Skip to main content

Clean Sri Lanka සහ පොලිස් දෙපාර්තමේන්තුව


    අප රටේ පොලිස් දෙපාර්තමේන්තුව කලින් කලට වරින් වර විවිධ මුහුණුවරින් ජනතාවගේ අවධානයට යොමුවීම සුලබ ලක්ෂනයකි. එම ආයතනයෙන් සිදුවන සේවාවන් ජනමාධ්‍ය තුල විවිධ මුහුණුවරින් ධනාත්මකසේම එම ප්‍රවෘත්තියම නිෂේධනාත්මකව පලවීමද දක්නට ඇත. එයට හේතුව මාධ්‍ය කරණයේදී පෞද්ගලික මාධ්‍ය ප්‍රධාණීන්ගේ අරමුණ වෙනුවෙන්ද, රාජ්‍ය දේශපාලන බලාධිකාරයේ ඕනෑ එපාකම් මතද මාද්‍ය හැසිරවීම පැහැදිලිවම පෙනෙන්නට ඇති නිසාය. එයට කදිම නිදසුනක් ලෙස වත්මන් ත්‍රිරෝද රථ හා බස්රථ වල අතිරේක උපාංග ඉවත් කිරීමට කටයුතු කිරීම පෙන්වා දිය හැක. සියලු මාධ්‍යවලට රටේ දැවෙන ප්‍රශ්ණය එයම හැර වෙන කිසිවක් නැත. එසේම හාස්‍යයට කරුණ නම් එම තත්වය ඉතා පැහැදිලිවම විකුර්ති කර ජනතාව එයට මැදිකිරීමේ අදහසින් පොර පිටියකට දමා රටේ අනෙකුත් ප්‍රශ්ණ යටපත් කිරීමට දෙපාර්ශවයම එකාවන් උත්සාහ දැරීමයි. 

Clean Sri Lanka යනු එක් සංකල්පයකි. Clean Sri Lanka යනු තවමත් නිෂ්චිතව නිම නොකල අසම්පූර්ණ වැඩසටහනකි. අද වන විටත් එම වැඩසටහනට අදාළ වෙබ් අඩවියෙහි තොරතුරු නිවේදනය කිරීමට ඉදිරියේදී නියමිත බව පමණක් සඳහන්ව ඇත. එම නිසා Clean Sri Lanka රජයේ වැඩ පිලිවෙල සහ ත්‍රිරෝද රථ හා බස්රථ වල අතිරේක උපාංග ඉවත් කිරීම ගැන යම් කිසිවකු පක්ෂව හෝ විපක්ෂව සංසන්දනය කිරීමක් කරන්නේනම් එය මුලාවකි. පොලිසිය ත්‍රිරෝද රථ හා බස්රථ වල අතිරේක උපාංග ඉවත් කිරීම අනවශ්‍ය වෙලාවක පටන්ගත් අවශ්‍ය  වෙනත් කරුණකි.

ඉහත සඳහන් කල පරිදි පොලිස් දෙපාර්තමේන්තුව නව පොලිස්පති වරයෙක්, නව රජයක් ආ විගස මාධ්‍ය සංදර්ශන පවත්වමින් කුමන තේමාවක් යටතේ හෝ දෑවැන්ත කෙටි කාලීන වැඩසටහනක් කොට එය යටපත් වෙන්නට හරියි. පසුගිය සමයේ “යුක්තිය” නමින් මත්ද්‍රව්‍ය වැටලීම ඉන් එක් නාට්‍යයකි. පාලකයන් විසින් විරුද්ධවාදීන් හෝ ඔවුන් සතු දේපල අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කිරීම, පාලන තන්ත්‍රයේ දේශපාලකයන්ට ඇති අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීම මින් සමහරකි.  

