Skip to main content

Posts

රටක අරමුණක් නැති, මාර්ගෝපදේශනයක් නැතිව යන ගමණක්

අද ලාංකික සමාජයේ ජනමාධ්‍ය තුල නිරතුරුව ඇසෙන්නට, දකින්නට ලැබෙන්නේ මිනීමැරුම්, මංකොල්ලකෑම්, ප්‍රචන්ඩත්වය සහ දූෂන වැනි සමාජ අපගාමී වාර්තාය. එම සිදුවීම් වාර්තාකරණයේදී කරුනූ නිවැරදිව සමබරව ජනතාවට ලබාදීමට වඩා සිදුවීම එසැණින් ගුවන්ගතකර අන් මාධ්‍ය අභිබවා ජනතාව රඳවා ගැනීමේ උත්සාහය ප්‍රේක්ෂක ජනතාවගේ මනෝභාවයටද හානියකි. ප්‍රචාරණයේ අලංකාරය සඳහා භාවිතා කරන විවිධ මෙවලම්ද (Tools) ජන අහිතකරය. එයට සමගාමීව ප්‍රදර්ශනය කරනු ලබන බොහෝ ටෙලි නාට්‍ය වල ප්‍රචන්ඩත්වයටද ධනාත්මක වටිනාකමක් එකතු කරමින් සමාජයට වැරදි පූර්වාදර්ශයක් සපයයි. ඉන් නොනවතින මේ ආයතන සැන්දෑ සමයේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා න`ඵ නිලි, ගායක ගායිකාවන් කැඳවා ඔවුන්ගේ පෞද්ගලික කරණු කාරනා (Gossip) බෙදාහදා ගනිමින් ඔවුන් විනෝද වන වැඩසටහන්ද, පිරිමින් ගැහැණුන් ලෙස වෙස් ගන්වා ජනමාධ්‍යයක නොහැසිරවිය යුතු භාෂාවන්ද, නර්තනයන්ද සිදු කරයි.  අද සමාජයේ නව්‍යනරණයට වඩා අනුකරණයට වෙළඳ පලක් නිර්මාණය වී ඇත. මෙහිදී අතීතයේ පඩිරුවනක් වූ කුමාරතුංග මුණිදාසයන් අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී යන වදන සිහිපත් වෙයි. විදේශීය නර්තන, ගායන තරග ඒ ආකාරයෙන්ම දේශීයව පවත්වා අදාල පුද...

අද උපදේශන ක්‍රියාවලිය ගමන් කරන මඟ නිවැරදිද?

මෑත දිනක පාර්ලිමේන්තුවේ මානසික උපදේශන පිළිබඳව  පාර්ලිමේන්තු නියෝජිතවරුන්/වරියන් විසින් ආන්දෝලාත්මක ප්‍රකාශයක් සිදු කළහ. එහිදී ඔවුන් සඳහන් කළ පරිදි ලංකාවේ උපදේශන ක්ෂේත්‍රයේ නියැලෙන පුද්ගලයන්ගේ ගුණාත්මක බව සහ සුදුසුකම් පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි.මෙම නියෝජිතවරුන් කුමන අරමුනක් යටතේ එසේ ප්‍රකාශ කර සිටීදැයි නොතේරුනත් විශේෂයෙන් එහි දී එම මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ කරුණු ඉතා කාලෝචිතය. ඔවුන් සඳහන් කල පරිදි තත්වය එසේ සිදුවුවත් මෑත කාලයේ රජයට සම්බන්ධ ආයතනයක වෘත්තියට නොගැලපෙන දේශනයක් කල බව කියන මනෝ උපදේශිකාවක් ලෙස හඳුන්වාදුන් කාන්තාවකට එහි සත්‍ය අසත්‍යතාවය විමර්ශනයට පෙර උණුසුම මැකීයාමට පෙර රජයට සම්බන්ධ නාලිකාවකින් ඇය නැවත වරක් රූපවාහිනී තිරයේ දක්නට සැලැස්වීම ජනතාව ලද අභාග්‍යයකි. අද උපදේශනය පිහිටවීමේ කලාව වෙනුවට, මුදල් ඉපයීමේ කලාවක් වී ඇත. උපදේශනය අන් වෘත්තීන් ලෙස උගත්කමින්ම   (Paper Qualification) මැන හැක්කක් නොවේ. එයට උගත්කම මෙන්ම පරීක්ෂණයකින් මැනිය නොහැකි කරුණාව, මානව දයාව වැනි ගුණාංගද ඇතුලත් විය යුතුය. ඒ නිසයි මානසික උපදේශනය අසීරු සේවාවක් මෙන්ම රජයක විශේෂ අවධානය යොමු විය යුතු වන්නේ...

