Skip to main content

වගකීම පැහැර හරිමින් යුතුකමට පැහැරීම





ලංකාව කියන්නෙ ප‍්‍රාග්   ඓතිහාසික යුගයේ පටන් විජය-කුවේනි, රාවනා රජුගේ ගුප්ත, යුද, වෛද්‍ය ශිල්ප හා දඬු මොණර වැනි ගුවනින් යා හැකි යන්ත‍්‍ර පිළිබ`ද මහා විශ්මකර්මද, කාශ්‍යප රජුගේ ලෝක පුදුමයට භාජනය වූ තාක්ෂනික සීගිරියද, අංගම් පොර සටන් ක‍්‍රම පැවති බවට බොහෝ ආශ්වාදයන් කුතුහලයන් ඇති කරවන රටකි. එය ලෝකයේ පැරණිතම දියුණු ශිෂ්ඨාචාරයක් පැවති රටක් බවට අපට මහත් අභිමානයකි. 
අදද අප මේ ගැන අභිමානයෙන් ගවේශනය කරමින් එවැනි අතීත පරම්පරාවල සුන්බුන් සොයමින් අතීතයේම වෙසෙති. නමුත් අනාගත පරම්පරාවට අප ගැන කතා කිරීමට කිසිවක් දායාද කොට ඇත්ද? ඇත. ඒ අප ගැන අභිමානයෙන් නොව අතීතය ගැන පම්පෝරි ගසමින් ජාතියක් විනාශ වෙනකම් සිටි අමන පිරිසක් ලෙසය. 
අද අප රකින්නට වෙර දරන්නේ කුමක්ද? අපේ කියා රකින්නට දෙයක් ඇතිද?
වසර 33000කට වඩා පැරනි දියුණු ශිෂ්ඨාචාරයක් පැවතුනයි කියන බලංගොඩ මානවයාට නෑකම් කියන ලංකාවේ තවමත් පාර්ලිමේන්තුවේ කරපින්නා ගෙන යන සෙංකෝලය සුද්දාගේය. පෞරාණික වටිනා කමක් ඇතැයි කියමින් සුරකින්නේ සුද්දා සෑදූ ලන්දේසි පෘතුගීසි බල කොටුය.  ක‍්‍රියාත්මක වන්නේ ලෝකයේ තියා රෝමයේ වත් නැති රෝම ලන්දේසි නීතියයි. මින් කියවෙන්නේ අප තාමත් ලන්දේසි අණසකට යටත් බව නොවේද? එනමුත් උඩරටට එක නීතියකි. පහත රටට තව නීතියකි. මුස්ලිම්වරුන්ට තවත් නීතියකි. 
සුද්දාගෙන් රට මුදවා ගෙන අඩ සියවසක් පසු වුනද තවමත් සුද්දාගේ යල් පැනගිය ක‍්‍රමයට අධිකරණපද්ධතිය වැඩය. ආර්ය සිංහල ඇඳුම ඇගලා අධිකරණයේ විත්තිය හෝ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටීමට සිංහල නීතීඥයන්ට අදටත් බැරි වී ඇත. උවමනාවක්ද නැත. ඉංග‍්‍රීසි බසින් ඇති නීති, ආඥා, අන පනත් විධි විධාන තවමත් සිංහලයට පරිවර්තනය කිරීමට නොහැකි වී ඇත. නමුත් අධිකරණයට නීති කෙටුම්පත් සාදන ව්‍යවස්ථාදායක පාර්ලිමේන්තුවේ බහුතරය නීතීඥයින්ය. පාර්ලිමේන්තුවට නූගතුන් එවීම අකැපැයි කියන්නේද මේ මන්ත‍්‍රී වරුන්මය. මේ සාමාන්‍ය ජනතාව නොමඟ යැවීමට කරනා ආකල්පමය නිර්මාන වේ. බහුතර මන්ත‍්‍රීන් නීතීඥයින් නම් ඔවුන්ගෙන් රටට සේවයක් නොවුනත් ඔවුන්ගෙන් රටට බරපතල හානියන් සිදු වූයේ නම් පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ  උගතුන් නොව බුද්ධිමතුන්ය.
