Skip to main content

ප්‍රශ්න 24කින් ලමා අප්චාර අලට විසදුම් සොයමු.

 ......ළමා අයිතිවාසිකම් වලට පමණක් සීමාවීම නිසා අනෙකුත්
පාර්ශවයන්ගේ අයිතිවාසිකම් වලට යම්කිසි අසාධාරනයක් වෙනු ඇති. එසේම පූර්ණ නිගමනයකටද
එලඹීමට නොහැකිවනු ඇතැයි මගේ හැගීමයි. එබැවින් මා විවිධ කෝනයන්ගෙන් මා දකින ආකාරයට ඒ පිළිබදව විග‍්‍රයක් කරුනුයේ ඔබ ආයතනයේද ඒ පිළිබදව අවධානය යොමු කරවීමටයි.
ළමා අයිතිවාසිකම් ලෙස ගත්විට අද පවතින අධ්‍යාපන ක‍්‍රමය අනුව ළමයෙකුට එවැනි අයිතිවාසිකමක් අප විසින් ඇතිකර ඇත්ද යන්න පලමුවෙන් සිතා බැලිය යුතුය. අද දරුවන් දෙමාපියන්ගේ පරමාර්ථ පිරිමසින අධ්‍යාපන රොබෝවරුන්ය. ජනාධිපතිතුමාද යම් අවස්ථාවලදී මේ ගැන කතා කරනු දක්නා ලදී. ඒ පිළිබදව ලිපි දේශන කෙතෙකුත් ඇතත් ක‍්‍රියාමාර්ග ගැනීමට ජාතික හෝ අන්තර්ජාතික ආයතන නැත. දෙමාපියන්ටද මෙම ක‍්‍රමයෙන් මිදී විකල්ප ක‍්‍රමවේදයක් ගැන සිතිය නොහැකි තත්වයකට පත්ව ඇත. එසේ නොහැකි නම් මෙයට වගකිවයුතන් සහ අපචාර වැඩිවමට ඉගියක් මෙම ප‍්‍රශ්නාවලියෙන් ඔබට ලබාගත හැකිවේ යයි සිතමි.
1) ළමයින්ගේ විෂමාචාර වලට අධ්‍යාපන ක‍්‍රමය වක‍්‍රව බලනොපාන බව කිව නොහැක්කේ කාහටද?
2) තවද ලමයෙකු අපචාරයකට ලක්වූ පසු අධිකරණය මගින් දරුවා පරිවාස බාරයටත් අපචාරය සිදුකල පුද්ගලයා බන්ධනාගාර ගතකොට ටික දිනකිත් ඇපපිට නිදහස්ව සිවිල් සමාජය තුල නිදහසේ කටයුතු කරයි
නම් මින් දඩුවම් ලබන්නේ ළමයා මිස වෙන කවුරුන්ද?
3) මෙම ළමා රැුදවුම් නිවාසගත ළමයෙකුට ප‍්‍රමාණවත් මානසික රැකවරනයක් විධිමත් අධ්‍යාපනයක් පහසුකමක් ලැබේද? ඔව් නම් අධීක්ෂන වාර්තා පෙන්වා දිය යුතුය.
4) එසේම මෙම ළමා නිවාස වල අපචාරයේ ස්වභාවය මත හෝ වෙනත් වර්ගීකරනයකට ලක්කොට ඇතිද? 
(උදාඃ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ දරුවකු / අසරන ලිංගික අපචාරයකට ලක්වූ / පදිකදරුවන් / විවිධ අපරාධ වලට සම්බන්ධ හෝ වෙනත් ආකාරයකට වශයෙන්)
5) එසේ නොවුනහොත් මෙම ළමයින් පුනරුත්ථාපනය වෙනුවට තවත් අපරාධ හෝ අපචාර වලට යොමු වීමක් සිදු නොවේද?
6) මෙම පුනරුත්ථාපන ආයතන වල ළමයින් හා සෘජුව ගැටෙන සේවක සේවිකාවන්හට විධිමත් පුහුණු වැඩසටහන් වසරකට කොපමන සංඛ්‍යාවක් පවත්වා ඇත්ද?
7) ළමයින් පිළිබදව අධීක්ෂනය කරුනු ලබන්නේ කුමන පලපුරුද්දක් සුදුසුකමක් ඇති නිලධාරීන්ද?
8) එසේ නිවැරදි අධීක්ෂනයක් කලේනම් පසුගිය සමයේ අසන්නට ලැබුනු කනගාටුදායක සිදුවීම් සිදුනොවනු ඇත. මෙවැනි අධීක්ෂනයක් වූවානම් ඒ පිළිබද වාර්තා මෙම ආයතනවල දකිය හැකිද?
9) මෙවැනි අධීක්ෂන ස්ථාන හෝ සේවා ස්ථාන වලට නුසුදුසු පුද්ගලයන් පත්වී ඇත්නම් ඒ පිළිබදව සොයා නොබලන, ඒවාට වගකිවයුතු පරිපාලන ප‍්‍රධානියෙකු සිටීිද?
