Search This Blog

Tuesday, November 10, 2015

ගොසිප් නිව්ස් වලින් යටි සිත සන්තර්පනය කිරීම


 අත්‍යාවශ්‍ය දේට වඩා අනවශ්‍යදේ පිළිබද  ඕනෑවට වඩා ජනතා අවධානය යොමු කිරීම, කතා කිරීම, සංවාද කිරීම රටක ජාතියක අනාගතය සහ ඵලදායීතාව නැති කරන ප‍්‍රධාන කරුණකි. මෑත කාලයේ සියඵම ජනමාධ්‍ය එකිනෙකා පරයා යෑමට මේ වාචාල ප‍්‍රවෘත්ති දඩයමේ යාම සුලභව දක්නට ලැබෙන කරුණකි. අතීතයේ සිටි කරුණාරත්න අබේසේකර, ලලිත් එස්. මෛත‍්‍රීපාල, පේ‍්‍රමකීර්ති ද අල්විස් වැන්නවුන් මාධ්‍ය හැසිරවීමේදී ඔවුන් භාවිතා කල භාෂා කෞෂල්‍යය සහ ඔවුන්ගේ හ`ඩ පාලනය ප‍්‍රවෘත්තියක ඇති වටිනාකම හා සිංහල භාෂාවේ ප්‍රෞඩත්වය මැනවින් පේ‍්‍රක්ෂකයන්ට දැනෙන ලෙස ප‍්‍රකාශ කලහ. මොවුන් කිසි විටක වෙනත් භාෂාවක වචන කථනය සදහා යොදා ගත්තේද නැත.  වැරදීමකින් හෝ වෙනත් භාෂාවක් හෝ දෝෂයක් සිදු වුවහොත් එකල සිටි නිවේදකයින් හට නිදහසට කරුණු විමසීමක් හා නිතර වැරදීම් සිදු කරන්නේ නම් ඔවුන් එම කටයුත්තෙන් ඉවත් කිරීමටද බලධාරීහු කටයුතු කලහ. 
පසු කාලීනව එෆ්.එම්. නාලිකා ආරම්භයත් සමග ප‍්‍රවෘත්තියෙන් රටට ඇති වටිනා කමට වඩා එම ප‍්‍රවෘත්තිය පල කිරීමෙන් මෙම නාලිකාවන්ට ලැබෙන ආර්ථික ලාභය හෝ තම දේශපාලන හෝ වෙනත් පටු අභිමථාර්තයන් ඉටු කර ගැනීමෙන් ඇති වන වාසිය ගැනම පමණක් සිතීමට පෙලඹී තිබේ. වසර 30කට පෙර ඉරිදා පුවත් පතක පිටු 24ක් පමණ විය. එහි ඇති හරවවත් ලිපි කියවීමට දින දෙක තුනක් පමණ ගත විය. අද ඉරිදා පුවත් පතක බර කිලෝ ග්?ම් ගණනකි. එහි වෙළද දැන්වීම් හැරුන කොට කියවීමට ඇත්තේ විනාඩි ගණනක තොරතුරුය.
අද මාධ්‍යයේ සාකච්ඡුා වන්නේ එල්ලූම් ගස අවශ්‍යද යන්නය. නමුත් සිදු විය යූත්තේ නීතිය හරි හැටි කි‍්‍රයාත්මක වීමය. නීතිය ක‍්‍රියාත්මක නොවන රටක එල්ලූම් ගස ක‍්‍රියාත්මක වුවහොත් අසරනයින් කොපමනක් එල්ලා මරාවිද? මේ මාධ්‍ය රැුල්ල අද ජීවිත බිලි ගන්නා මාෆියාවක් වී ඇතත් එයට එරෙහි වීමට දේශපාලන බලඅධිකාරියටද නොහැකි වී තිබේ.  ඒ දේශපාලකයාගේ අනාගතයද තීරණය කිරීම ඡුන්දදායකයා වෙනුවට මාධ්‍යකරුවා පැහැර ගැනීම නිසාය. 
අද පුවත් පතක් යනු ලේ ගංගාවකි. විෂමාචාර, අපචාර, මිත්‍යා විශ්වාස වපුරන සශ‍්‍රීක හේනකි. උදෑසන ගුවන් විදුලියෙන්, රූපවාහිනියෙන් හෝ පුවත් පතකින් උදෑසන අප අසන්නේ කියවන්නේ කුමක්ද? 
සිත සැනසෙන ගත පුබුදන වදනක්...... නැත.