කුනු සහ මී ෙතාටමුල්ල කුනු කන්ද

කුනු සහ කුඩු යනු දේශපාලනඥයින් සමගම ගැවසෙන මාතෘකාවක් . මේ කුනු ප්‍රශ්නයද සාම්ප්‍රදායික දේශපාලන වාසි ගැනීමේ ක්‍රියාන්විතයක් ආරම්භ කර ඇත. ⁣කොළඹ නගර සභාව එදා පටන් එ.ජා.ප. කිව්වම ශ්‍රී.ල.නි.ප.ය සම්පූර්ණයෙන්ම අහිංසකය. චන්ද්‍රිකා, මහින්ද එකල රට පාලනය කලද මේ කියන විදියට කොළඹ නගර සභාවේ පාලනය ඒ දෙදෙනාගේම පාලනයෙන් තොරව සිදුවී ඇත. ගෝඨාභය මෙය විසඳීමට උස්සාහ ගන්නකොටම ආන්ඩුව පෙරලුන නිසා ආන්ඩුව පෙරලූ ජනතාව වැරදිය. ජ.වි.පෙ මේ කුනු කන්ද සමනොල කන්දක් කරගෙන ජනතාව කුපිත කරවාවි. මේ පිලිබද පුවත්පත ් කුනු කන්ද නාය ගිය බව දැක්කද දවල් 1සිට මධ්‍යම රාත්‍රීය තෙක් මිනිසුන් සුන්බුන් වලට යටවී අධික දුඟදේ ජීවිතය ඉල්ලා හඬාවැටෙන බවත් ජීවිත බේරාගැනීමට එක්ස්කැවේටර් අවශ්‍ය බව පුවත්පත් වල නොදුටු නිසා මෛත්‍රීපාල ජනාධිපති නිදහස්ය. අනික මැරුන අයට, මැරෙන්න පන අදින අයට වඩාහෙට හිස තෙල්ගෑමේ උත්සවය සංඝ සභාව සමඟ මහනුවර දී සැමරීම ජාතික අවශ්‍යතාවය නිසාය. මෙගා පොලිස් බාර පාඨලී වැඩ දීර්ඝකාලීන සැලසුම් සකසමින් සිටියද දැනුම්දීමකින් තොරව කන්ද කඩා වැටීම නිසාත් කන්ද අවට මිනිසුන් පාඨලීගේ විද්‍යාත්මක ක්‍රමවේද සකසනකම් ඉවසා නොසිටීම නිසාත් වරද හි...