10) තවද මෙම ළමා නිවාස වලට රජයෙන් හෝ රාජ්‍ය නොවන ආයතන වලින් සපයන පහසුකම් (සාමාන්‍ය වාර්තා නොව) සත්‍ය ලෙස සැපයෙන පහසුකම් පිළිබදව නිරීක්ෂන කිරීමට ඉහල නිලධාරීන් මෙම එක් රැදවුම් නිවාසයකට වසරකට කොපමන සංඛ්‍යාවක් පැමිණ ඇත්ද?
11) මෙසේ සොයාබැලීමක් සිදු නොකොට රජයෙන් සැපයෙන විශාල ධනස්කන්ධය විදේශ සංචාර විවිධ උත්සව ලමා දින උත්සව සදහා වියදම් කරන රාජ්‍ය හෝ රාජ්‍ය නොවන නිලධාරීන් සිටීනම් ඔවුන්ද මෙම ළමා අපචාර වර්ධනයට වගකිව යුතුද?
12) දරුවන් වෙනුවෙන් පෙනී සිටීමට නොව ක‍්‍රියාකිරීමට මානව හිමිකම් ආයතන, ළමා රක්ෂන අධිකාරිය, පොලීසිය, කාන්තා හා ළමා කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව, පෞද්ගලික ආයතන හා ජනමාධ්‍ය ආායතන රැසක් ඇත. සංඛ්‍යාලේඛන ගත්විට රජය පමණක් එක් ළමයෙකු වෙනුවෙන් කොපමන රුපියල් ගණනක් මේ සදහා වියදම් කොට ඇත්ද? සමහරවිට රුපියල් මිලියනය ඉක්මවීමටද පුඵවන.
13) එම වියදම් කල මුදලට සාපේක්ෂව මෙම දරුවන්ට ලැබුන ප‍්‍රථිලාභය පිළිබද සෑහීමකට පත්විය හැකි්ද?
14) නමුත් වරදක් වනතෙක් දැනගෙන නිහඩව සිට වරද අසුවූ සැනින් ක‍්‍රියාත්මක වී තම ප‍්‍රථිරූපය ගොඩනගා ගැනීමේ පහත් අභිප‍්‍රායෙන් කටයුතු කිරීමට ඉහත සදහන් ආයතන ඉතා සන්වේදීව සැදී පැහැදී සිටියාද?
15) ළමා රක්ෂන අධිකාරිය පසුගිය වසරතුල සිදු කල විමර්ශන සංඛ්‍යාව සහ එහිදී මෙම ආයතනවල දූෂන අක‍්‍රමිකතා හදුනාගැනීමට නොහැකිවූයේ මන්ද?
16) එය එසේනම් ළමා රක්ෂන අධිකාරිය තම වගකීම ඉටු නොකොට මේ අවස්ථාවේ කරන්නේ තම වරදත් අනුන්ටම පටවා තම නිරුවත වසා ගැනීමේ රංගනයක් නොවේද?
17) එසේම මොරටුවේ වැටලීම අත්වැරද්දකින් සිදුවීනම් එම ආයතනයට සිදුවූ අපහාසයට වන්දි ගෙවිය යුත්තේ සමාව ගත යුත්තේ ළමා රක්ෂන අධිකාරිය නොවේද?
18) මෙයට කදිම නිදර්ශනයනම් මෑත කාලයේ ලමයින් කිහිප දෙනෙකු යම් රැදවුම් නිවාසයකින් පැනගොස් ගොස් පොලීසියට කොටවූ පසු එම ලමයින්ගේ ප‍්‍රකාශය මතම ඒකපාර්ශිකව රැදවුම් නිවාසයේ පාලිකාව
අත්අඩංගුවට ගැණුනි. මෙය ගැඹුරින් නොව සරලව සිතා බැලූවත් අදහස පැහැදිලිය. එනම් ළමයින් රැදවුම් නිවාසයෙන් පැන පොලීසියට නොගොස් පසුදින අසුවූ පසු ඔවුන්ගේ නිදහසට මීට වඩා යමක් එම ළමයින්ට කිව හැකිද?
19) එම ළමයින් පාලිකාව ගැන කීවා සේම පොලීසිය පිළිබදවද  විශ්වාසයක් නැති නිසා බස්නැවතුමටවී සිටියා කිව්වා නම් අදාල පොලීසියේ ස්ථානාධිපතිතුමාද අද අත්ඩංගුවට ගන්නවාද?
20) මෙම දරුවන්ට පරිවාස කාලය අවසන්වී රැදවුම් නිවාසයෙන් පිටවීීමට පෙර ඔවුන් වෙනුවෙන් යම් නිසි පුනරුප්ථාපන හෝ උපදේශන වැඩ පිළිවෙලක් තිබුනේ නම් ඔවුන් මෙම රැදවුම් නිවාසයෙන් මෙසේ
පැනයාද? මොවුන්ට ලබාදී තිබූ උපදේශන. පුනරුත්තාපන. අධ්‍යාපන. වාර්තා දැක්විය හැකි විය යුතුය.