කෙසේ වෙතත් නවතම සංදර්ශනය නම් පොලීසිය ත්‍රිරෝද රථ හා බස්රථ වල අතිරේක උපාංග ඉවත් කිරීමට ලහිලහියේ කටයුතු කිරීමයි. එයින් අත්දැකීම් නැති නව රජයට නොසිතූ දැඩි අවාසි සහගත තත්වයක් ඇති වුනද පරාජිත දේශපාලන විරුද්ධවාදීන්ට මැතිවරණ පරාජයේ වේදනාව මකා ගැනීමටත් ජයග්‍රහණය වෙනුවෙන් වැඩියෙන් කැපවුන ත්‍රිරෝද බස් හිමියන් පෙලීමටත් කටයුතු සිදුවන බව නම් පෙනී යයි. යම් කොටසක් මෙය තරුණයන්ගේ හීන විනාශ කරන බවට චෝදනා කරයි. තරුණයන්ගේ හීන එය නම් එය විනාශ කල යුතුවම ඇත. තරුණ හීනයක් නම් එය ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය මෙන්ම රටේ සංවර්ධනය වෙනුවෙන් වියයුතු මිසක මනසේ විකෘතිය සමාජයට හානිදායක ලෙස යෙදවීම යහපත් හීනයක් නම් නොවේ. එනමුදු තමන් දුක් මහන්සියෙන් උපයාගත් විශාල මුදලක් වැයකොට මහන්සියෙන් ආසාවෙන් සාදාගත් වාහනයේ අතිරේක ආම්පන්න, ස්ටිකර් ගලවන විට ඔවුන් තුලින් පෙනෙන දුක්බර සෝචනීය මුහුණු වලට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ පොලීසියද වගකිව යුතුව ඇත.   

විවිධ අර්ථ නිරූපන අස්සේ ත්‍රිරෝද, බස්රථ හිමියන් අපහසුතාවයට පත්වන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ පොලීසිය නීතිය, දැනුවත් කිරීම් නොකොට මෙපමණ කලක් නිහඬව සිට ත්‍රිරෝද, බස්රථ හිමියන්ට සිතූසේ අතිරේක උපාංග එකතු කිරීමට ඉඩ දී මාර් ග විනය පිරිහෙන්නට හැර එකවර නීතිය ක්‍රියාත්මක කරවීමයි. මෙයින් එකවර ත්‍රිරෝද, බස්රථ හිමියන් පීඩාවට පත්වීමෙන් පහත් වින්දනයක් ලබන සමාජ මාධ්‍ය හසුරුවන්නන් යම් හෙයකින් හෙට ඔවුන්ගේ වාහන වීදුරුවල ඇති ටින්ටඩ් ස්ටිකරය ගැලවීමට පොලීසිය කටයුතු කලහොත් තමන්ට ඇතිවන පීඩාව ගැන සිහියේ තබාගත යුතුය. මන්ද කිසිම ආකාරයේ ටින්ටඩ් ස්ටිකරයක් වීදුරුව මත සම්පූර්ණයෙන් ඇලවීම දැනටමත් තහනම් නිසාවෙන්. මේ එක් නිදර්ශනයක් පමණි.

ත්‍රිරෝද, බස්රථ අර්බූදයට තවත් හේතුවක් නම් පොලීසියද ක්‍රමවත් අභ්‍යන්තර දැනුවත් වීමකින් තොරව ජනතාවට නීතිය ක්‍රියාත්මක කිරීමට යාමයි. දැන් පොලීස් දෙපාර්තමේන්තුව වැරැද්ද නිවැරදි කරනවා වෙනුවට මාධ්‍ය හමු තබමින් ඔවුන් මෙම මෙහෙයුම සාධාරණීකරනය කිරීමට යාමෙන් තවතවත් පටලවා ගැනීමක් සිදු කරගනී. නිදසුනක් ලෙස ප්‍රවෘත්ති සාකච්ඡා තබමින් මාර්ග අනතුරු ඇතිවීම පිළිබඳ සංඛ්‍යාලේකන ඉදිරිපත් කරයි. ඒ සමඟම ත්‍රිරෝද රථ හා බස්රථ වල සවිකර ඇති අතිරේක උපාංග සුදු යකඩ කොටස්, ඉදිරියට නෙරා ඇති කොටස් වල ගැටීමෙන් මගීන්ට මාරාන්තික අනතුරු, මරණ සිදුවන බව ගැලපීමට බලවත් උත්සාහයක් ගනිති. නමුත් එම මාර්ග අනතුරු වලට හේතුව අධික වේගය, රියදුරන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම, විවේක නොලබා අඛණ්ඩව  සේවය කිරීම බවත් සමහර වාහන ධාවනයට නුසුදුසු තත්වයේ පැවතීම බව පරීක්ෂණ වාර්තා වල සඳහන් කරයි. එසේනම් මෙම ත්‍රිරෝද රථ හා බස්රථ වල සවිකර ඇති අතිරේක උපාංග ඉවත් කිරීමට ප්‍රථම සිදු විය යුත්තේ රියදුරන් හා වාහන වල ගුණාත්මකබව පරීක්ෂා කර ප්‍රමිතියෙන් යුතු ප්‍රවාහන පද්ධතියක්, නිල ඇඳුමක්, නිල හැඳුනුම්පතක්, නිෂ්චිත මිලක් අය කරන මීටර් සහිත ත්‍රිරෝද රථ නීතියක්, ආරක්ෂාකාරී මාර්ග පද්ධතියක් සැකසීමයි. එසේ නොවුනහොත් වරින්වර වෘත්තීය සංගම් වැඩ වර්ජන හමුවේ මහජනතාව තාවකාලිකව අපහසුතාවයට පත්වීම හා ඉන්පසු රජය විසින් පනවනු ලැබූ නීති අණ පනත් තාවකාලිකව හකුලා ගැනීම නිසා ත්‍රිරෝද බස් සංගම් තවතවත් ශක්තිමත්ව ඉදිරියටත් ජනතාව පෙලීමයි.                     (2025 ජනවාරි 09)              

