මේ මොහොත වන විට හෙට මේ දිනය අභිමානයෙන්
(සැම)රීමට රාජ්‍ය හා රාජ්‍ය නොවන සන්විදාන නිදි මරා කටයුතු කරනු
ඇති. රාජ්‍ය නොවන ආයතන නම් විදේශීය
රාජ්යන්ගෙන් කුට්ටියක් කඩාගෙන ඉදිරි වසර සදහා ඔවුනොවුන්ගේ
පැවැත්ම වෙනුවෙන් කීයක් හෝ ඉතිරි කර ගත්තාට රටට එතරම් දැනීමක් නැත්තේය. ඒ
ජනතාවගේ සාක්කුවට ඉන් පහරක් නොවදින නිසාය. ඒත් අපේ රාජ්‍ය සේවාව හෙට කොහොම සූදානම් වෙනවා දැයි ශ්‍රීලංකාවේ
පුරවැසියෙකු ලෙස සිතා බැලීමේ වරදක් නැත. කොහොම වෙතත් සාම්ප්රදායී ක්‍රමයටම මෙය සිදුවූවොත් ……
ඒ නම්…රටේ නායකයා සතුටු කොරන්නට
(ඒ තුලින් මීට වඩා සම්තින් ඇති උසස් ඇමතිකමක් ලබා ගැනීමට) ඇමතිතුමා සැදී පැහැදී සිටිත්.
ඇමතිතුමා සතුට කිරීමට අමාත්යාන්ශ ලේකම්තුමා නියෝග දීමට සූදානම්ය.
අමාත්යාන්ශ ලේකම්තුමා සතුටු කිරීම කොමසාරිස්තුමාගේ පරම යුතුකමකි.
කොමසාරිස්තුමා පිනවීමෙන් ගනකාධිකාරී ඇතුලු
උසස් යයි සිතන නිලධාරින්ට වැටුප් වර්ධකයට,අතිරේක නිදහසට පිනය.
උසස් යයි සිතන නිලධාරින් පිනවීමෙන් සැපයුම්
අන්ශයට රජ මගුලය.
පහල සොක්කන්ට පොඩි බටාවක් හා ඕ.ටී. පාර ගමන් දීමනා එක් උනාම කඩේට ඇති පොඩි පොඩි
නයටිකක් වත් ගෙවා ගන්න පුලුවන්ය.
දැන් කොහොමද මේ විශ්ව ළමා දිනය
(සැම) රෙන්නේ…..
ලන්කාවේ ප්‍රසිද්ධ ආයතනයක් ගන්නවා කුලියට, සම්මන්ත්රණ ශාලාව වගේ
ලන්කාවේ ප්‍රසිද්ධ නර්තන , වාදන කන්ඩායමක් ගන්නවා රැගුමට,
ලමයින් ටිකක් තෝරා ගන්නවා රටේ හැම තැනකින්ම,
කීයක් කියත් අවුලක් නෑ හදනවා සින්දුවක් ජාතීන්
අතර සමගිය පෙන්නන,
ළමයින්ට මස්සනවා ලස්සන ඇදුමක් දවසින් මැහුම්
ගැලවෙන,
කෑම ඕඩර් කරනවා උදේ,දවල්,හවස බඩ නොපිරුනත් අවශ්‍ය ප්‍රමානයට වඩා ටිකක් වැඩියෙන්,
ලන්කාවේ දුර පලාත් වලින් ළමයින් අද්දවනවා
බස් වලින් ආරක්ශාව නැතත් උදෙන්ම,
ලොක්කෝ උජාරුවෙන් පැමිනෙති පමාවී….
යන ගමන් වනාවී අත,
ළමයින්ට දැන් දුකක් නැත.
ඇදුමක්, කෑම පැකට්ටුවක්, චාරිකාවක් ලැබුන නිසා අද දවසේ,
නර්තන, රන්ගන අවසන්ය දැන් බෝ වී ඇත හවස් ජාමය,
සියල්ල අවසන්ය ළමයිනේ දැන් පලයල්ලා ආ තැන් වලට ප්‍රවේසමෙන්,
ඒ තොපි ලබන වසරේත් අපිට කොඩි වනන්න,
අපේ පැවැතම වෙනුවෙන්!
රූප පෙට්ටියෙන් ළමෝ බලා සිටීවි උන් පෙන්වන
තෙක් දෑස් අයාගෙන,
අහෝ පෙන්වාවි නිමේශයක්,
වැඩියමනක් පම්පෝරි දේශපාලනය,
ගිය වියදම එනවාය එකතුව මිලියන
5ක් 6ක්, ඒ උනාට
මොකද ඒකෙන් අපේ අභිමානය පෙන්නුවාය ලොවට, කොටසක් වැටිලාය සාක්කුවටත්
නොදැනීම,
දරුවෝ නොදනිති මේ උන්ගේ අනාගතය උගස් කර කන්න
දුන් බව,
බත් පතකට සමහර විට මුලු අනාගතයම, (2014/09/30)
ජයවේවා! නමුත් නොවේවා! මේ විදියට හෙට.
No comments:
Post a Comment