ශ්‍රී ලංකාවේ පුවත්පත් ඉතිහාසය වසර එකසිය අනූවක පමණ දුරකට දිවයයි. ජනතාවට තොරතුරු සන්නිවේදනය කිරීම සඳහා ප්‍රථම වාරික ප්‍රකාශනයක් ලෙස වර්ෂ 1802 දී “ලංකාණ්ඩු ගැසට් පත්‍රය” (Ceylon Government Gazette)ද, එහි ආණ්ඩුවේ නිල නිවේදන, පරිපාලන තොරතුරු වලට අමතරව එහි ගද්‍යපද්‍ය කොටස්ද පළවී තිබුණ බවට තොරතුරු අනාවරණය වේ. ලංකාවේ පළ වූ පළමු පුවත්පත ලෙස සැලකෙන්නේ 1832 ඇරඹුණු කලම්බු ජර්නර්ල් (THE COLOMBOJOURNAL ) පුවත්පතයි. ලංකාවේ ප්‍රථම සිංහල බෞද්ධ පුවත් පත 1860 දී නිකුත්වූ ලංකාලෝකයයි පැවසේ. ලංකාවේ ප්‍රථම ලියාපදිංචි පුවත්පත (1862) ලක්මිණි පහණයි. මෙකී දශක 19ක පමණ කාලයක් තුළ එවකට සිටි අති දක්ෂ ලේඛකයින් නිර්මාණකරුවන්ගේ කැපවීම් නිසා ඉතා ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව උසස් දියුණුවකට පත් වීය. එකල පුවත්පතක ලේඛකයෙකුට හසල බුද්ධියක් , භාෂාව පිළිබඳව ප්‍රවීණත්වයක්, ඉතිහාසය සමාජ අවබෝධයට අමතරව ව්‍යහාර බුද්ධියක් තිබුණ නිසා සමාජයේ ගෞරවයට පාත්‍ර වුණු කෙනෙක් හැටියට පිළිගැනීමක් ලැබුණි. එම ලේඛන කලාවට විශේෂයෙන් ව්‍යාකරණ, අක්ෂර වින්‍යාසය පිළිබඳ දැනුම අත්‍යාවශ්‍ය කරුණක් විය. මේ නිසා අධ්‍යාපනය ලබන පාස...