Search This Blog

Tuesday, September 30, 2014

හෙට දින විශ්ව ලමා දිනයයි. අපි හෙට කුමක් කරම්ද?.....


මේ මොහොත වන විට හෙට මේ දිනය අභිමානයෙන් (සැම)රීමට රාජ්ය හා රාජ්ය නොවන සන්විදාන නිදි මරා කටයුතු කරනු ඇති. රාජ්ය නොවන ආයතන නම් විදේශීය රාජ්යන්ගෙන් කුට්ටියක් කඩාගෙන ඉදිරි වසර සදහා ඔවුනොවුන්ගේ පැවැත්ම වෙනුවෙන් කීයක් හෝ  ඉතිරි කර ගත්තාට රටට එතරම් දැනීමක් නැත්තේය. ඒ ජනතාවගේ සාක්කුවට ඉන් පහරක් නොවදින නිසාය. ඒත් අපේ රාජ්ය සේවාව හෙට කොහොම සූදානම් වෙනවා දැයි  ශ්රීලංකාවේ පුරවැසියෙකු ලෙස සිතා බැලීමේ වරදක් නැත. කොහොම වෙතත් සාම්ප්රදායී ක්රමයටම මෙය සිදුවූවොත් ……

ඒ නම්රටේ නායකයා සතුටු කොරන්නට  (ඒ තුලින් මීට වඩා සම්තින් ඇති උසස් ඇමතිකමක් ලබා ගැනීමට) ඇමතිතුමා සැදී පැහැදී සිටිත්.
ඇමතිතුමා සතුට කිරීමට අමාත්යාන්ශ ලේකම්තුමා නියෝග දීමට සූදානම්.
අමාත්යාන්ශ ලේකම්තුමා සතුටු කිරීම කොමසාරිස්තුමාගේ පරම  යුතුකමකි.
කොමසාරිස්තුමා පිනවීමෙන් ගනකාධිකාරී ඇතුලු උසස් යයි සිතන නිලධාරින්ට වැටුප් වර්ධකයට,අතිරේක නිදහසට පිනය.
උසස් යයි සිතන නිලධාරින් පිනවීමෙන් සැපයුම් අන්ශයට රජ මගුලය.
පහල සොක්කන්ට පොඩි බටාවක් හා ඕ.ටී. පාර ගමන් දීමනා එක් උනාම කඩේට ඇති පොඩි පොඩි නයටිකක් වත් ගෙවා ගන්න පුලුවන්.
දැන් කොහොමද මේ විශ්ව ළමා දිනය (සැම) රෙන්නේ…..
ලන්කාවේ ප්රසිද්ධ ආයතනයක් ගන්නවා කුලියට, සම්මන්ත්රණ ශාලාව වගේ
ලන්කාවේ ප්රසිද්ධ නර්තන , වාදන කන්ඩායමක් ගන්නවා රැගුමට,
ලමයින් ටිකක් තෝරා ගන්නවා රටේ  හැම තැනකින්ම,
කීයක් කියත් අවුලක් නෑ හදනවා සින්දුවක් ජාතීන් අතර සමගිය පෙන්නන,
ළමයින්ට මස්සනවා ලස්සන ඇදුමක් දවසින් මැහුම් ගැලවෙන,
කෑම ඕඩර් කරනවා උදේ,දවල්,හවස බඩ නොපිරුනත් අවශ්ය ප්රමානයට වඩා ටිකක් වැඩියෙන්,
ලන්කාවේ දුර පලාත් වලින් ළමයින් අද්දවනවා බස් වලින් ආරක්ශාව නැතත් උදෙන්ම,
ලොක්කෝ උජාරුවෙන් පැමිනෙති පමාවී…. යන ගමන් වනාවී අත,
ළමයින්ට දැන් දුකක් නැත. ඇදුමක්, කෑම පැකට්ටුවක්, චාරිකාවක් ලැබුන නිසා අද දවසේ,
නර්තන, රන්ගන අවසන්ය දැන් බෝ වී ඇත හවස් ජාමය
සියල්ල අවසන්ය ළමයිනේ දැන් පලයල්ලා ආ තැන් වලට ප්රවේසමෙන්,
ඒ තොපි ලබන වසරේත් අපිට කොඩි වනන්න, අපේ පැවැතම වෙනුවෙන්!
රූප පෙට්ටියෙන් ළමෝ බලා සිටීවි උන් පෙන්වන තෙක් දෑස් අයාගෙන,
අහෝ පෙන්වාවි නිමේශයක්, වැඩියමනක් පම්පෝරි දේශපාලනය,   
ගිය වියදම එනවාය එකතුව මිලියන 5ක් 6ක්, ඒ උනාට මොකද ඒකෙන් අපේ අභිමානය පෙන්නුවාය ලොවට, කොටසක් වැටිලාය සාක්කුවටත් නොදැනීම,
දරුවෝ නොදනිති මේ උන්ගේ අනාගතය උගස් කර කන්න දුන් බව, බත් පතකට සමහර විට මුලු අනාගතයම, (2014/09/30)

ජයවේවා! නමුත් නොවේවා! මේ විදියට හෙට.

