Search This Blog

Thursday, November 7, 2024

2024 නව ජනාධිපතිට පු`ඵවන්ද රට හදන්න?

  

    එක් ජනපති මැතිවරණයක් අවසන් වී තවත් පාර්ලිමේන්තු මහ මැතිවරණයක් නොබෝ දිනකින් පැමිණීමට නියමිතය පසුගිය මැතිවරණයේදී පක්ෂ පෙරළියක් වී නැවුම් පක්ෂයක් බලයට පැමිණියද ඊට පෙර පැවැති මැතිවරණ වලදී මෙන්ම සිදු වූයේද වැඩියෙන්ම බොරුව සමාජගත කළ පක්‍ෂය රජ වීමයි. වෙනසකට ඇත්තේ පෙර පැවැති රජයන් ජනතාවට සහන ලෙස බොරු පොරොන්දු දී බලය ලබා ගැනීම සහ මෙවර සුළුවෙන් බොරු පොරොන්දුද වැඩියෙන් විරුද්ධවාදි පක්ෂ වෙත වෛරය, අවලාද ජනතාව තුළ ප්‍රචලිත කිරීමයි. අවසාන ප්‍රතිඵලය වූයේ ජනතාව පැරදී පැවති බොරුවම ජය ගැනීමයි.

නිදසුනක් ලෙස ජවිපෙ නායක අනුර කුමාර විසින් කලක සිට කුමාර් ගුණරත්නම් ගැන, ලැම්බොගිනි, රත්ත්‍රන් කඩු, මුහුද ගොඩ කරන ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ක`ඵගල් ....ආදී පැහැදිලි වීඩියෝ දර්ශන තිබියදීත් එවැන්නක් නොකී බවට ප්‍රකාශ කිරීම පෙන්වා දිය හැක. පරන්තන් කම්හලේ සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කිරීමෙන් ගබඩා පාලක, ලිපිකරු වැනි විශාල රැකියා සංඛ්‍යාවක් උත්පාදනය වන බව පවසා වැඩි දිනක් යාමට මත්තෙන් එයද මුසාවක් බව හෙලිවිය. ණය ගැනීමට නම් රටට නායකයෙක් ඕනදැයි ඇසූ අනුර රටේ ණය බිලියන ගණන මහ ලොකු ගානක්දැයි අසා දැන් සතියට දෙතුන් පාරක් පෙර ණය නොපියවා ණය ගනී. මෙයට විවිධ අර්ථකතන සැපයුවත් ණය ණයමය.

තවද ජනාධිපතිවරණය අවසන් මොහොතේ ශ්‍රී ලංකාවේ ජනතා මුදල් උගන්ඩාවට හොර රහසේ රුපියල් බිලියන 4ට වැඩි ප්‍රමාණයක් රටින් පිට කර ඇති බවටත් එය නැවත ලංකාවට ගෙන්වා ගැනීමට නම් ජාතික ජන බලවේගයට චන්දයදී අනුරකුමාර ජනපති කරන ලෙසද වත්මන් ජනාධිපතිවරයා සිටින වේදිකාවේම නීතිවේදී යයි කියන කාන්තාවක් ජනතාව ගොනාට ඇන්දවීය. පසුව එම වේදිකාවේ බොරුවක් බව දැනගෙනම ප්‍රකාශ කල බව පවසන කාන්තාව එසේ පවසද්දීත් අද ජවිපෙ ප්‍රචාරක ලේකම් එහෙම ප්‍රකාශයක් නොකල බව පවසයි. ලංකාවේ බිහිවී ඇති වහල්ගැති පක්ෂ චන්දදායකයෝද තවමත් එය පිළි නොගනිති. මධ්‍යස්ථ චන්දදායකයන් නම් තම පක්ෂයෙන් මේ ගැන විමසීම එවැනි දෑ කිරීම පක්ෂයේ පැවැත්මට හානියක් බව නොපෙන්වා දීම වෙනුවට වැරදි පෙන්වා දෙන්නන්ට බැන අපහාස කිරීම, හිටපු අය වැරදි කරද්දි ඒවා දැක්කෙ නැද්ද යනුවෙන් තම පක්ෂය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරයි. විශ්මයට කරුණ නම් සමාජ මාධ්‍ය වල විරුද්ධ මත දරන්නන් සමඟ සංවාද වෙනුවට කෲර ලෙස අපහාස අවලාද නගන්නේ සමාජයේ උගත් කියාගන්නා පිරිස්මය. උගත්කම බුද්ධිය නොමැත්තන්ට වඳුරට දැලි පිහිය ලද්දාසේ වී ඇත.

චන්දය නිම වී බලය ලැබුණ පසු කෙටි කලකදී විදුලි බිල 1/3න් මිල අඩු කිරීමටත් සේවකයන්ට මාස හහෙන් හයට වැටුප් වැඩිවීමක බලාපොරොත්තුවක් ඇති කලද දැන් එවැන්නක් කී බවද ප්‍රතික්ෂේප කරන විජිත හේරත් ඉදිරියේදී වැටුප් වැඩිවීම ගැන සලකා බලන බව පමණක් පවසයි. එයට රජයේ සේවක විරෝධය ඇතිවීමත් සමඟ විජිතගේ ප්‍රකාශය අනුර ජනපති විසින් ඉදිරි මහ මැතිවරණයේ චන්ද අඩු වීමේ අවදානම නිසාදෝ එය අනාගතයේ වැඩි කරන බව පවසන්නේ කුමන ප්‍රතිශතයකින්ද යන්න සඟවයි. අද වැට් බද්ද අඩු කරන පොරොන්දුවද යට ගොස් ඇත. බලය ලැබීමට පෙර ඉන්ධන මිල රුපියල් 100යට අඩුවෙන් දිය හැකි බව සංඛ්‍යා දත්ත සමඟින් පැවසූ අනුරකුමාර මන්ත්‍රීවරයා ජනාධිපති වීමෙන් පසු මෑතකදී ඉන්ධන මිල අඩු කලේ පුපිරි වාහන හිමියන් සඳහා පමණි. 

