Skip to main content

තරගකාරී අධ්‍යාපනයේ අවසානය බුද්ධිහීනතාවයද?



වර්තමානයේ අධ්‍යාපනය ලබා ගැනීමට දරුවන් ශිෂ්‍යයන් මෙන්ම වැඩිහිටි ප්‍රජාවේද උනන්දුව වැඩිවී තිබෙන බවක් පෙනෙන්නට ඇත. එය රටක සංවර්ධනයට මානව සංහතියේ දියුණුවට බෙහෙවින් බලපාන අත්‍යවශ්‍යම සාධකයකි. දැන් ඒ සඳහා දෙස් විදෙස් පහසුකම් සපයන උපදේශන සේවා ඒජන්සිද ඇත. තමනට අවශ්‍ය විවිධ කේෂ්ත්‍ර වල සහතික, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි ලබා ගැනීමට අධ්‍යාපනික ආයතන විවිධ ආකාරයේ ආකර්ශනීය ප්‍රචාරක දැන්වීම්ද අප විවිධ මාධ්‍යයන් තුලින් දකින්නෙමු. මෙම නොඅඩුව පවතින තරගකාරී ස්වභාවය නිසා මේවන විට උගත්කම පසෙකලා සහතිකයකට එසේත් නැතිනම් තම පෞද්ගලික අපේක්ෂාවන් පතා මේ සඳහා පෙල ගැසෙන හිස් ගෙඩි සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක් දකින්නට ඇත. එදා තිබූ අධ්‍යාපන ක්‍රමයෙන් මිනිසා ලබා ගන්නා දැනුම තමනට පමණක් නොව ඉන් බාහිර සමාජයටද ඵලදායී සේවාවක් සැපයීමටද පරිසරයක් නිර්මාණය  චී තිබුණි.

එහෙත් නව අධ්‍යාපන සංස්කෘතිය තුල මුදල ප්‍රධාන කොට පිරිනමන සහතික නිසා සමහර පුද්ගලයින් විදේශ රැකියා, හෝ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට යාමේදී මෙවැනි බොහෝ ආයතන රජයේ පිලිගැනීමේ අනුමැතිය නොතිබීම නිසා ලබාගත් සහතිකයේ නියම වටිනාකම මෙන්ම ආයෝජිත මුදල සහ කාලයද අපතේ ගිය අවස්ථා අසන්නට ඇත. 

මෙම ආරංචිය නිසා මෑත දිනක ඩිප්ලෝමාවක් සඳහා තිබූ දැන්වීමකට අනුව මා ප්‍රසිද්ධ පෞද්ගලික විශ්වවිද්‍යාලයකට දුරකතනයෙන් ඇමතීමි. එහිදී රජයේ අනුමැතිය පිළිබඳව විමසීමේදී ඉතා කූඨ ලෙස එම ආයතනය රජයේ ලියාපදිංචි වී ඇතැයි පැවසීය. නැවතත් මෙම අදාල  ඩිප්ලෝමාව සඳහා රජයේ අනුමැතිය ඇත්දැයි විමසූ විට ඍජු පිළිතුරක් නොදී මෙම සහතිකයෙන් පසු උසස් අධ්‍යාපනය හදාරන්නන් සඳහා රජයේ අනුමැතිය (UGC/TVEC) ලබා ඇති බව පැවසීය. මෙසේ පුද්ගලයින් රවටන අධ්‍යාපනික ආයතන වල ඇති භයානකකම නම් වානිජ අපේක්ෂාවෙන් වැඩි පිරිසක් බඳවා ගැනීමට එම විෂය නිර්දේශ වල ඇති ගුණාත්මක භාවයේ අඩුවයි. එසේම තම ආයතනයන්ට ජනතාව අභිප්‍රේරණය, ආකර්ශනය කර ගැනීමට අවසානයේ සහතික පිලිගැන්වීමට සංදර්ශනාත්මක වටිනාකම් ලෙස සංවිධායකයන් විසින් විශාල මුදලක්  අයකර පමණට වඩා අතිඋත්කර්ශනීය උත්සවයක් පවත්වා ඡායාරූප ගැනීම්, එදින රාත්‍රිය තරු හෝටලයක සාදයකින් අවසන් කිරීමද, දෙමව්පියන්ට උපාධි ලෝගුව අන්දවා ඡායාරූප ගැනීම, උපාධියේදී පලදින තොප්පිය කණ්ඩායමක් ලෙස ගලවා උඩට විසි කරමින් ඡායාරූපගත කිරීම් ඒවා මාධ්‍යතුලද ප්‍රචාරය වෙනු දැකිය හැක. අතීතයේ මෙවැනි සිදුවීම් බොහෝ කලාතුරකින් අසන්නට දකින්නට ලැබුණද අද එය ප්‍රධාන අංගයක් බවට පත්වී ඇත. මෙයින් පැවසන්නේ එවැන්නක් කිරීම යෝග්‍ය නොවන බව නොව එයට සමගාමීව ලබාදෙන අධ්‍යාපනයද උසස් තත්වයෙන් පැවතිය යුතු බවයි.

