Skip to main content

ළමා දිනය ගුරු දිනය සැමරීම සහ k-pop නැටුම


අද වන විට ලංකාවේ ජාත්‍යන්තරයෙන් නම් කර ඇති විවිධ වූ කාණ්ඩයන් යටතේ නිශ්චිත දිනයට නොවුනත් විවිධ වූ සැමරීම් සිදුවෙමින් තියෙනවා. මෙය ඉතා හොඳ ක්‍රියාවක්. නමුත් අනෙකුත් රටවලට සාපේක්ෂව බලන කල අප රටේ සිදුවන්නේ ඊට වඩා හාත්පසින් වෙනස් යමක්. අවාසනාවකට එය තේරුම් ගැනීමට වඩා තේරුම් කර දීමට අපහසු තත්ත්වයකට රට පත් වෙලා තියෙනවා. ඕනෙම කෙනෙක්ගෙන් අද රටේ තත්ත්වය ගැන ඇහුවොත් දුෂිතයි පිරිහිලා ආදී ප්‍රකාශ මාධ්‍ය තුළ දකින්නට පෙනෙන්නට තියෙනවා. නමුත් එහෙම කියන ජනතාවම ඉහත කී ජාත්‍යන්තරයෙන් අපට හඳුන්වා දුන් ගුරු දින, ළමා දින, වැඩිහිටි දින, මවගේ දිනය, පියාගේ වැනි දිනයන්හි සිදුවන උත්සව අවස්ථාවන් සාමාන්‍ය ජනතාව මෙන්ම රාජ්‍ය සේවය, උගතුන් විද්වත් යැයි කියා ගන්නා කොටස් මෙය ඉතා අගය කරමින් රූපවාහිනී, සමාජ මාධ්‍ය ජාලා තුළ කතා කරනවා දකින්නට ලැබෙනවා. වසර ගණනාවක් මෙම සැමරීම් දිනයන්හි ඇති වටිනාකම හා නොවටිනාකම් පිළිබඳව කවර පූජකයෙකු, වෘත්තිකයෙකු, සමාජ මනෝ විද්‍යාඥයෙකු හෝ දේශපාලකයකු කතා නොකිරීම නිසා මෙසේ ලිවීමට සිත් විය. මේ පිළිබඳව දශකයකට වැඩි කාලයක් ලියමින් කියමින් ලද අත්දැකීම් නිසා නැවතත් ලියා තැබීමට අදහස් කළෙමි. මේ පිළිබඳ බහුතර ජනතා මතය මා සමග නොවන බව ද ඉහත කී පුද්ගලයන් මේ පිළිබඳ කතා නොකරන්නේ ද ඒ නිසා බව මා ලද අත්දැකීමෙන් දනිමි. 


මොකක්ද මේ සැමරුම් වල අර්ථය. විදේශීය රටවල නිදසුනක් ලෙස ළමා දිනය ගත්විට ඒ සඳහා වූ ළමා අධ්‍යාපන විශේෂඥයන් ළමා මනෝ විද්‍යාඥයන් සමාජ විද්‍යාඥයන් එක්රැස්ව සකසන ලද වැඩපිළිවෙළක වාර්ෂික ප්‍රගතිය සංඛ්‍යාත්මක සහ වාර්තාමය ලෙස ප්‍රකාශයට පත්කොට වසරේ එක් දිනක් එහි සාර්තකත්වය සංකේතාත්මකව සැමරීමක් සිදු කරයි. එවැනි රටක සංඛ්‍යා ලේඛන දත්ත තොරතුරු ක්ෂණිකව ලබා ගැනීමට අදාල රාජ්‍ය ආයතනයන්ගේ වෙබ් අඩවිවල ප්‍රදර්ශනය කරයි. ඊට අමතරව තවත් විස්තර අවශ්‍ය නම් අදාල ආයතනයන්ට කතා කිරීමෙන් අපහසුවකින් තොරව සුහදව ලබා ගැනීමේ හැකියාවක්ද ඇත. ඒ අනුව ඔවුන් ලබාගන්නා තොරතුරු රටේ දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් නැවත නැවතත් සංශෝධනය වේ.  එයයි එක දිනයක සැමරුම.

