලට සාපේක්ෂව මෙම දරුවන්ට ලැබුන ප‍්‍රථිලාභය පිළිබද සෑහීමකට පත්විය හැකි්ද?
14) නමුත් වරදක් වනතෙක් දැනගෙන නිහඩව සිට වරද අසුවූ සැනින් ක‍්‍රියාත්මක වී තම ප‍්‍රථිරූපය ගොඩනගා ගැනීමේ පහත් අභිප‍්‍රායෙන් කටයුතු කිරීමට ඉහත සදහන් ආයතන ඉතා සන්වේදීව සැදී පැහැදී සිටියාද?
15) ළමා රක්ෂන අධිකාරිය පසුගිය වසරතුල සිදු කල විමර්ශන සංඛ්‍යාව සහ එහිදී මෙම ආයතනවල දූෂන අක‍්‍රමිකතා හදුනාගැනීමට නොහැකිවූයේ මන්ද?
16) එය එසේනම් ළමා රක්ෂන අධිකාරිය තම වගකීම ඉටු නොකොට මේ අවස්ථාවේ කරන්නේ තම වරදත් අනුන්ටම පටවා තම නිරුවත වසා ගැනීමේ රංගනයක් නොවේද?
17) එසේම මොරටුවේ වැටලීම අත්වැරද්දකින් සිදුවීනම් එම ආයතනයට සිදුවූ අපහාසයට වන්දි ගෙවිය යුත්තේ සමාව ගත යුත්තේ ළමා රක්ෂන අධිකාරිය නොවේද?
18) මෙයට කදිම නිදර්ශනයනම් මෑත කාලයේ ලමයින් කිහිප දෙනෙකු යම් රැදවුම් නිවාසයකින් පැනගොස් ගොස් පොලීසියට කොටවූ පසු එම ලමයින්ගේ ප‍්‍රකාශය මතම ඒකපාර්ශිකව රැදවුම් නිවාසයේ පාලිකාව
අත්අඩංගුවට ගැණුනි. මෙය ගැඹුරින් නොව සරලව සිතා බැලූවත් අදහස පැහැදිලිය. එනම් ළමයින් රැදවුම් නිවාසයෙන් පැන පොලීසියට නොගොස් පසුදින අසුවූ පසු ඔවුන්ගේ නිදහසට මීට වඩා යමක් එම ළමයින්ට කිව හැකිද?
19) එම ළමයින් පාලිකාව ගැන කීවා සේම පොලීසිය පිළිබදවද  විශ්වාසයක් නැති නිසා බස්නැවතුමටවී සිටියා කිව්වා නම් අදාල පොලීසියේ ස්ථානාධිපතිතුමාද අද අත්ඩංගුවට ගන්නවාද?
20) මෙම දරුවන්ට පරිවාස කාලය අවසන්වී රැදවුම් නිවාසයෙන් පිටවීීමට පෙර ඔවුන් වෙනුවෙන් යම් නිසි පුනරුප්ථාපන හෝ උපදේශන වැඩ පිළිවෙලක් තිබුනේ නම් ඔවුන් මෙම රැදවුම් නිවාසයෙන් මෙසේ
පැනයාද? මොවුන්ට ලබාදී තිබූ උපදේශන. පුනරුත්තාපන. අධ්‍යාපන. වාර්තා දැක්විය හැකි විය යුතුය.
21) මෙම පාලිකාව අත්අඩංගුවට පත් වූ පසුත් මෙම රැදවුම් නිවාසයෙන් ලමයින් නැවත පැනගිය විිට නැවතත් එවකට සිටි ස්ථානභාර පාලිකාව අත්අඩංගුවට නොගත්තේ මන්ද? එම සිදුවීමේදී තම රාජකාරිය නිවැරදිව හෝ වැරදි සහිතව සිදුකල සේවකයන් වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු මානව හිමිකම් සංවිධානයක් වෘත්තීය සමිතියක් අවම වශයෙන් නිවේදනයක් කිරීමට මරණාධාර සමිතියක්වත් නොමැති විය. මන්ද මෙම රැල්ල හැමුවේ ජනප‍්‍රිය පැත්තට නිසාය. එහෙත් මෙම සිදුවීමත් සමග ප‍්‍රසිද්ධියක් අනුකම්පාවත් ගොඩනැගීම සමගම ආරෝපනයවූ වගකිවයුතු අංශ නින්දෙන් ඇහැරුනු සිංහ පෝතකයන්සේ මාධ්‍ය මාමාලා සමග එක්ව වීඩියෝ ගතකරමින් සජීවී වැටලීම් සිදුකරීමට පටන්ගති. එහෙත් එම දඩයම වැරදුනේ වැටලූ එක් ළමා නිවාසයට ආගමික නැඹුරුවක් තිබීම නිසාය. එමනිසා සමහර ඇමතිවරු පරීක්ෂනය අවසන් වීමටත් පෙර අත්වැරුද්දක් ලෙස සමාව ගැනීමට පවා බයාදු විය. ඉන් පරීක්ෂනයේ තීන්දුවද පැහැදිලිය. වැටලීම් කල නිලධාරීන්ගේ වැඩ තහනම්ද විය හැක. මෙම සිදුවීම් දෙකෙහිදීම වරදකරුවන් නිෂ්චිත ලෙස මේ වනතෙක් හදුනාගෙන නොමැත. කෙසේ වෙතත් මීට පෙර නිවාසයේ සිදුවීම නොපෙනුන මහා පූජකතුමන්ට මෙම සිදුවීම පමණක් දර්ශනයවී වර්ජන
ගර්ජන කිරීම එම ආගම් දර්ශනයට අනුව සිදුවූවක් දැයි පැරණි පතපොත කියවා බැලිය යුතුය. නමුත් ජාතියක් වශයෙන් ප‍්‍රකාශයක් කිරීමට බැරිවුවත් තම ආගමිකයන් වෙනුවෙන්වත් ප‍්‍රකාශයක් කිරීමට ඉදිරිපත්වීම අගය කල යුතුය. රටේ දේශපාලන පක්ෂයක සුඵ අර්බූදයටත් මාධ්‍ය ප‍්‍රකාශ කරන. පෙලපාලි යන බහුවිධ වර්ණ මහානායක පූජකතුමන්ලාට මෙය කදිම පූර්වාදර්ශයක් විය යුතුය
22) තව පැත්තකින් බැලූකල පාලිකාව රෞද්‍ර අයෙක් යයි සිතමු මා මුලින් සදහන් කල ආකාරයට මාසිකව හෝ ක‍්‍රමවත් අධීක්ෂනයක් අගයීමක් මෙම ආයතන වල සිදුවූවා නම් එම පාලිකාවට විරුද්ධව එම ලමයින්ගෙන් පැමැණිලි කොතෙක් ලැබී තිබේද?
23) එම පැමිණිලි විභාග කර දී ඇති විසදුම් මොනවාද?
24) එවැනි ක‍්‍රමවේදයක් සිදුවී නැතිනම් ලමයින්ගේ යහපත වෙනුවෙන් ජනතා මුදල් මිලියන ගණන් කාබාසිනියා කරමින් සුඛෝපභෝගී ජීවිත ගතකරමින් ශීතකාමර වලටවී සිටි නිළධාරීන් මෙම තත්වයට අනිවාර්යයෙන්ම වගකිවයුත්තෝ නොවේද?
මෙහිදී මේ ගොනුකල කරුනු වල සාරාංශය ලෙස මෙසේ සදහන් කරමි
මෙම කනගාටුදායක තත්වය ඇතිවනතෙක් රාජ්‍ය ප‍්‍රධාණින් තම පහල නිලධාරීන්ට  ඕනෑම දෙයක් කරගන්නටදී ආයතන පරිපාලනය ගැන සොයාබලා නැති  වරදට දඩුවම් දෙනවානම් වරදට හවුල්වූ සියල්ලට
එක සමාන නීතියක් ක‍්‍රියාත්මක විිය යුතුය එසේම එම වරද නැවත නොවීමට ජාති ආගම් අනුව නොබෙදා කටයුතු සම්පාදනය කල යුතුය ළමයින් පැන යන්නේ ඔවුන්ට ප‍්‍රමාණවත් මාර්ගෝපදේශයක් උපදේශනයක් අධ්‍යාපනයක් නොමැති නිසාය මෙම තත්වය නිවැරදි කරනතාක්කල් ළමයින්ගේ රැදවුම් නිවාස සිපිරි ගෙයක සිරියක් ගැනීම වලකාලිය නොහැක 2012/05/26


Tuesday, September 23, 2014

සබ්බ දානං ධම්ම දානං ජිනාතී.........



