Search This Blog

Tuesday, September 23, 2014

සබ්බ දානං ධම්ම දානං ජිනාතී.........



අපි අපේ රටට ආදරෙයි. ඒ වගේම ආගමටත් ආදරෙයි. ඇයි..... ජාතියට මේ ඔක්කෝටම අපි ආදරෙයි. ඒ ආදරේ නිසාම අපි අන්ධ වෙන අවස්ථාත් තියෙනවා. මට මෙහෙම හිතිලා ගොඩාක් කල්. නමුත් මේවා ලියලා වැඩක් වේදැයි සිතුන නිසා නොලියා සිටියා. ඒත් මේ ළ`ග`දී පන්සලට ගිය වෙලාවේ මේ විනාසය ගැන ලියලා වැඩක් නොවුනත් මගේ හෘදසාක්ෂියට එක`ගව වැඩක් කලා කියලා හිත හදා ගැනීමේ අරමුණෙන් මේ ලිපිය ලියන්න හිතුනා. මේ ලිපියට ධනාත්මක ප‍්‍රථිචාර කෙසේ වෙතත් ටික දෙනෙක් තරහ නොවුනොත් වාසනාවක්. 
මේ වස්සාන කාලයයි. මේ කාලයේ පන්සල් වල විශේෂ වැඩසටහන් සම්පාදනය වෙනවා. විශේෂයෙන් සවස් බාගයේ වෙනත් පන්සල් වලින් ධර්මධර භික්ෂුන් වහන්සේලා වැඩමවලා ධර්ම දේශනා පවත්වනවා. මොනවද මේ ධර්ම දේශනා කියන්නේ? ඒවාත් කොටස් කීපයක් තියෙනවා. එකක් කාලීන ධර්ම දේශනා, අනික සාම්ප‍්‍රදායික ධර්ම දේශනා. මින්  කාලීන ධර්ම දේශනා ක‍්‍රමය ආරම්භ කලේ අපේ ගංගොඩවිල සෝම හාමුදුරුවෝ. උන්වහන්සේ ධර්මය මැනවින් ප‍්‍රගුන කරලා ධර්මය සම`ග රටේ දුස්චරිත වලට සහ මිත්‍යාදෘෂ්ඨික මතවාදයන්ට දිගට හරහට පහර ගැහුවා. මේ කාලයේ සම්ප‍්‍රදායික ධර්ම දේශනා වලට වඩා මේ දේශනාවන්ට ජනතා ආකර්ශනය වැඩි වීමක් දකින්න ලැබුණා. ගුවන් විදුලි, රූපවාහිනී වැඩසටහන් වලට ගංගොඩවිල සෝම හිමි නැතිවම බැරි චරිතයක් උනා. මේ උණුසුම අතර වාරයේ සෝම හිමි අපවත් වුනා කියන අතර තව කොටසක් ඒ හිමි අපවත් කෙරෙව්වා කියලත් කියනවා. ඒ සිද්ධියත් සම`ග සෝම හිමිගේ හිස් වූ පුරප්පාඩුව පුරවන්න භික්ෂුන් වහන්සේලා කීප නමක් උත්සාහ කරා. කොටසක් සෝම හිමිගේ භාෂා විලාසයත් ස්වරූපයත් ගන්න උත්සාහ කලා. ඒත් එම දේශනා හරවත් නොවුන නිසා ටික කලකින් උන්නාන්සේලා මාධ්‍යයෙන් නොපෙනී ගියා. අනුකරනය සහ හැකියාව අතර පරතරය මිනිස්සුන්ට වැටහෙන්න වැඩි කල් ගියේ නෑ. මේ සෝම හිමියන්ගේ දර්ම පුනරුදයත් සම`ගම මිනිසුන් නැවතත් පන්සල වෙත නැඹුරුවීමේ ප‍්‍රවනතාවයක් දකින්නට උනා. මේ අතර බෞද්ධ ධර්මයට අනුව ධර්මය දේශනා කරන්න පු`ඵවන් තවත් හිමිවරුන් කීප නමක්ද බිහි වුනා. වැඩි කාලයක් යන්න මත්තෙන් මේ අය සෝම හිමිගේ නාමය ඉදිරියට දාගෙන් ගමන අවසන් උනේ පාර්ලිමේන්තුවෙන්. මුන්වහන්සේලාගෙන් එක් නමක් ෆෙන්ෂුයි මන්ත‍්‍රී වරයෙකුගෙන් වෘෂන කෝෂ වලට ලැබුන පහරක් නිසා රෝහල්ගතව දේශපාලන නාටිකාවෙන් ගමන අවසන් කලාලූ. ඉතිරි කොටස වාසි පැත්තට හෝයියා වීමෙන් තවමත් පීචං වෙමින් හා මන්ත‍්‍රී වරප‍්‍රසාද ලබමින් ධර්ම රාජ්‍යයෙන් පිට නැංගුරන් දාගෙන සිටීලූ. 
