Skip to main content

Posts

Showing posts from September, 2026

ලංකාවේ මාර්ග අනතුරු වලට වගකිව යුත්තේ ආතතියද?

මෝටර් රථයක් වාහන 7ක් හප්පා මට්ටක්කුලියේ මාරක අනතුරක් - දෙනෙකු මරුට, 4කට තුවාල. මට්ටක්කුලිය ප්‍රදේශයේදී 2026 සැප්තැම්බර් 16 රාත්‍රියේ සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් සිව් දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කල බවද, මෝටර් රථයක් මාර්ගයේ ධාවනය වූ වාහන කිහිපයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා විය. අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ මෝටර් රථය ත්‍රීරෝද රථ 3ක සහ යතුරුපැදි 4ක ගැටී ඇති බව වාර්තා වේ. මට්ටක්කුලිය අනතුරේ රියදුරු අත්අඩංගුවට  ගංජා භාවිත කර ඇති බවටත් හෙළිවිය. මේ මෑතක මාධ්‍ය විසින් වාර්තා කල පුවතක්. වාර්තා වූ මෙම සිදුවීම ඉදිරියේදී රියදුරු ගංජා නොව අධික තෙහෙට්ටුව හෝ හදිසි රෝගී තත්වයකට පරිවර්තනය වීමටත්, වැරදිකරුවන් වෙනත් අය විමටද බොහෝ සේ ඉඩ ඇත. සිදුවීම වාර්තා වී දින 5ක් යනවිට දැනටමත් ගංජා වෙනුවට කාර්මික  ‍‍ෙදා්ෂයක් බවට කසු කසුවක් ඇති කරමින් සිටී. එසේ සිතීමට හේතු සාධකයක් නම් 2025 ජූලි 28 වනදා උදෑසන කාලයේදීය රාජගිරිය දෙස සිට බෞද්ධාලෝක මාවත දෙසට අධික වේගයෙන් ධාවනය වූ ගස් කැපීම සඳහා යොදා ගන්නා දෑවැන්ත දොඹකර රථයක (Mobile Crane) තිරිංග (Brake...