Skip to main content

Posts

Showing posts from 2022

රටක අරමුණක් නැති, මාර්ගෝපදේශනයක් නැතිව යන ගමණක්

අද ලාංකික සමාජයේ ජනමාධ්‍ය තුල නිරතුරුව ඇසෙන්නට, දකින්නට ලැබෙන්නේ මිනීමැරුම්, මංකොල්ලකෑම්, ප්‍රචන්ඩත්වය සහ දූෂන වැනි සමාජ අපගාමී වාර්තාය. එම සිදුවීම් වාර්තාකරණයේදී කරුනූ නිවැරදිව සමබරව ජනතාවට ලබාදීමට වඩා සිදුවීම එසැණින් ගුවන්ගතකර අන් මාධ්‍ය අභිබවා ජනතාව රඳවා ගැනීමේ උත්සාහය ප්‍රේක්ෂක ජනතාවගේ මනෝභාවයටද හානියකි. ප්‍රචාරණයේ අලංකාරය සඳහා භාවිතා කරන විවිධ මෙවලම්ද (Tools) ජන අහිතකරය. එයට සමගාමීව ප්‍රදර්ශනය කරනු ලබන බොහෝ ටෙලි නාට්‍ය වල ප්‍රචන්ඩත්වයටද ධනාත්මක වටිනාකමක් එකතු කරමින් සමාජයට වැරදි පූර්වාදර්ශයක් සපයයි. ඉන් නොනවතින මේ ආයතන සැන්දෑ සමයේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා න`ඵ නිලි, ගායක ගායිකාවන් කැඳවා ඔවුන්ගේ පෞද්ගලික කරණු කාරනා (Gossip) බෙදාහදා ගනිමින් ඔවුන් විනෝද වන වැඩසටහන්ද, පිරිමින් ගැහැණුන් ලෙස වෙස් ගන්වා ජනමාධ්‍යයක නොහැසිරවිය යුතු භාෂාවන්ද, නර්තනයන්ද සිදු කරයි.  අද සමාජයේ නව්‍යනරණයට වඩා අනුකරණයට වෙළඳ පලක් නිර්මාණය වී ඇත. මෙහිදී අතීතයේ පඩිරුවනක් වූ කුමාරතුංග මුණිදාසයන් අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී යන වදන සිහිපත් වෙයි. විදේශීය නර්තන, ගායන තරග ඒ ආකාරයෙන්ම දේශීයව පවත්වා අදාල පුද...

අද උපදේශන ක්‍රියාවලිය ගමන් කරන මඟ නිවැරදිද?

මෑත දිනක පාර්ලිමේන්තුවේ මානසික උපදේශන පිළිබඳව  පාර්ලිමේන්තු නියෝජිතවරුන්/වරියන් විසින් ආන්දෝලාත්මක ප්‍රකාශයක් සිදු කළහ. එහිදී ඔවුන් සඳහන් කළ පරිදි ලංකාවේ උපදේශන ක්ෂේත්‍රයේ නියැලෙන පුද්ගලයන්ගේ ගුණාත්මක බව සහ සුදුසුකම් පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි.මෙම නියෝජිතවරුන් කුමන අරමුනක් යටතේ එසේ ප්‍රකාශ කර සිටීදැයි නොතේරුනත් විශේෂයෙන් එහි දී එම මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ කරුණු ඉතා කාලෝචිතය. ඔවුන් සඳහන් කල පරිදි තත්වය එසේ සිදුවුවත් මෑත කාලයේ රජයට සම්බන්ධ ආයතනයක වෘත්තියට නොගැලපෙන දේශනයක් කල බව කියන මනෝ උපදේශිකාවක් ලෙස හඳුන්වාදුන් කාන්තාවකට එහි සත්‍ය අසත්‍යතාවය විමර්ශනයට පෙර උණුසුම මැකීයාමට පෙර රජයට සම්බන්ධ නාලිකාවකින් ඇය නැවත වරක් රූපවාහිනී තිරයේ දක්නට සැලැස්වීම ජනතාව ලද අභාග්‍යයකි. අද උපදේශනය පිහිටවීමේ කලාව වෙනුවට, මුදල් ඉපයීමේ කලාවක් වී ඇත. උපදේශනය අන් වෘත්තීන් ලෙස උගත්කමින්ම   (Paper Qualification) මැන හැක්කක් නොවේ. එයට උගත්කම මෙන්ම පරීක්ෂණයකින් මැනිය නොහැකි කරුණාව, මානව දයාව වැනි ගුණාංගද ඇතුලත් විය යුතුය. ඒ නිසයි මානසික උපදේශනය අසීරු සේවාවක් මෙන්ම රජයක විශේෂ අවධානය යොමු විය යුතු වන්නේ...