21) මෙම පාලිකාව අත්අඩංගුවට පත් වූ පසුත් මෙම රැදවුම් නිවාසයෙන් ලමයින් නැවත පැනගිය විිට නැවතත් එවකට සිටි ස්ථානභාර පාලිකාව අත්අඩංගුවට නොගත්තේ මන්ද? එම සිදුවීමේදී තම රාජකාරිය නිවැරදිව හෝ වැරදි සහිතව සිදුකල සේවකයන් වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු මානව හිමිකම් සංවිධානයක් වෘත්තීය සමිතියක් අවම වශයෙන් නිවේදනයක් කිරීමට මරණාධාර සමිතියක්වත් නොමැති විය. මන්ද මෙම රැල්ල හැමුවේ ජනප‍්‍රිය පැත්තට නිසාය. එහෙත් මෙම සිදුවීමත් සමග ප‍්‍රසිද්ධියක් අනුකම්පාවත් ගොඩනැගීම සමගම ආරෝපනයවූ වගකිවයුතු අංශ නින්දෙන් ඇහැරුනු සිංහ පෝතකයන්සේ මාධ්‍ය මාමාලා සමග එක්ව වීඩියෝ ගතකරමින් සජීවී වැටලීම් සිදුකරීමට පටන්ගති. එහෙත් එම දඩයම වැරදුනේ වැටලූ එක් ළමා නිවාසයට ආගමික නැඹුරුවක් තිබීම නිසාය. එමනිසා සමහර ඇමතිවරු පරීක්ෂනය අවසන් වීමටත් පෙර අත්වැරුද්දක් ලෙස සමාව ගැනීමට පවා බයාදු විය. ඉන් පරීක්ෂනයේ තීන්දුවද පැහැදිලිය. වැටලීම් කල නිලධාරීන්ගේ වැඩ තහනම්ද විය හැක. මෙම සිදුවීම් දෙකෙහිදීම වරදකරුවන් නිෂ්චිත ලෙස මේ වනතෙක් හදුනාගෙන නොමැත. කෙසේ වෙතත් මීට පෙර නිවාසයේ සිදුවීම නොපෙනුන මහා පූජකතුමන්ට මෙම සිදුවීම පමණක් දර්ශනයවී වර්ජන
ගර්ජන කිරීම එම ආගම් දර්ශනයට අනුව සිදුවූවක් දැයි පැරණි පතපොත කියවා බැලිය යුතුය. නමුත් ජාතියක් වශයෙන් ප‍්‍රකාශයක් කිරීමට බැරිවුවත් තම ආගමිකයන් වෙනුවෙන්වත් ප‍්‍රකාශයක් කිරීමට ඉදිරිපත්වීම අගය කල යුතුය. රටේ දේශපාලන පක්ෂයක සුඵ අර්බූදයටත් මාධ්‍ය ප‍්‍රකාශ කරන. පෙලපාලි යන බහුවිධ වර්ණ මහානායක පූජකතුමන්ලාට මෙය කදිම පූර්වාදර්ශයක් විය යුතුය
22) තව පැත්තකින් බැලූකල පාලිකාව රෞද්‍ර අයෙක් යයි සිතමු මා මුලින් සදහන් කල ආකාරයට මාසිකව හෝ ක‍්‍රමවත් අධීක්ෂනයක් අගයීමක් මෙම ආයතන වල සිදුවූවා නම් එම පාලිකාවට විරුද්ධව එම ලමයින්ගෙන් පැමැණිලි කොතෙක් ලැබී තිබේද?
23) එම පැමිණිලි විභාග කර දී ඇති විසදුම් මොනවාද?
24) එවැනි ක‍්‍රමවේදයක් සිදුවී නැතිනම් ලමයින්ගේ යහපත වෙනුවෙන් ජනතා මුදල් මිලියන ගණන් කාබාසිනියා කරමින් සුඛෝපභෝගී ජීවිත ගතකරමින් ශීතකාමර වලටවී සිටි නිළධාරීන් මෙම තත්වයට අනිවාර්යයෙන්ම වගකිවයුත්තෝ නොවේද?
මෙහිදී මේ ගොනුකල කරුනු වල සාරාංශය ලෙස මෙසේ සදහන් කරමි
මෙම කනගාටුදායක තත්වය ඇතිවනතෙක් රාජ්‍ය ප‍්‍රධාණින් තම පහල නිලධාරීන්ට  ඕනෑම දෙයක් කරගන්නටදී ආයතන පරිපාලනය ගැන සොයාබලා නැති  වරදට දඩුවම් දෙනවානම් වරදට හවුල්වූ සියල්ලට
එක සමාන නීතියක් ක‍්‍රියාත්මක විිය යුතුය එසේම එම වරද නැවත නොවීමට ජාති ආගම් අනුව නොබෙදා කටයුතු සම්පාදනය කල යුතුය ළමයින් පැන යන්නේ ඔවුන්ට ප‍්‍රමාණවත් මාර්ගෝපදේශයක් උපදේශනයක් අධ්‍යාපනයක් නොමැති නිසාය මෙම තත්වය නිවැරදි කරනතාක්කල් ළමයින්ගේ රැදවුම් නිවාස සිපිරි ගෙයක සිරියක් ගැනීම වලකාලිය නොහැක 2012/05/26


