Skip to main content

ලංකාවේ ජාත්‍යන්තර ක්‍රීඩාවල හෙට දවස


    ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රීඩා ඉතිහාසය සලකා බැලූ කල වර්ෂ 1948 පිරිමි මීටර් 100 ඔලිම්පික් රිදී පදක්කමෙන් පටන්ගෙන 1964 ටෝකියෝහිදී ඔලිම්පික් තරගාවලියේදී කරුණානන්ද පරාජිතයෙකු වුවත් කරු සිලෝන් නමින් ලොව ක්‍රීඩාලෝලීන්ගේ ගරුත්වය ලැබ පසුව අධිෂ්ඨානයේ ශක්තිය ලෙස ජපන් පාසල් පෙළපොත් වලටද ඔහුගේ නම ඇතුළත් විය. 

1976 ඔලිම්පික් උළෙලේදී ලූෂන් රෝසා ට ඔලිම්පික් තරගාවලිය අහිමිවූයේ ශ්‍රී ලාංකික නිලධාරියෙකුගේ ක්‍රියාකලාපයක් නිසා බවද කියවේ. එයින් ලාංකීය නිලධාරීවාදය එකල සිට මෙකල දක්වා වර්ධනය වෙමින් පවතින බව පෙනේ. 1996 ලෝක ක්‍රිකට් ශූරතාව ලංකාව දිනා ගනිමින් නැවතත් ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලංකාව වසර 2000දී සිඩ්නි ඔලිම්පික් තරගාවලියේදී වසර 52 කට පසු සුසන්තිකා ජයසිංහ කාන්තා මීටර් දෙසීය දෙවන ස්ථානයෙන් පිදුම් ලැබීය. 

මෙහිදී 1996 ලෝක ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීමට ලංකාවට අඩිතාලම වූයේ පැවැති අර්බුදයන් හමුවේ ප්‍රබල විදේශීය කණ්ඩායම් කීපයක් ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා ලංකාවට ලැබුණු ප්‍රසාද ලකුණු සහ සුසන්තිකා ජයසිංහට දෙවන ස්ථානය දිනාගත් මේරියන් ජෝන්ස්ට තහනම් උත්තේජක භාවිතා චෝදනා නිසා ඇයගේ ස්ථානය සුසන්තිකාට හිමිවීම නිසාය. මෑත භාගයේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තලයේ තරගවලින් බොහෝ ස්ථාන ලබා ගැනීමට හැකි විය. කෙසේ වෙතත් ශ්‍රී ලාංකිකයකු වශයෙන් ඒ ගැන සතුටු විය හැකි අතර නමුත් කාගේත් අවධානයට යොමු නොවූ සුවිශේෂ කරුණක් ඉස්මතු කර පෙන්වීමට කැමැත්තෙමි.  

සාමාන්‍යයෙන් ජාත්‍යන්තරය ජයගත් ක්‍රීඩකයකු වසර ගණනාවක් එම ක්ෂේත්‍රයේ දස්කම් පාමින් තම නම පවත්වාගෙන ජයග්‍රහණ ලබා ගනී. පසුගිය දශක කීපයේදීම ශ්‍රී ලංකාව නියෝජනය කළ කිසිදු ක්‍ර්‍රීීඩකයකුට තම ජාත්‍යන්තර ජයග්‍රහන ස්ථාවරව පවත්වාගෙන යෑමට නොහැකි වූයේ ඇයි? 

