මෝටර් රථයක් වාහන 7ක් හප්පා මට්ටක්කුලියේ මාරක අනතුරක් - දෙනෙකු මරුට, 4කට තුවාල. මට්ටක්කුලිය ප්‍රදේශයේදී 2026 සැප්තැම්බර් 16 රාත්‍රියේ සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් සිව් දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කල බවද, මෝටර් රථයක් මාර්ගයේ ධාවනය වූ වාහන කිහිපයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා විය. අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ මෝටර් රථය ත්‍රීරෝද රථ 3ක සහ යතුරුපැදි 4ක ගැටී ඇති බව වාර්තා වේ. මට්ටක්කුලිය අනතුරේ රියදුරු අත්අඩංගුවට ගංජා භාවිත කර ඇති බවටත් හෙළිවිය. මේ මෑතක මාධ්‍ය විසින් වාර්තා කල පුවතක්. වාර්තා වූ මෙම සිදුවීම ඉදිරියේදී රියදුරු ගංජා නොව අධික තෙහෙට්ටුව හෝ හදිසි රෝගී තත්වයකට පරිවර්තනය වීමටත්, වැරදිකරුවන් වෙනත් අය විමටද බොහෝ සේ ඉඩ ඇත. සිදුවීම වාර්තා වී දින 5ක් යනවිට දැනටමත් ගංජා වෙනුවට කාර්මික ෙදා්ෂයක් බවට කසු කසුවක් ඇති කරමින් සිටී.
එසේ සිතීමට හේතු සාධකයක් නම් 2025 ජූලි 28 වනදා උදෑසන කාලයේදීය රාජගිරිය දෙස සිට බෞද්ධාලෝක මාවත දෙසට අධික වේගයෙන් ධාවනය වූ ගස් කැපීම සඳහා යොදා ගන්නා දෑවැන්ත දොඹකර රථයක (Mobile Crane) තිරිංග (Brake) ක්‍රියා විරහිත වීමෙන්, කනත්ත වටරවුමේ මාර්ග සංඥා (Traffic Light) අසල නතර කර තිබූ යතුරුපැදි 6ක සහ මෝටර් රථ 3ක එක දිගට ගැටී මෙම අනතුර සිදු විය. අනතුර හේතුවෙන් අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව තවත් 7 දෙනෙකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි. පොලිස් පරීක්ෂණ සහ රියදුරු අනතුර සම්බන්ධයෙන් දොඹකර රථයේ රියදුරු සහ එහි හිමිකරු පොලිස් අත්අඩංගුවට පත් විය. සිදු කළ වෛද්‍ය පරීක්ෂණ වලදී අනාවරණය වූයේ රියදුරා අනතුර සිදුවන අවස්ථාවේදී ගංජා මත්ද්‍රව්‍ය භාවිතා කර සිට ඇති බව පුවත්පත් වල පලවිය. නමුත් අධිකරණයට වාර්තා කිරීමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පරීක්ෂකවරුන් සහ පොලිස් විමර්ශන මඟින් අනතුරට හේතු ලෙස ගංජා පානය කිරීම පිළිබඳව සඳහනක් නැත. එහි අන්තර්ගතය තිරිංග පද්ධතියේ බිඳ වැටීම දොඹකර රථයේ ප්‍රධාන තිරිංග පද්ධතිය මෙන්ම හෑන්ඩ් බ්රේක් පද්ධතිය ද සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත වී තිබීම, තිරිංග අධික ලෙස රත් වීමෙන් ඒවා අක්‍රිය වන බව දැන දැනම රියදුරා වාහනය මාර්ගයට දමා ඇති බව වාර්තා කර ඇත. රථයේ තිරිංග සඳහා අවශ්‍ය තෙල් මට්ටම ප්‍රමාණවත් නොතිබූ අතර, වාහනය නිසි ලෙස නඩත්තු කර නොතිබූ බව, නිසි පුහුණුවක් නොමැතිකම රියදුරා සතුව වලංගු රියදුරු බලපත්‍රයක් තිබුණද, මෙවැනි බර වාහන හැසිරවීම සඳහා අවශ්‍ය විශේෂිත වලංගු පුහුණු සහතිකයක් ඔහු සතුව තිබී නැති වැනි බොහෝ චොදනා දැකිය හැකි විය.