තවද සුද්දා පුරුදු කල මත්වතුර, සිගරැුට්ටුව තවම තහනම් කර ගැනීමට බැරි වී ඇත. එය තහනම් කර ගන්න බැරිව දුම්වැටි පැකැට්ටුවේ රූපමය අවවාදය අච්චුගසා ඇත. එක දුම්වැටියක් රුපියල් 30කට වඩා වැඩි නිසා දුප්පත් මිනිහා එකවරකට ගන්නේ දුම්වැටි එකක් හෝ දෙක තුනකි. මේ නිසා පෙට්ටියේ ඇති රූපමය අවවාදය යන්නේ කඬේ මුදලාලිගේ කුනු ගොඩටය. මේ අර්ථ ශූන්‍ය තීරණය ගැනීමට උගතුන් යයි කියනා පිරිස් රජයේ(මහජන) මුදල්, කාලය විනාශ කරමින් අධිකරණයට යමින් විශාල සංවාදයක් මාධ්‍ය තුල ප‍්‍රදර්ශනය කිරීය. මේවාද සුද්දාගේ අධ්‍යාපන ක‍්‍රමයට විභාග සමත් වී උගතුන් යයි කියනා මිනිසුන් සාමාන්‍ය ජනතාව නොමඟ යැවීමට කරනා ආකල්පමය නිර්මාන වේ. 
එදා සිටි ගරුතර සංඝරත්නය පිරිවෙනින් සත් ධර්මය අවබෝධ කොට ගෙනද, හෙල වෙදුන් පාරම්පරික දැනුම පළපුරුද්ද තම පරපුරට දායාද කරමින්ද, ගමට රටට අවවාද අනුශාසනා කරන ආදර්ශමත් බුද්ධිතුන් බවට පත් විය. මොවුන්ට පාසල් අධ්‍යාපනික සහතික නොතිබුණි. :ඡු්චැර ූම්කසසෙජ්එසදබි*
පසු කලක පිරිවෙනින් බැහැරව සුද්දාගේ විශ්ව විද්‍යාල අධ්‍යාපන ක‍්‍රමයෙන් මොට ධර්ම දැනුමෙන් දුබල වූූ සංඝරත්නයද, වෙදුන්ද සල්ලි හා ජනප‍්‍රියත්වය සොයා යාම නිසා සමාජ අපගමනය වැඩි විය. භික්ෂුව ප‍්‍රශ්න විසදා ගැනීමට බැස්සේ පාරටය. වෙදදුරු වැටුප් වර්ධනය සඳහා ප‍්‍රාන ඇපයට ගත්තේ රෝගීන්ය. අනෙකුත් වෘත්තීන්ද එසේමය.
මේ නිසා සිංහල කියන ජාතිය ලෝකයෙන්ම අතුගා දැමීමට රටේ පාලකයින්ට ආරම්භ කිරීමට හැකි විය. මුල් ආරම්භයක් ලෙස අසූව දශකයේ එවකට සිටි පාලකයින් සිංහල කියනා නාමය නීත්‍යානුකූල ලෙස උප්පැන්න සහතිකයෙන්ම උගුලා දැමුවද සග,වෙද,ගුරු,ගොවි, කම්කරු පංච මහා බලවේගයම හඩක් නොනගා නිදි වැදී හුන්හ. මේ කියවන ඔබද මේ යුගයේ ජීවත් වන්නට ඇත. එසේ නම් උප්පැන්නෙන් ජාතිය අතුගා දමනකම් සිටි ජාතියකට අභිමානයක් තිබේද? ඇත. එහෙත් වර්තමානයේ ඔබට නොව අතීත සිංහල ජාතියටය. මෙවැනි කරුනු පිලිබඳ අකමැත්තෙන් හෝ අවධානය යොමු කිරීමේදී අප ගේ විශේෂ අවධානයට යොමු නොවූ කරුණක් ඇත.
මරක්කලයාට බනිමින් උන්ගේ තෙල් ගසා ගෙන ජපනාට බනිමින් උන් තැනූ වාහනෙන් යන ගමන් චීනාට බැන්නද යන්නේ චීනා සෑදූ අධිවේගී මාර්ගයේය. සුද්දාට බැන්නද මෙපමණ දියුනු තාක්ෂණයක් ඇති කලක වුවද තවමත් දුම්රිය රේල් පාරක් සාදා ගැනීමට නොහැකි වී ඇත. ශතක ගනනාවකට පෙර ලෝකයේ ගුවනින් ගමන් කල බවට සාක්ෂි ඇත්තේ රාවනා රජුගේ දඬුමොනරයටය. නමුත් ලෝකය අප අභිබවා පාපැදියේ සිට ගුවන්යානා නිපදවූවත් අපට කියා තවම පා පැදියක්වත් මෝටර් සයිකලයක්වත් නිපදවාගැනීමට නොහැකි වී ඇත. එහෙත් උගතුන් යයි පම්පෝරි ගසන ලංකාවේ පිරිස් රාවනා ඉතිහාසය මිත්‍යාවක් බවට පත් කිරීමට අපමන වෙහෙසක් ගැනීමත් එයට පූර්ණ මාධ්‍ය අනුග‍්‍රහයද ලැබීමත් කනගාටුවට කරුණකි.
වර්තමානයේ සැලසුම් සදන්නේ විදේශීය ට්රෑම්ප් කාර් ව්‍යාපෘති ගැනය. අපේම දෙයක් අප රටේ නිෂ්පාදනයට  යෝජනාවක්වත් මෑත ඉතිහාසයේ යෝජනා වීද? නැත. ඒ එවැනි ව්‍යාපෘති වලින් පාලකයන්ට කොමිස් නොලැබෙන නිසාය.
දැනට මේ රටේ අපටම කියා අනන්‍යතාවයක් ඇත්තේද? නැත. තිබූ සියල්ල දෙමුහුන් HYBRID කරමින් පවතී.  ජාතිය සිංහල කියන නාමය ඉවත් වී ඉතිරි වූ ජාතික ගීයද හයිබි‍්‍රඞ් විය. සිංහල ජාතියට බැන වැදීම අපහාස කිරීම සිංහලයාට නම්බුවකි. නම්බුව සමග මුදල් තනතුරු ලැබෙන්නේ විදේශීය රාජ්‍ය නොවන සංවිධාන හරහා යැපෙන සිංහල කලු සුද්දන්ගෙනි. අනගාරික ධර්මපාලතුමා මේ ගැන එදා පැවසුවද එදා මෙන්ම අදත්  එතුමාගේ වදන් කතාවට මිස සිතා බැලීමට මේ ජාතියට උවමනාවක් නැත.
සිංහල ජාතියක් ගැන කතා කිරීමද ජාතිවාදයකැයි ප‍්‍රසිද්ධ මාධ්‍යයේ කියූ සිංහල මිනිසෙකු සිංහලයාගේ වැඩි ඡුන්දෙන් පාර්ලිමේන්තවට තේරී පත්වූයේ ඇයි? 
රට වෙනුවෙන්  දිවිපිදූ සටන් වැදුන හමුදා වීරයින්ට රණවිරුවා ලෙස නම් කල තවත් දේශපාලකයෙක් රටගියවුන් රටවිරුවා ලෙස නම් කෙරිණ. විදේශ රැුකියාවක් සඳහා පිටත්ව යෑම වීර ක‍්‍රියාවක් ලෙස නම් කිරීම විහි`ඵවකි. හෑල්ලූවට ලක් වුනේ රණවිරුවන්ය. මේ සියඵ ප‍්‍රකාශ සිදු කල දෙදෙනාම ටයි කෝට් පලදින නමට සිංහල නීතීඥයින්ය. මහජන ඡුන්දයෙන් ප‍්‍රථික්ෂේප වුවද මොහුද අද පාර්ලිමේන්තුවේ ඇමතිවරයෙක් වූයේ කෙසේද? මෙයද සිංහල ජාතිකත්වය, මහජන මතය. මොවුන් උගතුන් නම් පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ මෙවැනි උගතුන්ද?
දියුණු සංස්කෘතියක් තිබූ රටකට සිදු වූයේ, සිදු වෙමින් පවතින්නේ කුමක්ද? මේ පිළිබද අධ්‍යනයක් හැදෑරීමක් සිදු වේද? සිතා බැලීමට කාලය එලඹ ඇත. ආචාර්ය මහාචාර්යවරු දේශපාලන දඩයමේය. ඔබටත් සිතීමට කාලයක් නැත. කෙසේ වෙතත් මේ ගැන පසු තැවෙන්නෝ බොහෝමයක් මේ ශ‍්‍රී ලංකා භූමියේ තවමත් ඇත. ඒ අය ඒකරාශී වීමට ඇති ඉඩකඩ අහුරා දමන සංවිධාන බලවේග වැඩිනිසා සිංහලකම ක‍්‍රමක්ක‍්‍රමයෙන් මැකීයනු ඇත. (29/10/2015)

