එය දරුවන් වෙනුවෙන් සිදු කෙරෙන අපේ යුතුකමද?
ළමා හිංසනයෙන් තොර
රටක් වෙනුවෙන් අප රටට නිශ්චිත වැඩ පිළිවෙලක් ඇත්ද?
ළමා හිංසනයට එරෙහිව අදාල ආයතන මඟින් දෑවැන්ත
දැන්වීම් පුවරු, අත් පත්‍රිකා,
සඟරා, පෝසටර් මුද්‍රණය
කිරීමෙන් වාසිය කොමිස් කරුවන්ටද, සැපයුම් කරුවන්ටද, දරුවන්ටද? මෙම දෑවැන්ත ප්‍රචාරක පුවරු වලට බියවී
අපයෝජකයෝ සිල් රැකුමට යාද?
මේ ගැන සාකච්ඡා කිරීමට පෙර ළමා අපයෝජනය සහ
අපචාරය පිළිබඳ සරල නිර්වචනය හඳුනා ගනිමු. එවිට මෙම සැමරීම් හා ඇගයීම් පිටුපස ඇති
දුර්දාන්ත ඛේදවාචකයට සෘජුව සහ වක්‍රව හවුල් වූවන් පිළිබඳව අපට පැහැදිලි චිත්‍රයක්
නිගමනයක් ගත හැකි වනු ඇත.
අපචාර යනු ළමුන් වැරදි (අපගාමී) චර්යාවකට
යොමු කිරීමක් ලෙස අදහස් කෙරේ.
අපයෝජනය යන්නෙන් අදහස් කරනුයේ ළමුන් වැරදි
ක්‍රියාවන් සඳහා යොදා ගැනීමයි.
ඒ අනුව
- දරුවාට පහරදෙමින් වදහිංසා සිදුකිරීම
- තම දරුවා සිඟමනේ යෙදවීම
- මත්ද්‍රව්‍ය සඳහා යොමුකිරීම
- තම දරුවන් ගණිකා වෘත්තියේ යෙදවීම
- දරුවා නොසලකා හැරීම, දෙමාපිය ආදරය සෙනෙහස ලබා නොදීම.
- ලිංගික අපයෝජනයක් සිදුකිරීම.
- පාසල් නොයවා මෙහෙකාර සේවය සඳහා යොමුකිරීම.
- දරුවන් අතහැරදා යාම
- හැකියාව තිබියදීත් පෝෂණය ආරක්ෂාව ලබා නොදීම.
මෙහිදී මෙම අපචාර, අපයෝජන යන ප්‍රකාශයත් සමඟම ලාංකික ජනතාවගේ
සිතට නොදැනුවත්වම ලිංගික අපචාර, ලිංගික
අපයෝජන යන සිතුවිල්ලක්ද එක් වී ඇත. අපචාර
හා අපයෝජන යනු ලිංගිකත්වයම මුල් කර ගෙන සිදුවන්නක් ලෙස සිතන්නට වැඩි දෙනෙකු හුරු
පුරුදුව සිටිති. එහෙයින් නිවැරදි අර්ථ නිරූපනයක්, නිවැරදි ආකල්පයක් ශ්‍රී ලාංකික ජනතාව තුළ
නැති බැවින් ලංකාව තුල අපයෝජන මර්ධනය කිරීමට තරමක් අපහසු වී ඇති බව පෙනීයයි.