තවද එන්ජිම ක්‍රියාවිරහිත කිරීමට නොහැකි වීම මෙම දොඹකර රථයේ එන්ජිම සාමාන්‍ය ස්විචයකින් ක්‍රියාවිරහිත කිරීමට නොහැකි වී තිබූ අතර, එය නැවැත්විය හැක්කේ පසුපස ඇති කේබලයකින් පමණක් බව විමර්ශන වලදී අනාවරණය විය. ඒ හේතුවෙන් අනතුර සිදුවන අවස්ථාවේ එන්ජිම නිවා දැමීමට රියදුරාට නොහැකි වී ඇත. රියදුරාගේ අධික විඩාව රියදුරාට අනතුරට පෙර නිසි විවේකයක් ලැබී නොමැති බවත්, ඔහු දැඩි මානසික පීඩනයකින් සහ අධික විඩාවකින් Exhaustion and Stress) පසු වී ඇති බවත් හෙළි විය.
අවසානයේ බොහෝ හේතූන් අතරින් අනතුර සිදුවූ අවස්තාවේ සිදු කළ වෛද්‍ය පරීක්ෂණ වලදී අනාවරණය වූ රියදුරා අනතුර සිදුවන අවස්ථාවේදී මත්ද්‍රව්‍ය භාවිතා කර සිට ඇති බව පෙනෙන්නට නැත. අධිකරණයේදී විනිසුරුතුමා හෝ පොලීසිය ඒ ගැන සිදු කල විමර්ශනයන්, ප්‍රකාශයන් මාධ්‍ය තුලින් ප්‍රකාශ වූවාදැයි සොයා ගැනීමටද නැත. එය රටේ සිවිල් නීතිය රජයේ නිළධාරීන් හැසිරවීමේදී අනාගතයට ඇතිවන බරපතල ඛේදවාචකයක් පෙන්නුම් කරයි. මන්ද අනතුරකදී වාර්තා වන රාජකාරීමය තත්වය පසුව වෙනස් වීමෙන් මාර්ග අනතුරු සිදු කරන්නන්ට නීතියෙන් හිමිවන දඬුවම ලිහිල් කර ගැනීමට අවස්තාව උදාවී ඇති නිසාය.
මෙවැනි මාර්ග අනතුරු මාධ්‍ය තුල නිරන්තරයෙන් සංසරණයවීමත් ඒවාට වැඩි වැඩි ප්‍රසිද්ධියක් අවදානයක් යොමු කරවන ජනමාධ්‍යය මෙම සිදුවීම් වල අවසාන ප්‍රතිඵලය ජනතාවට සන්නිවේදනය නොකිරීම නිසා අනතුරේ සැබෑ තත්වය සහ වින්දිතයන්ට සාධාරණයක් වූවාද, වැරදිකරුවන්ට නීතිය හරිහැටි ක්‍රියාත්මක වූවාද යන්න දැනගැනීම බලවත් ගැටඵවකි. යම්විටක නීති කටයුතු අවසන්වීම සඳහා දිගු කාලසීමාවක් ගතවන නිසා මෙය වාර්තා කිරීමට යොදන ඉඩ මාධ්‍ය ආයතනයන්ට වෙනත් කාලීන තොරතුරක් සඳහා මිඩංගු කිරීම ඊට වඩා ඵලදායී ලෙස සිතෙන්නටද පුඵවන.
