මෑත දිනක පාර්ලිමේන්තුවේ මානසික උපදේශන පිළිබඳව පාර්ලිමේන්තු නියෝජිතවරුන්/වරියන් විසින් ආන්දෝලාත්මක ප්‍රකාශයක් සිදු කළහ. එහිදී ඔවුන් සඳහන් කළ පරිදි ලංකාවේ උපදේශන ක්ෂේත්‍රයේ නියැලෙන පුද්ගලයන්ගේ ගුණාත්මක බව සහ සුදුසුකම් පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි.මෙම නියෝජිතවරුන් කුමන අරමුනක් යටතේ එසේ ප්‍රකාශ කර සිටීදැයි නොතේරුනත් විශේෂයෙන් එහි දී එම මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ කරුණු ඉතා කාලෝචිතය. ඔවුන් සඳහන් කල පරිදි තත්වය එසේ සිදුවුවත් මෑත කාලයේ රජයට සම්බන්ධ ආයතනයක වෘත්තියට නොගැලපෙන දේශනයක් කල බව කියන මනෝ උපදේශිකාවක් ලෙස හඳුන්වාදුන් කාන්තාවකට එහි සත්‍ය අසත්‍යතාවය විමර්ශනයට පෙර උණුසුම මැකීයාමට පෙර රජයට සම්බන්ධ නාලිකාවකින් ඇය නැවත වරක් රූපවාහිනී තිරයේ දක්නට සැලැස්වීම ජනතාව ලද අභාග්‍යයකි. අද උපදේශනය පිහිටවීමේ කලාව වෙනුවට, මුදල් ඉපයීමේ කලාවක් වී ඇත. උපදේශනය අන් වෘත්තීන් ලෙස උගත්කමින්ම (Paper Qualification) මැන හැක්කක් නොවේ. එයට උගත්කම මෙන්ම පරීක්ෂණයකින් මැනිය නොහැකි කරුණාව, මානව දයාව වැනි ගුණාංගද ඇතුලත් විය යුතුය. ඒ නිසයි මානසික උපදේශනය අසීරු සේවාවක් මෙන්ම රජයක විශේෂ අවධානය යොමු විය යුතු වන්නේ...