දැන් අපි බලමු ලංකාවේ ළමා දිනය සමරන ආකාරය. මේ සඳහා ඇති රාජ්‍ය ආයතන වල තොරතුරු සංඛ්‍යාලේඛන ලබාගැනීමට  නිසි ක්‍රමවේදයක් නැත. ඔවුන්ගේ වෙබ් අඩවි වල ඇත්තේ ඉදිරියට කිරීමට නියමිත වියදම් සැලසුම් සහ දේශපාලන බලාධිකාරිය සමග සිදුකරන ලද දෑවැන්ත උත්සව වල ඡායාරූප පමණි. ළමා දිනයක් සැමරීමට තරම් ළමයින්ට අධ්‍යාපනය ලැබීමේ තබා නිදහසේ පාරේ ගමන් කිරීමේ හැකියාවක්වත් අද තිබේද? වර්තමානයේ ලංකාවේ ඇගයීම සහ සැමරීම සඳහා අත්‍යවශ්‍ය අංගය වන්නේ නර්තනයයි. ඒ සඳහා මුල් පෙළ ගැස්ම සිදු කරන්නේ රූපවාහිනී නාලිකා මගින් ගායන නර්තන තරග පවත්වා මිලියන ගණන් තෑගි දෙමින් එම දරුවන්ට අසීමිත ප්‍රසිද්ධියක් ලබා දෙමින් අනෙකුත් දරුවන්ට ද ඒ සඳහා පෙළඹවීමක් සිදුකරයි. දෑවැන්ත මුදල් සම්භාරයක් මේ සඳහා වැය කරද්දී රටේ දරුවන්ගේ මන්ද පෝෂනය වැඩි වෙමින් ඇත. දෙමාපියන්ද, පාසල් මට්ටමින් ළමයාගේ හැකියාව මත නොව මිල මුදලින්පණිවිඩ sms මගින්, බැනර් ප්‍රදර්ශනය ජයග්‍රහණය සඳහා කටයුතු කරයි. ඒ සඳහා ජංගම දුරකථන මාධ්‍ය ජාලාද, රූපලාවන්‍ය නිෂ්පාදකයන්ද, ඊට අදාළ එවැනි ආයතන අනුග්‍රහකත්වය දක්වන්නෙ එතුලින් ඔවුන්ට ලැබෙන්නාවූ ආර්ථික වාසි වෙනුවෙනි. අතිශය දුෂ්කර ප්‍රදේශයක වරක් මා සහභාගි වූ උත්සවයකදී  රූපවාහිනී නර්තන වැඩසටහනක අවසන් වටයට තේරී පත් වී සිටි කුඩා දියණියකගේ නර්තනයක් ඉදිරිපත් විය. එය නැරඹූ ප්‍රධාන අමුත්තා එම නර්තනය නැවතත් ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් කළේය. නමුත් එම දැරිය ගේ නර්තනය අංගචලනය එම කුඩා දරියගේ වයසට නොගැළපෙන මෝරාගිය බවක් ඔවුන්ට නොතේරුණි. කෙසේ වෙතත් එම නැටුම් පුහුණු කල ගුරුවරයාට ද මෙහිදී වේදිකාවට කැඳවා විශේෂ ස්තුතියක් ද සිදු විය.