කෙසේ වෙතත් නිරන්තරයෙන් මෙවැනි ලංකාවේ මාර්ග අනතුරු නිසා සිදුවන ආබාධිත, දේපල හානි හා ජීවිත හානි පිළිබඳ නිරන්තර මාi තුලින් වාර්තා වේ. මාර්ග අනතුරු හේතුවෙන් පසුගිය වසර තුනක කාලය තුළ මෙරට සාමාන්‍ය වාර්ෂික මරණ අනුපාතය පුද්ගලයන් 10,000කට 11.2ක් ලෙස වාර්තා වී ඇත. එය මාර්ග ආරක්ෂාව සඳහා වන දෙවැනි ගෝලීය ක්‍රියා දර්ශකය මඟින් නිර්දේශිත සහ එක්සත් ජාතීන්ගේ අනුමැතියලත් ආරක්ෂිත සීමාවන් ඉක්මවා ගොස් තිබේ. පොලිස් දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා අනුව, 2020-2024 කාලසීමාව තුළ මෙරට රිය අනතුරු 118,697ක් වාර්තා වී ඇති අතර, එම අනතුරු හේතුවෙන් පුද්ගලයින් 12,322ක් මිය ගොස් ඇත. එබැවින්, මාර්ග අනතුරු හේතුවෙන් සිදුවන මරණ හා හානි අවම කරමින් සියලු මාර්ග භාවිතා කරන්නන් සඳහා ආරක්ෂිත හා සැමටම සමාන මාර්ග පරිසරයක් ඇති කිරීම පිණිස මාර්ග යටිතල පහසුකම්වල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම, ආරක්ෂිත වාහන භාවිතා කෙරෙන බවට තහවුරු කිරීම හා එම වාහන නියාමනය කිරීම අත්‍යවශ්‍ය බව හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව, එකී අරමුණු සහිතව සකස් කරනු ලැබ ඇති මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරී සැලැස්ම 2025 - 2026 ක්‍රියාත්මක කිරීම පිණිස වැඩබලන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතියට ඉදිරිපත් කර ඇතත් එයට මනෝ සමාජීය ප්රවේශයන් ඇතුලත්වීම ප්‍රමානවත් නොවීම නිසා එය කොතරම් ප්‍රායෝගික දැයි ඉදිරියේදී පහත කරුණු සමඟ ගැලපීමෙන් ඔබට බලාගත හැක.
මෙම අතර රිය අනතුරු වලට සියයට 80ක් භූගෝලීය සාධක බලපාන බව භූගෝල විශයට අදාළ විිශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු පුවත්පතකට ප්‍රකාශ කර තිබුණි. රිය අනතුරු වළක්වා ගැනීමට GPS ABS වැනි තාක්ෂණය උපයෝගී කර ගැනීම අවශ්‍ය බවත් පෙන්වා දී තිබුණා. ඒ එතුමාගේ උගත් විශයයට අදාළ කෝනයෙන් මිස කුමන ආකාරයේ අධ්‍යනයකින්ද යන්න එහි විස්තර කර තිබුනේ නැත.
තවත් වාර්තාවක මාර්ග අනතුරු සඳහා කල අධ්‍යයනයකින් හෙළි වූ බවට බොහෝ අනතුරු සිදුවන්නේ වයස, මත්පැන් පානය, නින්දේ අපහසුතා, තෙහෙට්ටුව, ආතතිය සහ ආරක්ෂක පියවර නොමැතිකම වැනි මානව සාධක නිසා බවයි. තවත් අයෙක් මාර්ග සංඥා, මාර්ග පද්ධති වල අඩුපාඩු සහ නීති පද්ධතියේ අඩුපාඩු පෙන්වා දී තිබුණි. මෙසේ විවිධ ආයතන, අන්තර්ජාල සහ ජනමාධ්‍ය ඔස්සේ වරින්වර මාර්ග අනතුරු වලට විවිධ ආකාරයේ පරස්පර අර්ථ නිරූපන කිරීමෙන්ම පෙනී යන්නේ මේ අනතුරු ගැන වගකීමකින් යුතුව කිසිදු ආයතනයක් කටයුතු කර නැති බවයි.
කෙසේ වෙතත් නිෂ්චිත සෘජු ප්‍රධාන හේතුවක් විසඳුමක් රජය හෝ ඒ සම්බන්ධ ආයතන වලින් පෙන්වා නොදීමද, ජනතාව දැනුවත් නොකිරීම සහ නිෂ්චිත වැඩ පිළිවෙලක් නොමැතිකමද එයින් නැවතත් පෙන්නුම් කරයි.
