ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රීඩා ඉතිහාසය සලකා බැලූ කල වර්ෂ 1948 පිරිමි මීටර් 100 ඔලිම්පික් රිදී පදක්කමෙන් පටන්ගෙන 1964 ටෝකියෝහිදී ඔලිම්පික් තරගාවලියේදී කරුණානන්ද පරාජිතයෙකු වුවත් කරු සිලෝන් නමින් ලොව ක්‍රීඩාලෝලීන්ගේ ගරුත්වය ලැබ පසුව අධිෂ්ඨානයේ ශක්තිය ලෙස ජපන් පාසල් පෙළපොත් වලටද ඔහුගේ නම ඇතුළත් විය. 1976 ඔලිම්පික් උළෙලේදී ලූෂන් රෝසා ට ඔලිම්පික් තරගාවලිය අහිමිවූයේ ශ්‍රී ලාංකික නිලධාරියෙකුගේ ක්‍රියාකලාපයක් නිසා බවද කියවේ. එයින් ලාංකීය නිලධාරීවාදය එකල සිට මෙකල දක්වා වර්ධනය වෙමින් පවතින බව පෙනේ. 1996 ලෝක ක්‍රිකට් ශූරතාව ලංකාව දිනා ගනිමින් නැවතත් ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලංකාව වසර 2000දී සිඩ්නි ඔලිම්පික් තරගාවලියේදී වසර 52 කට පසු සුසන්තිකා ජයසිංහ කාන්තා මීටර් දෙසීය දෙවන ස්ථානයෙන් පිදුම් ලැබීය. මෙහිදී 1996 ලෝක ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීමට ලංකාවට අඩිතාලම වූයේ පැවැති අර්බුදයන් හමුවේ ප්‍රබල විදේශීය කණ්ඩායම් කීපයක් ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා ලංකාවට ලැබුණු ප්‍රසාද ලකුණු සහ සුසන්තිකා ජයසිංහට දෙවන ස්ථානය දිනාගත් මේරියන් ජෝන්ස්ට තහනම් උත්තේජක භාවිතා චෝදනා ...