බණ කියන රටක්....බණ අහන රටක්...යුධ බිමක් උනේ කෙලෙසා.....කියල විශාරද එඞ්වඞ් ජයකොඩි මහතාගේ සින්දුවක් මේ ල`ගදී ගුවන් විදුලියේ ප‍්‍රචාරය වුනා. මේ අතර තරුණයෙක් නාට්‍යයක ටිකට් පොතක් අරගෙන අපේ ගෙදර දොරට තට්ටු කරනවා. සාමාන්‍යයෙන් දිනකට එන මෙවැන්නන් ගණන සාක්කුවට දරා ගන්න බැරි අවස්ථාත් තියෙන නිසාත්, නාට්‍ය බැලීමට උනන්දුවක් නොමැති කම නිසාත් දොර විවෘත කල සැනින් අවශ්‍ය නැති බව පැවසුවත් එම තරුණයා ආධාරයක් වශයෙන් ටිකට් පතක් ගන්න යැයි නැවත ආයාචනය කලේය. එහිදී මා හට ටිකට් පතක් ගැනීමට සිත්වූයේ මගේ අවශ්‍යතාවය නොව මේ හෙම්බත් වී සිටින තරුණයාගේ අවශ්‍යතාවයටය. ඒ නාට්‍ය කරුවන්ගේ ශෝකාන්තය එකල අපේ අසල්වැසියෙකු වූ සුගතපාල සිල්වා ශූරීන් ගෙන් දැක ඇති නිසාමය. මෙසේ ටිකට් පත විකුනා යන තරුණයාට මා නිකමට මෙන් ඔබලාගේ නාට්‍ය වලට රටේ විනාශ වෙමින් යන සාර ධර්ම වලටද දෙබසක් එකතු කරන්න බැරිදැයි ඇසීය. පුදුමයකට මෙන් ඒ හෙම්බත් වී සිටි විඩාබර තරුණයා යන ගමන නතර කොට නැවත හැරී එසේ කලොත් නාට්‍යය දේශපාලන මුහුණුවරක් ගන්නා බවද නමුත් රටේ පවතින වාතාවරණය කනගාටුදායක බවද අපට කල හැකි දෙයක් නැතැයිද ඉතා ශෝකීය හ`ඩකින් තෙපලීය. මේ වචනයත් සම...