 




Saturday, September 27, 2014

ප්‍රශ්න 24කින් ලමා අප්චාර අලට විසදුම් සොයමු.

 ......ළමා අයිතිවාසිකම් වලට පමණක් සීමාවීම නිසා අනෙකුත්
පාර්ශවයන්ගේ අයිතිවාසිකම් වලට යම්කිසි අසාධාරනයක් වෙනු ඇති. එසේම පූර්ණ නිගමනයකටද
එලඹීමට නොහැකිවනු ඇතැයි මගේ හැගීමයි. එබැවින් මා විවිධ කෝනයන්ගෙන් මා දකින ආකාරයට ඒ පිළිබදව විග‍්‍රයක් කරුනුයේ ඔබ ආයතනයේද ඒ පිළිබදව අවධානය යොමු කරවීමටයි.
ළමා අයිතිවාසිකම් ලෙස ගත්විට අද පවතින අධ්‍යාපන ක‍්‍රමය අනුව ළමයෙකුට එවැනි අයිතිවාසිකමක් අප විසින් ඇතිකර ඇත්ද යන්න පලමුවෙන් සිතා බැලිය යුතුය. අද දරුවන් දෙමාපියන්ගේ පරමාර්ථ පිරිමසින අධ්‍යාපන රොබෝවරුන්ය. ජනාධිපතිතුමාද යම් අවස්ථාවලදී මේ ගැන කතා කරනු දක්නා ලදී. ඒ පිළිබදව ලිපි දේශන කෙතෙකුත් ඇතත් ක‍්‍රියාමාර්ග ගැනීමට ජාතික හෝ අන්තර්ජාතික ආයතන නැත. දෙමාපියන්ටද මෙම ක‍්‍රමයෙන් මිදී විකල්ප ක‍්‍රමවේදයක් ගැන සිතිය නොහැකි තත්වයකට පත්ව ඇත. එසේ නොහැකි නම් මෙයට වගකිවයුතන් සහ අපචාර වැඩිවමට ඉගියක් මෙම ප‍්‍රශ්නාවලියෙන් ඔබට ලබාගත හැකිවේ යයි සිතමි.
1) ළමයින්ගේ විෂමාචාර වලට අධ්‍යාපන ක‍්‍රමය වක‍්‍රව බලනොපාන බව කිව නොහැක්කේ කාහටද?
2) තවද ලමයෙකු අපචාරයකට ලක්වූ පසු අධිකරණය මගින් දරුවා පරිවාස බාරයටත් අපචාරය සිදුකල පුද්ගලයා බන්ධනාගාර ගතකොට ටික දිනකිත් ඇපපිට නිදහස්ව සිවිල් සමාජය තුල නිදහසේ කටයුතු කරයි
නම් මින් දඩුවම් ලබන්නේ ළමයා මිස වෙන කවුරුන්ද?
3) මෙම ළමා රැුදවුම් නිවාසගත ළමයෙකුට ප‍්‍රමාණවත් මානසික රැකවරනයක් විධිමත් අධ්‍යාපනයක් පහසුකමක් ලැබේද? ඔව් නම් අධීක්ෂන වාර්තා පෙන්වා දිය යුතුය.
4) එසේම මෙම ළමා නිවාස වල අපචාරයේ ස්වභාවය මත හෝ වෙනත් වර්ගීකරනයකට ලක්කොට ඇතිද? 
(උදාඃ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ දරුවකු / අසරන ලිංගික අපචාරයකට ලක්වූ / පදිකදරුවන් / විවිධ අපරාධ වලට සම්බන්ධ හෝ වෙනත් ආකාරයකට වශයෙන්)
5) එසේ නොවුනහොත් මෙම ළමයින් පුනරුත්ථාපනය වෙනුවට තවත් අපරාධ හෝ අපචාර වලට යොමු වීමක් සිදු නොවේද?
6) මෙම පුනරුත්ථාපන ආයතන වල ළමයින් හා සෘජුව ගැටෙන සේවක සේවිකාවන්හට විධිමත් පුහුණු වැඩසටහන් වසරකට කොපමන සංඛ්‍යාවක් පවත්වා ඇත්ද?
7) ළමයින් පිළිබදව අධීක්ෂනය කරුනු ලබන්නේ කුමන පලපුරුද්දක් සුදුසුකමක් ඇති නිලධාරීන්ද?
8) එසේ නිවැරදි අධීක්ෂනයක් කලේනම් පසුගිය සමයේ අසන්නට ලැබුනු කනගාටුදායක සිදුවීම් සිදුනොවනු ඇත. මෙවැනි අධීක්ෂනයක් වූවානම් ඒ පිළිබද වාර්තා මෙම ආයතනවල දකිය හැකිද?
