අද වන විට ලංකාවේ ජාත්‍යන්තරයෙන් නම් කර ඇති විවිධ වූ කාණ්ඩයන් යටතේ නිශ්චිත දිනයට නොවුනත් විවිධ වූ සැමරීම් සිදුවෙමින් තියෙනවා. මෙය ඉතා හොඳ ක්‍රියාවක්. නමුත් අනෙකුත් රටවලට සාපේක්ෂව බලන කල අප රටේ සිදුවන්නේ ඊට වඩා හාත්පසින් වෙනස් යමක්. අවාසනාවකට එය තේරුම් ගැනීමට වඩා තේරුම් කර දීමට අපහසු තත්ත්වයකට රට පත් වෙලා තියෙනවා. ඕනෙම කෙනෙක්ගෙන් අද රටේ තත්ත්වය ගැන ඇහුවොත් දුෂිතයි පිරිහිලා ආදී ප්‍රකාශ මාධ්‍ය තුළ දකින්නට පෙනෙන්නට තියෙනවා. නමුත් එහෙම කියන ජනතාවම ඉහත කී ජාත්‍යන්තරයෙන් අපට හඳුන්වා දුන් ගුරු දින, ළමා දින, වැඩිහිටි දින, මවගේ දිනය, පියාගේ වැනි දිනයන්හි සිදුවන උත්සව අවස්ථාවන් සාමාන්‍ය ජනතාව මෙන්ම රාජ්‍ය සේවය, උගතුන් විද්වත් යැයි කියා ගන්නා කොටස් මෙය ඉතා අගය කරමින් රූපවාහිනී, සමාජ මාධ්‍ය ජාලා තුළ කතා කරනවා දකින්නට ලැබෙනවා. වසර ගණනාවක් මෙම සැමරීම් දිනයන්හි ඇති වටිනාකම හා නොවටිනාකම් පිළිබඳව කවර පූජකයෙකු, වෘත්තිකයෙකු, සමාජ මනෝ විද්‍යාඥයෙකු හෝ දේශපාලකයකු කතා නොකිරීම නිසා මෙසේ ලිවීමට සිත් විය. මේ පිළිබඳව දශකයකට වැඩි කාලයක් ලියමින් කියමින් ලද අත්දැකීම් නිසා නැවතත් ලියා තැබීමට අදහස් කළෙමි. මේ පිළිබඳ...