අද ලාංකික සමාජයේ ජනමාධ්‍ය තුල නිරතුරුව ඇසෙන්නට, දකින්නට ලැබෙන්නේ මිනීමැරුම්, මංකොල්ලකෑම්, ප්‍රචන්ඩත්වය සහ දූෂන වැනි සමාජ අපගාමී වාර්තාය. එම සිදුවීම් වාර්තාකරණයේදී කරුනූ නිවැරදිව සමබරව ජනතාවට ලබාදීමට වඩා සිදුවීම එසැණින් ගුවන්ගතකර අන් මාධ්‍ය අභිබවා ජනතාව රඳවා ගැනීමේ උත්සාහය ප්‍රේක්ෂක ජනතාවගේ මනෝභාවයටද හානියකි. ප්‍රචාරණයේ අලංකාරය සඳහා භාවිතා කරන විවිධ මෙවලම්ද (Tools) ජන අහිතකරය. එයට සමගාමීව ප්‍රදර්ශනය කරනු ලබන බොහෝ ටෙලි නාට්‍ය වල ප්‍රචන්ඩත්වයටද ධනාත්මක වටිනාකමක් එකතු කරමින් සමාජයට වැරදි පූර්වාදර්ශයක් සපයයි. ඉන් නොනවතින මේ ආයතන සැන්දෑ සමයේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා න`ඵ නිලි, ගායක ගායිකාවන් කැඳවා ඔවුන්ගේ පෞද්ගලික කරණු කාරනා (Gossip) බෙදාහදා ගනිමින් ඔවුන් විනෝද වන වැඩසටහන්ද, පිරිමින් ගැහැණුන් ලෙස වෙස් ගන්වා ජනමාධ්‍යයක නොහැසිරවිය යුතු භාෂාවන්ද, නර්තනයන්ද සිදු කරයි. අද සමාජයේ නව්‍යනරණයට වඩා අනුකරණයට වෙළඳ පලක් නිර්මාණය වී ඇත. මෙහිදී අතීතයේ පඩිරුවනක් වූ කුමාරතුංග මුණිදාසයන් අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී යන වදන සිහිපත් වෙයි. විදේශීය නර්තන, ගායන තරග ඒ ආකාරයෙන්ම දේශීයව පවත්වා අදාල පුද...