             

Comments

Popular posts from this blog

රටක සංවර්ධනය හා ආකල්පමය වෙනස

රටක සංවර්ධනයට එම රටේ ජනතාවගේ ආකල්ප වල බලපෑම සෘජුවම බලපායි. දියුණු රටක සහ දියුණු වෙමින් පවතින රටක ජනතාවගේ සිතුම් පැතුම් අධ්‍යයනය කිරීමෙන් මේ බව මනාව අවබෝධ කරගත හැක. දියුණු රටවල මිනිසුන් තම ජාතියට දක්වන ගෞරවය, ජාතියක් වශයෙන් තම රටට දක්වන සහයෝගය ඉතා උසස්ය. ධනවත් රටවල් විසින් අනෙකුත් රටවල හා පවතින යුද්ධයේදී තම ජනයා විරෝධතාවය ප‍්‍රකාශ වන්නේ ඉතා සු`ඵ වශයෙනි. එම විරෝධතාවයට ප‍්‍රසිද්ධිය ලැබෙන්නේද මාධ්‍යයන්ගෙන් ඊටත් වඩා සු`ඵ වශයෙනි. ඇමරිකාවට සිදුවූ 2001 සැප්තැම්බර් 11 ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබ`ද සිහි කිරීමේදී කිසිවිට එම ප‍්‍රහාරයේ දර්ශන ප‍්‍රදර්ශනය කිරීමෙන් වැලකී සිටීමට එම රාජ්‍යයන් කටයුතු කලද අප සුනාමි ඛේදවාචකය සිදුවී වසර 10කට ආසන්න වුවද අප තවමත් එම සිදුවීම් ප‍්‍රදර්ශනය කරමින් අතීතය ආවර්ජනය කරමින් සිටී. මෙවන් ප‍්‍රදර්ශන තුලින් ජනතාව නිශේධනාත්මක ආකල්ප වලට හුරු කරවන අතර රටක් ලබන ජයග‍්‍රහන ප‍්‍රදර්ශනය තුලින් ජනතාව ධනාත්මක ආකල්ප වලට හුරු වෙනු ඇත. ආකල්ප පහසුවෙන් වෙනස් කල නොහැක. එයට හේතුව ආකල්ප අධ්‍යාපනය, ජීවත් වන සමාජය තුලින්, දෙමාපියන්ගෙන් සහ ජානමය සාධක මත ගොඩනැගෙන නිසාය. සමාජයක් යහපත් ආකල්ප වලින් ...

