Skip to main content

Posts

මොලය සහ මනස හ`දුනා ගැනීම

මොලය සහ මනස ගැන වර්තමානයේ බහුලව කථාවට බ`දුන් වන මාතෘවක් වන අතර මෙය කිසිදා තර්ක විතර්කයෙන් හ`දුනා ගැනීමට නොහැකි වී ඇත්තේ මනස පරීක්ෂනාගාරයක් තුල හෝ වෙනයම් විද්‍යාත්මක ක‍්‍රමවේදයකින් සියයට සියයක් පෙන්වාදිය නොහැකි නිසාය. මනසක් ඇත යන්නට බටහිරින් ලැබෙන හො`දම නිදර්ශනය නම් මානසික වෛද්‍යවරු ලෙස වෛද්‍යවරු විශේෂයක් සිටීමයි. එසේම මොලය පිළිබ`දව සාකච්ඡුා කිරීමේදී මිනිස් මොලයක් පැහැදිලිව භෞතිකව දැකිය හැකි නිසා ආසන්න වශයෙන් බර ග්?ම් 1300-1400 පමණ බව කිව හැකිය. එසේම බිලියන 100ක පමණ ස්නායු ඇත. මොලයේ වම් පැත්තෙන් තාර්කික, විශ්ලේෂන, ගණිත ඥානය වැනි දේට උපකාර වන අතර දකුණු පැත්තෙන් සෞන්දර්යාත්මක, සහජ ඥාන, සංස්ලේෂන හා විෂයාත්මක වැනි දේ ස`දහා උපකාරී වේ. මෑත කාලයේ ලංකාවේ  එක්තරා රූපවාහානී නාලිකාවක මොලයේ වම් පැත්ත සෘන ලෙසත් එම පැත්තෙන් කටයුතු කිරීම අනවශ්‍ය, පුද්ගලයන්ට අහිතකර බවත් පවසනු ඇසින. එවැනි ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ ම`ගින් සාමාන්‍ය ජනතාවට සිදුවන හානිය පිළිබ`දව කිසිම ආකාරයක නිවැරදි කිරීමක් මේ වන තෙක් දක්නට නොලැබුණි. මිනිසාගේ මොලයේ වම් පෙදෙස ක‍්‍රියාත්මක නොවන්නේ නම් අද අපට ගණකාධිකාරීන්, නීතීඥයින් වැනි පුද්ග...

මානසික උපදේශකයන්ගේ අනාගත කාර්යභාරය

මානසික රෝග සදහා ප‍්‍රථිකාර ලබා ගැනීමට පෙර සැලකිය විය යුතු කරුනු කීපයක්

මෑත කාලයේ ලංකාවේ මානසික රෝගීන්ගේ ප‍්‍රථිශතය ක‍්‍රම  ක‍්‍රමයෙන් ඉහල යෑමක් දක්නට ඇත. එයට විවිධ හේතූන් ඇතත් ඉන් ප‍්‍රධාන කොට පවතින තර`ගකාරී ජීවන රටාවද තදින්ම බලපාන බව ඔබ අප සිය`ඵ දෙනාම දන්නා කරුනකි. දියවැඩියාව, අම්ලපිත්ත වැනි රෝග වලටද මින් බලපෑමක් ඇතැයි කීවද, මෙම ජීවන රටාව විවේචනය කලද, සිය`ඵ දෙනාම එම රටාව තුලම සිට ඒ ගැන කථා කිරීමට සිදුවී ඇත. 2012 මැයි 13 ඉරිදා සංග‍්‍රහයක පලවූ ලිපියක් හා සම්බන්ධව මෙම ලිපියෙන් සාකච්ඡුා කෙරෙනුයේ පුද්ගලයෙකුට, එසේත් නොමැතිව තම පවුලේ හෝ තම හිතවතෙකුගේ මානසික අසහනයක් ඇතිවූ විට හදුනා ගැනීමට, විස`දා ගැනීමට ප‍්‍රවිශ්ඨ විය යුතු නිවැරදි මාර්ග පිළිබදව දැනුවත් කිරීමටය.  මානසික රෝග වර්ධනයට සමගාමීව මානසික රෝග පිළිබදව සාකච්ඡුා කිරීමද ඒ සදහා ඇති ප‍්‍රථිකාර මධ්‍යස්ථාන, ප‍්‍රථිකාර ක‍්‍රම පිළිබදවද අද බොහෝ ශ‍්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය වානිජ මට්මටින් වැඩි අවධානයක් යොමු කර ඇත. මෙම කරුනු සැලකිල්ලට ගැනීමේදී මානසික වෛද්‍යවරයාට අවශ්‍ය දැනුම මානසික රෝගියාට ලබාදීමත්, සාමාන්‍ය ජනතාවට රෝග වලින් මිදීමේ මූලික සිද්ධාන්ත ඉදිරිපත් කිරීම වෙනුවට රෝග විශ්ලේෂනය කිරීමේ නිර්නායක...

