දශක කීපයකට පෙර වැඩ සිටි භික්ෂූන් වහන්සේ නමක් උන්වහන්සේගේ පෞද්ගලික අදහසකට අනුව තමන් වැඩ සිටින පන්සල මුල් කොට ගෙන බෝධි පූජා සඳහා කවි පංති කීපයක් සකසා ගනු ලැබ ඇත. එහි ඇති කාව්‍ය රසය, උන්වහන්සේගේ තාලය මුල් කොට ගෙන එය උපාසක උපාසිකාවන් අතර එකළ ජනප්‍රිය වන්නට විය. පසුව එම භික්ෂූන් වහන්සේ අකාලයේ අපවත් වීමත් සමඟ මෙම වන්දනා ක්‍රමය යටපත් වුවත් එහි ඇති ආකර්ශනය නිසා සමහර පුද්ගලයන් පෞද්ගලිකව එය මුද්‍රණය කර නොමිලේ බෙදා හදාගත් අතර පසුව වෙළෙන්දන් විසින් පොත් ලෙස මුද්‍රණය කිරීම නිසා ව්‍යාපාරයක් බවට පත් විය. එයින් රටට, බුදු දහමට එතරම් හානියක් සිදු නොවුනත් පසුව කවියන් විසින් කැසට්පට සීඩී තැටි හරහාද පසුව තරුණ භික්ෂූන් විසින්ද බුදු දහමට අකැපැයි කියන (“නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා....) පසුබිම් සංගීතයද මිශ්‍ර කිරීමෙන් එම කවි පන්සල් තුල ගායනා කිරීම නිසා අකාලික බුදු දහමේ නොතිබුණ කවි පද බුදු දහමට නොදැනීම ඇතුලත් විය. අද වන විට මේ හරහා පල්ලියේ මෙන් පන්සල තුලට සංගීතයද රිංගා ගෙන ඇත. එයට අනුව පිරිකර මතින් ඒ පන්සලේ භික්ෂුව මේ පන්සලේද, මේ පන්සලේ භික්ෂුව තවත්...