ඒ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශය හෝ අදාල බලධාරීන් විමසීමක් විශ්ලේෂණයක් නොකළේ මන්ද යන්න ප්‍රහේලිකාවකි. අප දන්නා මෑත ඉතිහාසයට ගියවිට 1996 ලෝක කුසලානය දිනා ලංකාවට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් වෙනත් රටවල මෙන් ඊළඟ ලෝක කුසලයානයට සහභාගිවීමට වැඩි දායකත්වයක් වනවා වෙනුවට පුවත්පත් සාකච්ඡා වෙළඳ දැන්වීම් වලට පෙනී සිටීම වැනි අතිරේක ක්‍රියාකාරකම්වල වැඩි වශයෙන් යෙදෙනු දක්නට ලැබුණි. එයට අත්වල සැපයූවේ  ජනමාධ්‍යයි. එම ක්‍රීඩකයන් පිළිබඳ ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු, අතීත තොරතුරු පුවත්පත්වල රූපවාහිනීවල පිටු ගණන් පැය ගණන් ප්‍රචාරය විය. එයට නොදෙවෙනි වූ රජය මෙම ක්‍රීඩකයන්ට නම්බු නාම ඉඩකඩම් පරිත්‍යාග කිරීම් ද, පෞද්ගලික අංශය ඔවුන්ගේ වානිජ ප්‍රචාරයන් සඳහා උසස් තනතුරු යාන වාහන සමගින් ලබාදුනි. එයට ලොල් වූ ක්‍රීඩකයන් ක්‍රීඩාවට වඩා මුදල පසුපස හඹා යාමත්,  සිංදු කීම, නැටීම වැනි සන්දර්භයන් වෙත වැඩි වැඩියෙන් යොමුවිය. තව කොටසක් දේශපාලන අතකො`ඵ විය. එතැන් පටන් අද වන විට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඇද වැටී ඇති අවාසනාවන්ත තත්ත්වය දෑස් ඉදිරිපිටම පෙනෙන්නට ඇත. 

වසර 2000 දී ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහට ද සිදු වූයේ ඒ අවාසනාවන්තම සිදුවීමයි. ගමෙන් කොළඹට පැමිණ අනේකවූ දුක් ගැහැට මැද ඇය තනියම ලබාගත් ඔලිම්පික් පදක්කමට නෑකම් කීමට එවකට සිටි ක්‍රීඩා ඇමතිද නිතර නිතර ඇය බැලීමට ගොස් සිදුකරගත් අවමානය දැන් බොහෝ අයට අමතකය. මෙවන් ඉතිහාසයක් තුළ ලංකාවේ  ක්‍රීඩාව වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සිදුකළ ඇති සේවාව කුමක්ද යන්න යමෙක් ඇසුවොත් වියදම් කළ මුදල් ශීර්ෂ පෙන්නනවා හැර වෙනත් කිසිවක් ඇත්දැයි සිතිය නොහැක. ලංකාවේ දුක් මහන්සි වී පහසුකම් නොමැතිව ජාත්‍යන්තරය ජය ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ පිහිටෙන් අදාළ රාජ්‍ය ආයතන සහ ලේ උරා බොන කිනිතුල්ලන් මෙන් ඉන් යැපීම හැර එම ක්‍රීඩකයන්ට හෝ රටට සිදුවූ සේවයක් නැත. මෑත කාලයේ ලංකාවේ ‍ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානිය දූෂණය නාස්තිය පිළිබඳ කෝප් කමිටුවේ සහ ක්‍රීඩා ඇමතිවරයාගේද දෝෂ දර්ශනයට ලක්වනු දක්නට ඇත. නමුත් කෝප් කමිටුවට හෝ ක්‍රීඩා ඇමතිවරයාට මාධ්‍ය ඉදිරියේ දොස් කියමින් හොටු පෙරාගෙන අඬනවා වෙනුවට ඔවුන්ට ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගත නොහැකි නම් එම තනතුරුවලින් ඉවත් වුවහොත් රටේ ජනතාවට ඔවුන් ජීවත් කරවීම පිණිස ගෙවන බදු මුදල් අඩු කර ගත  හැක. පාලක මණ්ඩල ක්‍රීඩාවේ නාමයෙන් ව්‍යාපාරිකයන් නළු නිළියන් සමගින් රට සංචාර කරමින් ලංකාවේ කීර්ති නාමය කෙළෙසමින් ක්‍රීඩකයන් වෙනුවෙන් කටයුතු නොකොට රුපියල් මිලියන බිලියන ගණන් කාබාසිනියා කරයි. ඒ ගැන රජයේ විගණනාධිපතිට හෝ කිසිවෙකුට එරෙහිව කටයුතු කිරීමට නොහැකි නම් ඒ පිළිබඳ නීති සම්පාදනය නොකොට මාධ්‍ය ඉදිරියේ හඬා වැළපීම ජනතාව ගොනාට ඇන්දවීමක්දැයි ප්‍රේක්ෂකයෝ සැක කරයි

මේ වන විට ජාත්‍යන්තර තලයේ ක්‍රීඩාවලින් ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් විවිධ ඉසව්වන් ඔස්සේ දක්ෂකම් පාමින් ඉදිරියට එමින් ඇත. නමුත් අවාසනාවකට අනූහයේ ලෝක කුසලානය දිනූ ක්‍රිකට් කණ්ඩායමට සහ සුසන්තිකා ජයසිංහට අත් වූ ඉරණමම අපේ ලාබාල දූ දරුවන්ට අත්කරදීමට උත්සාහ දරන බව මධ්‍යස්ථව අධ්‍යයනය කරන්නෙකුට හොඳින් පෙනේ. 