මෙසේ රටේ සෑම දෙයකටම නර්තනය සඳහාම (motivation) අභිප්‍රේරණය කිරිමෙන් ඇතිවන පවිටු ප්‍රතිඵලය අද උත්සන්න වී ඇත. නමුත් ජනතාවට එය තවමත් තේරුම් ගොස් නැත. ගොබෙල්ස් න්‍යාය මෙන් මෙය නිතර නිතර ඇසීමට දැකීමට සැලැස්වීමෙන්  සාමාන්‍යවීම සහ රටේ අවශ්‍යතාවයක් බවට ජනතාවද වැළඳ ගෙන ඇත. එම නිසා අද ගුරු දිනයටත් ළමා දිනයටත් පාසැල් වල සිදුවන්නේ පසුගිය වසරේ ළමයින් වෙනුවෙන් සිදුවූ අඩුලු‍හුඩුකම්,  ප්‍රගතිය සමාලෝචනය නොකොට නර්තනයට මුල්තැන දීමයි.  ළමා දිනයක දී ගුරුවරුන් විසින් කළ නර්තනයක් සමාජ මාධ්‍ය මුහුණු පොතේ බෙදමින් එක්තරා මනෝ උපදේශකයෙක් පෙන්වා දී තිබුණේ අතීතයේ ගුරුවරයාට වඩා වර්තමාන ගුරුවරු ළමයින්ට මෙයින් සමීප වන බවයි. එය අනුමත කර පුද්ගලයන් බොහෝ දුටිමි. එම ගුරුවරයාගේ නර්තනය වූයේ උඩරට පහතරට නොව ගුරුවරියන් සමග නපුංසක චරිතයකට පණපොවමිනි. මේ අතර සමරිසි අණපනත්ද පාර්ලිමේන්තු කොරිඩෝවේ සක්මන් කරයි. තවත් ස්ථානයක ළමයින් සමග ගුරුවරියක් නර්තනයක් යෙදුවේ ගුරුවරියට ගැලපෙන ලෙස නොව ඇයගේ තරුණ්‍යයේ හැඟීම් එළි දක්වමිනි. තවත් මිශ්‍ර පාසලක එම පාසලේ සියලු‍ම ළමයින් ක්‍රීඩාංගනයට රැස්කර සංගීතය සපයමින් මහවැස්සේ නටන්නට අවස්ථාවක් ලබා දී තිබුණි. මට ඇතිවූ ගැටලු‍ව එම දරුවන් වැස්සේ තෙමී නර්තනය අවසන් කොට යන්නේ පන්තියට ය. එම තෙතබරිත වූ ඇඳුමෙන් ගැහැණු ළමයෙකුගේ ශරීරයේ යම්කිසි හැඩතලයක් එම පන්තියෙම පිරිමි ළමයෙකුට යම් කාමුක අදහසක් ඇති නොකරයි ද යන්නයි. මෙයට දාර්ශනික පිළිතුරු සැපයිය හැකි වුවත් අද වන විට පාසලේ, සමාජය තුළ මත්ද්‍රව්‍ය අපරාධ බහුලව සිදුවෙමින් ආචාරධර්ම යහපත් සම්බන්ධතා බිඳමින් සංස්කෘතිය කන්නදැයි අසන අවස්ථාවක ඕනෑම අයෙකුට ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් කල් දාර්ශනික පිළිතුරු සැපයිය හැක. එසේම මෙම වැස්සට තෙමුණු දරුවන් නිවසට යන තෙක් එම තෙත ඇඳුම් පිටින් පාසල තුළ අධ්‍යයන කටයුතු සිදු කිරීමට සිදුවනු ඇත. එම තත්ත්වය මත ළමයින් රෝගී වීමේ අවදානමක් එක් අතකින් ඇති අතර අනෙක් අතින් රෝහලට යන රෝගියාට රෝහල ඉදිරිපිට මල්ශාලා ද ඇති බව කියන, බාල ඖෂධ ගෙන්වන ඇත්තන්ට ක්‍රියාමාර්ග නොගන්නා සෞඛ්‍ය ඇමැතිවරුන් ද සිටිති.


    මෙයිනුත් නොනැවතෙන නර්තනය රටේ ප්‍රධාන පුරවැසියාද එක්තරා පාසලක දී පවසන්නේ මා සෑම වර්කයකම නර්තන දැක්කා නමුත් k pop නර්තනය මේ පාසලේ දැක්කෙ නෑ . ඊලග පාර එනකොට එකත් ඇතුලත් කරන්න කියාය. දැන් අපේ රටේ පාසල් අධ්‍යාපනයට අවශ්‍ය k pop නර්තනයද?