අපි අපේ රටට ආදරෙයි. ඒ වගේම ආගමටත් ආදරෙයි. ඇයි..... ජාතියට මේ ඔක්කෝටම අපි ආදරෙයි. ඒ ආදරේ නිසාම අපි අන්ධ වෙන අවස්ථාත් තියෙනවා. මට මෙහෙම හිතිලා ගොඩාක් කල්. නමුත් මේවා ලියලා වැඩක් වේදැයි සිතුන නිසා නොලියා සිටියා. ඒත් මේ ළ`ග`දී පන්සලට ගිය වෙලාවේ මේ විනාසය ගැන ලියලා වැඩක් නොවුනත් මගේ හෘදසාක්ෂියට එක`ගව වැඩක් කලා කියලා හිත හදා ගැනීමේ අරමුණෙන් මේ ලිපිය ලියන්න හිතුනා. මේ ලිපියට ධනාත්මක ප‍්‍රථිචාර කෙසේ වෙතත් ටික දෙනෙක් තරහ නොවුනොත් වාසනාවක්. 
මේ වස්සාන කාලයයි. මේ කාලයේ පන්සල් වල විශේෂ වැඩසටහන් සම්පාදනය වෙනවා. විශේෂයෙන් සවස් බාගයේ වෙනත් පන්සල් වලින් ධර්මධර භික්ෂුන් වහන්සේලා වැඩමවලා ධර්ම දේශනා පවත්වනවා. මොනවද මේ ධර්ම දේශනා කියන්නේ? ඒවාත් කොටස් කීපයක් තියෙනවා. එකක් කාලීන ධර්ම දේශනා, අනික සාම්ප‍්‍රදායික ධර්ම දේශනා. මින්  කාලීන ධර්ම දේශනා ක‍්‍රමය ආරම්භ කලේ අපේ ගංගොඩවිල සෝම හාමුදුරුවෝ. උන්වහන්සේ ධර්මය මැනවින් ප‍්‍රගුන කරලා ධර්මය සම`ග රටේ දුස්චරිත වලට සහ මිත්‍යාදෘෂ්ඨික මතවාදයන්ට දිගට හරහට පහර ගැහුවා. මේ කාලයේ සම්ප‍්‍රදායික ධර්ම දේශනා වලට වඩා මේ දේශනාවන්ට ජනතා ආකර්ශනය වැඩි වීමක් දකින්න ලැබුණා. ගුවන් විදුලි, රූපවාහිනී වැඩසටහන් වලට ගංගොඩවිල සෝම හිමි නැතිවම බැරි චරිතයක් උනා. මේ උණුසුම අතර වාරයේ සෝම හිමි අපවත් වුනා කියන අතර තව කොටසක් ඒ හිමි අපවත් කෙරෙව්වා කියලත් කියනවා. ඒ සිද්ධියත් සම`ග සෝම හිමිගේ හිස් වූ පුරප්පාඩුව පුරවන්න භික්ෂුන් වහන්සේලා කීප නමක් උත්සාහ කරා. කොටසක් සෝම හිමිගේ භාෂා විලාසයත් ස්වරූපයත් ගන්න උත්සාහ කලා. ඒත් එම දේශනා හරවත් නොවුන නිසා ටික කලකින් උන්නාන්සේලා මාධ්‍යයෙන් නොපෙනී ගියා. අනුකරනය සහ හැකියාව අතර පරතරය මිනිස්සුන්ට වැටහෙන්න වැඩි කල් ගියේ නෑ. මේ සෝම හිමියන්ගේ දර්ම පුනරුදයත් සම`ගම මිනිසුන් නැවතත් පන්සල වෙත නැඹුරුවීමේ ප‍්‍රවනතාවයක් දකින්නට උනා. මේ අතර බෞද්ධ ධර්මයට අනුව ධර්මය දේශනා කරන්න පු`ඵවන් තවත් හිමිවරුන් කීප නමක්ද බිහි වුනා. වැඩි කාලයක් යන්න මත්තෙන් මේ අය සෝම හිමිගේ නාමය ඉදිරියට දාගෙන් ගමන අවසන් උනේ පාර්ලිමේන්තුවෙන්. මුන්වහන්සේලාගෙන් එක් නමක් ෆෙන්ෂුයි මන්ත‍්‍රී වරයෙකුගෙන් වෘෂන කෝෂ වලට ලැබුන පහරක් නිසා රෝහල්ගතව දේශපාලන නාටිකාවෙන් ගමන අවසන් කලාලූ. ඉතිරි කොටස වාසි පැත්තට හෝයියා වීමෙන් තවමත් පීචං වෙමින් හා මන්ත‍්‍රී වරප‍්‍රසාද ලබමින් ධර්ම රාජ්‍යයෙන් පිට නැංගුරන් දාගෙන සිටීලූ. 
මෙම වකවානුවේ මේ කල්ලි නොගැසුන ධර්මදර භික්ෂූන් වහන්සේලා කිහිප නමක් ප‍්‍රසිද්ධ මාධ්‍යයේ දැකගන්නට හැකි විය. කාලයත් සම`ග මෙම භික්ෂූන්වහන්සේලාට ගංගොඩවිල සෝම හිමිමෙන් විවිධාංගීකරන ධර්ම දේශනා වලින් ජනතා සිත්සතන් සැනසීමට තරම් පරිනත බවක් නොපෙණුනි. ඒ නොකඩවා ලැබුන ඉල්ලූම නිසා පූර්ව සූදානම් වීමක් ස`දහා කාලය පිළිබ`ද ඇතිවූ ගැට`ඵව වෙන්නට පු`ඵවන. මේ නිසා ධර්ම දේශනා වෙනුවට කාලීන දේශනා වල ස්වරූපයක් දිස් විය. සමාජයේ දුර්වල තැන් විවේචනය කරමින් භික්ෂුවකගේ හැසිරීමට නොගැලපෙන හැසිරීමක් දැක්වූවද ඉහලින් සිටින සංඝනායක හිමිවරුන්ගෙන් අවවාදයක් උපදේශයක් නොලැබුන නිසාදෝ උන්වහන්සේලා කටට එනදේ වදෑරීම නිසා දහමේ අගය බාල්දු විය. වරෙක දානය මේසෙට බෙදලා දීමෙන් නාස්තිය අඩු කරගත හැකි බවත්, චීවරය දරා සිටීම ලෙහෙසි පහසු නොවන බවත් කලිසමක් ඇ`ද උපාධිය ගැනීමද ඇගට නොදැනී සාධාරනී කරනය කරනු දක්නට හැකි විය. මෙය ඉතා ශෝචනීය තත්වයකි. 
එදා පටන් ධර්මය රැුකුනේ අපේ ගරුතර සංඝරත්නය නිසාය. මෙම සංඝරත්නය විසින් ධර්මය විකෘති කරමින් තවදුරටත් කටයුතු කරතොත් සංඝරත්නයෙන් ධර්මය ආරක්ෂා කරගැනීමට උපාසක ඇත්තන්ට සිදු වෙනු ඇත. නමුත් අද පන්සලේ සිටින්නේ උපාසක ඇත්තෝ නොව මුදලාලිලා ඇත්තෝය. දුප්පතෙකුට පන්සලෙන් පිහිටක් නැත. එදා ගමෙන් පන්සලට, පන්සලෙන් ගමට යන කියමන සාවද්‍ය වී ඇත. අද ගමෙන් පන්සලට පමණි. පන්සලේ නොසංසිදෙන ආශාවන් එමටය. ඉදිකිරීම් වල නිමාවක් නොමැත. ධර්මශාලාව,රන් වැට, ධාතු මන්දිරය, සුවිසල් සංඝාවාසය, මකර තොරන, නැවතත් ධර්ම ශාලාව ටයිල් කිරීම,බෝධිය වටා වැලි ම`ඵව වෙනුවට සිමෙන්ති කැට ඇතිරීම, සංඝාවාසය ප‍්‍රථිසංස්කරනය කිරීම....පෙරහැර සංවිධානය, විවිධ පූජා, ගිරි භාන්ඩ උත්සව වැනි නිමා නොවන පුණ්‍යකර්මය. මේ සියල්ල ආමිසය මුල් කරගත් වැඩසටහන්ය. නිර්වානය ස`දහා අත්‍යවශ්‍ය ප‍්‍රථිපත්තිය මුල් කරගත් වැඩසටහන් මේ අතර දකින්නට අහන්නට නොලැබෙන්නේය. ප‍්‍රථිපත්ති පූජාවන් වලදී මුදල් කියන්නාවූ සාධකය පන්සලට රැුස් නොවීම සහ නිවැරදි ධර්මය පුද්ගලයාට අවබෝධ වන නිසාදෝ භික්ෂූන්ගෙන්ද මේ ස`දහා අනුග‍්‍රහයක් නොලැබෙන්නේය. අද මේ ආමිස පූජාවන් නිසා පන්සලත්, සැනකෙලි භූමියත් හ`දුනා ගත නොහැකිව ඇත. මේ ස්ථාන දෙකේම ඇත්තේ විචිත‍්‍ර වර්නයන්ගෙන් බැබලෙන විදුලි බුබු`ඵ හා සැරසිලිය. අල්පේච්ඡුතාවය ඇති පන්සලක් අද දැකීම ඉතා දුෂ්කරය. මේ ආමිසය ස`දහා දායක වීමට නෙහැකි දුප්පත් උපාසකයන් පන්සලෙන් ඈත් වෙත්දී බලලූන් මරා හෝ සල්ලි හම්බුකරන සල්ලිකාර උපාසක උපාසිකාවන් දෙන පරිත්‍යාග වලට සරිලන ඵලක, දැන්වීම් පුවරු හැමතැනය. ශබ්ද විකාශනයෙන් ගමටම ඇහෙන්න ඒ අයට පුණ්‍යානුමෝදනාය. බොරලැස්ගමුව ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පන්සලක නායක හිමි දායකයෙක් සම`ග ප‍්‍රසිද්ධියේ අත්දෙක අල්ලා ගෙන යනු දැකීමෙන් මා ඉමහත් කම්පාවට පත්විය. තවත් පන්සලක ගිහි ධනාත්මක චින්තකයෙක් පෝදා භාවනායෝගීන්ට ධනාත්මක චින්තනය ගැන දේශනාවක් කලේය. ඊට අමතරව සංයම අභ්‍යාසයක්ද කරුනු ලැබිණ. එම විහාරාධිපතිවහන්සේ පෝදා සිල්ගත් උපාසක උපාසිකාවන්ට දර්ම දේශනයේදී වැඩි කාලයක් ගත්තේ ඉදිකිරීමට අදහස් කරන නව සැලසුම් ගැනය. අවශ්‍ය මූල්‍ය තත්වය රැුස්කිරීමට ගතයුතු දායකත්වය ගැනය. ඊට පසු භාන්ඩාගාරික උපාසිකාව මයික‍්‍රෆෝනය ගෙන ඉදිකිරීමට නන් අයුරින් දායකවූවන් ගැන ස`දහනක් කලාය. මේ වෙන දවසක නොව පුරපසලොස් පොහොය දාය. මෙයද නිර්මල බුදු දහම?
එක්තරා ප‍්‍රසිද්ධ පාසලක ආදී ශිෂ්‍යයන් ඒ අයගේ වයස අවුරුදු 50 ඉක්මවීම හේතු කොට ගෙන බෝධි පූජාවක් සහ ධර්ම දේශනයක් සංවිධානය කලෝය. ඒ ස`දහා පැමිණි දේශකයානන් වහන්සේ මෙම බෝධි පූජාව පැවැත්වන්නට යෙදුන ආසන්නතම හේතුව ලෙස ගොක්කොල පේන කොට මතුවන සිත යයි පැවසීය. එහි සත්‍ය අසත්‍යය කෙසේ වුවත් යහපත් ක‍්‍රියාවකදී එවැනි ප‍්‍රකාශයක් කිරීම කොපමන ගෝචර දැයි මට සිතුණි. මේ දේශනයෙන් මාසයක් ගත වෙන්නටත් පෙර සංගමයේ ප‍්‍රථමයා ලෙස එක් අයෙක් මලේය.
තවත් අවස්ථාවකදී එක්තරා දේශකයාණන් වහන්සේනමක් දර්ම දේශනය පුරාවට සින්දු තාලයට ගායනය කරමින් ගායකයගේ සහ රචකයා පිළිබ`ද විස්තර කරමින් විචාරයක් කලේය. එය විචාරයක්ද විකාරයක්දැයි එදින මාහට දැණුනි. මන්ද මා රේරුකානේ හිමියන්ගේ දර්ම පුස්තක කියවා ඇති නිසාය. 
තවද වර්ථමාන සමාජයේ රැුඩිකල්වාදීන් සියල්ල කාලයත් සම`ග වෙනස් විය යුතුය යන මතයක් ගොඩනගා ඇත. එසේ නොමැති නම් විශ්ව ගම්මාන සංකල්පය තුල ගෝලීයකරනයේදී ජාත්‍යන්තරයේ අප ¥පත් මානසිකත්වයෙන් හා හුදකලා වන ගෝති‍්‍රක මානසිකත්වයකින් හෙබි පුද්ගලයින් බවට පත් වන බව යෞවන සමාජය තුල ඒත්තු ගන්වමින් ඇත. මේ ස`දහා සර්ව ආගමික සංවිදානවල බික්ෂුවද යම්තාක් දුරට අත්වැලක් සපයයි. (අනගාරික දර්මපාල තුමාගේ 150 වැනි ජන්ම දිනය සිහිපත් කරන අද දිනයේ උන්වහන්සේගේ ප‍්‍රකාශ වලද ඇති වැදගත්කම මතු වෙමින් පවතී.* බුදු දහම ගෞතම බුදු රදුන්ට අනුව අකාලිකය. මෙය කලින් කලට වෙනස් විය නොහැක. එබැවින් දර්ම දේශන රටාවේ කිසිදු ආකාරයක වෙනස් වීමක් අවශ්‍ය වේද? සෝම හිමියන් දර්මය විකෘති නොකොට වත්මන් සමාජයට දැනෙන පරිදි දර්මය දේශනා කිරීමට හැකි වූයේ නම්ද එයට ජනතා ආකර්ශනයද නොඅඩුව ලැබුනේනම්ද එම ක‍්‍රමය හැර වෙනත් විකල්ප ක‍්‍රම භාවිතයෙන් නිර්මල බුදුදහම ලොවින් සැ`ගවීයාම වැලැක් විය නොහැක.
දැනට බොහෝ භික්ෂූන් වහන්සේලා ජනතා ආකර්ශනය ලබා ගැනීමට හාස්‍ය උත්පාදකයින් බවට පත්වී ජෝකර්ලා බවට පත් වී ඇත. දේශනය අතරට ඉංග‍්‍රීසි වචන දමන්නේ කොමර්ෂල් බ්රේක් එකක් ලෙසය. බන ශාලාව සිනහවෙන් ගිගුම් දෙද්දී දේශකයාණන් වහන්සේ සිතන්නේ දර්ම දේශනය සාර්තක ලෙසයි. ශ‍්‍රාවකයාද එසේමය. නමුත් මෙතැන සිදුවූයේ දර්ම දේශනයක් නොව සාමාන්‍ය දේශනයකි. මෙවැනි බනක් අවසන දී සිටි එක් උපාසක මහතකු පැවසූයේ බණ ටික නම් මරු කියාය. එවිට මා විමසූයේ බුදු බනට අනුව අවබෝධ කරගත් යමක් මා හට පවසන ලෙසයි. එවිටයි ඔහුට අවබෝධ උනේ මෙතෙක් අසා සිටියේ බුදු බන නොව සාමාන්‍ය දේශනයක් ලෙස බව.
තවත් සමහර පන්සල් වල බුදු මැදුර වසා දමා ඇත. උපාසක උපාසිකාවන් බෝධීන්වහන්සේ ල`ග සහ දේවාල අසල එක් රොක් වී ඇත. බෝධි වන්දනා ගාථා වෙනුවට කට්ටඞීන්, ජ්‍යොතීර්යකරුවන් සහ ව්‍යාපාරික භික්ෂූන් විසින් වෙල`දපල ආක‍්‍රමනය කල ස්තෝත‍්‍ර සහ අම්මා කියා අදෝනා දෙන කවිය. නච්ච,ගීත,වාදිත.....කියලා බුදුන් විසින් වදාල විනය උල්ලංගනය කරමින් සංගීත භාන්ඩයක වාදනය මුසු කරමින් එක් භික්ෂුවක් කරන මේ අදෝනාව පන්සල් වලද කඩසාප්පු වලද නිතර අසන්නට ලැබීම බෞද්ධයෙකු වශයෙන් කොතරම් කනගාටුදායකද? මේ කවිවල බුදුහාමුදුරුවෝ හොද බන කීවා.....ලූ. අද බෝධිය අසලද ඇහෙන්නේ පවුල් පිටින් පැමින කොට බංකු වල වාඩිවී තමා වෙනුවෙන් ගැයෙන මේ මිත්‍යා දෘෂ්ඨික යැදීම්ය. බුදුදහමේ ඉගැන්වීම අත්හැරීමයි. මගේ අපල දුරු වේවා! මගේ ගෙදර අයට මටද සැම ග‍්‍රහදොස් දුරුවේවා! මේවා තමයි බෝධිය පුරාවට ඇහෙන අෙ`දා්නා. බෝධි වන්දනා ගාථා අද බෝධියක් අසල අහන්නට නැත.
එසේනම් අපි අනාගත පරපුරට දායාද කරන්නේ මහායාන දර්මය කවලම් කරගත් ලොව කොහේවත් නැති නිගන්ඨ දර්මයක්ද? මේ වැරදි තැන් අල්ලාගෙන වෙනත් ආගම් වල අය ප‍්‍රශ්න කරන කොට උන්ට පලූ යන්න බැනලා වැඩක් තියේද, අපි අපේ නිර්මල බෞද්ධ දර්ශනය ආරක්ෂා නොකර. විවේචනය කරන්නාට අන්තවාදීන් කියා බනිනන්ට පෙර අපි දෙවරක් සිතා බැලිය යුතුයි මේ ගැන.             
අපි අපේ රටට ආදරෙයි. ඒ වගේම ආගමටත් ආදරෙයි. ඇයි..... ජාතියට මේ ඔක්කෝටම අපි ආදරෙයි. ඒ ආදරේ නිසාම අපි අන්ධ වෙන අවස්ථාත් තියෙනවා. මේත් එවැනි අවස්ථාවක් නේද..? එතකොට ඔබ..... ? (21/09/2014*