මෙම අපචාර, අපයෝජන වැලැක්වීමට, මර්දනය සඳහා සම්බන්ධ
වන ආයතන ලෙස ළමා රක්ෂණ අධිකාරිය, පරිවාස හා ළමා රක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස්
දෙපාර්තමේන්තුව, සමාජසේවා
අමාත්‍යාංශය, දිස්ත‍්‍රික්
ළමා අයිතිවාසිකම් කමිටුව, මානව හිමිකම්
කොමිසමද, ඊට අනුයුක්තව
ප්‍රාදේශීය ලේකම් කාර්යාල, රාජ්‍ය නොවන
සංවිධාන වැනි ආයතන ප්‍රධාන තැනක් උසුලයි. මෙවන් ආයතන වලින්ද ආයෝජනයට සාපේක්ෂව
ජනතාව දැනුවත් කිරීමක් හෝ නිවැරදි අර්ථනිරූපන ප්‍රචාරණයක් සිදු නොවේ. නීතිය ක්‍රියාත්මක
වීමේදී සිය`ඵ ආයතන වලින්
සිදුවන්නේ සහසම්බන්ධීකරණයක්ද, ස්වාධීන
සේවයක්ද යන්නද අපැහැදිලි අවස්ථා ඇත. එම
නිසා ළමා හිංසනයට එරෙහිව ක්‍රියාත්මක වීමේදී ප්‍රමාණවත් වගකීම හා බලතල එක් ආයතනයකට
නොමැති කමින් අපරාධයේ වගකීම අනෙක් ආයතනයට පවරා කර ඇරීමට නිලධාරීවාදය උත්සාහ
දරයි. එයද ළමා හිංසනය තුරන් කිරීමට
බාධාවකි. මෙවැනි බොහෝ කරුණු මත රට බාර ගැන්මට සිටින අනාගත පරපුර වල්මත් වෙමින්
හිංසනයට හා පීඩාවට පත් වෙමින් සිටියි.
දශක හතරක පමණ කාලයක පටන් සීඝ්‍රයෙන් වර්ධනය
වන මේ සමාජ අපගමනයට වත්මන් වැඩිහිටි පරපුර තරුණ පරපුර වෙත සම්පූර්ණ වරද පටවා ඇඟ
බේරා ගැනීමට උත්සාහ කළද ඒ පාපයෙන් මිදීමට කිසිවකුගේ හෘද සාක්ෂියට ඉඩ ලැබේද?
උදාහරණයක් ලෙස 70 දශකයේ අපේකම වූ
විස්තෘත පවුල වෙනුවට න්‍යෂ්ඨික පවුල ලෙස
“පුංචි පවුල රත්තරං” සංකල්පය නිසා අද වැඩිහිටිභාවය දරාගැනීමට නොහැකිව ඇත. එදා මේ
සඳහා පිඹුරුපත් සෑදූ ජාත්‍යන්තර උපදේශකවරු ලංකා රජයට කෙටි කාලීන විසඳුම් පෙන්වා
දිගුකාලීන ප්‍රථිපල භුක්ති විඳිති. එහි ප්‍රථිපලය වර්තමානයේ දරාගත නොහැකි
වැඩිහිටිභාවයයි. එදා සිදුවූ වරද පිලිනොගන්නා වර්තමාන නිලධාරීවාදයද අද
වැඩිහිටිභාවයට හේතූන් ලෙස සෞඛ්‍ය කේෂ්ත්‍රයේ දියුණුව වැනි ධනාත්මක වදන් ගෙන හැර
පෑවද රටට වු හානිය නිවැරදි කරගැනීමට හැකිවේදැයි සිතිය නොහැක.