9) මෙවැනි අධීක්ෂන ස්ථාන හෝ සේවා ස්ථාන වලට නුසුදුසු පුද්ගලයන් පත්වී ඇත්නම් ඒ පිළිබදව සොයා නොබලන, ඒවාට වගකිවයුතු පරිපාලන ප‍්‍රධානියෙකු සිටීිද?
10) තවද මෙම ළමා නිවාස වලට රජයෙන් හෝ රාජ්‍ය නොවන ආයතන වලින් සපයන පහසුකම් (සාමාන්‍ය වාර්තා නොව) සත්‍ය ලෙස සැපයෙන පහසුකම් පිළිබදව නිරීක්ෂන කිරීමට ඉහල නිලධාරීන් මෙම එක් රැදවුම් නිවාසයකට වසරකට කොපමන සංඛ්‍යාවක් පැමිණ ඇත්ද?
11) මෙසේ සොයාබැලීමක් සිදු නොකොට රජයෙන් සැපයෙන විශාල ධනස්කන්ධය විදේශ සංචාර විවිධ උත්සව ලමා දින උත්සව සදහා වියදම් කරන රාජ්‍ය හෝ රාජ්‍ය නොවන නිලධාරීන් සිටීනම් ඔවුන්ද මෙම ළමා අපචාර වර්ධනයට වගකිව යුතුද?
12) දරුවන් වෙනුවෙන් පෙනී සිටීමට නොව ක‍්‍රියාකිරීමට මානව හිමිකම් ආයතන, ළමා රක්ෂන අධිකාරිය, පොලීසිය, කාන්තා හා ළමා කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව, පෞද්ගලික ආයතන හා ජනමාධ්‍ය ආායතන රැසක් ඇත. සංඛ්‍යාලේඛන ගත්විට රජය පමණක් එක් ළමයෙකු වෙනුවෙන් කොපමන රුපියල් ගණනක් මේ සදහා වියදම් කොට ඇත්ද? සමහරවිට රුපියල් මිලියනය ඉක්මවීමටද පුඵවන.
13) එම වියදම් කල මුදලට සාපේක්ෂව මෙම දරුවන්ට ලැබුන ප‍්‍රථිලාභය පිළිබද සෑහීමකට පත්විය හැකි්ද?
14) නමුත් වරදක් වනතෙක් දැනගෙන නිහඩව සිට වරද අසුවූ සැනින් ක‍්‍රියාත්මක වී තම ප‍්‍රථිරූපය ගොඩනගා ගැනීමේ පහත් අභිප‍්‍රායෙන් කටයුතු කිරීමට ඉහත සදහන් ආයතන ඉතා සන්වේදීව සැදී පැහැදී සිටියාද?
15) ළමා රක්ෂන අධිකාරිය පසුගිය වසරතුල සිදු කල විමර්ශන සංඛ්‍යාව සහ එහිදී මෙම ආයතනවල දූෂන අක‍්‍රමිකතා හදුනාගැනීමට නොහැකිවූයේ මන්ද?
16) එය එසේනම් ළමා රක්ෂන අධිකාරිය තම වගකීම ඉටු නොකොට මේ අවස්ථාවේ කරන්නේ තම වරදත් අනුන්ටම පටවා තම නිරුවත වසා ගැනීමේ රංගනයක් නොවේද?
17) එසේම මොරටුවේ වැටලීම අත්වැරද්දකින් සිදුවීනම් එම ආයතනයට සිදුවූ අපහාසයට වන්දි ගෙවිය යුත්තේ සමාව ගත යුත්තේ ළමා රක්ෂන අධිකාරිය නොවේද?
18) මෙයට කදිම නිදර්ශනයනම් මෑත කාලයේ ලමයින් කිහිප දෙනෙකු යම් රැදවුම් නිවාසයකින් පැනගොස් ගොස් පොලීසියට කොටවූ පසු එම ලමයින්ගේ ප‍්‍රකාශය මතම ඒකපාර්ශිකව රැදවුම් නිවාසයේ පාලිකාව
අත්අඩංගුවට ගැණුනි. මෙය ගැඹුරින් නොව සරලව සිතා බැලූවත් අදහස පැහැදිලිය. එනම් ළමයින් රැදවුම් නිවාසයෙන් පැන පොලීසියට නොගොස් පසුදින අසුවූ පසු ඔවුන්ගේ නිදහසට මීට වඩා යමක් එම ළමයින්ට කිව හැකිද?
19) එම ළමයින් පාලිකාව ගැන කීවා සේම පොලීසිය පිළිබදවද  විශ්වාසයක් නැති නිසා බස්නැවතුමටවී සිටියා කිව්වා නම් අදාල පොලීසියේ ස්ථානාධිපතිතුමාද අද අත්ඩංගුවට ගන්නවාද?