Sunday, July 27, 2014

වැරදි මානසික උපදේශනයේ භයානක පැතිකඩ


බුදු දහමේ ”ආරෝග්‍යා පරමා ලාභා ” යයි ගාථා පාඨයක් අප කවුරුත් අසා ඇත. මෙම පාඨය ඇසෙනවාත් සම`ගම අප හිතට දැනෙන්නේ ලෙඩකට දුකකට පත් නොවී සිටීම කෙතරම් භාග්‍යයක්ද කියාය. එහෙත් මේ ලෙඩ හා දුක යනු කායික රෝග පමණක් යයි සමහර විට ඔබට දැණෙන්නට ඇත. කායික රෝග වලට වැඩි අවධානයක් යොමු කරන අප මානසික රෝග හෝ පීඩා කෙරෙහි දක්වන අවධානය බටහිර රටවලට වඩා ඉතාමත් අවම තත්වයක පවතී. නමුත් වෙනත් ආගම් සම`ග බුදු දහම සසදන විට බෞද්ධ දර්ශනයේ පමණක් මනස ගැන පැහැදිලිව අවධාරණය කර තිබියදීත් බෞද්ධ දර්ශනය පැවතෙනවා යයි කියන රටක මෙම තත්වය පැවතීම පුදුම සහගතය. ආගමික මතවාදයෙන් බැහැරව බලන කල පුරාතණ බටහිර වෛද්‍යවරුන් සිත සහ කය යනු වෙන වෙනම ආයතන දෙකක් ලෙස සැලකීය. නමුත් නූතන බටහිර විද්‍යාවේ සිත සහ කය අතර තිබෙන සම්බන්ධතාවය ගෙන ඒ පිළිබ`දව පරීක්ෂණ පවත්වමින් මිනිසාට වැලදෙන රෝග වලින් සියයට හැත්තෑපහක් පමණ මනස මුල් වී ඇති වන බව සොයා ගෙන ඇත. කායික රෝගයකදී වෛද්‍ය ප‍්‍රථිකාර වැරදුන විට වැඩි කාලයක් නොගොස් රෝගියාට එහි විපාක අත් වි`දින්නට සිදුවන අතර මානසික ප‍්‍රථිකාරයකදී යම් ප‍්‍රථිකාරයක් වැරදුන විට එහි ප‍්‍රථිඵල ලැබෙනුයේ ඊට වඩා දිගු කලකින් වීමට පු`ඵවන.   

