......ළමා අයිතිවාසිකම් වලට පමණක් සීමාවීම නිසා අනෙකුත්
පාර්ශවයන්ගේ අයිතිවාසිකම් වලට යම්කිසි අසාධාරනයක් වෙනු ඇති. එසේම පූර්ණ නිගමනයකටද
එලඹීමට නොහැකිවනු ඇතැයි මගේ හැගීමයි. එබැවින් මා විවිධ කෝනයන්ගෙන් මා දකින ආකාරයට ඒ පිළිබදව විග‍්‍රයක් කරුනුයේ ඔබ ආයතනයේද ඒ පිළිබදව අවධානය යොමු කරවීමටයි.
ළමා අයිතිවාසිකම් ලෙස ගත්විට අද පවතින අධ්‍යාපන ක‍්‍රමය අනුව ළමයෙකුට එවැනි අයිතිවාසිකමක් අප විසින් ඇතිකර ඇත්ද යන්න පලමුවෙන් සිතා බැලිය යුතුය. අද දරුවන් දෙමාපියන්ගේ පරමාර්ථ පිරිමසින අධ්‍යාපන රොබෝවරුන්ය. ජනාධිපතිතුමාද යම් අවස්ථාවලදී මේ ගැන කතා කරනු දක්නා ලදී. ඒ පිළිබදව ලිපි දේශන කෙතෙකුත් ඇතත් ක‍්‍රියාමාර්ග ගැනීමට ජාතික හෝ අන්තර්ජාතික ආයතන නැත. දෙමාපියන්ටද මෙම ක‍්‍රමයෙන් මිදී විකල්ප ක‍්‍රමවේදයක් ගැන සිතිය නොහැකි තත්වයකට පත්ව ඇත. එසේ නොහැකි නම් මෙයට වගකිවයුතන් සහ අපචාර වැඩිවමට ඉගියක් මෙම ප‍්‍රශ්නාවලියෙන් ඔබට ලබාගත හැකිවේ යයි සිතමි.
1) ළමයින්ගේ විෂමාචාර වලට අධ්‍යාපන ක‍්‍රමය වක‍්‍රව බලනොපාන බව කිව නොහැක්කේ කාහටද?
2) තවද ලමයෙකු අපචාරයකට ලක්වූ පසු අධිකරණය මගින් දරුවා පරිවාස බාරයටත් අපචාරය සිදුකල පුද්ගලයා බන්ධනාගාර ගතකොට ටික දිනකිත් ඇපපිට නිදහස්ව සිවිල් සමාජය තුල නිදහසේ කටයුතු කරයි
නම් මින් දඩුවම් ලබන්නේ ළමයා මිස වෙන කවුරුන්ද?
3) මෙම ළමා රැුදවුම් නිවාසගත ළමයෙකුට ප‍්‍රමාණවත් මානසික රැකවරනයක් විධිමත් අධ්‍යාපනයක් පහසුකමක් ලැබේද? ඔව් නම් අධීක්ෂන වාර්තා පෙන්වා දිය යුතුය.
4) එසේම මෙම ළමා නිවාස වල අපචාරයේ ස්වභාවය මත හෝ වෙනත් වර්ගීකරනයකට ලක්කොට ඇතිද?
(උදාඃ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ දරුවකු / අසරන ලිංගික අපචාරයකට ලක්වූ / පදිකදරුවන් / විවිධ අපරාධ වලට සම්බන්ධ හෝ වෙනත් ආකාරයකට වශයෙන්)
5) එසේ නොවුනහොත් මෙම ළමයින් පුනරුත්ථාපනය වෙනුවට තවත් අපරාධ හෝ අපචාර වලට යොමු වීමක් සිදු නොවේද?
6) මෙම පුනරුත්ථාපන ආයතන වල ළමයින් හා සෘජුව ගැටෙන සේවක සේවිකාවන්හට විධිමත් පුහුණු වැඩසටහන් වසරකට කොපමන සංඛ්‍යාවක් පවත්වා ඇත්ද?
7) ළමයින් පිළිබදව අධීක්ෂනය කරුනු ලබන්නේ කුමන පලපුරුද්දක් සුදුසුකමක් ඇති නිලධාරීන්ද?
8) එසේ නිවැරදි අධීක්ෂනයක් කලේනම් පසුගිය සමයේ අසන්නට ලැබුනු කනගාටුදායක සිදුවීම් සිදුනොවනු ඇත. මෙවැනි අධීක්ෂනයක් වූවානම් ඒ පිළිබද වාර්තා මෙම ආයතනවල දකිය හැකිද?
9) මෙවැනි අධීක්ෂන ස්ථාන හෝ සේවා ස්ථාන වලට නුසුදුසු පුද්ගලයන් පත්වී ඇත්නම් ඒ පිළිබදව සොයා නොබලන, ඒවාට වගකිවයුතු පරිපාලන ප‍්‍රධානියෙකු සිටීිද?