එවකට සිටි ඇමතිවරයෙකුට ඉන්ධන ලීටරයකින් රුපියල් 160ක කොමිස් මුදලක් ලැබෙන බවත් පවසා බලය ලබාගත් පසු රුපියල් 20කින් පමණක් මිල අඩු කිරීමෙන් ඉතිරි කොමිස් මුදල වන රු. 140 දැන් යන්නේ කාටදැයි සඟවා රජය තවමත් මුණිවත රකියි. බිත්තර මිලෙහි වෙනසට පිළිතුරද එසේම විය. වෙළඳපල භාණ්ඩ මිළ උච්චාවචයනවීම පාලනය කිරීම එතරම් පහසු දෙයක් නොවුනද එදා වෙළඳපල භාණ්ඩ මිළ වැඩිවීම තම දේශපාලන වාසි ගැනීමට අවියක් කරගත් නිසා අනුර ජනාධිපතිට අද එය පාරාවලල්ලක් වී ඇත. 

මේ ඉතිහාසගත සිදුවීම් සියල්ල ජනතාව ගොනාට ඇන්ද වීමක් ලෙස සිතිය හැක. මෙවැනි දෑවැන්ත මුසාවන් තුලින් ජනතාව රවටා බලය ගත්තද රටක් සංවර්ධනය කරමින් යහපාලනයක් ගෙනයාමට ඔවුනට හැකි වේද? බොරුවෙන් රටේ බලය ලබා ගත්තද සැමදා බොරුවෙන් රට පාලනය කල නොහැකි බව බලය ලබාගත් පසු දැඩි බල තන්හාව නිසාවෙන් තවම නොපෙනේ.

ජවිපෙ අතීතය දෙස බලන කල ඔවුන්ට ඇත්තේ බොරුව, ප්‍රචණ්ඩත්වය, වැඩ වර්ජන, පවතින රජයන් අස්ථාවර කිරීම සහ කඩාකප්පල් කිරීම්ය. බලය ලබා ගැනීම සඳහා ඔවුන් වසර ගණනාවක් මෙම දේශපාලන ප්‍රවාහය  ඉතා සූක්ෂම ලෙස විවිධාකාර වූ සංකල්ප  නිර්මාණය කර  වරින් වර ජනතාව අතරට එය කාවදීමට සැලැස්වීය. එයට සාපේක්ෂව ඉතා ශක්තිමත්ව ඔවුන් සමාජ මාධ්‍ය ජාලා හැසිරවීම ජවිපෙ තුල දක්නට ලැබුණි. 

එහිදී එක් සංකල්පයක් ජනගත කළේ ඊළඟ පියවරට අදාළ නොවන වෙනස් සංකල්පයක් ජනතාව අතරට මුදා හැරීමෙනි. මෙවැනි සංකල්ප විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ ජනතාව අතර බෙදා හැරීම නිසා ලාංකික ඡන්දදායකයෝ යම්තාක් දුරකට මේවා විශ්ලේෂණයකින් තොරව පිළිගනු ලැබීය. 

එයට ප්‍රධාන හේතුව එදා සිටම ශ්‍රී ලංකාවේ ජනතාව සංවේදී මෙන්ම ආවේගශීලී හිතක් සහිත බුද්ධියෙන් කටයුතු නොකරන ජනතාවක් වීමයි. 

උගතුන් පාර්ලිමේන්තු යවමු සංකල්පය ඃ නිදසුනක් ලෙස මුලින්ම උගතුන් පාර්ලිමේන්තු යවමු සංකල්පය ජන ගත කළේ ජනතා විමුක්ති පෙරමුණු නියෝජනය කරන තිදෙනාම උපාධිධාරින් වීම නිසා විය හැකිය. නමුත් පාර්ලිමේන්තුවේ සිටි ප්‍රබල දේශපාලකයන් දශක ගණන් පාර්ලිමේන්තුවේ සිට රටට කල ආර්ථික, සමාජයීය, සංස්කෘතික, ආගමික අපරාධයන් ඔවුන්ට වඩා වැඩි උගතුන් විසින් සිදු කල බව සූක්ෂමව සඟවා එය ජනතාවට ඒත්තු ගැන්වීම නම් අගය කල යුතුය. 

දෙසිය විසි පහම එපා ඃ පසුව ඔවුන් ඒ සංකල්පය අතරට දෙසිය විසි පහම එපා සංකල්පයක් වැපිරීය. එයද ජනතාව අතර අතිශය ප්‍රචලිත විය. නමුත් එම දෙසිය විසිපහ තුළින් අනුරගේ බූරු කූට්ටමේ උදාහරණයෙන් තමන්ද සිටින බව සමහර කොටස් පෙන්වාදීම නිසා එයද හකුලා ගැනුණි.