එම නිසා අප නොදැන ඇතිවන මානසික පීඩාවන් නිසා ඇතිවන කායික රෝගී තත්වයන් ගැන ටිකක් විමසිලිමත් වෙමු. මෙහිදී මීට වසර කිහිපයකට පෙර සුදුවූ සත්‍ය සිදු වීමක් උදාහරණයක් ලෙස පෙන්වා දෙමි.
එක්තරා පාසල් ශිෂ්‍යයෙකු වසරකට හතර පස් වතාවක් සිහිමුර්ඡුා වී රෝහල් ගත කිරීමට සිදුවිය. මේ පිළිබ`ද වෛද්‍යවරුන් කොපමණ පරීක්ෂණ කලද  රෝගයට හේතුව සොයා ගැනීමට නොහැකිව විශේෂඥ මානසික වෛද්‍යවරියක් වෙත යොමු කලාය. ඇයද විවිධ පරීක්ෂන සිදුකොට අවසානයේ දෙමව්පියන් සම`ගද සාකච්ඡුා. කිරීමට තීරණය කලාය. ප‍්‍රථමයෙන් මව සම`ග කතා බහ කල ඇය දෙවනුව පියා කැ`දවා ඇයගේ ශිෂ්‍ය වෛද්‍යවරු ඉදිරියේ සිදුවූ සංවාදය මෙසේය,
ප‍්‍රශ්ණ කිහිපයක් අසා....
ප‍්‍රශ්ණයඃ මේ ලෙඬේ හැදෙන්න හේතුව මොකක්ද කියලා දන්නවාද...?
උත්තරයඃ නිහ`ඩයි.
ප‍්‍රඃ දෙමාපියන් අතර සම්බන්ධතාවය කොහොමද? අ`ඩ දබර එහෙම සිදු වෙනවාද..?
උඃ ඔව්.
ප‍්‍රඃ ඇයි ඒ...?
උඃ බිරි`ද ගෙදර පිළිවෙලකට තියා ගන්නේ නෑ.
ඒ ගැන කිව්වම ඇය ගැටුම් ඇති කරනවා.
ප‍්‍රඃ මොනවද අපිළිවෙලට තියෙන්නේ..?
උඃ ගෙදර සාලෙ පුටු උඩ හැම තැනම ඇ`දුම් දමලා... දරුවන් පාසල් ගිහින් එන කොට බිරි`ද රූපවාහිනියේ කතා බලනවා කතාව ඉවර වෙනකම් ලමයින්ට කන්න දෙන්නෑ, ලමයින්ද නොකා රූපවාහිනිය බලන්න පුරුදු වෙලා. පාසල් කටයුතු ම`ග හැරෙනවා.
ප‍්‍රඃ ඔයාට  ඕන දරුවා සනීප කරගන්නද ගේ පිළිවෙලට තියා ගන්නද?
උඃ (නිහ`ඩයි..*
ප‍්‍රඃ (වෛද්‍ය සිසුන්ට ඉංග‍්‍රීසියෙන් යමක් පැහැදිලි කරයි* උත්තර දෙන්න.
උඃ  දරුවා සනීප කරගන්න (අකැමැත්තෙන්*
ප‍්‍රඃ ගෙදරට අවශ්‍ය බඩු ගේන්නෙ කව්ද...?
උඃ මම.
ප‍්‍රඃ ඇයි බිරි`දට ඒවා බාර නොදෙන්නේ...?
උඃ අපි ඉන්න ප‍්‍රදේශය දුෂ්කරයි. ඒ පැත්තෙ බස් තියෙන්නෙ පැයකට එකයි. ඒ නිසා ටවුමට යන්න පැයයි, එන්න පැයයි, බඩු ගන්නත් විනාඩි 30ක් විතර යනවා. මම හවසට ගෙදර යන ගමන්  ඕන බඩු ටික බයිසිකලේම ගෙනියනවා වෙලාව ඉතුරු කරගන්න.
ප‍්‍රඃ ඉතිං එයාට බඩු ගෙන්න දුන්නම මොකද වෙන්නේ...?
උඃ එතකොට ගෙදර වැඩ කරගන්න තවත් වෙලාව මදි වේවි.
ප‍්‍රඃ වෙලාව ගියත් නෝනා බඩු ගෙනාවම මොකද වෙන්නෙ? ඔයාට  ඕන දරුවා සනීප කරගන්න නෙමෙයිද? 
උඃ (පෙර වෛද්‍යවරියගේ ප‍්‍රථිචාරය ගැන දන්න නිසා* දරුවා සනීප කරගන්න
ප‍්‍රඃ තව මොනවද දෙන්නා අතර ප‍්‍රශ්න ඇති වෙන්න හේතු....?
උඃ දරුවන් උදේ නැගිට්ටම නි`දාගත්ත ඇ`දන් හදන්නේ නෑ. රාත‍්‍රියට නිදා ගන්න ගියාම උදේ අවුල් උන ඇ`දම අපිළිවෙලට තියෙනවා. මේවා ළමයින්ට පුරුදු උනොත් එයාලගෙ අනාගතයට හො`ද නෑ කියල මට හිතෙනවා.
ප‍්‍රඃ ඔයාට  ඕන දරුවා සනීප කරගන්නද ගේ පිළිවෙලට තියා ගන්නද?
උඃ දරුවා සනීප කරගන්න.
ප‍්‍රඃ දෙමාපියන්ගේ ප‍්‍රශ්න නිසා දරුවන්ට විවිධ රෝග ඇති වෙනවා. ළමයගේ ටිකට් කපන්න බෑ. දෙන්නා අතර සම`ගිය නැත්නම්. දැන් මට රූපවාහිනී සාකච්ඡුාවකට යන්න තියෙනවා ඒ නිසා දරුවගෙ රෝගී තත්වය ගැන හිතලා  ගෙදරද, දරුවද  ඕන කියල හෙට ඇවිල්ලා මාව හමු වෙන්න.
පලමු සැසිය අවසන් විය..

දෙවන දිනය
විශේෂඥ මානසික වෛද්‍යවරිය හදිසි කටයුත්තකට පිටව ගොස් ඇති නිසා පලමු සැසියේ සිටි ශිෂ්‍ය වෛද්‍යවරයෙක් දෙවන සැසිය ස`දහා ඉදිරිපත් විය.
ප‍්‍රඃ හා කොහොමද ඔයාගෙ අදහස අද වෙනස් උනාද....?
උඃ ඩොක්ටර්..., නෝනා වෙනස් නොවී නෝනට  ඕන විදියට ගෙදර වැඩ කටයුතු පැවරුවොත් දරුවන්ගෙ අනාගතයට මොනවා වේවිද...?
ප‍්‍රඃ  ඔය....ඔය... ඔයා අශුභවාදීව හිතන කෙනෙක්. (විශේෂඥ වෛද්‍යවරිය ලෙස අනුකරනය කරමින් ඊට වඩා ගාම්භීර ලෙස* ඔයාට  ඕන දරුවා සනීප කරගන්නද ගේ පිළිවෙලට තියා ගන්නද? 
උඃ දරුව සනීප කරගන්න.
ප‍්‍රඃ එහෙම නම්......? බබා සනීප කරගන්න ඔයා ධනාත්මකව හිතන්න  ඕන. නැත්නම් ටිකට් කපන්න මට බෑ.
උඃ හරි මම එහෙම කරන්නම් ඩොක්ටර්. දරුවගේ ටිකට් කපන්න.
ප‍්‍රඃ ආන්න.... ඔයාට දැන් තෙරුණා..... මේ මම කරේ උපදේශනයක්. හරිනම් මේකට සෑහෙන කාලයක් ගන්න වෙනවා. ඒත් අපිට මේවට ගොඩක් කාලෙ යොදන්න බෑ. හරියට වැඩ තියෙනවා ලෙඞ්ඩු ගොඩාක් ඉන්න නිසා. මම එහෙනම් ටිකට් කපන්නම් මාසෙකින් නෝනත් එක්ක ක්ලිනික් එන්න  ඕන. අපි නෝනගෙන් අහනවා. කරන්න  ඕන දේ දන්නවනේ. (සැසිය අවසන්*


මෙම දෙබසේ සහ ප‍්‍රථිකාර ක‍්‍රමයේ ශෝචනීය ප‍්‍රථිඵල වසර 10කට පමණ පසු අද මෙසේය....
මෙම දරුවා දැන් තරුණයෙකි. අද වන විටද නිදාගත් ඇ`ද, ම`දුරු දැල රාත‍්‍රීයේ නින්දය යන තෙක් අතීතයේ වෛද්‍යවරු දුන් ආදර්ශයට අනුවමය. කිලිටි ඇ`දුම් රාක්කියේ පුරවා දුගද හමමින් ඇත. අවවාදයක් දුන් සැනින් ආවේගශීලී වෙයි. අධ්‍යාපනය කඩාකප්පල් වී ඇත. රැුකියාවකදී මෙවන් අපිළිවෙල තරුණයෙකුට රැුකියා වෙළ`ද පලක් නැත. විවාහ ජීවිතයක් සාර්ථක වේවිද...? දෙමාපියන් තුල තිබූ අර්බුදයට නිවැරදි මානසික වෛද්‍ය ප‍්‍රථිකාර නොකිරීම නිසා අනාගතයේ දෙමාපියන් වන මෙම තරුණ තරුණියන්ටද එම ගැට`ඵව පරිත්‍යාග කොට ඇත. මෙවැනි තරුණයන් ගෙන් රටේ සංවර්ධනයට කෙබ`දු සෙතක් වේවිද...?  මොහුට අද උපදේශනය කල හැකි වුවද එදා වෛද්‍යවරියගේ නොසැලකිල්ලෙන්  දරුවාගෙන් ගිලිහුණු ලමාවිය, සාමාන්‍ය පෙළ/උසස් පෙළ...නැවත ලබා දිය හැකිද? මෙහි වරදකරුවන් ස`දහා ද`ඩුවමක් ධර්මයේ මිස නීතියේ නැත. දරුවාට කර්මයේ පිහිට පමණි.
මෙම සත්‍ය සංවාදය මම ඔබ වෙත පෙන්වා දුන්නේ මානසික උපදේශකයාගේ කාර්යභාරය මානසික වෛද්‍යවරයා විසින් සිදු කිරීම නිසා සිදුවූ විවසනය පිළිබ`දවයි.

එදා මානසික වෛද්‍යවරිය මානසිික රෝගයකැයි නිර්ණය කල මෙසේ උපදෙස් සැපයුවද වසර ගණනකට පසු එම වෛද්‍ය මතය වැරදි බව හ`දුනා ගෙන හෘද සැත්කමකින් ම`ගින් එම රෝගය සුව අතට පත් වී තිබුණි.