අභියෝගයක්ද? ප‍්‍රශ්ණයක්ද?

අද පවතින ජීවන රටාව හරි සංකීර්ණයි. මිනිස්සු හරිම ආත්මාර්ථකාමීයි. මෙහෙම අනන්තවත් කතා ටෙලි නාට්‍ය වල, චිත‍්‍රපටි වල, වේදිකාවල අහන්න දකින්න ලැබෙනවා. ඒ අතරට බණත් පැය 24 පුරාවට අඩුවක් නෑ. බණ කිව්වා කියල අපරාධ වල අඩුවකුත් නෑ. කියන බණ වල වැරැුද්දකුත් නෑ. හැම තැනම පන්සල්, පල්ලි, දේවස්තාන එතකොට මොකක්ද වෙලා තියෙන්නෙ සමාජයට. මේ සමාජ ක‍්‍රමය හරි නෑ කියලා අපිට මේ සංකීර්ණ ජීවන රටාවෙන් මිදෙන්න පු`ඵවන්ද? මේක ප‍්‍රශ්නයක් නම් උත්තරය බෑ. මේක අභියෝගයක් නම් උත්තරය පු`ඵවන්. එකම දෙයකට උත්තර දෙකක් තිබෙන්න පු`ඵවන්ද?    හො`දයි බලන්න පහල තියෙන පින්තූරය දිහා මේ පළමු පින්තූරය දිහා බැලූවම එක්කෙනෙකුට වයසක කාන්තාවක් බිම බලාගෙන ඉන්නවා වගේ පෙනේවි. තවත් කෙනෙකුට තරුණ ගෑනු ළමයෙක් අහක බලා ගෙන ඉන්නවා වගේ පෙනේවි. දෙවන පින්තූරය දිහා බැලූවම සුදු කොටුවක් දැක්ක කියයි. එහෙම උනේ කෙහොමද? ඇත්තටම කොටුවක් එතන තිබුනද? නෑ අපි හිතින් කොටුවක් ඇ`ද ගත්තා. ගොඩක් වෙලාවට කව්රුත් අපිව අන්දන්නෙ නෑ. අපිම ඇ`දගන්නවා. අද තියෙන්නෙ සෑම දෙයකම තර`ගකාරී ස්වභාවයක්. මේ තර`ගය නිසාම මිනිසා ශිෂ්ඨ සම්පන්න කරන්න බිහි වුන ආගම්ද අශිෂ්ඨ වෙලා....

හෙට ගොඩනැගෙන ශ්‍රී ලංකාව

රා ව ණ  රජුගේ ගුප්ත විද්‍යාවත්, පරාක‍්‍රමබාහු නරේන්ද්‍රයාගේ සහලින් සවයංපෝෂිත ඉතිහාසයත්, එදා වැව් දාගැබ් ඉදිකල තාක්ෂනයත් සහිත වසර දහස් ගණනක ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කිවූ ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස විරුදාවලිය ලත් අතීතයේ පටන් වරින්වර කැරලි, යුධ, සටන් පාවාදීම් සිදුවුනද රොබට් නොක්ස් වර්ණනා කල උතුම් මිනිසුන් සිටි ශී‍්‍ර ලංකාද්වීපය අනාගතයේදී භෞතිකව දියුණුවලත් එහෙත් ලෝකයේ මිලෙච්ච වනචාරී සංස්කෘතියක් පවතින රටක් බවට පත් වෙමින් ඇත. මෙයට වගකිව යුත්තෝ අතීතයේ විසූවන් නම් ඒ අයට සාප කල හැක. අනාගත පරපුර නම් ඒ අයට දෙස් දෙවොල් තැබිය හැක. මේ දෙපිරසම නොවේ නම් වගකිව යුත්තෝ වර්තමානයේ වෙසෙන්නෝ අපම විය යුතුය. අතීතයේ විසූ රට පාලනය කලවුන් තමාට හරියයි සිතෙන එදාට ගැලපුන ජනතාවගේ සමාජයීය, මානසික, කායික, ආර්ථික, දියුණුව උදෙසා ක‍්‍රියා මාර්ග ගත්හ. නමුත් එදා ගත් තීන්දු තීරණ සමහරක් අද සමාජයට අහිතකර වී තිබීම එකල විසූ වන්නේ චින්තනයේ දුර්වලතාවයක් හෝ නූතන සමාජයට නොගැලපීමක් විය හැක. එසේනම් කල යුත්තේ වැරදුන තැන් නිවැරදි කරගැනීමෙන් හා අනාගතයේ එවැනි වැරදීම් ඇති නොවීමට කටයුතු කිරීමයි.  උදාහරණයක් ලෙස එස්.ඩබ්....