ඉන්පසු ඇය නොපැතූ ලෙස කිහිපවරක් හිංසනයට
පත්වන්නේ පියාගේ තනතුරද ඉස්මතු කරමින් මාධ්‍යයයෙන්ය. මගේ බලපුලුවන්කාර කමට මට
කිසිදා සිදුවිය නොහැක යන සිතුවිල්ලෙන් සිටි මිනිසුන් අද කොපමණ අසරණ වූ අවස්ථා
කෙතෙක් ඇතිද ? දේශපාලඥයින්,
ජ්‍යෙෂ්ඨ පොලිස්
අධිකාරීවරු, පොලිස්
ස්ථානාධිපතිවරු, හමුදා ප්‍රධාණීහු
අද බන්ධනාගාර සිරමැදිරි වල දුක් විඳිති. ප්‍රබල දේශපාලකයෝ ආබාධිතව මනස විකෘති වී
කුඩා ලමයින් සේ හැසිරෙති. ප්‍රසිද්ධ මාධ්‍යවේදීන් ප්‍රසිද්ධියේ මහමඟ මරාදැමුවද
හෝඩුවාවක් පවා සොයා ගැනීමට නොහැකිවී ඇත. එසේනම්
තනතුරේ ස්වභාවය හිංසනයට ප්‍රචන්ඩත්වයට බාධාවක් නොවේ. මනුෂ්‍යයෙකු වශයෙන්
රැකගත යුත්තේ තනතුරේ වරප්‍රසාද නොව වෘත්තියේ වගකීම සහ යුතුකමය. තවද හිංසනය මැඩලීමට
නොහැකි තවත් කරුණක් වනුයේ නිරතුරුව ජනතාව ඉදිරියේ කියවෙන උද්යෝග පාඨයක් වන “ ශ‍්‍රී ලංකාව දුෂිත රාජ්‍යයකි. නීතියේ ආධිපත්‍යය
බිඳ වැටී ඇති රටකි. නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට තිබෙන අධිකරණ, පොලීසිය, නීතිපති ඇතුලූ,
යුක්තිය පසිඳලීමට අදාල
සියලූ ආයතන හා ඒවාට සෘජුව සම්බන්ධ පුද්ගලයින් වැඩි දෙනා දුෂිතයින් බව නිරතුරුව
මැතිරීමයි.” මෙම ප්‍රකාශයත් සමඟ ඕනෑම ප්‍රශ්නයකට මැදිහත් නොවී මඟහැරීමට කාහටත් ඉතා
පහසුය. නමුත් සිදු විය යුත්තේ එයද? මින් ඔබේ දරුවා එසේත් නැතිනම් ඔබේ අනාගත වර්ගයා
හිංසනයෙන් අපචාර වලින් මිදේද?
මෙතෙක් අවධාරණය කළ ළමා හිංසනය ඉබේ පහල වුවක්
නොවේ. කාලයක් තිස්සේ ක්‍රමානුකූල රටාවකට රට තුළ ස්ථාපනය වෙමින් ස්ථාවර වන යාන්ත්‍රනයකි.
නව නීති සම්පාදනයෙන් හෝ පවතින නීති තදින් ක්‍රියාත්මක කිරීමෙන් මේ ළමා හිංසනය අපචාර වලක්වාලිය නොහැක. සිදුවිය
යුත්තේ හිංසනය ඇතිවීමේ හේතු සොයා ඒවාට පිළියම් යෙදීමය. ළමා අවධියේ අපයෝජනයට ලක්වූ
දරුවන් අනාගතයේ සමාජ විශමාචාර වල නිරත වන බව සමීක්ෂණ වලින් පෙන්වා දී ඇත. දැනට
සමාජ විශමාචාර මෙපමනකින් වර්ධනය වී ඇත්නම් වර්තමාන ළමා අපයෝජනය හා අපචාර හමුවේ
සාපේක්ෂකව ඉදිරි දශකයේදී ශ්‍රී ලංකාවේ අනාගතය ගැන සිතා ගැනීමට නොහැකි තරම් භයංකරය.
මෙය අවසානයේ වගකිව යුත්තේද, විඳවිය යුත්තේද මහ
ජනතාවයි. මේ සඳහා ජනතාව නිර්වින්දය කිරීමට ප්‍රධාන ලෙස දායකත්වය සපයන්නේ විද්්‍යුත්
මාධ්‍ය ප්‍රමුඛ දේශපාලකයින් වුවද දේශපාලකයන් පත් කරන්නේ මහජනතාවයි. “අජිනමොටෝ කෑ අයෙකුසේ එම රසට ඇබ්බැහි වෙමින් තව
තවත් ඒ හානිකර බව දැන එම රසකාරකයම පරිභෝජනය කරන්නා සේද”, දුම්පානය කරන්නන්ද මත්ද්‍රව්‍ය කරන්නන්ද එහි
ආදීනව දැන දැන එය භුක්ති විඳවනවා සේම අපචාරකයෝද අපචාරයේ ස්වභාවය වැඩි කරමින් අසහනය
එලි දක්වති.