මෙම වකවානුවේ මේ කල්ලි නොගැසුන ධර්මදර භික්ෂූන් වහන්සේලා කිහිප නමක් ප‍්‍රසිද්ධ මාධ්‍යයේ දැකගන්නට හැකි විය. කාලයත් සම`ග මෙම භික්ෂූන්වහන්සේලාට ගංගොඩවිල සෝම හිමිමෙන් විවිධාංගීකරන ධර්ම දේශනා වලින් ජනතා සිත්සතන් සැනසීමට තරම් පරිනත බවක් නොපෙණුනි. ඒ නොකඩවා ලැබුන ඉල්ලූම නිසා පූර්ව සූදානම් වීමක් ස`දහා කාලය පිළිබ`ද ඇතිවූ ගැට`ඵව වෙන්නට පු`ඵවන. මේ නිසා ධර්ම දේශනා වෙනුවට කාලීන දේශනා වල ස්වරූපයක් දිස් විය. සමාජයේ දුර්වල තැන් විවේචනය කරමින් භික්ෂුවකගේ හැසිරීමට නොගැලපෙන හැසිරීමක් දැක්වූවද ඉහලින් සිටින සංඝනායක හිමිවරුන්ගෙන් අවවාදයක් උපදේශයක් නොලැබුන නිසාදෝ උන්වහන්සේලා කටට එනදේ වදෑරීම නිසා දහමේ අගය බාල්දු විය. වරෙක දානය මේසෙට බෙදලා දීමෙන් නාස්තිය අඩු කරගත හැකි බවත්, චීවරය දරා සිටීම ලෙහෙසි පහසු නොවන බවත් කලිසමක් ඇ`ද උපාධිය ගැනීමද ඇගට නොදැනී සාධාරනී කරනය කරනු දක්නට හැකි විය. මෙය ඉතා ශෝචනීය තත්වයකි. 
එදා පටන් ධර්මය රැුකුනේ අපේ ගරුතර සංඝරත්නය නිසාය. මෙම සංඝරත්නය විසින් ධර්මය විකෘති කරමින් තවදුරටත් කටයුතු කරතොත් සංඝරත්නයෙන් ධර්මය ආරක්ෂා කරගැනීමට උපාසක ඇත්තන්ට සිදු වෙනු ඇත. නමුත් අද පන්සලේ සිටින්නේ උපාසක ඇත්තෝ නොව මුදලාලිලා ඇත්තෝය. දුප්පතෙකුට පන්සලෙන් පිහිටක් නැත. එදා ගමෙන් පන්සලට, පන්සලෙන් ගමට යන කියමන සාවද්‍ය වී ඇත. අද ගමෙන් පන්සලට පමණි. පන්සලේ නොසංසිදෙන ආශාවන් එමටය. ඉදිකිරීම් වල නිමාවක් නොමැත. ධර්මශාලාව,රන් වැට, ධාතු මන්දිරය, සුවිසල් සංඝාවාසය, මකර තොරන, නැවතත් ධර්ම ශාලාව ටයිල් කිරීම,බෝධිය වටා වැලි ම`ඵව වෙනුවට සිමෙන්ති කැට ඇතිරීම, සංඝාවාසය ප‍්‍රථිසංස්කරනය කිරීම....පෙරහැර සංවිධානය, විවිධ පූජා, ගිරි භාන්ඩ උත්සව වැනි නිමා නොවන පුණ්‍යකර්මය. මේ සියල්ල ආමිසය මුල් කරගත් වැඩසටහන්ය. නිර්වානය ස`දහා අත්‍යවශ්‍ය ප‍්‍රථිපත්තිය මුල් කරගත් වැඩසටහන් මේ අතර දකින්නට අහන්නට නොලැබෙන්නේය. ප‍්‍රථිපත්ති පූජාවන් වලදී මුදල් කියන්නාවූ සාධකය පන්සලට රැුස් නොවීම සහ නිවැරදි ධර්මය පුද්ගලයාට අවබෝධ වන නිසාදෝ භික්ෂූන්ගෙන්ද මේ ස`දහා අනුග‍්‍රහයක් නොලැබෙන්නේය. අද මේ ආමිස පූජාවන් නිසා පන්සලත්, සැනකෙලි භූමියත් හ`දුනා ගත නොහැකිව ඇත. මේ ස්ථාන දෙකේම ඇත්තේ විචිත‍්‍ර වර්නයන්ගෙන් බැබලෙන විදුලි බුබු`ඵ හා සැරසිලිය. අල්පේච්ඡුතාවය ඇති පන්සලක් අද දැකීම ඉතා දුෂ්කරය. මේ ආමිසය ස`දහා දායක වීමට නෙහැකි දුප්පත් උපාසකයන් පන්සලෙන් ඈත් වෙත්දී බලලූන් මරා හෝ සල්ලි හම්බුකරන සල්ලිකාර උපාසක උපාසිකාවන් දෙන පරිත්‍යාග වලට සරිලන ඵලක, දැන්වීම් පුවරු හැමතැනය. ශබ්ද විකාශනයෙන් ගමටම ඇහෙන්න