Skip to main content

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ රැකවරණය වෙළඳ මාෆියාවටද ?

    දැන් මේ රටේ ජනතාවගේ කතාබහට ලක්වෙමින් ඇති මාතෘකා බොහෝය. දැන් ඒවා එකින් එක බෙදා හදා වෙන් කර ගන්නට බැරි තරමටම සංකීර්ණ ප්‍රශ්නාවලියක්  ඇති බව පෙනෙයි. විද්්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි කතා බහට ලක්ව තිබෙන දෛනික කාලීන සිදුවීම් අතරට නිසැකවම එක් විය යුතු කාරණයක් රටේ අවධානයෙන් ගිලිහෙමින් පවතී.   එනම් මෙරට ජන ජීවිතය සමඟ නිරතුරුව බද්ධව තිබෙන පාරිභෝගිකත්වයයි. අප පරිහරණය කරන පාරිභෝජනය කරන දෛනික හාවිකල්ප අවශ්‍යතාවලට අදාළ  භාණ්ඩ, ද්‍රව්‍ය මිලට ගැනීම ප්‍රවාාහනය, ගබඩා කිරීම ආනයනය, අපනයනය යනාදී ක්‍රියාදාමය හා සම්බන්ධව පාරිභෝගිකයා ආරක්ෂා කිරීම අත්‍යවශ්‍යය. ඒ වෙනුවෙන් රටේ නීති පද්ධතියට නීත්‍යානුකූල ආරක්ෂාවක් සලසා බොහෝ කල්ය. අද වන විට මෙම ක්‍රියාදාමයට වසර හතලිස් හතක් පමණ ගත වී තිබේ. එහෙත් මේ වෙනුවෙන් අද රටේ පවත්නා අවබෝධය හා අවධානය කුමක්ද? 

ශ්‍රී ලංකාවේ 1979 අංක 1 දරන පාරිභෝගික ආරක්ෂණ පනත සහ 1987 අංක 1 දරන සාධාරණ වෙළඳ කොමිෂන් සභා පනත සහ 1950 මිල පාලන පනත අහෝසි කරමින් 2003 අංක 9 දරන පාරිභෝගික පිළිබඳ කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පිහිටුවන ලදී. එහි මුඛ්‍ය පරමාර්තය වූයේ විවෘත ආර්ථිකයත් සමඟම රට තුල සහ රටට ගලා ආ ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන, කූඨ වෙළෙඳ ප්‍රජාවගෙන් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමය. එයට විශේෂඥ සහාය ලබා ගැනීමට (1964 ප්‍රමිති කාර්යාංශය) 1984 වසරේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නමින් ආයතනයක්ද ශ්‍රී ලංකා රාජ්‍යය වෙනුවෙන් ප්‍රධාන වශයෙන්ම පාරිභෝගිකයින් සදාචාර විරෝධී ව්‍යාපාරික වෙළෙඳ අක්‍රමිකතාවලින් ආරක්ෂා කිරීම සඳහා වන රාජ්‍ය සංස්ථාවක් ලෙස බිහි කරන ලදී. මෙම රාජ්‍ය ආයතන දෙකෙහි ජනතා අභිලාෂය සමස්ත රටේ ජනතාවට සුවපහසු නිරෝගී දිවිපෙවතක්, විශ්වාසයෙන් යුතුව සේවාවන් ලබා ගැනීමටය. 

අද වන විට මෙම රාජ්‍ය ආයතන දෙක සුරකිනුයේ පාරිභෝගියාද, පාරිභෝගිකයා සූරා කන වෙළඳ ප්‍රජාවද?

අප දන්නා අතීතයේ නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තම යුතුකම සහ වගකීමෙන් යුතුව කටයුතු  ලබා දුනි. පසුගිය දශක කීපයේදී මෙම විශ්වසනීයත්වය බිඳ දමමින්, ජනතා අප්‍රසාදය වඩවමින්  ව්‍යාපාරික ප්‍රජාව සහ දේශපාලකයන්ගේ ආශීර්වාදය සහිතව පාරිභෝගිකයාට වස විස සහිත ආහාර වර්ග, කල් ඉකුත් වූ ප්‍රමිතියෙන් තොර ඖෂධ, යන්ත්‍ර සූත්‍ර ආදීය අද වනවිට වෙළෙඳපලේ බියෙන් සැකෙන් තොරව ප්‍රසිද්ධියේ අලෙවියේ වර්ධනයක් පෙනෙන්නට ඇත. මේ ව්‍යයසන නිසා අද වන විට හිටපු ප්‍රබල මැති ඇමතිවරු, ප්‍රධාන පෙළේ වගකිවයුතු පරිපාලන සේවයේ රාජ්‍ය නිලධාරීන් පවා අධිකරණය ඉදිරියේ සහ බන්ධනාගාර ගතව සිටිනු දක්නට ඇතත්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට හෝ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට ඉන් කිසිඳු හානියක් සිදුවූ බවට ආරංචියක් නැත.