20) මෙම දරුවන්ට පරිවාස කාලය අවසන්වී රැදවුම් නිවාසයෙන් පිටවීීමට පෙර ඔවුන් වෙනුවෙන් යම් නිසි පුනරුප්ථාපන හෝ උපදේශන වැඩ පිළිවෙලක් තිබුනේ නම් ඔවුන් මෙම රැදවුම් නිවාසයෙන් මෙසේ
පැනයාද? මොවුන්ට ලබාදී තිබූ උපදේශන. පුනරුත්තාපන. අධ්‍යාපන. වාර්තා දැක්විය හැකි විය යුතුය.
21) මෙම පාලිකාව අත්අඩංගුවට පත් වූ පසුත් මෙම රැදවුම් නිවාසයෙන් ලමයින් නැවත පැනගිය විිට නැවතත් එවකට සිටි ස්ථානභාර පාලිකාව අත්අඩංගුවට නොගත්තේ මන්ද? එම සිදුවීමේදී තම රාජකාරිය නිවැරදිව හෝ වැරදි සහිතව සිදුකල සේවකයන් වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු මානව හිමිකම් සංවිධානයක් වෘත්තීය සමිතියක් අවම වශයෙන් නිවේදනයක් කිරීමට මරණාධාර සමිතියක්වත් නොමැති විය. මන්ද මෙම රැල්ල හැමුවේ ජනප‍්‍රිය පැත්තට නිසාය. එහෙත් මෙම සිදුවීමත් සමග ප‍්‍රසිද්ධියක් අනුකම්පාවත් ගොඩනැගීම සමගම ආරෝපනයවූ වගකිවයුතු අංශ නින්දෙන් ඇහැරුනු සිංහ පෝතකයන්සේ මාධ්‍ය මාමාලා සමග එක්ව වීඩියෝ ගතකරමින් සජීවී වැටලීම් සිදුකරීමට පටන්ගති. එහෙත් එම දඩයම වැරදුනේ වැටලූ එක් ළමා නිවාසයට ආගමික නැඹුරුවක් තිබීම නිසාය. එමනිසා සමහර ඇමතිවරු පරීක්ෂනය අවසන් වීමටත් පෙර අත්වැරුද්දක් ලෙස සමාව ගැනීමට පවා බයාදු විය. ඉන් පරීක්ෂනයේ තීන්දුවද පැහැදිලිය. වැටලීම් කල නිලධාරීන්ගේ වැඩ තහනම්ද විය හැක. මෙම සිදුවීම් දෙකෙහිදීම වරදකරුවන් නිෂ්චිත ලෙස මේ වනතෙක් හදුනාගෙන නොමැත. කෙසේ වෙතත් මීට පෙර නිවාසයේ සිදුවීම නොපෙනුන මහා පූජකතුමන්ට මෙම සිදුවීම පමණක් දර්ශනයවී වර්ජන
ගර්ජන කිරීම එම ආගම් දර්ශනයට අනුව සිදුවූවක් දැයි පැරණි පතපොත කියවා බැලිය යුතුය. නමුත් ජාතියක් වශයෙන් ප‍්‍රකාශයක් කිරීමට බැරිවුවත් තම ආගමිකයන් වෙනුවෙන්වත් ප‍්‍රකාශයක් කිරීමට ඉදිරිපත්වීම අගය කල යුතුය. රටේ දේශපාලන පක්ෂයක සුඵ අර්බූදයටත් මාධ්‍ය ප‍්‍රකාශ කරන. පෙලපාලි යන බහුවිධ වර්ණ මහානායක පූජකතුමන්ලාට මෙය කදිම පූර්වාදර්ශයක් විය යුතුය
22) තව පැත්තකින් බැලූකල පාලිකාව රෞද්‍ර අයෙක් යයි සිතමු මා මුලින් සදහන් කල ආකාරයට මාසිකව හෝ ක‍්‍රමවත් අධීක්ෂනයක් අගයීමක් මෙම ආයතන වල සිදුවූවා නම් එම පාලිකාවට විරුද්ධව එම ලමයින්ගෙන් පැමැණිලි කොතෙක් ලැබී තිබේද?
23) එම පැමිණිලි විභාග කර දී ඇති විසදුම් මොනවාද?
24) එවැනි ක‍්‍රමවේදයක් සිදුවී නැතිනම් ලමයින්ගේ යහපත වෙනුවෙන් ජනතා මුදල් මිලියන ගණන් කාබාසිනියා කරමින් සුඛෝපභෝගී ජීවිත ගතකරමින් ශීතකාමර වලටවී සිටි නිළධාරීන් මෙම තත්වයට අනිවාර්යයෙන්ම වගකිවයුත්තෝ නොවේද?
