Skip to main content

Posts

මනෝවිද්‍යා උපදේශනය නිසි මඟට ගනිමු

මෑත දිනක පාර්ලිමේන්තුවේ මානසික උපදේශන පිළිබඳව  පාර්ලිමේන්තු නියෝජිතවරුන්/වරියන් විසින් ආන්දෝලාත්මක ප්‍රකාශයක් සිදු කරන ලදී. එහිදී ඔවුන්ට අනුව ලංකාවේ උපදේශන ක්ෂේත්‍රයේ නියැලෙන පුද්ගලයන්ගේ ගුණාත්මක බව සහ සුදුසුකම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරිණි. මෙම නියෝජිතවරුන් කුමණ අරමුණක් යටතේ එසේ ප්‍රකාශ කළේද යන්න පැහැදිලි නැත. විශේෂයෙන් එහි දී එම මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ කරුණු ඉතා කාලෝචිතය. ඔවුන් සඳහන් කළ පරිදි තත්වය එසේ සිදුවුවත් මෑත කාලයේ රජයට සම්බන්ධ ආයතනයක සුවිශේෂී වු යමක් සිදුවී තිබේ. මනෝ උපදේශනය ගෞරවණීය වෘත්තියකි. නැතහොත් වාත්තියකට වඩා වැදගත් සේවාවකි. එහිදී තම පෞද්ගලික මතයන් වෘත්තියට නොගැලපෙන දේශනයක් කළ බව කියන මනෝ උපදේශිකාවක් ලෙස හඳුන්වාදුන් කාන්තාවකට එහි සත්‍ය අසත්‍යතාවය විමර්ශනයට පෙර උණුසුමත් මැකීයාමට පෙර රජයට සම්බන්ධ නාලිකාවකින් ඇය නැවත වරක් රූපවාහිනී තිරයේ දක්නට සැලැස්වීම ජනතාව ලද අභාග්‍යයකි. අද උපදේශනය මානව පිහිටවීමේ කලාව වෙනුවට, මුදල් ඉපයීමේ කලාවක් වී ඇත. උපදේශනය අන් වෘත්තීන් ලෙස උගත්කමින්ම (Paper Qualification) මැන හැක්කක් නොවේ. එයට උගත්කම මෙන්ම පරීක්ෂණයකින් මැනිය නොහැකි කරු...

මානසික සෞඛ්‍යය සහ උපදේශනය

මානසික සෞඛ්‍යය සහ උපදේශනය වර්තමාන ශ්‍රී ලංකාවේ බහුලව කතා බහට ලක්වන රටටද කාලීන අවශ්‍යතාවයක් ඇති සේවාවකි. ඉන් මානසික සෞඛ්‍යය සේවාව ලංකාවේ 1839 ආරම්භ වී ඇති අතර 2008 වසරේ ජාතික මානසික සෞඛ්‍ය ආයතනයක් බවට පත්විය. එහෙත් මානසික උපදේශනය අප රටේ සුලභව භාවිතයට සහ ජනප්‍රියත්වයට පත් වූයේ 2004 දෙසැම්බර් මස 26 වන දින ඇතිවූ සුනාමි ඛේදවාචකයත් සමඟය. මේ ඛේදවාචකයත් සමඟ ලංකාවේ උපදේශන සේවාවට අවශ්‍ය තරම් මනෝ උපදේශන සේවාව සඳහා සුදුසුකම්ලත් පලපුරුදු වෘත්තිකයන් නොවූයෙන් ඕනෑම උපාධිධාරී ලාභියෙකුට උපදේශනය පිළිබඳ ඩිප්ලෝමාවක් ඇත්නම් රැකියා අවස්ථාව ලැබුණි. ඒ සඳහා දැනුම ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් අධ්‍යාපනික ආයතන නොතිබුණ කාලයක මේ සඳහා තාවකාලික පුහුණුවීම් ලබාදීමට දෙස් විදෙස් ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන එදා කටයුතු කළහ. සුනාමියක් සමඟ ජනමාධ්‍ය තුළද මෙම උපදේශන සේවාව පිළිබඳ මහත් ප්‍රසිද්ධියත්, මනස සමඟ කෙරෙන අපූර්ව විශ්මිත ක්‍රියාව කෙරෙහි වැඩි ප්‍රචාරයත් ලැබීය. එම ප්‍රචාරනය නිසා උපදේශනය ඉගෙන ගැනීමට මැදි වයස් කාණ්ඩය මෙන්ම විශ්‍රාම සුවය ලැබීමට ආසන්න අයගේද දැඩි ආශාවක් උනන්දුවක් ඇති විය. එම ඉල්ලුමට සාපේක්ෂකව උපදේශන විෂයය හැදෑරීමට...

