Search This Blog

Tuesday, January 7, 2014

ළමාඅපචාර ශ‍්‍රී ලංකාවෙන් තුරන් කල හැකිද ?



මා ටික කලක සිට ලිපි ලිවීම අමතක කර සිටියෙමි.ඒ කොතරම් ලිපි ලිව්වද රටේ සිදුවන අපචාර වල දුෂණ වල අඩුවක් නොවීම නිසාය. ඒ පිළිබදව හරවත් ලිපි පුවත්පත් වලට ලීවද කතෘවරුන්ට අවශ්‍ය වූයේ අපචාරයක් වුවද ඉන් හමනා දු`ගදද සුවදක්සේ කටට කෙල උණන කරවල හොද්දක් ලෙසින.බැරිම තැන අන්තර් ජාලයේ බ්ලොගයක් හරහා මාගේ ලිපි පලකිරීමට උත්සාහ කලෙමි. නමුත් බ්ලොග් කියවන්නන් හා පලකරන්නන් වැඩි පිරිසකට ඇත්තේ රට, ජාතිය පිළිබ`ද ප‍්‍රශස්ත දැනුමකි. සත්භාවික උවමනාවකි. එවැනි අවබෝධයක් ඇත්තන්ට අවබෝධය ලබා දීමේ අවශ්‍යතාවයක් නැත. එබැවින් එම කටයුත්තද අත්හැරීමටසිදුවිය. මේබ්ලොග් ලියන්නෝද රටේ සිදුවෙමින් පවතින හා අනාගත ව්‍යවසන යමැනවින්අවබෝධකරගෙනසිටියදබොහෝහරවත් ලිපි ලියූබ්ලොග් කරුවන් ලිවීම අතහැර දැමුවේ හුදෙක් රටේ පිළිගත් කියන්නාවූ චරිතද මේ කතාන්දර හා සෘජුව සම්බන්ධ වන්නට වීම නිසා කලකිරීමකට පත්වීම නිසා වන්නට පු`ඵවන. නමුත් මා ලියූ ලිපි අන්තර් ජාලය ඔස්සේ විවිධ රටේ වගකිවයුතු පුද්ගලයන් හට යැවීමි. කෙසේ හෝ මා ලියූ යම්ප‍්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ ප‍්‍රශ්න කිරීමට ලකම්ම නිසා නැවතත් රටට යමක් කල හැකිබව අවබෝධවිය. 

මා ලිපි ලිවීම තාවකාලිකව අතහැර දැමුවද අන්තර්ජාලයෙන් පුවත්පත් කියවීමත් ඒවාට කමෙන්ට් (අදහස්* පලකිරීමටත් අමතක නොකලෙමි. එහිදීද සුපුරුදු මාධ්‍ය හිංසනය නොඅඩුව එතැනද ඇතිබව පෙනුනි. සමහර පුවත්පත් වලට ප‍්‍රතිචාර දැක්වීමේදී සූක්ෂම ලෙස අදහස සංස්කරනය කොට විකෘතිව පලවේ.තවත් ආයතන වල ප‍්‍රතිචාර පලවන්නේ ඒ අයගේ මතයට ගරු කරන්නන්ගේ ඒවා පමණි. සමබර කිරීමට ද්වේශයෙන් ඉදිරිපත් කරනා ප‍්‍රතිචාර අසභ්‍ය ලෙස ප‍්‍රචාරය කරයි. තවත් විටක විරුද්ධ මතයට ඇතුලතින්ම අන්වර්ත නම් උපයෝගී කරගෙන විරුද්ධ මතය පලකරන්නාට නිර්දය ලෙසපහර දෙයි.එදා මාධ්‍යවේදීන් සිටියද අද ඇත්තේ මාද්‍යකරුවන්ය. එදා සේවාවක් වූ මාද්‍යය අද ලාභ උපයන ව්‍යාපාරයක් බවට පත් වී ඇත. මෙසේ වීමට හේතුව දේශපාලන හා ජනමාධ්‍ය යන සේවාවන් දෙකටම අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නොවීමයි. රජයේ සු`ඵ රැකියාවක් ස`දහා සාමාන්‍ය පෙල විභාගය සමත් විය යුතු වුවද උත්තරීතර සේවාවකට සුදුසුකම් ඇති නොකරන තාක්කල් මෙම සභ්‍යත්ව විරෝධී වක්කුටු සංස්කෘතිය රටෙන් අතුගා දැමිය නොහැක.

තවද රටේ සිදුවන අපරාධ රසවත් කර පල කිරීම හා අපරාධකරුවන්ට අනවශ්‍ය වීරත්වයක් ඉස්මතු කරමින්ද වරෙක ගොදුරට ලක්වූවන් පමණට වඩා දයානුකම්පාව ඇතිකරවමින් වාර්තාකරණය රටේ අපරාධ වැඩිවීමට හේතුවක් වේ.