මෙහිදී මේ ගොනුකල කරුනු වල සාරාංශය ලෙස මෙසේ සදහන් කරමි
මෙම කනගාටුදායක තත්වය ඇතිවනතෙක් රාජ්‍ය ප‍්‍රධාණින් තම පහල නිලධාරීන්ට  ඕනෑම දෙයක් කරගන්නටදී ආයතන පරිපාලනය ගැන සොයාබලා නැති  වරදට දඩුවම් දෙනවානම් වරදට හවුල්වූ සියල්ලට
එක සමාන නීතියක් ක‍්‍රියාත්මක විිය යුතුය එසේම එම වරද නැවත නොවීමට ජාති ආගම් අනුව නොබෙදා කටයුතු සම්පාදනය කල යුතුය ළමයින් පැන යන්නේ ඔවුන්ට ප‍්‍රමාණවත් මාර්ගෝපදේශයක් උපදේශනයක් අධ්‍යාපනයක් නොමැති නිසාය මෙම තත්වය නිවැරදි කරනතාක්කල් ළමයින්ගේ රැදවුම් නිවාස සිපිරි ගෙයක සිරියක් ගැනීම වලකාලිය නොහැක 2012/05/26


Tuesday, September 23, 2014

සබ්බ දානං ධම්ම දානං ජිනාතී.........



අපි අපේ රටට ආදරෙයි. ඒ වගේම ආගමටත් ආදරෙයි. ඇයි..... ජාතියට මේ ඔක්කෝටම අපි ආදරෙයි. ඒ ආදරේ නිසාම අපි අන්ධ වෙන අවස්ථාත් තියෙනවා. මට මෙහෙම හිතිලා ගොඩාක් කල්. නමුත් මේවා ලියලා වැඩක් වේදැයි සිතුන නිසා නොලියා සිටියා. ඒත් මේ ළ`ග`දී පන්සලට ගිය වෙලාවේ මේ විනාසය ගැන ලියලා වැඩක් නොවුනත් මගේ හෘදසාක්ෂියට එක`ගව වැඩක් කලා කියලා හිත හදා ගැනීමේ අරමුණෙන් මේ ලිපිය ලියන්න හිතුනා. මේ ලිපියට ධනාත්මක ප‍්‍රථිචාර කෙසේ වෙතත් ටික දෙනෙක් තරහ නොවුනොත් වාසනාවක්. 
මේ වස්සාන කාලයයි. මේ කාලයේ පන්සල් වල විශේෂ වැඩසටහන් සම්පාදනය වෙනවා. විශේෂයෙන් සවස් බාගයේ වෙනත් පන්සල් වලින් ධර්මධර භික්ෂුන් වහන්සේලා වැඩමවලා ධර්ම දේශනා පවත්වනවා. මොනවද මේ ධර්ම දේශනා කියන්නේ? ඒවාත් කොටස් කීපයක් තියෙනවා. එකක් කාලීන ධර්ම දේශනා, අනික සාම්ප‍්‍රදායික ධර්ම දේශනා. මින්  කාලීන ධර්ම දේශනා ක‍්‍රමය ආරම්භ කලේ අපේ ගංගොඩවිල සෝම හාමුදුරුවෝ. උන්වහන්සේ ධර්මය මැනවින් ප‍්‍රගුන කරලා ධර්මය සම`ග රටේ දුස්චරිත වලට සහ මිත්‍යාදෘෂ්ඨික මතවාදයන්ට දිගට හරහට පහර ගැහුවා. මේ කාලයේ සම්ප‍්‍රදායික ධර්ම දේශනා වලට වඩා මේ දේශනාවන්ට ජනතා ආකර්ශනය වැඩි වීමක් දකින්න ලැබුණා. ගුවන් විදුලි, රූපවාහිනී වැඩසටහන් වලට ගංගොඩවිල සෝම හිමි නැතිවම බැරි චරිතයක් උනා. මේ උණුසුම අතර වාරයේ සෝම හිමි අපවත් වුනා කියන අතර තව කොටසක් ඒ හිමි අපවත් කෙරෙව්වා කියලත් කියනවා. ඒ සිද්ධියත් සම`ග සෝම හිමිගේ හිස් වූ පුරප්පාඩුව පුරවන්න භික්ෂුන් වහන්සේලා කීප නමක් උත්සාහ කරා. කොටසක් සෝම හිමිගේ භාෂා විලාසයත් ස්වරූපයත් ගන්න උත්සාහ කලා. ඒත් එම දේශනා හරවත් නොවුන නිසා ටික කලකින් උන්නාන්සේලා මාධ්‍යයෙන් නොපෙනී ගියා. අනුකරනය සහ හැකියාව අතර පරතරය මිනිස්සුන්ට වැටහෙන්න වැඩි කල් ගියේ නෑ. මේ සෝම හිමියන්ගේ දර්ම පුනරුදයත් සම`ගම මිනිසුන් නැවතත් පන්සල වෙත නැඹුරුවීමේ ප‍්‍රවනතාවයක් දකින්නට උනා. මේ අතර බෞද්ධ ධර්මයට අනුව ධර්මය දේශනා කරන්න පු`ඵවන් තවත් හිමිවරුන් කීප නමක්ද බිහි වුනා. වැඩි කාලයක් යන්න මත්තෙන් මේ අය සෝම හිමිගේ නාමය ඉදිරියට දාගෙන් ගමන අවසන් උනේ පාර්ලිමේන්තුවෙන්. මුන්වහන්සේලාගෙන් එක් නමක් ෆෙන්ෂුයි මන්ත‍්‍රී වරයෙකුගෙන් වෘෂන කෝෂ වලට ලැබුන පහරක් නිසා රෝහල්ගතව දේශපාලන නාටිකාවෙන් ගමන අවසන් කලාලූ. ඉතිරි කොටස වාසි පැත්තට හෝයියා වීමෙන් තවමත් පීචං වෙමින් හා මන්ත‍්‍රී වරප‍්‍රසාද ලබමින් ධර්ම රාජ්‍යයෙන් පිට නැංගුරන් දාගෙන සිටීලූ. 