මෙවැනි පසුබිමක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වර්තමාන තත්වය ගැන විමසා බලමු. මේ ගැන කරුණු සොයා බැලීමේදී හමුවූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු පැවසූවේ එම ආයතනය ගැන ජනතා අප්‍රසාදය වැඩි වෙමින් තිබෙන නිසා ඒ ගැන සොයා බලා ලිපියක් සැකසීමට එම ආයතනයෙන් තොරතුරු දැනගැනීමේ පනතට අනුකූලව ලියා පදිංචි තැපෑලෙන් තොරතුරු ඉල්ලා මාසයකට වඩා ගෙවුණද, තොරතුරු දැනගැනීමේ පනත උල්ලංඝනය කරමින් එයට පිළිතුරු තබා ලිපිය ලැබුණ බව හෝ නොදන්වා ඇති බවයි. එම ලිපිය අදාළ ආයතනයට යැවුණි දැයි  විමසීමට ගිය ඔහුව තැපැල් නිළධාරීන් විසින් බත්තරමුල්ල, පිටිපන, හෝමාගම, නැවතත් බත්තරමුල්ල තැපැල් කාර්යාලය වෙත රස්තියාදු කර ඇත. අවසානයේ විස්තර සැපයීමට තව සති දෙකක කාළයක් ගත වන බව පවසා ඇත. මෙම තැපැල් දෙපාර්තමේන්තුවේ මන්දගාමී හැසිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැනි රාජ්‍ය ආයතන සියල්ලන්ටම මහත් අස්වැසිල්ලකි.

මෙම කාලය අතර ඔහු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් දුරකතනයෙන් වරින් වර විමසීමේදී එම ලිපිය ලද බවත් අදාළ අංශ වලට එම ලිපිය බාර දී ඇති බවත් වැඩිදුර තොරතුරු ලබා ගැනීමට වෙනත් දුරකතන අංක ගණනාවක් වරින්වර ලබා දුන්නද ඒවාට ප්‍රතිචාර නොදක්වන අතර යම් අවස්ථාවල නැවතත් වෙනත් අංකයන්ට අමතන ලෙද දන්වා මග හරින බවයි. 

එම කාලය අතර දෙවන වරටත් තොරතුරු පනත ප්‍රකාරව සිහිකැඳවීමක් කල විට මුල් ලිපියට පමණක් පිළිතුරු සපයා ඇත. එයද පිළිගත නොහැකි තොරතුරුය.

තවත් අවස්ථාවක පාරිභෝගිකයකු විසින් විදේශයකින් භාණ්ඩ ප්‍රවාහන සේවාවක් හරහා තම ලිපිනයට එවා තිබූ පාර්සලයකට විදේශ රටට අමතරව අතිරේක රේගු ගාස්තු ලෙස විශාල මුදලක් අය කර ඇත. ඒ ගැන පාරිභෝගික අධිකාරියට අතිරේක රේගු අයකිරීමක් සම්බන්ධව පැමිණිලි කිරීමේදී එය මග හරිමින් ඒ ගැන නීතිමය තත්වය තම ආයතනයද නිවැරදිව නොදන්නා බව පවසමින් සොයා බැලීම සඳහා යයි මාස ගණනාවක් කල් ගෙන ඇත. පසුව එම ලිපිය වෙනත් රාජ්‍ය ආයතනයට යොමු කොට අපගේ කාර්යය අවසන් ඔවුන් ලිපිය යොමු කළ ආයතනය සමඟ ඉදිරියේ කළයුතු කරන ලෙස දන්වා මග හැර ඇත. 

පසුව එම රාජ්‍ය ආයතනයට ඇමතූ විට එම ආයතනයත් සමඟ මෙම ගනුදෙනුවේදී පාරිභෝගිකයා කටයුතු සිදු වීමක් නොමැති නිසා අදාළ භාණ්ඩ ප්‍රවාහන ආයතනය හා කතා කොට විසඳා ගන්නා ලෙස පවසා ඇත. එහිදීද පාරිභෝගියා වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙනී නොසිට පෞද්ගලික ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටියාදැයි සැකයක් මතු වේ.