මෙම තත්වය නිසා යම් පුද්ගලයින් ලබා ගන්නා සහතිකය බොහෝ විට ලංකාව තුල නව රැකියා, උසස්වීම් සඳහා භාවිතයට ගැනීමෙන් රටේ හිස් උගතුන් නිසා දක්ෂයන්ට බුද්ධිමතුන්ට එවන්නන් යටතේ සේවය කිරීමට සිදුව ඇත. එසේම දැනට TOPUP ක්‍රමයට පළපුරුද්ද මත ( මුදලට සේවා පලපුරුදු සහතික නිකුත් කරන ආයතනද මුහුණපොතේ දැන්වීම් පල කරනු දක්නට ඇත.) ඩිප්ලෝමාවක් නොමැත්තෙකුට උසස් ඩිප්ලෝමාවක්ද, උපාධියක් නොමැත්තෙකුට ශාස්ත්‍රපති උපාධියක්ද (Shortcut) කෙටි කලකින් ලබා ගැනීමට මඟ සලසා ඇත. (විදේශයන්හිද මෙම ක්‍රමය භාවිතා කලත් එහි ප්‍රමිතිය වානිජීකරණය වී නොමැති නිසා බිහිවන්නේ සහතිකලාභියෙකු නොව උගතෙකි.) එයට හොඳම නිදසුන නම් මේ වන විට සමාජ මාධ්‍යජාලා වල ඩිප්ලෝමා, උපාධි සඳහා ප්‍රසිද්ධියේම නිබන්ධන ලිවීමට වෙළඳ දැන්වීම් පලකිරීම පෙන්වා දිය හැක. ඒ අනුව ඩිප්ලෝමාවක, උපාධියක හරය වන නිබන්ධන ලිවීම වෙනත් පාර්ශවයකින් සිදුවේ නම් ඒ ලබාගන්නා සහතිකයේ උගත්කමේ අගයක් නොමැතිබව පැහැදිලි ලෙසම සිතාගත හැකිය.

එසේ වෙතත් එයට විරුද්ධව කටයුතු කිරීමට අවශ්‍ය වගකිවයුතු ආයතන ක්‍රියාත්මක නොවීම, එම ආයතන වල සේවකයන් ජනතා බදු මුදලින් අධ්‍යාපනය ලබා වරප්‍රසාද, වැටුප් ලබමින් සේවය කරන ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙසින් ඔවුන්ගේ ව්‍යවහාර බුද්ධියේ (Common Sens) අඩුවීමක් දැයි අවධානය යොමු කරවිය යුතු කරුණකි.

මෙම පසුබිමට අනුව නියමිත ආකාරයට රජයේ අධ්‍යාපනය ලබා උසස් පෙළ සමත්ව රජයේ විශ්වවිද්‍යාලයක වසර හතරක් පහක් ( වැඩ වර්ජන නොතිබුනොත්)  ගතකර එලියට එන ශිෂ්‍යයෙකුට සේවය කිරීමට සිදුවන්නේ  Shortcut මඟින් උසස් අධ්‍යාපනය ලැබ උසස් තනතුරක් දරණ තමාට වඩා නූගතකු යටතේය. මෙම තත්වය රටක අනාගතයට දියුණුවට තදින්ම දැනට වඩා ඉදිරියේදී දැනෙන බලපෑමක් ව්‍යවසනයක් සිදු වුනද ඒ සඳහා වගකිවයුතු ආයතන නීති, චක්‍රලේඛන, අණ පනත් ජනතාව දැනුවත් කිරීම වෙනුවට ලිපිගොනු වලට සීමා කොට ඇත. එම ආයතන වලින් අවශ්‍ය තොරතුරු විමසීමේදී සහයවීම වෙනුවට තරහකරුවෙකුට ආමන්ත්‍රනය කරන ආකාරය හෝ වෙනත් ආයතනයක, අංශයක නිළදාරියෙකුගෙන් විමසන ලෙස පවසා මඟ අරින ස්වභාවයක්ද ඇත.

රටේ සාමාන්‍ය බුද්ධියක් ඇත්තෙකුට පවා පෙනෙන මේ ඛේදවාචකයට දේශපාලනමය මැදිහත්වීමක් බලාපොරොත්තු විය නොහැක්කේ පවතින මෙම අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවෙන්නන්ගේ දැනුම, ආකල්ප, කුසලතාවන්ගේ අඩු වීම තුළ ඔවුන්ට පහසු පාලනයක් රටතුල ගෙනයාමට අවකාශ ඇති නිසාය. 