මෙහිදී ළමයා ගුරුවරයා, වෛද්‍යවරයා පූජකයා දේශපාලකයා කියා වෙනසක් නැත. සැවොම සිටින්නේ රටේ දේශපාලකයා සහ ජනතාව සමඟින් ඇතිකර ගෙන තිබෙන ඉදිරියේදී තවත් වර්ධනය වන සදාචාරාත්මක සහ ආකල්පමය පරිහානියකය. එයට නර්තනය ප්‍රතිකාරයක් වශයෙන් යෝග්‍ය වුවත් එය අධනය කොට නිර්දේශ කළ යුත්තේ ඒ පිළිබඳ මනා කුසලතාවක් ඇති වෘත්තිකයෙකු විසිනි. එසේ නැතුව ගුරුවරයා ගුරුවරිය තමන්ගේ ආවේග ආතති පිටකර ගැනීමට දරුවන් ඉදිරියේ හිතේ හැටියට නැටීම පිළියමක් නොවේ. (Dancing Therapy, Art Therapy, Music Therapy) නර්තනය, චිත්‍ර, සංගීත ප්‍රථිකාරයක් ලෙස භාවිතා කල හැකි වුවත් ඒ සඳහා මනෝ විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව එය සිදු කල යුතුය. අද එයද මනෝ විද්‍යා උපදේශක ලෙස හඳුන්වාගත් අයද, පෞරුෂ සංවර්ධන, ධාරිතා සංවර්ධන, සවිමත් සිත වැනි මාතෘකා ඔස්සේ ඒ පිළිබඳ අනාවබෝධයෙන් දරුවන්  වේග රිද්ම සංගීතයට නැටවීම ගැනත් අසන්නට ලැබෙනවා. ඒ අනුව රටේ පළමු පුරවැසියාගේ පටන් සැමට ඇඟ පුරා Dancing Mania  ඔඩුදුවා ඇති බව පෙනේ. 

වරක් ප්‍රසිද්ධ සිංහල ටියුෂන් ගුරුවරයෙක් තමන්ට සෙක්ස් ඇරියස් එකක් ඇති බව රූපවාහනිය ඉදිරියේ පැවසීය. ඔහුගේ මතය අනුව ගංජා පානය, ශිෂ්‍යයින් සමඟ මත්පැන් පානය සමාජයේ සිදු විය යුතු බවයි. එවැනි ඡායාරූපද ඔහු විසින් සමාජ මාධ්‍ය වල පල කරනුද දැකිය හැකිවිය. එවැනි ගුරුවරුන්ගෙන් පැවත ආ ශිෂ්‍යයෝ අද ගුරුවරුන් අද්‍යාපන විශේෂඥයන්, රටේ පාලන තන්ත්‍රයට සම්බන්ධ වී වත්මන් සමාජ රටාව උඩු යටිකුරු කරමින් සිටින්නට පු`ඵවන. 


මෙවර 2023 ළමා දිනයට රෝගී ළමයින් ඉදිරියේ කරුණ වෛද්‍යවරයෙක් සහ වෛද්‍යවරියක් නර්ථනයක යෙදුනි. තාලයට වේගයෙන් ඇඟ සෙලවීම ළමයින් වෙනුවෙන් කළ මහා පුණ්‍ය කර්මයක් ලෙස කොටසක් මුහුණු පොතේ සාධුකාර දෙනු දක්නට ලැබුණි. නමුත් කිසිවකු විසින් ප්‍රශ්න කරේ නෑ රෝහල් ගත වන දරුවාට වකුගඩු දෙකම ඉවත් කර වෛද්‍යවරයා රටින් පලා යෑමට ඉඩදීම, හෙදියන් නොසැලකිලිමත්ව  දරුවන් එන්න කර ඔවුනගේ ශරීර අවයව ඉවත් කිරීම, ඖෂධ නියාමන අධිකාරියේ අධීක්ෂණය යටතේ බාල ඖෂධ පිළිබඳ දැනුවත් කර ඇති අවස්ථාවේදී එය දරුවන්ට ලබාදීමට එරෙහිව වසරේ දින 364 ක් නිහඬව සිට එක් දිනක් දරුවන් ඉදිරියේ නැටුවම රෝගී දරුවාට අවශ්‍ය ප්‍රතිකාරය වන්නේ නර්තනයද කියා. 