ඒ වන විට සියල්ල සිදුවී හමාරය. වැරදුනේ කොතැනද....?
කාර්ය බහුලත්වය නිසා එක් පාර්ශවයකට සවන්දී පූර්ව නිගමනයකට එලඹීම හෝ වෘත්තියට වඩා වෙනත් කරුණු පදනම් කරගෙන සංවේදී වීම විය හැකියි.
මෙවැනි සිදුවීම් ජනතාවට සන්නිවේදනය වන්නේ බොහෝ කලාතුරකිනි. නමුත් උපදේශනවරයෙකු ලෙස අපට මෙවැනි සිදුවීම් බොහෝ අත්වි`දීමට සිදු වී ඇත. 
එම නිසා මා මුලින් ස`දහන් කල පරිදි කායික රෝගයකදී ප‍්‍රථිකාර වැරදුනද කෙටි කලකින් එය ඉස්මතු වන නමුදු මානසික ප‍්‍රථිකාරයකදී ප‍්‍රථිකාර වැරදුන විට එය ඉස්මතු වන්නේ සහ ප‍්‍රථික‍්‍රියා දක්වන්නේ සිතා ගත නොහැකි ආකාරයට හෝ කාලයක් ගතවූ විටය. එමනිසා මානසික ප‍්‍රථිකාර ගැනීමේදී කායික ප‍්‍රථිකාර වලට වඩා වැඩි අවධානයක් යොමු කල යුතුය. 27/07/2014


Tuesday, February 4, 2014

බුදුන් නොදැක නිවන් ගිය ඇත්තෝ . . . . . . .



”ආසියාවේ විශාලතම කුඩු කන්ටේනරයක් නිදහස් කිරීමට බෞද්ධ කටයුතු පිළිබ`ද ඇමති තනතුර හොබවන..... අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ලේකම්........... චීවරධාරී යයි අගමැති පවසයි...... අග‍්‍රාමාත්‍ය කාර්යාලය වැටලූ සංඝරත්නය ඇතු`ඵ...... කැසිනෝ බුදුන් දවසද පැවතුනි...අගමැති නිර්දෝෂීයි හිමිවරු පවසති” මැයෙන් පසුගිය දිනවල රටපුරා මහත් ආන්දෝලනයක් පැවතුනි.