ළමා හිංසනයෙන් තොර රටක්

ඔක්තෝබර් 01 ජාත්‍යන්තර ළමා හා වැඩිහිටි දිනයයි. එය ලෝකයේ අනෙක් රටවල් හා හරි හරියට සංකේතාත්මකව සැමරීමට අපද සූදානම් වී සිටිමු. දින 365 න් එක් දිනයක මහා උළෙලක වැඩිහිටි ප්‍රභූන් රැසක් මහා ධනස්කන්ධයක් වැය කොට මහා ශ්‍රවණාගරයක දරුවන් අතලොස්සක් රැස්කර පාට තොප්පියකින් වර්ණවත් ටී ෂර්ට් එකක් අන්ඳවා බත් පැකැට්ටුවක රස බලද්දී , රූපවාහිනියෙන් එය සජීවීව විකාශනය කරන්නේ මු ` ඵ ලොවට දැක ගැනීමටය. මේ අතර අසරණ දරුවෝ තවත් දස දහස්ගණනක් හව්හරනක් නොමැතිව ළමා නිවාසයේ රූපවාහිනියෙන්  රාජ්‍ය සහ රාජ්‍ය නොවන , ප්‍රභූන්ට පමණක් සුන්දර වූ ඒ දිනය අපේක්ෂාවෙන් තොරව බලාසිටිති. වැඩ සටහන අවසන් වූ දරුවන් බස් රථයෙන් නැවතත් සුපුරුදු නිවාසගත වන අතර , ප්‍රභූන් අභිමානයෙන් යුතුව තවත් උත්සවයක් කරා පරිවාර සේනා සමඟ විරාජමාන වන්නේ එය තවත් එක් දිනයක් පමණක් ලෙස සලකාය. මෙම සිදුවීම පසුගිය සෑම වසරකදී මෙන්ම මෙවරද අනාගතයේදීද එලෙසම සිදු වනු ඇත. මෙවන් සැමරීමක් සිදු කළ පමණින් ළමා හිංසනය රටෙන් තුරන් කළ හැකිද ? එය දරුවන් වෙනුවෙන් සිදු කෙරෙන අපේ යුතුකමද ? ළමා හිංසනයෙන් තොර රටක් වෙනුවෙන් අප රටට නිශ්චිත වැඩ පිළිවෙලක් ඇත්ද ? ළමා හිංසනයට එරෙහිව ...

ගොසිප් නිව්ස් වලින් යටි සිත සන්තර්පනය කිරීම

  අත්‍යාවශ්‍ය දේට වඩා අනවශ්‍යදේ පිළිබද  ඕනෑවට වඩා ජනතා අවධානය යොමු කිරීම, කතා කිරීම, සංවාද කිරීම රටක ජාතියක අනාගතය සහ ඵලදායීතාව නැති කරන ප‍්‍රධාන කරුණකි. මෑත කාලයේ සියඵම ජනමාධ්‍ය එකිනෙකා පරයා යෑමට මේ වාචාල ප‍්‍රවෘත්ති දඩයමේ යාම සුලභව දක්නට ලැබෙන කරුණකි. අතීතයේ සිටි කරුණාරත්න අබේසේකර, ලලිත් එස්. මෛත‍්‍රීපාල, පේ‍්‍රමකීර්ති ද අල්විස් වැන්නවුන් මාධ්‍ය හැසිරවීමේදී ඔවුන් භාවිතා කල භාෂා කෞෂල්‍යය සහ ඔවුන්ගේ හ`ඩ පාලනය ප‍්‍රවෘත්තියක ඇති වටිනාකම හා සිංහල භාෂාවේ ප්‍රෞඩත්වය මැනවින් පේ‍්‍රක්ෂකයන්ට දැනෙන ලෙස ප‍්‍රකාශ කලහ. මොවුන් කිසි විටක වෙනත් භාෂාවක වචන කථනය සදහා යොදා ගත්තේද නැත.  වැරදීමකින් හෝ වෙනත් භාෂාවක් හෝ දෝෂයක් සිදු වුවහොත් එකල සිටි නිවේදකයින් හට නිදහසට කරුණු විමසීමක් හා නිතර වැරදීම් සිදු කරන්නේ නම් ඔවුන් එම කටයුත්තෙන් ඉවත් කිරීමටද බලධාරීහු කටයුතු කලහ.  පසු කාලීනව එෆ්.එම්. නාලිකා ආරම්භයත් සමග ප‍්‍රවෘත්තියෙන් රටට ඇති වටිනා කමට වඩා එම ප‍්‍රවෘත්තිය පල කිරීමෙන් මෙම නාලිකාවන්ට ලැබෙන ආර්ථික ලාභය හෝ තම දේශපාලන හෝ වෙනත් පටු අභිමථාර්තයන් ඉටු කර ගැනීමෙන් ඇති වන වාසිය ගැනම පමණක...