එතරම්ම පිරුහිණු සමාජයක් සහ එයටම දොස් තබමින් ඒවාම අනුමත කරන සමාජයක්              (21/10/2023)


 


Comments

Popular posts from this blog

රටක සංවර්ධනය හා ආකල්පමය වෙනස

රටක සංවර්ධනයට එම රටේ ජනතාවගේ ආකල්ප වල බලපෑම සෘජුවම බලපායි. දියුණු රටක සහ දියුණු වෙමින් පවතින රටක ජනතාවගේ සිතුම් පැතුම් අධ්‍යයනය කිරීමෙන් මේ බව මනාව අවබෝධ කරගත හැක. දියුණු රටවල මිනිසුන් තම ජාතියට දක්වන ගෞරවය, ජාතියක් වශයෙන් තම රටට දක්වන සහයෝගය ඉතා උසස්ය. ධනවත් රටවල් විසින් අනෙකුත් රටවල හා පවතින යුද්ධයේදී තම ජනයා විරෝධතාවය ප‍්‍රකාශ වන්නේ ඉතා සු`ඵ වශයෙනි. එම විරෝධතාවයට ප‍්‍රසිද්ධිය ලැබෙන්නේද මාධ්‍යයන්ගෙන් ඊටත් වඩා සු`ඵ වශයෙනි. ඇමරිකාවට සිදුවූ 2001 සැප්තැම්බර් 11 ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබ`ද සිහි කිරීමේදී කිසිවිට එම ප‍්‍රහාරයේ දර්ශන ප‍්‍රදර්ශනය කිරීමෙන් වැලකී සිටීමට එම රාජ්‍යයන් කටයුතු කලද අප සුනාමි ඛේදවාචකය සිදුවී වසර 10කට ආසන්න වුවද අප තවමත් එම සිදුවීම් ප‍්‍රදර්ශනය කරමින් අතීතය ආවර්ජනය කරමින් සිටී. මෙවන් ප‍්‍රදර්ශන තුලින් ජනතාව නිශේධනාත්මක ආකල්ප වලට හුරු කරවන අතර රටක් ලබන ජයග‍්‍රහන ප‍්‍රදර්ශනය තුලින් ජනතාව ධනාත්මක ආකල්ප වලට හුරු වෙනු ඇත. ආකල්ප පහසුවෙන් වෙනස් කල නොහැක. එයට හේතුව ආකල්ප අධ්‍යාපනය, ජීවත් වන සමාජය තුලින්, දෙමාපියන්ගෙන් සහ ජානමය සාධක මත ගොඩනැගෙන නිසාය. සමාජයක් යහපත් ආකල්ප වලින් ...