ක්‍රීඩාවකදී ජයග්‍රහණය සඳහා කැපවීම ඉවසීම යන ගුණාංග අනිවාර්ය අංගයකි. ඒ සඳහා ක්‍රීඩකයකුගේ කායික මානසික සමාජීය සමබරතාවය හොඳින් පවත්වාගෙන යා යුතුය. 

කෙසේ වෙතත් අතිශය දුෂ්කරතා මැද තිබෙන පහසුකම් මත ‍ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තම දෙමාපියන් පාසල ඇතුළු වටපිටාවෙන් ලබා ගන්නා ශක්තියෙන් කෙසේ හෝ ජාත්‍යන්තරය ජය ගනී. එවන් ක්‍රීඩකයෙක් ජය ලබා නැවත ගුවන් තොටුපලට පැමිණෙන විටම ඇය වටකර ගන්නා මාධ්‍යකරුවන් ඇයගෙන් විමසන්නේ ඇයට තිබූ ආර්ථික දුෂ්කරතා බාධක පිළිබඳව සහ මේ ගමනේදී ඇයට හෝ ඔහුට බාධා කළ පුද්ගලයන් චරිත වැනි අපගාමී ගැට`ඵ පිළිබඳවය. පසුව ඒවා රූපවාහිනියේ පුවත්පත්වල ඉස්මතු කරමින් කන්න නෑ, ඉන්න තැනක් නෑ, උපකරණ නෑ.... ආදී වශයෙන් පලකරයි. පසුව ඒ සඳහා දේශපාලන, වෙළඳ අනුග්‍රාහකයන් ඉදිරිපත් වී  ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කොළඹින් නිවාස වාහන පහසුකම්, පෝෂණ සඳහා වියදම්, පුහුණ වීම් සමගින් කිරීමට රැකියාවන් ලබාදෙයි. මෙතෙක් කලක් විවිධ වූ දුෂ්කරතා මැද ජාත්‍යන්තර ජයගත් මෙම දරුවන් එකවර දෑවැන්ත ප්‍රසිද්ධියක් සමගින් සුඛෝපභෝගී ජීවන රටාවකට ඇද දැමීම තුළ ඔවුන්ට ඉන් ඉදිරියට ක්‍රීඩාවට වඩා ප්‍රසිද්ධිය සැප සම්පත් පසුපස හඹායාමටත් ඒවා අඛණ්ඩව පවත්වාගෙන යාමටත් අරගලයක යෙදීමට සිදුවේ. 


මෙහිදී මෙ ක්‍රීඩකයන්  කායික සහ ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම තුළ මුලදී සඳහන් කර කායික මානසික සමාජීය සමබරතාවය බිඳවැටේ. සාමාන්‍යයෙන් ක්‍රීඩකයන්ට විශේෂයෙන් අවශ්‍ය වන්නේ මානසික ශක්තියයි. එය වර්ධනය කර ගැනීමට උපකාර කිරීමට ලංකාවේ නාමික ආයතන පුද්ගලයන් සිටියද මෙම කායික මානසික සමාජීය සමබරතාවය පැවැත්ම උදෙසා පවතින ක්‍රමය වෙනස් විය යුතු බව කීමට තරම් වගකිවයුතු පුද්ගලයෙක්, ක්‍රීඩා උපදේශකයෙක්, විචාරකයෙක්, ජනමාධ්‍යයක් දකින්නට නැත. මෙම කායික මානසික සාජයීය සමබරතාවය බිඳ දැමීම නිසාම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඔවුන්ගේ දක්ෂතාවන් ගෙන් පහලට වැටීම පෙනෙන්නට ඇත. නිදසුනක් ලෙස ආර්ථික සහ පෝෂන අඩුපාඩුකම් මැද හුදකලාව ජාත්‍යන්තරය ජයගන්නා ඔවුන්ට මානසික වර්ධනය හැර අනෙකුත් පහසුකම් ලැබුණ පසු මන්දගාමී වන්නේ ඊට වඩා ඔවුනට වඩා වැදලත් වන්නේ මානසික ශක්තිය බව ඉන් මනාව තහවුරු වේ. එයයි අභාග්‍යය. 

