වර්තමාන ශ්‍රී ලංකාව රටේ සංවර්ධනය වෙනුවෙන් හඳුන්වා දුන් නවතම සංකල්පය Clean Srl Lanka නම් වේ. ඇත්ත වශයෙන්ම එය රටට පමා වී හෝ යෝජනා වීම කාලීන අවශ්‍යතාවයකි. එය රටේ තිරසාර සංවර්ධනයට රැකුලකි. එම නිසා Clean Srl Lanka වැඩසටහන පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීම සඳහා මා උනන්දුවෙන් Clean Srl Lanka web site සහ රජයේ චක්‍රලේඛ පරිශීලනය කළෙමි. එහිදී ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය තවත් සාර්ථක කර ගැනීම පිණිස මාගේ අදහස් කිහිපයක්ද රජය වෙත යෝජනා කරමි. ශ්‍රී ලංකාවේ ආරම්භ වන බොහෝ ව්‍යාපෘති වැඩසටහන් නිවැරදි ඉලක්කයකට කරා යොමු කිරීමට නොහැකි වන්නේ එම වැඩපිළිවෙලෙහිම ඇති සුළු අතපසුවීම් අඩුපාඩුකම් නිසා අවසානයේ අනපේක්ෂිත අසාර්ථකත්වයකිනි. මෙම කටයුත්තේදී ද මට පෙනෙන විදියට ඇති විය හැකියයි සිතෙන ගැටලු අභියෝග කෙටියෙන් සඳහන් කරමි. උදාහරණයක් ලෙස Clean Srl Lanka වැඩසටහන සිංහල හා දමිළ භාෂාවෙන් බොහෝ ජනතාව දැනුවත් නොකිරීම හෝ වෙබ් අඩවි වලත් පහසුවෙන් සොයා ගැනීමට නොහැකි වීම. කෙසේ වෙතත් මා කල සරල කෙටි අධ්‍යනයේදී දැක්ම මෙහෙවර තිබුණද එයට අදාල ක්‍රියාකාරී සැලැස්මක් කාල රාමුවක් දැක ගන්නටත් තිබුණානම් අගනේය. නිදස...