ශ්‍රී ලංකාවේ ජනතාව කොතරම් උගත්කමක්, වත්පොහොසත්කමක්, පවුල් පසුබිමක් අත්දැකීම් තිබුණද චන්දදායකයෙකු ලෙස චන්දය භාවිතා කිරීමේදී ලාංකික ජනතාව හැසිරී තිබෙන ආකාරයනම් ගෝත්‍රික මානසිකත්වයෙන් බව පෙනෙන්නට ඇත. අතීත ලංකාවේ සිටියේ උගතුන්ට වඩා නිදහස් බුද්ධිමතුන්ය. ගොවිකම, වෙදකම, පෙදරේරුකම කුමන රැකියාවක නිරත වුවද ආගම, ක්‍රීඩාව, සෞන්දර්යය, කලාව වැනි විෂයයන් ගැන අවබෝධයක් රසවිඳීමක නිදහස පොහොසත්කම ඔවුන් සතුව තිබුණි. එදා ලැජ්ජාව බයට ලොකු වටිනාකමක් විය. වර්තමානයේ රැකියාවම අරමුණු කරගත් අධ්‍යාපන ක්‍රමවේද නිසා තමා හැදෑරූ විෂයයට පරිබාහිර දැනුමකට ගවේශනයකට කාල වේලාවක් නොමැතිකම නිසා වත්මන් ලාංකිකයා සංවේදී බවින් මිදී බාහිරින් ආරෝපනය වන රොබෝවරයෙක් වී ඇත. අද උගතාට ආගමක් දර්ශනයක් ගැන විශ්වාසයක් අවබෝධයක් නැත. සාහිත්‍ය කලාව ගැන රසයක් නැත. පොතක් පතක් කියවන්නට නාට්‍යයක් බලන්නට වෙලාවක් නැත. ආගමික පූජකවරයා පවා මුදල ප්‍රසිද්ධිය පසුපස හඹායාම මිස අධ්‍යාත්මික සංවර්ධනයක් දකින්නට නැත. එම නිසා මිත්‍යාවෙන් මු`ඵ මහත් සමාජයම වෙලාගෙන ඇත. එවන් පසුබිමක ලංකාවේ දරුවන්ට ලිංගික අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව ඇතිවී ඇති කති...