Skip to main content

Posts

Showing posts from July, 2014

වැරදි මානසික උපදේශනයේ භයානක පැතිකඩ

බුදු දහමේ ” ආරෝග්‍යා පරමා ලාභා ” යයි ගාථා පාඨයක් අප කවුරුත් අසා ඇත. මෙම පාඨය ඇසෙනවාත් සම`ගම අප හිතට දැනෙන්නේ ලෙඩකට දුකකට පත් නොවී සිටීම කෙතරම් භාග්‍යයක්ද කියාය. එහෙත් මේ ලෙඩ හා දුක යනු කායික රෝග පමණක් යයි සමහර විට ඔබට දැණෙන්නට ඇත. කායික රෝග වලට වැඩි අවධානයක් යොමු කරන අප මානසික රෝග හෝ පීඩා කෙරෙහි දක්වන අවධානය බටහිර රටවලට වඩා ඉතාමත් අවම තත්වයක පවතී. නමුත් වෙනත් ආගම් සම`ග බුදු දහම සසදන විට බෞද්ධ දර්ශනයේ පමණක් මනස ගැන පැහැදිලිව අවධාරණය කර තිබියදීත් බෞද්ධ දර්ශනය පැවතෙනවා යයි කියන රටක මෙම තත්වය පැවතීම පුදුම සහගතය. ආගමික මතවාදයෙන් බැහැරව බලන කල පුරාතණ බටහිර වෛද්‍යවරුන් සිත සහ කය යනු වෙන වෙනම ආයතන දෙකක් ලෙස සැලකීය. නමුත් නූතන බටහිර විද්‍යාවේ සිත සහ කය අතර තිබෙන සම්බන්ධතාවය ගෙන ඒ පිළිබ`දව පරීක්ෂණ පවත්වමින් මිනිසාට වැලදෙන රෝග වලින් සියයට හැත්තෑපහක් පමණ මනස මුල් වී ඇති වන බව සොයා ගෙන ඇත. කායික රෝගයකදී වෛද්‍ය ප‍්‍රථිකාර වැරදුන විට වැඩි කාලයක් නොගොස් රෝගියාට එහි විපාක අත් වි`දින්නට සිදුවන අතර මානසික ප‍්‍රථිකාරයකදී යම් ප‍්‍රථිකාරයක් වැරදුන විට එහි ප‍්‍රථිඵල ලැබෙනුයේ ඊට වඩා දිගු කලකින් වීමට පු`ඵව...