Comments

Popular posts from this blog

රටක සංවර්ධනය හා ආකල්පමය වෙනස

රටක සංවර්ධනයට එම රටේ ජනතාවගේ ආකල්ප වල බලපෑම සෘජුවම බලපායි. දියුණු රටක සහ දියුණු වෙමින් පවතින රටක ජනතාවගේ සිතුම් පැතුම් අධ්‍යයනය කිරීමෙන් මේ බව මනාව අවබෝධ කරගත හැක. දියුණු රටවල මිනිසුන් තම ජාතියට දක්වන ගෞරවය, ජාතියක් වශයෙන් තම රටට දක්වන සහයෝගය ඉතා උසස්ය. ධනවත් රටවල් විසින් අනෙකුත් රටවල හා පවතින යුද්ධයේදී තම ජනයා විරෝධතාවය ප‍්‍රකාශ වන්නේ ඉතා සු`ඵ වශයෙනි. එම විරෝධතාවයට ප‍්‍රසිද්ධිය ලැබෙන්නේද මාධ්‍යයන්ගෙන් ඊටත් වඩා සු`ඵ වශයෙනි. ඇමරිකාවට සිදුවූ 2001 සැප්තැම්බර් 11 ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබ`ද සිහි කිරීමේදී කිසිවිට එම ප‍්‍රහාරයේ දර්ශන ප‍්‍රදර්ශනය කිරීමෙන් වැලකී සිටීමට එම රාජ්‍යයන් කටයුතු කලද අප සුනාමි ඛේදවාචකය සිදුවී වසර 10කට ආසන්න වුවද අප තවමත් එම සිදුවීම් ප‍්‍රදර්ශනය කරමින් අතීතය ආවර්ජනය කරමින් සිටී. මෙවන් ප‍්‍රදර්ශන තුලින් ජනතාව නිශේධනාත්මක ආකල්ප වලට හුරු කරවන අතර රටක් ලබන ජයග‍්‍රහන ප‍්‍රදර්ශනය තුලින් ජනතාව ධනාත්මක ආකල්ප වලට හුරු වෙනු ඇත. ආකල්ප පහසුවෙන් වෙනස් කල නොහැක. එයට හේතුව ආකල්ප අධ්‍යාපනය, ජීවත් වන සමාජය තුලින්, දෙමාපියන්ගෙන් සහ ජානමය සාධක මත ගොඩනැගෙන නිසාය. සමාජයක් යහපත් ආකල්ප වලින් ...