ඔබේ සිතට අවශ්‍ය වන්නේ ප‍්‍රචන්ඩත්වයද, සෞභ්‍යාග්‍යයද? ඔබ වපුරන දේ ඔබට අස්වැන්නක් ලෙස ලැබේවි. ඔබ ගුවන් විදුලියෙන්, රූපවාහිනියෙන් හෝ පුවත් පතකින් හිමිදිරියේ ඔබේ නිවුන මනසට ඇතුලත් කරගන්නේ අසහනකාරී වැඩකට නැති තොරතුරු නම් ඒවා ඔබේ මනස ප‍්‍රතික්ෂේප කරනු ඇත. නමුත් ඔබ අකමැති යයි කීවද ඔබේ මනස කොටස් තුනකින් සමන්විත වන නිසා Id,ego,super ego ඉන් ප‍්‍රචන්ඩත්වයට ආසා කරන ඔබේ id දල සිත මෙය රස විදීමට රුචියක් ඇති කරනු ඇත. මේ නිසා සමහර අය මේ කටයුතු වලට විරුද්ධ ලෙස තව කෙනෙකු හා කතා කරමින් යටි සිත සන්තර්පනය කරුනු ඇත. කාර්යාල විවේකාගාර වල කාන්තාවන් සිටින ස්ථාන වල ලිංගික අපරාධ ගැන වැඩියෙන් කතා බහ කරන්නේ මෙවැනි පුද්ගලයින්ය. මෙය මුලදී රෝගී තත්වයක් නොවුනත් පසු කාලීනව රෝගී තත්වයක් බවටද පත්විීමට  පුඵවන. මෙසේ තම සිත විකෘති කර ගන්නා පුද්ගලයා තව කිහිප දෙදෙකුගේ මනසද ව්‍යාකූල කරයි.


මෙවැනි අශුභවාදී සිතුවිලි යටි සිතේ දරාගෙන තම දෛනික කටයුතු ආරම්භ කරන පුද්ගලයෝ තමාට නොදැදුනත් යම් මානසික ව්‍යාකූල තත්වයකින් පීඩනයකින් තමන් ලද තොරතුරු පිළිබ`ද ආවර්ජනය කරමින් තම කටයුතු කිරීම නිසා තමන්ගේ දෛනික කටයුතුද වෛරී ස්වභාවයකින් හා නොරිස්සුම් ස්වභාවයකින්  සිදුකිරීම නිසා අන් අය අතරද අප‍්‍රසාදයට පත් වේ. මෙසේ කාලයක් ගත වෙත්ම මෙවැනි තොරතුරු නිතර ඇසීමටත්, එවැනි අදහස් ඇත්තවුන් සම`ග ඇසුරටත් ඇති වන කැමැත්ත නිසා පසු කාලීනව මෙම පුද්ගලයෝ විවිධ මානසික ගැට`ඵ ඇත්තන් බවටද පත් විය හැක. මේ තත්වයට පත්වන අයටද නැවතත් මාධ්‍යයේ වෙළ`ද පලක් නිර්මානය කර ඇත. ඒ විවිධ වර්ණ රෙදි පොරවාගත් පූජකයින් ලෙස පෙනී සිටිමින් විවිධ ශාන්ති කර්ම, හක්ගෙඩි, යන්ත‍්‍ර මන්ත‍්‍ර, පුද පූජා කරනා කූට වෙළදුන්ය. මේ අයට මුදල් ගෙවා කරන වෙළ`ද වැඩ සටහනක් නොවන ආකාරයට මෙම කටයුත්ත ප‍්‍රචාරය කිරීමට ඉඩ සලසා දීමට පුවත්පත් සහ විද්්‍යුත් මාධ්‍ය ඉතා සූක්ෂම ලෙස කටයුතු යොදා ඇත. හෙට දිනයේ ඔබේ පුතා, දුව යහ`ඵවා, යෙහෙලිය එසේත් නැතහොත් ඔබේම අනාගතය මේ මාධ්‍ය දඩයම් කරුවන් විසින් විනාශ කරනු ඇත. එතෙක් නොසිට ඔබ කල යුත්තේ කුමක්ද? හැකිතාක් මෙවැනි මාධ්‍ය ප‍්‍රසිද්ධියේ ප‍්‍රතික්ෂේප කරන්න. අර්ථාන්විත පොත් ස`ගරා කියවීමට තම දරුවන් සගයින් හුරු කරන්න. තමන්ගේ කාර්යාලයේ නිවසේ කුඩා පුස්තකාලයක් සකසා ගන්න. මානසික හා අධ්‍යාත්මික සංවර්ධනය උදෙසා වූ පත පොතින් රාක්ක පුරවා ගන්න. එම පුස්තකාලයේ මාටින් වික‍්‍රමසිංහ, ජී.