”ආසියාවේ විශාලතම කුඩු කන්ටේනරයක් නිදහස් කිරීමට බෞද්ධ කටයුතු පිළිබ`ද ඇමති තනතුර හොබවන..... අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ලේකම්........... චීවරධාරී යයි අගමැති පවසයි...... අග‍්‍රාමාත්‍ය කාර්යාලය වැටලූ සංඝරත්නය ඇතු`ඵ...... කැසිනෝ බුදුන් දවසද පැවතුනි...අගමැති නිර්දෝෂීයි හිමිවරු පවසති” මැයෙන් පසුගිය දිනවල රටපුරා මහත් ආන්දෝලනයක් පැවතුනි. බුදුන් පරිනිර්වානයෙන් වසර 5000ක් පමණ ගත වෙත්ම නිර්මල බුදු දහම ලොවෙන් පිරිහී යනු ඇතැයි විශ්වාසයක් ඇත. විවිධ තර්ජන හමුවේ වසර 2550ක අවසන මේ තරමින්වත් බුදු දහම පැවතුනේ එදා දිවි හිමියෙන් ශාසනය රැුක ගැනීමේ කාර්යයක නිරත වුනු ගරුතර සංඝරත්නයේ පිහිට ආරක්ෂාව නිසාය. එදා සිටි ධර්ම ඥානයෙන් පිරිපුන් සංඝ රත්නය නිසා බුදුදහම විනාශ කිරීමට හෝ නිර්මල බුදු දහම විකෘති කිරීමට අන් ජාතීන්ට අන් ආගමිකයින්ට නොහැකි විය. රටේ සෞභ්‍යාග්‍ය, ජාතික අනණ්‍යතාවය, සංස්කෘතියද මේතාක් ර`දා පැවතියේ එදා සමාජය තුල පැවති ධාර්මික වට පිටාවක් තුලය. එකල විවිධ ජාතීන්, විවිධ ආගමිකයින් තම තමන්ගේ ආගම් අදහමින් සිංහල දමිල මුස්ලිම් ජාතික උත්සව වෙන වෙනම පැවැත් වුවද එකිනෙකාට ගෞරව කරමින් සහජීවනයෙන් ජීවත් විය. අද සර...