ළමා හිංසනයෙන් තොර රටක්

ඔක්තෝබර් 01 ජාත්‍යන්තර ළමා හා වැඩිහිටි දිනයයි. එය ලෝකයේ අනෙක් රටවල් හා හරි හරියට සංකේතාත්මකව සැමරීමට අපද සූදානම් වී සිටිමු. දින 365 න් එක් දිනයක මහා උළෙලක වැඩිහිටි ප්‍රභූන් රැසක් මහා ධනස්කන්ධයක් වැය කොට මහා ශ්‍රවණාගරයක දරුවන් අතලොස්සක් රැස්කර පාට තොප්පියකින් වර්ණවත් ටී ෂර්ට් එකක් අන්ඳවා බත් පැකැට්ටුවක රස බලද්දී , රූපවාහිනියෙන් එය සජීවීව විකාශනය කරන්නේ මු ` ඵ ලොවට දැක ගැනීමටය. මේ අතර අසරණ දරුවෝ තවත් දස දහස්ගණනක් හව්හරනක් නොමැතිව ළමා නිවාසයේ රූපවාහිනියෙන්  රාජ්‍ය සහ රාජ්‍ය නොවන , ප්‍රභූන්ට පමණක් සුන්දර වූ ඒ දිනය අපේක්ෂාවෙන් තොරව බලාසිටිති. වැඩ සටහන අවසන් වූ දරුවන් බස් රථයෙන් නැවතත් සුපුරුදු නිවාසගත වන අතර , ප්‍රභූන් අභිමානයෙන් යුතුව තවත් උත්සවයක් කරා පරිවාර සේනා සමඟ විරාජමාන වන්නේ එය තවත් එක් දිනයක් පමණක් ලෙස සලකාය. මෙම සිදුවීම පසුගිය සෑම වසරකදී මෙන්ම මෙවරද අනාගතයේදීද එලෙසම සිදු වනු ඇත. මෙවන් සැමරීමක් සිදු කළ පමණින් ළමා හිංසනය රටෙන් තුරන් කළ හැකිද ? එය දරුවන් වෙනුවෙන් සිදු කෙරෙන අපේ යුතුකමද ? ළමා හිංසනයෙන් තොර රටක් වෙනුවෙන් අප රටට නිශ්චිත වැඩ පිළිවෙලක් ඇත්ද ? ළමා හිංසනයට එරෙහිව ...

අද පාසලට ලිංගික අධ්‍යාපනය සහ හෙට LGBTQ+

ශ්‍රී ලංකාවේ ජනතාව කොතරම් උගත්කමක්, වත්පොහොසත්කමක්, පවුල් පසුබිමක් අත්දැකීම් තිබුණද චන්දදායකයෙකු ලෙස චන්දය භාවිතා කිරීමේදී ලාංකික ජනතාව හැසිරී තිබෙන ආකාරයනම් ගෝත්‍රික මානසිකත්වයෙන් බව පෙනෙන්නට ඇත.  අතීත ලංකාවේ සිටියේ උගතුන්ට වඩා නිදහස් බුද්ධිමතුන්ය. ගොවිකම, වෙදකම, පෙදරේරුකම කුමන රැකියාවක නිරත වුවද ආගම, ක්‍රීඩාව, සෞන්දර්යය, කලාව වැනි විෂයයන් ගැන අවබෝධයක් රසවිඳීමක නිදහස පොහොසත්කම ඔවුන් සතුව තිබුණි.  එදා ලැජ්ජාව බයට ලොකු වටිනාකමක් විය. වර්තමානයේ රැකියාවම අරමුණු කරගත් අධ්‍යාපන ක්‍රමවේද නිසා තමා හැදෑරූ විෂයයට පරිබාහිර දැනුමකට ගවේශනයකට කාල වේලාවක් නොමැතිකම නිසා වත්මන් ලාංකිකයා සංවේදී බවින් මිදී බාහිරින් ආරෝපනය වන රොබෝවරයෙක් වී ඇත. අද උගතාට ආගමක් දර්ශනයක් ගැන විශ්වාසයක් අවබෝධයක් නැත. සාහිත්‍ය කලාව ගැන රසයක් නැත. පොතක් පතක් කියවන්නට නාට්‍යයක් බලන්නට වෙලාවක් නැත. ආගමික පූජකවරයා පවා මුදල ප්‍රසිද්ධිය පසුපස හඹායාම මිස අධ්‍යාත්මික සංවර්ධනයක් දකින්නට නැත.  එම නිසා මිත්‍යාවෙන් මු`ඵ මහත් සමාජයම වෙලාගෙන ඇත. එවන් පසුබිමක ලංකාවේ දරුවන්ට ලිංගික අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව ඇතිවී ඇති කති...