Skip to main content

Posts

Showing posts from 2026

Clean Srl Lanka ද ? Lean Srl Lanka ද?

 වර්තමාන ශ්‍රී ලංකාව රටේ සංවර්ධනය වෙනුවෙන් හඳුන්වා දුන් නවතම සංකල්පය Clean Srl Lanka නම් වේ. ඇත්ත වශයෙන්ම එය රටට පමා වී හෝ යෝජනා වීම කාලීන අවශ්‍යතාවයකි. එය රටේ තිරසාර සංවර්ධනයට රැකුලකි. එම නිසා Clean Srl Lanka වැඩසටහන පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීම සඳහා මා උනන්දුවෙන් Clean Srl Lanka web site සහ රජයේ චක්‍රලේඛ පරිශීලනය කළෙමි. එහිදී ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය තවත් සාර්ථක කර ගැනීම පිණිස මාගේ අදහස් කිහිපයක්ද රජය වෙත යෝජනා කරමි.  ශ්‍රී ලංකාවේ ආරම්භ වන බොහෝ ව්‍යාපෘති වැඩසටහන් නිවැරදි ඉලක්කයකට කරා යොමු කිරීමට නොහැකි වන්නේ එම වැඩපිළිවෙලෙහිම ඇති සුළු අතපසුවීම් අඩුපාඩුකම් නිසා අවසානයේ අනපේක්ෂිත අසාර්ථකත්වයකිනි. මෙම කටයුත්තේදී ද මට පෙනෙන විදියට ඇති විය හැකියයි සිතෙන  ගැටලු අභියෝග කෙටියෙන් සඳහන් කරමි. උදාහරණයක් ලෙස Clean Srl Lanka වැඩසටහන සිංහල හා දමිළ භාෂාවෙන් බොහෝ ජනතාව දැනුවත් නොකිරීම හෝ වෙබ් අඩවි වලත් පහසුවෙන් සොයා ගැනීමට නොහැකි වීම.  කෙසේ වෙතත් මා කල සරල කෙටි අධ්‍යනයේදී දැක්ම මෙහෙවර තිබුණද එයට අදාල ක්‍රියාකාරී සැලැස්මක් කාල රාමුවක් දැක ගන්නටත් තිබුණානම් අගනේය. නිදස...

තරගකාරී අධ්‍යාපනයේ අවසානය බුද්ධිහීනතාවයද?

වර්තමානයේ අධ්‍යාපනය ලබා ගැනීමට දරුවන් ශිෂ්‍යයන් මෙන්ම වැඩිහිටි ප්‍රජාවේද උනන්දුව වැඩිවී තිබෙන බවක් පෙනෙන්නට ඇත. එය රටක සංවර්ධනයට මානව සංහතියේ දියුණුවට බෙහෙවින් බලපාන අත්‍යවශ්‍යම සාධකයකි. දැන් ඒ සඳහා දෙස් විදෙස් පහසුකම් සපයන උපදේශන සේවා ඒජන්සිද ඇත. තමනට අවශ්‍ය විවිධ කේෂ්ත්‍ර වල සහතික, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි ලබා ගැනීමට අධ්‍යාපනික ආයතන විවිධ ආකාරයේ ආකර්ශනීය ප්‍රචාරක දැන්වීම්ද අප විවිධ මාධ්‍යයන් තුලින් දකින්නෙමු. මෙම නොඅඩුව පවතින තරගකාරී ස්වභාවය නිසා මේවන විට උගත්කම පසෙකලා සහතිකයකට එසේත් නැතිනම් තම පෞද්ගලික අපේක්ෂාවන් පතා මේ සඳහා පෙල ගැසෙන හිස් ගෙඩි සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක් දකින්නට ඇත. එදා තිබූ අධ්‍යාපන ක්‍රමයෙන් මිනිසා ලබා ගන්නා දැනුම තමනට පමණක් නොව ඉන් බාහිර සමාජයටද ඵලදායී සේවාවක් සැපයීමටද පරිසරයක් නිර්මාණය  චී තිබුණි. එහෙත් නව අධ්‍යාපන සංස්කෘතිය තුල මුදල ප්‍රධාන කොට පිරිනමන සහතික නිසා සමහර පුද්ගලයින් විදේශ රැකියා, හෝ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට යාමේදී මෙවැනි බොහෝ ආයතන රජයේ පිලිගැනීමේ අනුමැතිය නොතිබීම නිසා ලබාගත් සහතිකයේ නියම වටිනාකම මෙන්ම ආයෝජිත මුදල සහ...