 තරුණයන් පාර්ලිමේන්තු නියෝජනයක් කිරීම ඃ නමුත් එම දෙසිය විසිපහ තුළින් තමන්ද සිටින බව සමහර කොටස් පෙන්වාදීම නිසා එයට අමතරව තරුණයන් පාර්ලිමේන්තු නියෝජනයක් කිරීම අවශ්‍ය බව ජනගත කිරීය. බුද්ධිහීන සංවේදී චන්දදායකයෝ එයද වැළඳගත් අතර අවබෝධයකින් තොරව රටේ මල ගෙදර, මඟුල් ගෙදර, කඩ පිලේ, බස් රථයේ දුම්රියේදී නිතර එය ඇසීමෙන් එය එසේ විය යුතුයයි අදහස ජනතාව විසින් පිලිගැනුනි. ලෝක දේශපාලනය ගැන අවබෝධයක් නැති දූපත් මානසිකත්වය ඇත්තවුන් ඇමරිකා ජනපති ජෝ බයිඩන්, රුසියන් ජනපති පුටින්, ඉන්දීය අගමැති මෝදි, ඉශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ආදී ලොව පාලනය කරන බලවතුන්ගේ වයස් පිළිබඳ නොදන්නාකම හෝ ඒ ගැන කතා කිරීම තම මතයට හානියක් නිසා නිහඬ වීද?

මෙම සංකල්ප ජනතාව අතරට ප්‍රචලිත කිරීම ටික කලක් ගතවූ නිසා ජවිපෙ දේශපාලන පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජිතයන්ද කොන්ඩය ඩයි කොට ක`ඵ කලද තම වයස පනස්පහ ඉක්මවූ පිරිසක් බවට පත් වී තිබුණි. 

මෙම තර්කයට සමගාමීව විරුද්ධ පක්ෂ ජවිපෙ නායකයන්ට ඉංග්‍රීසි කතා කිරීමට නොහැකි වීම රාජ්‍ය පාලනයට බාධාවක් ලෙස පෙන්වා දුනි. එයට රටේ පක්ෂ විපක්ෂ දේශපාලන විශ්ලේෂකයින් රුසියාවේ වැඩ්මියර් පුටින් ජනාධිපතිවරයා ඇතු`ඵ ප්‍රංශ, චීන, ජර්මන් රාජ්‍ය නායකයනුත් ඉංග්‍රීසි භාෂාව නැතුව ලොව බලවතුන් ලෙස වැජඹෙන්නේ කෙසේදැයි පෙරලා ප්‍රශ්න නොකරේ මන්දැයි ප්‍රෙහෙළිකාවකි.

වසර 78ක් රට පාලනය කළ අය රටේ ආර්ථිකය විනාශ කිරීම ඃ ඒ නිසා ඊට සමගාමීව මන්ත්‍රයක් මෙන් නව සංකල්පයක් ලෙසින් වසර 78ක් රට පාලනය කළ අය රටේ ආර්ථිකය විනාශ කර බවට ජනතාවට ඒ තුළින් වීමට උත්සාහ දැරිය. එය දැනටත් සාර්ථකව ජනතාව අතර පවතින මිත්‍යාවකි. ශ්‍රී ලංකාවේ රුපියල සහ ඇමරිකන් ඩොලරය 1950 දී රුපියල් 4.76 ක් සහ 1977 අවුරුදු 27 යනතෙක්ම රු 8.87 ක පැවතී ඇත. එය 1977 විවෘත ආර්ථිකයේ බලපෑම මත වේගයෙන් 1990 දී 40.06ක්ද 2018 දී 160.55 ක් ලෙසද මේ වන විට රුපියල් 290 ඉක්මවා ඇත. ඒ අනුව 1977න් පසු රට කරවුන්ගේ පාපයට පෙර රට පාලනය කලඋන්ද පටලවා වත්මන් දේශපාලකයන් වගකීම බෙදාහදා ගෙන ඇත. එයට හේතුව වත්මන් නිල්, කොල, රතු පක්ෂ විපක්ෂ  වල දේශපාලකයන් මෙම පසුගිය වසර 47 තුල වැඩිකලක් පාර්ලිමේන්තුවේ සිටිමින් හවුලේ රට ආගාධයට දැමූ නිසාය.

මෙයට කදිම උදාහරණයක් නම් විවෘත ආර්ථිකය මුදල් කියන සාධකය හඹා යෑමක් මිස අධ්‍යාපනය, සංස්කෘතිය, ඉතිහාසය, සදාචාරය පිළිබඳ එතරම් තැකීමක් නැත. මේ නිසා විදේශ රාජ්‍යයන්ගේ උපදෙස් මත රටේ පැවති නිදහස් අධ්‍යාපනය වළදැමීම සහ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සඳහා විවිධ කොන්දේසි මත ණය ආධාර, ශිෂ්‍යත්ව සපයමින් ඇමතිවරුන්ට, පරිපාලන සේවයට වරප්‍රසාද හරහා පවතින රජයන්ට විවිධ බලපෑම් එල්ල කලහ. එයට අවනත වන රජයන්  සහ රජයේ අධ්‍යාපනඥයින්  අධ්‍යාපනය පෞද්ගලික අංශයට ඇතු`ඵ වීමට කෙමින් කෙමින් ඉඩ අවස්ථාව දෙන විට ශිෂ්‍ය සංගම් මුවාවෙන් සිටින දේශපාලන සංවිධාන ඉගෙනීමට දක්ෂ ලමයින්ට නිදහස් අධ්‍යාපනයෙන් නොමිළේ ලැබෙන අධ්‍යාපනය ලබා ගැනීමට ඉඩ නොදී ඔවුන් පාරට බස්සවා උද්ඝෝෂන කරමින් ආරක්ෂක අංශ සමඟින් ගැටුම් ඇතිකොට ඉගෙනීමට ඇති කාලය තම පටු දේශපාලන වාසි සඳහා යොමුකොට වසර හතරකින් අවසන් වන උපාධිය වසර පහක් හයක් දක්වා කල් ඇද ඔවුන්ගේ තාරුණ්‍යයත් රටේ අනාගතයත් විනාශ මුඛයට දක්කයි. සමහර සිසුන් මිය යාම් සහ ආබාධිත තත්වයන්ට පත් වූ අවස්ථාද ඇත. 

