Skip to main content

Clean Srl Lanka ද ? Lean Srl Lanka ද?

 වර්තමාන ශ්‍රී ලංකාව රටේ සංවර්ධනය වෙනුවෙන් හඳුන්වා දුන් නවතම සංකල්පය Clean Srl Lanka නම් වේ. ඇත්ත වශයෙන්ම එය රටට පමා වී හෝ යෝජනා වීම කාලීන අවශ්‍යතාවයකි. එය රටේ තිරසාර සංවර්ධනයට රැකුලකි. එම නිසා Clean Srl Lanka වැඩසටහන පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීම සඳහා මා උනන්දුවෙන් Clean Srl Lanka web site සහ රජයේ චක්‍රලේඛ පරිශීලනය කළෙමි. එහිදී ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය තවත් සාර්ථක කර ගැනීම පිණිස මාගේ අදහස් කිහිපයක්ද රජය වෙත යෝජනා කරමි. 

ශ්‍රී ලංකාවේ ආරම්භ වන බොහෝ ව්‍යාපෘති වැඩසටහන් නිවැරදි ඉලක්කයකට කරා යොමු කිරීමට නොහැකි වන්නේ එම වැඩපිළිවෙලෙහිම ඇති සුළු අතපසුවීම් අඩුපාඩුකම් නිසා අවසානයේ අනපේක්ෂිත අසාර්ථකත්වයකිනි. මෙම කටයුත්තේදී ද මට පෙනෙන විදියට ඇති විය හැකියයි සිතෙන  ගැටලු අභියෝග කෙටියෙන් සඳහන් කරමි. උදාහරණයක් ලෙස Clean Srl Lanka වැඩසටහන සිංහල හා දමිළ භාෂාවෙන් බොහෝ ජනතාව දැනුවත් නොකිරීම හෝ වෙබ් අඩවි වලත් පහසුවෙන් සොයා ගැනීමට නොහැකි වීම. 

කෙසේ වෙතත් මා කල සරල කෙටි අධ්‍යනයේදී දැක්ම මෙහෙවර තිබුණද එයට අදාල ක්‍රියාකාරී සැලැස්මක් කාල රාමුවක් දැක ගන්නටත් තිබුණානම් අගනේය. නිදසුනක් ලෙස රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/2025ට අනුව සෙයිරී සතියක් නම් කළද සතියෙන් මාස තුනකට පසු කිරීමට නියමිත එනම් 2025 දෙසැම්පර් 04 පමණ සාකච්ඡාවේ ප්‍රගතිය සොයා බැලීමටත් එහි ප්‍රතිඵලත් ජනතාවට දැන ගන්නට තිබුණානම් ඉතා ඵලදායීයයි හැඟේ. එහි ප්‍රගතියත් සමඟ ජනතාවගේ සහයද වැඩි වෙනු ඇත. කෙසේ වෙතත් දෝෂ අඩුපාඩු විවේචනාත්මක ඇසින්ම නොබලා නිවැරදි විය යුතු යයි සිතෙන කරණු කීපයක් කෙටියෙන් සඳහන් කරමි. 

Clean Srl Lanka දෑවැන්ත වැඩසටහනක් බැවින් එයට වෙන්වුන වගකිවයුතු ඒ පිළිබඳ මනා දැණුමක් ඇති නිළධාරියෙකුට වගකීම පැවරීම. දැක්ම මෙහෙවරට ප්‍රායෝගික/උපාය මාර්ගික සැලැස්මක්, කාල රාමුවක් සකසා, ඒ අනුව පසු විපරම් කිරීම, සැබෑ බලපෑම (Real Impact) ගණනය, ඒවා විශ්ලේශන කොට වාර්තා ගත කර අඩුපාඩු සැකසීමට අදාල අංශ දැනුවත් කිරීම. ප්‍රතිඵල මැණීම් විද්‍යාණුකූල ක්‍රමවේදයන්ට අනුව සිදු කිරීම ආදීය වේ. තවද ප්‍රධාන කාර්ය සාධන දර්ශක (Key Performance Indicators) වෙන් වෙන්ව හඳුනා ගැනීම. ඒ පිළිබඳව වැඩ සටහන ආරම්භ කිරීමට පෙර කාර්ය මණ්ඩල ප්‍රමාණවත් දැනුවත් කිරීම් පුහුණු කිරීම් සැසි පැවැත්වීම. කාලයක පටන් ලංකාවේ බොහෝ ආයතන නාස්තියට දූෂණයට හුරු වී ඇති නිසා වියදම් අඩු කිරීමට ලීන්(lean) නැමති සංකල්පය ක්‍රියාත්මක කිරීම ඉතා වටින්නේය. (lean) හි ප්‍රධාන මූලධර්ම පහට අමතරව එහි අති නාස්ති අටට අනුව විධිමත් ක්‍රමවේදයකින් Clean Srl Lanka  වැඩසටහන කඩිනමින් ජනතාව අතර ප්‍රචලිතවීමට එය රුකුලක් වෙනු ඇත.