ජනමාධ්‍ය සහ පුවත්පත් නිදහස

       ශ්‍රී ලංකාවේ පුවත්පත් ඉතිහාසය වසර එකසිය අනූවක පමණ දුරකට දිවයයි. ජනතාවට තොරතුරු සන්නිවේදනය කිරීම සඳහා ප්‍රථම වාරික ප්‍රකාශනයක් ලෙස වර්ෂ 1802 දී “ලංකාණ්ඩු ගැසට් පත්‍රය” (Ceylon Government Gazette)ද, එහි ආණ්ඩුවේ නිල නිවේදන, පරිපාලන තොරතුරු වලට අමතරව එහි ගද්‍යපද්‍ය කොටස්ද පළවී තිබුණ බවට තොරතුරු අනාවරණය වේ. ලංකාවේ පළ වූ පළමු පුවත්පත ලෙස සැලකෙන්නේ 1832 ඇරඹුණු කලම්බු ජර්නර්ල් (THE COLOMBOJOURNAL ) පුවත්පතයි. ලංකාවේ ප්‍රථම සිංහල බෞද්ධ පුවත් පත 1860 දී නිකුත්වූ ලංකාලෝකයයි පැවසේ. ලංකාවේ ප්‍රථම ලියාපදිංචි පුවත්පත (1862) ලක්මිණි පහණයි.  මෙකී දශක 19ක පමණ කාලයක් තුළ එවකට සිටි අති දක්ෂ ලේඛකයින් නිර්මාණකරුවන්ගේ කැපවීම් නිසා ඉතා ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව උසස් දියුණුවකට පත් වීය. එකල පුවත්පතක ලේඛකයෙකුට හසල බුද්ධියක් , භාෂාව පිළිබඳව ප්‍රවීණත්වයක්, ඉතිහාසය සමාජ අවබෝධයට අමතරව ව්‍යහාර බුද්ධියක් තිබුණ නිසා සමාජයේ ගෞරවයට පාත්‍ර වුණු කෙනෙක් හැටියට පිළිගැනීමක් ලැබුණි. එම ලේඛන කලාවට විශේෂයෙන් ව්‍යාකරණ, අක්ෂර වින්‍යාසය පිළිබඳ දැනුම අත්‍යාවශ්‍ය කරුණක් විය. මේ නිසා අධ්‍යාපනය ලබන පාස...