    සමහර පාරිභෝගිකයන්ගේ අදහස නම් මීඩියා පිරිවරාගෙන සාමාන්‍යෙයන් කුඩා වෙළද ව්‍යාපාරයක් වටලා  වසරකට වැටලීම් විසි දහසක් පමණ කර මිලියන ගණනක දඩ මුදලක් අය කර බවට මාධ්‍ය සංදර්ශන කරනවාට වඩා මහා පරිමාන සහල්  කලු‍කඩල සුපිරි වෙළදසලවල් වල වැටලීම් කරන්නේ නම් හොද බවයිග එයින් මිලියන ගණනකට වඩා බිලියන ගණනින් දඩ අය කොට මීට වඩා පාරිභෝගිකයන්ය සාධාරණ සේවාවක් සැපයිය හැකි බවයිග එසේම අධිකාරිය කල මහා පරිමාන වැටලීම් කර ඒ ගැන ජනතාවට මීඩියා ඉදිරියේ දැනුවත් කිරීමට නොහැක්කේ එම ආයතනයට මහා පරිමාන ආයතන වැටලීමට බලතල පනතේ නොමැති බවද යන්නයිග

තවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැන තවමත් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවතක්. 2023  වසරේ පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් පිරිසක් පැමිණ මහරගම ප්‍රදේශයේ චොකලට් අළෙවි සැලකට පැමිණ එහිදී මිල සහ ආනයනකරුගේ නම ප්‍රදර්ශනය නොකිරීම යන චෝදනා යටතේ රුපියල් ලක්ෂ 30කට ආසන්න චොකලට් සහ ටොෆි තොගයකට මුද්‍ර තැබීමට ඔවුන් කටයුතු කර ඇති බව පවසයි.

පසුව අදාළ චොකලට් තොග නිදහස් කරගැනීමට නම් තමන් වෙත රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබාදෙන ලෙස එම නිලධාරීන් පැවසූ බවට අලෙවිසැල් හිමිකරුවන් චෝදනා කර ඇත. අදාළ නිලධාරීන් වෙළෙඳසැල් හිමිකරුට ලබාදුන් බව කියන දුරකථන ඇමතුම් කිහිපයක හඬපට අලෙවිසැල් හිමිකරුවන් විසින් ඉදිරිපත් කර ඇත. 2023 සිට 2026 මේ දක්වා අන්තර් ජාලයේ පලවන මෙම වාර්තාව අසත්‍ය නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට මෙය ඉවත් කිරීමට කටයුතු කල හැකිව තිබුණි.  

මෙම වසරේ මෙම මැයි මාසයේම දිනක තවත් ප්‍රසිද්ධ මාධ්‍යවේදිනියක් පාරිභෝගික අධිකාරිය ගැන තොරතුරු විමසීමේදී ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ඇයට වෙනත් රාජකාරි ඇතැයි පවසා දුරකතනය විසන්ධි කළ බවට තොරතුරු අනාවරණය විය. එයින් ප්‍රත්‍යක්ෂ වන්නේ පාරිභෝගික කටයුතු අධිකාරිය තවමත් පාරිභෝගික ජනයා වෙනුවෙන් පෙනී නොසිටින බවයි.

මෙම ඉදිරිපත් කළ කරුණු වලට අදාළ පාරිභෝගික කටයුතු අධිකාරිය, ප්‍රමිති ආයතනය, තැපැල් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව වැනි ජනතාවට සමීපව සේවාවන් සැපයිය යුතු රාජ්‍ය ආයතනයන්හි හැසිරීමේදී පෙනුන ප්‍රධානම කරුණ නම් රජයේ සේවාවක් ලබා ගැනීමට හෝ අසාධාරණයක් පිළිබඳව සාධාරණයක් ඉල්ලා සිටීමේදී රාජ්‍ය නිළධාරීන් ජනතාව රස්තියාදු කරමින් දරදඬු ආකාරයට හැසරෙන බවයි. එයින් ජනතාව ඉදිරියේදී මෙවැනි අසාධාරණයන් හමුවේ නැගී නොසිටිනු ඇත. එමගින් ජනතාව රාජ්‍ය සේවාව ගැන කලකිරී මෙවැනි ආයතන වෙත යාමට ඇති උනන්දුව අඩුවී අල්ලසක් දී හෝ තම කටයුත්ත කර ගැනීමට පවා පෙළඹෙනු ඇති. මේ රාජ්‍ය ආයතනයන්හි දූෂිත හැසිරීමේ ආශීර්වාදය කූඨ කලුකඩ ව්‍යාපාරික ප්‍රජාව සමඟ රාජ්‍ය යාන්ත්‍රනයද සිතූසේ බෙදා හදා ගන්නා බවට ඇති ජනතා චෝදනා වල සත්‍ය අසත්‍යතාවය පාලක රජය විසින් විශේෂ අවධානය යොමු කොට වහාම මෙම ව්‍යයසනය නැති කිරීමට වගබලාගත යුතු නොවේද? 