මෙවැනි රටට සෘජුව බලපාන දෑවැන්ත කටයුත්තකදී ලීන්  (lean) කයිසන් (Kizen)  වැනි ජාත්‍යන්තර පිලිගත් විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුකූලව මැනීම් ඇගයීම් කරන්නේ නම් ඒ සඳහා දේශීය විදේශීය විද්වතුන්ගේ සහය මෙන්ම ජාත්‍යන්තර ඇගයීම් වලටද පහසුවෙන් ලක් කරගත හැක. ඒ සඳහා Clean Srl Lanka  ලීන්  (lean) ක්‍රමවේදය හෝ එවැනිවූ පිළිගත් ක්‍රමයන් අනුගමනය කරන්නේ නම් වඩාත් ප්‍රතිඵලදායක වේ යයි සිතමි. (07 ජනවාරි 2026)


මුදිත එස්. පරණමාන

Comments

Popular posts from this blog

රටක සංවර්ධනය හා ආකල්පමය වෙනස

රටක සංවර්ධනයට එම රටේ ජනතාවගේ ආකල්ප වල බලපෑම සෘජුවම බලපායි. දියුණු රටක සහ දියුණු වෙමින් පවතින රටක ජනතාවගේ සිතුම් පැතුම් අධ්‍යයනය කිරීමෙන් මේ බව මනාව අවබෝධ කරගත හැක. දියුණු රටවල මිනිසුන් තම ජාතියට දක්වන ගෞරවය, ජාතියක් වශයෙන් තම රටට දක්වන සහයෝගය ඉතා උසස්ය. ධනවත් රටවල් විසින් අනෙකුත් රටවල හා පවතින යුද්ධයේදී තම ජනයා විරෝධතාවය ප‍්‍රකාශ වන්නේ ඉතා සු`ඵ වශයෙනි. එම විරෝධතාවයට ප‍්‍රසිද්ධිය ලැබෙන්නේද මාධ්‍යයන්ගෙන් ඊටත් වඩා සු`ඵ වශයෙනි. ඇමරිකාවට සිදුවූ 2001 සැප්තැම්බර් 11 ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබ`ද සිහි කිරීමේදී කිසිවිට එම ප‍්‍රහාරයේ දර්ශන ප‍්‍රදර්ශනය කිරීමෙන් වැලකී සිටීමට එම රාජ්‍යයන් කටයුතු කලද අප සුනාමි ඛේදවාචකය සිදුවී වසර 10කට ආසන්න වුවද අප තවමත් එම සිදුවීම් ප‍්‍රදර්ශනය කරමින් අතීතය ආවර්ජනය කරමින් සිටී. මෙවන් ප‍්‍රදර්ශන තුලින් ජනතාව නිශේධනාත්මක ආකල්ප වලට හුරු කරවන අතර රටක් ලබන ජයග‍්‍රහන ප‍්‍රදර්ශනය තුලින් ජනතාව ධනාත්මක ආකල්ප වලට හුරු වෙනු ඇත. ආකල්ප පහසුවෙන් වෙනස් කල නොහැක. එයට හේතුව ආකල්ප අධ්‍යාපනය, ජීවත් වන සමාජය තුලින්, දෙමාපියන්ගෙන් සහ ජානමය සාධක මත ගොඩනැගෙන නිසාය. සමාජයක් යහපත් ආකල්ප වලින් ...