ළමා හිංසනයෙන් තොර රටක්

ඔක්තෝබර් 01 ජාත්‍යන්තර ළමා හා වැඩිහිටි දිනයයි. එය ලෝකයේ අනෙක් රටවල් හා හරි හරියට සංකේතාත්මකව සැමරීමට අපද සූදානම් වී සිටිමු. දින 365 න් එක් දිනයක මහා උළෙලක වැඩිහිටි ප්‍රභූන් රැසක් මහා ධනස්කන්ධයක් වැය කොට මහා ශ්‍රවණාගරයක දරුවන් අතලොස්සක් රැස්කර පාට තොප්පියකින් වර්ණවත් ටී ෂර්ට් එකක් අන්ඳවා බත් පැකැට්ටුවක රස බලද්දී , රූපවාහිනියෙන් එය සජීවීව විකාශනය කරන්නේ මු ` ඵ ලොවට දැක ගැනීමටය. මේ අතර අසරණ දරුවෝ තවත් දස දහස්ගණනක් හව්හරනක් නොමැතිව ළමා නිවාසයේ රූපවාහිනියෙන්  රාජ්‍ය සහ රාජ්‍ය නොවන , ප්‍රභූන්ට පමණක් සුන්දර වූ ඒ දිනය අපේක්ෂාවෙන් තොරව බලාසිටිති. වැඩ සටහන අවසන් වූ දරුවන් බස් රථයෙන් නැවතත් සුපුරුදු නිවාසගත වන අතර , ප්‍රභූන් අභිමානයෙන් යුතුව තවත් උත්සවයක් කරා පරිවාර සේනා සමඟ විරාජමාන වන්නේ එය තවත් එක් දිනයක් පමණක් ලෙස සලකාය. මෙම සිදුවීම පසුගිය සෑම වසරකදී මෙන්ම මෙවරද අනාගතයේදීද එලෙසම සිදු වනු ඇත. මෙවන් සැමරීමක් සිදු කළ පමණින් ළමා හිංසනය රටෙන් තුරන් කළ හැකිද ? එය දරුවන් වෙනුවෙන් සිදු කෙරෙන අපේ යුතුකමද ? ළමා හිංසනයෙන් තොර රටක් වෙනුවෙන් අප රටට නිශ්චිත වැඩ පිළිවෙලක් ඇත්ද ? ළමා හිංසනයට එරෙහිව ...

අද පාසලට ලිංගික අධ්‍යාපනය සහ හෙට LGBTQ+

ශ්‍රී ලංකාවේ ජනතාව කොතරම් උගත්කමක්, වත්පොහොසත්කමක්, පවුල් පසුබිමක් අත්දැකීම් තිබුණද චන්දදායකයෙකු ලෙස චන්දය භාවිතා කිරීමේදී ලාංකික ජනතාව හැසිරී තිබෙන ආකාරයනම් ගෝත්‍රික මානසිකත්වයෙන් බව පෙනෙන්නට ඇත.  අතීත ලංකාවේ සිටියේ උගතුන්ට වඩා නිදහස් බුද්ධිමතුන්ය. ගොවිකම, වෙදකම, පෙදරේරුකම කුමන රැකියාවක නිරත වුවද ආගම, ක්‍රීඩාව, සෞන්දර්යය, කලාව වැනි විෂයයන් ගැන අවබෝධයක් රසවිඳීමක නිදහස පොහොසත්කම ඔවුන් සතුව තිබුණි.  එදා ලැජ්ජාව බයට ලොකු වටිනාකමක් විය. වර්තමානයේ රැකියාවම අරමුණු කරගත් අධ්‍යාපන ක්‍රමවේද නිසා තමා හැදෑරූ විෂයයට පරිබාහිර දැනුමකට ගවේශනයකට කාල වේලාවක් නොමැතිකම නිසා වත්මන් ලාංකිකයා සංවේදී බවින් මිදී බාහිරින් ආරෝපනය වන රොබෝවරයෙක් වී ඇත. අද උගතාට ආගමක් දර්ශනයක් ගැන විශ්වාසයක් අවබෝධයක් නැත. සාහිත්‍ය කලාව ගැන රසයක් නැත. පොතක් පතක් කියවන්නට නාට්‍යයක් බලන්නට වෙලාවක් නැත. ආගමික පූජකවරයා පවා මුදල ප්‍රසිද්ධිය පසුපස හඹායාම මිස අධ්‍යාත්මික සංවර්ධනයක් දකින්නට නැත.  එම නිසා මිත්‍යාවෙන් මු`ඵ මහත් සමාජයම වෙලාගෙන ඇත. එවන් පසුබිමක ලංකාවේ දරුවන්ට ලිංගික අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව ඇතිවී ඇති කති...