ජන ජීවිතය හා හිතෙන්ම බැඳුණු ආයතනයන් ඒ බැඳීම අමතක කොට ජනතා ද්‍රෝහී ආයතනය සේ කටයුතු කරන්නේ නම් ඒ ගැන ඇස් කට පියාගෙන සිටිය හැකිද? මේ සම්බන්ධව තවදුරටත් පුළුල් කතාබහක් සංවාදයක් ගොඩනැගිය යුතු කාලයකි. මේ දැක්වූ උදාහරණ කිහිපය හැරුණු විට තවත් බොහෝ සිදුවීම් ජනමාධ්‍යවලින් හෙළි වී තිබිය හැකියි. නිලධාරීන් ඒ සම්බන්ධව ක්‍රියා අනුගමනය නොකර  ප්‍රශ්නවලින් ලිස්සා ප්‍රශ්න මගහැර එකිනෙකාට බෝලය පාස් කර නිහඩවීමේ පිළිවෙතක්  අනුගමනය කළ හැකිද?  මේ තත්ත්වයට තවදුරටත් ඉඩ තැබිය යුතු නැත. සියල්ල වෙනස් කොට අල්ලස, දූෂණ මර්දනය කොට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් බලාපොරොත්තුවෙන් ජනතාව පත්කරගත් ආණ්ඩුවද මේ ප්‍රශ්නය ගැන ඇස් කන් කට පියාසිටින්නේ ඇයිද යන ගැට`ඵව දැන් අප හමුවේ ඇත.   

(11 මැයි 2026)   


Comments

Popular posts from this blog

රටක සංවර්ධනය හා ආකල්පමය වෙනස

රටක සංවර්ධනයට එම රටේ ජනතාවගේ ආකල්ප වල බලපෑම සෘජුවම බලපායි. දියුණු රටක සහ දියුණු වෙමින් පවතින රටක ජනතාවගේ සිතුම් පැතුම් අධ්‍යයනය කිරීමෙන් මේ බව මනාව අවබෝධ කරගත හැක. දියුණු රටවල මිනිසුන් තම ජාතියට දක්වන ගෞරවය, ජාතියක් වශයෙන් තම රටට දක්වන සහයෝගය ඉතා උසස්ය. ධනවත් රටවල් විසින් අනෙකුත් රටවල හා පවතින යුද්ධයේදී තම ජනයා විරෝධතාවය ප‍්‍රකාශ වන්නේ ඉතා සු`ඵ වශයෙනි. එම විරෝධතාවයට ප‍්‍රසිද්ධිය ලැබෙන්නේද මාධ්‍යයන්ගෙන් ඊටත් වඩා සු`ඵ වශයෙනි. ඇමරිකාවට සිදුවූ 2001 සැප්තැම්බර් 11 ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබ`ද සිහි කිරීමේදී කිසිවිට එම ප‍්‍රහාරයේ දර්ශන ප‍්‍රදර්ශනය කිරීමෙන් වැලකී සිටීමට එම රාජ්‍යයන් කටයුතු කලද අප සුනාමි ඛේදවාචකය සිදුවී වසර 10කට ආසන්න වුවද අප තවමත් එම සිදුවීම් ප‍්‍රදර්ශනය කරමින් අතීතය ආවර්ජනය කරමින් සිටී. මෙවන් ප‍්‍රදර්ශන තුලින් ජනතාව නිශේධනාත්මක ආකල්ප වලට හුරු කරවන අතර රටක් ලබන ජයග‍්‍රහන ප‍්‍රදර්ශනය තුලින් ජනතාව ධනාත්මක ආකල්ප වලට හුරු වෙනු ඇත. ආකල්ප පහසුවෙන් වෙනස් කල නොහැක. එයට හේතුව ආකල්ප අධ්‍යාපනය, ජීවත් වන සමාජය තුලින්, දෙමාපියන්ගෙන් සහ ජානමය සාධක මත ගොඩනැගෙන නිසාය. සමාජයක් යහපත් ආකල්ප වලින් ...