බුදුන් පරිනිර්වානයෙන් වසර 5000ක් පමණ ගත වෙත්ම නිර්මල බුදු දහම ලොවෙන් පිරිහී යනු ඇතැයි විශ්වාසයක් ඇත. විවිධ තර්ජන හමුවේ වසර 2550ක අවසන මේ තරමින්වත් බුදු දහම පැවතුනේ එදා දිවි හිමියෙන් ශාසනය රැුක ගැනීමේ කාර්යයක නිරත වුනු ගරුතර සංඝරත්නයේ පිහිට ආරක්ෂාව නිසාය. එදා සිටි ධර්ම ඥානයෙන් පිරිපුන් සංඝ රත්නය නිසා බුදුදහම විනාශ කිරීමට හෝ නිර්මල බුදු දහම විකෘති කිරීමට අන් ජාතීන්ට අන් ආගමිකයින්ට නොහැකි විය. රටේ සෞභ්‍යාග්‍ය, ජාතික අනණ්‍යතාවය, සංස්කෘතියද මේතාක් ර`දා පැවතියේ එදා සමාජය තුල පැවති ධාර්මික වට පිටාවක් තුලය. එකල විවිධ ජාතීන්, විවිධ ආගමිකයින් තම තමන්ගේ ආගම් අදහමින් සිංහල දමිල මුස්ලිම් ජාතික උත්සව වෙන වෙනම පැවැත් වුවද එකිනෙකාට ගෞරව කරමින් සහජීවනයෙන් ජීවත් විය. අද සර්ව ආගමික කියමින් ජාති ආගම් සියල්ල අච්චාරුවක් කරගත් ශ‍්‍රී ලාංකික කියන ජාතිය එකිනෙකාට වෛර කර ගනිමින් කුලල් කා ගනිමින් සිටිති. වගකිව යුත්තන් මේ කුලල් කා ගැනීම් පිටුපස සිටින්නේ කව්ද යන්න සොයා නොබලා මේ ආගමික, ජාතික කල්ලි වලට තව තවත් බේද බින්නව කටයුතු කිරීමට අනුබල දීම කනගාටුවට කරුණකි. එදා ඉංග‍්‍රීසීන් බෞද්ධ ජනතාව විවිධ ක‍්‍රම වලින් ක‍්‍රිස්තියානි ආගමට හැරවීමට උත්සාහ කලහ. එය අසාර්ථකවූ පසු සුදුසුකම් වලට අමතරව රජයේ උසස් රැුකියාවන් ස`දහා ක‍්‍රිස්තියානුවන් වීම අනිවාර්ය සුසුදුකමක් කිරීය. ඊට අමතරව මෙතෝදිස්ත පාසැල් දිවයිනේ දුෂ්කර ප‍්‍රදේශ වල ආරම්භ කර මිෂනාරි අධ්‍යාපනය හරහා දරුවන් ක‍්‍රිස්තියානි කරනය කිරීමට සැලසුම් කලේය. එය යම්තාක් දුරට සාර්ථක විය.
ඉන් නොනැවතුනු මේ අන් ආගමික සංවිධාන බෞද්ධ දර්ශනය මැනවින් අධ්‍යනය කලහ. හැදෑරූහ.  තවත් අන්ආගමික දරුවන් ළමා වියේ සිටම මහණ කොට ඒ අය ලවා ධර්මය විකෘති කොට දේශනා කිරීමටත්, බෞද්ධ පත පොත, බෞද්ධ ඉතිහාසය විකෘති කොට පල කිරීමටත්, පාලි භාෂාවෙන්, සංස්කෘත භාෂාවෙන් තිබූ ධර්මය පිරිත සිංහල භාෂාවට පරිවර්ථනය කරන මුවාවෙන් පිරිතේ ගුනයද, අනුහසද, අර්ථයද විනාශ කිරීමට කටයුතු යොදා ගැණුනි. මේ ස`දහා සිල්වත් බෞද්ධ භික්ෂුදව ඉතා සූක්ෂම ලෙස යොදා ගැණුන අවස්ථා ඇත. එදා පන්සලට උපකාර කරන මුවා වෙන් පන්්සලේ භෞතික පරිසරය ගොඩනැගිලි ඉදිකිරීමට මුදල්, යාන වාහන පරිත්‍යාග කරමින්ද ප‍්‍රධාන දායක වී භික්ෂූන් වහන්සේලා තුල තිබූ අල්පේච්ඡු ගුනය නැති කිරීම මහායාන සම්ප‍්‍රදායෙන්  සිදු විය. එදා ඉංග‍්‍රීසීන් අප රට පාලනය කරන සමයේ ආගම වෙනස් කොට රජයේ උසස් තනතුරු, දේශපාලන නායකත්ව ලබාගත් සිංහල  ජාතිකයන් තම දේශපාලන අරමුණු ක‍්‍රියාත්මක කිරීම ස`දහා භික්ෂුව දේශපාලනයට ඇද දැමීය. එයින්ද භික්ෂුව වාසි ලාභ පිණිස  ඕනෑම ප‍්‍රකාශයක් කිරීමටත් ජාතික වියසනයකදී නිහ`ඩව සිටීමටත් පුරුදු කලහ. මේ අතර භික්ෂූන් වහන්සේලාගේ උගත් බව වැඩි කිරීම පිණිස පිරිවෙනෙන් විශ්ව විද්‍යාල වලට වැඩිය භික්ෂූන් නිවන් මාර්ගය පසෙකලා රැුකියා මාර්ග ආදායම් මාර්ග සෙවීමට යුහු සු`ඵ විය. මෙම පරිහානියත් සම`ග අ`ඵත් සංස්කෘතියක් ලෙස පන්සලෙන් ගිහියාට ලැබුණු ධාර්මික අවවාද අනුශාසනා නැති වී පන්සලේ දායක සභාව හරහා මුදල් රැුස් කරමින් සුපිරි සංඝාවාස, බෝධීන් වහන්සේ වටා රන් වැට, ධාතු මන්දිර, තාප්ප, ඝන්ඨා කු`ඵණු ඉදිකිරීමට අසරන දායකයින් පෙලීය. අන්ත දුගී අසරන වුවත් බුදු දහමට හා ගරුතර සංඝරත්නයට තිබුණාවූ භක්තිය හා විශ්වාසය නිසා වැස්සට තෙමෙන තම  වහලට පොල් අත්තක් අහුරා නොගෙන තමන්ගේ ඊළ`ග ආත්මයේ සුව පිණිස පන්සලේ සංඝාවාසයට ඇස්බැස්ටෝ ෂීට් පූජා කරති. පිංකමේදී නායක තෙර ධර්ම දේශනයේදී ශබ්ද විකාශනයෙන් ගමටම ඇහෙන්න වැඩියෙන් පින් අනුමෝදන් කිරීම නිසා අනෙකුත් දායකයින්ටද එය පුංචි මදිකමක් විය. ඒ නිසා ඊළ`ග වර තමන්ගේ නැසීගිය ඥාතීන්ගේ සහ තමන් ඔවුන්ට කලින් දෙව්ලොව සැප සම්පත් ලබාගනු රිසියෙන් සංඝාවාසය ටයිල් කරවා සෝෆා කට්ටලයක්ද පූජා කරයි. මෙහිදී සිල්වත් දායකයා කොන් වී ධනවත් දායක තෙමේ භික්ෂුවගේ ප‍්‍රධාන දායක තැන උසුලයි. පසුව මුදල් කියනා සාධකය මත දායකයා විසින් භික්ෂුවට අවවාද අනුශාසනා ලබා දෙමින් පන්සල පාලනය කරයි.
මෙසේ අධ්‍යාත්මික බවින් මිදී ආර්ථික මෙවලමක් බවට පත්වූ භික්ෂුවට දේශනා කරන බණ වල සු`ඵ සු`ඵ වෙනස් කම් කිරීම්, අ`ඵත් තාලයේ පුද පූජා ක‍්‍රම බුදු දමහට ඇතුලත් කල යුතු විය. දිනක් එක්තරා පන්සලකට ඥාණ පූජාවක් පැවැත් විය. වැසි නොතකා උපාසක උපාසිකාවන් පැමිණ මුදල් ගෙවා රිසිට් පත් ගනු දක්නට ලැබුණි. තව අවස්ථා කිහිපයයි යනු වෙන් ශබ්ද විකාශනයෙන් කෑ මොර දෙද්දී ඒ රිසිට් පත්ද උනු කැවුම් මෙන් අවසන් විය. මේ අමුතුම තාලේ පූජාව බැලීමට මා ද ලංවිය. ගෞතම බුදු රජාණන්වහන්සේගේ 73ක් වූ ඥානයන් එක්  ඥානයක් රුපියල් දහසක මුදලකට අලෙවි වේ. බුදුන් වහන්සේ සාරා සංඛ කල්ප ලක්ෂයක් පෙරුම් පුරා රැුස්කරගත් ඥානය රුපියල් හැත්තෑ දෙදහසකට පැයකින් අලෙවි විය. දින හතක් මේ පූජාව සිදු විය. මේ පිළිබ`දව මා භික්ෂූන් වහන්සේ නමකගෙන් ප‍්‍රශ්න කල අවස්ථාවේ උන්වහන්සේ පැවසූයේ පන්සල වටා තාප්පය බැ`ද ගැනීමට මේ ක‍්‍රමය අනුගමනය කල බවයි. 
මෙසේ අධ්‍යාත්මික බවින් මිදී ආර්ථික මෙවලමක් බවට පත්වූ භික්ෂුවට දේශනා කරන බණ වල සු`ඵ සු`ඵ වෙනස් කම් කිරීම්, අ`ඵත් තාලයේ පුද පූජා ක‍්‍රම බුදු දමහට ඇතුලත් කල යුතු විය. දිනක් එක්තරා පන්සලකට ඥාණ පූජාවක් පැවැත් විය. වැසි නොතකා උපාසක උපාසිකාවන් පැමිණ මුදල් ගෙවා රිසිට් පත් ගනු දක්නට ලැබුණි. තව අවස්ථා කිහිපයයි යනු වෙන් ශබ්ද විකාශනයෙන් කෑ මොර දෙද්දී ඒ රිසිට් පත්ද උනු කැවුම් මෙන් අවසන් විය. මේ අමුතුම තාලේ පූජාව බැලීමට මා ද ලංවිය. ගෞතම බුදු රජාණන්වහන්සේගේ 73ක් වූ ඥානයන් එක්  ඥානයක් රුපියල් දහසක මුදලකට අලෙවි වේ. බුදුන් වහන්සේ සාරා සංඛ කල්ප ලක්ෂයක් පෙරුම් පුරා රැුස්කරගත් ඥානය රුපියල් හැත්තෑ දෙදහසකට පැයකින් අලෙවි විය. දින හතක් මේ පූජාව සිදු විය. මේ පිළිබ`දව මා භික්ෂූන් වහන්සේ නමකගෙන් ප‍්‍රශ්න කල අවස්ථාවේ උන්වහන්සේ පැවසූයේ පන්සල වටා තාප්පය බැ`ද ගැනීමට මේ ක‍්‍රමය අනුගමනය කල බවයි. 
ආත්ම විමුක්තිය, නිදහස සොයා එන උපාසක උපාසිකාවන් මේ ආකාරයෙන් මිථ්‍යාවට යොමු කරමින් පීඩාවට පත් බෞද්ධයා මංමුලා වී ඉච්ඡුාභංගත්වයට පැමිණ සිටින අවස්ථාවක තවත් ක‍්‍රිස්තියානි අන්තවාදී කොටස් මින් උපරිම ඵල ප‍්‍රයෝජන ගෙන මිළ මුදල්, ආහාර පාන, ඇ`දුම් පැල`දුම් සපයමින් ඔවුන් ලවා බුදු දහමට වෛරයක් ඇති කොට ඔවුන්ගේ නිකායන්ට බ`දවා ගනී. මින් කෝපයටපත් ජනතාව නැවත නැවතත් මුලාවට පත් කරමින් එයට විරැුද්ධව හ`ඩක් නැ`ගීමට චීවරය එවරද පෙරමුණ ගති. ඒ ස`දහා අන්‍යාගමීකරණ පනතක් ඉදිරියට ගෙන භික්ෂූන් කොටසක් මහජන ඡුන්දයෙන් පාර්ලිමේන්තුවට වැඩියද වසර ගණනාවකට පසුවද තත්වය එසේමය.  
ආත්ම විමුක්තිය, නිදහස සොයා එන උපාසක උපාසිකාවන් මේ ආකාරයෙන් මිථ්‍යාවට යොමු කරමින් පීඩාවට පත් බෞද්ධයා මංමුලා වී ඉච්ඡුාභංගත්වයට පැමිණ සිටින අවස්ථාවක තවත් ක‍්‍රිස්තියානි අන්තවාදී කොටස් මින් උපරිම ඵල ප‍්‍රයෝජන ගෙන මිළ මුදල්, ආහාර පාන, ඇ`දුම් පැල`දුම් සපයමින් ඔවුන් ලවා බුදු දහමට වෛරයක් ඇති කොට ඔවුන්ගේ නිකායන්ට බ`දවා ගනී. මින් කෝපයටපත් ජනතාව නැවත නැවතත් මුලාවට පත් කරමින් එයට විරැුද්ධව හ`ඩක් නැ`ගීමට චීවරය එවරද පෙරමුණ ගති. ඒ ස`දහා අන්‍යාගමීකරණ පනතක් ඉදිරියට ගෙන භික්ෂූන් කොටසක් මහජන ඡුන්දයෙන් පාර්ලිමේන්තුවට වැඩියද වසර ගණනාවකට පසුවද තත්වය එසේමය.  
