මෑත දිනක පාර්ලිමේන්තුවේ මානසික උපදේශන පිළිබඳව පාර්ලිමේන්තු නියෝජිතවරුන්/වරියන් විසින් ආන්දෝලාත්මක ප්‍රකාශයක් සිදු කරන ලදී. එහිදී ඔවුන්ට අනුව ලංකාවේ උපදේශන ක්ෂේත්‍රයේ නියැලෙන පුද්ගලයන්ගේ ගුණාත්මක බව සහ සුදුසුකම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරිණි. මෙම නියෝජිතවරුන් කුමණ අරමුණක් යටතේ එසේ ප්‍රකාශ කළේද යන්න පැහැදිලි නැත. විශේෂයෙන් එහි දී එම මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ කරුණු ඉතා කාලෝචිතය. ඔවුන් සඳහන් කළ පරිදි තත්වය එසේ සිදුවුවත් මෑත කාලයේ රජයට සම්බන්ධ ආයතනයක සුවිශේෂී වු යමක් සිදුවී තිබේ. මනෝ උපදේශනය ගෞරවණීය වෘත්තියකි. නැතහොත් වාත්තියකට වඩා වැදගත් සේවාවකි. එහිදී තම පෞද්ගලික මතයන් වෘත්තියට නොගැලපෙන දේශනයක් කළ බව කියන මනෝ උපදේශිකාවක් ලෙස හඳුන්වාදුන් කාන්තාවකට එහි සත්‍ය අසත්‍යතාවය විමර්ශනයට පෙර උණුසුමත් මැකීයාමට පෙර රජයට සම්බන්ධ නාලිකාවකින් ඇය නැවත වරක් රූපවාහිනී තිරයේ දක්නට සැලැස්වීම ජනතාව ලද අභාග්‍යයකි. අද උපදේශනය මානව පිහිටවීමේ කලාව වෙනුවට, මුදල් ඉපයීමේ කලාවක් වී ඇත. උපදේශනය අන් වෘත්තීන් ලෙස උගත්කමින්ම (Paper Qualification) මැන හැක්කක් නොවේ. එයට උගත්කම මෙන්ම පරීක්ෂණයකින් මැනිය නොහැකි කරු...