මේ නිසා ජාත්‍යන්තරය ජයගෙන ගුවන් තොටුපලට පැමිණෙන සෑම ක්‍රීඩක ක්‍රීඩකයෙකුටම මාධ්‍ය සහ  ක්‍රීඩාවට අදාළ ආයතන තුළින් කරන්නාවූ අනුකම්පා විරහිත හිංසනය නිසා ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පළමු ජයග්‍රහණයෙන්ම නොදැන තම ක්‍රීඩා දිවිය අවසන් කර ගනු පෙනෙන්නට ඇත.

මෙම ක්‍රමය පවතින තාක් කල් ක්‍රීඩකයකුට තම දක්ෂතාවය ප්‍රගුණ කිරීමින් ඉදිරියට ඒමට පහසුකම් සපයනු වෙනුවට කෙසේ හෝ ඉදිරියට ආ ක්‍රීඩකයට අල්ලස් වරදාන ලබා දෙමින් ඔහුගේ ක්‍රීඩා දිවිය අවසන් කිරීමට කටයුතු කිරීමෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ජාත්‍යන්තරයෙන් අතුගෑවෙමින් පවතින බව කනගාටුවෙන් වුවත් අනාගතය වෙනුවෙන් ප්‍රකාශ කර තැබීම කාලෝචිත යයි සිතේ.            (01/11/2023)



Comments

Popular posts from this blog

රටක සංවර්ධනය හා ආකල්පමය වෙනස

රටක සංවර්ධනයට එම රටේ ජනතාවගේ ආකල්ප වල බලපෑම සෘජුවම බලපායි. දියුණු රටක සහ දියුණු වෙමින් පවතින රටක ජනතාවගේ සිතුම් පැතුම් අධ්‍යයනය කිරීමෙන් මේ බව මනාව අවබෝධ කරගත හැක. දියුණු රටවල මිනිසුන් තම ජාතියට දක්වන ගෞරවය, ජාතියක් වශයෙන් තම රටට දක්වන සහයෝගය ඉතා උසස්ය. ධනවත් රටවල් විසින් අනෙකුත් රටවල හා පවතින යුද්ධයේදී තම ජනයා විරෝධතාවය ප‍්‍රකාශ වන්නේ ඉතා සු`ඵ වශයෙනි. එම විරෝධතාවයට ප‍්‍රසිද්ධිය ලැබෙන්නේද මාධ්‍යයන්ගෙන් ඊටත් වඩා සු`ඵ වශයෙනි. ඇමරිකාවට සිදුවූ 2001 සැප්තැම්බර් 11 ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබ`ද සිහි කිරීමේදී කිසිවිට එම ප‍්‍රහාරයේ දර්ශන ප‍්‍රදර්ශනය කිරීමෙන් වැලකී සිටීමට එම රාජ්‍යයන් කටයුතු කලද අප සුනාමි ඛේදවාචකය සිදුවී වසර 10කට ආසන්න වුවද අප තවමත් එම සිදුවීම් ප‍්‍රදර්ශනය කරමින් අතීතය ආවර්ජනය කරමින් සිටී. මෙවන් ප‍්‍රදර්ශන තුලින් ජනතාව නිශේධනාත්මක ආකල්ප වලට හුරු කරවන අතර රටක් ලබන ජයග‍්‍රහන ප‍්‍රදර්ශනය තුලින් ජනතාව ධනාත්මක ආකල්ප වලට හුරු වෙනු ඇත. ආකල්ප පහසුවෙන් වෙනස් කල නොහැක. එයට හේතුව ආකල්ප අධ්‍යාපනය, ජීවත් වන සමාජය තුලින්, දෙමාපියන්ගෙන් සහ ජානමය සාධක මත ගොඩනැගෙන නිසාය. සමාජයක් යහපත් ආකල්ප වලින් ...

