Skip to main content

Posts

Showing posts from May, 2026

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ රැකවරණය වෙළඳ මාෆියාවටද ?

    දැන් මේ රටේ ජනතාවගේ කතාබහට ලක්වෙමින් ඇති මාතෘකා බොහෝය. දැන් ඒවා එකින් එක බෙදා හදා වෙන් කර ගන්නට බැරි තරමටම සංකීර්ණ ප්‍රශ්නාවලියක්  ඇති බව පෙනෙයි. විද්්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි කතා බහට ලක්ව තිබෙන දෛනික කාලීන සිදුවීම් අතරට නිසැකවම එක් විය යුතු කාරණයක් රටේ අවධානයෙන් ගිලිහෙමින් පවතී.   එනම් මෙරට ජන ජීවිතය සමඟ නිරතුරුව බද්ධව තිබෙන පාරිභෝගිකත්වයයි. අප පරිහරණය කරන පාරිභෝජනය කරන දෛනික හාවිකල්ප අවශ්‍යතාවලට අදාළ  භාණ්ඩ, ද්‍රව්‍ය මිලට ගැනීම ප්‍රවාාහනය, ගබඩා කිරීම ආනයනය, අපනයනය යනාදී ක්‍රියාදාමය හා සම්බන්ධව පාරිභෝගිකයා ආරක්ෂා කිරීම අත්‍යවශ්‍යය. ඒ වෙනුවෙන් රටේ නීති පද්ධතියට නීත්‍යානුකූල ආරක්ෂාවක් සලසා බොහෝ කල්ය. අද වන විට මෙම ක්‍රියාදාමයට වසර හතලිස් හතක් පමණ ගත වී තිබේ. එහෙත් මේ වෙනුවෙන් අද රටේ පවත්නා අවබෝධය හා අවධානය කුමක්ද?  ශ්‍රී ලංකාවේ 1979 අංක 1 දරන පාරිභෝගික ආරක්ෂණ පනත සහ 1987 අංක 1 දරන සාධාරණ වෙළඳ කොමිෂන් සභා පනත සහ 1950 මිල පාලන පනත අහෝසි කරමින් 2003 අංක 9 දරන පාරිභෝගික පිළිබඳ කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ...