Skip to main content

Posts

Showing posts from 2015

ගොසිප් නිව්ස් වලින් යටි සිත සන්තර්පනය කිරීම

  අත්‍යාවශ්‍ය දේට වඩා අනවශ්‍යදේ පිළිබද  ඕනෑවට වඩා ජනතා අවධානය යොමු කිරීම, කතා කිරීම, සංවාද කිරීම රටක ජාතියක අනාගතය සහ ඵලදායීතාව නැති කරන ප‍්‍රධාන කරුණකි. මෑත කාලයේ සියඵම ජනමාධ්‍ය එකිනෙකා පරයා යෑමට මේ වාචාල ප‍්‍රවෘත්ති දඩයමේ යාම සුලභව දක්නට ලැබෙන කරුණකි. අතීතයේ සිටි කරුණාරත්න අබේසේකර, ලලිත් එස්. මෛත‍්‍රීපාල, පේ‍්‍රමකීර්ති ද අල්විස් වැන්නවුන් මාධ්‍ය හැසිරවීමේදී ඔවුන් භාවිතා කල භාෂා කෞෂල්‍යය සහ ඔවුන්ගේ හ`ඩ පාලනය ප‍්‍රවෘත්තියක ඇති වටිනාකම හා සිංහල භාෂාවේ ප්‍රෞඩත්වය මැනවින් පේ‍්‍රක්ෂකයන්ට දැනෙන ලෙස ප‍්‍රකාශ කලහ. මොවුන් කිසි විටක වෙනත් භාෂාවක වචන කථනය සදහා යොදා ගත්තේද නැත.  වැරදීමකින් හෝ වෙනත් භාෂාවක් හෝ දෝෂයක් සිදු වුවහොත් එකල සිටි නිවේදකයින් හට නිදහසට කරුණු විමසීමක් හා නිතර වැරදීම් සිදු කරන්නේ නම් ඔවුන් එම කටයුත්තෙන් ඉවත් කිරීමටද බලධාරීහු කටයුතු කලහ.  පසු කාලීනව එෆ්.එම්. නාලිකා ආරම්භයත් සමග ප‍්‍රවෘත්තියෙන් රටට ඇති වටිනා කමට වඩා එම ප‍්‍රවෘත්තිය පල කිරීමෙන් මෙම නාලිකාවන්ට ලැබෙන ආර්ථික ලාභය හෝ තම දේශපාලන හෝ වෙනත් පටු අභිමථාර්තයන් ඉටු කර ගැනීමෙන් ඇති වන වාසිය ගැනම පමණක...

වගකීම පැහැර හරිමින් යුතුකමට පැහැරීම

ලංකාව කියන්නෙ ප‍්‍රාග්   ඓතිහාසික යුගයේ පටන් විජය-කුවේනි, රාවනා රජුගේ ගුප්ත, යුද, වෛද්‍ය ශිල්ප හා දඬු මොණර වැනි ගුවනින් යා හැකි යන්ත‍්‍ර පිළිබ`ද මහා විශ්මකර්මද, කාශ්‍යප රජුගේ ලෝක පුදුමයට භාජනය වූ තාක්ෂනික සීගිරියද, අංගම් පොර සටන් ක‍්‍රම පැවති බවට බොහෝ ආශ්වාදයන් කුතුහලයන් ඇති කරවන රටකි. එය ලෝකයේ පැරණිතම දියුණු ශිෂ්ඨාචාරයක් පැවති රටක් බවට අපට මහත් අභිමානයකි.  අදද අප මේ ගැන අභිමානයෙන් ගවේශනය කරමින් එවැනි අතීත පරම්පරාවල සුන්බුන් සොයමින් අතීතයේම වෙසෙති. නමුත් අනාගත පරම්පරාවට අප ගැන කතා කිරීමට කිසිවක් දායාද කොට ඇත්ද? ඇත. ඒ අප ගැන අභිමානයෙන් නොව අතීතය ගැන පම්පෝරි ගසමින් ජාතියක් විනාශ වෙනකම් සිටි අමන පිරිසක් ලෙසය.  අද අප රකින්නට වෙර දරන්නේ කුමක්ද? අපේ කියා රකින්නට දෙයක් ඇතිද? වසර 33000කට වඩා පැරනි දියුණු ශිෂ්ඨාචාරයක් පැවතුනයි කියන බලංගොඩ මානවයාට නෑකම් කියන ලංකාවේ තවමත් පාර්ලිමේන්තුවේ කරපින්නා ගෙන යන සෙංකෝලය සුද්දාගේය. පෞරාණික වටිනා කමක් ඇතැයි කියමින් සුරකින්නේ සුද්දා සෑදූ ලන්දේසි පෘතුගීසි බල කොටුය.  ක‍්‍රියාත්මක වන්නේ ලෝකයේ තියා රෝමයේ වත් නැති රෝම ලන්දේසි...

බණ කියන රටක්....බණ අහන රටක්...යුධ බිමක් උනේ කෙලෙසා.....

බණ කියන රටක්....බණ අහන රටක්...යුධ බිමක් උනේ කෙලෙසා.....කියල විශාරද එඞ්වඞ් ජයකොඩි මහතාගේ සින්දුවක් මේ ල`ගදී ගුවන් විදුලියේ ප‍්‍රචාරය වුනා. මේ අතර තරුණයෙක් නාට්‍යයක ටිකට් පොතක් අරගෙන අපේ ගෙදර දොරට තට්ටු කරනවා. සාමාන්‍යයෙන් දිනකට එන මෙවැන්නන් ගණන සාක්කුවට දරා ගන්න බැරි අවස්ථාත් තියෙන නිසාත්, නාට්‍ය බැලීමට උනන්දුවක් නොමැති කම නිසාත් දොර විවෘත කල සැනින් අවශ්‍ය නැති බව පැවසුවත් එම තරුණයා ආධාරයක් වශයෙන් ටිකට් පතක් ගන්න යැයි නැවත ආයාචනය කලේය. එහිදී මා හට ටිකට් පතක් ගැනීමට සිත්වූයේ මගේ අවශ්‍යතාවය නොව මේ හෙම්බත් වී සිටින තරුණයාගේ අවශ්‍යතාවයටය. ඒ නාට්‍ය කරුවන්ගේ ශෝකාන්තය එකල අපේ අසල්වැසියෙකු වූ සුගතපාල සිල්වා ශූරීන් ගෙන් දැක ඇති නිසාමය.  මෙසේ ටිකට් පත විකුනා යන තරුණයාට මා නිකමට මෙන් ඔබලාගේ නාට්‍ය වලට රටේ විනාශ වෙමින් යන සාර ධර්ම වලටද දෙබසක් එකතු කරන්න බැරිදැයි ඇසීය. පුදුමයකට මෙන් ඒ හෙම්බත් වී සිටි විඩාබර තරුණයා යන ගමන නතර කොට නැවත හැරී එසේ කලොත් නාට්‍යය දේශපාලන මුහුණුවරක් ගන්නා බවද නමුත් රටේ පවතින වාතාවරණය කනගාටුදායක බවද අපට කල හැකි දෙයක් නැතැයිද ඉතා ශෝකීය හ`ඩකින් තෙපලීය. මේ වචනයත් සම...