10) තවද මෙම ළමා නිවාස වලට රජයෙන් හෝ රාජ්‍ය නොවන ආයතන වලින් සපයන පහසුකම් (සාමාන්‍ය වාර්තා නොව) සත්‍ය ලෙස සැපයෙන පහසුකම් පිළිබදව නිරීක්ෂන කිරීමට ඉහල නිලධාරීන් මෙම එක් රැදවුම් නිවාසයකට වසරකට කොපමන සංඛ්‍යාවක් පැමිණ ඇත්ද?
11) මෙසේ සොයාබැලීමක් සිදු නොකොට රජයෙන් සැපයෙන විශාල ධනස්කන්ධය විදේශ සංචාර විවිධ උත්සව ලමා දින උත්සව සදහා වියදම් කරන රාජ්‍ය හෝ රාජ්‍ය නොවන නිලධාරීන් සිටීනම් ඔවුන්ද මෙම ළමා අපචාර වර්ධනයට වගකිව යුතුද?
12) දරුවන් වෙනුවෙන් පෙනී සිටීමට නොව ක‍්‍රියාකිරීමට මානව හිමිකම් ආයතන, ළමා රක්ෂන අධිකාරිය, පොලීසිය, කාන්තා හා ළමා කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව, පෞද්ගලික ආයතන හා ජනමාධ්‍ය ආායතන රැසක් ඇත. සංඛ්‍යාලේඛන ගත්විට රජය පමණක් එක් ළමයෙකු වෙනුවෙන් කොපමන රුපියල් ගණනක් මේ සදහා වියදම් කොට ඇත්ද? සමහරවිට රුපියල් මිලියනය ඉක්මවීමටද පුඵවන.
13) එම වියදම් කල මුදලට සාපේක්ෂව මෙම දරුවන්ට ලැබුන ප‍්‍රථිලාභය පිළිබද සෑහීමකට පත්විය හැකි්ද?
14) නමුත් වරදක් වනතෙක් දැනගෙන නිහඩව සිට වරද අසුවූ සැනින් ක‍්‍රියාත්මක වී තම ප‍්‍රථිරූපය ගොඩනගා ගැනීමේ පහත් අභිප‍්‍රායෙන් කටයුතු කිරීමට ඉහත සදහන් ආයතන ඉතා සන්වේදීව සැදී පැහැදී සිටියාද?
15) ළමා රක්ෂන අධිකාරිය පසුගිය වසරතුල සිදු කල විමර්ශන සංඛ්‍යාව සහ එහිදී මෙම ආයතනවල දූෂන අක‍්‍රමිකතා හදුනාගැනීමට නොහැකිවූයේ මන්ද?
16) එය එසේනම් ළමා රක්ෂන අධිකාරිය තම වගකීම ඉටු නොකොට මේ අවස්ථාවේ කරන්නේ තම වරදත් අනුන්ටම පටවා තම නිරුවත වසා ගැනීමේ රංගනයක් නොවේද?
17) එසේම මොරටුවේ වැටලීම අත්වැරද්දකින් සිදුවීනම් එම ආයතනයට සිදුවූ අපහාසයට වන්දි ගෙවිය යුත්තේ සමාව ගත යුත්තේ ළමා රක්ෂන අධිකාරිය නොවේද?
18) මෙයට කදිම නිදර්ශනයනම් මෑත කාලයේ ලමයින් කිහිප දෙනෙකු යම් රැදවුම් නිවාසයකින් පැනගොස් ගොස් පොලීසියට කොටවූ පසු එම ලමයින්ගේ ප‍්‍රකාශය මතම ඒකපාර්ශිකව රැදවුම් නිවාසයේ පාලිකාව
අත්අඩංගුවට ගැණුනි. මෙය ගැඹුරින් නොව සරලව සිතා බැලූවත් අදහස පැහැදිලිය. එනම් ළමයින් රැදවුම් නිවාසයෙන් පැන පොලීසියට නොගොස් පසුදින අසුවූ පසු ඔවුන්ගේ නිදහසට මීට වඩා යමක් එම ළමයින්ට කිව හැකිද?
19) එම ළමයින් පාලිකාව ගැන කීවා සේම පොලීසිය පිළිබදවද විශ්වාසයක් නැති නිසා බස්නැවතුමටවී සිටියා කිව්වා නම් අදාල පොලීසියේ ස්ථානාධිපතිතුමාද අද අත්ඩංගුවට ගන්නවාද?
20) මෙම දරුවන්ට පරිවාස කාලය අවසන්වී රැදවුම් නිවාසයෙන් පිටවීීමට පෙර ඔවුන් වෙනුවෙන් යම් නිසි පුනරුප්ථාපන හෝ උපදේශන වැඩ පිළිවෙලක් තිබුනේ නම් ඔවුන් මෙම රැදවුම් නිවාසයෙන් මෙසේ
පැනයාද? මොවුන්ට ලබාදී තිබූ උපදේශන. පුනරුත්තාපන. අධ්‍යාපන. වාර්තා දැක්විය හැකි විය යුතුය.