බී. සේනානායක, ආචාර්ය ගුනපාල මලලසේකර, මුනිදාස කුමාරතුංග, ඬේවිඞ් කරුණාරත්න, බඹරැුන්දේ සිරිසීවලී හිමි වැනි ප‍්‍රාඥයින් පදිංචි කරවා ගන්න. මොවුන්ගේ පත පොත පරිශීලන කරන විට මා මුලින් ස`දහන් කල ඔබේ මනසේ ඇති id නම් වූ දල සිතෙහි ඇති තරමක් පාලනයෙන් තොරව ඇතිවන සිතුවිලි අවම වී ego අහම්භාවය යථාර්ථවාදීවද super ego  සුපිරි අහම්භාවය නම් සදාචාරාත්මක විවේචනාත්මකව ඇති වන සිතුුවිලි වලින් id අවමව ක‍්‍රියාත්මක වී super ego නිතැතින්ම තම අනසක පතුුරුවනු ඇත. ඉන් ප‍්‍රදර්ශනය වන්නේ තම සිතේ තැන්පත් ප‍්‍රවේගකාරී සිතුවිලි යටපත් කර පුද්ගලයාගේ අධ්‍යාපන, සමාජීය තත්වය පවුල් පරිසරයට මුල් තැන දීමයි. තේරෙන භාෂාවෙන් කිව්වොත් හැගීමට වඩා බුද්ධියෙන් කටයුතු කිරීමට පෙළඹේ.




සමාජයක මූලාරම්භය පවුල් කුටුම්භයෙන් ආරම්භ වන නිසා යහපත් ශිෂ්ඨ සමාජයක් රටක් නිර්මානය කිරීමේ අවශ්‍යතාවයක් ඇති යුගයක ඔබටත් ඒ සදහා ප‍්‍රායෝගිකව දායකවීම ඇති පහසුම ක‍්‍රියාමාර්ගය නම් සමාජයට දොස් නොපවරා තමන්ගේ නිවසින්, කාර්යාලයෙන් මෙවැනි කටයුත්තක් ආරම්භ කිරීමයි. එවිට සමාජයේ ඇති විෂමකාරී ක‍්‍රියාවන් අපට සෘජුව වෙනස් කල නොහැකි වුවත් ඒවාට ප‍්‍රඥාවෙන් මුහුණ දී කටයුතු කිරීමෙන් අපට ඇති වන ගැට`ඵ අවම කොට අන් අයටද ආදර්ශයක් විය හැක. ඊට අමතරව සුන්දර නිවසක දිවි ගෙවීමේ භාග්‍යයද ඔබට හිමි වනු ඇත. (20/10/2015)

Monday, November 2, 2015

වගකීම පැහැර හරිමින් යුතුකමට පැහැරීම





ලංකාව කියන්නෙ ප‍්‍රාග්   ඓතිහාසික යුගයේ පටන් විජය-කුවේනි, රාවනා රජුගේ ගුප්ත, යුද, වෛද්‍ය ශිල්ප හා දඬු මොණර වැනි ගුවනින් යා හැකි යන්ත‍්‍ර පිළිබ`ද මහා විශ්මකර්මද, කාශ්‍යප රජුගේ ලෝක පුදුමයට භාජනය වූ තාක්ෂනික සීගිරියද, අංගම් පොර සටන් ක‍්‍රම පැවති බවට බොහෝ ආශ්වාදයන් කුතුහලයන් ඇති කරවන රටකි. එය ලෝකයේ පැරණිතම දියුණු ශිෂ්ඨාචාරයක් පැවති රටක් බවට අපට මහත් අභිමානයකි. 
අදද අප මේ ගැන අභිමානයෙන් ගවේශනය කරමින් එවැනි අතීත පරම්පරාවල සුන්බුන් සොයමින් අතීතයේම වෙසෙති. නමුත් අනාගත පරම්පරාවට අප ගැන කතා කිරීමට කිසිවක් දායාද කොට ඇත්ද? ඇත. ඒ අප ගැන අභිමානයෙන් නොව අතීතය ගැන පම්පෝරි ගසමින් ජාතියක් විනාශ වෙනකම් සිටි අමන පිරිසක් ලෙසය. 