නමුත් පෞද්ගලික උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයින් නිසි කලදී ඔවුන්ගේ ඉලක්ක වෙත ගමන් කරන අතර රජයෙන් නොමිළයේ ලැබෙන අධ්‍යාපනය ලබන්නන් රජයේ රැකියාවකටම සීමා වන තත්වයකට පත්ව ඇත. එසේම අධ්‍යාපනය ලබන කාලයේ දේශපාලනික කටයුතු වලට ප්‍රචන්ඩ කටයුතු වලට සහභාගි වීම නිසා බහුතරයක් සිසුන් විනයෙන් පිරිහුණ සමාජයට වෛර කරන දේශපාලන අතකො`ඵ බවට පසුකාලීනව පත්වේ. අද අකාර්යක්ෂම රජයේ සේවයට බලපාන එක හේතුවද එයයි. කාලයක් තුල සිදුවන දිගින් දිගටම නවකවද, වර්ජන සිදුවීම නිසා දුප්පත් දෙමාපියන්ද තම සන්තකයේ ඇති දෑ විකුණා හෝ ණය වී තම දරුවා රජයේ විශ්ව විද්‍යාල වලට නොයවා පෞද්ගලික උසස් අධ්‍යාපනය සඳහා යොමු කිරීමට අභිප්‍රේරණයක්, වර්ධනයක්  පෙනෙන්නට ඇත. 


මෙයින් පෙනෙනුයේ පක්ෂ විපක්ෂ බහුතර දේශපාලන පක්ෂ වල සැඟවුන න්‍යාය පත්‍රය නම් දැනටමත් අභාවයට යමින් බවතින සී. ඩබ්. ඩබ්. කන්නන්ගර නිදහස් අධ්‍යාපනය අනාගතයේදී සම්පූර්ණයෙන්ම වලදා දැමීමයි. 

එදා රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව 1988 දී අරගල කල නිසාවෙන් වෛද්‍ය ශිෂ්‍ය පද්මසිරි ත්‍රීමා විතාරණ එවක සිටි පාලකයන් කුරිරු වද හිංදා කොට මරා දැමුවද අද ඒ තුලින් බලයට පැමිණි වර්තමාන විප්ලවවාදීන්ට ඒ ගැන මතකයක් නැති සේම පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් ජවිපෙ නායකයන්ගෙ දරුවන් උපාධිය සමත් වන විටවත් වර්තමානයේ පටු දේශපාලනය වෙනුවෙන් කඩේ යන පක්ෂ සාමාජිකයන්ට ඒකෙ වගක් නැත්තේ ඒ මිය ගියේ තමන්ගේ දරුවා නොවන නිසාද? 

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු සයිටම් ප්‍රශ්නයද එසේමය. පෞද්ගලික රෝහලක් රජයේ යයි පවසමින් එයට මූල්‍ය පහසුකම් සැපයූ රාජිත සේනාරත්න තවම නිදැල්ලේය. අවම වශයෙන් ප්‍රශ්නය නීති අංශ වලින් ප්‍රශ්න කිරීමක්වත් නැත. 

    අද ජනාධිපතිවරණය දිනූ සැණින් උන්මාදයට පත්ව මහ මැතිවරණය මුඛයේ වෘත්තීය සමිති අහෝසි කරන බවට කැස්බෑව ජවිපෙ අපේක්ෂකයාගේ ප්‍රකාශය බළලා මල්ලෙන් එලියට පැන්නා කල් වැඩිවීමක් සහ ජාතික ජන බලවේගයේ ජයග්‍රාහී අපේක්ෂාවන් බොහෝ දුරට අඩු වීමට හේතු විය හැක. ජයග්‍රහණයේ උද්දාමයෙන් ලාල්කාන්ත, හඳුන්නෙත්ති, මහින්ද ජයසිංහ, නාමල් කරුණාරත්න වැන්නන් සමාජ මාධ්‍ය තුල කරන ප්‍රකාශ ජාතික ජන බලවේගයේ බිම් මට්ටමේ සාමාජිකයන් කිසිදු ලාබ ප්‍රයෝජනයක් නොතකා අව්වේ වැස්සේ දුක් විදිමින් දින ගණන් රැස් කරන චන්දය එක මොහෙතෙකින් සුන්නත්දූලි කරණ බව එම පක්ෂයේ දෑවැන්තයන්ටත් බිම්මට්ටමේ පාක්ෂිකයන්ටත් නොතේරීම පුදුමයකි.

