Skip to main content

රටක අරමුණක් නැති, මාර්ගෝපදේශනයක් නැතිව යන ගමණක්


අද ලාංකික සමාජයේ ජනමාධ්‍ය තුල නිරතුරුව ඇසෙන්නට, දකින්නට ලැබෙන්නේ මිනීමැරුම්, මංකොල්ලකෑම්, ප්‍රචන්ඩත්වය සහ දූෂන වැනි සමාජ අපගාමී වාර්තාය. එම සිදුවීම් වාර්තාකරණයේදී කරුනූ නිවැරදිව සමබරව ජනතාවට ලබාදීමට වඩා සිදුවීම එසැණින් ගුවන්ගතකර අන් මාධ්‍ය අභිබවා ජනතාව රඳවා ගැනීමේ උත්සාහය ප්‍රේක්ෂක ජනතාවගේ මනෝභාවයටද හානියකි. ප්‍රචාරණයේ අලංකාරය සඳහා භාවිතා කරන විවිධ මෙවලම්ද (Tools) ජන අහිතකරය.

එයට සමගාමීව ප්‍රදර්ශනය කරනු ලබන බොහෝ ටෙලි නාට්‍ය වල ප්‍රචන්ඩත්වයටද ධනාත්මක වටිනාකමක් එකතු කරමින් සමාජයට වැරදි පූර්වාදර්ශයක් සපයයි. ඉන් නොනවතින මේ ආයතන සැන්දෑ සමයේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා න`ඵ නිලි, ගායක ගායිකාවන් කැඳවා ඔවුන්ගේ පෞද්ගලික කරණු කාරනා (Gossip) බෙදාහදා ගනිමින් ඔවුන් විනෝද වන වැඩසටහන්ද, පිරිමින් ගැහැණුන් ලෙස වෙස් ගන්වා ජනමාධ්‍යයක නොහැසිරවිය යුතු භාෂාවන්ද, නර්තනයන්ද සිදු කරයි.  අද සමාජයේ නව්‍යනරණයට වඩා අනුකරණයට වෙළඳ පලක් නිර්මාණය වී ඇත. මෙහිදී අතීතයේ පඩිරුවනක් වූ කුමාරතුංග මුණිදාසයන් අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී යන වදන සිහිපත් වෙයි. විදේශීය නර්තන, ගායන තරග ඒ ආකාරයෙන්ම දේශීයව පවත්වා අදාල පුද්ගලයින් සහ ආයතන කීපයක් එයින් වක්‍ර ආදායම් ලබා ගැනීමත්, ප්‍රදානය කරන දෑවැන්ත ත්‍යාග සහ දෙනු ලබන ප්‍රසිද්ධිය නිසා තරුණ ප්‍රජාවෙන් කොටසක්  තම යෞවනය මේ සඳහාම කැප කර අසරණද වෙති. මෙවන් පසු බිමක් තුල තවත් පසෙකින් ලංකාවේ දෑවැන්ත ආර්ථික අර්බූදයක් වර්ධනය වෙමින් පවතී. එයට සාපේක්ෂව පුද්ගල මානසික ආතතිය වැඩි වෙමින් අද එය සමාජ ගැට`ඵවක් බවට පත්වී හමාරය. 

අද විශ්ව විද්‍යාල සිසුනට ආතතිය දරා ගැනීමට නොහැකිව සියදිවි හානි කර ගැනීම් වාර්තා වීමත් සමඟම උගත්කම සමඟ බුධිමත්බවේ සාපේක්ෂතාවය ගැනද නැවත සිතීමට සිදුව ඇත, පාසල් ලමුන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම්, සු`ඵ සිද්ධීන් දරාගැනීමට නොහැකි කමින් මිනී මැරුම්, පාරේ අරගල වැඩි වීමක්ද පෙන්නුම් කරයි. ඊටත් අමතරව එදා රටේ ගෞරවයට, සැලකීමට ලක්වූ රාජයේ උසස් නිලධාරීන් පුද්ගලික වාසි තකා මාධ්‍ය ඉදිරියේ සත්‍ය විකෘති කිරීම, ජනතාව නොමග යැවීමෙන් ගෞරවාන්විත සේවාවක් අද හෑල්ලුවට පත්වී ඇත.