ළමා හිංසනයෙන් තොර රටක්

ඔක්තෝබර් 01 ජාත්‍යන්තර ළමා හා වැඩිහිටි දිනයයි. එය ලෝකයේ අනෙක් රටවල් හා හරි හරියට සංකේතාත්මකව සැමරීමට අපද සූදානම් වී සිටිමු. දින 365 න් එක් දිනයක මහා උළෙලක වැඩිහිටි ප්‍රභූන් රැසක් මහා ධනස්කන්ධයක් වැය කොට මහා ශ්‍රවණාගරයක දරුවන් අතලොස්සක් රැස්කර පාට තොප්පියකින් වර්ණවත් ටී ෂර්ට් එකක් අන්ඳවා බත් පැකැට්ටුවක රස බලද්දී , රූපවාහිනියෙන් එය සජීවීව විකාශනය කරන්නේ මු ` ඵ ලොවට දැක ගැනීමටය. මේ අතර අසරණ දරුවෝ තවත් දස දහස්ගණනක් හව්හරනක් නොමැතිව ළමා නිවාසයේ රූපවාහිනියෙන්  රාජ්‍ය සහ රාජ්‍ය නොවන , ප්‍රභූන්ට පමණක් සුන්දර වූ ඒ දිනය අපේක්ෂාවෙන් තොරව බලාසිටිති. වැඩ සටහන අවසන් වූ දරුවන් බස් රථයෙන් නැවතත් සුපුරුදු නිවාසගත වන අතර , ප්‍රභූන් අභිමානයෙන් යුතුව තවත් උත්සවයක් කරා පරිවාර සේනා සමඟ විරාජමාන වන්නේ එය තවත් එක් දිනයක් පමණක් ලෙස සලකාය. මෙම සිදුවීම පසුගිය සෑම වසරකදී මෙන්ම මෙවරද අනාගතයේදීද එලෙසම සිදු වනු ඇත. මෙවන් සැමරීමක් සිදු කළ පමණින් ළමා හිංසනය රටෙන් තුරන් කළ හැකිද ? එය දරුවන් වෙනුවෙන් සිදු කෙරෙන අපේ යුතුකමද ? ළමා හිංසනයෙන් තොර රටක් වෙනුවෙන් අප රටට නිශ්චිත වැඩ පිළිවෙලක් ඇත්ද ? ළමා හිංසනයට එරෙහිව ...

අද පාසලට ලිංගික අධ්‍යාපනය සහ හෙට LGBTQ+

ශ්‍රී ලංකාවේ ජනතාව කොතරම් උගත්කමක්, වත්පොහොසත්කමක්, පවුල් පසුබිමක් අත්දැකීම් තිබුණද චන්දදායකයෙකු ලෙස චන්දය භාවිතා කිරීමේදී ලාංකික ජනතාව හැසිරී තිබෙන ආකාරයනම් ගෝත්‍රික මානසිකත්වයෙන් බව පෙනෙන්නට ඇත.  අතීත ලංකාවේ සිටියේ උගතුන්ට වඩා නිදහස් බුද්ධිමතුන්ය. ගොවිකම, වෙදකම, පෙදරේරුකම කුමන රැකියාවක නිරත වුවද ආගම, ක්‍රීඩාව, සෞන්දර්යය, කලාව වැනි විෂයයන් ගැන අවබෝධයක් රසවිඳීමක නිදහස පොහොසත්කම ඔවුන් සතුව තිබුණි.  එදා ලැජ්ජාව බයට ලොකු වටිනාකමක් විය. වර්තමානයේ රැකියාවම අරමුණු කරගත් අධ්‍යාපන ක්‍රමවේද නිසා තමා හැදෑරූ විෂයයට පරිබාහිර දැනුමකට ගවේශනයකට කාල වේලාවක් නොමැතිකම නිසා වත්මන් ලාංකිකයා සංවේදී බවින් මිදී බාහිරින් ආරෝපනය වන රොබෝවරයෙක් වී ඇත. අද උගතාට ආගමක් දර්ශනයක් ගැන විශ්වාසයක් අවබෝධයක් නැත. සාහිත්‍ය කලාව ගැන රසයක් නැත. පොතක් පතක් කියවන්නට නාට්‍යයක් බලන්නට වෙලාවක් නැත. ආගමික පූජකවරයා පවා මුදල ප්‍රසිද්ධිය පසුපස හඹායාම මිස අධ්‍යාත්මික සංවර්ධනයක් දකින්නට නැත.  එම නිසා මිත්‍යාවෙන් මු`ඵ මහත් සමාජයම වෙලාගෙන ඇත. එවන් පසුබිමක ලංකාවේ දරුවන්ට ලිංගික අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව ඇතිවී ඇති කති...