භික්ෂුව පාර්ලිමේන්තු දේශපාලනයට මුහුන් වීම තුල පන්සල් විහාරවල මහා නායක හිමිවරු පත්වීම් ස`දහාද දේශපාලන ඇ`ගිලි ගැසීම් සිදුවිය. භික්ෂුව විවිධ විෂමාචාරයන්ටද හුරුවීම, දේශපාලකයන්ගේ උවමනාවන් ඉටු කිරීමට විවිධ සංවිධාන පිහිටුවමින් භික්ෂුවකට තියා මානවයෙකුට වත් නොගැලපෙන කලහකාරී හැසිරීම් ජාති විරෝධී ප‍්‍රකාශ එලිපිටම කිරීම නිසා අන් ආගමිකයන් රහසින් කරගෙන ආ කූට වත් පිලිවෙත් වලට එලිපිටම ජාත්‍යන්තර සහයෝගය ලැබෙන තත්වයකට පත් කරේද මේ චීවරධාරීන්මය. එසේම බෞද්ධ ජනතාවගේ හික්මීම කෙරෙහි තිබූ ජාත්‍යන්තර විශ්වාසයද බොහෝ දුරට විනාශ විය.
භික්ෂුව පාර්ලිමේන්තු දේශපාලනයට මුහුන් වීම තුල පන්සල් විහාරවල මහා නායක හිමිවරු පත්වීම් ස`දහාද දේශපාලන ඇ`ගිලි ගැසීම් සිදුවිය. භික්ෂුව විවිධ විෂමාචාරයන්ටද හුරුවීම, දේශපාලකයන්ගේ උවමනාවන් ඉටු කිරීමට විවිධ සංවිධාන පිහිටුවමින් භික්ෂුවකට තියා මානවයෙකුට වත් නොගැලපෙන කලහකාරී හැසිරීම් ජාති විරෝධී ප‍්‍රකාශ එලිපිටම කිරීම නිසා අන් ආගමිකයන් රහසින් කරගෙන ආ කූට වත් පිලිවෙත් වලට එලිපිටම ජාත්‍යන්තර සහයෝගය ලැබෙන තත්වයකට පත් කරේද මේ චීවරධාරීන්මය. එසේම බෞද්ධ ජනතාවගේ හික්මීම කෙරෙහි තිබූ ජාත්‍යන්තර විශ්වාසයද බොහෝ දුරට විනාශ විය.
මෙහිදී දුෂ්ශීල භික්ෂුවගේ ආරක්ෂාවට දේශපාලකයන් ඉදිරිපත් වීම තුල බෞද්ධ ශ‍්‍රාවකයා පන්සලේ විහාර ගෙයි බදාමයෙන් තනා ඇති කන්ථක අශ්වයා සේ නිසොල්මන් වූහ. මේ දේශපාලන ආශීර්වාද ලද භික්ෂූන් තම තමතට රිසි සේ ධර්මය විකෘති කරමින් පන්සල වෙනුවට සත්ප‍්‍රසාද ඉදි කිරීය. තම නමින් පත පොත මුද්‍රණය කිරීය. මුදල් රැුස් කිරීම ස`දහා පදනම්, භාර පිහිටු වීය. නිවන ස`දහා පංති පවත්වා සහතිකද පිරි නැමූහ. බුදු දහමේ නැති පෙරහරවල් සංවිධානය කලහ. පෙරහැරේ ප‍්‍රධාන ආරාධිතයා දේශපාලන බලවතාය. කරඩුව හිස මත තබා යන්නේ බාර් හිමි, ස්ත‍්‍රී ¥ෂක මැති ඇමති වරුය.  තව කොටසක් ගුරුකම් යන්ත‍්‍ර මන්ත‍්‍ර, ජ්‍යෙතිෂය පන්සල තුලම සිදු කලහ. මින් උපරිම ඵල ප‍්‍රයෝජන ගත් අන්‍යාගමිකයින් රාජ්‍ය නොවන සංවිධාන වල ප‍්‍රතිපාදන වරදාන වලට යටත්ව මාධ්‍ය ආයතනවල මාධ්‍යකරැුවන් මුදලට ගෙන, පෙරමුණට සිංහල නමුත් අන් ආගමික සම්බවයක් ඇති ආචාර්ය, මහාචාර්ය වැනි ප‍්‍රසිද්ධ චරිත උපයෝගී කරගනිමින් සිය`ඵ ආගම් විරෝධී තේමාව යටතේ බුදුදහම පමණක් කේන්ද්‍ර කොට බුදුදහමට අන්තර්ග‍්‍රහනය කලාවූද, විද්‍යාත්මකව ඔප්පු කිරීමට තරම් විද්‍යාවේ නොදියුණු කම නිසා බෞද්ධ දර්ශනයේ යම් කොටස් ගෙන සිත්සේ පහර දෙති. මේ බව ගැඹුරින් අධ්‍යනය නොකල සමහර බෞද්ධයෝද ධර්මය අවබෝධ කරගනු පිණිස නොයා මේ එන්.ජී. ඕ. නඩය හා එක්ව දර්මයට එරෙහිව හුරේ දමති.   
මෙහිදී දුෂ්ශීල භික්ෂුවගේ ආරක්
ෂාවට දේශපාලකයන් ඉදිරිපත් වීම තුල බෞද්ධ ශ‍්‍රාවකයා පන්සලේ විහාර ගෙයි බදාමයෙන් තනා ඇති කන්ථක අශ්වයා සේ නිසොල්මන් වූහ. මේ දේශපාලන ආශීර්වාද ලද භික්ෂූන් තම තමතට රිසි සේ ධර්මය විකෘති කරමින් පන්සල වෙනුවට සත්ප‍්‍රසාද ඉදි කිරීය. තම නමින් පත පොත මුද්‍රණය කිරීය. මුදල් රැුස් කිරීම ස`දහා පදනම්, භාර පිහිටු වීය. නිවන ස`දහා පංති පවත්වා සහතිකද පිරි නැමූහ. බුදු දහමේ නැති පෙරහරවල් සංවිධානය කලහ. පෙරහැරේ ප‍්‍රධාන ආරාධිතයා දේශපාලන බලවතාය. කරඩුව හිස මත තබා යන්නේ බාර් හිමි, ස්ත‍්‍රී ¥ෂක මැති ඇමති වරුය.  තව කොටසක් ගුරුකම් යන්ත‍්‍ර මන්ත‍්‍ර, ජ්‍යෙතිෂය පන්සල තුලම සිදු කලහ. මින් උපරිම ඵල ප‍්‍රයෝජන ගත් අන්‍යාගමිකයින් රාජ්‍ය නොවන සංවිධාන වල ප‍්‍රතිපාදන වරදාන වලට යටත්ව මාධ්‍ය ආයතනවල මාධ්‍යකරැුවන් මුදලට ගෙන, පෙරමුණට සිංහල නමුත් අන් ආගමික සම්බවයක් ඇති ආචාර්ය, මහාචාර්ය වැනි ප‍්‍රසිද්ධ චරිත උපයෝගී කරගනිමින් සිය`ඵ ආගම් විරෝධී තේමාව යටතේ බුදුදහම පමණක් කේන්ද්‍ර කොට බුදුදහමට අන්තර්ග‍්‍රහනය කලාවූද, විද්‍යාත්මකව ඔප්පු කිරීමට තරම් විද්‍යාවේ නොදියුණු කම නිසා බෞද්ධ දර්ශනයේ යම් කොටස් ගෙන සිත්සේ පහර දෙති. මේ බව ගැඹුරින් අධ්‍යනය නොකල සමහර බෞද්ධයෝද ධර්මය අවබෝධ කරගනු පිණිස නොයා මේ එන්.ජී. ඕ. නඩය හා එක්ව දර්මයට එරෙහිව හුරේ දමති.   
තවත් නිර්මල බුදුදහම සොයමින් මංමුලාවූ දායකයෝ ධර්ම පිපාසයෙන් භික්ෂූන් වෙත ගොස් විකෘති බණ අසා කල්ලි ගත විය. එකෙක් කොලොන්නාවේ කල්ලියේ නම් අනෙකා කිරිබත්ගොඩය. තවකෙක් පිට¥වේ වන විට තවකෙක් උඩුවේ විය. මේ අයට විරුද්ධව නැග ආ ගංගොඩවිල සෝම හිමියන්ගේ අපවත් වීමෙන් එතැන පිර වීමට පැමිණි භික්ෂූන් වහන්සේලාද ජනතාව ඉදිරියේ ප‍්‍රසාංගික ධර්මය දේශනා කලහ. එයද බුදු දහමට පටහැනි විය. සමහර දේශකයාණන් වහන්සේ වරක සංයමයෙන් කරුනු පහදයි. ටිකකින් ජෝකරයකුසේ විහි`ඵ කරයි. ක්ෂනයකින් හම්බානට බැට දෙති. ඉංග‍්‍රීසි කෑලිද ඒ අතරට එක් කරයි. එබැවින් මා දන්නා තරමට නිර්මල කියන්නාවූ බුදු දහම අද සමාජයේ සොයා ගැනීමට නැත. මේ අතර බුදු බව, මාර්ගඵල, සෝවාන්ඵල ලැබූ බවට සමහර භික්ෂූන් භික්ෂුණීන් උපාසක උපාසිකාවන් ප‍්‍රකාශ කරති. මේ අයගෙන්  ලද අවස්ථාවෙන් නිවන් යාම පිණිස සමහරුන් ගේ දොර අඹු දරුවන් අමතක කොට දිවා ? නොබලා සන්තකයේ ඇති සියල්ල කැප කර තමාගේ සහ තම පවුල් ජීවිතයද අපායක් කර ගනී. 
තවත් නිර්මල බුදුදහම සොයමින් මංමුලාවූ දායකයෝ ධර්ම පිපාසයෙන් භික්ෂූන් වෙත ගොස් විකෘති බණ අසා කල්ලි ගත විය. එකෙක් කොලොන්නාවේ කල්ලියේ නම් අනෙකා කිරිබත්ගොඩය. තවකෙක් පිට¥වේ වන විට තවකෙක් උඩුවේ විය. මේ අයට විරුද්ධව නැග ආ ගංගොඩවිල සෝම හිමියන්ගේ අපවත් වීමෙන් එතැන පිර වීමට පැමිණි භික්ෂූන් වහන්සේලාද ජනතාව ඉදිරියේ ප‍්‍රසාංගික ධර්මය දේශනා කලහ. එයද බුදු දහමට පටහැනි විය. සමහර දේශකයාණන් වහන්සේ වරක සංයමයෙන් කරුනු පහදයි. ටිකකින් ජෝකරයකුසේ විහි`ඵ කරයි. ක්ෂනයකින් හම්බානට බැට දෙති. ඉංග‍්‍රීසි කෑලිද ඒ අතරට එක් කරයි. එබැවින් මා දන්නා තරමට නිර්මල කියන්නාවූ බුදු දහම අද සමාජයේ සොයා ගැනීමට නැත. මේ අතර බුදු බව, මාර්ගඵල, සෝවාන්ඵල ලැබූ බවට සමහර භික්ෂූන් භික්ෂුණීන් උපාසක උපාසිකාවන් ප‍්‍රකාශ කරති. මේ අයගෙන්  ලද අවස්ථාවෙන් නිවන් යාම පිණිස සමහරුන් ගේ දොර අඹු දරුවන් අමතක කොට දිවා ? නොබලා සන්තකයේ ඇති සියල්ල කැප කර තමාගේ සහ තම පවුල් ජීවිතයද අපායක් කර ගනී.  දැන් ඇත්තේ අවසන් ජවනිකාවයි. ඉහත කී විපරීත සමාජයේ හෙම්බත් වී කල්ලි ගැසුනු බෞද්ධයන්ට බණ දෙසන බුදුවූ, පසේ බුදුවූ, රහත්වූවා යයි කියන හිමිවරු ගිහියන්..... සංඝයාට දෙසූ අභිධර්මය ගිහියාට දේශනා කරමින් ඒ අනුව ජීවත් වන ලෙස පවසමින්ද, බුදුන් ගිහියාට දේශනා කල ධර්මය අනුව වැඩ වාසය කරති. මෙහි වැරදි නිවැරදිතාවය ගැන මා කිසිවක් ප‍්‍රකාශ නොකරමි. නමුත් ඉහත උත්තමයින්ගේ ප‍්‍රකාශ කිහිපයකට මා ඔබගේ අවධානය යොමු කරමි. 
බුදු දහම කරරෙකු විනාශ කරන්නේද ඔබ බෞද්ධයෙක් නම් ඒ ගැන උපේක්ෂාවෙන් බලා සිටින්න. අපට කල හැක්කක් නොමැත.
බුදු දහම කරරෙකු විනාශ කරන්නේද ඔබ බෞද්ධයෙක් නම් ඒ ගැන උපේක්ෂාවෙන් බලා සිටින්න. අපට කල හැක්කක් නොමැත.
ඊල`ග වර ඔබ ඉපදෙන විට බුදු දහම මෙපවන වත් සොයා ගත නොහැක. භාවනා යෝගීව ඉක්මණින් නිර්වාණය පිණිස කටයුතු කරන්න. සියල්ල අත් හරින්න. (මෙසේ පැවසූ එක් කාන්තාවක ගෙන් කෙසේ අත් හැරීම කලේ දැයි විමසූ විට ඇය පැවසූයේ මා සතු සිය`ඵම ව්‍යාපාර බලා ගැනීම ස`දහා කන්ඩායම් යොදා මා ආගමානුකූල ජීවිතයක් ගත කරන බවයි. සතිඅග පමණක් ගිණුම් පරීක්ෂා කිරීමට මේ ආයතන ස`දහා යන බව පැවසීය.                                                                                                             (30/01/2014)
 