රටක අරමුණක් නැති, මාර්ගෝපදේශනයක් නැතිව යන ගමණක්

අද ලාංකික සමාජයේ ජනමාධ්‍ය තුල නිරතුරුව ඇසෙන්නට, දකින්නට ලැබෙන්නේ මිනීමැරුම්, මංකොල්ලකෑම්, ප්‍රචන්ඩත්වය සහ දූෂන වැනි සමාජ අපගාමී වාර්තාය. එම සිදුවීම් වාර්තාකරණයේදී කරුනූ නිවැරදිව සමබරව ජනතාවට ලබාදීමට වඩා සිදුවීම එසැණින් ගුවන්ගතකර අන් මාධ්‍ය අභිබවා ජනතාව රඳවා ගැනීමේ උත්සාහය ප්‍රේක්ෂක ජනතාවගේ මනෝභාවයටද හානියකි. ප්‍රචාරණයේ අලංකාරය සඳහා භාවිතා කරන විවිධ මෙවලම්ද (Tools) ජන අහිතකරය. එයට සමගාමීව ප්‍රදර්ශනය කරනු ලබන බොහෝ ටෙලි නාට්‍ය වල ප්‍රචන්ඩත්වයටද ධනාත්මක වටිනාකමක් එකතු කරමින් සමාජයට වැරදි පූර්වාදර්ශයක් සපයයි. ඉන් නොනවතින මේ ආයතන සැන්දෑ සමයේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා න`ඵ නිලි, ගායක ගායිකාවන් කැඳවා ඔවුන්ගේ පෞද්ගලික කරණු කාරනා (Gossip) බෙදාහදා ගනිමින් ඔවුන් විනෝද වන වැඩසටහන්ද, පිරිමින් ගැහැණුන් ලෙස වෙස් ගන්වා ජනමාධ්‍යයක නොහැසිරවිය යුතු භාෂාවන්ද, නර්තනයන්ද සිදු කරයි.  අද සමාජයේ නව්‍යනරණයට වඩා අනුකරණයට වෙළඳ පලක් නිර්මාණය වී ඇත. මෙහිදී අතීතයේ පඩිරුවනක් වූ කුමාරතුංග මුණිදාසයන් අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී යන වදන සිහිපත් වෙයි. විදේශීය නර්තන, ගායන තරග ඒ ආකාරයෙන්ම දේශීයව පවත්වා අදාල පුද...

අද උපදේශන ක්‍රියාවලිය ගමන් කරන මඟ නිවැරදිද?

මෑත දිනක පාර්ලිමේන්තුවේ මානසික උපදේශන පිළිබඳව  පාර්ලිමේන්තු නියෝජිතවරුන්/වරියන් විසින් ආන්දෝලාත්මක ප්‍රකාශයක් සිදු කළහ. එහිදී ඔවුන් සඳහන් කළ පරිදි ලංකාවේ උපදේශන ක්ෂේත්‍රයේ නියැලෙන පුද්ගලයන්ගේ ගුණාත්මක බව සහ සුදුසුකම් පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි.මෙම නියෝජිතවරුන් කුමන අරමුනක් යටතේ එසේ ප්‍රකාශ කර සිටීදැයි නොතේරුනත් විශේෂයෙන් එහි දී එම මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ කරුණු ඉතා කාලෝචිතය. ඔවුන් සඳහන් කල පරිදි තත්වය එසේ සිදුවුවත් මෑත කාලයේ රජයට සම්බන්ධ ආයතනයක වෘත්තියට නොගැලපෙන දේශනයක් කල බව කියන මනෝ උපදේශිකාවක් ලෙස හඳුන්වාදුන් කාන්තාවකට එහි සත්‍ය අසත්‍යතාවය විමර්ශනයට පෙර උණුසුම මැකීයාමට පෙර රජයට සම්බන්ධ නාලිකාවකින් ඇය නැවත වරක් රූපවාහිනී තිරයේ දක්නට සැලැස්වීම ජනතාව ලද අභාග්‍යයකි. අද උපදේශනය පිහිටවීමේ කලාව වෙනුවට, මුදල් ඉපයීමේ කලාවක් වී ඇත. උපදේශනය අන් වෘත්තීන් ලෙස උගත්කමින්ම   (Paper Qualification) මැන හැක්කක් නොවේ. එයට උගත්කම මෙන්ම පරීක්ෂණයකින් මැනිය නොහැකි කරුණාව, මානව දයාව වැනි ගුණාංගද ඇතුලත් විය යුතුය. ඒ නිසයි මානසික උපදේශනය අසීරු සේවාවක් මෙන්ම රජයක විශේෂ අවධානය යොමු විය යුතු වන්නේ...