මේ අසහනය ආරම්භ වන්නේ කෙසේද? එය මැඩ පවත්වන්නේ
කෙසේද? ප්‍රතිකාරයට
වඩා නිවාරණයේ වැදගත්කම ප්‍රථමයෙන් හඳුනාගත යුතුය. අපි ඒ පිළිබඳව ඉහත මූලික
පැහැදිලි කිරීම් මතින් කරුණු ගවේශනය කරමු.
පුද්ගලයෙකු සදාචාර සම්පන්න වීමට කායික,
මානසික සමාජයීය
දියුණුව අත්‍යවශ්‍යය. තවත් ආකාරයකින් විග්‍රහ කළ විට සිත කය වචනය යන තුන්දොරම සංවර
විය යුතුය. මෙතුන් දොරින් සිත සංවර කිරීමට අතීතයේ පටන් වගකීම බාර ගෙන තිබුනේ ආගමික
පූජකවරුන්ය. අද පූජකවරුන්ද හා ආගම්ද වානිජකරණය වී ඇත. පුවත්පතින්, පත පොත කියවීමෙන්
දරුවන් ඈත් වෙමින් ඇත. දරුවන් පත පොත කියවීමට පෙළඹවීමට සාහිත්‍ය මාසයක්ම නම් කළේ
මේ නිසයි. එයද අද මුදලාලි කරණය වී මෙවර පොත් සඳහා සියයට 20ට වඩා වට්ටම් නොදීමට
වාරණයක් ඇති බව සැලයි. මේ සෑම අවකාශයන්ම උදුරා ගෙන පුරවා ගෙන ඇත්තේ අන්තර් ජාලයයි.
ඒ සඳහා ආවරණ මාධ්‍යය ජංගම දුරකතනයයි.
විශේෂයෙන් ෆේස් බුක් (මුහුණු පොත) , ස්කයිප්, වයිබර්, වට්ස් ඇප් වැනි තාක්ෂණික ක්‍රම අයථා ලෙස
භාවිත කිරීම, වැනි විවිධ
හේතූන්ද දරුවන් අපයෝජනයන්ට පාත‍්‍රවීමට පසුබිම සකස් කරයි. දරුවකු වයස 13 සිට 19 දක්වා කාලය තුළ
විෂමාචාර වලින් වලක්වා ගැනීමට හැකි නම් යහපත් දරුවකු සමාජගත කිරීමේදී ඇති වන තර්ජන
අවම වෙන බව මානසික හා සමාජ විද්‍යාඥයින් විසින් පෙන්වා දී ඇත.
