Skip to main content

Posts

Showing posts from April, 2013

බොදු බල සේනාව සහ හබන් කුකුලෝ

අප රටේ ගොඩ නැගෙන ජාතිවාදී ප‍්‍රශ්ණය තුල ලකුණු දාගන්නා දේශපාලන, ව්‍යාපාරික, ආගමික බංකොලොත් හබන් කුකුලන්ගේ වියරුවක් මේ දිනවල විවිධ මාධ්‍යයන්ගෙන් පෙනේ. මේ ප‍්‍රශ්නය ඇති වීම වර්තමානයට අහිතකර ලෙස පෙනුනත් එයට මුහුණ දීමේ වෙනත් ක‍්‍රමයක් තිබේද යන්න ගැට`ඵවකි. ඉවසීම සහ නෝන්ජල්කම් අතර ඇත්තේ සු`ඵ වෙනසකි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ත‍්‍රස්තවාදයට වසර ගණනාවක් සාකච්ඡුාවෙන් මෛත‍්‍රියෙන් විස`දුම් සෙවීමට ගිය සමහර දේශපාලන නායකයින්ට වන්දි ගෙවීමට සිදු වූයේ තම ජීවිත වලිනි. තවද සිංහල දෙමල විශාල ජන සංඛ්‍යාවක් මිය ගිය අතර තවත් විශාල සංඛ්‍යාවක් අවතැන් විය. තවත් එවැනි ජාති වාදී ව්‍යවසන ශ‍්‍රී ලංකාව තුල සිදු නොවිය යුතුය. අනන්තවත් අන්තවාදය නිසා මිය යන්නේ අසරණයින්ය. ත‍්‍රස්තවාදයට ත‍්‍රස්තවාදයෙන්ම පිළිතුරු දීම විනා සාම භාවනාවෙන් හෝ සාම පා ගමන් වලින් මෙවැනි ක‍්‍රියා නතර කල නොහැක. එක් යුගයක සාමය වෙනුවෙන් සිය`ඵ ජාතීන් එකතු වී කොළඹදී අත් වැල් අල්ලා ගෙන සාම ගී ගැයූ යුගයක්ද විය. ඉන් ප‍්‍රභාකරන්ගේ හිත උනු කිරීමට නොහැකි වූවා සේම එය සිංහල ජාතියේ නෝංජල් කමක් ලෙස සලකා ප‍්‍රභාකරන්ගේ තව තවත් කුරිරු ප‍්‍රහාර වැඩි විය. තවත් වරක සාම ස...