අද අප රකින්නට වෙර දරන්නේ කුමක්ද? අපේ කියා රකින්නට දෙයක් ඇතිද?
වසර 33000කට වඩා පැරනි දියුණු ශිෂ්ඨාචාරයක් පැවතුනයි කියන බලංගොඩ මානවයාට නෑකම් කියන ලංකාවේ තවමත් පාර්ලිමේන්තුවේ කරපින්නා ගෙන යන සෙංකෝලය සුද්දාගේය. පෞරාණික වටිනා කමක් ඇතැයි කියමින් සුරකින්නේ සුද්දා සෑදූ ලන්දේසි පෘතුගීසි බල කොටුය.  ක‍්‍රියාත්මක වන්නේ ලෝකයේ තියා රෝමයේ වත් නැති රෝම ලන්දේසි නීතියයි. මින් කියවෙන්නේ අප තාමත් ලන්දේසි අණසකට යටත් බව නොවේද? එනමුත් උඩරටට එක නීතියකි. පහත රටට තව නීතියකි. මුස්ලිම්වරුන්ට තවත් නීතියකි. 
සුද්දාගෙන් රට මුදවා ගෙන අඩ සියවසක් පසු වුනද තවමත් සුද්දාගේ යල් පැනගිය ක‍්‍රමයට අධිකරණපද්ධතිය වැඩය. ආර්ය සිංහල ඇඳුම ඇගලා අධිකරණයේ විත්තිය හෝ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටීමට සිංහල නීතීඥයන්ට අදටත් බැරි වී ඇත. උවමනාවක්ද නැත. ඉංග‍්‍රීසි බසින් ඇති නීති, ආඥා, අන පනත් විධි විධාන තවමත් සිංහලයට පරිවර්තනය කිරීමට නොහැකි වී ඇත. නමුත් අධිකරණයට නීති කෙටුම්පත් සාදන ව්‍යවස්ථාදායක පාර්ලිමේන්තුවේ බහුතරය නීතීඥයින්ය. පාර්ලිමේන්තුවට නූගතුන් එවීම අකැපැයි කියන්නේද මේ මන්ත‍්‍රී වරුන්මය. මේ සාමාන්‍ය ජනතාව නොමඟ යැවීමට කරනා ආකල්පමය නිර්මාන වේ. බහුතර මන්ත‍්‍රීන් නීතීඥයින් නම් ඔවුන්ගෙන් රටට සේවයක් නොවුනත් ඔවුන්ගෙන් රටට බරපතල හානියන් සිදු වූයේ නම් පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ  උගතුන් නොව බුද්ධිමතුන්ය.
තවද සුද්දා පුරුදු කල මත්වතුර, සිගරැුට්ටුව තවම තහනම් කර ගැනීමට බැරි වී ඇත. එය තහනම් කර ගන්න බැරිව දුම්වැටි පැකැට්ටුවේ රූපමය අවවාදය අච්චුගසා ඇත. එක දුම්වැටියක් රුපියල් 30කට වඩා වැඩි නිසා දුප්පත් මිනිහා එකවරකට ගන්නේ දුම්වැටි එකක් හෝ දෙක තුනකි. මේ නිසා පෙට්ටියේ ඇති රූපමය අවවාදය යන්නේ කඬේ මුදලාලිගේ කුනු ගොඩටය. මේ අර්ථ ශූන්‍ය තීරණය ගැනීමට උගතුන් යයි කියනා පිරිස් රජයේ(මහජන) මුදල්, කාලය විනාශ කරමින් අධිකරණයට යමින් විශාල සංවාදයක් මාධ්‍ය තුල ප‍්‍රදර්ශනය කිරීය. මේවාද සුද්දාගේ අධ්‍යාපන ක‍්‍රමයට විභාග සමත් වී උගතුන් යයි කියනා මිනිසුන් සාමාන්‍ය ජනතාව නොමඟ යැවීමට කරනා ආකල්පමය නිර්මාන වේ. 