2014 නව අවුරුදු උදාවත් සම`ග ජනවාරි පලමුවැනිදා අපූරු පුවතක් පල විය. ඒ හැට පහේ සීයා හැටේ සීයෙක් දුෂණය කරලා යන්නයි.මේ වාර්තාව පලවීමත් සම`ග අ`ඵත් සංස්කෘතියක පෙර නිමිති පහල වීමක් ලෙස සැලකිය හැකිය.රොබට් නොක්ස් පැවසූ ආකාරයට තරුණ රුවැති ස්ත‍්‍රියකට රන්ආභරන පෙරවා දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා නිරුපද්‍රිතව ගමන් කිරීමට කෙසේ වෙතත් අවුරුදු 60 සීයෙකුටත් අද ගෙදරට වී සිටිය නොහැකි තත්වයකට පත් වී ඇත්තේ ඇයි....? එදා ශ‍්‍රී ලංකාව ගැන,පෞ`ඪ ඉතිහාසයක් ගැන අභිමානයෙන් කතා කල අපට පසුගිය වසර 100ක් තුල අභිමානයෙන් කතා කලහැකි විශිෂ්ඨ නිර්මාණයක් තිබේද?තවමත් උදම් අනන්නේ ශ්‍රේෂ්ඨ රජවරුන් ශ‍්‍රී ලංකාව පාලනය කල යුගයේ ඉතිරිවූ නෂ්ඨාවශේෂ කිහිපයක වගතුග හැරුන විට රටට ඉතිරව ඇත්තේ මනුස්සකම ගිලිහුන භෞතික වශයෙන් ඉතිරිවූ කොන්ක‍්‍රීට් වනාන්තරය. 65 පැන්න සීයා 60 පැන්න සීයා දුෂණය කිරීම යනු මිලෙච්චත්වයේ උපරිමමය. 2020 දී ලමා අපයෝජනයට අසුනොවුනු වැඩිහිටියෙක් සොයා ගැනීම එංගලන්තයෙන් වයස අවුරුදු 16 ඉක්මවූ කන්‍යාවියක් සොයා ගැනීමට වඩා අසීරුවනු ඇත.

එසේනම් කල යුත්තේ කුමක්ද?මේ පුද්ගලයින් තුල කාමුක හැ`ගීම් ජනිත කරනමාධ්‍ය (ටෙලිනාට්‍ය, චිත‍්‍රපටි, ස`ගරා, වෙළ`ද දැන්වීම්, ඇ`දුම්විලාසිතා, ජංගම දුරකතන, අන්තර්ජාල සේවා* වලට වාරනයක් ඇති කල යුතුය. අපචාර,දුෂණ වලදී එක්වකටයුතු කිරීමට සිය`ඵම අදාල ආයතන වලින් සැදුම්ලත් එක් පරිපාලනයක් යටතේ ආයතනයක් ස්ථාපනය කල යුතුය. ඒ ආයතන වල සිදුවන කටයුතු විනිවිද භාවයකින් දැනගැනීම පිණිස සිවිල් ජනතාවටද විවෘත විය යුතුය.දැනට පවතින සාමාන්‍යක‍්‍රමය නම් සංඛ්‍යාලේඛන ස`ගවා අසත්‍ය සංඛ්‍යාලේකන ඉදිරිපත් කිරීම හෝ විස්තර සැපයීම ම`ග හැර සිටීමයි.මේ ස`දහා පෞද්ගලික අත්දැකීම්ද මා සතුව ඇත. පසුගිය දිනක විෂයභාර අමාත්‍යවරයෙක් අනෙක් වර්ෂ වලට සාපේක්ෂව අපචාර අඩුවී ඇති බවට ප‍්‍රකාශ කල අතර තවත් පුවත් පතක අපචාර වල වැඩිවීම සංඛ්‍යාත්මකව පෙන්වා දී තිබුණි. මෙයට හේතුව අදාල උසස් නිලධාරීන් තම සේවය හරිහැටි ඉටු නොකොට තමන්ට වරදාන ලබා ගැනීම වෙනුවෙන් අමාත්‍යවරයා නොමග යැවීමයි. තවත් වරක තම ආයතනයේ සේවය හරිහැටි ඉටු නොකොට තවත් රාජ්‍ය ආයතනයක සේවකයින් අත්අඩංගුවට ගෙන ප‍්‍රසිද්ධියක් ලබා ගැනීමට ගොස් ක`ඵපැල්ලමක් ගාගත් අධිකාරියක සභාපතිනියකි. එක් අවස්ථාවකඅ පචාර සිද්ධියකට මුල්වූ ආයතනයක පාලකයින් අත්අඩංගුවට පත් වූ විගස ආගමික නායකයෙක් බලපෑම් කොට ප‍්‍රශ්නය යටපත් කරවිය. මේ ස`දහා මාධ්‍ය ප‍්‍රසිද්ධිය දුන් මාධ්‍යආයතනද එසැණින් ගො`ඵ විය.මේ සියල්ලට විස`දුම මා කලින් යෝජනා කල විනිවිදභාවයෙන් කටයුතු කරන සිය`ඵ ආයතන ඒකරාශී කොට දේශපාලනයෙන් මදක් හෝ හුදකලාවූ ආයතනයක් පිහිටුවීමයි.ළමා අපචාර වැලැක්වීමට මීට වඩා වෙනත් ක‍්‍රමයක් නැත. ඒ ස`දහා අත්වැල් බැ`ද ගත යුතු ආයතන නම් කාන්තා හා ලමා අභිවෘද්ධි අමාත්‍යාංශය, ළමාරක්ෂනඅධිකාරිය, ශ‍්‍රී ලංකා පොලිසිය ඇතු`ඵ සිවිල් ආරක්ෂක කමිටු, අධිකරණ හා පුනරුත්ථාපන අමාත්‍යාංශය, මානව හිමිකම් කොමිෂන් සභාව සහ වෘත්තීය පුහුණු අධිකාරිය ,සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වැනි ආයතනයන්ය. 
                                                                                                                                           
(01/01/2014)