මෙහිදී එක් වාර්තාවක සඳහන් පරිදි මත්පැන් පානය, නින්දේ අපහසුතා, තෙහෙට්ටුව, ආතතිය ගැන අවධානය යොමු කරවීම ඉතා වැදගත් බව පෙනෙන්නට ඇත. නමුත් එම තත්වයට බලපාන හේතූන් සවිස්තරාත්මකව විශ්ලේශනය නොකොට විග්රහ නොකිරීම සු`ඵ අඩුපාඩුවක් වී ඇත. මන්ද එම කරුනු සියල්ලම පුද්ගල මානසිකත්වය හා බැඳුනු ඒවා වීමයි. ඒ නිසා පලවූ වාර්තා තොරතුරු සමස්තය එකට ගෙන වගකිව යුත්තන්ගේ අවධානය පිණිස වැදගත් කාලීන තොරතුරු කිහිපයක් මාර්ග අනතුරු අවම කර පාලනය කර ගැනීමට ජනතාවගේ සහ තීන්දු තීරණ ගතයුත්තන්ට සහය දීම මෙම ලිපියේ අරමුණ වේ.
මේ වන විට ලංකාව දේශගුණික, දේශපාලනික, ආර්ථික, සමාජීය වශයෙන් ඉතා උනුසුම්, අවිනිෂ්චිත, අවදානම් තත්වයක පවතින බව අවිවාදයෙන් තොරව කවුරුත් පිලිගන්නා කරුණකි. ඒ නිසාම නීති සම්පාදනයෙන්ම හෝ නවීන තාක්ෂණය උපයෝගී කර ගැනීමෙන්ම පමණක් මෙම අනතුරු වලක්වා ලීමට උත්සාහ දරන්නේ නම් එය ප්‍රායෝගික නොවන්නකි. මුලින් සඳහන් කල මාර්ග අනතුරු එයට කදිම නිදසුනකි. කොතරම් නීති හෝ නවීන තාක්ෂනය වාහන සඳහා යෙදුවද, ආසනපටි පැලඳීම අනිවාර් කිරීම, නිෂ්චිත කිලෝ මීටර් ගණනකදී තත්ව සහතිකය අනිවාර්ය කිරීම රජයකට ආදායම් මාර්ග මිස මාර්ග අනතුරු වලට සෘජු විසඳුමක් නොවේ.
එම වාහන පදවන්නන්ගේ සහ හිමිකරුවන්ගේ ඇති නොසැලිකිලිමත්කම, අවිනීතකම, නොසන්සුන්කම මේ අනතුරු වලට ප්‍රධානතම හේතුව ලෙස බලධාරීන්ට නොපෙනෙන්නේ මන්දැයි ප්‍රශ්න කිරීමටවත් වගකිවයුතු ආයතනයක් අද රටේ නොමැතිතරම්ය.
අද ලංකාවේ කුඩා දරුවාගේ පටන් වැඩිහිටි වයෝවෘද්ධ පුද්ගලයා දක්වා දැඩි නොසන්සුන් කමකින් ආතතියකින් පෙලේ. එයට පවතින කාලගුණික, භූගෝලීය සාධක වලට අමතරව දෙමාපියන් විසින් අධ්‍යාපන ක්රමයේ තරඟකාරිත්වයේ බර (පීඩනය) දරුවන්ට පැටවීම, දරුවන්ගේ වියදම් සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට අතිරේක ආදයම් මාර්ග වලට දෙමව්පියන් යොමුවීම හෝ කරන රැකියාවෙන් අයුතු ආදායම් ලැබීමට සූදානම්වීම සහ දරුවන්ගේ ආරක්ෂාව රැකබලා ගැනීමට තම දෙමාපියන් යෙදවීම, ඒ නිසා වයෝවෘද්ධ දෙමාපියන්ට නිදහස නැතිවී මෙහෙකරුවන් බවට පත්වීම, තරුණ තරුණියන්ට සමාජ ආර්ථික ක්රමයේ බලපෑමෙන් අවශ්‍යතාවයට වඩා උවමනාව :උ්බඑි ්බා භැැාි* වෙළඳ ප්‍රජාව විසින් ඇති කරවීම, වැඩිහිටියන්ට ලැබෙන ආදායමට වඩා ජීවන වියදම වැඩිවීම, තරුණ පරපුරට වඩා වැඩිහිටි පරම්පරාව වැඩිවීම, රාජ්‍ය ආයතන ඇතත් නියාමනයෙන් තොර වසවිස සහිත ආහාර පරිභෝජන රටාවන් සහ දැඩි මානසික පීඩනය නිසා ඇතිවන බෝ නොවන රෝගද, ඒවා සඳහා ඇති ඖෂධ මිල අධික වීම සහ වෛiවරුන්ගේ අධික ගාස්තු සහ අසීමිත පරීක්ෂණ සඳහා යොමු කරවීම වැනි සංකීර්ණ සාධක ගණනාවක් පෙනෙන්නට ඇත. මෙවැනි සංවේදී සංකීර්ණ ගැටඵවලට සීතල කාමර වලට වී විසඳුම් සෙවීම දුෂ්කරය. සෑම අතින්ම ආතතියට පත්වූ ජනතාවක් මහමගදී මගියකු, රියදුරෙකු, පදිකයෙකු ආදී වශයෙන් ගමන් කරද්දී ඔවුන්ගේ මානසිකත්වය මෙසේ සරලව දක්වන්න පුඵවන්.