    තවද 71 සහ 88, 89 අතීත සිදු වීමක් නිසා ඒ ගැන කතා කිරීම ඵලක් නොමැති බව සඳහන් කරන ගමන් 2019 පාස්කු ප්‍රහාරය සහ 2015 බැඳුම්කර වංචාව ගැන සොයා බැලිය යුතුය කීම විහි`ඵවකි. කාලයත් සමඟ එයද අතීත සිදුවීමක් නිසා ඉදිරියේදී එයද අමතක කිරීමට හෝ සුපුරුදු කොමිෂන් පත් කොට තමන්ගේ හිතෛෂීන්ට තනතුරු ආදායම් ලබා දී කාලයත් සමඟ එය ජනතාවගෙන් මතකයෙන් මැකී යාමට ඉඩ සැලැස්විය හැක. නැවත මැතිවරණයක් අබියසදී මේවාට නැවත පන දීමට කටයුතු කිරීමටද ඉඩ අවස්ථා ඇත. හෙල්පින් හම්බන්තොට දැන් අතුරුදහන්ය. තාජුඩීන් ගැන වගක්වත් නැත. නමුත් රජයේ නීති අංශවල තොරතුරු හොරෙන් පන්නා රංජන්ට සැපයූ, රංජන්ගේ කුස්සියෙ වලං පිඟන් හෝදන්න උනත් එන්නම් කී කීර්තිමත් රාජ්‍ය නිළධාරියෙක් කියා ගන්නා ශානි අබේසේකර යන අය අධ්‍යක්ෂවරයෙකු ලෙස නැවත පත් කිරීම හා පාස්කු ප්‍රහාරය ගැන ඇඟිල්ල දිගු වී ඇති තවත් නිලධාරියෙකුට රටේ ආරක්ෂාවට අදාල අංශයකම රැකියාවට අනුයුක්ත කිරීම අනුර ජනපතිගේ ප්‍රථම රාජකාරිය වීම සැක සහිතය. 

    හොරු ඇල්ලීමට කියා මජර දේශපාලන රංගනයක යෙදුන වන් ෂොට් න`ඵවා අද ාජත්‍යන්තර මුදල් විශුද්ධිකරණ ව්‍යාපාරිකයකුගේ කෝටි ගණනක මුදලක් වියපැහැදම් කර දේශපාලන ඉත්තකුසේ ප්‍රසිද්ධියට පත්ව ඇතිබවට ආරංචියත් සමඟ ඔහුගේම වචනයෙන් කියතොත් හොරු අල්ලන්න ගිහිං හොරාට අහුවුන කෙනෙකු වී ඇත.

    මේ අතර 2019 පාස්කු ප්‍රහාරය නිසා ගෝඨාභය බලයට ගෙන ඒමටත් ඔහුව නැවත පන්නා දැමීමටත්  මෙවර අනුරකුමාර බලයට ගෙන ඒමටත් කාදිනල්වරයා පල්ලිය හරහා සූක්ෂම කාර්යභාර්යයක් සිදු කිරීය. තවමත් පාස්කු ප්‍රහාරයේදී මියගිය, ආබාධිත වූ, තවමත් වන්දි නොලබා රෝගී තත්වයේ ප්‍රථිකාර අවශ්‍ය අසරණයන් ඉදිරියට දේශපාලකයන් ගෙන්වා කාදිනල්තුමා කතෝලික ජනතාව තම දේශපාලනික ඉත්තන් බවට හසුරවනු දක්නට ඇත. 

    පසුගිය දශකයේ ජවිපෙ ප්‍රචාරණය සඳහා ප්‍රේමදාසලා, රාජපක්ෂලා මෙන් වැඩියෙන් වියපැහැදම් කිරීමට, සමාජ මාධ්‍ය උපරිමයෙන් භාවිතා කරමින් තොරතුරු සන්නිවේදනය, ප්‍රචාරණය, මඩ ප්‍රචාර, අභිප්‍රේරණ ප්‍රචාර දිගින් දිගටම සිදු කරන ලදී. එහි වැරැද්දක් කිව නොහැක්කේ ලංකාවේ බහුතර මෝඩ චන්දදායනයන්ගේ චන්දය දිනීමට නම් බොරුව, විරුද්ධ පක්ෂ වලට අපහාස කිරීම්, මුදල් කාබාසිනී සංදර්ශන අත්‍යවශ්‍ය වන නිසාය. එදා අනුර නයි ටී එන් කියා හාස්‍යයට ලක් කල රූපවාහිනී නාලිකාව අද ඔහු විසින්ම ඒ අයුරින් පවත්වා ගෙන යාම සිස්ටම් එක චේන්ජ් නොවුන බවට හොඳ උදාහරණයකි.

පෙර රජයයන් ජනමාධ්‍ය සමඟ ජනතාවට දුන් නරක පූර්වාදර්ශත්, පෙර පැවති දේශපාලන පක්ෂ දිගින් දිගටම ජනතාව රැවටීම නිසා තිබූ ජනතා කලකිරීම වෛරයක් බවට පත්කර එම වෛරය තම ඡන්දයක් බවට පරිවර්තනය කර ජනාධිපතිවරණය ජය ගැනීමට ජාතික ජන බලවේගය (ජනතා විමුක්ති පෙරමුණ) උපායශීලීව දක්ෂ විය. මේ ලාංකික දේශපාලනයේ දශක පහක ජනතා ආදර්ශයයි.