එදා සිටි ගරුතර සංඝරත්නය පිරිවෙනින් සත් ධර්මය අවබෝධ කොට ගෙනද, හෙල වෙදුන් පාරම්පරික දැනුම පළපුරුද්ද තම පරපුරට දායාද කරමින්ද, ගමට රටට අවවාද අනුශාසනා කරන ආදර්ශමත් බුද්ධිතුන් බවට පත් විය. මොවුන්ට පාසල් අධ්‍යාපනික සහතික නොතිබුණි. :ඡු්චැර ූම්කසසෙජ්එසදබි*
පසු කලක පිරිවෙනින් බැහැරව සුද්දාගේ විශ්ව විද්‍යාල අධ්‍යාපන ක‍්‍රමයෙන් මොට ධර්ම දැනුමෙන් දුබල වූූ සංඝරත්නයද, වෙදුන්ද සල්ලි හා ජනප‍්‍රියත්වය සොයා යාම නිසා සමාජ අපගමනය වැඩි විය. භික්ෂුව ප‍්‍රශ්න විසදා ගැනීමට බැස්සේ පාරටය. වෙදදුරු වැටුප් වර්ධනය සඳහා ප‍්‍රාන ඇපයට ගත්තේ රෝගීන්ය. අනෙකුත් වෘත්තීන්ද එසේමය.
මේ නිසා සිංහල කියන ජාතිය ලෝකයෙන්ම අතුගා දැමීමට රටේ පාලකයින්ට ආරම්භ කිරීමට හැකි විය. මුල් ආරම්භයක් ලෙස අසූව දශකයේ එවකට සිටි පාලකයින් සිංහල කියනා නාමය නීත්‍යානුකූල ලෙස උප්පැන්න සහතිකයෙන්ම උගුලා දැමුවද සග,වෙද,ගුරු,ගොවි, කම්කරු පංච මහා බලවේගයම හඩක් නොනගා නිදි වැදී හුන්හ. මේ කියවන ඔබද මේ යුගයේ ජීවත් වන්නට ඇත. එසේ නම් උප්පැන්නෙන් ජාතිය අතුගා දමනකම් සිටි ජාතියකට අභිමානයක් තිබේද? ඇත. එහෙත් වර්තමානයේ ඔබට නොව අතීත සිංහල ජාතියටය. මෙවැනි කරුනු පිලිබඳ අකමැත්තෙන් හෝ අවධානය යොමු කිරීමේදී අප ගේ විශේෂ අවධානයට යොමු නොවූ කරුණක් ඇත.
මරක්කලයාට බනිමින් උන්ගේ තෙල් ගසා ගෙන ජපනාට බනිමින් උන් තැනූ වාහනෙන් යන ගමන් චීනාට බැන්නද යන්නේ චීනා සෑදූ අධිවේගී මාර්ගයේය. සුද්දාට බැන්නද මෙපමණ දියුනු තාක්ෂණයක් ඇති කලක වුවද තවමත් දුම්රිය රේල් පාරක් සාදා ගැනීමට නොහැකි වී ඇත. ශතක ගනනාවකට පෙර ලෝකයේ ගුවනින් ගමන් කල බවට සාක්ෂි ඇත්තේ රාවනා රජුගේ දඬුමොනරයටය. නමුත් ලෝකය අප අභිබවා පාපැදියේ සිට ගුවන්යානා නිපදවූවත් අපට කියා තවම පා පැදියක්වත් මෝටර් සයිකලයක්වත් නිපදවාගැනීමට නොහැකි වී ඇත. එහෙත් උගතුන් යයි පම්පෝරි ගසන ලංකාවේ පිරිස් රාවනා ඉතිහාසය මිත්‍යාවක් බවට පත් කිරීමට අපමන වෙහෙසක් ගැනීමත් එයට පූර්ණ මාධ්‍ය අනුග‍්‍රහයද ලැබීමත් කනගාටුවට කරුණකි.
වර්තමානයේ සැලසුම් සදන්නේ විදේශීය ට්රෑම්ප් කාර් ව්‍යාපෘති ගැනය. අපේම දෙයක් අප රටේ නිෂ්පාදනයට  යෝජනාවක්වත් මෑත ඉතිහාසයේ යෝජනා වීද? නැත. ඒ එවැනි ව්‍යාපෘති වලින් පාලකයන්ට කොමිස් නොලැබෙන නිසාය.
දැනට මේ රටේ අපටම කියා අනන්‍යතාවයක් ඇත්තේද? නැත. තිබූ සියල්ල දෙමුහුන් HYBRID කරමින් පවතී.  ජාතිය සිංහල කියන නාමය ඉවත් වී ඉතිරි වූ ජාතික ගීයද හයිබි‍්‍රඞ් විය. සිංහල ජාතියට බැන වැදීම අපහාස කිරීම සිංහලයාට නම්බුවකි. නම්බුව සමග මුදල් තනතුරු ලැබෙන්නේ විදේශීය රාජ්‍ය නොවන සංවිධාන හරහා යැපෙන සිංහල කලු සුද්දන්ගෙනි. අනගාරික ධර්මපාලතුමා මේ ගැන එදා පැවසුවද එදා මෙන්ම අදත්  එතුමාගේ වදන් කතාවට මිස සිතා බැලීමට මේ ජාතියට උවමනාවක් නැත.