පුද්ගල ආකල්ප, රැුකියාව සහ වෘත්තිය

  පසුගිය දිනක එක්තරා පුවත් පතක අපචාර සම්බන්ධයෙන් 2012 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා ලැබී ඇති පැමිණිලි සංඛාව 9,446ක් බවත් ඒ අතරින් 1,361ක් ළමා අපයෝජන සම්බන්ධ පැමිනිලි බව පලවී තිබුණි. එය 2011 වසරට සාපේක්ෂව 8%ක වර්ධනයකි. මෙයට  පිළිතුරු  දෙන  වගකිව   යුතු  ආයතනය   පෙන්වා දෙන්නේ එය වැඩිවීමක් නොවන අතර අපචාර පිලිබ`ද ජනතාව වැඩිපුර දැනුවත් කිරීම නිසා ඇතිවූ වාර්ථා  වීමේ වැඩි  වීමකි. වෙනත්  අයුරකින් පැවසුවහොත් ලංකාවේ අපචාර වැඩිවීමක් සිදුවී නොමැති අතර මාධ්‍ය විසින් මෙම සිද්ධි අනාවරණය කිරීමේ වැඩි වීමක් ලෙස පෙන්වා දීමට උත්සාහ දරා ඇත. සංඛ්‍යාලේඛන වලට විවිධ අර්ථකථන දීමෙන් රටක අපචාර වර්ධනය වෙනස් කල නොහැක. මෙම අපචාර සත්‍ය වශයෙන්ම රටෙන් තුරන් කිරීමට නම් මෙම ප‍්‍රකාශකයින් කරනුයේ රැුකියාවක්ද, වෘත්තියක්ද යන්නද ඔවුනට අවබෝධ කර දිය යුතුය. ළමා අපයෝජනය යනුවෙන් බොහෝ දෙනාගේ ආකල්පය වී ඇත්තේ ලිංගිකත්වය මත සිදුවන අපයෝජනයි. එහෙත් සැබෑ නිර්වචනය මෙසේය. ළමා අපයෝජන යනුවෙන් අදහස් කරන්නේ ළමයාගේ සෞඛ්‍යයට සහ වර්ධනයට ඇත්ත වශයෙන්ම හානිකර හෝ හානි කරවීමට මග සලසන, ළමයාව වේදනාව...

නිවන් සුව ලබන්නට ඉඩ දෙයිද ඉන්ද්‍රරතන හිමිට?

 ඉන්ද්‍රරතන හිමි  වෙනුවෙන් හඩක් නගන්නට  නොසිටි, උන්වහන්සේගේ අදහස් රටට  හෙළිනොකළ  මීඩියා, උන්වහන්සේගේ  ජීවිතය බෙරා නොගෙන  මළගම  සජීවීව  පෙන්වපු ස්වර්ණවාහිනිය, මළගම   මගුලක් කරගත් චන්ඩි පුජකවරු, තව  කොටසක් හෙට දින උන්වහන්සේගේ නමින්  බිහිකරගෙන ඉන්ද්‍රරතන පදනමක්. . .   මහජන  චන්දයෙන් යාවි පාර්ලිමේන්තුවට  හෙළ කරුමය  වගේ.  හදාවී පිළිම.... මවාවී දුක....  ජිවනොපයක් කර ගනීවි දැවුණ ඉන්ද්‍රරතන  දේහය. ගව ඝාතනය සිදුවේවි පෙර සේම.  කොටසක් ගහවි මඩ. දළදා සමිදු අබියස දැවුණු  තම ශරීරයට වඩා දැවෙමින් උන්වහන්සේ සෝම  හිමි වෙත ගොහින් පවසනු ඇත මෙලෙසින.  ,සසර අවබෝධ ලැබුවෙමි මිදුණු පසු   දුර්ජනයන්ගෙන් මම ,