Skip to main content

Posts

ළමා හිංසනයෙන් තොර රටක්

ඔක්තෝබර් 01 ජාත්‍යන්තර ළමා හා වැඩිහිටි දිනයයි. එය ලෝකයේ අනෙක් රටවල් හා හරි හරියට සංකේතාත්මකව සැමරීමට අපද සූදානම් වී සිටිමු. දින 365 න් එක් දිනයක මහා උළෙලක වැඩිහිටි ප්‍රභූන් රැසක් මහා ධනස්කන්ධයක් වැය කොට මහා ශ්‍රවණාගරයක දරුවන් අතලොස්සක් රැස්කර පාට තොප්පියකින් වර්ණවත් ටී ෂර්ට් එකක් අන්ඳවා බත් පැකැට්ටුවක රස බලද්දී , රූපවාහිනියෙන් එය සජීවීව විකාශනය කරන්නේ මු ` ඵ ලොවට දැක ගැනීමටය. මේ අතර අසරණ දරුවෝ තවත් දස දහස්ගණනක් හව්හරනක් නොමැතිව ළමා නිවාසයේ රූපවාහිනියෙන්  රාජ්‍ය සහ රාජ්‍ය නොවන , ප්‍රභූන්ට පමණක් සුන්දර වූ ඒ දිනය අපේක්ෂාවෙන් තොරව බලාසිටිති. වැඩ සටහන අවසන් වූ දරුවන් බස් රථයෙන් නැවතත් සුපුරුදු නිවාසගත වන අතර , ප්‍රභූන් අභිමානයෙන් යුතුව තවත් උත්සවයක් කරා පරිවාර සේනා සමඟ විරාජමාන වන්නේ එය තවත් එක් දිනයක් පමණක් ලෙස සලකාය. මෙම සිදුවීම පසුගිය සෑම වසරකදී මෙන්ම මෙවරද අනාගතයේදීද එලෙසම සිදු වනු ඇත. මෙවන් සැමරීමක් සිදු කළ පමණින් ළමා හිංසනය රටෙන් තුරන් කළ හැකිද ? එය දරුවන් වෙනුවෙන් සිදු කෙරෙන අපේ යුතුකමද ? ළමා හිංසනයෙන් තොර රටක් වෙනුවෙන් අප රටට නිශ්චිත වැඩ පිළිවෙලක් ඇත්ද ? ළමා හිංසනයට එරෙහිව ...

ගොසිප් නිව්ස් වලින් යටි සිත සන්තර්පනය කිරීම

  අත්‍යාවශ්‍ය දේට වඩා අනවශ්‍යදේ පිළිබද  ඕනෑවට වඩා ජනතා අවධානය යොමු කිරීම, කතා කිරීම, සංවාද කිරීම රටක ජාතියක අනාගතය සහ ඵලදායීතාව නැති කරන ප‍්‍රධාන කරුණකි. මෑත කාලයේ සියඵම ජනමාධ්‍ය එකිනෙකා පරයා යෑමට මේ වාචාල ප‍්‍රවෘත්ති දඩයමේ යාම සුලභව දක්නට ලැබෙන කරුණකි. අතීතයේ සිටි කරුණාරත්න අබේසේකර, ලලිත් එස්. මෛත‍්‍රීපාල, පේ‍්‍රමකීර්ති ද අල්විස් වැන්නවුන් මාධ්‍ය හැසිරවීමේදී ඔවුන් භාවිතා කල භාෂා කෞෂල්‍යය සහ ඔවුන්ගේ හ`ඩ පාලනය ප‍්‍රවෘත්තියක ඇති වටිනාකම හා සිංහල භාෂාවේ ප්‍රෞඩත්වය මැනවින් පේ‍්‍රක්ෂකයන්ට දැනෙන ලෙස ප‍්‍රකාශ කලහ. මොවුන් කිසි විටක වෙනත් භාෂාවක වචන කථනය සදහා යොදා ගත්තේද නැත.  වැරදීමකින් හෝ වෙනත් භාෂාවක් හෝ දෝෂයක් සිදු වුවහොත් එකල සිටි නිවේදකයින් හට නිදහසට කරුණු විමසීමක් හා නිතර වැරදීම් සිදු කරන්නේ නම් ඔවුන් එම කටයුත්තෙන් ඉවත් කිරීමටද බලධාරීහු කටයුතු කලහ.  පසු කාලීනව එෆ්.එම්. නාලිකා ආරම්භයත් සමග ප‍්‍රවෘත්තියෙන් රටට ඇති වටිනා කමට වඩා එම ප‍්‍රවෘත්තිය පල කිරීමෙන් මෙම නාලිකාවන්ට ලැබෙන ආර්ථික ලාභය හෝ තම දේශපාලන හෝ වෙනත් පටු අභිමථාර්තයන් ඉටු කර ගැනීමෙන් ඇති වන වාසිය ගැනම පමණක...