සිංහල ජාතියක් ගැන කතා කිරීමද ජාතිවාදයකැයි ප‍්‍රසිද්ධ මාධ්‍යයේ කියූ සිංහල මිනිසෙකු සිංහලයාගේ වැඩි ඡුන්දෙන් පාර්ලිමේන්තවට තේරී පත්වූයේ ඇයි? 
රට වෙනුවෙන්  දිවිපිදූ සටන් වැදුන හමුදා වීරයින්ට රණවිරුවා ලෙස නම් කල තවත් දේශපාලකයෙක් රටගියවුන් රටවිරුවා ලෙස නම් කෙරිණ. විදේශ රැුකියාවක් සඳහා පිටත්ව යෑම වීර ක‍්‍රියාවක් ලෙස නම් කිරීම විහි`ඵවකි. හෑල්ලූවට ලක් වුනේ රණවිරුවන්ය. මේ සියඵ ප‍්‍රකාශ සිදු කල දෙදෙනාම ටයි කෝට් පලදින නමට සිංහල නීතීඥයින්ය. මහජන ඡුන්දයෙන් ප‍්‍රථික්ෂේප වුවද මොහුද අද පාර්ලිමේන්තුවේ ඇමතිවරයෙක් වූයේ කෙසේද? මෙයද සිංහල ජාතිකත්වය, මහජන මතය. මොවුන් උගතුන් නම් පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ මෙවැනි උගතුන්ද?
දියුණු සංස්කෘතියක් තිබූ රටකට සිදු වූයේ, සිදු වෙමින් පවතින්නේ කුමක්ද? මේ පිළිබද අධ්‍යනයක් හැදෑරීමක් සිදු වේද? සිතා බැලීමට කාලය එලඹ ඇත. ආචාර්ය මහාචාර්යවරු දේශපාලන දඩයමේය. ඔබටත් සිතීමට කාලයක් නැත. කෙසේ වෙතත් මේ ගැන පසු තැවෙන්නෝ බොහෝමයක් මේ ශ‍්‍රී ලංකා භූමියේ තවමත් ඇත. ඒ අය ඒකරාශී වීමට ඇති ඉඩකඩ අහුරා දමන සංවිධාන බලවේග වැඩිනිසා සිංහලකම ක‍්‍රමක්ක‍්‍රමයෙන් මැකීයනු ඇත. (29/10/2015)

  

Saturday, March 21, 2015

බණ කියන රටක්....බණ අහන රටක්...යුධ බිමක් උනේ කෙලෙසා.....

බණ කියන රටක්....බණ අහන රටක්...යුධ බිමක් උනේ කෙලෙසා.....කියල විශාරද එඞ්වඞ් ජයකොඩි මහතාගේ සින්දුවක් මේ ල`ගදී ගුවන් විදුලියේ ප‍්‍රචාරය වුනා. මේ අතර තරුණයෙක් නාට්‍යයක ටිකට් පොතක් අරගෙන අපේ ගෙදර දොරට තට්ටු කරනවා. සාමාන්‍යයෙන් දිනකට එන මෙවැන්නන් ගණන සාක්කුවට දරා ගන්න බැරි අවස්ථාත් තියෙන නිසාත්, නාට්‍ය බැලීමට උනන්දුවක් නොමැති කම නිසාත් දොර විවෘත කල සැනින් අවශ්‍ය නැති බව පැවසුවත් එම තරුණයා ආධාරයක් වශයෙන් ටිකට් පතක් ගන්න යැයි නැවත ආයාචනය කලේය. එහිදී මා හට ටිකට් පතක් ගැනීමට සිත්වූයේ මගේ අවශ්‍යතාවය නොව මේ හෙම්බත් වී සිටින තරුණයාගේ අවශ්‍යතාවයටය. ඒ නාට්‍ය කරුවන්ගේ ශෝකාන්තය එකල අපේ අසල්වැසියෙකු වූ සුගතපාල සිල්වා ශූරීන් ගෙන් දැක ඇති නිසාමය. 