මෙම වකවානුවේ මේ කල්ලි නොගැසුන ධර්මදර භික්ෂූන් වහන්සේලා කිහිප නමක් ප‍්‍රසිද්ධ මාධ්‍යයේ දැකගන්නට හැකි විය. කාලයත් සම`ග මෙම භික්ෂූන්වහන්සේලාට ගංගොඩවිල සෝම හිමිමෙන් විවිධාංගීකරන ධර්ම දේශනා වලින් ජනතා සිත්සතන් සැනසීමට තරම් පරිනත බවක් නොපෙණුනි. ඒ නොකඩවා ලැබුන ඉල්ලූම නිසා පූර්ව සූදානම් වීමක් ස`දහා කාලය පිළිබ`ද ඇතිවූ ගැට`ඵව වෙන්නට පු`ඵවන. මේ නිසා ධර්ම දේශනා වෙනුවට කාලීන දේශනා වල ස්වරූපයක් දිස් විය. සමාජයේ දුර්වල තැන් විවේචනය කරමින් භික්ෂුවකගේ හැසිරීමට නොගැලපෙන හැසිරීමක් දැක්වූවද ඉහලින් සිටින සංඝනායක හිමිවරුන්ගෙන් අවවාදයක් උපදේශයක් නොලැබුන නිසාදෝ උන්වහන්සේලා කටට එනදේ වදෑරීම නිසා දහමේ අගය බාල්දු විය. වරෙක දානය මේසෙට බෙදලා දීමෙන් නාස්තිය අඩු කරගත හැකි බවත්, චීවරය දරා සිටීම ලෙහෙසි පහසු නොවන බවත් කලිසමක් ඇ`ද උපාධිය ගැනීමද ඇගට නොදැනී සාධාරනී කරනය කරනු දක්නට හැකි විය. මෙය ඉතා ශෝචනීය තත්වයකි. 
එදා පටන් ධර්මය රැුකුනේ අපේ ගරුතර සංඝරත්නය නිසාය. මෙම සංඝරත්නය විසින් ධර්මය විකෘති කරමින් තවදුරටත් කටයුතු කරතොත් සංඝරත්නයෙන් ධර්මය ආරක්ෂා කරගැනීමට උපාසක ඇත්තන්ට සිදු වෙනු ඇත. නමුත් අද පන්සලේ සිටින්නේ උපාසක ඇත්තෝ නොව මුදලාලිලා ඇත්තෝය. දුප්පතෙකුට පන්සලෙන් පිහිටක් නැත. එදා ගමෙන් පන්සලට, පන්සලෙන් ගමට යන කියමන සාවද්‍ය වී ඇත. අද ගමෙන් පන්සලට පමණි. පන්සලේ නොසංසිදෙන ආශාවන් එමටය. ඉදිකිරීම් වල නිමාවක් නොමැත. ධර්මශාලාව,රන් වැට, ධාතු මන්දිරය, සුවිසල් සංඝාවාසය, මකර තොරන, නැවතත් ධර්ම ශාලාව ටයිල් කිරීම,බෝධිය වටා වැලි ම`ඵව වෙනුවට සිමෙන්ති කැට ඇතිරීම, සංඝාවාසය ප‍්‍රථිසංස්කරනය කිරීම....පෙරහැර සංවිධානය, විවිධ පූජා, ගිරි භාන්ඩ උත්සව වැනි නිමා නොවන පුණ්‍යකර්මය. මේ සියල්ල ආමිසය මුල් කරගත් වැඩසටහන්ය. නිර්වානය ස`දහා අත්‍යවශ්‍ය ප‍්‍රථිපත්තිය මුල් කරගත් වැඩසටහන් මේ අතර දකින්නට අහන්නට නොලැබෙන්නේය. ප‍්‍රථිපත්ති පූජාවන් වලදී මුදල් කියන්නාවූ සාධකය පන්සලට රැුස් නොවීම සහ නිවැරදි ධර්මය පුද්ගලයාට අවබෝධ වන නිසාදෝ භික්ෂූන්ගෙන්ද මේ ස`දහා අනුග‍්‍රහයක් නොලැබෙන්නේය. අද මේ ආමිස පූජාවන් නිසා පන්සලත්, සැනකෙලි භූමියත් හ`දුනා ගත නොහැකිව ඇත. මේ ස්ථාන දෙකේම ඇත්තේ විචිත‍්‍ර වර්නයන්ගෙන් බැබලෙන විදුලි බුබු`ඵ හා සැරසිලිය. අල්පේච්ඡුතාවය ඇති පන්සලක් අද දැකීම ඉතා දුෂ්කරය. මේ ආමිසය ස`දහා දායක වීමට නෙහැකි දුප්පත් උපාසකයන් පන්සලෙන් ඈත් වෙත්දී බලලූන් මරා හෝ සල්ලි හම්බුකරන සල්ලිකාර උපාසක උපාසිකාවන් දෙන පරිත්‍යාග වලට සරිලන ඵලක, දැන්වීම් පුවරු හැමතැනය. ශබ්ද විකාශනයෙන් ගමටම ඇහෙන්න