වගකීම පැහැර හරිමින් යුතුකමට පැහැරීම

ලංකාව කියන්නෙ ප‍්‍රාග්   ඓතිහාසික යුගයේ පටන් විජය-කුවේනි, රාවනා රජුගේ ගුප්ත, යුද, වෛද්‍ය ශිල්ප හා දඬු මොණර වැනි ගුවනින් යා හැකි යන්ත‍්‍ර පිළිබ`ද මහා විශ්මකර්මද, කාශ්‍යප රජුගේ ලෝක පුදුමයට භාජනය වූ තාක්ෂනික සීගිරියද, අංගම් පොර සටන් ක‍්‍රම පැවති බවට බොහෝ ආශ්වාදයන් කුතුහලයන් ඇති කරවන රටකි. එය ලෝකයේ පැරණිතම දියුණු ශිෂ්ඨාචාරයක් පැවති රටක් බවට අපට මහත් අභිමානයකි.  අදද අප මේ ගැන අභිමානයෙන් ගවේශනය කරමින් එවැනි අතීත පරම්පරාවල සුන්බුන් සොයමින් අතීතයේම වෙසෙති. නමුත් අනාගත පරම්පරාවට අප ගැන කතා කිරීමට කිසිවක් දායාද කොට ඇත්ද? ඇත. ඒ අප ගැන අභිමානයෙන් නොව අතීතය ගැන පම්පෝරි ගසමින් ජාතියක් විනාශ වෙනකම් සිටි අමන පිරිසක් ලෙසය.  අද අප රකින්නට වෙර දරන්නේ කුමක්ද? අපේ කියා රකින්නට දෙයක් ඇතිද? වසර 33000කට වඩා පැරනි දියුණු ශිෂ්ඨාචාරයක් පැවතුනයි කියන බලංගොඩ මානවයාට නෑකම් කියන ලංකාවේ තවමත් පාර්ලිමේන්තුවේ කරපින්නා ගෙන යන සෙංකෝලය සුද්දාගේය. පෞරාණික වටිනා කමක් ඇතැයි කියමින් සුරකින්නේ සුද්දා සෑදූ ලන්දේසි පෘතුගීසි බල කොටුය.  ක‍්‍රියාත්මක වන්නේ ලෝකයේ තියා රෝමයේ වත් නැති රෝම ලන්දේසි...

බණ කියන රටක්....බණ අහන රටක්...යුධ බිමක් උනේ කෙලෙසා.....

බණ කියන රටක්....බණ අහන රටක්...යුධ බිමක් උනේ කෙලෙසා.....කියල විශාරද එඞ්වඞ් ජයකොඩි මහතාගේ සින්දුවක් මේ ල`ගදී ගුවන් විදුලියේ ප‍්‍රචාරය වුනා. මේ අතර තරුණයෙක් නාට්‍යයක ටිකට් පොතක් අරගෙන අපේ ගෙදර දොරට තට්ටු කරනවා. සාමාන්‍යයෙන් දිනකට එන මෙවැන්නන් ගණන සාක්කුවට දරා ගන්න බැරි අවස්ථාත් තියෙන නිසාත්, නාට්‍ය බැලීමට උනන්දුවක් නොමැති කම නිසාත් දොර විවෘත කල සැනින් අවශ්‍ය නැති බව පැවසුවත් එම තරුණයා ආධාරයක් වශයෙන් ටිකට් පතක් ගන්න යැයි නැවත ආයාචනය කලේය. එහිදී මා හට ටිකට් පතක් ගැනීමට සිත්වූයේ මගේ අවශ්‍යතාවය නොව මේ හෙම්බත් වී සිටින තරුණයාගේ අවශ්‍යතාවයටය. ඒ නාට්‍ය කරුවන්ගේ ශෝකාන්තය එකල අපේ අසල්වැසියෙකු වූ සුගතපාල සිල්වා ශූරීන් ගෙන් දැක ඇති නිසාමය.  මෙසේ ටිකට් පත විකුනා යන තරුණයාට මා නිකමට මෙන් ඔබලාගේ නාට්‍ය වලට රටේ විනාශ වෙමින් යන සාර ධර්ම වලටද දෙබසක් එකතු කරන්න බැරිදැයි ඇසීය. පුදුමයකට මෙන් ඒ හෙම්බත් වී සිටි විඩාබර තරුණයා යන ගමන නතර කොට නැවත හැරී එසේ කලොත් නාට්‍යය දේශපාලන මුහුණුවරක් ගන්නා බවද නමුත් රටේ පවතින වාතාවරණය කනගාටුදායක බවද අපට කල හැකි දෙයක් නැතැයිද ඉතා ශෝකීය හ`ඩකින් තෙපලීය. මේ වචනයත් සම...