මෙසේ ටිකට් පත විකුනා යන තරුණයාට මා නිකමට මෙන් ඔබලාගේ නාට්‍ය වලට රටේ විනාශ වෙමින් යන සාර ධර්ම වලටද දෙබසක් එකතු කරන්න බැරිදැයි ඇසීය. පුදුමයකට මෙන් ඒ හෙම්බත් වී සිටි විඩාබර තරුණයා යන ගමන නතර කොට නැවත හැරී එසේ කලොත් නාට්‍යය දේශපාලන මුහුණුවරක් ගන්නා බවද නමුත් රටේ පවතින වාතාවරණය කනගාටුදායක බවද අපට කල හැකි දෙයක් නැතැයිද ඉතා ශෝකීය හ`ඩකින් තෙපලීය. මේ වචනයත් සම`ග මේ තරුණයාගේ කටහ`ඩ ටිකක් ප‍්‍රාණවත් වුවත් වෙහෙසුන සිරුරට මගේ නිවසේ බිත්තියේ පිහිට අවශ්‍ය බව ඔහු උරහිස බිත්තියට හේත්තු කර ගැනීමෙන් පෙනින. මිළ මුදලින් පමනක් නොව සෑම කෙනෙකුටම තම රට වෙනුවෙන් තමන්ගේ හැකියාවෙන් යමක් කල හැකි ආකාරය ඔහුට පෙන්වා දීමත් සම`ග මොහුට අවශ්‍ය වූයේ වතුර වීදුරුවකි.  අහේතුක සිතුවිලි ඉවත් කර අභිපේ‍්‍රරණය කිරීම යනු එයයි. (මෙය මනඃකල්පිත ප‍්‍රබන්ධයක් නොව පුද්ගලයෙකුගේ මනස අවධි කල විට ගත ප‍්‍රාණවත් වන අයුරු එනම් සිත සහ ගත අතර ඇති සහ සම්බන්ධතාවය මනෝ විද්‍යාත්මකව පෙන්වා දීමකි.* එක හුස්මට වතුර වීදුරුව අවසන් කල දුශ්කර මොනරාගල ගමෙන් රැුකියාවක් සොයා කොළඹට පැමිණි මේ තරුණයා විවිධ ප‍්‍රශ්න අසමින් ඔහුගේ අත්දැකීම් පවසමින් බොහෝ කරුනු කාරණා මගෙන් විමසන්නට විය.
ඒ කතා බහින් ඔහුගේ සාමාන්‍ය දැනීම සමාජ අවබෝධය උසස් මට්ටමක පවතින බව ප‍්‍රත්‍යක්ෂ විය. එසේම ඉච්ඡුාභංගත්වයක්ද ඔහු ගේ කතා බහින් දිස්විය. මොහු නගා සිට වියහැකි පුද්ගලයෙකැයි පෙණුන නිසා ඔහු නිවස ඇතුලට කැ`දවා ඉ`ද ගැනීමට සැලස් වීීය. ඔහුට මුලින්ම පෙන්වා දුන්නේ නාට්‍යයක් රස වි`දීමට රසාඥතා ඥාණයක් නැති ජන සමාජයක ඔබ කරන්නේ ඔ`ඵ නැති මිනිසුන්ට තොප්පි විකිනීමක් කිරීමට ගන්නා අසාර්ථක උත්සාහයක් ලෙසයි. නාට්‍යකරුවකු වීමට නම් නාට්‍යයක් රස වි`දීමට හැකි පරිසරයක් මුලින්ම නිර්මාණය කල යුතු බව වටහා දුනි.  මා ඔහුට අනාගතය පිළිබ`දව බලාපොරොත්තු ඇති කලේය. මේ වන විට වෘත්තීය මනෝ උපදේශනයක්, මාර්ගෝපදේශනයක් එසේත් නැතිනම් මොල විරේඛයක් සිදු කරන බව ඔහු නොදැන සිටියේය. මේ වන විට දිනකට ටිකට් පත් කීපයක් විකුනා මාසෙ අන්තිමට කීයක් හරි වියදමට සොයා ගැනීමේ අභිලාෂයේ සිට තම නිවසේ සිට ස්වයං රැුකියාවකින් ජීවිකාව ගෙන යාම දක්වා වෙනස් වී ඇත. ගතවූයේ පැය භාගයක පමණ කාලයකි. දැන් ඔහු විසින්ම ඔහුට ගැලපෙන, තම ගමට ගැලපෙන රැුකියාවක් එනම් හ`දුන්කූරු නිෂ්පාදනය කෙරෙහි අදහසක් ඇති කර ගෙන තිබුණි. ඒ ස`දහා අවශ්‍ය අමු ද්‍රව්‍ය, උපකරන පිළිබ`ද, තාක්ෂන දැනුම මොහුගේ දෙවන අභියෝගය විය. ඔහුගේ වාසනාවකට මීට මාස ගනනකට පෙර ඒ පිළිබ`ද තොරතුරු වෙනත් අයෙකුගෙන් මා වෙත ලැබී තිබුණි. 