                                                    (28/01/2023)


Comments

Popular posts from this blog

රටක සංවර්ධනය හා ආකල්පමය වෙනස

රටක සංවර්ධනයට එම රටේ ජනතාවගේ ආකල්ප වල බලපෑම සෘජුවම බලපායි. දියුණු රටක සහ දියුණු වෙමින් පවතින රටක ජනතාවගේ සිතුම් පැතුම් අධ්‍යයනය කිරීමෙන් මේ බව මනාව අවබෝධ කරගත හැක. දියුණු රටවල මිනිසුන් තම ජාතියට දක්වන ගෞරවය, ජාතියක් වශයෙන් තම රටට දක්වන සහයෝගය ඉතා උසස්ය. ධනවත් රටවල් විසින් අනෙකුත් රටවල හා පවතින යුද්ධයේදී තම ජනයා විරෝධතාවය ප‍්‍රකාශ වන්නේ ඉතා සු`ඵ වශයෙනි. එම විරෝධතාවයට ප‍්‍රසිද්ධිය ලැබෙන්නේද මාධ්‍යයන්ගෙන් ඊටත් වඩා සු`ඵ වශයෙනි. ඇමරිකාවට සිදුවූ 2001 සැප්තැම්බර් 11 ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබ`ද සිහි කිරීමේදී කිසිවිට එම ප‍්‍රහාරයේ දර්ශන ප‍්‍රදර්ශනය කිරීමෙන් වැලකී සිටීමට එම රාජ්‍යයන් කටයුතු කලද අප සුනාමි ඛේදවාචකය සිදුවී වසර 10කට ආසන්න වුවද අප තවමත් එම සිදුවීම් ප‍්‍රදර්ශනය කරමින් අතීතය ආවර්ජනය කරමින් සිටී. මෙවන් ප‍්‍රදර්ශන තුලින් ජනතාව නිශේධනාත්මක ආකල්ප වලට හුරු කරවන අතර රටක් ලබන ජයග‍්‍රහන ප‍්‍රදර්ශනය තුලින් ජනතාව ධනාත්මක ආකල්ප වලට හුරු වෙනු ඇත. ආකල්ප පහසුවෙන් වෙනස් කල නොහැක. එයට හේතුව ආකල්ප අධ්‍යාපනය, ජීවත් වන සමාජය තුලින්, දෙමාපියන්ගෙන් සහ ජානමය සාධක මත ගොඩනැගෙන නිසාය. සමාජයක් යහපත් ආකල්ප වලින් ...

ළමා හිංන්සනයෙන් තොර රටක්

2024 නව ජනාධිපතිට පුඵවන්ද රට හදන්න?

     එක් ජනපති මැතිවරණයක් අවසන් වී තවත් පාර්ලීමෙන්තුව මහ මැතිවරණයක් නොබෝ දිනකින් පැමිණීමට නියමිතය පසුගිය මැතිවරණයේදී පක්ෂ පෙරළියක් වී නැවුම් පක්ෂයක් බලයට පැමිණියද ඊට පෙර පැවැති මැතිවරණ වලදී මෙන්ම සිදු වූයේද වැඩියෙන්ම බොරුව සමාජගත කළ පක්‍ෂය රජ වීමයි. වෙනසකට ඇත්තේ පෙර පැවැති රජයන් ජනතාවට සහන ලෙස බොරු පොරොන්දු දී බලය ලබා ගැනීම සහ මෙවර සුළුවෙන් බොරු පොරොන්දුද වැඩියෙන් විරුද්ධවාදි පක්ෂ වෙත වෛරය, අවලාද ජනතාව තුළ ප්‍රචලිත කිරීමයි. අවසාන ප්‍රතිඵලය වූයේ ජනතාව පැරදී පැවති බොරුවම ජය ගැනීමයි. නිදසුනක් ලෙස ජවිපෙ නායක අනුර කුමාර විසින් කලක සිට කුමාර් ගුණරත්නම් ගැන, ලැම්බොගිනි, රත්ත්‍රන් කඩු, මුහුද ගොඩ කරන ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ක`ඵගල් ....ආදී පැහැදිලි වීඩියෝ දර්ශන තිබියදීත් එවැන්නක් නොකී බවට ප්‍රකාශ කිරීම පෙන්වා දිය හැක. පරන්තන් කම්හලේ සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කිරීමෙන් ගබඩා පාලක, ලිපිකරු වැනි විශාල රැකියා සංඛ්‍යාවක් උත්පාදනය වන බව පවසා වැඩි දිනක් යාමට මත්තෙන් එයද මුසාවක් බව හෙලිවිය. ණය ගැනීමට නම් රටට නායකයෙක් ඕනදැයි ඇසූ අනුර රටේ ණය බිලියන ගණන මහ ලොකු ගානක්දැයි අසා දැන් සතියට දෙතුන් ...