21) මෙම පාලිකාව අත්අඩංගුවට පත් වූ පසුත් මෙම රැදවුම් නිවාසයෙන් ලමයින් නැවත පැනගිය විිට නැවතත් එවකට සිටි ස්ථානභාර පාලිකාව අත්අඩංගුවට නොගත්තේ මන්ද? එම සිදුවීමේදී තම රාජකාරිය නිවැරදිව හෝ වැරදි සහිතව සිදුකල සේවකයන් වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු මානව හිමිකම් සංවිධානයක් වෘත්තීය සමිතියක් අවම වශයෙන් නිවේදනයක් කිරීමට මරණාධාර සමිතියක්වත් නොමැති විය. මන්ද මෙම රැල්ල හැමුවේ ජනප‍්‍රිය පැත්තට නිසාය. එහෙත් මෙම සිදුවීමත් සමග ප‍්‍රසිද්ධියක් අනුකම්පාවත් ගොඩනැගීම සමගම ආරෝපනයවූ වගකිවයුතු අංශ නින්දෙන් ඇහැරුනු සිංහ පෝතකයන්සේ මාධ්‍ය මාමාලා සමග එක්ව වීඩියෝ ගතකරමින් සජීවී වැටලීම් සිදුකරීමට පටන්ගති. එහෙත් එම දඩයම වැරදුනේ වැටලූ එක් ළමා නිවාසයට ආගමික නැඹුරුවක් තිබීම නිසාය. එමනිසා සමහර ඇමතිවරු පරීක්ෂනය අවසන් වීමටත් පෙර අත්වැරුද්දක් ලෙස සමාව ගැනීමට පවා බයාදු විය. ඉන් පරීක්ෂනයේ තීන්දුවද පැහැදිලිය. වැටලීම් කල නිලධාරීන්ගේ වැඩ තහනම්ද විය හැක. මෙම සිදුවීම් දෙකෙහිදීම වරදකරුවන් නිෂ්චිත ලෙස මේ වනතෙක් හදුනාගෙන නොමැත. කෙසේ වෙතත් මීට පෙර නිවාසයේ සිදුවීම නොපෙනුන මහා පූජකතුමන්ට මෙම සිදුවීම පමණක් දර්ශනයවී වර්ජන
ගර්ජන කිරීම එම ආගම් දර්ශනයට අනුව සිදුවූවක් දැයි පැරණි පතපොත කියවා බැලිය යුතුය. නමුත් ජාතියක් වශයෙන් ප‍්‍රකාශයක් කිරීමට බැරිවුවත් තම ආගමිකයන් වෙනුවෙන්වත් ප‍්‍රකාශයක් කිරීමට ඉදිරිපත්වීම අගය කල යුතුය. රටේ දේශපාලන පක්ෂයක සුඵ අර්බූදයටත් මාධ්‍ය ප‍්‍රකාශ කරන. පෙලපාලි යන බහුවිධ වර්ණ මහානායක පූජකතුමන්ලාට මෙය කදිම පූර්වාදර්ශයක් විය යුතුය
22) තව පැත්තකින් බැලූකල පාලිකාව රෞද්‍ර අයෙක් යයි සිතමු මා මුලින් සදහන් කල ආකාරයට මාසිකව හෝ ක‍්‍රමවත් අධීක්ෂනයක් අගයීමක් මෙම ආයතන වල සිදුවූවා නම් එම පාලිකාවට විරුද්ධව එම ලමයින්ගෙන් පැමැණිලි කොතෙක් ලැබී තිබේද?
23) එම පැමිණිලි විභාග කර දී ඇති විසදුම් මොනවාද?
24) එවැනි ක‍්‍රමවේදයක් සිදුවී නැතිනම් ලමයින්ගේ යහපත වෙනුවෙන් ජනතා මුදල් මිලියන ගණන් කාබාසිනියා කරමින් සුඛෝපභෝගී ජීවිත ගතකරමින් ශීතකාමර වලටවී සිටි නිළධාරීන් මෙම තත්වයට අනිවාර්යයෙන්ම වගකිවයුත්තෝ නොවේද?
මෙහිදී මේ ගොනුකල කරුනු වල සාරාංශය ලෙස මෙසේ සදහන් කරමි
මෙම කනගාටුදායක තත්වය ඇතිවනතෙක් රාජ්‍ය ප‍්‍රධාණින් තම පහල නිලධාරීන්ට ඕනෑම දෙයක් කරගන්නටදී ආයතන පරිපාලනය ගැන සොයාබලා නැති වරදට දඩුවම් දෙනවානම් වරදට හවුල්වූ සියල්ලට
එක සමාන නීතියක් ක‍්‍රියාත්මක විිය යුතුය එසේම එම වරද නැවත නොවීමට ජාති ආගම් අනුව නොබෙදා කටයුතු සම්පාදනය කල යුතුය ළමයින් පැන යන්නේ ඔවුන්ට ප‍්‍රමාණවත් මාර්ගෝපදේශයක් උපදේශනයක් අධ්‍යාපනයක් නොමැති නිසාය මෙම තත්වය නිවැරදි කරනතාක්කල් ළමයින්ගේ රැදවුම් නිවාස සිපිරි ගෙයක සිරියක් ගැනීම වලකාලිය නොහැක 2012/05/26