කුනු සහ මී ෙතාටමුල්ල කුනු කන්ද

කුනු සහ කුඩු යනු දේශපාලනඥයින් සමගම ගැවසෙන මාතෘකාවක් . මේ කුනු ප්‍රශ්නයද සාම්ප්‍රදායික දේශපාලන වාසි ගැනීමේ ක්‍රියාන්විතයක් ආරම්භ කර ඇත. ⁣කොළඹ නගර සභාව එදා පටන් එ.ජා.ප. කිව්වම ශ්‍රී.ල.නි.ප.ය සම්පූර්ණයෙන්ම අහිංසකය. චන්ද්‍රිකා, මහින්ද එකල රට පාලනය කලද මේ කියන විදියට කොළඹ නගර සභාවේ පාලනය ඒ දෙදෙනාගේම පාලනයෙන් තොරව සිදුවී ඇත. ගෝඨාභය මෙය විසඳීමට උස්සාහ ගන්නකොටම ආන්ඩුව පෙරලුන නිසා ආන්ඩුව පෙරලූ ජනතාව වැරදිය. ජ.වි.පෙ මේ කුනු කන්ද සමනොල කන්දක් කරගෙන ජනතාව කුපිත කරවාවි. මේ පිලිබද පුවත්පත ් කුනු කන්ද නාය ගිය බව දැක්කද දවල් 1සිට මධ්‍යම රාත්‍රීය තෙක් මිනිසුන් සුන්බුන් වලට යටවී අධික දුඟදේ ජීවිතය ඉල්ලා හඬාවැටෙන බවත් ජීවිත බේරාගැනීමට එක්ස්කැවේටර් අවශ්‍ය බව පුවත්පත් වල නොදුටු නිසා මෛත්‍රීපාල ජනාධිපති නිදහස්ය. අනික මැරුන අයට, මැරෙන්න පන අදින අයට වඩාහෙට හිස තෙල්ගෑමේ උත්සවය සංඝ සභාව සමඟ මහනුවර දී සැමරීම ජාතික අවශ්‍යතාවය නිසාය. මෙගා පොලිස් බාර පාඨලී වැඩ දීර්ඝකාලීන සැලසුම් සකසමින් සිටියද දැනුම්දීමකින් තොරව කන්ද කඩා වැටීම නිසාත් කන්ද අවට මිනිසුන් පාඨලීගේ විද්‍යාත්මක ක්‍රමවේද සකසනකම් ඉවසා නොසිටීම නිසාත් වරද හි...

ළමා හිංසනයෙන් තොර රටක්

ඔක්තෝබර් 01 ජාත්‍යන්තර ළමා හා වැඩිහිටි දිනයයි. එය ලෝකයේ අනෙක් රටවල් හා හරි හරියට සංකේතාත්මකව සැමරීමට අපද සූදානම් වී සිටිමු. දින 365 න් එක් දිනයක මහා උළෙලක වැඩිහිටි ප්‍රභූන් රැසක් මහා ධනස්කන්ධයක් වැය කොට මහා ශ්‍රවණාගරයක දරුවන් අතලොස්සක් රැස්කර පාට තොප්පියකින් වර්ණවත් ටී ෂර්ට් එකක් අන්ඳවා බත් පැකැට්ටුවක රස බලද්දී , රූපවාහිනියෙන් එය සජීවීව විකාශනය කරන්නේ මු ` ඵ ලොවට දැක ගැනීමටය. මේ අතර අසරණ දරුවෝ තවත් දස දහස්ගණනක් හව්හරනක් නොමැතිව ළමා නිවාසයේ රූපවාහිනියෙන්  රාජ්‍ය සහ රාජ්‍ය නොවන , ප්‍රභූන්ට පමණක් සුන්දර වූ ඒ දිනය අපේක්ෂාවෙන් තොරව බලාසිටිති. වැඩ සටහන අවසන් වූ දරුවන් බස් රථයෙන් නැවතත් සුපුරුදු නිවාසගත වන අතර , ප්‍රභූන් අභිමානයෙන් යුතුව තවත් උත්සවයක් කරා පරිවාර සේනා සමඟ විරාජමාන වන්නේ එය තවත් එක් දිනයක් පමණක් ලෙස සලකාය. මෙම සිදුවීම පසුගිය සෑම වසරකදී මෙන්ම මෙවරද අනාගතයේදීද එලෙසම සිදු වනු ඇත. මෙවන් සැමරීමක් සිදු කළ පමණින් ළමා හිංසනය රටෙන් තුරන් කළ හැකිද ? එය දරුවන් වෙනුවෙන් සිදු කෙරෙන අපේ යුතුකමද ? ළමා හිංසනයෙන් තොර රටක් වෙනුවෙන් අප රටට නිශ්චිත වැඩ පිළිවෙලක් ඇත්ද ? ළමා හිංසනයට එරෙහිව ...