Skip to main content

නිවන් සුව ලබන්නට ඉඩ දෙයිද ඉන්ද්‍රරතන හිමිට?


 ඉන්ද්‍රරතන හිමි වෙනුවෙන් හඩක් නගන්නට

 නොසිටි,උන්වහන්සේගේ අදහස් රටට

 හෙළිනොකළ මීඩියා,උන්වහන්සේගේ

 ජීවිතය බෙරා නොගෙන මළගම සජීවීව

 පෙන්වපු ස්වර්ණවාහිනිය, මළගම 

 මගුලක් කරගත් චන්ඩි පුජකවරු, තව

 කොටසක් හෙට දින උන්වහන්සේගේ නමින්

 බිහිකරගෙන ඉන්ද්‍රරතන පදනමක්. . . 

 මහජන චන්දයෙන් යාවි පාර්ලිමේන්තුවට

 හෙළ කරුමය වගේ.

 හදාවී පිළිම.... මවාවී දුක....

 ජිවනොපයක් කර ගනීවි දැවුණ ඉන්ද්‍රරතන

 දේහය. ගව ඝාතනය සිදුවේවි පෙර සේම.

 කොටසක් ගහවි මඩ. දළදා සමිදු අබියස දැවුණු

 තම ශරීරයට වඩා දැවෙමින් උන්වහන්සේ සෝම

 හිමි වෙත ගොහින් පවසනු ඇත මෙලෙසින.

 ,සසර අවබෝධ ලැබුවෙමි මිදුණු පසු

 දුර්ජනයන්ගෙන් මම ,

Comments

Popular posts from this blog

රටක සංවර්ධනය හා ආකල්පමය වෙනස

රටක සංවර්ධනයට එම රටේ ජනතාවගේ ආකල්ප වල බලපෑම සෘජුවම බලපායි. දියුණු රටක සහ දියුණු වෙමින් පවතින රටක ජනතාවගේ සිතුම් පැතුම් අධ්‍යයනය කිරීමෙන් මේ බව මනාව අවබෝධ කරගත හැක. දියුණු රටවල මිනිසුන් තම ජාතියට දක්වන ගෞරවය, ජාතියක් වශයෙන් තම රටට දක්වන සහයෝගය ඉතා උසස්ය. ධනවත් රටවල් විසින් අනෙකුත් රටවල හා පවතින යුද්ධයේදී තම ජනයා විරෝධතාවය ප‍්‍රකාශ වන්නේ ඉතා සු`ඵ වශයෙනි. එම විරෝධතාවයට ප‍්‍රසිද්ධිය ලැබෙන්නේද මාධ්‍යයන්ගෙන් ඊටත් වඩා සු`ඵ වශයෙනි. ඇමරිකාවට සිදුවූ 2001 සැප්තැම්බර් 11 ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබ`ද සිහි කිරීමේදී කිසිවිට එම ප‍්‍රහාරයේ දර්ශන ප‍්‍රදර්ශනය කිරීමෙන් වැලකී සිටීමට එම රාජ්‍යයන් කටයුතු කලද අප සුනාමි ඛේදවාචකය සිදුවී වසර 10කට ආසන්න වුවද අප තවමත් එම සිදුවීම් ප‍්‍රදර්ශනය කරමින් අතීතය ආවර්ජනය කරමින් සිටී. මෙවන් ප‍්‍රදර්ශන තුලින් ජනතාව නිශේධනාත්මක ආකල්ප වලට හුරු කරවන අතර රටක් ලබන ජයග‍්‍රහන ප‍්‍රදර්ශනය තුලින් ජනතාව ධනාත්මක ආකල්ප වලට හුරු වෙනු ඇත. ආකල්ප පහසුවෙන් වෙනස් කල නොහැක. එයට හේතුව ආකල්ප අධ්‍යාපනය, ජීවත් වන සමාජය තුලින්, දෙමාපියන්ගෙන් සහ ජානමය සාධක මත ගොඩනැගෙන නිසාය. සමාජයක් යහපත් ආකල්ප වලින් ...