ඒ අයට පුණ්‍යානුමෝදනාය. බොරලැස්ගමුව ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පන්සලක නායක හිමි දායකයෙක් සම`ග ප‍්‍රසිද්ධියේ අත්දෙක අල්ලා ගෙන යනු දැකීමෙන් මා ඉමහත් කම්පාවට පත්විය. තවත් පන්සලක ගිහි ධනාත්මක චින්තකයෙක් පෝදා භාවනායෝගීන්ට ධනාත්මක චින්තනය ගැන දේශනාවක් කලේය. ඊට අමතරව සංයම අභ්‍යාසයක්ද කරුනු ලැබිණ. එම විහාරාධිපතිවහන්සේ පෝදා සිල්ගත් උපාසක උපාසිකාවන්ට දර්ම දේශනයේදී වැඩි කාලයක් ගත්තේ ඉදිකිරීමට අදහස් කරන නව සැලසුම් ගැනය. අවශ්‍ය මූල්‍ය තත්වය රැුස්කිරීමට ගතයුතු දායකත්වය ගැනය. ඊට පසු භාන්ඩාගාරික උපාසිකාව මයික‍්‍රෆෝනය ගෙන ඉදිකිරීමට නන් අයුරින් දායකවූවන් ගැන ස`දහනක් කලාය. මේ වෙන දවසක නොව පුරපසලොස් පොහොය දාය. මෙයද නිර්මල බුදු දහම?
එක්තරා ප‍්‍රසිද්ධ පාසලක ආදී ශිෂ්‍යයන් ඒ අයගේ වයස අවුරුදු 50 ඉක්මවීම හේතු කොට ගෙන බෝධි පූජාවක් සහ ධර්ම දේශනයක් සංවිධානය කලෝය. ඒ ස`දහා පැමිණි දේශකයානන් වහන්සේ මෙම බෝධි පූජාව පැවැත්වන්නට යෙදුන ආසන්නතම හේතුව ලෙස ගොක්කොල පේන කොට මතුවන සිත යයි පැවසීය. එහි සත්‍ය අසත්‍යය කෙසේ වුවත් යහපත් ක‍්‍රියාවකදී එවැනි ප‍්‍රකාශයක් කිරීම කොපමන ගෝචර දැයි මට සිතුණි. මේ දේශනයෙන් මාසයක් ගත වෙන්නටත් පෙර සංගමයේ ප‍්‍රථමයා ලෙස එක් අයෙක් මලේය.
තවත් අවස්ථාවකදී එක්තරා දේශකයාණන් වහන්සේනමක් දර්ම දේශනය පුරාවට සින්දු තාලයට ගායනය කරමින් ගායකයගේ සහ රචකයා පිළිබ`ද විස්තර කරමින් විචාරයක් කලේය. එය විචාරයක්ද විකාරයක්දැයි එදින මාහට දැණුනි. මන්ද මා රේරුකානේ හිමියන්ගේ දර්ම පුස්තක කියවා ඇති නිසාය. 
තවද වර්ථමාන සමාජයේ රැුඩිකල්වාදීන් සියල්ල කාලයත් සම`ග වෙනස් විය යුතුය යන මතයක් ගොඩනගා ඇත. එසේ නොමැති නම් විශ්ව ගම්මාන සංකල්පය තුල ගෝලීයකරනයේදී ජාත්‍යන්තරයේ අප ¥පත් මානසිකත්වයෙන් හා හුදකලා වන ගෝති‍්‍රක මානසිකත්වයකින් හෙබි පුද්ගලයින් බවට පත් වන බව යෞවන සමාජය තුල ඒත්තු ගන්වමින් ඇත. මේ ස`දහා සර්ව ආගමික සංවිදානවල බික්ෂුවද යම්තාක් දුරට අත්වැලක් සපයයි. (අනගාරික දර්මපාල තුමාගේ 150 වැනි ජන්ම දිනය සිහිපත් කරන අද දිනයේ උන්වහන්සේගේ ප‍්‍රකාශ වලද ඇති වැදගත්කම මතු වෙමින් පවතී.* බුදු දහම ගෞතම බුදු රදුන්ට අනුව අකාලිකය. මෙය කලින් කලට වෙනස් විය නොහැක. එබැවින් දර්ම දේශන රටාවේ කිසිදු ආකාරයක වෙනස් වීමක් අවශ්‍ය වේද? සෝම හිමියන් දර්මය විකෘති නොකොට වත්මන් සමාජයට දැනෙන පරිදි දර්මය දේශනා කිරීමට හැකි වූයේ නම්ද එයට ජනතා ආකර්ශනයද නොඅඩුව ලැබුනේනම්ද එම ක‍්‍රමය හැර වෙනත් විකල්ප ක‍්‍රම භාවිතයෙන් නිර්මල බුදුදහම ලොවින් සැ`ගවීයාම වැලැක් විය නොහැක.