එබැවින් රටේ ඉදිරි ගමන, සමාජයීය යහපැවැත්ම
වෙනුවෙන් විශාලම කාර්ය භාරයක් අද පැවරී තිබෙන්නේ විද්‍යුත් මාධ්‍යයටය. යහපැවැත්ම
කෙසේ වෙතත් අසීමිතව වාණිජකරණයට නතු වූ විද්්‍යුත් මාධ්‍යයද කාමුකත්වයට බර සමාජයක්
නිර්මාණය කිරීමේ කාර්යයක නිරත වී ඇත. ඒ සඳහා වෙලඳ දැන්වීම්, ප්‍රවෘත්ති, ටෙලි නාට්‍ය, වෛද්‍ය හා උපදේශන
වැඩසටහන් එකා මෙන් කටයුතු කරනු දැකීම සංවේගයට කරුණකි. සුන්දරත්වය හා මාතෘත්ව ගුණ
ඉස්මතු කරනවා වෙනුවට මව කෙරේ ලිංගික ආකර්ෂණයක් ඇති වන ආකාරයේ වෙළඳ දැන්වීම්ද ටෙලි
නාට්‍යද නූතනයේ සම්පාදනය වේ. නාට්‍යයක චරිත තේරීමේදී මව සහ දියණිය හෝ පුතා අතර
ඇත්තේ වයස 15ක 18ක පරතරයක් ඇති තරුණ
කාන්තාවන්ය. මවගේ ඇඳුම, පැළඳුම,
ගමන, බිමන, මවකගේ ඇති ආසියාතික
මාතෘ ගුණය කෙලෙසයි. දරුවන් සහ දෙමාපියන් අතර ඇති සංවාද වලදී බොහෝ විට පියා හාස්‍යයට
හෝ අපහාසයට සමාජයෙන් හා දරුවා අතින් ලක් වෙයි. තවත් විට පියා හෝ මවට අනියම්
සබඳතාවයක් ප්‍රදර්ශනය වන අතර එයට දරුවා මැදිහත් වී අපරාධ වලට යොමුවීම ව්‍යංගයෙන්
සාධාරණීකරනය වීමක්ද සිදු වේ. නූතන ටෙලි නාට්‍ය කලාවට අධ්‍යක්ෂවරයෙක් නැතත්
කට්ටඩියෙක් එක් කිරීම තවත් සංස්කෘතියකි.
නාට්‍යයෙන් ප්‍රදර්ශනය කරන නොවරදින අද්භූත විස්මිත ගුරුකම් වලින් රාත්‍රිය
මනස පුරවා ගන්නා ගෘහණියගේ කුතුහලය සංසිඳලන්නේ උදෑසන කාලයේ නිවසේ හුදකලාව ගත කරන ගෘහණියට
ගුප්ත විද්‍යා, මිථ්‍යා,
ජ්‍යොතිෂ, වාලම්පූරි, ෆෙන්ෂුයි වෙළඳ ප්‍රචාරණ
දේවගැති වෙස්ගත් තක්කඩියන්ය.
ප්‍රවෘත්ති නිවේදකයින්ගේ භාෂාව උච්චාරණයද,
ඉරියව්ද, නිවේදිකාවන්ගේ ඉඟි
බිඟිද ප්‍රවෘත්තියේ හා භාශාවේ වටිනාකම බිඳ දමයි. ප්‍රවෘත්ති විකාශනය අතරතුර වෙළඳ
දැන්වීම් වලින් සිදුකරන බාධාවන් දැඩි කනස්සල්ලක් ඇතිකරවයි.
රූපවාහිනී සාකච්ඡා ලෙස වෛද්‍යවරු සහ විවිධ
ශිල්පීන් සුවඳ විලවුන්, කාය වර්ධන
උපකරණ, ඖෂධ, රූපාලංකාර
ඉවුම් පිහුම් පාඨමාලා පවත්වයි. මෙහි අරමුණ අනුග්‍රාහක වෙළෙන්දාගේ නිෂ්පාදන ප්‍රේක්ෂකයාට
විකුණා දැමීම මිස අභාවයට යන අපේකම නැති කිරීම ඇතු`ඵ යහපත් මනෝ සමාජයීය වාතාවරණයක් රටතුළ ඇති
කිරීම නොවේ.