ඒ අයට පුණ්‍යානුමෝදනාය. බොරලැස්ගමුව ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පන්සලක නායක හිමි දායකයෙක් සම`ග ප‍්‍රසිද්ධියේ අත්දෙක අල්ලා ගෙන යනු දැකීමෙන් මා ඉමහත් කම්පාවට පත්විය. තවත් පන්සලක ගිහි ධනාත්මක චින්තකයෙක් පෝදා භාවනායෝගීන්ට ධනාත්මක චින්තනය ගැන දේශනාවක් කලේය. ඊට අමතරව සංයම අභ්‍යාසයක්ද කරුනු ලැබිණ. එම විහාරාධිපතිවහන්සේ පෝදා සිල්ගත් උපාසක උපාසිකාවන්ට දර්ම දේශනයේදී වැඩි කාලයක් ගත්තේ ඉදිකිරීමට අදහස් කරන නව සැලසුම් ගැනය. අවශ්‍ය මූල්‍ය තත්වය රැුස්කිරීමට ගතයුතු දායකත්වය ගැනය. ඊට පසු භාන්ඩාගාරික උපාසිකාව මයික‍්‍රෆෝනය ගෙන ඉදිකිරීමට නන් අයුරින් දායකවූවන් ගැන ස`දහනක් කලාය. මේ වෙන දවසක නොව පුරපසලොස් පොහොය දාය. මෙයද නිර්මල බුදු දහම?
එක්තරා ප‍්‍රසිද්ධ පාසලක ආදී ශිෂ්‍යයන් ඒ අයගේ වයස අවුරුදු 50 ඉක්මවීම හේතු කොට ගෙන බෝධි පූජාවක් සහ ධර්ම දේශනයක් සංවිධානය කලෝය. ඒ ස`දහා පැමිණි දේශකයානන් වහන්සේ මෙම බෝධි පූජාව පැවැත්වන්නට යෙදුන ආසන්නතම හේතුව ලෙස ගොක්කොල පේන කොට මතුවන සිත යයි පැවසීය. එහි සත්‍ය අසත්‍යය කෙසේ වුවත් යහපත් ක‍්‍රියාවකදී එවැනි ප‍්‍රකාශයක් කිරීම කොපමන ගෝචර දැයි මට සිතුණි. මේ දේශනයෙන් මාසයක් ගත වෙන්නටත් පෙර සංගමයේ ප‍්‍රථමයා ලෙස එක් අයෙක් මලේය.
තවත් අවස්ථාවකදී එක්තරා දේශකයාණන් වහන්සේනමක් දර්ම දේශනය පුරාවට සින්දු තාලයට ගායනය කරමින් ගායකයගේ සහ රචකයා පිළිබ`ද විස්තර කරමින් විචාරයක් කලේය. එය විචාරයක්ද විකාරයක්දැයි එදින මාහට දැණුනි. මන්ද මා රේරුකානේ හිමියන්ගේ දර්ම පුස්තක කියවා ඇති නිසාය. 
තවද වර්ථමාන සමාජයේ රැුඩිකල්වාදීන් සියල්ල කාලයත් සම`ග වෙනස් විය යුතුය යන මතයක් ගොඩනගා ඇත. එසේ නොමැති නම් විශ්ව ගම්මාන සංකල්පය තුල ගෝලීයකරනයේදී ජාත්‍යන්තරයේ අප ¥පත් මානසිකත්වයෙන් හා හුදකලා වන ගෝති‍්‍රක මානසිකත්වයකින් හෙබි පුද්ගලයින් බවට පත් වන බව යෞවන සමාජය තුල ඒත්තු ගන්වමින් ඇත. මේ ස`දහා සර්ව ආගමික සංවිදානවල බික්ෂුවද යම්තාක් දුරට අත්වැලක් සපයයි. (අනගාරික දර්මපාල තුමාගේ 150 වැනි ජන්ම දිනය සිහිපත් කරන අද දිනයේ උන්වහන්සේගේ ප‍්‍රකාශ වලද ඇති වැදගත්කම මතු වෙමින් පවතී.* බුදු දහම ගෞතම බුදු රදුන්ට අනුව අකාලිකය. මෙය කලින් කලට වෙනස් විය නොහැක. එබැවින් දර්ම දේශන රටාවේ කිසිදු ආකාරයක වෙනස් වීමක් අවශ්‍ය වේද? සෝම හිමියන් දර්මය විකෘති නොකොට වත්මන් සමාජයට දැනෙන පරිදි දර්මය දේශනා කිරීමට හැකි වූයේ නම්ද එයට ජනතා ආකර්ශනයද නොඅඩුව ලැබුනේනම්ද එම ක‍්‍රමය හැර වෙනත් විකල්ප ක‍්‍රම භාවිතයෙන් නිර්මල බුදුදහම ලොවින් සැ`ගවීයාම වැලැක් විය නොහැක.