ඉහත කෙටියෙන් සටහනක් තැබීමට හේතුපාදක වූයේ මෙය කවුරුත් දන්නා පිළිගන්නා, නිරතුරුව කතා බහටද ලක්වූවත් මෙයට ප්‍රධාන වශයෙන්  තිරසාර විසඳුමකට එළඹීමට කිසිවෙකුට අවශ්‍යතාවයක් නැතිවීමද, ඒ සඳහා ඉදිරිපත් වීමට හෝ කටයුතු කිරීමට මාර්ගෝපදේශ සැපයීමට රාජ්‍ය ආයතනයක් නොමැති බව පෙන්වා දීම සඳහාය. මේ ව්‍යසනයේ අවසාන ප්‍රතිඵලයට විසඳුම් දිය යුතු ආයන ලෙස ශ්‍රී ලංකා පොලීසිය, අධිකරණය වැනි ආයතන ඇතත්, ව්‍යසනයට මූලික හේතුන් සෙවීමට අවශ්‍ය ආයතන රටේ විශාල ධනස්කන්ධයක් වැය කරමින් දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ නම්න් උත්සව පවත්වමින්  ජාතික ධනය කාබාසිනියා කරයි. තවද සමාජ ව්‍යසනකදී ඒ සඳහා මනෝ මූලිකව සෘජුව මැදිහත් විය යුතු සෞඛ්‍ය, කාන්තා කටයුතු, පරිවාස, සමාජසවිබල, ළමා රක්ෂ.... වැනි ආයන වල මැදිහත්වීමක් තිබේදැයි සැක සහිතය.

නිදසුනක් ලෙස රටේ අනාගතය වන අධ්‍යාපන ක්‍රෙෂ්ත්‍රය බරපතල කඩා වැටීමක තිබෙන අවස්ථාවක  ළමා දින. ගුරු දින සමරමින් උත්සව පවත්වා ගුරුවරු පොලිස් නිලධාරිනියන් ළමයින් ඉදිරියේ නටති. වයෝවෘදධ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්  පාසැල් නිල ඇඳුම් ඇඳ විකට ඇඳුම් තරගයක ස්වභාවයෙන් බෑග් වතුර බෝතල් කරේ එල්ලා ගෙන එක දිනයක පාසල් යති. වසරේ 365 දිනවල නම් කරනු ලැබූ  සුවිශේෂි දින වලට එදිනට පාගමන්, උත්සව සංවිධානය කරති. විදේශීය රටවල දවස් 365න් 364ක් දරුවන්ගේ අධ්‍යාපනය නිසියාකාරව ඉටුකර එක් දිනයක් සුවිශේෂී දිනයක් ලෙස මෙලෙස සමරයි. මෙවන් පරිසරයක් තුල අසරණභාවයට පත් ජනතාවද මංමුලාවී දැන් ඒවා ඇගයීමටත් අනුමත කරන තත්වයකටත් පත්වී ඇති බව සමාජ මාධ්‍යජාලා වල ඔවුන් පල කරන අදහස් (Comments) වලින් පෙනෙන්නට ඇත.

මෙසේ රටේ සිදුවෙමින් පවතින සිය`ඵම ව්‍යවසනකාරී තත්වයන්ට දේශපාලකයන්ගේම ගිණුමට බැර නොකොට ක්‍රමවත් රාජ්‍ය පරිපාලන යාන්ත්‍රනයක් (Public Administrative System) සකසා දැන්වත් රජයේ වගකිව වගවිය යුතු ආයතන අවදිවනු ඇතැයි අප ප්‍රාර්තනා කරමු.        

                                                                                            05/10/2022


ගවේශක



Comments

Popular posts from this blog

රටක සංවර්ධනය හා ආකල්පමය වෙනස

රටක සංවර්ධනයට එම රටේ ජනතාවගේ ආකල්ප වල බලපෑම සෘජුවම බලපායි. දියුණු රටක සහ දියුණු වෙමින් පවතින රටක ජනතාවගේ සිතුම් පැතුම් අධ්‍යයනය කිරීමෙන් මේ බව මනාව අවබෝධ කරගත හැක. දියුණු රටවල මිනිසුන් තම ජාතියට දක්වන ගෞරවය, ජාතියක් වශයෙන් තම රටට දක්වන සහයෝගය ඉතා උසස්ය. ධනවත් රටවල් විසින් අනෙකුත් රටවල හා පවතින යුද්ධයේදී තම ජනයා විරෝධතාවය ප‍්‍රකාශ වන්නේ ඉතා සු`ඵ වශයෙනි. එම විරෝධතාවයට ප‍්‍රසිද්ධිය ලැබෙන්නේද මාධ්‍යයන්ගෙන් ඊටත් වඩා සු`ඵ වශයෙනි. ඇමරිකාවට සිදුවූ 2001 සැප්තැම්බර් 11 ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබ`ද සිහි කිරීමේදී කිසිවිට එම ප‍්‍රහාරයේ දර්ශන ප‍්‍රදර්ශනය කිරීමෙන් වැලකී සිටීමට එම රාජ්‍යයන් කටයුතු කලද අප සුනාමි ඛේදවාචකය සිදුවී වසර 10කට ආසන්න වුවද අප තවමත් එම සිදුවීම් ප‍්‍රදර්ශනය කරමින් අතීතය ආවර්ජනය කරමින් සිටී. මෙවන් ප‍්‍රදර්ශන තුලින් ජනතාව නිශේධනාත්මක ආකල්ප වලට හුරු කරවන අතර රටක් ලබන ජයග‍්‍රහන ප‍්‍රදර්ශනය තුලින් ජනතාව ධනාත්මක ආකල්ප වලට හුරු වෙනු ඇත. ආකල්ප පහසුවෙන් වෙනස් කල නොහැක. එයට හේතුව ආකල්ප අධ්‍යාපනය, ජීවත් වන සමාජය තුලින්, දෙමාපියන්ගෙන් සහ ජානමය සාධක මත ගොඩනැගෙන නිසාය. සමාජයක් යහපත් ආකල්ප වලින් ...

ළමා හිංන්සනයෙන් තොර රටක්

පුද්ගල ආකල්ප, රැුකියාව සහ වෘත්තිය

  පසුගිය දිනක එක්තරා පුවත් පතක අපචාර සම්බන්ධයෙන් 2012 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා ලැබී ඇති පැමිණිලි සංඛාව 9,446ක් බවත් ඒ අතරින් 1,361ක් ළමා අපයෝජන සම්බන්ධ පැමිනිලි බව පලවී තිබුණි. එය 2011 වසරට සාපේක්ෂව 8%ක වර්ධනයකි. මෙයට  පිළිතුරු  දෙන  වගකිව   යුතු  ආයතනය   පෙන්වා දෙන්නේ එය වැඩිවීමක් නොවන අතර අපචාර පිලිබ`ද ජනතාව වැඩිපුර දැනුවත් කිරීම නිසා ඇතිවූ වාර්ථා  වීමේ වැඩි  වීමකි. වෙනත්  අයුරකින් පැවසුවහොත් ලංකාවේ අපචාර වැඩිවීමක් සිදුවී නොමැති අතර මාධ්‍ය විසින් මෙම සිද්ධි අනාවරණය කිරීමේ වැඩි වීමක් ලෙස පෙන්වා දීමට උත්සාහ දරා ඇත. සංඛ්‍යාලේඛන වලට විවිධ අර්ථකථන දීමෙන් රටක අපචාර වර්ධනය වෙනස් කල නොහැක. මෙම අපචාර සත්‍ය වශයෙන්ම රටෙන් තුරන් කිරීමට නම් මෙම ප‍්‍රකාශකයින් කරනුයේ රැුකියාවක්ද, වෘත්තියක්ද යන්නද ඔවුනට අවබෝධ කර දිය යුතුය. ළමා අපයෝජනය යනුවෙන් බොහෝ දෙනාගේ ආකල්පය වී ඇත්තේ ලිංගිකත්වය මත සිදුවන අපයෝජනයි. එහෙත් සැබෑ නිර්වචනය මෙසේය. ළමා අපයෝජන යනුවෙන් අදහස් කරන්නේ ළමයාගේ සෞඛ්‍යයට සහ වර්ධනයට ඇත්ත වශයෙන්ම හානිකර හෝ හානි කරවීමට මග සලසන, ළමයාව වේදනාව...