ළමා හිංසනයෙන් තොර රටක්

ඔක්තෝබර් 01 ජාත්‍යන්තර ළමා හා වැඩිහිටි දිනයයි. එය ලෝකයේ අනෙක් රටවල් හා හරි හරියට සංකේතාත්මකව සැමරීමට අපද සූදානම් වී සිටිමු. දින 365 න් එක් දිනයක මහා උළෙලක වැඩිහිටි ප්‍රභූන් රැසක් මහා ධනස්කන්ධයක් වැය කොට මහා ශ්‍රවණාගරයක දරුවන් අතලොස්සක් රැස්කර පාට තොප්පියකින් වර්ණවත් ටී ෂර්ට් එකක් අන්ඳවා බත් පැකැට්ටුවක රස බලද්දී , රූපවාහිනියෙන් එය සජීවීව විකාශනය කරන්නේ මු ` ඵ ලොවට දැක ගැනීමටය. මේ අතර අසරණ දරුවෝ තවත් දස දහස්ගණනක් හව්හරනක් නොමැතිව ළමා නිවාසයේ රූපවාහිනියෙන්  රාජ්‍ය සහ රාජ්‍ය නොවන , ප්‍රභූන්ට පමණක් සුන්දර වූ ඒ දිනය අපේක්ෂාවෙන් තොරව බලාසිටිති. වැඩ සටහන අවසන් වූ දරුවන් බස් රථයෙන් නැවතත් සුපුරුදු නිවාසගත වන අතර , ප්‍රභූන් අභිමානයෙන් යුතුව තවත් උත්සවයක් කරා පරිවාර සේනා සමඟ විරාජමාන වන්නේ එය තවත් එක් දිනයක් පමණක් ලෙස සලකාය. මෙම සිදුවීම පසුගිය සෑම වසරකදී මෙන්ම මෙවරද අනාගතයේදීද එලෙසම සිදු වනු ඇත. මෙවන් සැමරීමක් සිදු කළ පමණින් ළමා හිංසනය රටෙන් තුරන් කළ හැකිද ? එය දරුවන් වෙනුවෙන් සිදු කෙරෙන අපේ යුතුකමද ? ළමා හිංසනයෙන් තොර රටක් වෙනුවෙන් අප රටට නිශ්චිත වැඩ පිළිවෙලක් ඇත්ද ? ළමා හිංසනයට එරෙහිව ...

අද පාසලට ලිංගික අධ්‍යාපනය සහ හෙට LGBTQ+

ශ්‍රී ලංකාවේ ජනතාව කොතරම් උගත්කමක්, වත්පොහොසත්කමක්, පවුල් පසුබිමක් අත්දැකීම් තිබුණද චන්දදායකයෙකු ලෙස චන්දය භාවිතා කිරීමේදී ලාංකික ජනතාව හැසිරී තිබෙන ආකාරයනම් ගෝත්‍රික මානසිකත්වයෙන් බව පෙනෙන්නට ඇත.  අතීත ලංකාවේ සිටියේ උගතුන්ට වඩා නිදහස් බුද්ධිමතුන්ය. ගොවිකම, වෙදකම, පෙදරේරුකම කුමන රැකියාවක නිරත වුවද ආගම, ක්‍රීඩාව, සෞන්දර්යය, කලාව වැනි විෂයයන් ගැන අවබෝධයක් රසවිඳීමක නිදහස පොහොසත්කම ඔවුන් සතුව තිබුණි.  එදා ලැජ්ජාව බයට ලොකු වටිනාකමක් විය. වර්තමානයේ රැකියාවම අරමුණු කරගත් අධ්‍යාපන ක්‍රමවේද නිසා තමා හැදෑරූ විෂයයට පරිබාහිර දැනුමකට ගවේශනයකට කාල වේලාවක් නොමැතිකම නිසා වත්මන් ලාංකිකයා සංවේදී බවින් මිදී බාහිරින් ආරෝපනය වන රොබෝවරයෙක් වී ඇත. අද උගතාට ආගමක් දර්ශනයක් ගැන විශ්වාසයක් අවබෝධයක් නැත. සාහිත්‍ය කලාව ගැන රසයක් නැත. පොතක් පතක් කියවන්නට නාට්‍යයක් බලන්නට වෙලාවක් නැත. ආගමික පූජකවරයා පවා මුදල ප්‍රසිද්ධිය පසුපස හඹායාම මිස අධ්‍යාත්මික සංවර්ධනයක් දකින්නට නැත.  එම නිසා මිත්‍යාවෙන් මු`ඵ මහත් සමාජයම වෙලාගෙන ඇත. එවන් පසුබිමක ලංකාවේ දරුවන්ට ලිංගික අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව ඇතිවී ඇති කති...