Tuesday, January 7, 2014

ළමාඅපචාර ශ‍්‍රී ලංකාවෙන් තුරන් කල හැකිද ?



මා ටික කලක සිට ලිපි ලිවීම අමතක කර සිටියෙමි.ඒ කොතරම් ලිපි ලිව්වද රටේ සිදුවන අපචාර වල දුෂණ වල අඩුවක් නොවීම නිසාය. ඒ පිළිබදව හරවත් ලිපි පුවත්පත් වලට ලීවද කතෘවරුන්ට අවශ්‍ය වූයේ අපචාරයක් වුවද ඉන් හමනා දු`ගදද සුවදක්සේ කටට කෙල උණන කරවල හොද්දක් ලෙසින.බැරිම තැන අන්තර් ජාලයේ බ්ලොගයක් හරහා මාගේ ලිපි පලකිරීමට උත්සාහ කලෙමි. නමුත් බ්ලොග් කියවන්නන් හා පලකරන්නන් වැඩි පිරිසකට ඇත්තේ රට, ජාතිය පිළිබ`ද ප‍්‍රශස්ත දැනුමකි. සත්භාවික උවමනාවකි. එවැනි අවබෝධයක් ඇත්තන්ට අවබෝධය ලබා දීමේ අවශ්‍යතාවයක් නැත. එබැවින් එම කටයුත්තද අත්හැරීමටසිදුවිය. මේබ්ලොග් ලියන්නෝද රටේ සිදුවෙමින් පවතින හා අනාගත ව්‍යවසන යමැනවින්අවබෝධකරගෙනසිටියදබොහෝහරවත් ලිපි ලියූබ්ලොග් කරුවන් ලිවීම අතහැර දැමුවේ හුදෙක් රටේ පිළිගත් කියන්නාවූ චරිතද මේ කතාන්දර හා සෘජුව සම්බන්ධ වන්නට වීම නිසා කලකිරීමකට පත්වීම නිසා වන්නට පු`ඵවන. නමුත් මා ලියූ ලිපි අන්තර් ජාලය ඔස්සේ විවිධ රටේ වගකිවයුතු පුද්ගලයන් හට යැවීමි. කෙසේ හෝ මා ලියූ යම්ප‍්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ ප‍්‍රශ්න කිරීමට ලකම්ම නිසා නැවතත් රටට යමක් කල හැකිබව අවබෝධවිය. 

මා ලිපි ලිවීම තාවකාලිකව අතහැර දැමුවද අන්තර්ජාලයෙන් පුවත්පත් කියවීමත් ඒවාට කමෙන්ට් (අදහස්* පලකිරීමටත් අමතක නොකලෙමි. එහිදීද සුපුරුදු මාධ්‍ය හිංසනය නොඅඩුව එතැනද ඇතිබව පෙනුනි. සමහර පුවත්පත් වලට ප‍්‍රතිචාර දැක්වීමේදී සූක්ෂම ලෙස අදහස සංස්කරනය කොට විකෘතිව පලවේ.තවත් ආයතන වල ප‍්‍රතිචාර පලවන්නේ ඒ අයගේ මතයට ගරු කරන්නන්ගේ ඒවා පමණි. සමබර කිරීමට ද්වේශයෙන් ඉදිරිපත් කරනා ප‍්‍රතිචාර අසභ්‍ය ලෙස ප‍්‍රචාරය කරයි. තවත් විටක විරුද්ධ මතයට ඇතුලතින්ම අන්වර්ත නම් උපයෝගී කරගෙන විරුද්ධ මතය පලකරන්නාට නිර්දය ලෙසපහර දෙයි.එදා මාධ්‍යවේදීන් සිටියද අද ඇත්තේ මාද්‍යකරුවන්ය. එදා සේවාවක් වූ මාද්‍යය අද ලාභ උපයන ව්‍යාපාරයක් බවට පත් වී ඇත. මෙසේ වීමට හේතුව දේශපාලන හා ජනමාධ්‍ය යන සේවාවන් දෙකටම අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නොවීමයි. රජයේ සු`ඵ රැකියාවක් ස`දහා සාමාන්‍ය පෙල විභාගය සමත් විය යුතු වුවද උත්තරීතර සේවාවකට සුදුසුකම් ඇති නොකරන තාක්කල් මෙම සභ්‍යත්ව විරෝධී වක්කුටු සංස්කෘතිය රටෙන් අතුගා දැමිය නොහැක.

තවද රටේ සිදුවන අපරාධ රසවත් කර පල කිරීම හා අපරාධකරුවන්ට අනවශ්‍ය වීරත්වයක් ඉස්මතු කරමින්ද වරෙක ගොදුරට ලක්වූවන් පමණට වඩා දයානුකම්පාව ඇතිකරවමින් වාර්තාකරණය රටේ අපරාධ වැඩිවීමට හේතුවක් වේ.

2014 නව අවුරුදු උදාවත් සම`ග ජනවාරි පලමුවැනිදා අපූරු පුවතක් පල විය. ඒ හැට පහේ සීයා හැටේ සීයෙක් දුෂණය කරලා යන්නයි.මේ වාර්තාව පලවීමත් සම`ග අ`ඵත් සංස්කෘතියක පෙර නිමිති පහල වීමක් ලෙස සැලකිය හැකිය.රොබට් නොක්ස් පැවසූ ආකාරයට තරුණ රුවැති ස්ත‍්‍රියකට රන්ආභරන පෙරවා දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා නිරුපද්‍රිතව ගමන් කිරීමට කෙසේ වෙතත් අවුරුදු 60 සීයෙකුටත් අද ගෙදරට වී සිටිය නොහැකි තත්වයකට පත් වී ඇත්තේ ඇයි....? එදා ශ‍්‍රී ලංකාව ගැන,පෞ`ඪ ඉතිහාසයක් ගැන අභිමානයෙන් කතා කල අපට පසුගිය වසර 100ක් තුල අභිමානයෙන් කතා කලහැකි විශිෂ්ඨ නිර්මාණයක් තිබේද?තවමත් උදම් අනන්නේ ශ්‍රේෂ්ඨ රජවරුන් ශ‍්‍රී ලංකාව පාලනය කල යුගයේ ඉතිරිවූ නෂ්ඨාවශේෂ කිහිපයක වගතුග හැරුන විට රටට ඉතිරව ඇත්තේ මනුස්සකම ගිලිහුන භෞතික වශයෙන් ඉතිරිවූ කොන්ක‍්‍රීට් වනාන්තරය. 65 පැන්න සීයා 60 පැන්න සීයා දුෂණය කිරීම යනු මිලෙච්චත්වයේ උපරිමමය. 2020 දී ලමා අපයෝජනයට අසුනොවුනු වැඩිහිටියෙක් සොයා ගැනීම එංගලන්තයෙන් වයස අවුරුදු 16 ඉක්මවූ කන්‍යාවියක් සොයා ගැනීමට වඩා අසීරුවනු ඇත.

එසේනම් කල යුත්තේ කුමක්ද?මේ පුද්ගලයින් තුල කාමුක හැ`ගීම් ජනිත කරනමාධ්‍ය (ටෙලිනාට්‍ය, චිත‍්‍රපටි, ස`ගරා, වෙළ`ද දැන්වීම්, ඇ`දුම්විලාසිතා, ජංගම දුරකතන, අන්තර්ජාල සේවා* වලට වාරනයක් ඇති කල යුතුය. අපචාර,දුෂණ වලදී එක්වකටයුතු කිරීමට සිය`ඵම අදාල ආයතන වලින් සැදුම්ලත් එක් පරිපාලනයක් යටතේ ආයතනයක් ස්ථාපනය කල යුතුය. ඒ ආයතන වල සිදුවන කටයුතු විනිවිද භාවයකින් දැනගැනීම පිණිස සිවිල් ජනතාවටද විවෘත විය යුතුය.දැනට පවතින සාමාන්‍යක‍්‍රමය නම් සංඛ්‍යාලේඛන ස`ගවා අසත්‍ය සංඛ්‍යාලේකන ඉදිරිපත් කිරීම හෝ විස්තර සැපයීම ම`ග හැර සිටීමයි.මේ ස`දහා පෞද්ගලික අත්දැකීම්ද මා සතුව ඇත. පසුගිය දිනක විෂයභාර අමාත්‍යවරයෙක් අනෙක් වර්ෂ වලට සාපේක්ෂව අපචාර අඩුවී ඇති බවට ප‍්‍රකාශ කල අතර තවත් පුවත් පතක අපචාර වල වැඩිවීම සංඛ්‍යාත්මකව පෙන්වා දී තිබුණි. මෙයට හේතුව අදාල උසස් නිලධාරීන් තම සේවය හරිහැටි ඉටු නොකොට තමන්ට වරදාන ලබා ගැනීම වෙනුවෙන් අමාත්‍යවරයා නොමග යැවීමයි. තවත් වරක තම ආයතනයේ සේවය හරිහැටි ඉටු නොකොට තවත් රාජ්‍ය ආයතනයක සේවකයින් අත්අඩංගුවට ගෙන ප‍්‍රසිද්ධියක් ලබා ගැනීමට ගොස් ක`ඵපැල්ලමක් ගාගත් අධිකාරියක සභාපතිනියකි. එක් අවස්ථාවකඅ පචාර සිද්ධියකට මුල්වූ ආයතනයක පාලකයින් අත්අඩංගුවට පත් වූ විගස ආගමික නායකයෙක් බලපෑම් කොට ප‍්‍රශ්නය යටපත් කරවිය. මේ ස`දහා මාධ්‍ය ප‍්‍රසිද්ධිය දුන් මාධ්‍යආයතනද එසැණින් ගො`ඵ විය.මේ සියල්ලට විස`දුම මා කලින් යෝජනා කල විනිවිදභාවයෙන් කටයුතු කරන සිය`ඵ ආයතන ඒකරාශී කොට දේශපාලනයෙන් මදක් හෝ හුදකලාවූ ආයතනයක් පිහිටුවීමයි.ළමා අපචාර වැලැක්වීමට මීට වඩා වෙනත් ක‍්‍රමයක් නැත. ඒ ස`දහා අත්වැල් බැ`ද ගත යුතු ආයතන නම් කාන්තා හා ලමා අභිවෘද්ධි අමාත්‍යාංශය, ළමාරක්ෂනඅධිකාරිය, ශ‍්‍රී ලංකා පොලිසිය ඇතු`ඵ සිවිල් ආරක්ෂක කමිටු, අධිකරණ හා පුනරුත්ථාපන අමාත්‍යාංශය, මානව හිමිකම් කොමිෂන් සභාව සහ වෘත්තීය පුහුණු අධිකාරිය ,සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වැනි ආයතනයන්ය. 
                                                                                                                                           
(01/01/2014)