මෝටර් රථයක් වාහන 7ක් හප්පා මට්ටක්කුලියේ මාරක අනතුරක් - දෙනෙකු මරුට, 4කට තුවාල. මට්ටක්කුලිය ප්‍රදේශයේදී 2026 සැප්තැම්බර් 16 රාත්‍රියේ සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් සිව් දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කල බවද, මෝටර් රථයක් මාර්ගයේ ධාවනය වූ වාහන කිහිපයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා විය. අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ මෝටර් රථය ත්‍රීරෝද රථ 3ක සහ යතුරුපැදි 4ක ගැටී ඇති බව වාර්තා වේ. මට්ටක්කුලිය අනතුරේ රියදුරු අත්අඩංගුවට ගංජා භාවිත කර ඇති බවටත් හෙළිවිය. මේ මෑතක මාධ්‍ය විසින් වාර්තා කල පුවතක්. වාර්තා වූ මෙම සිදුවීම ඉදිරියේදී රියදුරු ගංජා නොව අධික තෙහෙට්ටුව හෝ හදිසි රෝගී තත්වයකට පරිවර්තනය වීමටත්, වැරදිකරුවන් වෙනත් අය විමටද බොහෝ සේ ඉඩ ඇත. සිදුවීම වාර්තා වී දින 5ක් යනවිට දැනටමත් ගංජා වෙනුවට කාර්මික ෙදා්ෂයක් බවට කසු කසුවක් ඇති කරමින් සිටී. එසේ සිතීමට හේතු සාධකයක් නම් 2025 ජූලි 28 වනදා උදෑසන කාලයේදීය රාජගිරිය දෙස සිට බෞද්ධාලෝක මාවත දෙසට අධික වේගයෙන් ධාවනය වූ ගස් කැපීම සඳහා යොදා ගන්නා දෑවැන්ත දොඹකර රථයක (Mobile Crane) තිරිංග (Brake...
දැන් මේ රටේ ජනතාවගේ කතාබහට ලක්වෙමින් ඇති මාතෘකා බොහෝය. දැන් ඒවා එකින් එක බෙදා හදා වෙන් කර ගන්නට බැරි තරමටම සංකීර්ණ ප්‍රශ්නාවලියක් ඇති බව පෙනෙයි. විද්්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි කතා බහට ලක්ව තිබෙන දෛනික කාලීන සිදුවීම් අතරට නිසැකවම එක් විය යුතු කාරණයක් රටේ අවධානයෙන් ගිලිහෙමින් පවතී. එනම් මෙරට ජන ජීවිතය සමඟ නිරතුරුව බද්ධව තිබෙන පාරිභෝගිකත්වයයි. අප පරිහරණය කරන පාරිභෝජනය කරන දෛනික හාවිකල්ප අවශ්‍යතාවලට අදාළ භාණ්ඩ, ද්‍රව්‍ය මිලට ගැනීම ප්‍රවාාහනය, ගබඩා කිරීම ආනයනය, අපනයනය යනාදී ක්‍රියාදාමය හා සම්බන්ධව පාරිභෝගිකයා ආරක්ෂා කිරීම අත්‍යවශ්‍යය. ඒ වෙනුවෙන් රටේ නීති පද්ධතියට නීත්‍යානුකූල ආරක්ෂාවක් සලසා බොහෝ කල්ය. අද වන විට මෙම ක්‍රියාදාමයට වසර හතලිස් හතක් පමණ ගත වී තිබේ. එහෙත් මේ වෙනුවෙන් අද රටේ පවත්නා අවබෝධය හා අවධානය කුමක්ද? ශ්‍රී ලංකාවේ 1979 අංක 1 දරන පාරිභෝගික ආරක්ෂණ පනත සහ 1987 අංක 1 දරන සාධාරණ වෙළඳ කොමිෂන් සභා පනත සහ 1950 මිල පාලන පනත අහෝසි කරමින් 2003 අංක 9 දරන පාරිභෝගික පිළිබඳ කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ...