ඔක්තෝබර් 01 ජාත්‍යන්තර ළමා හා වැඩිහිටි දිනයයි. එය ලෝකයේ අනෙක් රටවල් හා හරි හරියට සංකේතාත්මකව සැමරීමට අපද සූදානම් වී සිටිමු. දින 365 න් එක් දිනයක මහා උළෙලක වැඩිහිටි ප්‍රභූන් රැසක් මහා ධනස්කන්ධයක් වැය කොට මහා ශ්‍රවණාගරයක දරුවන් අතලොස්සක් රැස්කර පාට තොප්පියකින් වර්ණවත් ටී ෂර්ට් එකක් අන්ඳවා බත් පැකැට්ටුවක රස බලද්දී , රූපවාහිනියෙන් එය සජීවීව විකාශනය කරන්නේ මු ` ඵ ලොවට දැක ගැනීමටය. මේ අතර අසරණ දරුවෝ තවත් දස දහස්ගණනක් හව්හරනක් නොමැතිව ළමා නිවාසයේ රූපවාහිනියෙන් රාජ්‍ය සහ රාජ්‍ය නොවන , ප්‍රභූන්ට පමණක් සුන්දර වූ ඒ දිනය අපේක්ෂාවෙන් තොරව බලාසිටිති. වැඩ සටහන අවසන් වූ දරුවන් බස් රථයෙන් නැවතත් සුපුරුදු නිවාසගත වන අතර , ප්‍රභූන් අභිමානයෙන් යුතුව තවත් උත්සවයක් කරා පරිවාර සේනා සමඟ විරාජමාන වන්නේ එය තවත් එක් දිනයක් පමණක් ලෙස සලකාය. මෙම සිදුවීම පසුගිය සෑම වසරකදී මෙන්ම මෙවරද අනාගතයේදීද එලෙසම සිදු වනු ඇත. මෙවන් සැමරීමක් සිදු කළ පමණින් ළමා හිංසනය රටෙන් තුරන් කළ හැකිද ? එය දරුවන් වෙනුවෙන් සිදු කෙරෙන අපේ යුතුකමද ? ළමා හිංසනයෙන් තොර රටක් වෙනුවෙන් අප රටට නිශ්චිත වැඩ පිළිවෙලක් ඇත්ද ? ළමා හිංසනයට එරෙහිව ...