Search This Blog

Sunday, July 27, 2014

වැරදි මානසික උපදේශනයේ භයානක පැතිකඩ


බුදු දහමේ ”ආරෝග්‍යා පරමා ලාභා ” යයි ගාථා පාඨයක් අප කවුරුත් අසා ඇත. මෙම පාඨය ඇසෙනවාත් සම`ගම අප හිතට දැනෙන්නේ ලෙඩකට දුකකට පත් නොවී සිටීම කෙතරම් භාග්‍යයක්ද කියාය. එහෙත් මේ ලෙඩ හා දුක යනු කායික රෝග පමණක් යයි සමහර විට ඔබට දැණෙන්නට ඇත. කායික රෝග වලට වැඩි අවධානයක් යොමු කරන අප මානසික රෝග හෝ පීඩා කෙරෙහි දක්වන අවධානය බටහිර රටවලට වඩා ඉතාමත් අවම තත්වයක පවතී. නමුත් වෙනත් ආගම් සම`ග බුදු දහම සසදන විට බෞද්ධ දර්ශනයේ පමණක් මනස ගැන පැහැදිලිව අවධාරණය කර තිබියදීත් බෞද්ධ දර්ශනය පැවතෙනවා යයි කියන රටක මෙම තත්වය පැවතීම පුදුම සහගතය. ආගමික මතවාදයෙන් බැහැරව බලන කල පුරාතණ බටහිර වෛද්‍යවරුන් සිත සහ කය යනු වෙන වෙනම ආයතන දෙකක් ලෙස සැලකීය. නමුත් නූතන බටහිර විද්‍යාවේ සිත සහ කය අතර තිබෙන සම්බන්ධතාවය ගෙන ඒ පිළිබ`දව පරීක්ෂණ පවත්වමින් මිනිසාට වැලදෙන රෝග වලින් සියයට හැත්තෑපහක් පමණ මනස මුල් වී ඇති වන බව සොයා ගෙන ඇත. කායික රෝගයකදී වෛද්‍ය ප‍්‍රථිකාර වැරදුන විට වැඩි කාලයක් නොගොස් රෝගියාට එහි විපාක අත් වි`දින්නට සිදුවන අතර මානසික ප‍්‍රථිකාරයකදී යම් ප‍්‍රථිකාරයක් වැරදුන විට එහි ප‍්‍රථිඵල ලැබෙනුයේ ඊට වඩා දිගු කලකින් වීමට පු`ඵවන.   