  

Comments

Popular posts from this blog

රටක සංවර්ධනය හා ආකල්පමය වෙනස

රටක සංවර්ධනයට එම රටේ ජනතාවගේ ආකල්ප වල බලපෑම සෘජුවම බලපායි. දියුණු රටක සහ දියුණු වෙමින් පවතින රටක ජනතාවගේ සිතුම් පැතුම් අධ්‍යයනය කිරීමෙන් මේ බව මනාව අවබෝධ කරගත හැක. දියුණු රටවල මිනිසුන් තම ජාතියට දක්වන ගෞරවය, ජාතියක් වශයෙන් තම රටට දක්වන සහයෝගය ඉතා උසස්ය. ධනවත් රටවල් විසින් අනෙකුත් රටවල හා පවතින යුද්ධයේදී තම ජනයා විරෝධතාවය ප‍්‍රකාශ වන්නේ ඉතා සු`ඵ වශයෙනි. එම විරෝධතාවයට ප‍්‍රසිද්ධිය ලැබෙන්නේද මාධ්‍යයන්ගෙන් ඊටත් වඩා සු`ඵ වශයෙනි. ඇමරිකාවට සිදුවූ 2001 සැප්තැම්බර් 11 ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබ`ද සිහි කිරීමේදී කිසිවිට එම ප‍්‍රහාරයේ දර්ශන ප‍්‍රදර්ශනය කිරීමෙන් වැලකී සිටීමට එම රාජ්‍යයන් කටයුතු කලද අප සුනාමි ඛේදවාචකය සිදුවී වසර 10කට ආසන්න වුවද අප තවමත් එම සිදුවීම් ප‍්‍රදර්ශනය කරමින් අතීතය ආවර්ජනය කරමින් සිටී. මෙවන් ප‍්‍රදර්ශන තුලින් ජනතාව නිශේධනාත්මක ආකල්ප වලට හුරු කරවන අතර රටක් ලබන ජයග‍්‍රහන ප‍්‍රදර්ශනය තුලින් ජනතාව ධනාත්මක ආකල්ප වලට හුරු වෙනු ඇත. ආකල්ප පහසුවෙන් වෙනස් කල නොහැක. එයට හේතුව ආකල්ප අධ්‍යාපනය, ජීවත් වන සමාජය තුලින්, දෙමාපියන්ගෙන් සහ ජානමය සාධක මත ගොඩනැගෙන නිසාය. සමාජයක් යහපත් ආකල්ප වලින් ...