අද පාසලට ලිංගික අධ්‍යාපනය සහ හෙට LGBTQ+

ශ්‍රී ලංකාවේ ජනතාව කොතරම් උගත්කමක්, වත්පොහොසත්කමක්, පවුල් පසුබිමක් අත්දැකීම් තිබුණද චන්දදායකයෙකු ලෙස චන්දය භාවිතා කිරීමේදී ලාංකික ජනතාව හැසිරී තිබෙන ආකාරයනම් ගෝත්‍රික මානසිකත්වයෙන් බව පෙනෙන්නට ඇත.  අතීත ලංකාවේ සිටියේ උගතුන්ට වඩා නිදහස් බුද්ධිමතුන්ය. ගොවිකම, වෙදකම, පෙදරේරුකම කුමන රැකියාවක නිරත වුවද ආගම, ක්‍රීඩාව, සෞන්දර්යය, කලාව වැනි විෂයයන් ගැන අවබෝධයක් රසවිඳීමක නිදහස පොහොසත්කම ඔවුන් සතුව තිබුණි.  එදා ලැජ්ජාව බයට ලොකු වටිනාකමක් විය. වර්තමානයේ රැකියාවම අරමුණු කරගත් අධ්‍යාපන ක්‍රමවේද නිසා තමා හැදෑරූ විෂයයට පරිබාහිර දැනුමකට ගවේශනයකට කාල වේලාවක් නොමැතිකම නිසා වත්මන් ලාංකිකයා සංවේදී බවින් මිදී බාහිරින් ආරෝපනය වන රොබෝවරයෙක් වී ඇත. අද උගතාට ආගමක් දර්ශනයක් ගැන විශ්වාසයක් අවබෝධයක් නැත. සාහිත්‍ය කලාව ගැන රසයක් නැත. පොතක් පතක් කියවන්නට නාට්‍යයක් බලන්නට වෙලාවක් නැත. ආගමික පූජකවරයා පවා මුදල ප්‍රසිද්ධිය පසුපස හඹායාම මිස අධ්‍යාත්මික සංවර්ධනයක් දකින්නට නැත.  එම නිසා මිත්‍යාවෙන් මු`ඵ මහත් සමාජයම වෙලාගෙන ඇත. එවන් පසුබිමක ලංකාවේ දරුවන්ට ලිංගික අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව ඇතිවී ඇති කති...

අරහං බුදු ගුණෙන් මගේ ඉරුගෙ අපල දුරු වේවා`

දශක කීපයකට පෙර වැඩ සිටි භික්ෂූන් වහන්සේ නමක් උන්වහන්සේගේ පෞද්ගලික අදහසකට අනුව තමන් වැඩ සිටින පන්සල මුල් කොට ගෙන බෝධි පූජා සඳහා කවි පංති කීපයක් සකසා ගනු ලැබ ඇත. එහි ඇති කාව්‍ය රසය, උන්වහන්සේගේ තාලය මුල් කොට ගෙන එය උපාසක උපාසිකාවන් අතර එකළ ජනප්‍රිය වන්නට විය. පසුව එම භික්ෂූන් වහන්සේ අකාලයේ අපවත් වීමත් සමඟ මෙම වන්දනා ක්‍රමය යටපත් වුවත් එහි ඇති ආකර්ශනය නිසා සමහර පුද්ගලයන් පෞද්ගලිකව එය මුද්‍රණය කර නොමිලේ බෙදා හදාගත් අතර පසුව වෙළෙන්දන් විසින් පොත් ලෙස මුද්‍රණය කිරීම නිසා  ව්‍යාපාරයක් බවට පත් විය.  එයින් රටට, බුදු දහමට එතරම් හානියක් සිදු නොවුනත් පසුව කවියන් විසින් කැසට්පට සීඩී තැටි හරහාද පසුව තරුණ භික්ෂූන් විසින්ද බුදු දහමට අකැපැයි කියන (“නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා....) පසුබිම් සංගීතයද මිශ්‍ර කිරීමෙන් එම කවි පන්සල් තුල ගායනා කිරීම නිසා අකාලික බුදු දහමේ නොතිබුණ  කවි පද බුදු දහමට නොදැනීම ඇතුලත් විය. අද වන විට මේ හරහා පල්ලියේ මෙන් පන්සල තුලට සංගීතයද රිංගා ගෙන ඇත. එයට අනුව පිරිකර මතින් ඒ පන්සලේ භික්ෂුව මේ පන්සලේද, මේ පන්සලේ භික්ෂුව තවත්...