Skip to main content

Posts

Showing posts from September, 2014

හෙට දින විශ්ව ලමා දිනයයි. අපි හෙට කුමක් කරම්ද?.....

මේ මොහොත වන විට හෙට මේ දිනය අභිමානයෙන් ( සැම ) රීමට රාජ් ‍ ය හා රාජ් ‍ ය නොවන සන්විදාන නිදි මරා කටයුතු කරනු ඇති . රාජ් ‍ ය නොවන ආයතන නම් විදේශීය රාජ් ‍ යන්ගෙන් කුට්ටියක් කඩාගෙන ඉදිරි වසර සදහා ඔවුනොවුන්ගේ පැවැත්ම වෙනුවෙන් කීයක් හෝ   ඉතිරි කර ගත්තාට රටට එතරම් දැනීමක් නැත්තේය . ඒ ජනතාවගේ සාක්කුවට ඉන් පහරක් නොවදින නිසාය . ඒත් අපේ රාජ් ‍ ය සේවාව හෙට කොහොම සූදානම් වෙනවා දැයි   ශ් ‍ රීලංකාවේ පුරවැසියෙකු ලෙස සිතා බැලීමේ වරදක් නැත . කොහොම වෙතත් සාම්ප් ‍ රදායී ක් ‍ රමයටම මෙය සිදුවූවොත් …… ඒ නම් … රටේ නායකයා සතුටු කොරන්නට   ( ඒ තුලින් මීට වඩා සම්තින් ඇති උසස් ඇමතිකමක් ලබා ගැනීමට ) ඇමතිතුමා සැදී පැහැදී සිටිත් . ඇමතිතුමා සතුට කිරීමට අමාත් ‍ යාන්ශ ලේකම්තුමා නියෝග දීමට සූදානම් ‍ ය . අමාත් ‍ යාන්ශ ලේකම්තුමා සතුටු කිරීම කොමසාරිස්තුමාගේ පරම  යුතුකමකි . කොමසාරිස්තුමා පිනවීමෙන් ගනකාධිකාරී ඇතුලු උසස් යයි සිතන නිලධාරින්ට වැටුප් වර්ධකයට,අතිරේක නිදහසට පිනය . උසස් යයි සිතන නිලධාරින් පිනවීමෙන් සැපයුම් අන්ශයට රජ මගුලය . පහල සොක්කන්ට පොඩි බටාවක් හා ඕ . ටී . පාර ගමන් දීමනා එක්...

ප්‍රශ්න 24කින් ලමා අප්චාර අලට විසදුම් සොයමු.

 ......ළමා අයිතිවාසිකම් වලට පමණක් සීමාවීම නිසා අනෙකුත් පාර්ශවයන්ගේ අයිතිවාසිකම් වලට යම්කිසි අසාධාරනයක් වෙනු ඇති. එසේම පූර්ණ නිගමනයකටද එලඹීමට නොහැකිවනු ඇතැයි මගේ හැගීමයි. එබැවින් මා විවිධ කෝනයන්ගෙන් මා දකින ආකාරයට ඒ  පිළිබදව විග‍්‍රයක් කරුනුයේ ඔබ ආයතනයේද ඒ පිළිබදව අවධානය යොමු කරවීමටයි. ළමා අයිතිවාසිකම් ලෙස ගත්විට අද පවතින අධ්‍යාපන ක‍්‍රමය අනුව ළමයෙකුට එවැනි අයිතිවාසිකමක් අප  විසින් ඇතිකර ඇත්ද යන්න පලමුවෙන් සිතා බැලිය යුතුය. අද දරුවන් දෙමාපියන්ගේ පරමාර්ථ පිරිමසින  අධ්‍යාපන රොබෝවරුන්ය. ජනාධිපතිතුමාද යම් අවස්ථාවලදී මේ ගැන කතා කරනු දක්නා ලදී. ඒ පිළිබදව  ලිපි දේශන කෙතෙකුත් ඇතත් ක‍්‍රියාමාර්ග ගැනීමට ජාතික හෝ අන්තර්ජාතික ආයතන නැත. දෙමාපියන්ටද  මෙම ක‍්‍රමයෙන් මිදී විකල්ප ක‍්‍රමවේදයක් ගැන සිතිය නොහැකි තත්වයකට පත්ව ඇත. එසේ නොහැකි නම්  මෙයට වගකිවයුතන් සහ අපචාර වැඩිවමට ඉගියක් මෙම ප‍්‍රශ්නාවලියෙන් ඔබට ලබාගත හැකිවේ යයි සිතමි. 1) ළමයින්ගේ විෂමාචාර වලට අධ්‍යාපන ක‍්‍රමය වක‍්‍රව බලනොපාන බව කිව නොහැක්කේ කාහටද? 2) තවද ලමයෙකු අපචාරයකට ලක්වූ පසු අධිකරණය මගින් දරුව...

සබ්බ දානං ධම්ම දානං ජිනාතී.........

අපි අපේ රටට ආදරෙයි. ඒ වගේම ආගමටත් ආදරෙයි. ඇයි..... ජාතියට මේ ඔක්කෝටම අපි ආදරෙයි. ඒ ආදරේ නිසාම අපි අන්ධ වෙන අවස්ථාත් තියෙනවා. මට මෙහෙම හිතිලා ගොඩාක් කල්. නමුත් මේවා ලියලා වැඩක් වේදැයි සිතුන නිසා නොලියා සිටියා. ඒත් මේ ළ`ග`දී පන්සලට ගිය වෙලාවේ මේ විනාසය ගැන ලියලා වැඩක් නොවුනත් මගේ හෘදසාක්ෂියට එක`ගව වැඩක් කලා කියලා හිත හදා ගැනීමේ අරමුණෙන් මේ ලිපිය ලියන්න හිතුනා. මේ ලිපියට ධනාත්මක ප‍්‍රථිචාර කෙසේ වෙතත් ටික දෙනෙක් තරහ නොවුනොත් වාසනාවක්.  මේ වස්සාන කාලයයි. මේ කාලයේ පන්සල් වල විශේෂ වැඩසටහන් සම්පාදනය වෙනවා. විශේෂයෙන් සවස් බාගයේ වෙනත් පන්සල් වලින් ධර්මධර භික්ෂුන් වහන්සේලා වැඩමවලා ධර්ම දේශනා පවත්වනවා. මොනවද මේ ධර්ම දේශනා කියන්නේ? ඒවාත් කොටස් කීපයක් තියෙනවා. එකක් කාලීන ධර්ම දේශනා, අනික සාම්ප‍්‍රදායික ධර්ම දේශනා. මින්  කාලීන ධර්ම දේශනා ක‍්‍රමය ආරම්භ කලේ අපේ ගංගොඩවිල සෝම හාමුදුරුවෝ. උන්වහන්සේ ධර්මය මැනවින් ප‍්‍රගුන කරලා ධර්මය සම`ග රටේ දුස්චරිත වලට සහ මිත්‍යාදෘෂ්ඨික මතවාදයන්ට දිගට හරහට පහර ගැහුවා. මේ කාලයේ සම්ප‍්‍රදායික ධර්ම දේශනා වලට වඩා මේ දේශනාවන්ට ජනතා ආකර්ශනය වැඩි වීමක් දකින්න...