ළමා හිංසනයෙන් තොර රටක්

ඔක්තෝබර් 01 ජාත්‍යන්තර ළමා හා වැඩිහිටි දිනයයි. එය ලෝකයේ අනෙක් රටවල් හා හරි හරියට සංකේතාත්මකව සැමරීමට අපද සූදානම් වී සිටිමු. දින 365 න් එක් දිනයක මහා උළෙලක වැඩිහිටි ප්‍රභූන් රැසක් මහා ධනස්කන්ධයක් වැය කොට මහා ශ්‍රවණාගරයක දරුවන් අතලොස්සක් රැස්කර පාට තොප්පියකින් වර්ණවත් ටී ෂර්ට් එකක් අන්ඳවා බත් පැකැට්ටුවක රස බලද්දී , රූපවාහිනියෙන් එය සජීවීව විකාශනය කරන්නේ මු ` ඵ ලොවට දැක ගැනීමටය. මේ අතර අසරණ දරුවෝ තවත් දස දහස්ගණනක් හව්හරනක් නොමැතිව ළමා නිවාසයේ රූපවාහිනියෙන්  රාජ්‍ය සහ රාජ්‍ය නොවන , ප්‍රභූන්ට පමණක් සුන්දර වූ ඒ දිනය අපේක්ෂාවෙන් තොරව බලාසිටිති. වැඩ සටහන අවසන් වූ දරුවන් බස් රථයෙන් නැවතත් සුපුරුදු නිවාසගත වන අතර , ප්‍රභූන් අභිමානයෙන් යුතුව තවත් උත්සවයක් කරා පරිවාර සේනා සමඟ විරාජමාන වන්නේ එය තවත් එක් දිනයක් පමණක් ලෙස සලකාය. මෙම සිදුවීම පසුගිය සෑම වසරකදී මෙන්ම මෙවරද අනාගතයේදීද එලෙසම සිදු වනු ඇත. මෙවන් සැමරීමක් සිදු කළ පමණින් ළමා හිංසනය රටෙන් තුරන් කළ හැකිද ? එය දරුවන් වෙනුවෙන් සිදු කෙරෙන අපේ යුතුකමද ? ළමා හිංසනයෙන් තොර රටක් වෙනුවෙන් අප රටට නිශ්චිත වැඩ පිළිවෙලක් ඇත්ද ? ළමා හිංසනයට එරෙහිව ...

අද පාසලට ලිංගික අධ්‍යාපනය සහ හෙට LGBTQ+

ශ්‍රී ලංකාවේ ජනතාව කොතරම් උගත්කමක්, වත්පොහොසත්කමක්, පවුල් පසුබිමක් අත්දැකීම් තිබුණද චන්දදායකයෙකු ලෙස චන්දය භාවිතා කිරීමේදී ලාංකික ජනතාව හැසිරී තිබෙන ආකාරයනම් ගෝත්‍රික මානසිකත්වයෙන් බව පෙනෙන්නට ඇත.  අතීත ලංකාවේ සිටියේ උගතුන්ට වඩා නිදහස් බුද්ධිමතුන්ය. ගොවිකම, වෙදකම, පෙදරේරුකම කුමන රැකියාවක නිරත වුවද ආගම, ක්‍රීඩාව, සෞන්දර්යය, කලාව වැනි විෂයයන් ගැන අවබෝධයක් රසවිඳීමක නිදහස පොහොසත්කම ඔවුන් සතුව තිබුණි.  එදා ලැජ්ජාව බයට ලොකු වටිනාකමක් විය. වර්තමානයේ රැකියාවම අරමුණු කරගත් අධ්‍යාපන ක්‍රමවේද නිසා තමා හැදෑරූ විෂයයට පරිබාහිර දැනුමකට ගවේශනයකට කාල වේලාවක් නොමැතිකම නිසා වත්මන් ලාංකිකයා සංවේදී බවින් මිදී බාහිරින් ආරෝපනය වන රොබෝවරයෙක් වී ඇත. අද උගතාට ආගමක් දර්ශනයක් ගැන විශ්වාසයක් අවබෝධයක් නැත. සාහිත්‍ය කලාව ගැන රසයක් නැත. පොතක් පතක් කියවන්නට නාට්‍යයක් බලන්නට වෙලාවක් නැත. ආගමික පූජකවරයා පවා මුදල ප්‍රසිද්ධිය පසුපස හඹායාම මිස අධ්‍යාත්මික සංවර්ධනයක් දකින්නට නැත.  එම නිසා මිත්‍යාවෙන් මු`ඵ මහත් සමාජයම වෙලාගෙන ඇත. එවන් පසුබිමක ලංකාවේ දරුවන්ට ලිංගික අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව ඇතිවී ඇති කති...