මානසික ආතතිය - කලකිරීම - කෝපය - ආක්‍රමණශීලී මාර්ග හැසිරීම - අවදානම් සහගත රිය පැදවීම/ගමන් කිරීම - මාර්ග අනතුරු වලට මුහුණ පෑම
එසේම මානසික ආතතිය, පීඩනය, ඉච්චාභංගත්වය වැනි සාධක මත විශේෂයෙන් ගැටවර අවධියේ සිට තරුණ ප්‍රජාව දුම් වැටියේ සිට හෙරොයින් අයිස් වැනි මත්ද්‍රව්‍ය වලටද යොමු වීමට ඇති ඉඩකඩ බොහෝය. ඒ සඳහා සමාජ පරිසරයද වාරණයෙන් තොර ටෙලි නාට්‍යයේ සිට දේශපාලන වේදිකාවටද, යහපත් සමාජයකට මග පෙන්විය පූජකයන්ද අද ප්‍රසිද්ධියේ දුරාචාර වලට වක්‍රව අනුබල දෙන තත්වයක් පෙන්නුම් කරයි.
මෙවැනි තත්වයන් මැද මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ ත්‍රිරෝද, බස්රථ රියදුරන් සෑහෙන පිරිසක් සිටින බව වාර්තා වන නමුදු ඒ සඳහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව එක්වරක් “යුක්තිය” මෙහෙයුම ලෙස වැටලීම් සිදු කිරීම ආරම්භයේම එය අසාර්තක විය. නැවතත් “ඉවත් වෙනු” ලෙස නව මෙහෙයුමක් ආරම්භ කලද එයද අතර මග නතර වූවාසේ පෙනේ. එසේ වුවත් ඖෂධ ලෙසින් මත්වන ගුලි වැනි ද්‍රව්‍ය ආයුර්වේද බෙහෙත් ලෙසින් තිබෙන වෙළඳ සාප්පු වලින් ප්‍රසිද්ධියේ විකිණෙන බව දන්නෝ දනිති. ඒවාට නීතියේ කුමන ආකාරයක හෝ ප්රතිපාදනයන් තිබෙන්නට පුඵවන. ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා විසඳුම් සෙවීමක් හෝ නව නීති සම්පාදනයක් කිරීමට හෝ ගැන කතිකාවක්වත් නැත.