පැයකට පෙර අනාගත බලාපොරොත්තු රහිතව සිටි විඩාබර තරුණයා දැන් ඉතා ආත්ම අභිමානයෙන් යුතුව මා ඉදිරියේ සිටී. එය නොවෙයි ආශ්චර්යය. දැන් ඔහුට අවශ්‍ය ජීවිතය තනියම ජයගන්න නොවේ. තම ගම් ප‍්‍රදේශයත් දියුණු කිරීම ස`දහා දැනුවත් කිරීමේ වැඩ සටහන් ටිකක් අපි කරමුදැයි මගෙන් විමසීම මා ලද ජයග‍්‍රහනයයි. ඒ මා ගත කල කාලය ඵලදායී ජාතික මෙහෙවරක් යයි හැ`ගුන නිසාය. එම නිසා මා රනවිරුවා ස`ගරාවට සහ වෙනත් ලියූ ලිපි කීපයක් අඩංගු පොතක්ද කියවීම ස`දහා මේ නොහ`දුනන තරුණයාට පරිත්‍යාග කලෙමි. ශිෂ්‍යයා සූදානම් වන විට ගුරුවරයා නිතැතින්ම ලැබෙනවාය යන පුරාණ කියමනක් ඇත. මේ එවැනි අවස්ථාවක් විය හැක. නමුත් මෙවැනි මානසික පිබිදිමකින් නැවතත් මාසයක් වැනි කාලයක් ඇතුලත ඔහුට නැවතත් උපදේශනයක්, බලාපොරොත්තු ඇති කිරීමක් නොකලහොත් ඔහු සුපුරුදු රැුකියාවටම යොමු විය හැක. ඒ දැනට පවතින සමාජ ක‍්‍රමයට අනුව පුද්ගලයා යාන්ත‍්‍රික වී අවශ්‍ය විවේක බුද්ධිය නොමැති වීමයි.
ඉහත තරුණයාටද මනා අවබෝධයක් දැනුමක් තිබුනද ඔහුට නිදහසේ සිතීමට අවශ්‍ය පරිසරයක් නොතිබීම හේතුවෙන් ඔහු යායුතු නිවැරදි ගමන පිළිබ`දව ඔහුට වැටහීමක් නොතිබිණ. මා තුලින් සිදුවූයේ ඔහු තුල තිබූ විභව ශක්තීන් ඔහුටම පෙන්වා දීම, වටහා දීම පමණි. මෙවැනි වෘත්තීය උපදේශන සේවා අද රටට කාලීන අවශ්‍යතාවයකි. එහෙත් අවාසනාවකට දේශපාලනයේ සිට ආගම දක්වා වානිජීකරණය වූ රටක් තුල ජනතා අභිවෘද්ධිය මුවාවෙන් ජාතිවාදී, දේශපාලන, ආගම්වාදී, රාජ්‍ය නොවන වැනි විවිධ සංවිධාන, අසරණභාවයට පත් වූවන් ගෙන්ද ඊට අමතරව ධනාත්මක චින්තක, පෞරුෂ වර්ධනය වැනි ධනාත්මක තේමාවන් ගෙන් කෙරෙනා එක් දින වැඩමු`ඵ පවත්වා සූරා කෑම, ප‍්‍රමිතියෙන් තොර පොත්-පත් ජාවාරම නිසා රටේ තරුණ තරුණියෝද, රටේ අනාගතයද අන්දමන්ද වී ඇත. 
තරුණ තරුණියන්ගේ ක‍්‍රියා කලාපයන්ට බැන වදින වැඩිහිටියෝ මේ සමාජ ව්‍යවසනයට සෘජුවම වගකිව යුතු බව පිළිගැනීමට මැලි වීම, සමාජ ප‍්‍රගමනයට ජාතික සැලසුම් නොමැති නිසා තව තවත් සමජ පරිහානිය වලක්වා ගත නොහැක. බණ කියන රටක්...........බණ අහන රටක්...........යුධ බිමක් උනේ කෙලෙසා.....කියල දැන් ඔබටම තේරෙනවා ඇති. (20 මාර්තු 2015)