Skip to main content

Posts

Showing posts from January, 2014

ළමාඅපචාර ශ‍්‍රී ලංකාවෙන් තුරන් කල හැකිද ?

මා ටික කලක සිට ලිපි ලිවීම අමතක කර සිටියෙමි.ඒ කොතරම් ලිපි ලිව්වද රටේ සිදුවන අපචාර වල දුෂණ වල අඩුවක් නොවීම නිසාය. ඒ පිළිබදව හරවත් ලිපි පුවත්පත් වලට ලීවද කතෘවරුන්ට අවශ්‍ය වූයේ අපචාරයක් වුවද ඉන් හමනා දු`ගදද සුවදක්සේ කටට කෙල උණන කරවල හොද්දක් ලෙසින.බැරිම තැන අන්තර් ජාලයේ බ්ලොගයක් හරහා මාගේ ලිපි පලකිරීමට උත්සාහ කලෙමි. නමුත් බ්ලොග් කියවන්නන් හා පලකරන්නන් වැඩි පිරිසකට ඇත්තේ රට, ජාතිය පිළිබ`ද ප‍්‍රශස්ත දැනුමකි. සත්භාවික උවමනාවකි. එවැනි අවබෝධයක් ඇත්තන්ට අවබෝධය ලබා දීමේ අවශ්‍යතාවයක් නැත. එබැවින් එම කටයුත්තද අත්හැරීමටසිදුවිය. මේබ්ලොග් ලියන්නෝද රටේ සිදුවෙමින් පවතින හා අනාගත ව්‍යවසන යමැනවින්අවබෝධකරගෙනසිටියදබොහෝහරවත් ලිපි ලියූබ්ලොග් කරුවන් ලිවීම අතහැර දැමුවේ හුදෙක් රටේ පිළිගත් කියන්නාවූ චරිතද මේ කතාන්දර හා සෘජුව සම්බන්ධ වන්නට වීම නිසා කලකිරීමකට පත්වීම නිසා වන්නට පු`ඵවන. නමුත් මා ලියූ ලිපි අන්තර් ජාලය ඔස්සේ විවිධ රටේ වගකිවයුතු පුද්ගලයන් හට යැවීමි. කෙසේ හෝ මා ලියූ යම්ප‍්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ ප‍්‍රශ්න කිරීමට ලකම්ම නිසා නැවතත් රටට යමක් කල හැකිබව අවබෝධවිය.  මා ලිපි ලිවීම තාවකාලිකව අතහැර දැ...