දැන් ඉදිරියට ඇත්තේ මහ මැතිවරණයයි. එය තීරණාත්මක වන්නේ අනෙකුත් පරාජිත දේශපාලන පක්ෂ වලට නොව වසර 47ක් පමණ ඉච්ඡාභංගත්වයටපත් ලාංකික ජනතාව  බලාපොරොත්තු සහගතව බලා සිටින අත්දැකීම් රහිත කු`ඵඳුල් ජාතික ජන බලවේගයටයි. එම මහ මැතිවරණයේදී අවම වශයෙන් බහුතරය ගැනීමට නොහැකි වුනොත් විරුද්ධ පක්ෂ ඉදිරියේ බාල්දු වීමට සිදුවන නිසාය. ජනාධිපතිවරණයට අනුව ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් හිමි කරගැනීමට නොහැකි බවට රතු එලියක්ද ජනතාව විසින් දල්වා ඇත. ඇල්පිටිය චන්දයද එතරම් ජවිපෙට හිතකර බවක් පෙනෙන්නට නැත. එසේම බලය පිළිබඳ සිහිනයක්ව තිබියදී ජවිපෙ නායක අනුරකුමාර විසින් ප්‍රකාශ කරනු ලැබූ කිසිදු පක්ෂයකට බහුතර බලය දුන්නොත් ඒ පාලකයන් ඒකාධිපති වන නිසා එම බලය නොදෙන ලෙස එකල ජනතාවගෙන් කල ඉල්ලීමද නැවත විරුද්ධ පාක්ෂිකයන් විසින් සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරමින් සිටී. මේ අනුව 2014 මහ මැතිවරණයෙන් ජාතික ජනබලවේගයට දිනාගත හැකි ආසන සංඛ්‍යාව 100ට පමණ අඩුවන බව පෙනී යයි. එසේ වුවහොත් දේශපාලනඥයන්ගේ අඬවැඩියාවන් වසර හතරක් පුරාවට ජනතාවට සවන් දීමට සිදුවනු ඇත.

තවද ජනාධිපතිවරණය නිමවී මාසයක් වැනි කාලයක් ගෙවී ගියද පසුගිය රජයන්ගේ වැරදි, දෝෂ, වංචා, වාහන සංදර්ශන, අත්අඩංගුවට ගැනීම් අවැසි උවත් එයින් ජනතාවගෙන් සු`ඵතර කොටසක් සතුටට පත්වුවත්, ඒ සමගම රට වැටී තිබෙන දෑවැන්ත ආර්ථික අර්බූදයට විසඳුම් සඳහා ක්‍රමවේදය ජනතාවට නොපෙන්වීම සහ සුපුරුදු සාම්ප්‍රදායික දේශපාලන මඩ විවේචනයම කරගෙනයාම නිසා චන්දදායකයන් කිසියම් දෙගිඩියාවකින්ද, විකල්පයන්ද නොමැතිව ඉච්ඡාභංගව සිටින බව පෙනේ. යම් අවස්ථාවල ආණ්ඩු පක්ෂයේ ප්‍රකාශයන්ට තවමත් විපක්ෂයේ  සිටින බව සිතා කතා කරුනු පෙනේ.

එසේම රටක ප්‍රායෝගික දේශපාලනය පිළිබඳ අත්දැකීම් නැති බහුතරය සහ සැමදා විරෝධතා, උද්ඝෝෂන, කඩාකප්ල්කාරී ක්‍රියා සඳහා පමණක් පලපුරුදු කයිවාරුකාරයන් සමඟ අනුර කුමාර ජනාධිපතිවරයා රට පාලනය කරන්නේ කෙසේද?

    මෙවන් සංකීර්ණ අවස්ථාවක රට බාරගත් අනුරකුමාර ජනාධිපතිවරයාගේ පෞද්ගලික ගමන්මග නිරීක්ෂණය කිරීමේදී පක්ෂයක් කණ්ඩායමක් වශයෙන් නොව පුද්ගලයෙකු වශයෙන්ගත් කල චණ්ඩ සුලි කුණාටු සහිත ප්‍රචණ්ඩ සයුරක රුවල් නෞකාව ඇතුලතත් කලහකාරීන් සිටියදී සූක්ෂමව නෞකාව තම ඉලක්කයට ගෙනයාමට වෙරදරණ කපිතාන්වරයෙකුට සමාන කල හැක. එම අරමුණට යාමේදී ඔහු චන්දයක් දිනීමට චන්දදායකයා දිනා ගැනීම සඳහා හඳුනාගත් සුවිශේෂ කරුණ නම් අනෙකුත් බලයේ සිටි සිංහල දමිළ මුස්ලිම් දේශපාලකයන් පූජකයින්ගේද සහය ඇතිව වසර ගණනාවක් ජාතිවාදය, ආගම්වාදය පතුරවමින් රටේ ජනතාව නොමඟ යැවීම වෙනුවට බලවත් දේශපාලකයන්ගේ ඇති සහ නැති වැරදි මවා හෝ ගොබෙල්ස් න්‍යායට අනුව ජනතාවට ඒත්තු ගැන්වෙන ආකාරයට කතා කිරීමයි. රට පාලනය කල එවුන් ගැන දශක ගණනාවක සිට බුරබුරා නැගුන ජනතා කලකිරීම  විරෝධය සමඟ එයින් උපරිම ඵල නෙලා ගැනීමට ජවිපෙ නායකයා සමත් විය. ඔහු මුලින්ම ජනතාව අතර නම කියූ පමණින් භීතිය අප්‍රසන්න අතීතයක් ඇති ජනතා විමුක්ති පෙරමුණ යන නාමය ජාතික ජන බලවේගය ලෙස කිරීමට කටයුතු කළේය. එය මෙවර ජයග්‍රහණයේ හැරවුම් ලක්ෂය විය. එසේම අනුරකුමාර චරිතය කිසිවිටකත් ආයුධ සන්නද්ධ අරගල වලට කැමැත්තක් නොදක්වන්නෙක් බවට ජනතාවට ඒත්තු ගන්වා ඇත. එය ගෝල්ෆේස් අරගලයේ උච්චතම අවස්ථාවේ හඳුන්නෙත්ති සහ ලාල්කාන්ත පාර්ලිමේන්තුව අසල සිට පාර්ලිමේන්තුව ගිණි තැබීමට ගෝල්ෆේස් අරගලකරුවන්ට මාධ්‍ය හරහා ඒකරාශී කිරීමටගත් උත්සාහයේදී පක්ෂ නායකයකු ලෙස එයට සහයෝගය නොදීම නිසා රටට වීමට ගිය මහා විනාශයක් වැලකුණි. එදා එසේ වූවානම් අද ඔහුට ජනාධිපතිවරයා ලෙස පත්වීමටද අවස්ථාව අහිමි වන්නට තිබුණි. එය අනුරකුමාර චරිතයේ සුවිශේෂ ලක්ෂනයකි.