ළමා හිංසනයෙන් තොර රටක්

ඔක්තෝබර් 01 ජාත්‍යන්තර ළමා හා වැඩිහිටි දිනයයි. එය ලෝකයේ අනෙක් රටවල් හා හරි හරියට සංකේතාත්මකව සැමරීමට අපද සූදානම් වී සිටිමු. දින 365 න් එක් දිනයක මහා උළෙලක වැඩිහිටි ප්‍රභූන් රැසක් මහා ධනස්කන්ධයක් වැය කොට මහා ශ්‍රවණාගරයක දරුවන් අතලොස්සක් රැස්කර පාට තොප්පියකින් වර්ණවත් ටී ෂර්ට් එකක් අන්ඳවා බත් පැකැට්ටුවක රස බලද්දී , රූපවාහිනියෙන් එය සජීවීව විකාශනය කරන්නේ මු ` ඵ ලොවට දැක ගැනීමටය. මේ අතර අසරණ දරුවෝ තවත් දස දහස්ගණනක් හව්හරනක් නොමැතිව ළමා නිවාසයේ රූපවාහිනියෙන්  රාජ්‍ය සහ රාජ්‍ය නොවන , ප්‍රභූන්ට පමණක් සුන්දර වූ ඒ දිනය අපේක්ෂාවෙන් තොරව බලාසිටිති. වැඩ සටහන අවසන් වූ දරුවන් බස් රථයෙන් නැවතත් සුපුරුදු නිවාසගත වන අතර , ප්‍රභූන් අභිමානයෙන් යුතුව තවත් උත්සවයක් කරා පරිවාර සේනා සමඟ විරාජමාන වන්නේ එය තවත් එක් දිනයක් පමණක් ලෙස සලකාය. මෙම සිදුවීම පසුගිය සෑම වසරකදී මෙන්ම මෙවරද අනාගතයේදීද එලෙසම සිදු වනු ඇත. මෙවන් සැමරීමක් සිදු කළ පමණින් ළමා හිංසනය රටෙන් තුරන් කළ හැකිද ? එය දරුවන් වෙනුවෙන් සිදු කෙරෙන අපේ යුතුකමද ? ළමා හිංසනයෙන් තොර රටක් වෙනුවෙන් අප රටට නිශ්චිත වැඩ පිළිවෙලක් ඇත්ද ? ළමා හිංසනයට එරෙහිව ...

අද පාසලට ලිංගික අධ්‍යාපනය සහ හෙට LGBTQ+

ශ්‍රී ලංකාවේ ජනතාව කොතරම් උගත්කමක්, වත්පොහොසත්කමක්, පවුල් පසුබිමක් අත්දැකීම් තිබුණද චන්දදායකයෙකු ලෙස චන්දය භාවිතා කිරීමේදී ලාංකික ජනතාව හැසිරී තිබෙන ආකාරයනම් ගෝත්‍රික මානසිකත්වයෙන් බව පෙනෙන්නට ඇත.  අතීත ලංකාවේ සිටියේ උගතුන්ට වඩා නිදහස් බුද්ධිමතුන්ය. ගොවිකම, වෙදකම, පෙදරේරුකම කුමන රැකියාවක නිරත වුවද ආගම, ක්‍රීඩාව, සෞන්දර්යය, කලාව වැනි විෂයයන් ගැන අවබෝධයක් රසවිඳීමක නිදහස පොහොසත්කම ඔවුන් සතුව තිබුණි.  එදා ලැජ්ජාව බයට ලොකු වටිනාකමක් විය. වර්තමානයේ රැකියාවම අරමුණු කරගත් අධ්‍යාපන ක්‍රමවේද නිසා තමා හැදෑරූ විෂයයට පරිබාහිර දැනුමකට ගවේශනයකට කාල වේලාවක් නොමැතිකම නිසා වත්මන් ලාංකිකයා සංවේදී බවින් මිදී බාහිරින් ආරෝපනය වන රොබෝවරයෙක් වී ඇත. අද උගතාට ආගමක් දර්ශනයක් ගැන විශ්වාසයක් අවබෝධයක් නැත. සාහිත්‍ය කලාව ගැන රසයක් නැත. පොතක් පතක් කියවන්නට නාට්‍යයක් බලන්නට වෙලාවක් නැත. ආගමික පූජකවරයා පවා මුදල ප්‍රසිද්ධිය පසුපස හඹායාම මිස අධ්‍යාත්මික සංවර්ධනයක් දකින්නට නැත.  එම නිසා මිත්‍යාවෙන් මු`ඵ මහත් සමාජයම වෙලාගෙන ඇත. එවන් පසුබිමක ලංකාවේ දරුවන්ට ලිංගික අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව ඇතිවී ඇති කති...