හෙට දින විශ්ව ලමා දිනයයි. අපි හෙට කුමක් කරම්ද?.....

මේ මොහොත වන විට හෙට මේ දිනය අභිමානයෙන් ( සැම ) රීමට රාජ් ‍ ය හා රාජ් ‍ ය නොවන සන්විදාන නිදි මරා කටයුතු කරනු ඇති . රාජ් ‍ ය නොවන ආයතන නම් විදේශීය රාජ් ‍ යන්ගෙන් කුට්ටියක් කඩාගෙන ඉදිරි වසර සදහා ඔවුනොවුන්ගේ පැවැත්ම වෙනුවෙන් කීයක් හෝ   ඉතිරි කර ගත්තාට රටට එතරම් දැනීමක් නැත්තේය . ඒ ජනතාවගේ සාක්කුවට ඉන් පහරක් නොවදින නිසාය . ඒත් අපේ රාජ් ‍ ය සේවාව හෙට කොහොම සූදානම් වෙනවා දැයි   ශ් ‍ රීලංකාවේ පුරවැසියෙකු ලෙස සිතා බැලීමේ වරදක් නැත . කොහොම වෙතත් සාම්ප් ‍ රදායී ක් ‍ රමයටම මෙය සිදුවූවොත් …… ඒ නම් … රටේ නායකයා සතුටු කොරන්නට   ( ඒ තුලින් මීට වඩා සම්තින් ඇති උසස් ඇමතිකමක් ලබා ගැනීමට ) ඇමතිතුමා සැදී පැහැදී සිටිත් . ඇමතිතුමා සතුට කිරීමට අමාත් ‍ යාන්ශ ලේකම්තුමා නියෝග දීමට සූදානම් ‍ ය . අමාත් ‍ යාන්ශ ලේකම්තුමා සතුටු කිරීම කොමසාරිස්තුමාගේ පරම  යුතුකමකි . කොමසාරිස්තුමා පිනවීමෙන් ගනකාධිකාරී ඇතුලු උසස් යයි සිතන නිලධාරින්ට වැටුප් වර්ධකයට,අතිරේක නිදහසට පිනය . උසස් යයි සිතන නිලධාරින් පිනවීමෙන් සැපයුම් අන්ශයට රජ මගුලය . පහල සොක්කන්ට පොඩි බටාවක් හා ඕ . ටී . පාර ගමන් දීමනා එක්...

ප්‍රශ්න 24කින් ලමා අප්චාර අලට විසදුම් සොයමු.

 ......ළමා අයිතිවාසිකම් වලට පමණක් සීමාවීම නිසා අනෙකුත් පාර්ශවයන්ගේ අයිතිවාසිකම් වලට යම්කිසි අසාධාරනයක් වෙනු ඇති. එසේම පූර්ණ නිගමනයකටද එලඹීමට නොහැකිවනු ඇතැයි මගේ හැගීමයි. එබැවින් මා විවිධ කෝනයන්ගෙන් මා දකින ආකාරයට ඒ  පිළිබදව විග‍්‍රයක් කරුනුයේ ඔබ ආයතනයේද ඒ පිළිබදව අවධානය යොමු කරවීමටයි. ළමා අයිතිවාසිකම් ලෙස ගත්විට අද පවතින අධ්‍යාපන ක‍්‍රමය අනුව ළමයෙකුට එවැනි අයිතිවාසිකමක් අප  විසින් ඇතිකර ඇත්ද යන්න පලමුවෙන් සිතා බැලිය යුතුය. අද දරුවන් දෙමාපියන්ගේ පරමාර්ථ පිරිමසින  අධ්‍යාපන රොබෝවරුන්ය. ජනාධිපතිතුමාද යම් අවස්ථාවලදී මේ ගැන කතා කරනු දක්නා ලදී. ඒ පිළිබදව  ලිපි දේශන කෙතෙකුත් ඇතත් ක‍්‍රියාමාර්ග ගැනීමට ජාතික හෝ අන්තර්ජාතික ආයතන නැත. දෙමාපියන්ටද  මෙම ක‍්‍රමයෙන් මිදී විකල්ප ක‍්‍රමවේදයක් ගැන සිතිය නොහැකි තත්වයකට පත්ව ඇත. එසේ නොහැකි නම්  මෙයට වගකිවයුතන් සහ අපචාර වැඩිවමට ඉගියක් මෙම ප‍්‍රශ්නාවලියෙන් ඔබට ලබාගත හැකිවේ යයි සිතමි. 1) ළමයින්ගේ විෂමාචාර වලට අධ්‍යාපන ක‍්‍රමය වක‍්‍රව බලනොපාන බව කිව නොහැක්කේ කාහටද? 2) තවද ලමයෙකු අපචාරයකට ලක්වූ පසු අධිකරණය මගින් දරුව...