මේ සමඟම ජනාධිපතිවරණය දිනීම සඳහා රටට බරක් වූ මිලියන 1.6 පමණ චන්දය හිමි රාජ්‍ය සේවකයන්ටද පඩි වැඩිකිරීමේ කැරට් අලයක්ද පෙන්වීමද ඔහුට ඉතා වාසි සහගත විය. (බලය ලබා ගැනීමට නම් ලංකාවේ මිත්‍යාව වැපිරීම හැර  වෙනයම් ක්‍රමයක් නැත.) 

කෙසේ හෝ දැන් ජනාධිපති අනුරකුමාර දිසානායක සහෝදරයාය. එය රටේ සම්පත් විනාශ කරමින් ජනතා දේපල මංකොල්ල කමින් ෆැන්ටසියක සිටි ප්‍රධාන ශ්‍රී.ල.නි.ප., එ.ජා.ප. ජ.වි.පෙ., හෙළ උරුමය, ද්‍රවිඩ, මුස්ලිම් පක්ෂ සහ ඉන් වෙන්වී සිටි දේශපාලන අඳබාලයන්ට නොසිතූ මරු පහරක් විය. මෙම දේශපාලන පරිවර්තනයත් සමඟ ප්‍රධාන දේශපාලන දහරාවේ ප්‍රබලයින් මහමැතිවරණයට ඉදිරිපත්වීමත් නැවතුනි. ඉන් උද්ධාමයටපත් ලාමක ජාතික ජන බලවේගයේ දේශපාලකයන් සහ පාක්ෂිකයන් එය රට සහ ජාතික ජන බලවේගය ලද ජයග්‍රහණයක් ලෙස නන් දොඩවමින් ප්‍රීති ඝෝෂා නගනු සමාජ මාධ්‍ය වල තවමත් දක්නට ඇත. මෙය වැරදුන පැරදුන දේශපාලකයන්ගේ තාවකාලික පසුබැසීම දේශපාලන උප්පරවැට්ටියක් නැත්නම් ටෝජන් අශ්වයකු බව තේරුම් නොයන්නේ දැඩි ජයග්‍රාහී උන්මාදනීය තත්වය නිසා විය හැක. 

    කෙසේ වෙතත් ජනාධිපතිකමත් සමඟ කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීම පවතින රජයකට වාසි සහගත බව ඉතිහාසයේ මූලාශ්‍ර වලින් දැකගත හැක. නමුත් මාසයක් වැනි කෙටි කාලයක් මහ මැතිවරණය අවසන් වනතෙක්වත් කට පරිස්සම් කර ගන්නට ජාතික ජන බලවේගයේ විජිත හේරත් (රජයේ සේවක වැටුප් වැඩි කිරීම සම්බන්ධව), හරිනි අමරසූරිය ( ආරක්ෂක රථ ආරක්ෂාව අඩු කිරීමට නොහැකි බව), ලාල්කාන්ත (ශ්‍රී ලංකා පොලීසියට තර්ජනය කිරීම),  ටිල්වින් ( උගණ්ඩා මුදලක් ගැන නොකී බව) හඳුන්නෙත්ති (අයි එම් එෆ් ණය නොගෙවන බව) වැනි පක්ෂයේ ප්‍රබලයන්ට නොහැකි වීම අනුරකුමාරගේ ජනාධිපතිකම පවත්වාගෙන යාමට නොහැකි ආකාරයට මෙවර මහ මැතිවරණය හැසිරෙනු ඇතැයි පෙනේ. 

මේ නිසාදෝ අනුර ජනාධිපතිවරයා රජයේ සේවකයන්ට වැටුප් වැඩි කිරීමක් අය-වැයෙන් සිදු කිරීමට බලාපොරොත්තු වන බව නැවත අවධාරණය කිරීය. කෙසේ වෙතත් විදේශ ගමන් බලපත්‍ර පෝලිම නැති කිරීමට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම මසකට නවතා දැමීම (ඔන්ලයින් ක්‍රමය පමණක් ක්‍රියාත්මක කිරීම) වැනි බාලාංශ තීරණ ක්‍රියාත්මක කිරීම නිසා විදෙස් රැකියාවන් සඳහා බලාපොරොත්තු අහිමි වූවන් සහ එම පවුල් වල ලක්ෂ සංඛ්‍යාත චන්දය ජාතික ජන බලවේගයට අහිමිවීම අනුරකුමාර ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායකයේ බල රහිත රූකඩයක් වනු නොඅනුමානය.

    පසුකාලීනව වත්මන් ජනාධිපතිවරයාට අත්දැකීම්  පළපුරුද්ද රහිත සු`ඵ මන්ත්‍රී සංඛ්‍යාවක් සමඟින් කටයුතු කිරීමට අපහසු වනවිට එයින් ලැබෙන වාසියනම් ජනතාව ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් ලබා නොදීම නිසා ජනතාවට බලාපොරොත්තු වූ සේවාවන් කිරීමට නොහැකි බවත් විරුද්ධ පක්ෂයන්ට සහ රටේ ජනතාවට දොස් අවලාද නගා ඇඟ බේරා ගැනීමට හැකි වීමය.