එවැනි මත්ද්‍රව්‍ය සාමාන්‍ය වෙළඳ පලේ ඇති අවස්තා වලදී බස්රථ රියදුරන්ට විරුද්ධව පොලීසිය නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී බස් සංගම් විරුද්ධවීම, අනතුරකදී අත්අඩංගුවට පත් රියදුරන් මත්ද්‍රව්‍ය බාවිතා කර තිබූ බවට ප්‍රකාශ කරද පොලීසිය පසුව අධිකරණයට වාර්තා කිරීමේදී අනතුරට හේතුව අධික සේවය නිසා ඇතිවූ ආතතිමය තත්වය ලෙස වාර්තා කිරීමද, පොලීසියට නිතර වෙනත් වැරදි කර අසු වන්නන්ට කුඩු වැනි මත්ද්‍රව්‍ය දමා දිගු කාලීන සිර දඬවම් වලට ලක් කිරීම, සිරගත වන්නන්ට බන්ධනාගාර තුල ඇති සංස්කෘතිය සහ තදබදය, විධිමත් පුනරුත්තාපනයක් නොමැතිවීම, නොකල වරදකට සිරගත කිරීම නිසා ඇතිවන සමාජ වෛරය, නිදහස ලැබීමෙන් පසු බන්ධනාගාරයේදී හඳුනාගත් දරුණු අපරාධකරුවන් සමඟ එක්ව විවිධ අපරාධ වලට යොමුවීම අසන්නට ඇත. සැප්තැම්බර් 19 දිනය ආසන්න දිනයකදී ත්‍රිකුණාමලයේ මත්පැන් අලෙවි සලකට පැමිණි සිවිල් ඇදුමින් සැරසුන පොලිස් සැරයන් වරයකු තම රාජකාරි තුවක්කුව උපයෝගී කරගෙන එය මංකොල්ලකන දර්ශනයක් ප්‍රදර්ශනය විය.
මේ නිසා රටේ මහජනතාවට ආතතිය, කාංසාව හා මාර්ග අනතුරු අපරාධ දූෂණ අතර එකිනෙකට බැඳුන නෑකමක් පෙනෙන්නට පැහැදිලිවම ඇත. ඊටත් අමතරව රාජ්‍ය සේවයේ අධික නාස්තිය සහ දූෂණය නැති කිරීම වෙනුවට රජයයන් තවතවත් ජනතාවට අධික ලෙස බදුබර පැටවීමද, රාජ්‍ය සංවර්ධනය වෙනුවෙන් කියා විනිවිදභාවයෙන් තොර ප්‍රසම්පාදන ක්‍රියාවන් තුලින් සීමාව ඉක්මවා සිදු කරන මිලදී ගැනීම් ඉදිකිරීම්ද, මුදලට විකිණෙන ගුණාත්මකභාවයෙන් තොර අධ්‍යාපන උපාධි, ඩිප්ලෝමා වලින් ලබා ගන්නා රැකියා නිසා තීන්දු තීරණ ගන්නන්ගේ නොදැනුවත්කම නිසා ශ්‍රී ලාංකික ජනතාවට ඇති වන බොහෝ හානියන් තවත් ඉදිරිපත් කල හැක. නමුත් රටට අවශ්‍ය වන සාමකාමී පරිසරය නිර්මාණය කල යුත්තේ රජයයි. එයට සහය දැක්වීම සහ අදහස් දැක්වීම ජනතාවගේද යුතුකමයි.
මෙසේ විවිධ පැතිකඩ වලින් උදාහරණ සපයමින් පාලකයන්ගේ අවධානය යොමු නොවූ මාර්ග අනතුරු වලට ප්‍රධානතම
හේතූන් ලෙස දැනට රජයේ සහ අනතුරු සඳහා නොයෙකුත් ප්‍රායෝගික නොවන විකල්ප සහ වාර්තා සපයන්නන්ගේ
අවධානය මාර්ග අනතුරු වලට පමණක් නොව රට තුල පවතින බහුතර අපගාමී, අපචාරයන්ටද චර්යාවන්ටද වගකිව යුතු ප්‍රධාන සාධකය ජනතාවට වර්තමානයේ ඇති පීඩනය නිසා ඇති වන මානසික ආතතිය නිසා බව ඒත්තු ගැන්වීමටය.
මෙවැනි සංකීර්ණ උගුලක සිර වී සිටින ශ්‍රී ලාංකික ජනතාවට නිදහසින් පිරි හෙටක් නිර්මාණය කිරීමට උගත්කමම වෙනුවට ගතානුගතිකත්වයෙන් මිදී (Out of the Box) නව චින්තනයක් ඇති උගත් බුද්ධිමතුන්ගෙන් යුත් සෑම ක්ෂේත්රයකම නිපුනතා අද්දැකීම් පිරි පරිනත විද්වතුන්ගෙන් සමන්විත මණ්ඩලයක් රාජ්‍ය මැදිහත් වීමෙන්, දේශපාලන අනවශ්‍ය අතපෙවීම් වලින් තොර පහසුකම් සැපයීමක් අවශ්‍ය වේ.
Comments
Post a Comment