අද පාසලට ලිංගික අධ්‍යාපනය සහ හෙට LGBTQ+

ශ්‍රී ලංකාවේ ජනතාව කොතරම් උගත්කමක්, වත්පොහොසත්කමක්, පවුල් පසුබිමක් අත්දැකීම් තිබුණද චන්දදායකයෙකු ලෙස චන්දය භාවිතා කිරීමේදී ලාංකික ජනතාව හැසිරී තිබෙන ආකාරයනම් ගෝත්‍රික මානසිකත්වයෙන් බව පෙනෙන්නට ඇත.  අතීත ලංකාවේ සිටියේ උගතුන්ට වඩා නිදහස් බුද්ධිමතුන්ය. ගොවිකම, වෙදකම, පෙදරේරුකම කුමන රැකියාවක නිරත වුවද ආගම, ක්‍රීඩාව, සෞන්දර්යය, කලාව වැනි විෂයයන් ගැන අවබෝධයක් රසවිඳීමක නිදහස පොහොසත්කම ඔවුන් සතුව තිබුණි.  එදා ලැජ්ජාව බයට ලොකු වටිනාකමක් විය. වර්තමානයේ රැකියාවම අරමුණු කරගත් අධ්‍යාපන ක්‍රමවේද නිසා තමා හැදෑරූ විෂයයට පරිබාහිර දැනුමකට ගවේශනයකට කාල වේලාවක් නොමැතිකම නිසා වත්මන් ලාංකිකයා සංවේදී බවින් මිදී බාහිරින් ආරෝපනය වන රොබෝවරයෙක් වී ඇත. අද උගතාට ආගමක් දර්ශනයක් ගැන විශ්වාසයක් අවබෝධයක් නැත. සාහිත්‍ය කලාව ගැන රසයක් නැත. පොතක් පතක් කියවන්නට නාට්‍යයක් බලන්නට වෙලාවක් නැත. ආගමික පූජකවරයා පවා මුදල ප්‍රසිද්ධිය පසුපස හඹායාම මිස අධ්‍යාත්මික සංවර්ධනයක් දකින්නට නැත.  එම නිසා මිත්‍යාවෙන් මු`ඵ මහත් සමාජයම වෙලාගෙන ඇත. එවන් පසුබිමක ලංකාවේ දරුවන්ට ලිංගික අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව ඇතිවී ඇති කති...

අරහං බුදු ගුණෙන් මගේ ඉරුගෙ අපල දුරු වේවා`

දශක කීපයකට පෙර වැඩ සිටි භික්ෂූන් වහන්සේ නමක් උන්වහන්සේගේ පෞද්ගලික අදහසකට අනුව තමන් වැඩ සිටින පන්සල මුල් කොට ගෙන බෝධි පූජා සඳහා කවි පංති කීපයක් සකසා ගනු ලැබ ඇත. එහි ඇති කාව්‍ය රසය, උන්වහන්සේගේ තාලය මුල් කොට ගෙන එය උපාසක උපාසිකාවන් අතර එකළ ජනප්‍රිය වන්නට විය. පසුව එම භික්ෂූන් වහන්සේ අකාලයේ අපවත් වීමත් සමඟ මෙම වන්දනා ක්‍රමය යටපත් වුවත් එහි ඇති ආකර්ශනය නිසා සමහර පුද්ගලයන් පෞද්ගලිකව එය මුද්‍රණය කර නොමිලේ බෙදා හදාගත් අතර පසුව වෙළෙන්දන් විසින් පොත් ලෙස මුද්‍රණය කිරීම නිසා  ව්‍යාපාරයක් බවට පත් විය.  එයින් රටට, බුදු දහමට එතරම් හානියක් සිදු නොවුනත් පසුව කවියන් විසින් කැසට්පට සීඩී තැටි හරහාද පසුව තරුණ භික්ෂූන් විසින්ද බුදු දහමට අකැපැයි කියන (“නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා....) පසුබිම් සංගීතයද මිශ්‍ර කිරීමෙන් එම කවි පන්සල් තුල ගායනා කිරීම නිසා අකාලික බුදු දහමේ නොතිබුණ  කවි පද බුදු දහමට නොදැනීම ඇතුලත් විය. අද වන විට මේ හරහා පල්ලියේ මෙන් පන්සල තුලට සංගීතයද රිංගා ගෙන ඇත. එයට අනුව පිරිකර මතින් ඒ පන්සලේ භික්ෂුව මේ පන්සලේද, මේ පන්සලේ භික්ෂුව තවත්...