එම නිසා අප නොදැන ඇතිවන මානසික පීඩාවන් නිසා ඇතිවන කායික රෝගී තත්වයන් ගැන ටිකක් විමසිලිමත් වෙමු. මෙහිදී මීට වසර කිහිපයකට පෙර සුදුවූ සත්‍ය සිදු වීමක් උදාහරණයක් ලෙස පෙන්වා දෙමි.
එක්තරා පාසල් ශිෂ්‍යයෙකු වසරකට හතර පස් වතාවක් සිහිමුර්ඡුා වී රෝහල් ගත කිරීමට සිදුවිය. මේ පිළිබ`ද වෛද්‍යවරුන් කොපමණ පරීක්ෂණ කලද  රෝගයට හේතුව සොයා ගැනීමට නොහැකිව විශේෂඥ මානසික වෛද්‍යවරියක් වෙත යොමු කලාය. ඇයද විවිධ පරීක්ෂන සිදුකොට අවසානයේ දෙමව්පියන් සම`ගද සාකච්ඡුා. කිරීමට තීරණය කලාය. ප‍්‍රථමයෙන් මව සම`ග කතා බහ කල ඇය දෙවනුව පියා කැ`දවා ඇයගේ ශිෂ්‍ය වෛද්‍යවරු ඉදිරියේ සිදුවූ සංවාදය මෙසේය,
ප‍්‍රශ්ණ කිහිපයක් අසා....
ප‍්‍රශ්ණයඃ මේ ලෙඬේ හැදෙන්න හේතුව මොකක්ද කියලා දන්නවාද...?
උත්තරයඃ නිහ`ඩයි.
ප‍්‍රඃ දෙමාපියන් අතර සම්බන්ධතාවය කොහොමද? අ`ඩ දබර එහෙම සිදු වෙනවාද..?
උඃ ඔව්.
ප‍්‍රඃ ඇයි ඒ...?
උඃ බිරි`ද ගෙදර පිළිවෙලකට තියා ගන්නේ නෑ.
ඒ ගැන කිව්වම ඇය ගැටුම් ඇති කරනවා.
ප‍්‍රඃ මොනවද අපිළිවෙලට තියෙන්නේ..?
උඃ ගෙදර සාලෙ පුටු උඩ හැම තැනම ඇ`දුම් දමලා... දරුවන් පාසල් ගිහින් එන කොට බිරි`ද රූපවාහිනියේ කතා බලනවා කතාව ඉවර වෙනකම් ලමයින්ට කන්න දෙන්නෑ, ලමයින්ද නොකා රූපවාහිනිය බලන්න පුරුදු වෙලා. පාසල් කටයුතු ම`ග හැරෙනවා.
ප‍්‍රඃ ඔයාට  ඕන දරුවා සනීප කරගන්නද ගේ පිළිවෙලට තියා ගන්නද?
උඃ (නිහ`ඩයි..*
ප‍්‍රඃ (වෛද්‍ය සිසුන්ට ඉංග‍්‍රීසියෙන් යමක් පැහැදිලි කරයි* උත්තර දෙන්න.
උඃ  දරුවා සනීප කරගන්න (අකැමැත්තෙන්*
ප‍්‍රඃ ගෙදරට අවශ්‍ය බඩු ගේන්නෙ කව්ද...?
උඃ මම.
ප‍්‍රඃ ඇයි බිරි`දට ඒවා බාර නොදෙන්නේ...?
උඃ අපි ඉන්න ප‍්‍රදේශය දුෂ්කරයි. ඒ පැත්තෙ බස් තියෙන්නෙ පැයකට එකයි. ඒ නිසා ටවුමට යන්න පැයයි, එන්න පැයයි, බඩු ගන්නත් විනාඩි 30ක් විතර යනවා. මම හවසට ගෙදර යන ගමන්  ඕන බඩු ටික බයිසිකලේම ගෙනියනවා වෙලාව ඉතුරු කරගන්න.
ප‍්‍රඃ ඉතිං එයාට බඩු ගෙන්න දුන්නම මොකද වෙන්නේ...?
උඃ එතකොට ගෙදර වැඩ කරගන්න තවත් වෙලාව මදි වේවි.
ප‍්‍රඃ වෙලාව ගියත් නෝනා බඩු ගෙනාවම මොකද වෙන්නෙ? ඔයාට  ඕන දරුවා සනීප කරගන්න නෙමෙයිද? 
උඃ (පෙර වෛද්‍යවරියගේ ප‍්‍රථිචාරය ගැන දන්න නිසා* දරුවා සනීප කරගන්න
ප‍්‍රඃ තව මොනවද දෙන්නා අතර ප‍්‍රශ්න ඇති වෙන්න හේතු....?
උඃ දරුවන් උදේ නැගිට්ටම නි`දාගත්ත ඇ`දන් හදන්නේ නෑ. රාත‍්‍රියට නිදා ගන්න ගියාම උදේ අවුල් උන ඇ`දම අපිළිවෙලට තියෙනවා. මේවා ළමයින්ට පුරුදු උනොත් එයාලගෙ අනාගතයට හො`ද නෑ කියල මට හිතෙනවා.
ප‍්‍රඃ ඔයාට  ඕන දරුවා සනීප කරගන්නද ගේ පිළිවෙලට තියා ගන්නද?
උඃ දරුවා සනීප කරගන්න.
ප‍්‍රඃ දෙමාපියන්ගේ ප‍්‍රශ්න නිසා දරුවන්ට විවිධ රෝග ඇති වෙනවා. ළමයගේ ටිකට් කපන්න බෑ. දෙන්නා අතර සම`ගිය නැත්නම්. දැන් මට රූපවාහිනී සාකච්ඡුාවකට යන්න තියෙනවා ඒ නිසා දරුවගෙ රෝගී තත්වය ගැන හිතලා  ගෙදරද, දරුවද  ඕන කියල හෙට ඇවිල්ලා මාව හමු වෙන්න.
පලමු සැසිය අවසන් විය..

දෙවන දිනය
විශේෂඥ මානසික වෛද්‍යවරිය හදිසි කටයුත්තකට පිටව ගොස් ඇති නිසා පලමු සැසියේ සිටි ශිෂ්‍ය වෛද්‍යවරයෙක් දෙවන සැසිය ස`දහා ඉදිරිපත් විය.
ප‍්‍රඃ හා කොහොමද ඔයාගෙ අදහස අද වෙනස් උනාද....?
උඃ ඩොක්ටර්..., නෝනා වෙනස් නොවී නෝනට  ඕන විදියට ගෙදර වැඩ කටයුතු පැවරුවොත් දරුවන්ගෙ අනාගතයට මොනවා වේවිද...?
ප‍්‍රඃ  ඔය....ඔය... ඔයා අශුභවාදීව හිතන කෙනෙක්. (විශේෂඥ වෛද්‍යවරිය ලෙස අනුකරනය කරමින් ඊට වඩා ගාම්භීර ලෙස* ඔයාට  ඕන දරුවා සනීප කරගන්නද ගේ පිළිවෙලට තියා ගන්නද? 
උඃ දරුව සනීප කරගන්න.
ප‍්‍රඃ එහෙම නම්......? බබා සනීප කරගන්න ඔයා ධනාත්මකව හිතන්න  ඕන. නැත්නම් ටිකට් කපන්න මට බෑ.
උඃ හරි මම එහෙම කරන්නම් ඩොක්ටර්. දරුවගේ ටිකට් කපන්න.
ප‍්‍රඃ ආන්න.... ඔයාට දැන් තෙරුණා..... මේ මම කරේ උපදේශනයක්. හරිනම් මේකට සෑහෙන කාලයක් ගන්න වෙනවා. ඒත් අපිට මේවට ගොඩක් කාලෙ යොදන්න බෑ. හරියට වැඩ තියෙනවා ලෙඞ්ඩු ගොඩාක් ඉන්න නිසා. මම එහෙනම් ටිකට් කපන්නම් මාසෙකින් නෝනත් එක්ක ක්ලිනික් එන්න  ඕන. අපි නෝනගෙන් අහනවා. කරන්න  ඕන දේ දන්නවනේ. (සැසිය අවසන්*