දැනට බොහෝ භික්ෂූන් වහන්සේලා ජනතා ආකර්ශනය ලබා ගැනීමට හාස්‍ය උත්පාදකයින් බවට පත්වී ජෝකර්ලා බවට පත් වී ඇත. දේශනය අතරට ඉංග‍්‍රීසි වචන දමන්නේ කොමර්ෂල් බ්රේක් එකක් ලෙසය. බන ශාලාව සිනහවෙන් ගිගුම් දෙද්දී දේශකයාණන් වහන්සේ සිතන්නේ දර්ම දේශනය සාර්තක ලෙසයි. ශ‍්‍රාවකයාද එසේමය. නමුත් මෙතැන සිදුවූයේ දර්ම දේශනයක් නොව සාමාන්‍ය දේශනයකි. මෙවැනි බනක් අවසන දී සිටි එක් උපාසක මහතකු පැවසූයේ බණ ටික නම් මරු කියාය. එවිට මා විමසූයේ බුදු බනට අනුව අවබෝධ කරගත් යමක් මා හට පවසන ලෙසයි. එවිටයි ඔහුට අවබෝධ උනේ මෙතෙක් අසා සිටියේ බුදු බන නොව සාමාන්‍ය දේශනයක් ලෙස බව.
තවත් සමහර පන්සල් වල බුදු මැදුර වසා දමා ඇත. උපාසක උපාසිකාවන් බෝධීන්වහන්සේ ල`ග සහ දේවාල අසල එක් රොක් වී ඇත. බෝධි වන්දනා ගාථා වෙනුවට කට්ටඞීන්, ජ්‍යොතීර්යකරුවන් සහ ව්‍යාපාරික භික්ෂූන් විසින් වෙල`දපල ආක‍්‍රමනය කල ස්තෝත‍්‍ර සහ අම්මා කියා අදෝනා දෙන කවිය. නච්ච,ගීත,වාදිත.....කියලා බුදුන් විසින් වදාල විනය උල්ලංගනය කරමින් සංගීත භාන්ඩයක වාදනය මුසු කරමින් එක් භික්ෂුවක් කරන මේ අදෝනාව පන්සල් වලද කඩසාප්පු වලද නිතර අසන්නට ලැබීම බෞද්ධයෙකු වශයෙන් කොතරම් කනගාටුදායකද? මේ කවිවල බුදුහාමුදුරුවෝ හොද බන කීවා.....ලූ. අද බෝධිය අසලද ඇහෙන්නේ පවුල් පිටින් පැමින කොට බංකු වල වාඩිවී තමා වෙනුවෙන් ගැයෙන මේ මිත්‍යා දෘෂ්ඨික යැදීම්ය. බුදුදහමේ ඉගැන්වීම අත්හැරීමයි. මගේ අපල දුරු වේවා! මගේ ගෙදර අයට මටද සැම ග‍්‍රහදොස් දුරුවේවා! මේවා තමයි බෝධිය පුරාවට ඇහෙන අෙ`දා්නා. බෝධි වන්දනා ගාථා අද බෝධියක් අසල අහන්නට නැත.
එසේනම් අපි අනාගත පරපුරට දායාද කරන්නේ මහායාන දර්මය කවලම් කරගත් ලොව කොහේවත් නැති නිගන්ඨ දර්මයක්ද? මේ වැරදි තැන් අල්ලාගෙන වෙනත් ආගම් වල අය ප‍්‍රශ්න කරන කොට උන්ට පලූ යන්න බැනලා වැඩක් තියේද, අපි අපේ නිර්මල බෞද්ධ දර්ශනය ආරක්ෂා නොකර. විවේචනය කරන්නාට අන්තවාදීන් කියා බනිනන්ට පෙර අපි දෙවරක් සිතා බැලිය යුතුයි මේ ගැන.             
අපි අපේ රටට ආදරෙයි. ඒ වගේම ආගමටත් ආදරෙයි. ඇයි..... ජාතියට මේ ඔක්කෝටම අපි ආදරෙයි. ඒ ආදරේ නිසාම අපි අන්ධ වෙන අවස්ථාත් තියෙනවා. මේත් එවැනි අවස්ථාවක් නේද..? එතකොට ඔබ..... ? (21/09/2014*