අනුරකුමාර ජනාධිපතිවරයාට චන්දය දුන් අතලොස්සක් හැර බොහෝ පිරිසකගේ අභිප්‍රාය වූයේ ජනතා බදු මුදලින් රජයේ ආදායම් අයථා ලෙස පරිහරණය කල අයට නිසි දඬුවම් ලබාදීම සඳහාය. එදා ජනතාවට අවශ්‍ය වූයේ විරුද්ධ දේශපාලකයන්ගෙන් පෞද්ගලික පලිගැනීම් නොව මිලියන ගණන් ජනතා බදු මුදල් වංචා කල, රාජ්‍ය දේපල අවභාවිතා කල අයගෙන් ඒවා අයකර ගැනීම සහ ඒවාට දඬුවම් දීමයි. නමුත් සිදුවූයේ රජයේ වනාන්තර හෙක්ටයාර් ගණනින් දෑවැන්ත වන විනාශ කල රිශාඩ් බදුයුදීන්, ජවිපෙ පෙර කියූ පරිදි මිලියන ගණනින් බදු නොගෙවූවා යයි ඔවුන් කියපු ධම්මික පෙරේරලා (සත්‍යය නොදනී) වෙනුවට වාහන නීති විරෝධි වාහන එකලස්කිරීමකට සම්බන්ධව දේශපාලකයන් දෙදෙනෙක් මහා මාධ්‍ය සංදර්ශනයකින් අත්අඩංගුවට ගැනීමයි. එයින් රටට අහිමු වූවාට වඩා නිදහසේ ඉන්නා වූ අපරාධකරුවන්ගෙන් රටට අයකර ගතහැකි වත්කම අනුව මේ කර ඇත්තේ ජනතාවට අපහාසයක් සහ  විහි`ඵවකි. 

    මෙම මහා පරිමාන වංචා දූෂණ පිළිබඳව ඉදිරියේදී කටයුතු කරන බවට මෙම රජය වහසිබස් දෙඩුවද බලයට පත්ව මේ කෙටි කාලය තුල රජයේ හැසිරීමට අනුව පෙර රජයයන් කලාසේම 2024 මහ මැතිවරණයෙන් බලය ලැබන පසු නැවත මැතිවරණයක් ආසන්නයට එනතෙක් ඉතිහාසයේ මෙන් සියල්ල යටපත් කරනු ඇත.

රුපියල් බිලියන හතරකට වැඩි ජනතාවට සහන සැලසීමට තිබූ බදු වංචා කල ඇලෝෂියස්ට දේපළ රාජසන්තක වීමක් නැතිව මාස 6ක සු`ඵ සිර දඬුවමක් ..... රුපියල් ලක්ෂෙට දෙකක් වංචා කර වසර ගනන් සිර දඬුවම් විඳින මිනිසුන් ඇති රටක බිලියන හතරකට වැඩි ගණනකට මාස 6ක් සිර දඬුවමක් වෙනවිට නීතිපතිට නඩුව ගොනු කිරීමේදී අදාළ නීති අංශ යම් පටලැවිල්ලක් වී ඇත්ද?  

මා හොඳට දන්නා පරිදි මෙන්න මේ රටේ දියුණුවට පිළිලයක්වූ රාජ්‍ය සේවය වෙනස් කරන්න ගිය දාට ජනාධිපති අනුරකුමාර දිසානායක සහෝදරයාට රාජ්‍ය සේවකයන් විසින් රාජ්‍ය සේවය කඩාකල්පල් කරන විට, රනිල්ට ගෝඨාභයට මෙන් වැරදි තොරතුරු දත්ත සපයා රාජ්‍ය යාන්ත්‍රනය අඩාල කොට ජනතාව අපහසුතාවයන්ට පත්කිරීම තුළ ගෝඨාභයට සිදුවූ සේ ඔහුට තඹුත්තේගමින් වත් නතර වීමට බැරි වීමට ඉඩ ඇත. එසේම රටේ බදු මුදලින් ගත්තාවූ වැටුපට වරප්‍රසාද වලට සාධාරණයක් ඉටු නොකර විශ්‍රාම ගියපසු අවලංගු කාසියක් බවට පත්වුනු වයස්ගත විශ්‍රාමිකයන්ද කලාකරුවන්ද අවසන් මොහොතේ ජයග්‍රහණය පෙනෙන මානයේදී ජාතික ජනබලවේගයට එක් කර ගැනීමෙන් සිදුවන අනර්ථය ගෝඨාභයද වියත්මග ලෙසින් සිදුකරගත් විනාශයට සමාන විය හැක. මොවුන් ජාතික ජන බලවේගය යම් අවදානමකට ලක්වීමට ලකුණු පහල වෙද්දීම බල්ලා මිය යන්නට හදන විට කලින් මැක්කා පැන ගන්න පැරණි කතාව පවතින රජය තරයේ සිහියේ තබා ගත යුතුය. 

අනාගතයේ කුමන ආකාරයේ වෙනසක් ඇති වුවත් මා ලියූ සියල්ල හිත`ඵවක් බවට පත්වී හෝ ශ්‍රී ලංකා භූමිතලයේ වෙසෙන සිය`ඵ ජනතාවට යහපත් සාමකාමී මානසිකත්වයෙන් නිරෝගී දිවි පැවැත්මක් ඇති වේවායි පතමි. රටට ජය `