දැනට බොහෝ භික්ෂූන් වහන්සේලා ජනතා ආකර්ශනය ලබා ගැනීමට හාස්‍ය උත්පාදකයින් බවට පත්වී ජෝකර්ලා බවට පත් වී ඇත. දේශනය අතරට ඉංග‍්‍රීසි වචන දමන්නේ කොමර්ෂල් බ්රේක් එකක් ලෙසය. බන ශාලාව සිනහවෙන් ගිගුම් දෙද්දී දේශකයාණන් වහන්සේ සිතන්නේ දර්ම දේශනය සාර්තක ලෙසයි. ශ‍්‍රාවකයාද එසේමය. නමුත් මෙතැන සිදුවූයේ දර්ම දේශනයක් නොව සාමාන්‍ය දේශනයකි. මෙවැනි බනක් අවසන දී සිටි එක් උපාසක මහතකු පැවසූයේ බණ ටික නම් මරු කියාය. එවිට මා විමසූයේ බුදු බනට අනුව අවබෝධ කරගත් යමක් මා හට පවසන ලෙසයි. එවිටයි ඔහුට අවබෝධ උනේ මෙතෙක් අසා සිටියේ බුදු බන නොව සාමාන්‍ය දේශනයක් ලෙස බව.
තවත් සමහර පන්සල් වල බුදු මැදුර වසා දමා ඇත. උපාසක උපාසිකාවන් බෝධීන්වහන්සේ ල`ග සහ දේවාල අසල එක් රොක් වී ඇත. බෝධි වන්දනා ගාථා වෙනුවට කට්ටඞීන්, ජ්‍යොතීර්යකරුවන් සහ ව්‍යාපාරික භික්ෂූන් විසින් වෙල`දපල ආක‍්‍රමනය කල ස්තෝත‍්‍ර සහ අම්මා කියා අදෝනා දෙන කවිය. නච්ච,ගීත,වාදිත.....කියලා බුදුන් විසින් වදාල විනය උල්ලංගනය කරමින් සංගීත භාන්ඩයක වාදනය මුසු කරමින් එක් භික්ෂුවක් කරන මේ අදෝනාව පන්සල් වලද කඩසාප්පු වලද නිතර අසන්නට ලැබීම බෞද්ධයෙකු වශයෙන් කොතරම් කනගාටුදායකද? මේ කවිවල බුදුහාමුදුරුවෝ හොද බන කීවා.....ලූ. අද බෝධිය අසලද ඇහෙන්නේ පවුල් පිටින් පැමින කොට බංකු වල වාඩිවී තමා වෙනුවෙන් ගැයෙන මේ මිත්‍යා දෘෂ්ඨික යැදීම්ය. බුදුදහමේ ඉගැන්වීම අත්හැරීමයි. මගේ අපල දුරු වේවා! මගේ ගෙදර අයට මටද සැම ග‍්‍රහදොස් දුරුවේවා! මේවා තමයි බෝධිය පුරාවට ඇහෙන අෙ`දා්නා. බෝධි වන්දනා ගාථා අද බෝධියක් අසල අහන්නට නැත.
එසේනම් අපි අනාගත පරපුරට දායාද කරන්නේ මහායාන දර්මය කවලම් කරගත් ලොව කොහේවත් නැති නිගන්ඨ දර්මයක්ද? මේ වැරදි තැන් අල්ලාගෙන වෙනත් ආගම් වල අය ප‍්‍රශ්න කරන කොට උන්ට පලූ යන්න බැනලා වැඩක් තියේද, අපි අපේ නිර්මල බෞද්ධ දර්ශනය ආරක්ෂා නොකර. විවේචනය කරන්නාට අන්තවාදීන් කියා බනිනන්ට පෙර අපි දෙවරක් සිතා බැලිය යුතුයි මේ ගැන.             
අපි අපේ රටට ආදරෙයි. ඒ වගේම ආගමටත් ආදරෙයි. ඇයි..... ජාතියට මේ ඔක්කෝටම අපි ආදරෙයි. ඒ ආදරේ නිසාම අපි අන්ධ වෙන අවස්ථාත් තියෙනවා. මේත් එවැනි අවස්ථාවක් නේද..? එතකොට ඔබ..... ? (21/09/2014*

No comments:

Post a Comment