ඉහත කරුණු සැවොමෙන්ම සිදු වන්නේ සිය`ඵම විද්්‍යුත් මාධ්‍යයන්
මාධ්‍යය තුළින් ජනතාවට අවශ්‍ය දේ වෙනුවට ජනතාව ඉල්ලන දේ ඉදිරිපත් කිරීමයි. මෙය
අවසාන ප්‍රථිපලයද? නැත. අද වන
විට වයස 16 පිරිමි
දරුවන් විසින් ලා බාල ගැහැණු දරුවන් දූෂණයකොට මරා දැමීමට තරම් ව්‍යවසනය වර්ධනය වී
ඇත. අනාගතයේ ප්‍රසිද්ධ ස්ථානවල සමූල ඝාතන, ඒවා පටිගත කර අන්තර් ජාලයට මුදා හැරීම,
තවත් කොටසක් ඒවා
නරඹමින් ආස්වාදය සොයා යෑම ශ්‍රී ලංකාව තුල කතා බහට ගක් වෙනු ඇත.
මෙවන් සංකීර්න අවශ්‍යතාවයන් අතරේ හිරගත කරවන දරුවා පවතින අධ්‍යාපන ක්‍රමයේ බරත් සමඟ වල්මත් වූවකු තත්වයට පත්වේ. ඒ සඳහා උපකාර කිරීමට දරුවා ගැන සොයා බැලීමට දෙමාපියන්ට කාල වේලාවක්ද නැත. ඒ දරුවන්ගේ සහ පවුලේ වියදම වෙනුවෙන් කාලය වැය කිරීමට සිදු වන නිසාය. පාසලේ ජාතික මට්ටමෙන්ම කුසලානයක් ලැබූ දරුවාට වඩා වැඩි අගයක් ලබා දෙන්නේ ගායනා තරු තරඟකරුවාටය. පාසල් තාප්පයේ වැඩි ඉඩ එවන් දරුවන්ට නම් අධ්‍යාපනයේ, ක්‍රීඩාවේ හපනුන්ට එයින් ලැබෙන්නේ කුමන අභිප්‍රේරනයක්ද? තවද ඩෙංගු රෝග ව්‍යාප්තිය නතර කිරීමට ළමයා පරිසරයට යොමු නොකොට රචනා තරඟයක් තැබීම වර්තමාන අධ්‍යාපන කලාවයි. සියල්ලන්ටම පිළිතුර තරගයයි.
පාසලේ සංවර්ධන කටයුතු සඳහා මුදල් එකතු කිරීමට
පහසුම ක්‍රමය සංගීත මේලා, කානිවල්
පැවැත්වීමයි. පාසල් නිවාසන්තර ක්‍රීඩා උලෙලට අනුග්‍රාහකයන් ලෙස කූඩාරම් සපයන්නේ
බියර් සමාගම්ය. කූඩාරමේ නම සඳහන් නොකලද ලාංචනය ප්‍රදර්ශනය කොට ඇත. මත්ද්‍රව්‍ය
වෙනුවට “එනජි ඩි්‍රන්ක්” කිව්වම තරුණ ක්‍රීඩකයින්ට ශක්තිය වර්ධනයටද කාන්තාවටද
කැපය. පාසල් බලධාරීන් නිහඬය. මේ සෑම සිදුවීමක් අවසානයේ ඇති වන්නේ ළමා හිංසනමය,
නැතිවන්නේ අපේ කමමය.
එයින් ළමයා සමාජයෙන් හා ස්වභාව ධර්මයෙන්
නැතහොත් අපේකමින් ඈත් වේ. දරුවන්ගෙන් තම අභිප්‍රායයන් මුදුන් පමුනුවා ගැනීමට
දේශපාලකයින්, ගුරුවරුන්,
දෙමාපියන් දරනා
උත්සාහයෙන් දරුවා ගැන නොසලකා හැරීමක් නිතැතින්ම සිදු වේ. එයද සෘජු හා වක්‍ර ළමා
අපයෝජනයක් ලෙස හැඳින්විය නොහැකිද? එවන් අපයෝජනයකට ලක් වූ දරුවන් අපචාර වලට යොමු වීමේ සහ
යොමු කරවීමේ ප්‍රවනතාවය ඉතා ඉහලය.
Comments
Post a Comment