මෙම දෙබසේ සහ ප‍්‍රථිකාර ක‍්‍රමයේ ශෝචනීය ප‍්‍රථිඵල වසර 10කට පමණ පසු අද මෙසේය....
මෙම දරුවා දැන් තරුණයෙකි. අද වන විටද නිදාගත් ඇ`ද, ම`දුරු දැල රාත‍්‍රීයේ නින්දය යන තෙක් අතීතයේ වෛද්‍යවරු දුන් ආදර්ශයට අනුවමය. කිලිටි ඇ`දුම් රාක්කියේ පුරවා දුගද හමමින් ඇත. අවවාදයක් දුන් සැනින් ආවේගශීලී වෙයි. අධ්‍යාපනය කඩාකප්පල් වී ඇත. රැුකියාවකදී මෙවන් අපිළිවෙල තරුණයෙකුට රැුකියා වෙළ`ද පලක් නැත. විවාහ ජීවිතයක් සාර්ථක වේවිද...? දෙමාපියන් තුල තිබූ අර්බුදයට නිවැරදි මානසික වෛද්‍ය ප‍්‍රථිකාර නොකිරීම නිසා අනාගතයේ දෙමාපියන් වන මෙම තරුණ තරුණියන්ටද එම ගැට`ඵව පරිත්‍යාග කොට ඇත. මෙවැනි තරුණයන් ගෙන් රටේ සංවර්ධනයට කෙබ`දු සෙතක් වේවිද...?  මොහුට අද උපදේශනය කල හැකි වුවද එදා වෛද්‍යවරියගේ නොසැලකිල්ලෙන්  දරුවාගෙන් ගිලිහුණු ලමාවිය, සාමාන්‍ය පෙළ/උසස් පෙළ...නැවත ලබා දිය හැකිද? මෙහි වරදකරුවන් ස`දහා ද`ඩුවමක් ධර්මයේ මිස නීතියේ නැත. දරුවාට කර්මයේ පිහිට පමණි.
මෙම සත්‍ය සංවාදය මම ඔබ වෙත පෙන්වා දුන්නේ මානසික උපදේශකයාගේ කාර්යභාරය මානසික වෛද්‍යවරයා විසින් සිදු කිරීම නිසා සිදුවූ විවසනය පිළිබ`දවයි.

එදා මානසික වෛද්‍යවරිය මානසිික රෝගයකැයි නිර්ණය කල මෙසේ උපදෙස් සැපයුවද වසර ගණනකට පසු එම වෛද්‍ය මතය වැරදි බව හ`දුනා ගෙන හෘද සැත්කමකින් ම`ගින් එම රෝගය සුව අතට පත් වී තිබුණි.

ඒ වන විට සියල්ල සිදුවී හමාරය. වැරදුනේ කොතැනද....?
කාර්ය බහුලත්වය නිසා එක් පාර්ශවයකට සවන්දී පූර්ව නිගමනයකට එලඹීම හෝ වෘත්තියට වඩා වෙනත් කරුණු පදනම් කරගෙන සංවේදී වීම විය හැකියි.
මෙවැනි සිදුවීම් ජනතාවට සන්නිවේදනය වන්නේ බොහෝ කලාතුරකිනි. නමුත් උපදේශනවරයෙකු ලෙස අපට මෙවැනි සිදුවීම් බොහෝ අත්වි`දීමට සිදු වී ඇත. 
එම නිසා මා මුලින් ස`දහන් කල පරිදි කායික රෝගයකදී ප‍්‍රථිකාර වැරදුනද කෙටි කලකින් එය ඉස්මතු වන නමුදු මානසික ප‍්‍රථිකාරයකදී ප‍්‍රථිකාර වැරදුන විට එය ඉස්මතු වන්නේ සහ ප‍්‍රථික‍්‍රියා දක්වන්නේ සිතා ගත නොහැකි ආකාරයට හෝ කාලයක් ගතවූ විටය. එමනිසා මානසික ප‍්‍රථිකාර ගැනීමේදී කායික ප‍්‍රථිකාර වලට වඩා වැඩි අවධානයක් යොමු කල යුතුය. 27/07/2014