වගකීම පැහැර හරිමින් යුතුකමට පැහැරීම

ලංකාව කියන්නෙ ප‍්‍රාග්   ඓතිහාසික යුගයේ පටන් විජය-කුවේනි, රාවනා රජුගේ ගුප්ත, යුද, වෛද්‍ය ශිල්ප හා දඬු මොණර වැනි ගුවනින් යා හැකි යන්ත‍්‍ර පිළිබ`ද මහා විශ්මකර්මද, කාශ්‍යප රජුගේ ලෝක පුදුමයට භාජනය වූ තාක්ෂනික සීගිරියද, අංගම් පොර සටන් ක‍්‍රම පැවති බවට බොහෝ ආශ්වාදයන් කුතුහලයන් ඇති කරවන රටකි. එය ලෝකයේ පැරණිතම දියුණු ශිෂ්ඨාචාරයක් පැවති රටක් බවට අපට මහත් අභිමානයකි.  අදද අප මේ ගැන අභිමානයෙන් ගවේශනය කරමින් එවැනි අතීත පරම්පරාවල සුන්බුන් සොයමින් අතීතයේම වෙසෙති. නමුත් අනාගත පරම්පරාවට අප ගැන කතා කිරීමට කිසිවක් දායාද කොට ඇත්ද? ඇත. ඒ අප ගැන අභිමානයෙන් නොව අතීතය ගැන පම්පෝරි ගසමින් ජාතියක් විනාශ වෙනකම් සිටි අමන පිරිසක් ලෙසය.  අද අප රකින්නට වෙර දරන්නේ කුමක්ද? අපේ කියා රකින්නට දෙයක් ඇතිද? වසර 33000කට වඩා පැරනි දියුණු ශිෂ්ඨාචාරයක් පැවතුනයි කියන බලංගොඩ මානවයාට නෑකම් කියන ලංකාවේ තවමත් පාර්ලිමේන්තුවේ කරපින්නා ගෙන යන සෙංකෝලය සුද්දාගේය. පෞරාණික වටිනා කමක් ඇතැයි කියමින් සුරකින්නේ සුද්දා සෑදූ ලන්දේසි පෘතුගීසි බල කොටුය.  ක‍්‍රියාත්මක වන්නේ ලෝකයේ තියා රෝමයේ වත් නැති රෝම ලන්දේසි...

බණ කියන රටක්....බණ අහන රටක්...යුධ බිමක් උනේ කෙලෙසා.....

බණ කියන රටක්....බණ අහන රටක්...යුධ බිමක් උනේ කෙලෙසා.....කියල විශාරද එඞ්වඞ් ජයකොඩි මහතාගේ සින්දුවක් මේ ල`ගදී ගුවන් විදුලියේ ප‍්‍රචාරය වුනා. මේ අතර තරුණයෙක් නාට්‍යයක ටිකට් පොතක් අරගෙන අපේ ගෙදර දොරට තට්ටු කරනවා. සාමාන්‍යයෙන් දිනකට එන මෙවැන්නන් ගණන සාක්කුවට දරා ගන්න බැරි අවස්ථාත් තියෙන නිසාත්, නාට්‍ය බැලීමට උනන්දුවක් නොමැති කම නිසාත් දොර විවෘත කල සැනින් අවශ්‍ය නැති බව පැවසුවත් එම තරුණයා ආධාරයක් වශයෙන් ටිකට් පතක් ගන්න යැයි නැවත ආයාචනය කලේය. එහිදී මා හට ටිකට් පතක් ගැනීමට සිත්වූයේ මගේ අවශ්‍යතාවය නොව මේ හෙම්බත් වී සිටින තරුණයාගේ අවශ්‍යතාවයටය. ඒ නාට්‍ය කරුවන්ගේ ශෝකාන්තය එකල අපේ අසල්වැසියෙකු වූ සුගතපාල සිල්වා ශූරීන් ගෙන් දැක ඇති නිසාමය.  මෙසේ ටිකට් පත විකුනා යන තරුණයාට මා නිකමට මෙන් ඔබලාගේ නාට්‍ය වලට රටේ විනාශ වෙමින් යන සාර ධර්ම වලටද දෙබසක් එකතු කරන්න බැරිදැයි ඇසීය. පුදුමයකට මෙන් ඒ හෙම්බත් වී සිටි විඩාබර තරුණයා යන ගමන නතර කොට නැවත හැරී එසේ කලොත් නාට්‍යය දේශපාලන මුහුණුවරක් ගන්නා බවද නමුත් රටේ පවතින වාතාවරණය කනගාටුදායක බවද අපට කල හැකි දෙයක් නැතැයිද ඉතා ශෝකීය හ`ඩකින් තෙපලීය. මේ වචනයත් සම...